Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, December 14, 2012

Jati (Birth)

Previous article described about how “becoming” happens. So this article is about how “Jati / Birth” happens because of becoming. In dhamma “Jati / Birth” described as below. 

"And what is birth? Whatever birth, taking birth, descent, coming-to-be, coming-forth, appearance of aggregates & acquisition of [sense] spheres of the various beings in this or that group of a being that is called birth." 

So what exactly is “Jati / Birth?” 

Yes as we all know birth is commonly identify when someone or something first arise to this world. Birth of a child or animal commonly identify as birth. But is that so? Is birth limited only for beings? 

In Pali canon there is a piece of dhamma available which described what subject to “Birth” can be. The sutta is call Ariyapariyesana Sutta: The Noble Search. 

“And what may be said to be subject to birth? Spouses & children are subject to birth. Men & women slaves... goats & sheep... fowl & pigs... elephants, cattle, horses, & mares... gold & silver are subject to birth. Subject to birth are these acquisitions, and one who is tied to them, infatuated with them, who has totally fallen for them, being subject to birth, seeks what is likewise subject to birth.” 

So in simple words not only living beings are subject to birth. All those natural & material things are also subject to birth. And as long as we are attached to these animals, beings, natural & material things we also subject to birth. As long as we are attached to these things we are looking for the things which are subject to birth. 

The entire 12 object in dependent origination are subject to everything in this world. But most of the time this is fact we easily forget too. We believe the dependent origination / cause & effect theory is only for living beings only. But if you read the whole set of articles about dependent origination I clearly pointed out how it is common to everything in this world. 

And also I always tried to point out that there is a dependent origination happen each second of our lives and how it is continuing to give the next birth and the endless existence in this universe. 

As a fact most of us says we rebirth in every second in our life. But most of us really don’t understand what this all about is. Actually this is the birth which we should understand clearly to cease the existence & suffering. In previous article we discuss about how “becoming”. When one becomes to someone the birth of that someone is the effect which we notice from the outside. 

As an example if a person keeps continuing doing evil things we identify that person as an evil person. So he used his mind, body & words for the evil because he / she become a person who like & attach to evil things. The result is he / she is giving a birth to an evil person. Because of his / her actions & words the outsiders also recognize him / her as an evil person. 

Think about a moment which you really get angry. Your whole actions, words & minds act accordingly and give an angry man / angry woman expression to the outside. Your body also changes accordingly. So those who looking at you at that time will say; “Look at you, you are like a demon, look at you, you are like an angry animal” etc… as soon as you calm down your “angry man / angry woman” life is dead. And you are a new born as a calm person. 
Likewise we build characteristics in our life. In another way we build lots of personalities / status in our lives. The one personality or one status you build most is normally becomes your personality in the society. 



As an example; 

You use your mind, body & words to do good things. You donate, you volunteer to the social activities etc. And you are recognized as a good person who do lot of merit full things. But still you sometimes get angry and you may sometimes do wrong evil things… etc. But mostly you are into the personality which you attached most is that basically you are a good person. 

I said in earlier article too, that do not become someone instead we should try to become no one. And also said that doesn’t matter how world sees us only matter is how our mind works with the attachments. 

Samma Sambuddha always said “Look in to our own self”. This is what we should do. Understand and realize our own self. Dhamma says that there is no one calls “I”. But still we feels someone call “I”. Why is that? 

That’s because we keep becoming someone and we give birth to someone in each second of our lives. And that is what we identify as “I”. When we understand / realize the dependent origination theory, we are able to see this process which happens in our life. And that’s how when one become a stream – enter (a noble sowan person) the belief in a self (sakkāya-diṭṭhi) is removing from the mind. After that, the given value to the world & self also reducing from a huge amount and that’s how mind gets clearer & clearer in each step which we grows in dhamma. 

Everything exist in this world are subject to birth. That’s how they are subject to dependent origination / the cause & effect theory. That’s why everything in this world changes, that’s why everything in this world has the quality of impermanence, change & uselessness. 

Hope with the 12th factor’s explanation you will get clearer idea about this connect of dependent origination & how everything exists in this world gets the quality of impermanence. 

So be aware, the mindfulness is all about how you aware of your own self. Wisdom is all about how you realize the meaninglessness in this illusion. Everything appears to this world and keeps changing & at the end death, destruction happens. This whole process we see as a meaningful thing and keep attracting the pleasure we get through it. But at the end the pleasure we seek also have the same quality. It’s also another birth which happened because of another reason. And lasted for few seconds and destroyed us unknowingly. It’s all up to your own self, to realize these things and get rid of suffering. I only can share the path to realization from the level I realize things. 

May triple gem bless you all the beings in this universe for the very best! 

ජාති

පෙර ලිපිය තුල උපාදාන හේතුවෙන් භවයට පත්වන අයුරු අපි විස්තර විග්‍රහ කරලා ගත්තා. දැන් භව පච්චයා ජාති හෙවත් භව හේතුකොටගෙන ජාති හටගන්නා ආකාරය විස්තර කරගන්නට තමයි මේ ලිපිය තුලින් උත්සාහ කරන්නේ. 

ඉතින් ත්‍රිපිඨක ධර්මය තුල මෙසේ තියෙනවා. 

“තත්ථ කතමා භව පච්චයා ජාති: යා තෙසං තෙසං ධම්මානං ජාති සඤ්ජාති නිබ්බත්ති අභිනිබ්බත්ති පාතුභාවො, අයං වුච්චති භව පච්චයා ජාති.“ 

“එහි භව ප්‍රත්‍ය යෙන් ජාති කවරෙ යත්: ඒ ඒ ධර්මයන්ගේ යම් ඉපැද්මෙක් මොනොවට ඉපැද්මෙක් නිපැද්මෙක් වෙසෙසින් නිපැද්මෙක් පහළවීමෙක් වේද, මේ භව ප්‍රත්‍යයෙන් ජාති යයි කියනු ලැබේ.“ 

මේ තියෙන්නේ භව ප්‍රත්‍යයෙන් ජාති පහළවීම කියන්නේ මොකක්ද කියලා ත්‍රිපිඨක ධර්මය තුල පැහැදිලි කරලා තියෙන එක්තරා කොටසක්. ඉතින් මේ ජාති කියන්නේ මොනවද කියලා මුලින්ම තෝරගන්න එපැයි නේද? 

කට්ටියක් ජාති කියන්නේ ඉපදීමට කියනවා, තවත් කට්ටියක් නොයෙක් නොයෙක් ආගම් ජාති, කුලමල ජාති වගේ දේවල් ගැන කථා කරනවා, තවත් පිරිස් නොයෙක් නොයෙක් ජාතියේ සත්තු ගැන කථා කරනවා, තවත් පිරිසක් නොයෙක් ජාතියේ බඩු භාණ්ඩාදිය ගැන කථා කරනවා... දැන් ඉතින් මේ භව හේතුවෙන් ඇතිවන ජාති මේ අතරින් කුමන ජාතියද කියලා ගැටලුවක් එහෙම එනවද? ඔව්නේ මට නම් ආවා. ඒ නිසාම ඒක නිසි ලෙසින් තෝරගන්නටත් හැකිවුණා. ප්‍රශ්ණයක් නැතිනම් අපි පිළිතුරු හොයන්නේ නෑනේ නේද? ඉතින් මේ ගැටලුව ඔබටත් තියෙනවා නම් අපි හැකි අයුරින් එය තෝරා බේරා ගනිමු. 

ත්‍රිපිඨක සත්ධර්මය තුල මජ්ඣිම නිකායට අදාල “අරියපරියේසන“ නම් සූත්‍ර දේශනාව තුල මෙන්න මෙහෙම විස්තරයක් තියෙනවා. 
මෙහි දීලා තියෙන සිංහල අර්ථය මෙසේයි... 
සරලව කිව්වොත් මේ කොටස තුල බුදු හිමියන් විසින් “ජාති ධර්ම“ කියන්නේ මොනවද කියලා පෙන්නලා දීලා තියෙනවා. දරුවෝ දැසි දාසයෝ ආදී පුද්ගලයින්, එළුබැටළුවෝ කුකුළන් ඌරන් ආදී සතුන්, රන් රිදී ආදී ද්‍රව්‍ය වස්තු ජාති ධර්ම වශයෙන් පෙන්වා දී තිබෙනවා. මෙන්න මේවගේ ජාති ධර්මයන්ට තණ්හාවෙන් ඇලී බැදී සිටින තාක් ඔබත් මමත් ජාතිය ස්වභාව කොට ඉන්නවා කියලාත් කියනවා. ඒ විතරක් නෙවේ එසේ ජාතියක් ස්වභාව කරගෙන ඉන්නාතාක් මේ වගේ ජාති ධර්මයක් සොයනවා කියලාත් කියනවා. 

දැන් ඉතින් කාරණය පැහැදිලියි. පටිච්ච සමුප්පාදයේ අනෙක් හැම අංගයක්ම වගේ මේ අංගයත් මේ මිනිසුන් ලෙසින් පිලිගන්න අපිට විතරක් උරුම දෙයක් නෙවේ. අපි ඇලෙන ගැටෙන සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වසතු ලෙසින් දෘෂ්ඨි අරගත්ත අනෙක් සෑම සියලු දෙයකටමත් මෙය පොදුයි. එය එසේ විය යුතුයිනේ මන්ද මේ හේතු ඵල දහමයි. විශ්වයේම පැවැත්ම තියෙන්නේ මේ ධර්මතාවය මතයි. 

ඉතින් මම මේ ලිපි තුල හරහා ඔබට බොහෝ විට කියන්නට උත්සාහගත්ත කරුණක් තමයි මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල ඒ කියන්නේ ඒ ඒ මොහොතේ අපි තුල පටිච්ච සමුප්පාද ධර්මය ක්‍රියාත්මක වීම තුලින් අපි දුකට පත්වෙන ආකාරයත් ඒ කටයුතු නිසා කොහොමද අපගේ පැවැත්ම තහවුරු වෙමින් නැවත නැවත උපතක් සිද්ධ වෙන්නේ කියන කාරණා 2ක් ඇතිබව. 

ඉතින් අපිට ඕනෑම මොහොතක මේ අත්බැවය තුලම නිවන අවබෝධ කරගන්නට හැකිවෙනවා කියන්නේ මෙන්න මේ ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාදය හෙවත් මේ වෙලාවේ අප තුල සිද්ධ වෙන් සිද්ධිය තේරුම් ගෙන එය නිරෝධකිරීම තුලිනුයි. ඒකේ ඵලය තමයි නැවත පැවැත්මට පත්වෙන්නේ නැතිබව. හරියටම පෙර අත්බැව් තුල දිගින් දිගටම හේතු හදපු නිසා දැන් මේ විදියට විපාක ඵලයක් වෙලා ඉන්නවා වගේ. තවත් විදියකින් කියනවා නම් දැන් මේ ඉන්නේ පත්තු වෙමින් ගිනි ගෙන දැවෙන ජාතියක් පහල කරගෙනයි. මෙන්න මේ පත්තුවෙන්න ගිනිගන්න තියෙන හේතු ටික නැති කලාම මොකද වෙන්නේ? ගිනි ගන්න එක පත්තු වෙන එක නවතිනවා. ඒක අපි නිවීම කියලා හඳුන්වනවා. අර අපි එච්චරකල් පහල කරගෙන හිටිය ගිනි ගෙන දැවෙන ජාතියේ අවසානය හෙවත් මරණය සිද්ධ වෙනවා. 

මේ ගැන පොඩ්ඩක් කථා කරලා වටහාගන්නට උත්සාහ ගනිමුකෝ. මම පෙර ලිපියෙත් පෙන්වා දුන්න නොයෙක් නොයෙක් බවයන්ට පත්වෙන අපි කොහොමද නැවත ඒ ඒ හේතුවට අනුව අත්බැවයන් ලබන්නේ කියලා. තවත් ආකාරයකට කියනවා නම් නැවත ඉපදීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා පෙන්නලා දුන්නා. 

තිරිසන් බවට කැමැත්තෙන් බැඳුනොත් තිරිසන් සතෙක් වෙලා තිරිසන් අපාගත උපතක් ලැබෙනවා කියලා කිව්ව මතක ඇතිනේ නේද? අන්න ඒ වගේ සිද්ධීන් තමයි මේ බර වචනයකින් කියන්නේ “භව පච්චයා ජාති“ හෙවත් භව ප්‍රත්‍යයෙන් ජාති පහළවීම සිද්ධ වෙනවා කියලා. 

මෙහෙම හිතලා බලන්නකෝ. අපිට හිත හොඳටම දූෂ්‍ය වෙලා හොඳටම තරහාගියාම... ඒ කියන්නේ අර යක්ෂයා ඇවිස්සිලා ඉන්න වෙලාවක් කියලා හිතන්නකෝ. එතකොට අපි දීහා බලාගෙන ඉන්න අය මොකද කියන්නේ? “අපෝ මෙයාගේ හැටි විතරක් යකෙක් වගේ“ කියනවා නේද? ඒ අය කොහොමද අපිට “යකෙක් වගේ“ කියලා කිව්වේ. “යකෙක් වගේ“ කියන්නේ අපේ බාහිර රූපය බාහිරයට ඒ මොහොතේ දිස්වෙලා තියෙන්නේ යක්ෂ රූපයක් වගේ. ඒ කියන්නේ බාහිර කෙනෙකුට පේන්නම අපේ රූපය වෙනස් වෙලා තියෙනවා. එහෙම නේද?

මේ කියන්නේ දැඩි තරහක් නිසා දූෂ්‍ය වෙච්ච අපේ සිත ක්‍රියාත්මක වෙලා කියපු කරපු දේවල් තුලින් ගොඩනගපු එසේත් නැතිනම් උපද්දපු වෙනස්ම ආකාරයේ රූපයක් පිළිබඳවයි. තරහා බවට පත්වෙච්ච නිසා යක්ෂ ජාතියක් බාහිරයට විද්‍යාමාන වුණා කියලා කිව්වත් නිවැරදියි. 

තවත් වෙලාවක පරුෂ වචන කියමින් කෑගහන කොට බැනගන්නකොට කියනවා නේද බල්ලෙක් වගේ බුරන්නේ නැතිව ඉන්නවා කියලා. මේ වගේ ඒ ඒ අවස්ථාවට අනුව අපි මේ දේවල් කියන්නේ ඒ ඒ අවස්ථා වලදී අපි දකින රූපය අර කියන අත්බැවයන්ට සමානකමක් දක්වන නිසයි. 
දැන් හොඳින් හිතලා තේරුම්ගන්න උත්සාහ කල යුතුයි. යමකට ඇලෙන මොහොතක් පාසා යමකට ගැටෙන මොහොතක් පාසා අපි ඒ ඒ බවයට පත්වෙමින් ජාති පහල කරනවා. කෙටියෙන් කියනවා නම් මැරී මැරී ඉපදෙනවා කියලා කිව්වොත් හරි. 

මේ දේ සිද්ධ වෙන්නේ අපිට විතරක් නොවේ. අපි ඇලෙන සෑම සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තුවකම මේ ස්වභාවය තියෙනවා. ඒ විස්තරය තමයි මම අර ඉහතින් දැම්මේ බුදු හිමියන් විසින්ම පෙන්වා දී තියෙනවා ජාතිය ස්වභාවයක් කරගත්ත මේ අපි ජාතියක් ස්වභාවය කරගත්ත දේවල්ම සොයනවා කියලා. 

හිතලා බලන්න ඔබේ ගෙදර ඉන්න ඔබ ඇලීමෙන් ඉන්න ඔබේ පිරිස ගැන, සුරතල් සතුන් ගැන, ඔබ ඔය පාවිච්චි කරන පරිඝණකය නැතිනම් වෙනත් ඔබ ආශා කරන වස්තු ගැන. මේ සෑම දෙයක්ම මොහොතින් මොහොත නැවත නැවත ඉපදෙනවා. ඔබ ගෙදරට ගෙනාපු අලුත්ම පරිඝණකය නෙවේ දැන් ඔබ ලඟ තියෙන්නේ. ඒකේ වර්ණය වෙනස් වෙලා ක්‍රියාකාරිත්වය වෙනස් වෙලා අලුත් බව නැතිව ගිහින් වෙනත්ම වර්ගයක පරිඝණයක් වෙලා තියෙනවා. ඔබ දන්නේවත් නැතිව ඔබටත් හොරා ඔබේ පරිඝණකය දැන් වෙනස්ම කෙනෙක් විදියට උපත ලබලා. ඒත් ඔබ සිතාගෙන ඉන්නවා ඔය තියන්නේ මෙච්චර කාලයකට කලින් ගත්ත පරිඝණකයනේ කියලා. දැන් ඒ සිතිවිල්ල නිසාම ඔබ ඇලෙනවා ගැටෙනවා කම්පා වෙනවා. 

පරිඝණකයකට ඇලීමක් ඇතිකරගත්ත ජාතියේ කෙනෙක් බවට ඔබ පත්වෙච්ච නිසා තමයි ඔබට ඔය සියලුම ගැටීම් කම්පා වීම් දුක්කරදර රැසක් එන්නේ.  මේ අනුව ඔබ මොහොතින් මොහොත පත්වෙන ජාති හිතලා බලන්නකෝ. 

කෑමකට ඇලෙන කොට - කෑමකට ඇලිච්ච ජාතියේ කෙනෙක් වෙනවා. තවත් ආකාරයකට කියනවා නම් කෑමකට ඇලිච්ච මම පහල වෙනවා.  වෙනත් පුද්ගල රූපයකට ඇලුනොත් - උදාහරණයක් විදියට “මගේ අම්මා“ කියලා කාන්තා රූපයකට ඇලීමක් ඇතිකරගන්න ජාතියට පත්වෙනවා කියලා කියන්නේ මොකක්ද? දරුවා කියන ජාතිය පහල වීමක් තමයි එතැන සිද්ධ වෙලා තියෙන්නේ. හොඳ දරුවෙක් නරක දරුවෙක් විදියට නොයෙක් ජාතියේ වර්ග කිරීම් ඒ ඒ පුද්ගලයාගේ කරන කියන දේ අනුව බාහිරයට දිස්වෙන ආකාරයට එය ඇසුරු කරන තවත් අය සිද්ධ කරනවා.  

අවුල තියෙන්නේ බාහිරයට රූපය දිස්වීම නෙවේ. තමන් තුල ඇතිවන ක්‍රියාකාරිත්වය මතයි. ඒ කියන්නේ ධර්මාවබෝධයට පත්වෙච්ච කෙනෙකුත් ඒ කියන්නේ මේ හේතු ඵල දහම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුත් යුතුකම් දන්න හොඳ දරුවෙක් කියලා බාහිර ලෝකය හඳුනාගනීවි. ඒත් ඒ පුද්ගලයා ඒ යුතුකම කරන්නේ ඇලීමකින් තොරව නම් ඒ කියන්නේ කැමැත්තෙන් බැඳී හෝ අකමැත්තෙන් ගැටී නොවේ නම් එයාට පැවැත්මට හේතුවෙන ආකාරයේ වැඩපිලිවෙලක් එතැන ක්‍රියාත්මක වෙන්නේ නෑ. තවත් ආකාරයකින් කියනවා නම් ඒ පුද්ගලයා ඇත්තටම තමන්ගේ සිත තුල දරුවා කියන ජාතිය පහල වෙච්ච ඒ හැඟීමෙන් ඇලීමෙන් බැඳීමෙන් ගැටීමෙන් කටයුතු කරන කෙනෙක් නෙවේ. 
අන්න ඒ නිසා තමයි බාහිරයට තමන් කොහොම පෙනුනත් බාහිර ලෝකය තමන්ව මොන ආකාරයකට වර්ග කලත් තමන්ගේ නිවී සැනසීමට අදාල වෙන්නේ තමන් විසින් තමන්ව තේරුම්ගන්න තරමටයි. 

ඔබ කිසිවෙකුත් නොවන විට තවත් බොහෝ අයට පමණක් නොවේ ඔබටත් ඔබෙන් යහපත සිද්ධ වේවි. 
තමන් ගැන සැලකිල්ලෙන් සිහියෙන් ඉන්නකොට පුළුවන් කමක් ලැබෙනවා තමන් මේ පත්වෙන ජාති ගැන අවබෝධයක් ලබන්නට... මම කියලා පැවැතගෙන එන කෙනෙක්වත් මම කියලා අනාගතයට යන කෙනෙක්වත් ලෙසින් සංඥා ගන්නේ නැතිව මම කියන මේ හේතු ඵල දහමට අනුව සිද්ධ වෙන තවත් එක් අවස්ථා සමූහයක් විතරයි කියලා වටහාගන්නට හැකිවෙනවා. මේ අවබෝධය පූර්ණයට පත්වීම නිවීම ලෙසින් හඳුන්වනවා. 

ජාතිය කුමක්ද කියලා අවබෝධ කරගන්න මොහොතේම ජාතිය පහළවිමට හේතුවත් එය නිරෝධයත් එය නිරෝධ කරන ක්‍රමයත් තමන්ට අවබෝධවෙනවා. චතුරාර්ය සත්‍ය ජාතිය තුලින් දැකීම තමයි ඒ සිද්ධ වෙන්නේ. සිත, කය, වචනය ජාති නිරෝධ කිරීම පිණිස යොදාගන්න ජාතිය බාහිරයට දිස්වෙන්නේ බාහිර අය හඳුනාගන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලායි. ඉතින් මේ ආර්ය ජාතියේ අයව බාහිර අයට හඳුනාගන්නට නොහැකි වෙන්නටත් හැකියි කියලා සිහි තබාගෙන මේ හේතු ඵල දහමේ අවසන් ලිපියට සම්බන්ධ වන්න ඔබටත් හැකියි. ඒ කියන්නේ ජාතියක් පහල වුණා නම් ජරාවට පත්වෙලා මරණයට පත්වෙන්නට සිද්ධ වෙන්නේ කොහොමද කියලා තෝරගන්න හෙවත් 12වන අංගය පැහැදිලි කරගන්නට යොමුවිය හැකියි. 
සියලු ලෝක සියලු සත්වයෝ නිවී සැනසෙත්වා!!!

Bhawa (Becoming)

First of all I would like to apologize for the extreme delay for posting this article. The reason behind my delay is that I’m trying to give you a complete guide to achieve true happiness through the “Nirvana Dhamma” web site. Yes, it is not online these days as you all may already know. But will be back soon with more details to browse. So please forgive me again and let’s discuss about the tenth object of the Cause & Effect theory. 

Bhawa – Becoming is the ninth factor which causes you to bring suffering. 

"And what is becoming? These three are becoming: sensual becoming (kama bhawa), form becoming (roopa bhawa) & formless becoming (aroopa bhawa). This is called becoming. 

Becoming is often translated as feeling, emotion, mood, devotional state of mind too. However in this article we are going to discuss about this “Bhawa / Becoming” to a certain level which will be a support to our understanding of dhamma. 

A being do various kind of activities which belongs good, bad & neutral. When beings do good or bad things the mind also behaves accordingly or vice verse. 

We already discuss how it is too difficult to get rid of attachments because of clinging to them so badly. What exactly happen when we clinging to things badly? The answer is also describing the “Bhawa / Becoming”. Actually I like the word “Becoming” it’s describes the word “Bhawa” so perfectly. 

When we are clinging to people, animals, natural or material things without knowing their reality we become someone. Moment by moment it’s all about becoming someone and fights to protect that someone whom we become. 

As long as we clinging to mother, father we are a child. As long as we clinging to husband we are a wife. As long as we clinging to a wife we are a husband. As long as we clinging to our pet we are a pet lover. As long as we clinging to sports we are a sports lover. As long as we clinging to nation we become a nation lover. The list goes on and every single second we make sure to become someone. The process keeps go on until we realize the eternal theory of dhamma which is cause & effect theory. I mean not through the words by through the wisdom. It’s kind of realization as you already know. 

What is Sensual becoming (kama bhawa) described in the dhamma. 

As long as we are clinging to the sensual desires we are becoming in to this category. All kind of worldly pleasure can be categorize under sensual desires and as long as one clinging to these desires that person has reasons for the sensual becoming. In another way it’s the upper levels of existence call sensual desire sphere which also call kama bhawa like being a human being or being a god or being a member of lower realms. 

When one get rid of sensual becoming someone like who become a yogi / a person who meditate in the forest to get rid of sensual desires, attract to the silence, serene beauty & the calmness in the forest preferred such a life which is out of troubles of sensual life. Even though that person not become someone who desire to sensual pleasure he / she still prefer the pleasure of calmness, sereneness & the beauty of being alone. That clinging guides him to become a form becoming / rupa bhawa. In another way that person has reasons to born again in the level of existence call Material Sphere which also calls Rupa Loka. 

Another may also get rid of above both kind of clinging. He / she think all these forms are trouble makers. I wish I have not seeing all these things… I wish I couldn't hear these things… etc… he / she not wish to be a part of sensual desire world or form world. He / she act accordingly and become someone who don’t like any kind of forms and not attach to them. But still prefers to exist in somehow. So for them these Immaterial Sphere which call Arupa Loka is there and that the formless becoming. 

Likewise we always become someone which causes to gives the effect of becoming someone in one of those existence levels. The desire to being attach makes all the troubles. It cause for the becoming ultimately. 

We practice the defilement and we become someone who is evil & not suitable for the society’s protection. We practice good and virtue we become someone who is good and nice to the society. It’s all about how we use our mind, body & words. We can defilement & bad things because of attachments. Again we can do good & virtuous things by been attach to it. Also we can do good & virtuous things without attaching to them. 

As an example think about a person who shares dhamma, a monk may be. His action of spreading dhamma / sharing dhamma is a good & virtuous thing. If he doesn't not attach to it then no problem but if he is attach to it has become someone and as long as he become someone he wants to protect that status. When no one listens to him he will suffer. When someone scold for him by saying you are sharing wrong dhamma you are no good he will suffer. The anger also arises… Also when someone praise he will attract to it. likewise countless levels of suffering arise. 

But for the monk who not clinging to the action he does has not become someone who shares dhamma through his mind. So he has no value for it. But still he does it because he feels sorry for the people who suffer in this existence. So when conflicts arise that monk has no reasons to protect or save his status which he becomes because he hasn't become anyone. When someone scolds he doesn't care… he can react kindly because his mind is calm. When someone appreciates him again there is no reaction on mind because that monk has no one to protect. So becoming no one is the cease of becoming actually. 

Now it’s time to think in to your own self. Samma Sambuddha always asks nothing but to look in to our own self and realize it. Because if we are unable to look in to our self we never realize who we exactly are and how we become someone in each second we pass in our life. And we never able to capture the struggle we go through to protect that someone whom we become. 

Let’s discuss how becoming is turning into the cause of birth in next article.
May triple gem bless you to cease becoming and get rid of the endless sufferings!

භව

“භවා“ති ද්වෙ භවා: කම්ම භාවො ච පටිසන්ධිකොච පුනබ්භවො. 

කතමො කම්මභවො: පුඤ්ඤාභිසංඛාරො අපුඤ්ඤාභිසඞකාරො අනෙඤ්ජාභිසංඛාරො, අයං කම්ම භවො. 

කතමො පටිසන්ධිකො පුනබ්භවො: පටිසන්ධිකො රූපං වෙදනා සඤ්ඤා සඞඛාරා විඤ්ඤාණං, අයං පටිසන්ධිකො පුනබ්භවො. 

“භව“ යනු භව දෙකකි: කර්ම භවයද ප්‍රතිසංන්ධි සංඛ්‍යාත පුනර්භවයදැයි. 

කර්ම භවය කවරැ යත්: පුණ්‍යභිසංස්කාර යැ, අපුණ්‍යභිසංස්කාරයැ, අනෙඤ්ජාභිසංස්කාරයි. මේ කර්ම භව නම් වෙයි. 

ප්‍රතිසන්ධි සංඛ්‍යාත පුනර්භවය කවරැයත්: ප්‍රතිසන්ධියෙහි වූ රූපයැ වේදනා යැ සංඥා යැ සංස්කාර යැ විඥාන යැ යන යම් ධර්ම කෙනෙක් වෙත්ද, මේ ප්‍රතිසන්ධික පුනර්භවය වේ. 

තත්ථ කතමං උපාදාන පච්චයා භවො: ඨපෙත්වා උපාදානං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චතිඋපාදාන පච්චයා භවො. 

එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි... 

“එහි උපාදාන ප්‍රත්‍යයෙන් භව කවරෙ යත්; උපාදානය තබා වෙදනාස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාරස්කන්ධය විඤ්ඤාණ ස්කන්ධය යන මේ උපාදාන ප්‍රත්‍යයෙන් භව යයි කියනු ලැබේ. “ 

මේ තියෙන්නේ ත්‍රිපිඨකයේ “භව“ ගැන විස්තර වෙන කොටසක්... 

කර්ම භවය යනු කුමක්ද? 

ජීවත් වෙලා ඉන්න සත්වයෙක් ජීවත් වෙලා ඉන්න කාලය තුල නොයෙක් ආකාරයේ පුණ්‍ය කර්ම කරනවා පාප කර්ම කරනවා. 

මේ පුණ්‍ය කර්ම නිසාත් පාප කර්ම නිසාත් මනස තුල ඒ ඒ භවයන්ට අවශ්‍ය කරන සම්පාදනය සිදුවෙනවා. 

භව ලෙසින් ගත්විට ජාතියක් බිහිකරන්නට අවශ්‍ය කරන මූල නිර්මාණාත්මක ශක්තිය ලෙසින් එය හැදින්වූවත් ධර්මයට ගැලපෙනවා... විවිධ ජාති නිපදවන්න මුල් වෙන්නේ මේ කියන විවිධ වූ භවයි. 

ඉතින් අවිද්‍යාවෙන් යුක්තව පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් ඇසුරු කිරීම හේතු කොට ගෙන ඒ පුද්ගලයාට බලාපොරොත්තුවක් ඇතිවෙනවා මතු මතුත් මේ තුල රැදිය යුතුයි කියලා. ඉතින් මතක ඇතිනේ උපාදාන වලදී පෙන්වා දුන්නා ගැලවෙන්න බැරිව බැදී සිටින ආකාරය... 

කාමයන්ට බැදුනොත් කාමයෙන් ගැලවෙන්න බැරිව ඉන්නවා... ද්වේශයට බැදුනොත් ද්වේශයෙන් ගැලවෙන්න බැරිව ඉන්නවා... මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මයන්ට හිත බැදෙනවා... ඒ ආශ්වාදයන් යලි යලිත් ලැබීමේ බලාපොරොත්තුව ගොඩනැගෙන හැම මොහොතකම අපට නොපෙනී නොදැනී සිදුවෙන දේ තමයි මතු මතුත් ඒ ආශ්වාදය ලැබීමට හැකි වන ලෙසින් එක්තරා ශක්ති විශේෂයක් ලෝකයට නිදහස් වීම. ඉතින් එහෙම නිදහස් වෙන ශක්ති විශේෂය එයට අනුකූල වූ තැනක පිහිටනවා... තවත් විදියකට කියනවා නම් කාමයන්ට ඇලුන බැදුන පුද්ගලායගේ කාම ආශ්වාදයන් ගැනීමේ බලාපොරොත්තුව මතින් ලෝකයට නිදහස් වෙන ඒ ශක්ති විශේෂය කාම භවයෙහි පිහිටනවා. 

ඉතින් මේ තත්වයෙන් මිදී හිත මීලඟ මට්ටමට දියුණු වුවහොත් ඒ කියන්නේ ඒ පුද්ගලයා පංච කාමයට හසුනොවන දෙයකට බැදුනොත් එහෙම උදාහරණයක් වශයෙන් යෝගියෙක් වැනි කෙනෙක් ශාන්ත නිදහස් පරිසරයක් සුවයි සැපයි කියලා හිතට ගත්තා නම් එහිම ඇලුනා නම් බැඳුනා නම් එතැන මනවඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාම ආශ්වාදයන් නැතිවුණාට පැවැත්ම පිණිස නිදහස් ආශ්වාදයක් ගෙන දෙන ස්වභාවයක් තිබෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක එවන් වූ දෙයක් උපාදාන කලොත් එහිම රැඳුනොත් බැඳුනොත් එවිට ඇතිවන්නේ කාමාවචර නොවන රූපාවචර උපාදාන තත්වයයි. එතකොට භවය තමයි රූප භවය. 

ඉතින් මෙහෙම ඉන්නකොට ඒ යෝගියාට අහන්න දකින්න හම්බ වෙනවා බාහිර ලෝකයේ ගහ මරා ගැනීම් කලකෝලාහල වගේ දේවල්... ඉතින් හදවත කම්පාවට පත්වෙලා හිතනවා අනේ මේ ලෝක සත්වයන්ට මෙහෙම දුක් අදෝනා එනවානේ මට මේවා බලන්නවත් අහන්නවත් නැති තැනක ඉන්න පුළුවන් නම් කියලා ඒ වගේ තැනකට හිත අලවාගෙන එහිම හිත බැදෙනවා රැදෙනවා ඒ මානසිකත්වය තුලින් දැනීම තුල පමණක් ඉන්න ස්වභාවයක් ඇති කරගන්නවා එයම උපාදානය කරනවා. සරලව කියනවා නම් රූප දකින්න විඳින්න තියෙන අකමැත්ත තුලින් ඇතිකරගන්න ඇලීම බැඳීම හෙවත් උපාදානය. ඒ තුලින් බාහිර ලෝකයක දැනීමක් නැතිව පැවැත්මක් ගෙන යන පැවැත්මේ කොටසක් වන අරූපාවචර කියන පැවැත්මට පත්වෙනවා. තවත් කෙටියෙන් කියෙනවා නම් පවතින්න කැමැතියි හැබැයි ලොකයේ රූප, ශබ්ද ආදිය ඇසුරු කරන්න කැමති නෑ... ඒ මානසිකත්වයෙන් තමයි අරූප භව පහල වෙන්නේ. 

දැන් වැටහෙනවානේ කාම භව රූප භව අරූප භව කියන භව 3හි ජීවත් වෙන්නට හේතු ගොඩනැගෙන ආකාරය. 

ඇලීම නිසා ගැටීම ඇතිවෙනවා. ඔන්න ඒ අය සිත කය වචනය යොදවන්නේ පව් කරගන්න. තවත් ආකාරයකට කියනවා නම් දස අකුසලයේ නිරත වෙනවා. පුරුද්දක් ඇතිකරගන්නවා පව් කටයුතු කරන්න. සිත කය වචනය අකුසල්ගත පව් වැඩවලට යොමුකරමින් පව්කාරයෙක් බවට පත්වෙනවා. පව්කාරයෙක් බවට පත්වුණා කියලා කියන්නේ ඒ පුද්ගලයා ඒ පුරුද්ද ඇතිව ඒ බවට කැමැත්තෙන් මියගියොත් එහෙම සතර අපාගත උත්පත්තියක් තමයි ලැබෙන්නේ. පවට අකුසලයට ඇලීම තුලින් අපුණ්‍ය (පුණ්‍ය නොවන) අභිසංඛාර (සිත, කය, වචනය කැමැත්තෙන් මේ වෙනුවෙන් යොදවා කරන කියන සිතන දෑ) ඇතිකරගන්නවා ඒ බවට පත්වෙනවා. හේතුව මෙසේ වෙත්දි ඵලය ලැබෙන්නේ ඒ හේතුවට අනුව නිසා තමයි මේ කියපු කරපු සිතපු දේවලට විඳවන්න උරුම අධික දුක උරුම අත්බැවයක් ලැබෙනවා. තවත් විදියකට කියනවා නම් කැමැත්තෙන් බැඳුනේ යම් සේද ඒ අනුවයි ඵලය. 

තවත් කෙනෙක් පිනට ඇලෙනවා... පුණ්‍ය කටයුතු වෙනුවෙන් සිත කය වචනය යොමු කරනවා. කැමැත්තෙන් බැඳුනේ පිනටයි... සිත කය වචනය හැසිරෙව්වේ පිනටයි... ඒ අයට ලැබෙන ඵලයත් ඒ අනුවයි. සුගතිගාමී අත්බැවයන් ඵලය ලෙසින් ලැබෙනවා. 

ඉතින් භවයට පත්වීම තම තමන්ටම තේරුම් ගන්න පුළුවන්. ඒකට තමන් ගැන හොඳ සිහියෙන් විමසිල්ලෙන් ඉන්න ඕන. උදාහරණයකින් කියනවා නම්... 

තරහාගියා... තරහා බවට පත්වුණා, ආදරයක් ඇතිවුණා... ආදරයක් ඇතිවූ කෙනෙක් බවට පත්වුණා... ගැටීම උපරිමයට ගියොත් තිරිසන් සතෙක් බවටත් පත්වෙන වෙලාවල් තියෙන්නේ... නැත්නම් මගේ යකා අවුස්සගන්න එපා කියලා කියන්නේ යක්ෂ බවට පත්වෙලා... මෙන්න මේ වගේ තමන් තුල නිතර ඇතිකරගන්න බව මොකක්ද කියලා හොයලා බලන්න... නිතරම සිත, කය, වචනය තිරිසන් බවට පත්වූවෙක් වගේ නම් හසුරවන්නේ... පුරුද්දක් හුරුවක් කැමැත්තක් ඇතිකරගන්නේ දැන් මෙන්න මේ තිරිසන් බවටයි. දැන් ඉතින් පරිස්සම් වෙන්න වෙනවා. මොකද ඵලය හේතුවට අනුවයි. තිරිසන් උපතක් ලැබෙන්නට තමයි ඔය හේතු ගොඩ නගන්නේ. නොයෙක් නොයෙක් බවට ඒ කියන්නේ හොඳ බවට, නරක බවට, මනුස්ස බවට, තිරිසන් බවට, දේව බවට, බ්‍රහ්ම බවට, ආර්ය බවට, ශාන්ත බවට, දුක බවට, සතුටු බවට, ආදී ලෙසින් නොයෙක් නොයෙක් බවට පත්වෙනකොට ඒ අනුව ජාති පහළ වෙනවා. 

තමන්ව තේරුම්ගන්න කියලා නිතරම බුදු හිමියන් දේශනා කලේ මේ නිසාමයි. සිද්ධාන්තය අවබෝධ වුණාම ඒ කියන්නේ සෝතාපන්න වුණාම කෙනෙක් සතර අපාගත නොවෙන්නේ මේ නිසාමයි. මොකද ඒ පුද්ගලයා අවබෝධයෙන් දන්නවා සිත, කය, වචනය කෙසේ හැසිරවිය යුතුද කියලා. වැටහීම අනුව තමයි ඒවා හැසිරවෙන්නෙත්. 

කිසිවකට ඇලෙන්නේ නැතිව කැමැත්තෙන් බැඳීමේ ආදීනව දකින්නට පුරුදු වුණ මනසට ගැටීමක් ඇතකරගන්න හේතුවක් නැතිව යනවා... මෙන්න මේ විදියට හේතු නිරෝධ වන මාර්ගයකට ඇතුලු වෙනවා. ඒ තමයි ආර්ය මාර්ගය කියලා කියන්නේ. තවත් විදියකට කියනවා නම් අතහැරීමේ ක්‍රම පිළිවෙතට තමයි මේ ආර්ය මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. 

නොයෙක් නොයෙක් අවස්ථාවන් වල තමන් විසින් අල්ලා ගන්නා නොයෙක් දේ තුලින් පත්වෙන නොයෙක් නොයෙක් භවයන් වටහාගන්නවා... එසේ ඒවා අල්ලාගන්නට හේතුව හොයා බලා එයින් මිදෙන්නට මනස යොමු කරගන්නවා. මේ පුද්ගලයාට පවට කිසිම කැමැත්තක් නෑ... පවට කැමැත්තෙන් බැඳිලා නෑ... ඒත් සමහර වෙලාවට ප්‍රඥා මට්ටම අනුව අකමැත්තෙන් වුවත් පවක් කරගන්නට ඉඩ ප්‍රස්ථාව තියෙනවා. මොකද තමන්ගේ ජීවිතයට තියෙන ආශාව නැතිවෙච්චවත් මරණ භයවත් නැතිවෙච්ච අරිහතුන්වහන්සේ කෙනෙක් නොවෙන නිසා ඒ ඒ මට්ටමෙන් පවක් කරගන්නට හැකියාවක් තියෙනවා. ඒත් ඒවා සතර අපාගත උපතක් ගෙන දෙන්නට තරම් බරපතල හේතුවක් මේ අවබෝධයෙන් කටයුතු කරන පුද්ගලයාට සිද්ධ වෙන්නේ නෑ. 

ප්‍රඥා මට්ටම් අනුව තමයි මේ පුද්ගලා පින් කටයුතු වලටත් කැමැත්තෙන් බැදෙන්නේ... පිනට කැමැත්තෙන් බැඳී සිදුකරන කොට සුගතිගාමී අත්භවයන් ලැබෙනවා. ප්‍රඥාව දියුණුවෙනකොට පින් කොච්චර කලත් ඒවාට ඇලී බැඳී නොකරන්න මනස අවබෝධයෙන් දැනගන්නවා. මෙන්න මේ විදියට පැවැත්ම කෙලවර කරගන්නට හැකියාවක් ලැබෙනවා. 

ඉතින් කැමැත්තෙන් බැදෙනකොට කැමැත්තෙන් බැඳී සිත, කය, වචනය මෙහෙයවනකොට දුකටපත්වෙන්නට සිද්ධ වෙනවාමයි. පැවැත්මට හේතුවෙනවා කියලා පිනත් අනවබෝධයෙන් අතෑරියොත් වැඩේ වැරදිලා අනාථ වෙනවා. ඒ නිසා කරන කියන සිතන දෑ අවබෝධයෙන් යුක්තව කිරීම තමයි වැදගත් වෙන්නේ. භවය තෝරාගෙන භවයෙන් මිදෙන්න ධර්මය උපකාර කරගැනීමට බුද්ධිමත් ඔබට හැකිවෙත්වා!!! 
සියලු ලෝක සියලු සත්වයෝ නිවී සැනසෙත්වා!!!