Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, January 19, 2010

සලායතන

පටිච්ච සමුප්පාදයේ අංග 12 අතරින් මා කැමතිම කොටස තමයි ‍මේ 5 වන අංගය වන සලායතන කොටස. මම කැමතිම අංගය වීමට මූලික හේතුව නම් අනික් අංග 11ටම වඩා හොදින් එකවරම මෙම කොටස අවබෝධ වීමත් සෑම මොහොතකම සලායතන තුලින් චතුරාර්ය සත්යල අවබෝධ කරගැනීමට පියවර ගැනීමට පහසුවෙන්ම මට හැකිවීම නිසාත් වේ. ඉතින් මම හිතනවා ඔබටත් එය ‍එසේම වේවි කියලා. මොකද අනික් සියලු අංගයන්ට වඩා මෙම කොටස ඉතාමත් සරලවම අවබෝධ කරගැනීමට අප සැමටම හොදින්ම පුළුවන් නිසා. ඉතින් හැකි උපරිමයෙන් ඔබේ මනස යොදවා මේ කොටස් අවබෝධ කරගෙන නිවන් මාර්ගය පූර්ණය කරගැනීමට වුවමනා කරන අවබෝධය ලබාගන්නා ලෙස ඉල්ලමි!

සලායතන කුමක්ද? සලායතන වලට හේතුව කුමක්ද? සලායතන නිරෝධය හෙවත් උදා නොකිරීම කුමක්ද? ඒ සලායතන උදා නොවීමට ගත යුතු පියවර හෙවත් සලායතන නිරෝධ මාර්ගය කුමක්ද? මෙන්න මේ කාරණා 4 හරියට වටහා ගත්තා නම් සලායතන මුල්කරගෙන වටහා ගන්න චතුරාර්ය සත්යඋය තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ ටික තේරුම් ගත්තා නම් උතුම් නිවන ශාක්ෂාත් කරගැනීමට යම් මගක් අනුගමනය කල යුතුද අන්න ඒ උත්තරීතර මාර්ගය මේ තුලින් අනුගමනය කරන්න හැකියාව ලැබෙනවා. එහෙනම් මේ උතුම් නිවන් මගක් යන්න වටහාගෙන සලායතනත්... සලායතන වලට හේතුවත්... සලායතන නිරෝධ කිරීමෙන් ලැබෙන ශාන්තියත්... ඒ සදහා අනුගමනය කල යුතු මාර්ගයත් වටහාගෙන සලායතන නිරෝධ කිරීමට කටයුතු කරන්නේ නම් ඒ ‍හේතුවෙන් ස්පර්ශ නිරෝධ වෙනවා. ස්පර්ශ නිරෝධ කිරීම හේතුවෙන් වේදනා නිරෝධ වෙනවා. වේදනා නිරෝධ කිරීම හේතුවෙන් තණ්හා නිරෝධ වෙනවා. තණ්හා නිරෝධ කිරීම හේතුවෙන් උපාදාන නි‍රෝධ වෙනවා. උපාදාන නිරෝධ කිරීම හේතුවෙන් භවය නිරෝධ වෙනවා. භවය නිරෝධ කිරීම හේතුවෙන් ජාතිය නිරෝධ වෙනවා. ජාතිය නිරෝධ කිරීම හේතුවෙන් ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී සියලු දුක් රැස නිරෝධ‍ වෙනවා. මේ අකාරයෙන් සලායතන නිරෝධ කරගත්තා නම් දුකෙන් නිදහස් වීමේ මාර්ගය පෑදෙනවා. ඒ සදහා ඉහත කාරණා එකින් එක හොදින් විග්රීහ කරලා තේරුම්ගන්න ඕනේ.

මුලින්ම සලායතන හදුනාගනිමු!
චක්ඛායතන, සෝතායතන, ඝාණායතන, ජිව්හායතන, කායාතනය සහ මනායතන කියන මේ ආකාරයෙන් ආයාතන 6ක් මුල්කරලා සලායතන කියලා හදුන්වනවා. ඒ වගේම යුගල වශයෙන් එකට බැදුන කාරණා 2ක් එකක් වශයෙන් ගෙන ආයතන 6ක් පෙන්වනවා. චක්ඛායතන සහ රූපායතන එකක් වශයෙන් බැදුනා, සෝතායතන සහ ශබ්දායතන එකක් වශයෙන් බැදුනා, ඝාණායතන සහර ගන්ධායතන එකක් වශයෙන් බැදුනා, ජිව්හායතන සහ රසායතන එකක් වශයෙන් බැදුනා, කායාතනය සහ පොට්ඨබ්බායතන එකක් වශයෙන් බැදුනා වගේම මනායතන සහ ධම්මායතන එකක් වශයෙන් බැදුනා ලෙසින් යුගල වශයෙන් ගත්විට 6ක් වෙනවා. ආයතන 12ක් වශයෙන් ගන්නත් පුළුවන් අභ්ය න්තර සහ බාහිර ආයතන කියලා.

මෙහිදී අප අවබෝධ කරගත යුතු වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි ඇස, කණ, දිව, නාසය, ශරීරය සහ මන යන ඉන්ද්රීදය 6හිත් ආයතන වලත් ඇති වෙනස්කම. මොකද මේ ඇස, කණ, දිව, නාසය, ශරීරය සහ මන ආයතන 6ක් කියලා ගත්තොත් එහෙම අප මේ කරුණු අඩුපාඩු සහගතව විසදා ගැනීමට උත්සාහගත්තා වෙනවා. ඔබ දන්නවා මේ කිසිදු ලිපියකින් ඔබට එවැනි අඩුපාඩු සහිත අවබෝධයක් ලබාගැනීමට රුකුලක් නොදෙන බව. එයට හේතුවත් ඔබ මේ වන විට හොදින්ම දන්නවා. ඒ නිසා මේ සියල්ල හොදින් අවබෝධ කරගැනීම ඔබ ඔබටම කරගන්නා යුතුකමක් වෙනවා වගේම ඒ සදහා උපරිමයෙන් සහාය දීම මගේ යුතුකම වෙනවා.

එහෙනම් මොකක්ද‍ මේ චක්ඛායතන කිව්වේ? ධර්මයේ නැත්නම් විභංගප්රබකරණයේ ආදී තැන් වල විග්රමහ වෙනවා මෙන්න මේ විදියට.
“චක්ඛු චක්ඛායතන වේද? චක්ඛායතන චක්ඛු වේද?” ලෙසින් ප්රබශ්ණයක් අහලා දෙන පිළිතුරක් තියෙනවා. “චක්ඛු චක්ඛු වේ චක්ඛායතන නොවේ. චක්ඛායතන චක්ඛායතන වේ චක්ඛු නොවේ”.
“සෝත සෝතායතන වේද? සෝතායතන සෝත වේද?” ලෙසින් එබදු ප්රපශ්ණයක් අහලා මේකත් විසදනවා, “සෝත සෝතවේ සෝතායතන නොවේ. සෝතායතන ‍ සෝතායතන වේ සෝත නොවේ”.
“ඝාණ ඝාණායතන වේද? ඝාණායතන ඝාණ වේද?” ප්රපශ්ණයක් අහලා ඒකත් විසදනවා. “ඝාණ ඝාණ වේ ඝාණායතන නොවේ. ඝාණායතන ඝාණායතන වේ ඝාණ නොවේ”.
“ජිව්හා ජිව්හායතන වේද? ජිව්හායතන ජිව්හා වේද?”, “ජිව්හා ජිව්හා වේ ජිව්හායතන නොවේ. ජිව්හායතන ජිව්හායතන වේ ජිව්හා නොවේ”
“කාය කායාතනය වේද? කායාතනය කාය වේද?”, “කාය කාය වේ කායාතනය නොවේ. කායාතනය කායාතනය වේ කාය නොවේ”
“මන මනායතන වේද? මනායතන ‍මන වේද?”, “මන මන ‍වේ මනායතන නොවේ. මනායතන මනායතන වේ ‍මන නොවේ”

අභිධර්මයේ ගැඹුරු තැන්වල සැගවිලා තියෙන මේවා සොයාගන්න බැරුව කුකුසක් ඇතිවෙන්නත් පුළුවන්. ඒත් සියලු සාක්ෂි සහිතව පෙන්වා දුන්නාත් ඔබට අවබෝධ කරගන්නට අපහසු නම් මෙහි ඇති ඵලයක් නැහැ. ඒ නිසා මේ කියන කරුණු කාරණා තම තමන්ගේ නුවණ මෙහෙයවා අවබෝධ කරගන්නට උත්සාහ කරන්න.

ලෝක සත්වයා ඇස, කණ, දිව, නාසය, ශරීරය සහ මන කියන ඉන්ද්රීාය 6ක් උපයෝගී කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ‍ස්පර්ශ, ධර්ම යන 6ත් සමග බැදී රැදී කටයුතු කරන්නේ අවිද්යාසව තෘෂ්ණාව නිසාමයි. අන්න ඒ විදියට බැදිලා රැදිලා ඒ ඒ දේවල් සමග කටයුතු කරනකොට තමයි ඉන්ද්රීකය 6 ආයතන 6ක් බවට පත්වෙන්නේ. එය තමයි ලෝක‍ සත්වයා ලෝකය භුක්ති විදින්න සකසා ගත් වැඩපිලිවෙල. අවිද්යාිව, තෘෂ්ණාව දුරු කලොත් මේ ඉන්ද්රීටය 6 ඉන්ද්රීඋය 6ක් විදියට ‍තියෙනවා මිසක් ආයතන 6ක් බවට පත්වන්නේ නැහැ. ඇස නැත්නම් චක්ඛු චක්ඛු ධාතුවක් ලෙසින්ම තියෙනවා රූප රූප ධාතුවක් ලෙසින්ම තියෙනවා. ඇසෙහිවත් රූපයේවත් ආශාවන් බැදීමක් නැති විට තමය් ආයතන තත්වය නැතිවෙලා යන්නේ.

අපි දැන් වටහාගන්න ඕන මේ ආයතන කියන වචනය. සලායතන කිව්වේ ආයතන 6 කියන එකටනේ ඒ නිසා ආයතන කියන වචනය අවබෝධ කරගැනීම වැදගත්. ආය + ස්ථාන = ආයස්ථාන = ආයතන. ඒ කියන්නේ එකතුවන ස්ථානය කියලා. නැවතත් පැහැදිලි කරනවා නම් ලෝක සත්වයා කාම ලොව සැරි සරන විට සම්බන්ධ කරගන්නා ස්ථාන 6ක් කය තුල දිස්වෙනවා. අවිද්යානව, තෘෂ්ණාව මුල්ක‍රගෙන එකතු කරගන්න කටයුතු කරන වැඩ පිළිවෙල මේ 6 කොටස මගින් සිදුකරලා දෙනවා.

රූප එකතු කරන්නේ චක්ඛු ඉන්ද්රීෙය නැත්නම් ඇස. ශබ්ද එකතු කරන්නේ සෝත ඉන්ද්රීඒය නැත්නම් කණ. ගන්ධ එකතු කරන්නේ ඝාණ ඉන්ද්රීපය නැත්නම් නාසය. ‍රස එකතු කරන්නේ ජිව්හා ඉන්ද්රීසය නැත්නම් දිව. ස්පර්ශ එකතු කරන්නේ ‍කාය ඉන්ද්රීලය නැත්නම් ශරීරය. දැනගැනීම් එකතු කරන්නේ මන ඉන්ද්රී ය නැත්නම් මනස. මේ විදියට 6 ආකාරයකින් එකතු කර ගැනීමේ වැඩ පිලිවෙලට ස්ථාන කරමින් කටයුතු කරන තුරු ආය + ස්ථාන හෙවත් ආයස්ථාන නැත්නම් ආයතන 6ක් පහල වෙනවා. ඉන්ද්රීුය 6 ඇතුලේ මේ ආයතන 6 පවත්වාගෙන යන්නේ අවිද්යාතව, තෘෂ්ණාව තියෙන තුරු පමණයි. මෙන්න මේ මුලාව සහමුලින්ම නැතිව ගිය මොහොතේ පටන් ඔය කියන ආයතන 6ත් නැහැ. ඉන්ද්රීතය 6 පමණක් ජීවිතය අවසාන වෙනකම් තියෙනවා.
ඉහත සදහන් කල පරිදි ලෝක සත්වයා ඇසෙන් රූප එකතු කරන්නත්, කණෙන් ශබ්ද එකතු කරන්නත්, දිවෙන් රස එකතු කරන්නත්, නාසයෙන් ගන්ධ එකතු කරන්නත්, ශරීරයෙන් පහස එකතු කරන්නත්, මනසින් දැනගැනීම් නැත්නම් ධර්ම එකතු කරන්නත් බලාපොරොත්තු ඇතිව පෙර භවයන් වල මිය ගිය විට බලාපොරොත්තු වලින් ජනිත කල ශක්තිය හෙවත් කර්ම ශක්තිය මතු භවයක සුදුසු පරිදි මේ ඉන්ද්රී්ය 6 නිපදවන බැවින් යලි මුලාව අත්නොහරින තාක් ආයතන 6ක් බවට පත්වෙනවා. මුලාව අවසන් කරන මොහොතේ පටන් මේ ආයතන 6 පහල කිරීමද නැති වන බැවින් මතු භවයකට ඉන්ද්රීිය 6ක් පහල කිරීමට ඇති ශක්තියද බිහි නො‍කරයි. ඒ හේතුවට ඵලය ලෙසින් මේ ශරීරය භව ගමනේ අන්තිම දේහය වන අතර මතු දේහයක් හට නොගනී. අන්තිම දේහ ධාරී කියලා අරිහතුන් වහන්සේලාව හදුන්වන්නේ මෙන්න මේ ‍හේතූන් නිසායි.

මේ ආකාරයට සලායතන ගැන විස්තර කලත් මේ ඇස, කණ, දිව, නාසය, ශරීරය, මන කියන ඒවායේත් චක්ඛායතන, සෝතායතන, ඝාණායතන, ජිව්හායතන, කායාතනය සහ මනායතන කියන ඒවායේත් වෙනස මොකක්ද කියලා තව දුරටත් හොදින් විමසා බැලිය යුතුම වෙනවා නේද?
ඇස, කණ, දිව, නාසය, ශරීරය, මන කියන ඒවා රූප ධාතූන්ට අයිතියි. සතර මහා භූතයන්ගෙන් උපන්න දේවල්.
මේ කියන ආයතන ‍හිත හා සම්බන්ධව අභ්යනන්තරයේ කොටසක් ලෙසින් තියෙනවා සසර ගමනට හේතුවන සලායතන ලෙසින්.
අපි අයින් කරගන්න නැත්නම් නිරෝධ කරගන්න ඕ‍නේ මොකක්ද? සසර ගමනට හේතුවන මෙන්න මේ කියන සලායතනයි.
එහෙනම් නිරෝධ වෙන්නේ කොහොමද නාම රූප නිරෝධ නම් සලායතන නිරෝධයි. “නාම රූප පච්චයා සලායතනං - නාමරූප නිරෝධා සලායතන නිරෝ‍ධෝ” දැන් මෙතැන “නාමරූප ප්රරත්ය.යෙන් සලායතන හැදෙනවා - නාම රූප නිරෝධ නම් සලායතන නිරෝධ වෙනවා”. දැන් අපි දකින්න ඕනේ හැදෙන සලායතන මොනවාද නිරෝධ වෙන සලායතන මොනවාද කියලා. අරිහත්වයට පත්වුණාම සලායතන නිරෝධයි. නමුත් ඇස, කණ, දිව, නාසය, ශරීරය පේන්නම තියෙනවා. නමුත් සලායතන නිරෝධයි. එහෙනම් සලායතන කිව්වේ ඇස, කණ, දිව, නාසය, ශරීරය නෙවේ කියලා සරලවම අවබෝධයක් ගන්න හැකියාව අපට තියෙනවා.
ලක්බිම පැරන්නන් අතර බොහෝම අපූරු උපමා උපමේය තියෙනවා මේ වටිනා ගැඹුරු දහම් කරුණු හදුනාගැනීමට. අපේ පැරණි බස් වහර නිකම් ආවාට ගියාට අර්ථ නැති කට වචනයන්ගෙන් යුත් දෙයක් නොවේ. ඒ සියලු වචන වල ගැඹුරු දහම් අර්ථ ගැබ් වෙලා තියෙනවා. මේ දහම් පිලිබදව යථාර්ථය හොයාගන්නට නම් අන්න ඒ කියන උදාහරණ උපමා තුලින් විමසා බැලීම ඔබටත් මටත් ඉතාමත් සමීප ලෙසින් මේ ගැඹුරු දහම් අර්ථ තිබී තියෙනවා නේද කියන හැගීමත් ඔබටම දැනෙන්නට පටන්ගනීවි.
ඔබගේ ආච්චිලා සීයලා නැත්නම් ඒ අයගේ පරපුරට අයත් පිරිස් කියනවා මේ ‍ ඇස, කණ, දිව, නාසය, ශරීරය කියන ඉන්ද්රීනය 5කින් හැදිලා තියෙන මේ කයට වචනයක් “ශරීර කූඩුව” කියලා. ඇයි මේකට කූඩුවක් කියලා කිව්වේ? මේක කූඩුවක් කරගන්න ඕනේ. එහෙනම් මේ කූඩුවත් එක්කලා ශරීරයට තියෙන සම්බන්ධතාවය අප විමසා බලන්න ඕනේ.

ඇයි ශරීරයට ශරීර කූඩුව කිව්වේ? ධර්මයට අනුවත් සලායතන නිරෝධ කලොත් මේ ශරීරය කූඩුවක් විතරයි. ‍දැන් මේ කාරණය විග්රමහ කරලා තේරුම් ගන්න අපට පුළුන් එතකොට සලායතනත් තේරුම් ගන්න.

අපි මෙ‍හෙම හිතමුකෝ වෙළදපොලෙන් කූඩුවක් ගෙනවිත් අපි ඕක මොකක්ද කියලා අහනවා තවත් අයෙකුගෙන්. “ඒක කූඩුවක්නේ!” කියලා ඒ අය උත්තර දෙනවා. අපි ඕකට හා පැටියෙක් හරි හාවෙක් හරි දාලා අහනවා දැන් මේක මොකක්ද කියලා. “ආ දැන් මේක හා කූඩුවක් නේ!” කියලා කියාවි. අපි ඒ හාවා ඉවත් කරලා ගිරවෙක් දානවා. දාලා අහනවා මේ කූඩුව මොකක්ද කියලා. දැන් ඒ අය කියනවා “ඒක ගිරා කූඩුවක්” කියලා. ගිරවා අයින් කරලා මයිනෙක් දානවා. දැන් මොන කූඩුවක්ද කියලා අහපුවාම දැන් ඒකට හා කූඩුවක්වත් ගිරා කූඩුවක්වත් කියන්නේ නැහැ දැන් කියනවා “ඒක මයින් කූඩුවක්” කියලා. අපි ඒකට දානවා බල්ලෙක්. ඒක දැන් “බලු කූඩුවක්” කියලා කියනවා. මෙන්න මේ විදියට කූඩුවේ නමත් වෙනස්වෙනවා ඇතුලට දාලා ඉන්න සතා අනුව ‍එහෙම නේද අපත් අත්දැකීමෙන් දන්නේ?

දැන් තව උපමාවක් ඔය විදියටම අරගනිමුකෝ මේ ආයතන තෝරාගන්න. ගමේ තියෙනවා නිවසක්. ඒක ගෙයක් කියලා කව්රුත් හදුනාගන්නවා. යම් කිසි ග්රාපමීය බැංකුවක් ඒ නිවෙස තුල පටන්ගන්න වැඩපිලිවෙල සකස් කොට දැන් අහනවා කෙනෙක්ගෙන් අර මොකක්ද කියලා අර කලින් තිබූ නිවසම පෙන්නලා. දැන් ඒ අය ඒක හදුනාගන්නේ නිවෙසක් කියලා නෙවේ නේද? “ආ ඒක ග්රාැමීය බැංකුවනේ” කියලා උත්තරය දෙනවා.
මාස කීපයකට පස්සේ ඒ ග්රාැමීය බැංකු වැඩපිලිවෙල එතැනින් ඉවත් කරගන්න කටයුතු සිද්ධ වුනා කියලා හිතන්නකෝ. ඒත් අර නිවෙස එහෙමම තියෙනවා. ඒ නිවසතුල දැන් පශු වෛද්යැ කටයුත්තක් කරගෙන යන්න පටන්ගන්නවා. දැන් පශු වෛද්ය්ය ආයතනය කෝ කියලා ඇහුවොත් “අර තියෙන්නේ” කියලා අර නිවසම පෙන්නනවා නේද? එතකොට නිවස එහෙමම තිබුණා. හැබැයි නිවස තුල කරපු වැඩපිලිවෙල කලින් කල වෙනස් වුණා නැත්නම් ආයතනය වෙනස් වුණා. මුලින් නිකම්ම නිකම් නිවස. ඊටපස්සේ ග්රාහමීය බැංකු ආයතනය... දැන් පශු වෛද්යි ආයතනය.
මොකක් නිසාද මේ වෙනස ආවේ? ඒ නිවස තුල කරපු වැඩ පිලිවෙලේ වෙනස නිසා තමයි මේ වෙනස වුනේ.

දැන් නම් ඔබට වැටහීගෙන එනවාත් ඇති මේ අපූරු උපමා තුලින් ඉන්ද්රීවය 6 සලායතන වන විදිය. ඒත් අප ඒකත් විස්තර කරගෙන බලමු.

ඇස තමයි නිකම්ම නිකම් කූඩුව නැත්නම් නිකම්ම නිකම් නිවෙස. මේ ඇස රාග සහගත වැඩපිලිවෙලකට බස්සවා ගත්තොත් අප විසින් ඇස තුල රාගයට අවශ්යන දේවල් ගොනු කරගන්න ඇසුකරන්න එකතු කරගන්න ‍ඇස ප්ර යෝජනයට ගනිමින් කටයුතු කරනවා. දැන් ඇස කියන නිකම්ම නිකම් කූඩුව නැත්නම් නිකම්ම නිකම් නිවෙස තුල රාග සහගත වැඩපිලිවෙලක් පටන් අරගෙන තියෙනවා. දැන් ඒ ඇස රාගයට මුල්වෙච්ච ආයතනයක් බවට පත්වෙලා. එතකොට එය හදුන්වනවා චක්ඛායතනය කියලා. ඇස තියෙනවා නම් පෙනීම සහිතව යමක් පෙනීම අත්හරවන්න බැහැනේ. ඒත් ඒ පෙනීම බැලීමක් බවට පත්කරගෙන රාගය මුල්කරගත්ත බැලීමක් බවට පත්කරගත්ත නිසා ඒ පසුපස බලන බලාපොරොත්තුවකින් යුක්ත වුණා. නිකම්ම නිකම් කූඩුව නැත්නම් නිකම්ම නිකම් නිවෙස තුල කරන වැඩපිලිවෙල නිසා ඒවා නොයෙක් ආයතන බවට පත්වුනා වගේ නිකම්ම නිකම් ඉන්ද්රී්යක් වන ඇසත් දැන් රාග සහගත වැඩපිලිවෙලකට ආයතනයක් වෙලා.
ඒ වගේම ද්වේශයට පත්වෙනවා ගැටෙන ලක්ෂණය ගන්නවා. ගැටීමට පත්වෙලා ඒකට අවශ්යක දේ පරිහරණය කිරීමට ඇහැ ප්ර යෝජනයට ගත්තොත් ද්වේශය මුල්කරගත්ත ඒ දෘශ්ඨිය මුල්කරගත්ත අදහස් ඇහැට බැසගන්නවා. බැහැගෙන ඒ සදහා ඇහැ ක්රියයාත්මක කරවන්න පටන්ගත්තොත් මොකක්ද වෙන්නේ? අන්න ඒ හේතුවෙන් සකස්වෙනවා චක්ඛායතනයක්. අන්න බලාපොරොත්තුවක් මුල්කරගෙන කැමැත්තට ලෝකයෙන් බැදිලා ඒ සදහා ඇස ක්‍රියාත්මක කරන්න හිතුවොත් අන්න ඒකෙන් අපිට සිද්ධ වෙන්නේ කුමක්ද ඔන්න ඔය ආකාරයට ඇස ආයතනයක් බවට පත්කරගන්නවා ලෝකයේ පැවැත්මට අවශ්යය කටයුතු සදහා.

මේ විදියට ඉතිරි ඉන්ද්රීටය පහත් නිකම්ම නිකම් කණක්, නිකම්ම නිකම් නාසයක්, නිකම්ම නිකම් දිවක්, නිකම්ම නිකම් ශරීරයක්, නිකම්ම නිකම් මනසක් ලෙසින් තියන්නේ නැතිව නොයෙක් නොයෙක් වැඩපිලිවෙලවල් එකතු කරගන්නවා... නැත්නම් පටන් ගන්නවා... ඒවා ආයතන බවට පත්කරගන්නවා.

ඇයි එහෙම කරන්නේ? ලෝකය... පැවැත්ම... වටිනවා කියලා හිතුන නිසානේ නේද? එහෙනම් ලෝකයේ පැවැත්ම ඇයි වටින්නේ? වටිනවා කියලා හිතුවේ අවිද්යායවේ නිගමනය නිසානේ නේද? ඒ අවිද්යාසවේ නිගමනය තුලින් පංච කාම සම්පත්තීන් හොදයි කියලා ඒ පසුපස හඹායන්න අවශ්යා කරන්නා වූ දෙයක් ලබාගැනීමේ අරමුණින් මේ ඇස, කණ, දිව, නාසය, ශරීරය, මන යොමුකරගත්තා නම් ඒවාට ඉන්ද්රීනය වශයෙන් පවතින්න නිදහස දීලා නැහැ නේද? ඔය කියන ශරීර කූඩුවට “ශරීර කූඩුව”ක් ලෙසින් තියෙන්න දුන්නේ නැහැ නේද? නිකම්ම නිකම් ශරීර කූඩුව යම් යම් වැඩපිලිවෙලකට යොමුකරලා යම් යම් දේ එකතු කරගන්න ස්ථාන බවට පත්කරලා. එබදු පංච කාම ආශ්වාද ලබාගන්න ඒ ඒ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න ඒ සදහා වෙන් කරපු ඉන්ද්රී ය 6ක් බවට පත්වුණා නම් ඉන්ද්රීදය 6 තුල වැඩසටහන් 6ක් යනවා.
බලන වැඩසටහන ඇහැ තුල, අහන වැඩසටහන කණ තුල, ආඝ්රා ණය කරන වැඩසටහනක් නාසය තුල, රස බලන වැඩසටහනක් දිව තුල, ඒ ‍වාගේම පහස විදීමේ වැඩසටහන කය තුල සහ හිතන වැඩසටහනක් මන තුල මේ ආකාරයෙන් වැඩසටහන් 6කට ස්ථාන 6 ක්රිතයාත්මක කරනවිට ආයතන 6ක් ගොඩනැගෙනවා. එහෙනම් ඉන්ද්රී්ය වලට ඉන්ද්රීවය හැටියට ඉන්න තිබ්බේ නැතිනිසා තමයි මේ ආයතන බවට පත්වෙන්නේ. ඉන්ද්රීැය 6හිත් ආයතන 6හිත් වෙනස දැන් ඔබට පැහැදිලි වුණා කියලා මම විශ්වාස කරනවා. නැවත නැවත ඇසුරු කරමින් මේ කරුණු තම තමන්ගේ නුවණින් විමසා සලායතන පිලිබද ධර්මාවබෝධය ගන්නට උත්සාහ කරන්න.

එලෙස සලායතන වෙන්නේ කුමන හේතුවක් නිසාද?
අවිද්යාෝව නිසා ඡන්ද රාගයෙන් වෙලිලා අත්හැරී ඉන්න බැහැ. ‍ නොඇලී මිදී ඉන්න බැහැ. මෙන්න මේ ආයතන ආයතන හැටියට තෝරගත්තාම අපි දකිනවා මේ ඇස කියන මස් ගුලියවත් කණ කියන මස් වැදැල්ලවත් නෙවේ ආයතන කියන්නේ ඕවා තුල අවිද්යා වෙන් තෘෂ්ණාවෙන් බැදිලා රැදිලා සකස් කරගත්ත වැඩ පිලිවෙල ක්රිුයාත්මක වන නිසා ඒ හේතුවෙනුයි ඒවාට ආයතන කියන්නේ කියලා.

සලායතන වලට හේතුව සරලව නැවතත් පහදා දෙනවා නම්; ලෝක සත්වයෝ අවිද්යාය, තෘෂ්ණා මුලාව පවතින තුරු ඒ ඒ ධර්ම ස්වභාවයෝ සමග ප්රිතයතාවයකින්, මධුර තාවයකින් ඇලෙන්නට, බැදෙන්නට උත්සාහ කරනවා. ඇසෙන් රූපයක් දැක දැකීම් මාත්රසයක් පමණකින් නොනවතින අප ඒ පසු පස යලි යලිත් බලමින් හඹා යනවා. කණින් ශබ්දයක් අහලා ඇසීමෙන් නොනවතින අප ඒ පසු පසු යලි යලිත් ශ්රෘවණය කරමින් හඹා යනවා. නාසයෙන් ගන්ධයක් ආඝ්රායණය කර නොනවතින අප ඒ පසු පසු යලි යලිත් හඹා යනවා. දිවෙන් රස ලැබ රස මාත්රරයකින් නොනවතින අප ඒ පසු පසු යලි යලිත් රස විදිමින් හඹා යනවා. කයෙන් ස්පර්ශ ලැබ එයින් නොනවතින අප ඒ පසු පසු යලි යලිත් විදීමේ බලාපොරොත්තු ඇතිව හඹා යනවා. මනසින් දැනීම් මාත්ර යක් ලැබ නොනවතින අප ඒ පසු පසු යලි යලිත් හඹා යනවා. එසේ හඹා යන්නේ අවිද්යා වේ නිගමනය නැත්නම් ඒ ඒ දේවල් ප්රි යයි, මධුරයි, සුවයි කියලා වර්ග කරගෙන ඒවා හරිම වටිනවා සාරවත් කියලා මුලා වෙලා සිටින නිසායි. මේ අවිද්යා්ව තෘෂ්ණාව පහල කරමින් මුලා නිගමනයන්ගේ සිටින තාක් සලායතන වල පහල වීමද නොනවතී. මෙසේ සලායතන වලට හේතුව අවබෝධ කරගත යුතුයි.

එහෙනම් අපි දැන් ආයතන දැනගත්තා. ඒ ආයතන වලට හේතුවත් දැනගත්තා. දැන් අප දන්නවා ඒ ආයතන නි‍රෝධ කරගන්නත් පුළුවන් කියලා!
සලායතන නිරෝධය අප දැනගනිමු!
ඇස, කණ, දිව, නාසය, ශරීරය, මන කියන දේවල් අරිහත්වයට පත්වුණත් තියෙනවානේ. පිරිණිවන් පානකම් ඉන්න ඕනේ ඒවා කෙලවර වෙන්න. එහෙනම් අපි මොහොතක් මොහොතක් පාසා ඇතිවන සලායතන නිරෝධ කරගෙන ගිහින් සියලුම සලායතන නිරෝධ කරනවා අරිහත්වයේදී. හැබැයි පෙනීම, ඇහීම ආදී සියල්ල තියෙනවා. ඒවා අවිද්යාෙ සහගත වැඩපිලිවෙලට ආයතන කලේ නැති නිසයි කියන්නේ සලායතන නිරෝධයි කියලා. එහෙනම් අපි දකින්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් අපත් සලායතන නිරෝධ කරගන්න. සලායතන නිරෝධ කරගත්තොත් මොකද වෙන්නේ? ඇලෙන ගැලෙන දේවල් තුල ආශා පොදි බැදගෙන අසහනකාරී මානසිකත්වයක් ගොඩනගාගෙන පැවැත්ම හොදයි කියලා අනිච්ච වූත් දුක්ඛ වූත් අනත්ථ වූත් පැවැත්මකට හිත තිබ්බෝත් ඒ හේතුවෙන් සිද්ධ වෙන්නේ මොකක්ද බලාපොරොත්තු වන සැනසීම මායාවක් විතරයි ඇසුරු කරන්න ගිහින් විදින්න වෙන්නේ දුකක්. ගින්නක්. කැඩෙන බිදෙන විනාශ වෙන දේ... කඩන බිදන විනාශ කරන දේ ඇසුරුකරගෙන ඒවායේ යහපතක් බලාපොරොත්තු වුණා නම් බලාපොරොත්තු වන යහපත වෙනුවට ලැබෙන්නේ අසහනයක් ‍දුකක්. ආශ්වාදය තුලින් ඔය තත්වය වහන නිසා ඇත්ත පේන්නේ නැතුව යනවා. සත්යරය පෙන්නේ නැතුව යනවා ඒ නිසා අපට සලායතන තෝරාගන්න බැරිව යනවා. ඒවා වැඩකට නැති දේවල් බව තෝරගන්න බැරිව යනවා. ඒනිසා ඒවා පිලිබද බැදෙන රැදෙන හිතකින් ඒ පසුපස හඹායන මානසිකත්වයක් ගොඩනැගෙනවා. මෙන්න මේකට කියනවා අවිද්යා්ව මුල්කරගෙන අවිද්යානසහගතව සලායතන හටගත්තා කියලා.

“අවිජ්ජා පච්චයා සංඛාරා අවිජ්ජා සම්ප්රොයුක්තා, සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර සම්ප්රගයුක්තං, විඤ්ඤාණ පච්චයා නාමරූප විඤ්ඤාණ සම්ප්රමයුක්තං, නාමරූප පච්චයා සලායතනං නාමරූප සම්ප්රඩයුක්තං” එතකොට සලායතන වලට ඇවිත් තියෙනවා අවිද්යාඅ, සංඛාර, විඤ්ඤාණ, නාමරූප කියන මේ 4ම සමග යෙදිලා තියෙනවා සලායතන. ඒවායෙන් අයින් වෙච්ච සලායතන නැහැ. එහෙනම් සලායතන බිදෙන කොට කොහොමද වෙන්නේ? අවිද්යානව නිරෝධ කරගත්තා නම් යම් ක්රතමයකින් සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සලායතන සියල්ලම නිරෝධයි.

සලායතන කියන්නේ බොහෝ කල් පවතින දෙයක් නෙවේ. අවිද්යානව, තෘෂ්ණාව මුලාව යලි යලි ගොඩ නගන තුරු ඒ ඒ සමග බැදී විද්යාවමාන වන ඒවා පමණයි. මේ අවිද්යාතව දුරු වන තරමින් දැනගන්නවා ලෝක සත්වයා මේ හය ආකාරයකට බැදිලා රැදිලා දාහ දුක් දෙන අසහනකාරී බවත් පත්කරන කිසි පිළිසරණක් නැති අනාථයෙන් අනාථයට පත්වෙන දේවල් ගොඩාක් පසුපස හඹා යනවා කියලා. මේ අවිද්යාැව සම්පුර්ණයෙන්ම දුරු වන මොහොතේ පටන් මේ සලායතන ගොඩනැගීමක් නැහැ. සලායතන නිරෝධයි!

එහෙනම් සලායතන නිරෝධ කරගන්නා මාර්ගය දැකිය යුතුයි නේද?
සලායතන කුමක්ද කියලා දකින්න ඕනේ... සලායතන අසාර බව වැඩක් නැති බව දකින්නට ඕනේ... ඒවා‍ට හේතුව යථාර්ථය නොදැන ඒ පිලිබද ඡන්ද රාගයෙන් බැදීම කියලා දකින්න ඕනේ... එහෙනම් එයින් මිදීමට නම් ඒ පිලබදව අසාරත්වය දැකලා අත්හැරීම මිදීම නොඇලීම කියලා දකින්න ඕන. මෙන්න මේ ආකාරයට දැකලා නිරෝධ වුණා නම් අන්න ඒ මාර්ගය තමයි ආදීනව දැකලා වෙන්වී මිදී‍යාමේ ආනිශංස දැකලා වඩන ආර්ය අෂ්ඨාංගික මාර්ගය. මෙන්න මේ මාර්ගය හරියට තේරුම් අරගත්තා නම් අන්න ඔහුට පුළුවන්කම ලැබෙනවා සලායතන නිරෝධ කරලා සැනසෙන්න.

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන මේ ධර්මතාවයන් ප්රි්ය මනාප ලෙස අවිද්යා.ව තෘෂ්ණාව නිසා දකිනවා. එය මුලාවේ ස්වභාවයයි. එසේ දකින තාක් අප නිරන්තර අසහකාරී තත්වයකින් පෙලෙනවා නේද? බලාපොරොත්තුවූ ප්රි ය මධුර දෙයක් පැමිණි විට සතුටුවෙනවා, උද්දාම වෙනවා, එහිම ගිලිලා ආශ්වාද විදින්නට අප උත්සාහ කරනවා නේද? ඒත් ඒවා ඒ ප්රි ය මධුර ස්වභාවයක් මොහොතකට පෙන්නලා ගෙවිලා යනවා. එත‍කොට අප දුකට පත්වෙනවා, ශෝක වෙනවා, අසහනකාරී බවට පත්වෙනවා, නැවත නැවත ඒ දේවල් හොයාගන්න ලබාගන්න වෙහෙස වෙනවා. අනන්ත සසරේ පටන් අප කලේ ඔන්න ඔය ටික තමයි. හැබැයි ඒ අනන්ත සසරේ පටන් ඒ නිපදවපු ආයතන 6න් එකක්වත් තියාගන්න අපට පුළුවන් වුනේ නැහැ. ඒවා ඇසුරු කල අවස්ථාවන් වෙනසක් නැතිව අපට කැමති විදියට තියාගන්න අපට හැකිවුනේ නැහැ. තවමත් බැහැ... ඉතින් අනාගතය ගැන කුමන කථාද? අනාගතයටත් ඒ ධර්මතාවය එසේම තමයි. කොටින්ම ආයතන බවට පත්කරගන්න ඉන්ද්රී ය 6වත් ‍අඛණ්ඩව අපට කැමති විදියට තියාගන්න අපට බැහැ නේද?

සියල්ලම දුක, දාහය, අසහනය ඇතිකරලා මුලාවටම මග පාදලා දීලා මතුවටත් බලාපොරොත්තු ඇතිකරලා දීලා භවයටම ඇදලා දමලා ගෙවී යනවා. මෙයම නේද මේ සලායතන වල ආදීනවය නැත්නම් දුක්ඛිත ඵලය. එයින් තොර සුවදායී දෙයක් මේ සලායතන ඇතිකරගැනීමේ හේතුවට ඵලයක් ලෙස අපට ලබාගත හැකිද? තමන් විසින්ම විචාර බුද්ධියෙන් මේවා අවබෝධ කරගත යුතුයි.

මෙන්න මේ දුක්ඛිත තත්වයන් සියල්ලම අසහනයන් සියල්ලම නැතිවෙනවා සලායතන නිරෝධ කරගත්තා නම්. ගිනි නිවෙනවා. නිවීම දකිනවා. එයම තමයි දැකිය යුතු නිවන. දුක් ගිනි සියල්ලේ නිවී යාම තමන්ගේම නුවණින් තමන් විසින්ම දැකිය යුතුයි. අන්න එවිට ඔබ නිවන් දැක්කා. ගිනි නිවීගිහින් ලැබිය හැකි සැනසීම නිවන දැක්කා. ධර්මාවබෝධය තුලින් ඔබ නිවන් දැක්කා. දැන් ඔබ ආර්ය මාර්ගය යොදාගන්නේ ඔබ දැකපු නිවනට ගමන්කරන්න. අදුරේ අතපතගාන මෝඩයෙක් නොවේ දැන් ඔබ. ඔබම නිවන දැක්කා. අන්න ඒ දැකපු නිවන අත්දකින්න... එය තුලට ගොස් එයින්ම සැනසෙන්න තමයි දැන් ඔබ සියලුම කටයුතු කරගෙන යන්නේ. ඔබගේ කය, වචනය, සිත මෙහෙයවන්නේ. නොදැකපු නිවනකට කාටවත් යන්න බැහැ. එය ඔබටම වැටහිය යුතුයි. ‍ධර්මාවබෝධය තුලින් නිවන දැකපු ආර්ය ශ්රාාවකයා ගමන්‍ කරන්නේ බො‍හෝම පැහැදිලි අරමුණකට. ඔහු ‍හෝ ඇය මාර්ගයේ අතරමං වීමට හේතු නැහැ මන්ද තමන් දැකපු දෙයක් පසුපස තමයි තමන්ගේ ගමන අරමුණු වෙලා තියෙන්නේ. එය වෙන අයෙක් කියපු දෙයක්වත් මෙන්න මේවගේ දෙයක් හොයාගත යුතුයි කියලා අන් අ‍ යෙක් විසින් ස්ථිර කල දෙයක් පසුපසවත් නෙවේ ගමන් කරන්නේ. බොහෝම පැහැදිලි අරමුණකට. ඉතින් ධර්මාවබෝධය තුලින් නිවන දකින ආර්ය ශ්රා වකයාගේ හිත ලෞකික දේ පසුපස හඹායන්නේ ඉතාමත් අල්ප ලෙසින්. එයත් ක්රමමයෙන් නැතිවෙලා යන්නේ ඔහු අඛණ්ඩව තමන්ගේ මාර්ගයේ තමන්ගේ ප්රාධාන අරමුණ වෙත හිත පිහිටුවා ගන්නා තරම මතයි.

අන්න ඒ නිසා තමයි කිව්වේ නිතරම සලායතන වල ආදීනවයත් එය නිරෝධයෙන් ලැබෙන නිවනේ තමන් දැකපු නිවනේ ආනිශංස නැත්නම් සුවයත් මෙනෙහි කරමින් තමන්ගේ අරමුණ තව තවත් ප්රනබල කරගත යුතු බව ඔබටම අවබෝධ විය යුතුයි. නිවනටම නැමුණු සිතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේද සලායතන නිරෝධ වන මාර්ගයත් එයයි.

ඉතින් සමහර තැන් වල ආයතන 6 ලෙසින් ඉන්ද්රීුය 6 පෙන්නලා දීලා තියෙනවා. ඒත් එහෙම පිලිගත්තොත් එහෙම එයින් ඔප්පු වෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා සහ මහා අරිහතුන් වහන්සේලාටද ආයතන 6ක් තියෙනවා කියලා නේද? මන්ද යත් උන්වහන්සේලාටත් ඇස,කණ, දිව, නාසය, ශරීරය, මන තිබුණා වගේම ඒවා තුලින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, දැනගැනීම් නැත්නම් ධර්ම යන දේත් අතිවිදින්න ලැබුණා. එතකොට යමෙක් ආයතන 6 ලෙසින් ඉන්ද්රී ය 6 පෙන්නලා දීලා තියෙනවා නම් ඔහු මුලා වෙලා පමණක් නොවේ ඒ කරුණ පිලිගන්න අයත් මුලාවට පත්වෙලා. උන්වහන්සෙලාගේ ආයතන 6 නැත්නම් සලායතන නිරෝධ වී හමාරයි. සලායතන නිරෝධ නොවී අරිහත්වයට පත්වන්න හේතු නැහැනේ. එය නිරෝධ විය යුතුමයි. ඉතින් ආයතන 6 ලෙසින් ඉන්ද්රීයය 6 පෙන්නලා දෙන්නේ කොහොමද උන්වහන්සේලා පිරිණිවන්පාන අවසාන මොහොත දක්වාම ඉන්ද්රීතය 6 තිබිය යුතු නම්? ඉන්ද්රීතය ඇසුරු කල ආයතන 6 තමයි නිරෝධ වෙන්නේ ඉන්ද්රීෙය 6 නෙවේ. මේ කාරණා තම තමන් විසින්ම අවබෝධ කරගැනීම වැදගත් වෙන්නේ කිසිවෙකුටත් මුලා අදහස් තුලින් ඔබව මුලාකිරීමට එවිට නොහැකි වන නිසයි. මන්ද ඔබත් මුලාවට පත්වුනොත් ඔබේ නිවන නැත්නම් ඔබේ විමුක්තිය නැතිකරගන්න හේතුව ඔබම මිසක් වෙන ‍කව්රුත් නොවන නිසා.

ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. තමන්ගේ මත ඉදිරිපත් කල හැකි බොහෝ දේවල් මේ විශ්වය තුල සොයාගන්න බැරිකමක් නැහැනේ. ඒ විතරක් නෙවේ කිසිවෙකුටත් තමන්ගේ මත ඉදිරිපත් කිරීමට තහනමක් අතීතයේ තිබිලත් නැහැ, දැනුත් නැහැ, අනාගතයේත් තියෙන එකක් නැහැ. ඉතින් තම තමන් දැන ගත යුතුයි නොයෙක් මත තුලන් යැපෙන්නට කලින් තමන්ගේ සිතට ‍එන මතය හේතු ඵල සිද්ධාන්තයන්ට කොතරම් ගැලපෙනවාද කියලා විමසා බලන්න. මටත් පුළුවන් මේ වගේ ලිපි ඕන තරම් ලියන්න. මටත් පුළුවන් මේක තමයි එකම ඇත්ත එය පිලිගන්න කියලා ඔබට බලපෑම් කරන්න. ඒත් මොකක්ද එයින් ඔබටත් මටත් වන වාසිය? මේ මුලාව තුලම තව තවත් ගැඹුරට ගිලිලා යනවා මිසක් ගොඩ ඒමක් නම් නැතිව යාවි. බුදු දහම කියන්නේ මේ විශ්වයේ පරම ඇත්ත ගැන සිද්ධාන්තයන් ඉදිරිපත් කරලා තියෙන එය ප්රා යෝගිකව යොදාගෙන තම තමන්ට පුද්ගලිකව අත්විදින්නට අවස්ථාව සැලසෙන ධර්මයක්. එහි කිසිවෙක් කිසිවෙකුට බලපෑම් කරන්න බල කරන්න නියෝග කරන්න නියම වී නැහැ. එය තම තමන් අවබෝධයෙන් කරගත්තේ නැත්නම් ඒ හේතුවට ඵලයක් ලෙසින් තම තමන්ට පුද්ගලිකවම ඵල අහිමි වී යෑම තමයි ධර්මතාවය. ඉතින් බුදු හිමියන් කිව්වේ උන්වහන්සේ කියන නිසා පිලිගන්න එපා තම තමන්ගේ නුවණින් විමසා බලා අවබෝධ කරගන්න කියලා. එතකොට තමයි වෙන අය කියන දේවල් මුලාසහගතද නැත්ද කියලා අවබෝධ කරගන්න තරම් නුවණ තීක්ෂණ වෙන්නේ. ඉතින් සරලවම ඔබ සැමට තම තමන්ට ආවේණික වූ බුද්ධී මට්ටම් සහිත මනසක් තියෙනවා. එහි උපරිම ඵල නෙලාගන්න. කිසිවෙකුටවත් ඔබව නතු කරගන්න නැත්නම් ඔබ කිසිවෙකුගේවත් යටතේ මානසිකව වහලෙක් බවට පත්වන්නට කිසිම වුවමනාවක් නැහැ. තමන්ම හිතන්න බිය විය යුතු නැහැ. එහෙම කලා කියලා ඔබටවත් මටවත් දඩුවම් දෙන්න කව්රුත් මේ ‍විශ්වයේ නැහැ. තම තමන්ගේ නුවණින් විමසා තමන්ගේ විමුක්තිය උදෙසා තමන්ට අවබෝධයක් ලබාගැනීමට තර්කයක් කලා කියලා ඔබව අපායට ඇදගෙන යන්න තව තවත් දුකින් දුකට පත් කරන්න හේතු ඇතිවෙන්නේ නැහැ. ඉතින් බුදු දහම කියන්නේ තර්ක කරලා බිදින්න බැරි පරම ඇත්ත සහිත එකම දහම මිසක් තර්ක කරන්න එපා කියලා නියම වෙලා තියෙන ධර්මයක් නෙවේ.

හැබැයි ඔබ වටහාගත යුතුයි තර්ක කරන්නේ මොකටද කියලා. තර්ක කරන්නේ තමන්ගේ අවබෝධය දියුණු කරගෙන විමුක්තිය උදාකරගැනීමට තමන්ගේ ගැටලු නිරාකරණය කරගැනීමේ අවංක අදහස ඇතිවද? තමන් දිනුවා යැයි ලෝකයාට පෙන්වීමටද? තමන් උසස් යැයි තර්ක කොට දිනිය හැකියි කියන හිස් අදහස් ඇතිවද? බුදු දහම හෝ වෙනත් ආගමක් පරදවා පහත් කිරීමේ අදහස ඇතිවද? ආගමික නායකන් හෝ ඒ ඒ අදාල පුද්ගලයන් පරදවා පහත් කර උදම් ඇනීමට ඇති හිස් ආශාව ඇතිවද? ආදී ලෙසින් තම තමන්ගේ අරමුණ අවබෝධ කරගන්න. තමන්ට කැමතිසේ ‍කිසිවක් නැති ලෝකයක කැමති අකැමැති දෙපැත්තෙන්ම දැකිය හැක්කේ දුක විතරක්ම නිසා අන්ත අසරණ අනාථයන් කොටසක් ලෙසින් ඉන්න මටත් ඔබටත් ඒ අනාථයන් පිරිස අතරම උසස් තැනක් ලබාගන්නට හැකිවේවි කියන අරමුණම අසරණ අනාථ අදහසක් අරමුණක් නොවේද? සියල්ලෝම මේ ඇත්ත අවබෝධ කරගෙන ඒ අනාථ බවින් මිදීමට නොවේද කටයුතු කරගත යුත්තේ? අනාථයෙක් වෙලා දිගටම ඉන්නවද අනාථ බවින් මිදෙනවාද කියලා තීරණය ගන්න පුළුවන් වෙන්නේ තම තමන්ගේම නුවණ මෙහෙයවා විවෘතව සිතීමෙන් පමණයි.


ඉතින් මේ ඉහත කරුණු තුල අප දැනගත්තා සලායතන වගේම ඒවා‍ට හේතුවත්. ඒ විතරක් නෙවේ සලායතන නිරෝධ කල යුතු බව දැනගත්තා එය ශාන්ත ප්රනණීත බව දැනගත්තා. ඒ අනුව නිවනම ශාන්තයි ප්ර ණීතයි කියලාත් දැනගත්තා. සලායතන නිරෝධයක් ඇත්ද එය නිවනයි කියලාත් දැනගත්තා.

එහෙනම් ඒ සදහා වුවමනා කරන මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි කියලා තේරුම් අරගෙන හරියාකාරව මාර්ගය වඩන්න පටන්ගත්තා නම් සලායතන අවබෝධය සහ නිරෝධය තුලින් නිවන් අවබෝධය ලබාගෙන සැනසෙන්න අපට හැකිවෙනවා.

සලායතන මුල්කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන හැටි අපි වටහා ඕන. යම් කටයුත්තක් තේරුම් අරගෙන චතුරාර්ය සත්යතය ධර්මයට අනුකූලව විග්රනහ කරලා බලන්න පුළුවන් නම් ඒ ඒ කටයුත්ත තුලින් වැඩෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයමයි. එය මේ වන විටත් ඔබ දන්නවා. අවිද්යානව කියන කොටසෙදි තමයි මේ චතුරාර්ය සත්යු සිද්ධාන්තය පැහැදිලි කලේ “දුක, ‍දුකට හේතුව, දුක නිරෝධය, දුක නිරෝධ කිරීමේ මාර්ගය” ලෙසින්. එතැනින් පසු අප අවබෝධ කරගන්න උත්සාහ ගත් සංඛාර, විඤ්ඤාණ, නාම රූප යන කොටස් තුලින් චතුරාර්ය සත්යවය සිද්ධාන්තය යොදමින් ඒ ඒ කොටස් වල චතුරාර්ය සත්ය් අවබෝධ‍යෙන් නිවන් අවබෝධ කරගත හැකි අයරු පැහැදිලි කලා.

එහෙනම් සලායතන තේරුම් අරගෙන සලායතන වලට හේතුව තේරුම් අරගෙන එය නිරෝධ කල හැකි බව අවබෝද කරගෙන ඒ සලායතන වලින් මිදෙන්න මාර්ගය අනුගමනය කලා නම් සලායතන තුලින් චතුරාර්ය සත්යයය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගත් අයෙක් ලෙසට ඔබටත් මටත් පත්විය හැකියි.

ඒ සදහා සලායතන වල ආදීනව දකින්න ඕනෑ. සලායතන වලින් නික්මී යෑමේ ආනිශංසත් දකින්න ඕනේ. ඔබ දන්නවා සලායතන වල ආදීනව මොනවාද කියලා. හේතු ඵල දහමට අනුව තව තවත් සලායතන මතු බිහිකරමින් පැවැත්ම තුල දුකින් දුකට පත් කිරීමෙන් අනාථයෙන් අනාථයට ඔබවත් මමත් පත්කරන්න මේ සලායතන වලට පුළුවන්. එයින් මිදීමේ අනිශංසය නැත්නම් යහපත තමයි ශාන්ත ප්රමණීත නිවන් අවබෝධයත් මේ දුක්ඛිත සසර පැවැත්ම කෙලවර වීමත් මතුවට කයක් හදමින් දුකින් දුකට අනාථයෙන් අනාථයට පත්වීම නැතිකර දැමීමත් යන ඇත්තම වෙනස් නොවන සැපය වන නිවනින්ම සැනසෙන්නට හැකිවීම ආදිය.
මෙන්න මේ ආකාරයෙන් ආදීනව සහ ආශ්වාද නිතර සිහිකරමින් කටයුතු කලොත් තමන්ගේ ඉන්ද්රීනය 6 සලායතන බවට පත්වෙන අවස්ථාවන් වලදීම එය හදුනාගෙන නිරෝධ කල හැකියි. එතකොට තමයි සත්යියකට අනුකූලවම හිතලා කියලා සත්ය්යකට අනුකූලවම අනුගමනය කරලා සත්යාය ඵලයක් ලැබුවා වෙන්නේ. එසේ ලබන සත්ය්ය ඵලය කුමක්ද? සලායතන නිරෝධ කිරීමෙන් ලැබෙන්නා වූ ශාන්ත වූ ප්ර ණීත වූ නිවන. එය මෙලොවදීම අත්දකින දෙයක්. අන්න ඒ වැදගත් කරුණ හොදින් තේරුම් අරගෙන මේ මග අනුගමනය කරන්න. නිවන කියන්නේ මරණින් පසු තියෙන දෙයක් නෙවේ. එය ඔබට නොපමාව මේ මොහොතේම අත්විදිය හැකි දෙයක්. එය අවබෝධය ඉක්මනින් වෙන්නේ ඔබේ උත්සාහය මතයි. අමතක කරන්න එපා මේ අනන්ත සසර තුල අනන්ත ජීවිත ගණනාවක් තුල අප විසින් රැස්කරගෙන පැමිණ ඇති අහිතක කර ක්ලේශයන් බොහෝමයි. තවත් පමාවෙනවා කියන්නේ මරණයටම ලංවෙනවා මිසක් මරණයෙන් ඈතට යෑමක් නම් නෙවේ. තව තවත් අහිතකර කිරණ ගොඩ ගසා ගැනීමක්. සියලු දේ ශුද්ධ කරගෙන පිරිසිදු වෙලා පිවිතුරු වෙලා මේ මොහොතේම නිවන් දකින්න ඔබටත් මටත් පුළුවන්. එය තව පැය කීපයකින් කරගන්නත් පුළුවන් නැතිනම් හෙට දිනයේ නැතිනම් සුමානයකින් නැතිනම් මාසයකින් නැතිනම් අවුරුද්දකින් නැතිනම් මැරෙන්න මොහොතකට පෙර නැතිනම් මැරෙන මොහොතේත් පුළුවන්. නැතිනම් වෙනත් අත්බැවයක හෝ මතු බුදු වරයෙකු මුණගැසී ලෙසින් දිගින් දිගටම කෙලවරක් නැතිව අරගෙන යන්නත් ඔබටත් මටත් පුළුවන්. වඩාත්ම සුදුසු කුමක්ද කියලා තීරණය කරගත යුත්තේ ඔබම තමයි.

අප නැවත ‍පැවැත්මට හේතුවන හේතු නැතිකල යුතුයි. ඒ සදහා තමයි මේ ධර්මාවබෝධය ගෙන ආර්ය මාර්ගයේ ගමන්කොට එය පූර්ණ කරගන්න ඔබත් මමත් මේ වෑයම් කරන්නේ. ඒ වෙන කිසිම දෙයක් නිසා නොවේ මේ පැවැත්මේ අසාරත්වය දැනටමත් අව‍බෝධ වී තියෙන නිසාත් නිවන තරම් සැනසීමට පත්විය හැකි තැනක් තවත් නැහැ කියන අවබෝධය ලැබී ඇති නිසාත් නොවේද? අප මෙතෙක් අනන්ත සසර තුල කරපු දේවල් ඵල තමයි මේ විපාක ලෙසින් සැප දුක, ලාභ අලාභ, නින්දා ප්රවශංසා, යස අයස ලෙසින් අප වටකරගෙන තියෙන්නේ. ඉතින් ලැබිච්ච දේ වෙනස් කරන්න අපට පුළුවන් කමක් නැහැ. හේතුවට අනුව ලබාගත් ඵලය අප භුක්ති විදිය යුතුමයි. ඒත් මතුවට අනාගතයට ලැබෙන්න තියෙන ඵල නැතිකරගන්න පුළුවන් හේතු නැතිකරගැනීම තුලින්. මෙන්න‍ මේ මූලික ධර්ම කරුණු අවබෝධයෙන් තම තමන්ගේ විමුක්තියට කටයුතු කරගැනීමට සුදුසුයි කියලා ඔබටම වටහාගත හැකියි.


ඉතින් සලායතනයන්ගේ යථාර්ථය මෙසේ වටහාගන්නට ඕන. දැනගත්තාම අපිට තේරෙනවා. ඇහැ තියෙනවා රූප පේනවා බලන බලාපොරොත්තුවක් නැහැ. කණ තියෙනවා ශබ්ද ඇහෙනවා අහන බලාපොරොත්තුවක් නැහැ. ශබ්දය ඇහෙනවා ආයතන කරගෙන නැහැ ආයතන නිරෝධයි. කුමක් නිසාද? ‍මොනවා අහන්නද? මොනවා බලන්නද? කුමක් හොදයි කියලා බැදිලා රැදිලා ඉන්නද? මට අහන්න බලන්න තරම් වටිනා දෙයක් නැහැ. ආශ්වාදයෙන් බැදිලා රැදිලා අහන්න බලන්න දෙයක් නැත්නම් ඉතින් මට ‍ඒ පස්සේ මොනවට හොයන්න බලන්නද? මේ අදහස් තමයි එන්නේ. එහෙනම් කිසිම අවස්ථාවක ‍එහි බැදීමේ රැදීමේ බලාපොරොත්තුවක් එන්නේ නැහැ.

මෙන්න මේ ආකාරයෙන් ඡන්ද රාගයෙන් නිරෝධ වුණාද සලායතන පිලිබදව සලායතනයන්ගේ බැදීම එයින් කෙලවර වෙනවා අන්න ඒ නිරෝධ කරන්න නම් සලායතන අසාර බව දකින්න ඕනෙ. සලායතන සාරයි කියලා හිතාගෙන හිටියොත් මොකද වෙන්නේ? ඇස, කණ, දිව, නාසය, ශරීරය සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය ලබාදෙන යම් වැඩපිලිවෙලක් ඇත්ද ඒ තුල නිතර හසුරුවන්න හිතෙනවා. එහෙනම් අපි ඉන්නේ අවිවේකීව. අපිට විවේක නිශ්ශ්රියත තත්වයක් නැහැ. රාගිකව ඉන්නේ විරාග නැහැ. සැරිසර‍මින් ඉන්නේ නිරෝධ නැහැ. ඒවාගේම සංසග්ගයෙන් ඉන්නේ වොස්සග්ග නැහැ. එහෙනම් මේ මාර්ගය වඩන විට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා විවේක නිශ්ශ්රිැතයි, විරාග නිශ්ශ්රි තයි, නිරෝධ නිශ්ශ්රිසතයි, වොස්සග්ග පරිණාමීයි කියලා සතර ආකාරයෙන් යුක්තවූ මේ මග වඩන්න කියලා. එහෙනම් මේ සතර ආකාරයෙන් මේ මග වඩාගන්න අපට හැකියාව තියෙන්නේ ඕන.

ඒ ආකාරයෙන් තේරුම් ගත්තා නම් අපට පුළුවන් කම ලැබෙනවා සලායතනත්, සලායතන වලට හේතුවත්, සලායතන නිරෝධයත්, සලායතන නිරෝධ මාර්ගයත් ‍තෝරගෙන ඒ තුලින් නිවන් මග පූර්ණ කරගන්න. අපි බලාපොරොත්තු වන්න ඕන මේ ආකාරයෙන් සලායතනයන්ගේ ස්වභාවය මෙසේ වටහාගෙන එකින් එකට හැදෙන ආකාරය වටහා ගෙන එයින් මිදෙන ආකාරය වටහාගෙන ඒ මාර්ගය මෙසේ අනුගමනය කරලා මිදෙන්න.

අවසාන වශයෙන් යලිත් උපමාවක් වශයෙන් ගෙන බලමු අවබෝධය තවත් ස්ථිර කරගැනීමට.
ඇස තියෙනවා, රූප පෙනෙනවා අපිට අවශ්යි නැත්නම් යම් කිසි රූපයක් ප්රිැයයි, මනාපයි යහපතයි කියලා එහෙනම නිගමනයක් කරන්න දෙයක් එතැන නොතිබුණා නම් අපේ ඇහැ ඒවාට ආයතනයක් වෙලා නැහැ නේද?
මෙහෙම හිතන්න ඔබ නිවසේ සිට රාජකාරී ස්ථානයට දිනපතා යන අයෙක් නම්... නැතිනම් නිවසේ සිට පාසලට යන අයෙක් නම්... නැතිනම් නිවසේ සිට වෙලද සැලට යන අයෙක් නම්... මදක් හිතන්න ඔබ යන්නේ එකම මාර්ගයකයි කියලා ඒ අදලා ස්ථානයට. මෙය වඩාත් පහසුයි ඔබ නිතරම භාවිතා කරන මාර්ගයක් ගැන ඔබම සිතාගන්වා නම්.
ඉතින් මේ විදියට දිනපතා ඒ මග යන අපට නොයෙක් නොයෙක් දේ පේනවා, ඇහෙනවා, ගන්ධයන් දැනෙනවා, ඒ මග තියෙන කෑම කඩයකින් නිතරම කෑම ගන්නවා නම් රසයත් දැනෙනවා කියලා හිතන්නකෝ, නොයෙක් නොයෙක් ස්පර්ශයන් දැනෙනවා හරියට මුහුදක් අයිනෙන් නම් යන්නේ ඒ මුහුදු හුලග වෙනස් විදියට දැනෙනවා‍ වගේ කියලා හිතන්නකෝ නැත්නම් හැමදාම ඒ මාර්ගයේ තියෙන යම් දෙයක් ස්පර්ශ කරගෙන යනවා කියලා හිතන්නකෝ ඒ විතරක් නෙවේ මේ මාර්ගයේ යන විට මේ සියල්ල දැනෙන බව මනසටත් දැනෙනවා. කොහොම හරි නිතර යන මාර්ගයේ දිනපතා අත්දකින පොදු දේවල් ගොඩාක් තියෙනවා ඔබ ඔබේ ඉන්ද්රී්ය 6 මෙහෙයවන. ඉතින් දැන් හොදට මතක් කරලා බලන්න ඔබ යන මාර්ගයේ ඔබට සෑම තණකොට ගහක්ම මතකද කියලා? නැත්නම් පා‍ර දෙපැත්තේ කඩ කීයක් තියෙනවාද ඒවායේ තියෙන බඩු මොනවද ඉන්නේ කව්ද කියලා වගේ සුළු සුළු දේවල් ඔබට මතකද කියලා මතක් කරලා බලන්න. මම හිතනවා ඒ මාර්ගයේ තියෙන බොහෝම කොටස් ඔබට මතක නැතිව ඇති කියලා. ඇයි එහෙම නොවුනේ? ඔබ නිතරම දිනපතාම ගමන් කරන මාර්ගයේ බොහෝම කොටස් ඔබට මතක නැහැ. හැබැයි කථාවට කියනවා “මට ඇස් පියාගෙනත් යන්න පුළුවන්” කියලා එහෙම නේද? කො‍හොමවෙතත් බොහෝ දේවල් මතකයේ රැදිලා නැතිවීමටත් සමහරක් දේවල් මතකයේ රැදෙන්නත් හේතුව ඔබ දැනටමත් දන්නවා.
ඇස තිබුනත් රූප පෙනුනත් අපට අවශ්යේ නැති දේවල් බලන්න ඒවා සමග බැදිලා ඇස ආයතනයක් කරගන්න උත්සාහ කරලා නැහැ නේද? කණ තිබුනත් ශබ්ද ඇසුනත් අපට අවශ්ය් නැති දේවල් අහන්න ඒවා සමග බැදිලා කණ ආයතනයක් කරගන්න උත්සාහ කරලා නැහැ නේද?
ඔබ යන මාර්ගයේ කුණු ගොඩක් තියෙනවා කියලා හිතන්න. ඒ හරිය බොහෝම දුර්ගන්ධයෙන් යුක්තයි. ඔබ ඔබේ නාසය ඒ දුර්ගන්ධයට විරුද්ධව කටයුතු කරන වැඩපිලිවෙලට ආයතනයක් කරගෙන ඉන්න නිසා ඒ කුණු ‍ගොඩ ඇති ප්රමදේශයට ලගා වෙනකොටම ඔබ දන්නවා දුර්ගන්ධයක් එන්න යන්නේ දැන් නාසය වසාගත යුතුයි කියලා. ඒ විතරක්ද ඔන්න මේ දිනපතා යන මාර්ගයේ දවසක් ඔබට දකින්නට ලැබෙනවා ඔබ බොහෝම ප්රිකය කරන සුන්දර නිළියක් නැතිනම් කඩවසම් නලුවෙක් දැන් ඒ ස්ථානය පසු කරන සැම දිනම ඔබට මතකයක් එනවා නේද ඒ තැන අසවල් දවසේ අසවල් වෙලාවේ අසවල් පුද්ගලයා හිටියා කියලා ඒ අනුව වින්දනයකුත් ලබනවා නේද? මෙන්න මේ වගේ තමයි අප අපේ ඉන්ද්රී්ය 6ට නිකම්ම නිකම් ඉන්ද්රීනය 6 විදියට තියෙන්න දෙන්නේ නැතුව නොයෙක් නොයෙක් දේ වලට ආයතන කරගෙන තියෙන්නේ. මේ විදියට සලායතන කොහොමද නාමරූප නිසා ඇතිවෙන්නේ... නාම රූප සමග යෙදෙන්නේ... නාම රූප සමග එකිනෙකට සම්බන්ධ වෙන්නේ කියන එකත් ඔබට මේ තුලින්ම අවබෝධයක් නැවත ලබාගැනීමට හැකිවෙනවා.

මේ විදියට වුවමනායි කියලා නිගමනය කරලා බැදිලා රැදිලා එකතු කරගෙන ආයතන 6ක් ඇති කරගන්නත්... වුවමනා නැති වැදගත් නැහැයි කියලා නිගමනය කරපු අකමැති දේ අරගන්නේ නැතිව හිතේ බැදිලා රැදිලා තියාගන්නේ නැතිව එකතු වෙලා වැඩකරන්න ස්ථානයක් විදියට තෝරගෙන නැතිවෙන්නත් අප කටයුතු කරනවා. ආයස්ථානයක් නැත්නම් ආයතනයක් කරගෙන නැතිව ඉන්නත් ආයතන කරගන්නත් කටයුතු කරනවා. ඇස, කණ, දිව, නාසය, ශරීරය සහ මන යන 6ම අප ආයතන කරගන්නේ යම් කිසි වැඩකට යොදවන්නේ ඒවා වටිනවා කියලා හිතක් එනවා නම් ඒ හේතුවෙනුයි. වටිනවා කියලා හිතක් අපට එන්නේ නැත්නම් අප කවදාවත් ඒ පස්සේ හඹායන්නේ නැහැ. එහෙනම් අප දැනගන්න ඕන වටිනවා කියලා අපට හැගීමක් එනවා නම් ඒ පසුපස අප හඹායන්නේ නොවටිනවා කියලා දැනගත්තා නම් කිසිවක් අප ඒ පසුපස හඹායන සිරිතක් නැහැ. එහෙනම් ඇස, කණ, දිව, නාසය, ශරීරය යම් යම් ආයතන බවට පත්කරන්න හේතුව අප තුලින් නැතිවෙලා යන්නේ අසාර ලෝකය තුල මොනවා බලාපොරොත්තුවෙන් සැරිසරන්නද කියන මේ අවබෝධය ලැබෙන විටයි. එහෙනම් ඒ කියන්නා වූ සලායතන නිරෝධ කරලා අප බලාපොරොත්තු වෙමු අප බලපොරොත්තු වන ඒ උතුම් නිවන් ශාන්තිය ලබාගන්නට. ඒ උතුම් නිවන් ශාන්තිය අපට මෙන්ම අනන්ත ලෝක සත්වයින්ටද ලැබේවායි කියලා අධිෂ්ඨාන කරමු. ඔබ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා! උත්තරීතර නිවනින්ම සුවපත්වෙත්වා!

No comments: