Monday, May 9, 2022

මාර දෙවි ගෙන් පණිවිඩයක්

 


ඉතින් ඔබ සැම දන්නවා වගේ “නිර්වාණ ධර්ම සදහම් සත්කාරය” තුලින් ලෝකයේ ප්‍රකට චිත්‍රපට, ගීත, චිත්‍ර, කතා පොත් ආදී එදිනෙදා භාවිතයේ අපට ඇසුරු කරන්නට ලැබෙන බොහෝ දේ තුලින් සත්ධර්මය මතු කර දීමට හෝ සත්ධර්මය ඇසුරු කරන්නට අවශ්‍ය පරිසරය සකසා ගැනීමට යමක් මතු කර දීමට නිරන්තරයෙන් උත්සාහ කරනවා.  ඒ සෑම දෙයක් තුලින් ම ඒ ඒ දේවල් තුල සැඟව ඇති යටි අදහස ප්‍රඥාවන්ත ව මතු කර ගෙන  තම තමන්ට යහපතක් උදා කර ගැනීමට කටයුතු කර ගන්නට උපකාරයක් වීමට තමයි උත්සාහ කරන්නේ.   ඉතින් ප්‍රඥාවන්ත  ශ්‍රවණය ක් උදෙසා සින්දුවක් ලබා දෙන්න හිතුණා.


මෙහි සම්පූර්ණ දහම්විග්‍රහය ඇසුරු කරන්නට වෙබ් අඩවියට පිවිසෙන්න!


ගීතයටත් සවන් දෙන්න





A message from Mara

 


As you all know I’m always trying to share some deep meanings through the films, songs, arts & everything we experience in day-to-day life, take this rap song also to your life. Just try to use your wisdom to understand the deep meaning behind these words – THE TRAP you are in.  Here is a song with a deep meaning if you listen wisely.


Listen to the Song

इस सिस्टम के रखवाले से सन्देश



जैसे आप सब को पता हैं, "निर्वाण धर्म" के सरिये, कुछ भी फिल्म, गीत या फिर कुछ न कुछ जीवन से जुड़ी हुयी चीजों में, छुपी हुयी धर्म अर्थ प्रकट करने के लिए हम कोशिश करते हैं. क्योंकि इस जीवन के असलियत पता करना ज़रूरी हैं। तो चलिए, इस बार भी हम, एक गीत के छुपी हुयी कुछ गहरी अर्थ के बारें में बात करते हैं। 


गीत सुनें

Sunday, May 1, 2022

සියඹල ගසෙන් දුටු ශ්‍රද්ධාවේ ඵල

ටිබෙට් බෞද්ධ කතා අතර ඇති, සැබෑ ම ශ්‍රද්ධාව ගැන කියැවෙන ඉතාමත් වටිනා කතාවක් මෙවර කතු වැකිය ඔස්සේ ගෙන එන්නට කටයුතු කරන්නම්. මුලින් ම කතාව කියන්නම්කෝ.

දිනක් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගමන් කරන අතර මඟ දී ඉතාමත් දුක් බර ව වන්දනා මාන කරමින් සිටින පුද්ගලයෙක් දකිනවා.  ඒ පුද්ගලයත් සම්බුදු රඳුන් ව දුටු ගමන් ම හඳුනා ගෙන දෙපා මුල ඇඳ වැටෙමින් මෙන්න මෙසේ අහනවා.

සම්බුදු පියාණෙනි, මේ ජීවිතය නම් ඉතාමත් කටුකයි.  දුෂ්කරයි.  මම එක්තරා කාලයක ඉතාමත් සතුටෙන් සැපයෙන් කාලය ගත කල ධනවතෙක්.  නමුත් මම විශ්වාස කල පිරිස මාව රවටා මගේ සියලු ධනය පැහැර ගත්තා.  දැන් මම ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කරන දුප්පත් මනුස්සයෙක්.  තව කොතරම් නම් කාලයක් මට මේ විදියට දුක්ඛිත ජීවිතයක් ගත කරන්නට වෙයි දමම සසර කෙළවර කර ගන්නේ කවදා දතව කොතරම් කාලයක් මට උපදින්නට සිද්ධ වෙයි ද?”  ඉතින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ එතැන තිබුණ අඹ වලින් පිරුණු අඹ ගසක් පෙන්වා ඔබට අර අඹ ගස පෙනෙනවා දඔබට නිවන් දකින්නට පෙර එහි ඇති අඹ ගෙඩි ගණනට නැවත උපදින්නට සිද්ධ වෙනවා” යැයි පැවසුවා.

ඒ පුද්ගලයා එහි ඇති අඹ ගණන දැකලා අනේ මෙච්චර කැපවීමෙන් ඔබ වහන්සේ කියන විදියට ම සැදැහැවත් ජීවිතය ගත කර ලත් ඇයි මට එච්චර කාලයක් උපදින්නට සිද්ධ වෙන්නේ” කියලා දුක් වෙමින් හඬන්නට ගත්තා.  ඉතින් සම්බුදු රඳුන් එය එසේ තමයි සිද්ධ වෙන්නේ” කියලා එතැනින් පිටත් වුනා.

ඉන් පසුව, අතරමඟ දී ඔන්න තවත් පුද්ගලයෙක් ඉතාමත් කම්පාවෙන් ඉන්නවා.  සම්බුදු  රඳුන් ව දැකලා ඒ පුද්ගලයාත් ඇවිත් සිරි පතුල් නැමැද මෙන්න මෙහෙම කියනවා.  සම්බුදු පියාණෙනි, මේ ජීවිතය නම් ඉතාමත් කටුකයි.  දුෂ්කරයි.  මම ආදරය කල සියලු ම දෙනා මට නැති වුනා.  මරණය විසින් ඔවුන් ව පැහැර ගත්තා.  මම දැන් තනි වෙලා ඉන්නේ. මේ ජීවිතය මට මහා වදයක්.  තවත් කොතරම් කාලයක් නම් මට මේ විදියට දුක් විඳින්න වෙයි ද? මට ඔබ වහන්සේ කියන නිවන අවබෝධ කර ගන්නට තව කොතරම් කාලයක් ගත වෙයි දතව කොච්චර නම් උපදින්නට සිද්ධ වෙයි ද?" සම්මා සම්බුදු රඳුන් මේ පුද්ගලයාට අසල ඇති මල් ගොමුවක් පෙන්නුවා.  පෙන්වා පැවසුවා අර මල් යාය පේනවා ද? නිවන් දකින්නට පෙර, ඔබට එහි ඇති මල් ගණනට සමාන ජීවිත ගණනක් උපත ලබන්නට සිද්ධ වෙනවා”.

ඔන්න ඉතින් මේ මනුස්සයත් හඬ වැටුණා... දුකින් හඬමින් මෙන්න මෙහෙම අහනවාඅනේ බුදු හිමියනි, මම ඔබ වහන්සේ කියන දේවල් හදවතින් ම යි පිළිපදින්නේ. ඔබ වහන්සේ කියන විදියට සැදැහැවත් ජීවිතයක් ගත කරන්නේ. මෙච්චර කැපවීමෙන් ශ්‍රද්ධාවන්ත ව කටයුතු කරන මට එච්චර කාලයක් දුක් විඳින්නට සිද්ධ වෙන්නේ ඇයි?”  ඉතින් සම්බුදු රඳුන් එය එසේ තමයි සිද්ධ වෙන්නේ” කියලා එතැනින් පිටත් වුනා.

අතරමඟ දී සියඹල ගහක් ලඟ දී තවත් පුද්ගලයෙක් මුණ ගැහෙනවා. සම්බුදු රඳුන්ගේ දෙපා අසල හඬමින් ඒ පුද්ගලයා මෙන්න මෙහෙම කියනවා.

ස්වාමිනි, මේ ජීවිතය ඉතාමත් කටුකයි.  මේ ඉර එළියට පිච්චෙමින් දිවා කාලයේ මා කුලී වැඩක් කරමින් දිවි ගැට ගසා ගන්නවා... රෑට මට නිදා ගන්න තියෙන්නේ මේ සීතල වූ තණ බිම විතරයි... ජීවිතය කියන්නේ කුසගින්න, පිපාසය, තනිකම පිරුණු දෙයක්! මේ විදියට මට තව කොපමණ කාලයක් මේ සසරේ ඉපදෙන්නට සිද්ධ වෙයි ද? මට කවදා නම් නිවන් අවබෝධ කර ගන්නට හැකි වෙයි ද?”  සම්බුදු හිමියන් සියඹලා ගස දෙස බැලුවා... සියඹලා ගසේ අතු කිනිති වල නටු දහස් ගණනකට බැඳුනු පුංචි පුංචි සියඹලා කොළ ලක්ෂ ගාණක් විතර තියෙනවා. උන්වහන්සේ ඒ පුද්ගලයාට පැවසූවා ඔබට පේනවාද මේ සියඹලා කොළ, ඔබට නිවන් අවබෝධ කර ගන්නට පෙර මේ සියඹලා කොළ ගණනට උපදින්නට සිද්ධ වෙනවා.  එතරම් ප්‍රමාණයක් ජීවිත ගත කරන්නට සිද්ධ වෙනවා”

දන්නවදසියඹලා ගසේ කොළ දෙස බැලූ ඒ පුද්ගලයාගේ ඇස් කඳුළු වලින් තෙත් වුනා.  නමුත් පෙර පුද්ගලයන් දෙදෙනා වගේ චෝදනා මුඛයෙන් තරහින් දුකෙන් නොවේ... සතුටෙන්! කෘතෝපහාර ගුණයෙන්!

අහෝ ස්වාමීනී... සාධු සාධු සාධු... ඔබ වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව කැපවීමෙන් යුතුව ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා වලට අනුව ජීවත් වන්නට උත්සාහ කරන මට එහි ප්‍රතිඵලය ලැබුණා.  මම කොතරම් වාසනාවන්ත ද? තව කොතරම් සුළු කාලයක් ද මට නිවන් අවබෝධය පිණිස උපදින්නට තිබෙන්නේ” යැයි සතුටු කදුළු වගුරමින් සම්බුදු හිමියන්ගේ දෙපා නමදිමින් වන්දනා කරන්නට වුනා.

ඉතින් මේ කතාවෙන් අපගේ නිවන් මඟට ගන්නට තිබෙන දේ නම් බොහෝමයි! නමුත් කතු වැකිය ඉතාමත් කෙටියෙන් විග්‍රහ වන දහම් කොටසක් නිසා අප මේ කතාව තුලින් ඔබට මෙන්න මේ දේ පවසන්නම්.

ඔබ සම්මා සම්බුදු රඳුන් කෙරෙහි විශ්වාසයෙන්, තථාගත සත්ධර්මය කෙරෙහි විශ්වාසයෙන්, ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි විශ්වාසයෙන් යුතුව ඒ උතුම් තෙරුවන ඔබට පෙන්වූ “නිර්වාණය” නම් වූ අවසාන ඵලය ලබා ගැනීමට නම් කැප වී සිටින්නේ... මල් ඵල ගැන සිතමින් දුක් වෙන්න එපා.  තවමත් මල් ඵල ලැබුණේ නෑනේ කියමින් තෙරුවන ගිලිහී යන්නට දෙන්න එපා.  හරියට මේ කතාවේ මුලින් ම හමු වූ මිනිසුන් දෙදෙනා වගේ.  ඒ අය තමන්ගේ කැපවීම, තමන්ගේ ශ්‍රද්ධාව ගනුදෙනුවක් වගේ තමයි යොදා ගත්තේ.  “අපි මෙච්චර කරනවා නම් ඇයි අපට මෙහෙම... ඇයි මෙච්චර ප්‍රමාද...” ඔන්න ඔය වගේ චෝදනා. 

නමුත් අවසාන පුද්ගලයා මල් ඵල ගැන විශ්වාසයෙන් යුතුව සාත්තුව නිවැරදිව හරියට කර ගෙන ගියා. ඒ නිසා බුදු රඳුන්ගේ පිළිතුර හමුවේ සියඹලා ගස දකින විට ඔහුට තව තවත් තමන්ගේ ශ්‍රද්ධාව, කැපවීම කෙරෙහි ම විශ්වාසය ම තහවුරු වුනා. අනිවාර්යෙන්ම ඒ කැපවීමට, ශ්‍රද්ධාවට නිසි ඵල ලැබෙන බව තහවුරු වුනා.  ඉතින්, සැබෑ ශ්‍රාවකයා කියන්නේ අන්න එවැනි හදවතක් තියෙන කෙනෙක්. 

මේ කතාව නිසා අදටත් ටිබෙටයේ සියඹල ගස... සියඹල ඇට... සැබෑ ශ්‍රද්ධාවට... අවංක කැපවීමට සංකේතයක් විදියට තමයි සලකන්නේ.  සැබෑ ශ්‍රද්ධාවෙන්, කැපවීමෙන් කටයුතු කරන කිසිවෙකු ට වරදින්නේ නෑ! හදවතේ එය රඳවා ගෙන නිවන් මඟ අප්‍රමාදී වෙත්වා!

නිර්වාණ ධර්ම වෙබ් අඩවියට පිවිස තවත් සත්ධර්මය ඇසුරු කරන්නට අවස්ථාව ඇත! 

Fruit of faith in Tamarind tree


Let me share a wonderful story about faith & endurance. This is a Buddhist story from Tibet scriptures. The story goes like this;

One day Samma SamBuddha took a walk down the street and noticed a man in grief praying earnestly.  The man recognized the Samma SamBuddha and fell on his knees.

He cried & said, "Oh, Lord, life is indeed bitter and painful! I was once a man with great wealth, living a life of ease and happiness. Those I trusted and loved were dishonest, and took everything from me. I am now a wretched man with nothing. How many more times must I be reborn into this world of suffering before I can be liberated?"  Samma SamBuddha saw a mango tree by the road.  Pointing to the mango tree, the blessed one said, "Do you see that mango tree? You must be reborn as many times as the number of mangoes on that tree before you know the bliss of liberation from the sufferings of this fleeting world."

Seeing that there are at least dozens of mangoes hanging on the tree, the man gasped, "But Lord! I have lived a righteous life in accord with the precepts! I have faith in you! Why am I destined to suffer so much longer?"  The blessed one replied, "That is the way it must be." And continued walking.

On the way, Samma SamBuddha came across another man praying by the road and this man, too, fell on his knees and cried, "Oh, Samma SamBuddha, life is indeed bitter and painful. I have lost all those I loved to the king of death. I am now lonely and lost. Life is full of anguish. How many more times must I be reborn into this world of suffering before I know the bliss of liberation?"  The Samma SamBuddha pointed to the field of wild flowers along the road and said, "Before you know the bliss of liberation from the sufferings of this fleeting world, you must be reborn as many times as the number of flowers in that field."

Seeing so many hundreds of flowers in the field, the man cried, "But Lord! I have done many good deeds & have followed your teachings by heart. Why must I endure so much more suffering?"  The Blessed one replied, "That is how it must be." And continued walking. 

Samma SamBuddha came across a tamarind tree, another man fell down on his knees and cried before him, "Oh Lord! Life is full of suffering! During the days, I worked like a slave under the mocking sun.  At night, I have nothing to sleep on except a pile of grass on the cold, damped earth. Life is nothing but hunger, thirst and loneliness! How many more times must I be reborn into this world of suffering before I know the bliss of liberation?"  The Blessed one looked up to the tamarind tree.  Each branch of it bearing many stems and each stem has dozens of leaves. The Samma SamBuddha said, "Look at that tamarind tree. Before you know the bliss of liberation from the sufferings of this fleeting world, you must be reborn as many times as the number of leaves on that tamarind tree."

As the man looked up at the tamarind tree and its thousands of leaves, his eyes filled with tears of gratitude and joy. "Oh! Blessed one! How, merciful! How, Lucky am I, my dedication towards the teachings, my faith has succeeded. Finally, I am reaching to the destination!”  he said as he bows down to the ground at the blessed one’s feet.

As you see, there are loads of lessons which we can take from this story to our path of nibbana.  But as the Editorials has always maintained a short explanation, let’s take the best out of this story!

Like the first two followers, many expect fruits of nibbana quickly.  It’s more like a deal with Samma SamBuddha.  “Look, we follow this… we are dedicated to this… we do this much because of this… then WHY NOT?” something like that… So, please check whether you are also a follower with conditions & complains. Whether you expect so much for the little you do in this path.

A true follower of Samma SamBuddha should have a heart like the last follower in this story.  When he sees the Tamarind Tree and its thousands of leaves, he just noticed the fruit of nibbana. How true the noble triple gem is.  How he is in the right track.  So, his faith confirmed… his dedication confirmed.   

In Tibet, it says… to this day, the tamarind's seeds are the symbol of faithfulness and patience.

So, my dear Dhamma friends. Be like the follower under the tamarind tree.  Faith on triple gem… true dedication towards the path… following the advices of Samma SamBuddha… my dear friends, you will never be failed!

For More Noble Dhamma Visit www.nirvanadhamma.com