Wednesday, November 1, 2023

කම් සැප තුල නිවීම

 


බුදු දහම ලෙසින් මේ වන විට ප්‍රතිරූපක දහම් බොහෝමයි කියලා යන්තමට හෝ නුවණක් ඇති පිරිසට නම් වැටහෙනවා. අද අපි මේ වන විට ප්‍රකට මතයක් වන “නිවන් දුටු... අතහැරීම අත් දුටු... සිතකට නො ඇලීමෙන් යුතුව ඕනෑම කටයුත්තක් කරන්නට හැකියි!” කියමින් ප්‍රකාශ කරන බුදු දහම නමින් ප්‍රකාශ වන තවත් එක් වරදවා ගත්තා වූ දෘෂ්ඨියක් ගැන කෙටියෙන් විමසා බලන්නට මෙවර කතු වැකිය තුලින් උත්සාහ ගනිමු!

පොඩි දුවගේ සිනා වැලයි - පොඩි පුතුගේ කතා පෙලයි - ප්‍රිය බිරිඳගේ සෙනේ විලයි - මගේ නිවන මගේ පැල්පතයි....// මෙන්න මේ වගේ නිවනක් ගැන, තථාගත ධර්මයේ නාමයෙන් ප්‍රකාශ කරන නිවන් දුටු... අතහැරීම අත් දුටු... සිතකට නො ඇලීමෙන් යුතුව ඕනෑම කටයුත්තක් කරන්නට හැකියි!” යැයි යමෙක් පවසන විට “අන්න ඒක තමයි හරි! ඒක කරන්න පුළුවන්” කියලා එකවරම ඒ අදහස් වලට ආකර්ශණය නොවී නුවණක් වේ නම් ඔබ මෙන්න මේ ගැන සිතා බලන්නට උත්සාහවන්ත වෙන්න ඕන කියලා තමයි මගේ නම් අදහස!

විමුක්තිය ලෙසින් විවිධාකාර අදහස් මතවාද ලෝකය පුරා හැමදාම තිබුණා... තියෙනවා... මතුවටත් එහෙමයි.  ඒ වගේ ලෝකයකට තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන සියලු දේ තතු සේ දන්නා ප්‍රඥාවන්තයෙක් පහල වෙලා “සැබෑ විමුක්තිය” කියන්නේ මොකක්ද කියලා පෙන්නලා දෙන්නේ.  ඉතින්, මෙය අවබෝධ කර ගන්නට ඉතාමත් අපහසු කාරණයක් නිසාම බහුතරයක් දෙනා මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් පෙන්වා දෙන්නෙත් තමන් විශ්වාස කර ගෙන ඉන්න විමුක්තියම තමයි කියලා රැවටීමත් සාමාන්‍ය දෙයක්.  ඒ නිසා තමයි “නැණවත් පර්යේෂණයක්... විමර්ශනයක් අවශ්‍යයි... එසේ කර ගන්නා ප්‍රඥාවන්තයින්ට නම් ඒ සැබෑම විමුක්තිය අවබෝධ කර ගැනීමට මඟ විවර වෙනවා!” කියලා කියන්න පුළුවන් වෙන්නේ!

එසේ නම් දැන් මේ ලෝකයට සැබෑම විමුක්තිය හෙවත් “නිවන” කියන විෂය ඉදිරිපත් කල ශාස්තෘන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් යම්යම් අදහස් මත ප්‍රකාශ කරන විට ඒ ශාස්තෘන් ගැන සොයා බලන්න... උන්වහන්සේ ගැන ප්‍රකට කතා විමසා බලන්න තරම් වත් නැණවත් භාවයක් තියෙන්න ඕන.

රජකම... රජ සැප... අති සුන්දර බිරිඳ... පුංචි පුතා... ආදී අධික වූ සැප සම්පත් රැසක් අතහැර සැබෑම විමුක්තිය උදා කර ගත්ත ඒ ශාස්තෘන්, සැබෑම “නිවන” ගැන පෙන්වා දුන්නා වූ ඒ ශාස්තෘන් “නිවන් දුටු... අතහැරීම අත් දුටු... සිතකට නො ඇලීමෙන් යුතුව ඕනෑම කටයුත්තක් කරන්නට හැකියි!” කියමින් දැන් බහුතරයක් කරන සාමාන්‍ය ගිහි කටයුතු කරලා තියෙනවද කියලා උන්වහන්සේ ගැන ඇති කතා තුලින් වත් විමසා බලන්න ඕන ඉතින්!

මේ විශ්වයේ ම සියල්ල දැන ගෙන සිටිය සර්වඥතා ඥාන සහිත සම්මා සම්බුදු කෙනෙකුට මේ සාමාන්‍ය පිරිස වගේ නෙවේ නේ ඕනෑම දෙයක් කරන්නට හැකියාවක් තියෙනවා.  ඒකත් ඔය කියන විදියට අතහැරීමෙන් යුතුව.  ඉතින්, නැවත තිබුණේ නැද්ද නැවත රාජ්‍ය පාලනයක් කරන්න යන්නසක්විති රජකම් කරන්නට තරම් හැකියාවක් ඥානයක් තිබූ උන්වහන්සේට තිබුණා නේ “මම දැන් නිවන් දැකලා ඉන්නේ... අත හැරිලා ඉන්නෙ... අතහැරීමෙන් යුතුව ඕනෑම දෙයක් කරන්නට මට හැකියි... ඔයාලත් මේ පැවිදි ජීවිතයට එන්න එපා... අතහැරීම කියන්නේ ඔය වගේ දුක් විඳින වැඩක් නෙවේ... සැපට ඉඳ ගෙන අතහරින්න පුළුවන්... ඔය ඔක්කෝම එළු බැටළුවෝ හරක් බලා ගෙන ගොවිතැන් කරගෙන... දරුවන් හදා ගෙන, විවාහයක් කර ගෙන...  ඔයාලා ඔය දැනට කරන ගිහි වැඩ සියල්ල කරගෙන රටක් රාජ්‍යයක් උනත් අතහැරීමෙන් යුතුව පාලනය කරන හැටි මම කියලා දෙන්නම්... ඕවා අල්ලා ගන්නේ නැතිව කර ගන්න ලබන්න ඕන අවබෝධය ගැන මම කියලා දෙන්නම්... ඔයාලා ඔය විදියට ම කරගෙන යන්න” කියලා උන්වහන්සේට නේද එහෙනම් හොඳින් ම කියන්න හැකියාවක් තිබුණේ

උන්වහන්සේට තිබුණා නේ විනය ශික්ෂා ආදිය පනවන්නේ නැතිව පැවිද්දට ආව පිරිසටත් “මේ පද්ධතිය හොඳින් නඩත්තු කරන්න ඕන... මේ දේවල් ගිහි අයගෙන් දායක පාර්ශව වලින් ඉල්ලා ගන්න ආධාර එකතු කරන වැඩපිළිවෙලක් සකස් කර ගන්න ඕන... මුදල් හෝ භාණ්ඩ හෝ වේවා නිසි විදියට නඩත්තු කර ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන... අතිරික්තය ගිහි අයට බෙදා දෙමින් ඒ අයගේ හිත දිනා ගෙන වැඩ කරන්න ඕන... මතක තියා ගන්න මේ දේවල් අපි කරන්නේ අතහැරීමෙන් යුතුවයි... නිවන් දැකලා ඉන්න අපට ඕවායේ කිසිම ආසාවක් නෑ... මේ දේවල් අපි කරන්නේ නිවන් දැකල යි... මේ දේවල් වලින් විමුක්ත වෙලා නිසා අපට මේ දේවල් කරන්න කිසිම වෙහෙසක් නෑ... ප්‍රශ්ණයක් නෑ...” කියලා අපේ සම්මා සම්බුදු පිය රජුන්ට ඉතින්, හොඳින් ම ඔය විකාර සහගත වූ පොරයේ නිරත වෙන්නට උපදෙස් දෙන්න හොඳින්ම පුළුවන්කම තිබුනා නේ!

රජවරු... සිටුවරු... අති සුන්දර කුමාරිකාවන්.. සිටු දියණියන්... විවාහ වෙන්නෙත් නැතිව පැවිද්දට එන විට... ගිහි ජීවිතයේ පවා ගිහි කටයුතු අතහැර විමුක්තිය පිණිසම කැප වන විට... “ඔහොම කරන්න ඕනෑ නෑ... අතහැරීමෙන් යුතුව ඕවා කර ගන්න පුළුවන්... නිවන් දැකලත් ඕවා කරන්න පුළුවන්... ඒ නිසා ඔය කටයුතු ඔහොම ම කර ගෙන යන්න කියලා” උන්වහන්සේටත් උපදෙස් දෙන්න තිබුණා නේ.    

ජීවිත ආශාව තියේ නම් මේ විමුක්තිය කියන කාරණය අභව්‍ය යැයි” කියලා පෙන්වා දෙන්නේ නැතිව “ජීවිතය කෙරෙහි ආශාවෙන් නිවන් දැකීම පිණිස ජීවිතය රැක ගෙන කටයුතු කරන්න” නිවන් දකින්නත් ඉතින් හොඳින් සැපට නිරෝගීව ඉන්න එපැයි... තියෙන ප්‍රශ්න විසඳා ගෙන එපැයි නිවන් දකින්න!” කියලා මේ තථාගත දහම ලොවට විවර කල මූලස්ථානය වූ අපගේ සම්මා සම්බුදු ශාස්තෘන් වහන්සේට ම කියන්න තිබුණා නේ.  ඒ කාලේ විමුක්ත වූ මහ රහත් වූ ශ්‍රාවක උතුමන්ට ඒ ගැන කියන්න තිබුණා නේ. 

ඉතින්, මේ පහත් වූ... ග්‍රාම්‍ය වූ... “ගිහි” හෙවත් හිස් වූ වැඩපිළිවෙලක්... අර්ථයක් නො ලැබෙන අනර්ථයක් ම ගෙන දෙන ඉතාමත් වෙහෙසකාරී පොරයක් මහත් වූ වින්දනයක්... සැපයක් ලෙසින් දකින, කෙලෙස් සහගත වූ පැවැත්මට කැමැත්තෙන් බැඳුණු තමන් තුල වූ මේ උමතු මානසිකත්වය හඳුනා ගන්නවා වෙනුවට “නිවන් දුටු... අතහැරීම අත් දුටු... සිතකට නො ඇලීමෙන් යුතුව ඕනෑම කටයුත්තක් කරන්නට හැකියි!” කියමින් “ධර්මානුකූල ව කාමයේ හැසිරෙන ආකාරය පෙන්වා දෙන” මේ මොට්ට වූ අනුවණ සහගත වූ වරදවා ගත්තා වූ මිත්‍යා දෘෂ්ටියක් වූ තථාගත සත්ධර්මය ලෙසින් ප්‍රතිරූපකයක් ලෙසින් ප්‍රකට වෙමින් පවතින මේ පුද්ගලික කෙලෙස් සහගත මත නැණවත් ඔබ විසින් හඳුනා ගත යුතුයි! 

ගිහි පරිසරයේ ගිහි කටයුතු කරමින් “මමත් රහත් වෙලා” යැයි ප්‍රකාශ කරන ගිහි පිරිස අතරටත්... පැවිදි ජීවිතයේ දී “තෙරුවනේ නාමයෙන් කල යුතු යැයි” පවසමින් නො කල යුතු සියලු ගිහි කටයුතු කරමින් “මමත් රහත් වෙලා... මමත් ආර්ය වූ මාර්ග ඵල ලාභියෙක්...” යැයි ප්‍රකාශ කරන පැවිදි පිරිස අතරටත් එකතු වෙන්නට ඔබට වැඩි කාලයක් ගත නොවේවි! 

ඇයි දන්නවදඑය තමයි පහසු ම නිවන! කෙලෙස් සහගත සිත අපව යොමු කරන විමුක්තිය එය තමයි!  මෙන්න මේ දෘෂ්ඨි ජාලාවන් වලට පත් වන ස්වභාවය තමන් තුල විනිවිද දකින ඤාණ ලබා ගැනීම පිණිස කැප වෙන්න! 

ගිහි වේවා පැවිදි වේවා මේ කියන හීන වූ... පහත් වූ... ග්‍රාම වූ... ගිහි වින්දනය අවබෝධ කර ගනිමින් කෙලෙස් සහගත වූ... පැවැත්මට හේතු වූ වැඩපිළිවෙල හඳුනා ගනිමින් අති දුලභව ලැබූ සම්මා සම්බුද්ධ ශාසනයක දී පමණක් අවබෝධ කර ගන්නට අවස්ථාව ලැබෙන “සැබෑම විමුක්තිය... සැබෑම නිවන” අවබෝධ කර ගැනීම පිණිස කැප වෙත්වා!!! 

අප විසින් නිරන්තරයෙන් පෙන්වා දෙන්නට උත්සාහ කරන ගිහි බව සහ ගිහි වත අතර ඇති වෙනසත් පැවිදි බව සහ පැවිදි වත අතර ඇති වෙනසත් නුවණින් විනිවිද දැක ගන්නට කැප වෙත්වා!!!  ගිහි වතක හෝ පැවිදි වතක ගිහියෙක් නොවන්නටත්... ගිහි වතක හෝ පැවිදි වතක පැවිද්දෙක්ම වන්නටත් ප්‍ර‍ඥාවන්තව කටයුතු කර ගනිත්වා!!! නිදහසේ ආශාවන් භුක්ති විඳීමට සටන් කරන එවැනි විමුක්තියක් සොයන අඥානයෙකු නොවී ආශාවන් ගෙන් නිදහස් වීමට සැබෑම නිරාමිස සුව ඇති සැබෑ විමුක්තිය සොයන ප්‍රඥාවන්තයෙකු වෙත්වා!!!  

නිවීම පිණිස උපකාර කර ගත හැකි දහම් විග්‍රහ සඳහා නිර්වාණ ධර්ම වෙබ් අඩවිය ඇසුරු කරමින් සැනසෙන්න!  

Nibbana - the pleasurable lay life!

 


Those who have even a tiny sense about deep Buddhist teachings, may have already noticed that there are many replicas of Buddhism teachings. There is this quite popular opinion about Buddhism that "One can do anything without clinging to anything after the awakening or Nibbana!" and do all the stuffs which includes in the rat race!

When someone says "One can do anything without clinging to anything after the awakening or Nibbana!" and keep encouraging you to keep continue the rat race by the name of deep Buddhist teaching, you should at least investigate the facts of Buddhism!

Various opinions about the "Liberation - Nibbana - Moksha - Salvation" were always there and will be there.  A Samma Sambuddha is a one who happened to this world once a time and explaining about the actual liberation by opening to the path of real "Truth".  And this becomes a very difficult and very deep teaching to understand for most of beings.  So, what happen is that we keep continue to believe what we believe all those time as the "truth" and mistaken it for the actual "TRUTH".  We just believe Samma Sambuddha also shown another version of what we believe as "truth".  That's why it says in the Buddhist teachings "one should have a deep investigative nature, and develop certain level of wisdom to understand beyond what we believe as truth!"  Then only, you could dive in to the deep teachings!

So, as a beginning then we must at least develop our investigative nature by going through the facts.  Remember, just as a beginning only! Then what we get about the character named "Siddartha Gauthama" who introduce the Buddhist teachings to the world in this Buddha Sasana?  A prince who gave up all the luxurious life style as a prince... and his extremely beautiful wife and the kid... and gave up everything pleasurable as a lay person. 

As the person who introduce the real liberation for those who have mistaken it for something else, is the best person to say this phrase of "One can do anything without clinging to anything after the awakening or Nibbana!" and keep encouraging you to keep continue to do the rat race isn't it?

But did the blessed one do so?  Have you ever seen anywhere that the blessed one encourage anyone by saying "I can do anything because I am awakened... so, I'm planning to go back to the kingdom and do the needful as a king... I prefer going back to the royal meal as I now have no attachments to anything... I can wear anything now coz I'm free from attachments... I can go back to work as a husband and a true father because now I can love anyone without attaching to them... So, let me explain that path of liberation where you can enjoy all the pleasures in lay life and at the same time can enjoy the awakening... let's do the needful to have a pleasurable lay life... let's keep doing what we can easily do as lay people... let's makes kids... let's have some sex... let's have some political views and build a better place for everyone..."

Have you ever heard of such a Buddhism?  Yes, currently this kind of a Buddhism is getting quite popular!

If this is the kind of liberation one could achieve, the blessed one could have NOT recommended the precepts or the Disciplinary rules to those who have entered to the monkhood or practicing the path of nibbana right?  The blessed one could have said; "Oh bhikkhus, please do build proper places and keep maintaining them... ask for the lay people to support for what you are doing and ask for money and other donations because you can do it without any attachments... please do share the extra things with lay people and keep support them by pleasing them... and do actively advice the politicians and keep doing the political stuffs to make a better place because you can do anything without attaching to it with this kind of a deep understanding... etc... etc.."  Do you think the main root of Buddhist teachings, the blessed one have encouraged others like this?

NO!!! Not even a single true disciple of Buddhism has encouraged such a method.  Not even the true lay disciples have encouraged such stupidity!  Because anyone with a tiny wisdom have the true sense of the true nature of this rat race.  They know how exhausting and how meaningless is this.  They have a sense of a trap called the existence!

The blessed one said "If there is a desire for life and living, this thing called liberation is impossible for such"!  The blessed one did not encourage anyone to have a pleasurable life and maintain the life style perfectly, so that one can think about liberation after solving all the problems in life.  So, be wise my dear dhamma friends!

Do not try to fall for the easy awakenings!  Because that will definitely awaken you for another deep sleep.  There is nothing like "having a pleasurable lay life call nibbana" in true Buddhism.  It's true a worm enjoys his pile of dung as a treasure.  That's its pleasure.  and that's the liberation for it!  In another way "freedom of desires” not the Freedom from desires!

The wise beings don’t do things just because that's the easy way or that because seems right thing to do.  The wise beings always look deeper in to the matter no matter how difficult it is to understand and explore what is unknown for them.  So, defilements are one of the most difficult subject to understand. But the wise beings never give up on understanding them profoundly.  coz that's the root of existence filled with loads of suffering and reasons to suffering in various ways!  Defilements creates the various possibilities of suffering and drag us deep in to the pit hole!  So, even when you decided to overcome these you again trap by the name of liberation like we discuss here. 

There are these differences one should realize as "staying in certain life style and becoming a one" For example; you can stay in the lay life but not becoming a lay being.  you have to become an ascetic or a priest in your mind and act like one even as a person who chose to spend the time in the lay life style" You can become an ascetic or enter to the monkhood as a priest, monk or nun by changing in to robs and alms bowl but you can still be a lay being by doing and encouraging the lay stuffs.  So, you have to become an ascetic or a priest in your mind even though you chose to spend the time in the monastic life as a monk or nun"

So, there is this difference of changing the outer appearance and life style but still clinging and attracted to the worldly meaningless lifestyle. So, one should be careful not to become such a being who fight for freedom of desires!  Always remember to be a wise disciple! Have a blessed time by exploring what type of a "freedom fight" you have within!    

Stay in touch with Nirvana Dhamma WebSite!