Sunday, January 3, 2021

Being positive in this year!

 

So, how was the year 2020?

Hope all of your wishes came through… You might had loads of plans for the past year.  But did they work out? 

Even though the last year is a perfect lesson to all of our lives, don’t know how many of you accept it in that way…

We still expect this year to be nice & prosperous & good things to be happen. We still have so many plans, no matter how they ruined last year. 

You see my friend, we never learn.   And we believe this is positive thinking.

Think about this, instead of living in a dream and we say that’s what positive thinking is, how about we understand what’s going on around us & be aware of what can be happen & getting ready for anything with a positive attitude?

So, think about this deeply… coz positive thinking should bring positivity to your mind no matter what happens around you.  That doesn’t mean we don’t accept what’s happen around us and say “Oh, I’m thinking positively that this won’t happen and think positively to be things happen according to the way we wish”

That’s a mistaken positivity and you can understand it by yourself by thinking deeply on that matter. 

So, my dear dhamma friends, begin this year with actual positive think and be aware and get ready for the worst with a positive vibe. 

Courage, compassion, gratitude all these things add the positive vibes to your life.  Generate that vibe more instead of living a dream world and dreaming for a world which behave according to the way you wish.

Good luck and blessings for a happy positive year ahead no matter what worst happen!

Visit "Nirvana Dhamma Official Web Site" 

සුභවාදය හඳුනන සුභ වසරක් වේවා!!!

 


2021 නව වසරට සුභ පැතුම් සමඟින් තවත් හිතන්නට යමක් එකතු කරමින්... නිර්වාණ ධර්ම කතු වැකිය මෙසේ දිග හරිමි. 

 

කොහොම ඉතින් පසු ගිය වසර?

සිතූ පැතූ ආකාරයෙන් සිද්ධ වුනා ද?  පසුගිය වසර පටන් ගන්න කොට මෙන්න මේ මේ සැලසුම් අනුව මේ වසරේ වැඩ කරනවා කියලා හිතා ගන්නට ඇති නේ නේද?  ඒත් දේවල් එසේ වුනා ද?  පසුගිය වසරේ අපට ජීවිතයට හොඳ පාඩමක් වුනත් තවමත් අපි විදියට පැතුම් පොදි ගහනවා නේද?  ගිය වසරේ වගේම මේ වසර ආරම්භ කරන්නේත් සැලසුම් රැසක් සමඟින් ම යි නේද? 

ශක්තිමත් නො සැලී එන ඕනම දේකට මුහුණ දෙනවා” කියලා සැලසුමක් පමණක් තිබිලා තියෙනවා ද?

පසුගිය වසරේ වගේම තමන් ව අවබෝධ කර ගන්නට කාලය වෙන් කරනවා වෙනුවට බාහිර පරිසරය අවබෝධ කර ගන්නට කාලය වෙන් කරනවා ද කියලා හිතලා බලන්න...

හැම දාම කියනවා වගේ වසරක් සුභ වෙන්නේ ඒ වසරේ සිදු වන සිද්ධි දාමය නිසා නෙවේ... ඒ සිද්ධි දාමය අපි භාර ගන්න ආකාරය... ඒ සිද්ධි දාමය තුල තමන්ගේ සිත කය වචනය හැසිරුණ ආකාරය අනුවයි...

මට නම් හැම දාම වගේ පසුගිය වසර සුභයි. 

ජීවිතය තවත් අර්ථයක්... ගැඹුරක් එකතු වුනා වගේම සැබෑ විමුක්තිය ලැබීම පිණිස බොහෝ දෑ එකතු වුනා.  ඔබටත් එසේ සතුටු විය හැකි දැයි විමසා බලන්න...

“මේ වසර සුභ වේවා” යැයි මන්තර මැතිරුවාට... බොරු බලාපොරොත්තු තොගයක් පොදි ගහ ගෙන අපි සුභවාදී ව හිතනවා කිව්වාට එයින් යමක් සුභ වෙන්නේ නෑ. 

සිදු විය හැකි දේ නිසි ආකාරයෙන් අවබෝධ කරගෙන... තමාගේ වසඟයේ පවත්වා ගන්නට නොහැකි දේ ගැන නිසි ආකාරයෙන් අවබෝධ කරගෙන... ඒ තුල ජීවිතයේ සැබෑ අර්ථය සොයන්නට කැප වෙනවා කියන අධිෂ්ඨානය ඔස්සේ වැඩ කරන පුද්ගලයාට හැම මොහොතක් ම සුභ යි.

එසේ නම් සැබෑම සුභවාදී චින්තනය හඳුනා ගෙන මේ වසරේ දී නිවී සැනසෙන්නට හැකි මනුෂ්‍ය ගුණ ධර්ම වලින් පිරුණු සිතක් කයක් වචනයක් ලබන්නට ඔබ සැමට සියලු දෙවි රැකවරණයත්, තෙරුවනේ අඛණ්ඩ ආශීර්වාදයත් නො අඩුවම ලැබේවා යි මෙත් සිතින් සෙත් පතමි!

නිර්වාණ ධර්ම වෙබ් අඩවියට පිවිසෙන්න