නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, November 2, 2015

ඔතරම් අසරණ නොවේවි!

කෑමක් බීමක් ලබාගන්නට දඟලන දැගලිල්ල
සත්ධර්මය ලබාගන්නට දැඟලුවා නම්...
වෛද්‍යවරයෙක් කියනා දේ අකුරට පිළිපදින්නට දරන විරිය
බුදු හිමියන් කියූ දේ අසා පිළිදින්නට දැරුවා නම්...
තව කෙනෙක් පහත හෙලන්නට දරන වෑයම
තමන්ව ආගාධයට පත්වීම වළකාගන්නට දැරුවා නම්...
රාග ද්වේශ මෝහයන් රජකරවන්නට දරන වෑයම
ඒවා නිවාගන්නට දැරුවා නම්...
සුවබර දිවියක් පතමින් යදින යැදිල්ලට වැය කරන කාලය
සියලු දුක් කෙලවර කරගැනීම පිණිස යෙදුවූවා නම්...
අංශු මාත්‍ර තරමින් හෝ අනතුර අඟවන්නවුන්ගේ
වැරදි සොයන්නට අඩුපාඩු දකින්නට යොදන කාලය
අංශු මාත්‍රයක් තරමින්වත් ධර්මයක් නොපිහිටවූ
තම සිත දැකගන්නට යෙදවූවා නම්...
අනුනට දෙසන්නාවූ ධර්මය
තමන් තුල තිබේදැයි විමසා බැලුවේ නම්...
බාහිර ලෝකයක් වෙනස් කරමින් පතනා සුවය
තමන් තුලම සැඟව ඇති බව දුටුවා නම්...
අති දුර්ලභ මිනිස් අත්බැවයක් ලබා ඇති ඔබට
ඔවැනි විනාශයක් නොවේවි!
ඔතරම් අසරණ නොවේවි!
ඔතරම් අනාථයෙක් නොවේවි!
ඔතරම් අසහනයක් නොවේවි!!!
සිතට වහල් නොවන්න... ධර්මයට අනුව සිතන්න...
අනුන්ව නොව තමන්ව සොයන්න...
නිවීම ලැබෙනවා නියතයි!!!
"නිර්වාණ ධර්ම" වෙතින්...

No comments: