නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, January 31, 2011

අපි ගිලින ඇමේ තරම... (1 කොටස)


මාළුවා 1: 
අම්මෝ! මම නම් අර බිලී කොකු වලට කැමතිම නෑ... ඒවා හරියට රිදෙනවලු... අයියෝ පැටලුනාම තියෙන වේදනාව... මම දැකලා තියෙනවා ඒවා පැටුලන අය විදින දුක... ආයෙත් නම් මං ඒ බිලී කොකු පැත්තටවත් යන්නේ නෑ...
මාළුවා 2: 
ඒක තමයි... පුදුම දුකක් තමයි විදින්නේ... අපේ කට්ටිය මොකට ඕවා කනවද මන්දා... කොච්චර කිව්වත් අහන්නේ නැහැනේ...
 
ටික වෙලාවකට පසුව...
මාළුවා 1: 
ෂාහ්! මේ බලන්න... මරු කෑමක් ඇවිත්... මේ ජාතියේ ඒවා කෑවම පුදුම ශක්තියක් ලැබෙන්නේ... රස නහර පීනලා යනවා... ම්ම්ම්ම්... අපිට මරු චාන්ස් එකක් සෙට් වුණේ නේද?
මාළුවා 2:
අප්පා! නියමයිනේන්නං... හිහිහි... ඔය ජාතියේ පණුවෝ මේ පැත්තෙම නෑ... අපිට අද දිව්‍ය භෝජනයක් හම්බුණා වගේ... කමු කමු... තවත් මොකටද බලාගෙන ඉන්නේ? 
දුක්ඛිත අවසානය!!!
 
එතකොට සංසාරේ අපි?

පුද්ගලයා 1:  
අම්මෝ! මේ සංසාරේ හරිම දුකයි... මම නම් දුකට කැමතිම නෑ... කොච්චර වේදනයිද? සැනසීමක් ඇත්තේම නෑ... මට නම් දුක එපා... මේ දුකත් එක්ක නම් ඉපදෙන්න නොවේවා!
පුද්ගලයා 2:  

ඒක තමයි... පුදුම දුකක්නේ.. බුදු හාමුදුරුවෝ කිව්වේ ඇත්ත... අනේ මන්දා අපි මොකට මේ සසරේ ඉන්නවද කියලා... මෙච්චර දුකක් මොකට විදින්න වුණාද මන්දා... මගේ නං ඉතින් කියන්න තරම් විශේෂ ආශාවකුත් නැහැනේ... මං ලග ඔය තණ්හාව නැහැ... ඒත් හැබැයි තාමත් දුකයි... මොනවා කරන්නද ඉතින් ඉපදුනා නම් මේ දුක විදින්නත් එපැයි නේද? ආයෙත් නම් මේ දුක නොවේවා!

ටික වෙලාවකට පසුව...
පුද්ගලයා1: 
ෂාහ්! මේ බලන්න... මරුනේ!... මාර ලස්සනයි... කොහොමද සද්දේ? ම්ම්... සුවඳත් කියලා වැඩක් නෑ... පුදුම සනීපයක්නේ තියෙන්නේ... ඔන්න රස නම් ඔහොම වෙන්න ඕන... මෙහෙමත් සැපක්... ආයේ ආයේ ලැබේවා!
පුද්ගලයා2: 

අප්පා! නියමයිනේන්නං... හිහිහි... ඔයා කිව්වේ ඇත්ත... මගේ ඇස් පින් කරලා තියෙන්නේ ඕන මේවා දකින්න... මේ කන් දෙක කොච්චර වාසනාවන්තද? අනේ මගේ මේ නහයට මල් තියලා වඳින්න හිතෙනවා... මේවා නැති ජීවිතයක් මොකටද අප්පා... මේ මතකයම ඇති මට සැනසීමක් ලබන්න... අම්මේ තියෙන සැප... නැවත නැවත මේ වගේ සුවයක් සැපයක්ම ලැබේවා!!



අවසානය දුක්ඛිතයි!!!
මාළුවා ඇම ගිලින තාක් බිලී කොකුවත් ඒ ඇම එක්කම ගිලෙනවා... මිනිසුන් ආශ්වාදය පසුපස හඹායන තාක් දුක කියන එකත් අවසානයක් නැතිවම ලැබෙනවා... ඉතින් දුක එපෝ එපෝ කිව්වාට පලා නොයයි... පංච ඉන්ද්‍රීය පිනවන්නේ යම් තාක්ද ඒ ආශ්වාද බලාපොරොත්තුව ඔබ තුල ඇත්තේ යම්තාක්ද දුකත් ඔබත් සමග පවතීවි. දුක දුකක් විදියට දැකීම සියලු දෙනාටම කල හැක්කකි... එයට මහා ප්‍රඥාවක් අවශ්‍ය නොවේ... ඒත් ආශ්වාදය ආශ්වාදය ලෙසින් දැක ඒ සමග ඔබ නිරායාසයෙන්ම නොදැනම පත්වන දුක නුවණින් දකින්නේ යම් දිනකද එදිනට ඔබ දුකත්, දුකට හේතුවත්, දුකෙන් මිදීමත්, දුකින් මිදීමේ මාර්ගයත් නිරායාසයෙන්ම හදුනාගත්ත සැබෑම නුවණැත්තෙකි! 
මාළුවා දැනගත්ත දවසට ඇම පසුපස එන සැබෑම විනාශය ගැන එදාට නම් ඇම දාලා මාලු අල්ලන්න හම්බවෙන්නේ නෑ...
ඒ වගේමයි යම් නුවණැත්තෙක් ධර්මය තුලින් මේ ආශ්වාදය නැමැති ඇම තමාව විනාශයට පත්කොට දුකට ඇදදමන අයුරු නුවණින් දුටු දින පටන් ආශ්වාදය නම් ඇම ගිලින්නේ නැතිව පිනවීමේ මුලාවෙන් මිදී සැබෑ සතුට හිමි කරගන්නට නොපමවා කටයුතු කරනවා...
 සියලු ලෝක සියලු සත්වයෝ නිවී සැනසෙත්වා!!!

No comments: