නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, February 9, 2010

මෙය ඔබ සැම වෙත පිදෙන ඉතාමත් කාරුණික නිවේදනයකි! A special note for all the readers!

Don't waste your valuable time - ඔබේ වටිනා කාලය නිකරුනේ නාස්ති නොකරන්න!
මම වැරදි කටයුත්තක් කරනවා යැයිද මා විසින් බුදු දහම විනාශ කරනවා යැයිද පවසමින් විවිධ තර්ක වාද ඉදිරිපත් කරමින් මා වෙත ලිපි එවන්නත් නොයෙක් අදහස් පල කරන්නටත් මා දැනට කරගෙන යන ධර්මදානමය කටයුත්ත තුලින් මා හට අත්විදින්නට සිදුවී ඇත. මේ සියල්ලටම හේතුවත් පැහැදිලි කරදීමේ අදහසින් මම මේ සටහන තබන්නට කාලය වැය කරමි.
පෙර අවස්ථාවල මා විසින් ලියන ලද ලිපි තුල කිසිවෙකුගේ නමක් සදහන් නොවිනි. ඒවා මගේම ලිපි ලෙසින් පලවන විට ඒවා කොතරම් හරිද ඇත්ත තමයි ඔබ ලියන්නේ ලෙසින් නොයෙක් විදියට අගයමින් ඒ ලියන ලද දේවල් අවබෝධකරගත් ලෙසින් සිටි සුළු පිරිසක් මා මෑතකදී වහරක අභයරතනාලංකාර හිමියන්ගේ නම භාවිතා කරන විට ඔය ඔක්කොම බොරු... බුදු දහම විනාශ කරනවා... ඕක නෙවේ ඇත්ත කියලා තමන්ගේ අදහස වෙනස් කිරීමට කටයුතු සිදුකරගෙන ඇත.
මම විසින්ම ධර්මාවබෝධය සම්පූර්ණ කරගන්නා තෙක් ඒ සදහා මේ නිවන් මග පය නොපටලවාගෙන නිවැරදිව ගමන් කරන්නට වහරක අභයරතනාලංකාර හිමියන්ගේ මග පෙන්වීම ඉතාමත් රුකුලක් වූවා සේම තවමත් එය එසේම වේ. ධර්මාවබෝධය කොතරම් ලැබුවද උන්වහන්සේගේ මග පෙන්වීම තුලින් තව තවත් වටිනා කරුණු මේ මග සාර්ථකව ගමන් කරන්නට උපකාර වන නිසාම උන්වහන්සේට කරන ගෞරවයක් වශයෙන් ධර්මදානමය කටයුතු සිදුකරන කණ්ඩායම් සහ වෙනත් වෙබ් අඩවි තුල උන්වහන්සේගේ නම සදහන් කිරීමට මම කටයුතු කලෙමි.
ඒ සියලුම ලිපි ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන්නේ ඉතාමත් සුළු වශයෙන් හෝ නිවන් මගට රුකුලක් බලාපොරොත්තු වන පින්වත් පිරිසට එය සැබැවින්ම උපකාරයක් වේ යැයි සිතමිනි. එසේම බොහෝ පිරිස් එලෙස ඵල නෙලාගන්නා බව දන්වා එවන අතර ඔවුන් දැන් මාර්ගයට පිවිස ඇති අයුරු බොහෝ විට දන්වා එවන්නේත් සැබෑම සතුටකින් නිසා එය මටද අවංකවම සතුටට පත්විය හැකි කුසල කර්මයකි.
වහරක අභයරතනාලංකාර හිමියන්ගේ නම දුටු පමණනින් තමාගේ මනසින් එක් වරක් නිවැරදියි කියා ගත් තීරණයක් වෙනස් කොට එයට නිගරු කිරීමට තරම් කිසිවෙකු පෙළඹෙනු දැක සතුටු වන්නද දුක්වන්නද අනුකම්පා කරන්නද කියලා මට සිතා ගත නොහැකිය. කෙසේවෙතත් තමන් කරගන්නා දේ තමන්ටමය... වපුරන විදියටයි අස්වැන්න හම්බවෙන්නේ.
මම ඔබලා කිසිවෙකුත් ගැන කිසි‍වක් නොදනිමි. මම වහරක අභයරතනාලංකාර හිමියන් ගැනවත් නොදනිමි. එහෙත් මම මා ගැන හොදින්ම දනිමි! මම කිසිදිනෙක පුද්ගලයෙක් මත හෝ වෙනත් බාහිර කරුණක් මත තීරණයන් නොගන්නෙමි. මම මගේම මනසින් විමසා මටම අවබෝධ වුවහොත් පමණක් තීරණය ගනිමි. මම විශ්වාස කරනවා මිනිසත්භවයක් ලබන්නට තරම් මම වාසනාවන්ත යැයි කියලා. හොදින් වැඩුනු සම්පූර්ණ පංච‍ඉන්ද්රීතය තිබෙන නිසා දකින, ඇහෙන, ගන්ධයන් දැනෙන, රස විදින, ස්පර්ශ කරන දේ ගැන අවබෝධයක් ලබාගෙන හය වන ඉන්ද්රී‍ය වන මනස තුලින් තීරණයක් ගැනීමට තරම් හැකියාවක් මට තිබෙන නිසා මටත් මගේ නිවනටත් නිවැරදිම ‍දේ අවබෝධ කරගැනීමට ශක්තියක් මට ඇතැයි මම විශ්වාස කරමි. මම විශ්වාස කරනවා ඔබ සියලු දෙනාටමත් එලෙසින්ම වන නිසා ඔබ දැනටමත් මේ වටිනා ධර්ම මාර්ගය තෝරාගෙන ඇති බවට.
බොහෝ අවස්ථාවල නොයෙක් අයුරින් මම දන්වා සිටියේ සැමවිටම කව්ද කිව්වේ කවද්ද කිව්වේ කොහේද කිව්වේ කියලා විමසා බලන්න පෙර මොකක්ද කිව්වේ කියලා විමසා බලන ලෙසයි. මම නිතරම අනුගමනය කරන්නේ ඒ පිලිවෙලයි මොකද මම අවබෝධ කරගත්තා අනෙක් කිසිවක් වැදගත් නැහැ කියලා. කිව්වේ මොකක්ද කියලා අවබෝධ වුනේ නැත්නම් අනෙක් කරුණු වලින් ඇති වැදගත්කමක් නැහැ.
සමහර පින්වත් පිරිස් සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා දන්වලා එවනවා... සමහර අය කියනවා මුල් පොතේ පිටුව කියන්න කියලා... ඒ අදාල කොටස කියන්න කියලා... ඔවුන් සියලු දෙනාටම මම කියන්න කැමතියි සාක්ෂි තියෙන්නේ ඔබත් සමගමයි කියලා. ඔබ මදකට ඔබේ මනස වටා බැදගෙන තියෙන රාමුවෙන් පිටතට යොමුවෙලා බලන්න ඔබටම සාක්ෂි අත්විදින්න හැකියාව ලැබේවි. මන්ද යත් මට සැමවිටම සාක්ෂී ලැබුනේත් තවමත් ලැබෙන්නේත් මම එය ප්රාඅයෝගිකවම අත්විදින්නට වග බලාගන්නා නිසාවෙනි. මම විටෙක යමක් වැරදි ලෙසින් හෝ නිවැරදි ලෙසින් ඔප්පු වුවහොත් අන් අයට දොස් නැගීමට බලාගෙන සිටින අයෙක් නොවෙමි. මන්ද මම වැදගත් දෙයක් දැනටමත් අවබෝධ කරගෙන සිටින නිසාවෙනි. ඒ තමයි සියලුම දේ සදහා ඒ ඒ දේවල් එසේ සිදුවීමට සැමවිටම හේතුවක් ඇත යන ඇත්ත මට දැනටමත් අවබෝධ වී ඇති නිසාවෙනි. සරලවම මම සියල්ල දත්තෙකු ලෙසින් මම නොසිතමි. තවත් අයෙක් විවේචනයට ලක් කීරීමට තරම් දෙයක් මම දන්නවා යැයිද මම නොසිතමි! මම දැනටමත් මගේ ඇත්ත වටහාගෙන ඇත... ඒනිසාම මම නිවන් මග ගමන් කරන්නේ එය අත්විද සැනසීම උදාකරගැනීමට වේ.
මම ඔබ සියලු දෙනාගැන කිසිවක් දන්නේ නැති වුවත් මම මාගැන දනිමි. මගේ සිත, කය, වචනය සංවර කරගෙන මගේ නිදහස උදෙසා කටයුතු කල යුතු ආකාරය වටහාගෙන සිටිමි. මන්ද යත් මගේ නිවන මට දීමට ඔබ කිසිවෙකුටත් නොහැකි නිසාවෙනි. මා විසින්ම කාලය කැපකොට ඒ සදහා කටයුතු නොකරන තාක් මට ලැබිය හැකි නිවනක් නැත.
මට ඇතැයි කියලා සිතෙන කම් මම ලිපි ලියන්නෙමි... මුලු ලෝකයම මට විරුද්ධව නැගී සිටින දිනය වෙන තෙක් මම ලිපි ලියා පල කරන්නෙමි... වැදගත්ම දේ මම වැරදියි කියලා මටම අවබෝධ වෙනකම් මම ලිපි ලියන්නෙමි... එහෙත් එසේ යම් දිනක මම වැරදියි කියලා අවබෝධ වුනොත් මම කලේ වැරැද්දක් කියලා මම තේරුම් ගත් වහාම එය මට හැකි සෑම ආකාරයකින්ම ඔබ වෙත දැනුම් දීමට මම වග බලාගනිමි! මන්ද යත් මම වරදක් කලේ නම් මට මුලු ලෝකයෙන්ම වසන් විය හැකි වුවත් මට මගෙන්ම වසන් වීමට නොහැකි නිසාවෙනි.
මේ සටහන තැබීමේ අරමුණ ඔබ සියලු දෙනාටම වැදගත් කරුණු කීපයක්ම දැනුම් දීමට වේ. සැමවිටම ඔබ කියවන අසන දේ ගැන මෙන්ම ඔබේ පංච ඉන්ද්රීකයන් තුලින් අවබෝධයක් ලබාගැනීමට ඔබ ඔබේම මනස යොදාගන්නේ නම් මැනවි. මම කිසිවිටක මම කියන ලෙසින් කරන්න යැයි ඔබ කිසිවෙකුට බල කොට නැත. කිසිවිටක මා ලියන ලිපි කියවන්නැයි මම බල කොට නැත... මම කිසිවිටක ඒ ලිපි යටින් ඔබේ අදහස පල ‍කරන මෙන් ඉල්ලා නැත... කිසිවිටක ඇගයීමක් හෝ විවේචනයක් බලාපොරොත්තු වන්නේද නැත. මම සැමවිටම ලිපියක් ලියන්නේ එක් පැතුමක් සමගිනි....
“ධර්මාවබෝධය ලැබ නිවී සැනසීමට බලාපොරොත්තුවෙන් යමෙක් මා සටහන් තබන යමක් කියවයි නම් ඔහුට හෝ ඇයට මේ තුලින් උපරිම ඵල නෙලා ගැනීමට හැකිවෙත්වා! සියලුම ආශිර්වාදයන් ලැබ සැමවිටම නිවැරදි දේ පමණක් සටහන් තැබීමටත් වචනයකින්වත් කිසිවෙකුගේ නිවන් මග අවුරන නිවන් මගට බාධාවන කිසිවක් මා අතින් සටහන් නොතැබෙත්වා! නිර්වාණය සියලු දෙනාටම වැදගත් වන එකම පරම ඇත්ත නිසාවෙන් එයින්ම සැනසීමට පත්වීමට මේ ධර්මදානය තුලින් ඵල ලබන්නට උත්සාහ දරන සියලු දෙනාටම හැකිවෙත්වා ! යන අවංක ප්රානර්ථනය සමග සැමවිටම ලිපි ලියන්නට පෙළඹෙන්නෙමි.
මා සමග නිතර සම්බන්ධතා පවත්වන පින්වත් පිරිස හොදින්ම දන්නවා සෑම ලිපියකටම මම බොහෝ කාලයක් අරගෙන සටහන් තබන්නෙ ඇයි කියලා... සැමවිටම හොදින් නැවත නැවත පරික්ෂා කොට මාගේ අවබෝධ මට්ටමෙන් මට නිවැරදි යැයි සහතික වූ විට මම බොහෝ තැන් වලින් එකතු කරගෙන නිර්මාණය කල ලිපියක් සකස් කොට දමමි. එයට හේතුව කිසිවෙකුත් මා ලියන පුංචි වචනයකින්වත් අතරමං වනු දැකීමට මම අකමැති නිසාවෙනි. එනිසාම සමහර අවස්ථාවල මගේ දුර්වල ඉංග්රී සි දැනුමට පවා මා සමාව ඉල්ලා ඇත.
මම සැබැවින්ම ශ්රී ලාංකිකයෙකු වීමට වාසනාවන්ත වීමි. මන්ද යත් තවමත් ප්රවබල ලෙස බුදු දහම ප්රවචලිත ඉතා වටිනා රටක් වන හෙයිනි. එහෙත් අවාසනාවට එම කරුණම අපේ පින්වත් පිරිස නොමග යැවීමට හේතුවී ඇත. ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගන්නවා වෙනුවට බුදු දහම විනාශ කරනවා අප එය රැකගන්න සටහන් කල යුතුයි ලෙසින් උදම් අනමින් ඔවුන්ගේ වටිනා කාලය අපතේ ඇරගැනීමට කටයුතු කරනවා දැකීම සැබැවින්ම අනුකම්පා සහගතය. සටන් කොට වාද විවාද කොට විවේචනය කොට බුදු දහම රැකගැනීමට නොහැකිය. තම තමන් විසින් බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් අරි අට මගෙහි නොපමාව ගමන් කොට රාග, ද්වේශ, මෝහ සහගත කටයුතු වලින් මිදීමට කටයුතු කොට අදාල ඒ ඒ ඵලයන් ලබාගත් විට බුදු දහම ඉබේම රැකී තිබේවි. කිසිවෙකුටත් කිසිවිදියකින් පරම ඇත්ත විනාශ කිරීමට නොහැකිය. මිලියන ගණනින් බුදු දහමට විරුද්ධව නැගී සිටියත් බුදු දහම ලෙසින් වැරදි ධර්මයක් මිලියන ගණනින් පැතිරී ගියත් බුදු දහම විනාශ නොවේවි. අප මහා ගෞතම සම්මා සම්බුදු ර‍ජාණන්වහන්සේගේ බුද්ධ රාජ්ය යට දැනටමත් කාලය නියම වී අවසානයි. එය අදාල කාලයට වඩා දවසක්වත් ඉදිරියට ගෙන යාමටවත් අදාල දිනයට කලින් විනාශ කිරීමටවත් අප කිසිවෙකුටවත් කිසි ලෙසකින් කල නොහැකියි.
මෙවැනි සටහනක් තබන්නට සුදුසු කාලය නිසාම එසේ කරන්නට පෙළඹිනි. කුඩා කල සිටම මම අවබෝධ කරගත් දෙයක් වේ. එනම් කිසිවක් සිදු කරන්නේ නැති තාක් එයට සහායට හෝ විරුද්ධව නැගී සිටින්නට යමක් නැත. යමක් කරන යමෙකුට සැමවිටම ඇගයීමට සහ විරුද්ධ අදහස් සමග පෑහෙන්නට සිදුවේ. ඉතින් සැමවිටම යමක් පටන්ගත්විට එයට විරුද්ධව එන සියලු දේ ගැනද බලාපොරොත්තු විය යුතුමයි. මන්ද සැමවිටම මම යමක් සිදුකලේ නම් එය සම්මත රාමුවෙන් මදකට පිටින් ගිය දෙයකි. මම විශ්වාස කරනවා මට නිවන් අව‍බෝධය ලැබීමට නොහැකි නැත යන්න. මන්ද සියල්ලන්ටම වඩා මා හදුන්නන්නේ මමය.
මෙය තම තමන්ගේ වටිනා කාලය නාස්ති කොටගෙන මමත් මගේ වැඩකටයුතුත් හෝ වහරක හිමියන් ගැන හෝ තර්ක වාද කරමින් සිටින පින්වත් පිරිස වෙත කරන කාරුණික නිවේදනයකි.
ඔබ විශ්වාස කරන දෙයක් ඇත්නම් එය අනුගමනය කිරීමට තරම් කාරුණික වන්න. ඔබ අන් අයෙකුට මෙය වැරදියි කියලා කියනවා නම් ඔබ නිවැරදි දේ දන්නා අයෙක් වෙන්නට පුළුවන. එනිසා ඔබ දන්නා දෙය වැදගත් විදියට අන් අය සමග බෙදාගැනීමට කටයුතු කිරීමත් ඔබ දන්නා නිවැරදි දේ තුලින් ලැබිය හැකි උපරිම ඵලය නෙලාගැනීමත් වඩාත් සුදුසු යැයි මට සිතේ. මන්ද යත් අවසානයේ දිනිය යුත්තේ ඇත්ත පමණි. මෙය ධර්මදානය සිදුකිරීමේ තරගයක් නොවේ. කුමන ශ්රානවකයා පලමුව නිවන් දකිනවාද යන තරගයකුත් නොවේ. බුදු දහම වෙනුවෙන් සටන් කරන ඔබ වෙනුවෙන් නිර්මාණය වූ සම්මානයක්ද නැත. ඔබට ලැබිය හැකි එකම ගරු සම්මානය නිවන පමණි. ඔබ ඔබේම ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කොට නිවන් අවබෝධ කොටගෙන ඔබවම ගලවාගන්නවා මිස බුදු දහම රැක්කායැයි ඔබව ගලවාගැනීමට මිහිපිටත් ඉන් පිටත් කිසිවෙකුත් නැත.
භික්ෂූන් වහන්සේලාගේ නම් ගම් හෝ පොත් පත් හෝ උන්වහන්සේලාගේ ප්රමසිද්ධිය අපේ නිවනට අදාල නැත. නිවන සදහා වැදගත් වන එකම දෙය නම් අප කොතරම් දුරට ධර්මාවබෝධය ලබනවාද ඒ තුලින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නොපමාව ගමන් කොට නිවන් ඵලය ලබනවාද යන්න පමණි. ඔබටත් මටත් ත්රිකපිඨකය කටපාඩම් කරගෙන සිටින්නට පුළුවන... එහෙත් එහි වචන පිටුපස සැගවුනු ගැඹුරු ධර්ම අර්ථයන් අපට නොවැටහෙන තාක් එයින් අපට ලැබිය හැකි ඵලයක් නැත. අප ජයගත් පිරිසක්ද නොවේ.... අප කිසිවෙකුත් නොවේ... උතුම් අරිහත් ඵල ලැබූ උත්තමයන් ඉදිරියේත් අරි අට මග ගමන් කොට නොයෙක් ඵල ලැබූ උත්තමයන් ඉදිරියේත් අප කිසිවෙක් නොවේ...
සමින්ද රණසිංහ වැනි උතුම් මිනිසුන් විසින් ත්රි.පිඨක පොත් පෙල නොමිලේ ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත. එය සිංහල සහ පාලි යන ‍කොටස් දෙකෙන්ම යුතු බුද්ධ ජයන්ති ත්රිලපිඨක මාලාව වන අතර ඔබට එය මේ සම්බන්ධය ඔස්සේ ලබාගැනීමට හැකිය. http://www.aathaapi.org/Thripitaka.html. කියවන්න... අවබෝධ කරගන්නට උත්සාහ කරන්න... ඒ උතුම් ධර්මය කියවන විට මට අවබෝධ වූ දේ ඔබට අවබෝධ නොවීම මගේ වරදක් නොවේ. ඔබටත් මටත් අවබෝධ කරගැනීමට නොහැකි දෙයක් වහරක අභයරතනාලංකාර හිමියන්ට අවබෝධ කරගැනීමට හැකිවීම උන්වහන්සේගේ වරදක් නොවේ.
මගේ ඉල්ලීම නම් ඔබ ඔබේම මනස පාවචිච් කරන්න යන්නයි. එය විවෘතව පැහැදිලිව යොදවන්න... පිරුණු කොප්පයකට කොතරම් පිරෙව්වත් එය පිරෙන්නේ නැහැ දමන සියල්ල අහක යනවා පමණයි. එසේම මනස දැනටමත් කරුණු බොහෝමයකින් පිරිලා නම් යලිත් එකතු කරන්න හදන කිසිවක් එයට එකතු නොවේවි... පිටාර ගලා යනවා පමණයි...ඔබේ නිවනට අදාල දේ පමණක් මනසේ රදවාගෙන ඉතිරියට යන්නට ඉඩ හරින්න... ඔබ මනස පුරවාගන්නා තරමට ඔබ ඔබේම මනසේ සිරකාරයෙකි.. ඔබ අවබෝධ කරගන්නා දේ කොතරම්ද ඒ තුලින් ඔබ නිදහස ලබන අයුරු ඉගෙන ගනීවි... විවේචන... විචාර... තර්ක වාද... සටන් පාඨ සියල්ලම අවසන් විය යුත්තේ ඔබ ඔබේ සැබෑ නිදහස උරුම කරගෙන පමණි.
කිසිවෙක් හෝ කිසිවක් ඔබේ මනස විනාශ කරන්නේ නම් එයට විරුද්ධව සටන් කරන්න... කිසිවෙක් හෝ කිසිවක් ‍ඔබේ සීලය සොරකම් කරන්නේ නම් සුචරිතවත් බව සොරකම් කරන්නට හදන්නේ නම් එයට විරුද්ධව නැගී සිටින්න... ඔබේ නිවන උදෙසා වීර්ය නැති කීරමට යමෙක් කටයුතු කරයි නම් එයට විරුද්ධව තර්ක කරන්න... කිසිවෙක් හෝ කිසිවක් බලහත්කාරයෙන් ඔබේ මනසට ඇතුලුවෙන්නට වෙර දරයි නම් එය විකෘති කරන්නට හදයි නම් තර්ක වාද විවේචන සටන් පාඨ රැගෙන නැගී සිටින්න... අප විසින් අපේම මනසට කරගන්නා ආබාධ කිසිවෙකුගේ වරදකින් සිදුවන්නක් නොවේ. එයට වරදකරුවන් අපම වේ.. අප අපේ මනසේ පාලනය අපේ අතට ගත් විට කිසිවෙකුට අපව වැරදි මාර්ගයට යොමුකරන්නටවත් වැරද්දට පොළඹවන්නවත් අතරමං කරන්නවත් ඔවුන් කියන දේ පිලිගැනීමට අසරණ කරන්නටවත් නොහැකිය. නිදහසේ තම තමන්ට වඩාත් වැදගත් කුමක්දැයි සිතා බලන්නට උත්සාහ කරන්නේ නම් මැනවි!
අප සියලු දෙනාටම නිවන උදෙසා වැදගත් වන්නේ රාග ක්ෂය, ද්වේක්ෂය, මෝහක්ෂය වේ. ඔබත් මමත් තවමත් අවිද්යාටවෙන් යුක්ත වන්නෝ වෙති. ඉතින් අප දෙදෙනාමට මම හරි ඔබ වැරදියි කීමට අයිතියක් නැත. මම ඔබට වඩා උසස් ඔබ මට වඩා උසස් යැයි සිතන්නට නොහැකියි. අප දෙදෙනාම ඉන්නේ එකම ඔරුවකයි... අප දෙදෙනාම ඒ ඔරුව පැදගෙන ගියේ නැත්නම් දෙදෙනාගේම ජීවිත අනතුරේමය. අන් පුද්ගලයා‍ ඔරුව පදින විදියේ අඩු පාඩු නොසයා එය පදින්නේ ජීවිතය බේරාගන්නා පැත්තටම නම් තමන්ගේ පාඩුවේ තමන්ට අදාල කොටස නිවැරදිව සම්පූර්ණව කිරීම ප්රයමාණවත් වේ. සියල්ලන්ම අන් අයගේ අඩු පාඩු සෙවීමට ඔවුන් නිවැරදි කිරීමට කටයුතු කිරීමට වැය කරන කාලයත් තමන් නිවැරදි කරගැනීමට යොදාගන්නේ නම් කිසිවෙකුත් වැරදි නොකරාවි!
ඔබෙන් අයෙක් මා මැරුවත් ඔබ සමග අමනාප වීමට තරම් හේතුවක් මට නැත. මන්ද ද්වේශ සහගත සිතකින් ලැබිය හැකි නිවනක් නැත යන්න මම අවබෝධ කරගෙන ඇත්තෙමි. එමෙන්ම සැමවිටම ලැබෙන යහපත් ප්රිතිචාර පමණක් බලාපොරොත්තුවෙන් ඒවාට ඇලීම තුලින් රාග සහගත සිතකින් ලැබිය හැකි නිවනක් නැත යන්නද මම අවබෝධ කරගෙන ඇත්තෙමි... මා අ‍වබෝධ කරගන්නා යමක් ඔබ සමග බෙදාගෙන එයට ‍ලැබෙන යහපත් දේ සදහා සතුටු වීමටත් අයහපත් ප්රලතිචාර සදහා ගැටෙන්නටත් යාම මගේ අවිද්යාැව මිස වෙන කවරක්වත් නොවන බවත් ඒ අවිද්යාුව ඇති තාක් මට ඇති නිවනක් නැති බවත් මම අවබෝධ කරගෙන සිටිමි. මම සටහන් තබන්නේ මා වැනි එක් පුද්ගලයෙක් හෝ මේ ලෝකය තුල ඇතැයි යන සිතුවිල්ල මතයි. ඒ පුද්ගලයාත් මා මෙන්ම අව‍බෝධය තුලින් තීරණයකට එළැඹ තමාගේ නිදහස උදාකරගැනීමට කටයුතු කරාවි යන සිතුවිල්ල මත පමණි.
මේ පැවැත්ම සසර ගමන අප සිතනවාට වඩා අති භයංකරවේ. අන් අය විවේචනය... තර්ක වාද... සටන් ආදිය නිවන් මග සදහටම වැසීමට පවා හේතුවන කරුණුවේ. මා සටහන් තබන කිසිවක් හේතුවෙන් කිසිවෙකුට එසේ අයහපත් ඵලයක් ලැබෙනවාට මම කිසිවිටකත් කැමති නැත. කාරුණික පින්වතුනි මේ සියලු සටහන් තුලින් මේ සියලු වෑයම තුලින් පවසන්නට හදන අරුත් වටහාගෙන තම තමන්ගේ නිර්වාණය උදෙසා කටයුතු සිදුකරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි... බුදු දහමත් එවිට ඉබේම රැකේවි! සම්මා සම්බුදු පියාණන්ගේ අවසන් වදන් අමතක නොකරන්න... සරලවම ප්රා.යෝගිකව තම තමන්ගේ ආර්ය මාර්ගය පූර්ණය කොට ගෙන නිදහස නිවන ලබන්නැයි කල ඉල්ලීම අමතක නොකරන්න.
නැවත නැවතත් කාරුණිකව ඉල්ලා සිටින්නේ නිවනට කිසිම විදියකින් රුකුලක් නොවන දේ මත කාලය ‍වැය කොට පසුතැවීමට කටයුතු කරනොගන්නා ලෙසටයි. ඔබට මා ලියන කිසිවක් කියවීමට කිසිදු බලපෑමක් නැත... අකමැති අය නොකියවා සිටීමම යහපත්වේ. මන්ද අප සැමවිටම අපගේ සිත, කය, වචනය හැසිරවිය යුත්තේ අපගේ නිවන උදෙසා යහපත්වන වැදගත් වන යමක් උදෙසා පමණි. ඔබට මා ලියන කිසිවකින් එසේ වැදගත් යමක් නැතිනම් ඒ සදහා කාලය අපතේ යැවීම නුසුදුසු වේ.
දැනටමත්‍ මෙම ලිපි කියවමින් ඉන් ඵලයක් ලබන අයෙක් වේ නම් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබේ මනස විවෘතව භාවිතා කොට නැවත නැවත කියවමින් ඇසුරු කොට සිතමින් අර්ථය අවබෝධ කරගන්නට උත්සාහ දරන ලෙසයි. අප විභාගයකට පෙනී සිටීමට මේ කිසිවක් කියවන්නේ නැත... ඇසුරු කරන්නේ නැත... කිසිවෙකුට වඩා ගත හැකි වැඩිම ලකුණු ප්රඇමාණයක් නැත... හොදම අවබෝධ කරගන්නා පුද්ගලයා තේරීමේ තරගයක්ද නැත... අප සියලු දෙනාම ලබන්නට යන්නේ එකම නිවනකි. නිවන පුද්ගලයන් අනුව වෙනස් වෙන දෙයක් නොවේ. නිවන නිවනම වේ. එක් එක් පුද්ගලයාට නිවන කරා ගමන් කරන මාර්ගය තම තමන්ගේ පෞද්ගලික චරිත ලක්ෂණ අනුව තම තමන්ට ආවේණික වරද නිවරද කරගෙන ගමන් කල හැකි ලෙසින් ධර්මාව‍බෝධය උපකාරවන අතර අවසන සියලු දෙනාටම ලැබිය හැක්කේ එකම එක නිවනකි. මෙහි හොදම ධර්ම ලිපිය තේරීමේ තරගයක්වත් හොදම ධර්මය තේ‍රීමේ තරගයක්වත්... හොදම කණ්ඩායම තේරීමේ තරගයක්වත්... වැඩිම සාමාජිකයින් සිටින කණ්ඩායම තේරීමේ තරගයක්වත් නැත! නවීන තාක්ෂණය යහපත් ලෙස භාවිතා කිරීම සියලු දෙනාගේම යහපත පිණිස වේ! ලද අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙලාගැනීම තම තමන්ට අයත් වගකීමකි!
පරම ඇත්ත ඔබෙන් වැඩි ඈතක නොවේ... ඔබේ මනස මදක් විවර කොට එය වටකොට තනා ඇති වැටකඩුලු මතින් ඔබ්බට ගොස් විමසන්න... මනස මදකට හිස් කොට ඇත්ත අත්විදින්න උත්සාහ ගනිත්වා!
බුද්ධ, ධම්ම, සංඝ යන සැබෑ තිසරණයේ ආශිර්වාදය ලැබ තම තමන් උදෙසා යහපත්ම වැදගත්ම ඵල නෙලාගැනීමට ඔබ සැමට සම්මා සම්බුදු සරණින් හැකිවෙත්වා!

This is a kind & important note for all of you my Dharma friends,
I recently gone through many message & comments made by few people by saying what I’m currently doing very wrong and also I’m destroying the Buddhism. I also like to write the reason behind these issues.
Earlier I have written articles without mentioning anyone else’s name in my groups or blogs. But then I started mention the name of the Waharaka Abayarathanalankara Bhikku’s name as his guidance help me a lot to follow the path correctly and till I improve my knowledge of Dharma his guidance was a great support for me all the time.
I started creating groups & blogs by thinking that it will be at least a tiny support for those who really need to attain Nirvana or those who really interesting in pure Buddhism which guide us to our own freedom. My wishes were successful. Many friends already written me how they understand all these things and how important is to follow the path to freedom.
Meantime some people in Sri Lanka who appreciate what written in my articles earlier as soon as they see the name of Waharaka Abayarathanalankara Tero’s name started saying what I have written are false and not true at all… and I’m destroying the Buddhism. I don’t know whether to be happy or worry to see bunch of people who decided something is right through their own mind and then they change what they decided already by seeing the name of a person.
I don’t know about others… I don’t know about you… I even don’t know about Waharaka Abayarathanalankara Bhikku… BUT all I know is about ME! I never make decision upon the person or the names and other external things… I make decision when I understand something through my own mind & knowledge. I believe I’m lucky to be a human being. I have my 5 senses well develop & normal where I can see, hear, smell, taste, touch things and through them I am improving my 6th sense which is MIND by deciding the best for me & my freedom. I believe all of you got the same possibilities as you already select a one unique path to follow to save your own selves.
Many times I request through many ways that better to see WHAT is written or WHAT said than looking for who said or who write… and when said and when write… I always looking for what said or what is written because I know that the rest is really not important.
Some are looking for proof. Some looking for the place where these are written…. For them I like to say Proof is WITH YOU… if you think a little out of the frame you create around your own mind you can experience the proof… because I found and still find the proof for everything what I need by testing it practically… I don’t blame others it something is not possible to prove right or wrong… because I understand behind each & everything there is a reason. I simply don’t believe that I know everything… I even don’t believe that I know enough to criticize you! I already understood the reality of myself… and I’m walking the path which I already felt as the best for me to realize the truth through my own experiences.
Even though I don’t know about you all I know about me & how to discipline my own mind, body & words for my freedom… because my freedom is neither yours nor any of you can give it to me… I should spend my own time to realize it and I should work hard to correct myself.
I will write till I feel enough… I will write till whole world stand against me for what I’m doing currently… most importantly I will write till I understand that I truly really doing a wrong thing… but as soon as I understood that I’m wrong I’ll let whole world through every possible way that I was wrong! Because I know that IF I DO WRONG FOR ANY ONE ELSE EVEN I HIDE FROM THE WHOLE UNIVERSE I CAN’T HIDE FROM MY OWN SELF.
I write this note to let you all know use your own mind to understand what you read & listen or grab through your 5 senses. I never ask any of you to do as I say… I never force you to read what I write… I never ask you to make comments on what I write… I never expect any compliments or any praises for what I’m doing… I always write with a simple wish… that is “May I get all the blessings from all the responsible areas to write the best for others where there is not even a single word written by me help to mislead or misguide others and close their path of nirvana as the nirvana is the only important & valuable truth someone can really achieve and may I get all the courage & wisdom to write all the needful things correctly for those who really seek for these dharma facts as I did and I still do”
Those who know me already know why I always take time to publish something on groups or blogs or notes… because I wanted to test again & again what I write before I share with you all… I always collect facts each possible ways and try to write a complete article just because I don’t want to misguide anyone even through a single word… That is why I sometimes even apologize for my English knowledge also.
I’m really lucky to be a Sri Lankan. Coz the Buddhism is still so strongly popular in everywhere in this country. But I feel unfortunately that very valuable fact is misusing by our own people. Than taking advantage on what they already have they waste their time to blame others for destroying Buddhism. Buddhism is not something to protect by fighting or arguing… it is protecting when more of you follow the path to nirvana and achieve levels in the path step by step. No one or nothing can destroy the truth. There may be zillions against Buddhism and there may be zillions who spread the wrong things by using the name of Buddhism. But the truth never destroys. The time for the Greatest Gautama Samma Sambuddha’s teachings is already decided and no one keep alive the teachings more days than decided and no one can destroy it before the day decided.
I write this note because I feel now it is time to write such a note with regards to the issues I’m going through. I know from the childhood that without doing anything the praises or critics will never arise. For those who do something has to go through the praises & critics both. So I always expected things against when I ever started anything. Because most of the time I started things out of the frame. I simply believe I can become my own savior by attaining Nirvana. Coz I KNOW ME than anyone else.
This is a kind note for those who waste your valuable time to argue with me or Waharaka Abayarathanalankara Tero.
Please try to follow what you believe. If you all blaming for us that we are wrong you may be know what is right… then the more respectable way is follow what you believe right and achieve the highest level for yourself. Coz finally the truth should win. It is not competitions of sharing dharma… neither a competition between the followers who achieve nirvana first… there is no award presented for screaming & fighting to save Buddhism. The only award you can achieve is Nirvana… as long as you follow your own eight fold path practically and achieve your own nirvana no one will be there to save your for saving Buddhism.
The names of Bhikkus… names of books… the popularity of Bhikkus are not the important for our nirvana. How far we understand the dharma and how far we practically follow the path to nirvana is the only importance. Even I or you can recite the Tripitaka as long as we don’t understand the hidden Dharma meaning behind those text we are not winners… we are nothing… we are nothing when compare to the greatest Arihats & those who already completed level in this path. Some great human beings like Mr. Saminda Ranasinghe allowed Sri Lankan people to download the Pali & Sinhala version of Tripitaka for free and you can download it through this link http://www.aathaapi.org/Thripitaka.html. Read and understand… if you didn’t understand what I understood when reading Tripitaka it is not my fault neither yours. And if you & I both didn’t understand what Waharaka Abayarathanalankara Tero understood it is not his fault neither ours.
My request is please use your own mind. Use it clearly and openly… when the cup is already filled there is no space left to fill more and whatever filling will be over flaw. So as to the mind… if you already filled your mind with the tradition and the teaching you learnt through many years whatever newly going through the mind will be just over flaw and pass through the mind like just a breeze. Keep only the important thing for your freedom. Because as much as you are filled with many things you are prisoner of your own mind… as much as you understand things you start to learn to be free… arguments… fighting… criticizing… everything should be end up with your own freedom.
If someone or something start destroying your mind then start fighting against it… if someone or something trying to steal your discipline… your virtuousness then start fighting against it… if someone or something trying to destroy the courage you have for your freedom then start arguing with it… if someone or something come to you and enter to your mind by force to spread what they believe then start criticizing and fighting against… Whatever the trouble we make for our own mind is nothing but our own faults & believes. No one can make us mislead or misguide if we take the power to drive our own mind truly to the better side. Feel free to think what is best for you.
For us most important for nirvana is getting rid of desire, hatred & ignorance… You & I still with ignorance… so we both don’t have the rights to say I’m right than you… I’m better than you… we both are still in the same boat and we both should row the boat to save ourselves from the dangerous chute. There is no point of finding the method of rowing the boat as long as it’s possibly guiding to the safe zone. So than finding the fault in other person & trying to make other person correct… try to make yourself correct and do your activities correctly for your freedom… When we correct our own self alone there will be no one left to be correct!
There is no reason for me to angry with any of you even you come and kill me. Coz I know I can’t attain nirvana with hatred filled in my mind. And also I know I can’t attain nirvana with a mind filled with desire to see praises and good comments all the time below what I write. And if I share what I understood as correct by expecting praises and good comments and going against what come against I know that is my ignorance and there is no support from that to my nirvana. I write things by thinking at least there will a single person who think like me and understand things like me and will decided to save he or she like me.
This life circle and existence is more dangerous than we imagine. The criticizing… arguing… fighting with others may possible to close the path to nirvana forever. I don’t like to see that happening to anyone who contacts me with regards to the dharma topics. So please dear human beings try to understand the meaning of doing all these things and try to save your own self. The Buddhism will be saved then automatically. Don’t forget the last word of Greatest Samma Sambuddha which simply say follow the path practically and become our own saviors.
Kind requests you all to don’t waste your time on useless things which is not important to your nirvana. If you feel what I write is not important at all for the nirvana please stop reading it. Because we should always use our mind, body & words for something useful and that is better always using for your freedom. Those who decided to read continuously what I write then please read them many times as possible with an open mind and revise what you read and try to understand the meaning behind. We are not going to face to an exam… there is no high score nor no best achiever… we are going to attain the same nirvana and nirvana is not different person to person although the way we follow the path to nirvana is personal. There is no competition who’s writing the best article or who’s having the best group or blog with many members…
The Truth is not far away from you… open your mind to and breaks the boundaries you create around your mind and feel free to empty it to realize the truth!
May Triple Gem Bless you to achieve best for you!

Thursday, November 5, 2009

Understanding the major points before we practice!


First of all we should clarify Fondness (Aleema), Conflict (Gateema) & unawareness (Mulawa) which also know as Desire/Hope (Ragaya), Anger/Hatred/ thought of conflict (Dweshaya) and ignorance/false vision (Mohaya).

Fondness (Aleema) -                         This can compare to the fall – line.  We all know what falls are.   They are truly attractive but very dangerous also.  So Fondness is like the fall – line.  That place is very slippery & also difficult to stay without a risk.  If someone is trapped there what will happen to him or her?  They should stay very carefully… a simple mistake will cause them to lose their lives.  Like that fondness also very dangerous.  When you keep attract to things and being very fond of things you see, hear, smell, taste, feel or think the result you gain through them also like the results which gain through by stay in a fall – line.  Very dangerous isn’t it?

Conflict (Gateema) -                          This can compare to the brow.  We all know what cliff is.  And cliff has a brow which is very dangerous.  If someone trapped in such a brow what will happen to them if they do a simple mistake?  Their lives in a risk aren’t it?  They should stay very carefully otherwise they will lose their lives or broke their bones.    Like that thoughts of conflicts also very dangerous.  When you keep disagree to things and being very fond of things you see, hear, smell, taste, feel or think the result you gain through them also like the results which gain through by stay in a fall – line.  Very dangerous isn’t it?

So this is how these 2 facts give dangerous results when we so much attach to those 2! 
Even though we know the risk of being fall – line or the brow of a cliff we can’t move out of that risk… but why… because of unawareness.  Being unawareness is like entrenched somewhere.  When a tree has roots so deep into the earth it is difficult to remove.  Likewise people who being unawareness by becoming so fondness & conflicts are also deep-rooted to the condition they are stay.  Even though they know the risk of fall – line or the bow they can’t take step forward for the safe side as they are so ignorant & deep – rooted to the place they spent such a long period.  We should break the roots of unawareness and become our own saviors. 

So fondness or the fall – line is compared to the Desire/Hope (Ragaya) when we are ignorant  & unawareness we attach to this desire or hope or ragaya so much as we become deep – rooted in that conditions which is very risky.  Also the conflict or brow is compared to the Anger/Hatred/ thought of conflict (Dweshaya) when we are ignorant & unawareness we attach to this anger or hatred or conflict or dweshaya so much as we become deep – rooted in that conditions which is very risky too.

How ignorance behave when we see things? 
Ignorance cause us to keep magnetize to the things we accept as attractive.  Ignorance play its role very nicely by giving us many hopes as to grab the attracted things for ourselves…  ignorance cause us to give the thinking of see the attracted things again & again & again… ignorance make us to infected by confliction when we can’t see the attractive things.  Ignorance makes us to fight for the pleasant things and reject the unattractive things… ignorance cause us to remind the thing those unattractive or unpleasant and it create anger / hatred or ignorance makes us to remind those pleasant attractive things and keep attach to those with desire, hope or fondness…!           
Ignorance being so tricky to catch us in each possible way which is through our 6 senses and it has been trapped us in to this life circle!

What you feel now?  Don’t you feel as destitute as being caught to these useless fondness, hatred & ignorance?  Don’t you think we should get rid of these dangerous tricks?  Don’t you feel that we are expecting protection by keep putting us to the danger every time?  Do you feel that there is anyone or anything that can help us or protect us?  Don’t you feel that we should save our self not anyone else?    

We see things as we have eyes to see things… We hear things as we have ears to listen things… We smell things as we have a nose to smell things… We taste things as we have tongue to taste things… We feel things as we have a body to feel… and we think many things as we have a Mind with us… these are natural behaviors which we can’t stop. 
When we see things we categories those things according to the way we observe… we accept some as attractive… nice… and expect to see them again & again…! Some are unattractive… not nice… and we expect NOT to see them ever again… this is what everyone practice… can you say NO?  Now please don’t think that I am telling something impossible to practice.  please don’t think that I am asking you to be like blind people while you have seeing ability… please don’t think that I am asking you to be like deaf people while you have listening ability! 

Why we need a meditation?
We need a meditation to get rid of these 3 which are most dangerous to us!  We need a meditation to get rid of Fondness (Aleema), Conflict (Gateema) & unawareness (Mulawa) which also know as Desire/Hope (Ragaya), Anger/Hatred/ thought of conflict (Dweshaya) and ignorance/false vision (Mohaya).  We need to find the cause to these things and clear the cause… then the effect also won’t be with us.  We need a meditation to clear these causes.

How we select our own meditation method & what we should do before practice the meditation?
What we hear in present mainly as sermons are common to everyone.  No one ask to select the meditation methods according to our own self.  But Lord Samma Sambuddha never ask to follow what he said just because he said it… he never ask anyone to accept anything just because he said it… he ask us to revise what we listen and realize what we heard by our own selves.  Mainly what we can see in the Dharma & the most characters who achieved Nirvana on those days has taken a Karmastana (method of meditation) to their selves and understood that clearly and practice it then they achieved the final result successfully.  And most of the time they never even bother to ask the same thing again & again from Lord Samma Sambuddha once they had their Karmastana they come back in a while and report that they achieved the results.  Very rarely some bothered to come back in the middle and explained the difficulties they are going through and to get the solutions. 
Are we attracted to each and everything in this world?  Do we hate each and everything in this world?  How common is one’s attraction or one’s disagreements among others?  Do you believe what you attract will attract all beings in this entire world?   Do you believe that what you hate is the same thing which all beings in this entire world hate?  NO!!  No one is attracting to the same things always & neither have they hating same things.  Desirability and disagreements differ to the persons by persons.  No one can say “you should like the same things which I like… or you should hate the same things which I do”… if someone is thinking like that he or she is stupid which covered with high ignorance.  We can’t measure others likeness or unlikeness with same measurement we use for ourselves.

First of all we should clear where we exactly attract & where we disagree!  Because if there is anything which is NOT attracted to us or anything we DON’T hate simply we don’t have to bother for those things.  If I explain that in this way as an example;

I simply don’t attract to cricket.  I don’t even disagree or hate cricket. If I explained that in a simple way cricket is a neutral thing for me.  I don’t care what ever happen with cricket as I don’t like it nor do I like it!  So that is a place where I don’t have to get rid of desire as I don’t have desire for it… so as that is a place where I don’t have to get rid of anger as that don’t create hatred for me…  so do I have to waste my time with cricket to get rid of desire or anger?  No! Because, I don’t create desire or anger with cricket! 

I attracted to a nice songs where I like to listen it again & again.  I have desire or fondness to listen those nice attractive songs through my ears.  When I hear a song which is not attracted me I feel angry… I feel why the hell people need to create such worst songs… or how the hell they become singers… So I get Desire for the song I like to listen and the anger for not getting the chance to listen what I like all the time.  Simply I expected things to be kept the way I want & I created anger, hatred where I didn’t get it.  I have a hope to listen pleasant songs all the time and when something arises opposite to my hope I feel unpleasant and created hatred / anger.   
So now, don’t I have to get rid of these desire & hatred which I created because of a song?
YES! I really need to get rid of what I created.  This is where I need my meditation practices to help to be safe.  This is where I need to see my wisdom arising to erase the ignorance!

So on that time meditation has become personalize JUST FOR ME.  Because, I use it for me & get rid of my own problem… not yours. 
Likewise we should understand where we attract…which visions, which listening, which fragrances, which tastes, which feelings, which thoughts and where we create anger or hatred.  And we should personalize the meditation to ourselves at those points!  Through this method we enhance the level of understanding of our own self!  We enhance the wisdom to see the truth through our self!  And this is call “We realize the Arya path by our own self!”       

I explain all these for you to give the most successful meditation method which Lord Samma Sambuddha recommended for everyone till the last achievement Nirvana!  I explain all these risks we going through to realize how important we to practice this meditation for become our own saviors and not to ignore these article or method of meditation as just another dharma fact of Lord Samma Sambuddha!  I explained all these in this article for you to realize that the meditation method call Indriya Meditation or the Mediation of awareness is NOT just another meditation to read & forget. 

When some person has realized the risk of being caught to desire, anger & ignorance that person will surely value these dharma facts.  And also that person will make a promise to him or herself to become their own savior and grab these valuable facts and practice the shown path & method and also he or she will DEFINITELY SUCCEED.  I will do my best to explain this in the way which is clearer for each one of you as this is a main point for everyone those who practice to achieve Nirvana to be safe from this endless suffering!  

So till the most important article prepared for you all…
I bless all of you to realize the danger of Fondness (Aleema), Conflict (Gateema) & unawareness (Mulawa) which also knows as Desire/Hope (Ragaya), Anger/Hatred/ thought of conflict (Dweshaya) and ignorance/false vision (Mohaya)!
I bless all of you to realize these facts deeply and get the ability to become your own saviors!
May all worlds all beings attain Nirvana!
  
නිවන උදෙසා භාවනාවට යොමුවීමට පෙර දැනගත යුතු අති සුවිශේෂී කරුණු එකතුවකි!
ඇලීම, ගැටීම සහ මුලාව හෙවත් රාගය, ද්වේශය සහ මෝහය ගැන දැනගැනීමත් එහි භයානකත්වය දැක එයින් මිදිය යුත්තේ ඇයි කියලා පළමුවෙන්ම තෝරාගැනීම වැදගත් වෙනවා.  ඇලි ඉම - ඇලීම, ගැටි ඉම - ගැටීම, මුල ආව - මුලාව... ඇලි ඉමයි, ගැටි ඉමයි මුල ආව තැනයි තමයි අති භයානක තත්වයන්.  අපි එකින් එක උපමාවක් තුලින් තෝරා ගනිමු! 
ඇලීම - ඇල්ල කියන එක අපි දන්නවා... වතුර පාරක් ගලාගෙන ගිහින් විශාල ප්‍රපාතයකට කඩාවැටෙනවා නම් එය ඇල්ල... දිය ඇල්ල කියලා අපි කියන්නේ... ඉම කියලා කියන්නේ ඒ ඇල්ලේ වතුර කඩාවැටෙන තැන ආශ්‍රිතවම තියෙන කෙලවර තැන... ඇ‍ල්ලෙ ඉමේ හිටියොත් ඇල්ල් ඉමේ දිය සෙවල බැිලා තියෙනවා ලෙස්සලා යනවා... කකුල පොඩ්ඩක් ලෙස්සලා ගියොත් කොහොමට හිටියිද?  පොඩි වැරදීමකින් කකුල එහා මෙහා වුණොත් වැටෙන්නේ ඇල්ලට... ජීවිතයම විනාශ වෙනවා... හරිම භයානක තත්වයක්... එනම් යම් දෙයකට ඇලී ඇලී ඉන්නවා නම් එහි ප්‍රතිඵලයත් ඔය කියන ඇල්ලේ ඉමේ ඉන්නවා හා සමානයි.  පොඩ්ඩ වැරදුන තැන ජීවිතයම අ‍නාථයි... එහෙනම් ඇල්ලෙ ඉම හො දෙයක් නෙවේ‍නේද? 
ගැටීම - යම් ප්‍රපාතයක් තියෙනවා... වතුර නැහැ... කර්කෂයි... උඩ තියෙනවා ගැට්ටක්... අපි ඒ ගැටියේ කෙලවරට වෙලා ඉන්නවා. ගැටි ඉමට වෙලා ඉන්නවා... හැබැයි පොඩ්ඩක් වැරදිලා පහලට වැටුණොත් එහෙම අතපය කැඩිලා යනවා එහෙමත් නැත්නම් ජීවිතය විනාශ වෙනවා... අති භයානකයි.  බොහොම පරිස්සමෙන් ඉන්න තාක් කල් මිස කොයි මොහොතෙද දන්නේ නැහැ ජීවිතේ හරිම භයානකයි.  යමකට ගැටි ගැටී ඉන්නවා නම් එහි ඵලයත් මෙන්න මේ කියන ගැට්ටක කෙලවර ඉන්නවා වගේ අති භයානක තත්වයක්.  ඔබ හිතනවාද ගැ‍ට්‍ටක කෙලවර හිදීම හොදයි කියලා?

හැබැයි මේ විනාශය දැනගෙන ඉවත් වෙන්න විදියක් නැහැ මුල් ඇදලා... ඇල්ලේ ඉමේ ඉන්නකොට මුල් අදිනවා... ගැට්ටේ ඉමේ ඉන්නකොට මුල් අදිනවා.  මුල් බැහැගෙන අහකට යන්න විදියක් නැහැ.  භයානක තැනින් පැනගන්න හැදුවට විදියක් නැහැ මුල් බැහැ ගෙන නිසා.  භයානක තැනක මුල් ඇදලා හිටියම සැනසීමක් තියෙනවාද?  නැහැනේද?  මෙන්න මේ මුල් බැහැ ගත්ත එකට කියනවා මුලාව කියලා. 
එහෙනම් මේ ලෝක සත්වයා කාලාන්තරයක් ති‍ස්සේ මේ ඇල්ලේ ඉමේ... ගැට්ටේ ඉමේ ඉන්න ගිහින් මුල් බැහැ‍ගත්ත නිසා තමයි මේ ඇලීමයි ගැටීමයි මුලාවෙයි ඉන්නේ.  ‍ඇලීමයි, ගැටීමයි දෙකහි භයානකත්වයත් යම් ඇලීමක් ගැටීමක් යම් තැනකද එහි විනාශයත් ඒහා සමානවම භයානක බවත් ඔබට වැටහෙනවාද?

මේ කියන ඇල්ලේ ඉමට උපමා කරනවා රාගය... ඒහා සමානව විනාශයක් ලං කරදෙනවා එහි මුල් බැහැ ගත්තාම ගැලවෙන්නෙ දෙන්නේ නැහැ. 
ගැට්ටේ ඉමට ගිහින් එහි මුල් බැහැ ගන්නවා කියන්නේ ‍ද්වේශයට ගිහින් එහි මුල් බැහැ ගත්විට ගැලවීමක් නැහැ.  මේ දේවල් දැනගත් පසු අපි දකිනවා යම් තැනක රාගයක් ඇත්ද ඇලීමක් ඇත්ද ‍එය හරිම භයානකයි... යම් තැනක ගැටීමක් ඇත්ද ද්වේෂයක් ඇත්ද එයත් හරිම භයානකයි.  ඒ රාගය තුල ද්වේශය තුල මුල්බැහැ ගත්විට එයින් මිදෙන්නත් බැහැ.  අනාථයෙන් අනාථ‍යි.  කොයිවෙලාවේ හරි ඇල්ලට හරි ගැට්ටට හරි වැටිලා විනාශ වෙන්න තමයි වෙන්නේ ගැලවීමක් නැහැ විනාශය ස්ථිරයි.  මේ ඇලීම ගැටීම මුලාව හෙවත් රාගය ද්වේෂය මෝහය යන 3 තෝරාගත යුතුයි. 

මුලාව නිසා අප මේ ලෝකය තුලට ආකර්ශණය වෙනවා.  මුලාව ඉතාමත් හොදින් කටයුතු කොට අපට ආකර්ශණීය වස්තූන් අප වෙතට ලගා කරවා ගන්න... ඒ ඔස්සේ බලාපොරොත්තු ගොඩනගන්න... තමන්ටම අයිති කරගන්න... නැවත නැවත දකින්න භාවිතා කරන්න වගේම ඒ ආශ්වාදජනක තත්වයන් නොලැබෙන විට ඒ ඔස්සේ ගැටෙන්නත් මෙන්න මේ මුලාව බොහෝම අපූරුවට අපව කොටු කරනවා.  මුලාව විසින් අපව කොටුකරගන්න අපේ ඇස, කණ, නාසය, දිව, කය, මන යන ඉන්ද්‍රීය මනාවට උපයෝගී කරගන්නවා.  මුලාව මගින් අපටත් නොදැනීම අපව මේ දුක්ඛිත සසර ගමනට බැද තබන්න අලවා තබන්න කටයුතු කරනවා. 

මේ දේවල් තෝරගත්විට ඔබටම දැනෙනවා නේද මේ කාරණා තුනෙන් ඉවත් වුනේ නැත්නම් මහා භයානක බව.  මොන විදියකින් හරි මේ 3න් මිදෙන්න බැරිනම් අප අනාථයෙනුත් අනාථ භාවයට පත්වෙලා යැයි හැගෙන්නේ නැත්ද?  රාගය ද්වේෂය මෝහය තුල මුල්බැහැගෙන සැනසුමක් හෙව්වට කිසිම දවසක ඒ සැනසුමට හේතු නැහැ.  ඇල්ලේ ඉමේ ඉගෙන ආරක්ෂාව පතනවා වාගේ වැඩක්.  ගැට්ටේ ඉමේ මුල්බැහැගෙන ආරක්ෂාව පතනවා වාගේ වැඩක්.  කාට යාතිකා කරන්නද? කාගෙන් උදව් ඉල්ලන්නද?  ඇල්ලේ ඉමේ ඉගෙන ගැට්ටේ ඉමේ ඉගෙන මගේ ජීවිතය ආරක්ෂා කරදෙන්න දෙවියනි කියලා කිව්වට කරන්න බැහැ.  එයින් මිදිය යුත්තේ තමන්මයි.  පය ලිස්සලායන පරක්කුවට විනාශයට පත්වීමට ඇති භයානක තැනින් අයින් වූ පසු කාටවත් කියන්න දෙයක් නැහැ තමන් විනාශයට පත්වීමට හේතු නැහැ.  මේ ආකාරයට ඇලීම ගැටීම මුලාව යන 3න් මිදීමට ඒවායේ හේතු දැනගෙන මිදිය යුතුයි. තමන් විසින්මයි තමන්ව බේරාගත යුත්තේ.   

අපේ ඇසට නොයෙක් රූප පෙනෙනවා... අපට නොයෙක් දේ ඇසෙනවා... අපට නොයෙක් ගන්ධයන් ආඝ්‍රාණය කරන්න ලැබෙනවා... අපට නොයෙක් රස දැනෙනවා... අපට නොයෙක් දැනීම දැනෙනවා.. නොයෙක් සිතුවිලා නැගෙනවා... මේ දේවල් අපට දැනෙන්නේ අප සාමාන්‍ය ඇස, කණ, නාසය, දිව, කය, මන හොදින් තිබෙන සාමාන්‍ය මිනිසුන් නිසාම නේද?  එනිසා අපට මේ දේවල් පංච ඉන්ද්‍රීය සහ මනස ඔස්සේ හැගෙන දැනෙන ඒවා වළක්වන්න බැහැ එහෙම නේද?  ඇහැට රEපයක් පේනවා... ජීවත් වෙලා ඉන්න ඇස් පෙනෙන මනුස්සයින්ට මේක වළක්වන්න බැහැනේ. එක එක ජාතියේ රූප පෙනෙනවා.  සමහර දේ ප්‍රියමනාපයි... සමහර දේ දකින්න අප්‍රියයි අමනාපයි...සමහර දේ මධ්‍යස්ථයි... මෙලෙස ඉෂ්ඨ ප්‍රියමනාප රEපයක් පෙනුන විට ඒ පුද්ගලයාගේ හිත ඒවාට ආශාවෙන් ඇිලා යනවා...මන වඩන රEපවලට ඇිලා ඇලීමක් හට ගන්නවා.  ඒවා අනිච්ච නම් අප්‍රිය නම් ඒ රEප දකින විට ගැටීමක් හටගන්නවා.  මේ සාමාන්‍ය සිතක සිරිත.  මේ ඇලීමයි ගැටීමයි හටගත්විට මුලාව නිසා ඇලීම හටගත් තැන එතැනම ඇලී සිටිනවා ගලවා ගන්න බැහැ.  ගැටීමක් හටගත්විට එහිම ගැටි ගැටී දලනවා එයින් හිත වෙන්කරගන්න බැහැ.  ගැටීම තියෙන කෙනාට මොනවා කිව්වත් “ඕක අත්හැරලා දාපන් ගණං ගන්න එපා” කිව්වත් “මට කරපු එක හොට මතකයි හිතෙන් අයින් කරන්න බැහැ මම දන්නවා මට කියපුවා කරපුවා මට රeස්සන්නේ නැති එකක්මයි කලේ” කියලා ඒ අරමුණම අරගෙන එහි ගැටෙනවා ගැටෙනවා කොච්චර හරි ඒකට බැිලා ඉන්නවා. එසේනම් ඇලීම යම් තැනකද මුලාවත් එතැන... ගැටීම යම් තැනකද එතැනත් මුලාව... ඇලීමයි මුලාවයි... ගැටීමයි මුලාවයි.  එනම් ඇලීම, ගැටීම, මුලාව නිසා තමයි මේ සියළුම ප්‍රශ්න තියෙන්නේ. 

අපි විසින් මෙලෙස ලබාගන්නා දත්තයන් කාණ්ඩ වලට වෙන්කරගන්නවා.  සමහර දේ ඉතාමත් ප්‍රිය මධුර ස්වභාවයෙන් යුක්ත ආකර්ශණීය ආශ්වාදජනක දේ ලෙසත් ඒවා නැවත නැවත අප වෙත ලබාගන්නා බලාපොරොත්තුවත් ඇතිකරගන්නවා.  ඒ වගේම අප විසින් සමහර දේ ආකර්ශණීය නොවන දේ ලෙසත් අපට ඉතාමත් පිළිකුලක් ඇති කරන දේ ලෙසත් භාරගන්නවා.  ඒ දේවලින් ඈත්වෙලා ඉන්න වගේම යලි කිසිදිනක නොබලන ඇසුරු නොකරන බලාපොරොත්තුවත් ඇති කරගන්නවා.  ඔබට කියන්න පුළුවන්ද මේ කාරණා එසේ‍ නොවේ කියලා? බැ‍හැනේද?  මම ඔබට කරන්න බැරි දෙයක් කියන්න යනවා කියලා හිතන්න එපා.  ඇස් හොදට පෙනීම සහිතව තියෙත්දි අන්ධයන් වගේ ඉන්න කියලා හෝ කණ් දෙක හොදට ඇහෙත්දි බීරි පුද්ගලයන් වගේ ඉන්න කියලා හෝ මම ඉල්ලීමක් කරන්න හදනවා කියලා හිතන්න එපා!

අපට භාවනාවක් අවශ්‍ය වන්නේ ඇයි?
ඇලීමයි ගැටීමයි මුලාවයි කියන මේ කාරණා 3 නැති කරගන්න තමයි අපිට භාවනාවක් අවශ්‍යවෙන්නේ.  අපි එකතැනක ඉලා පද වැලක් කිය කියා හිටියට මේක වැඩෙන්නේ නැහැ.  හේතුව යමක් නිසා ඇලීම හට ගනීද එය දුරe කරගත්විට එයින් මිදේ.  යමක් යමක් නිසා ගැටීමක් හටගන්නවාද එය දුරe කරගත්තොත් ඒ ගැටීමෙන් ‍මිදේ.  එහෙනම් අපිට භාවනාවක් අවශ්‍ය වන්නේ මෙන්න මේ සසර ගමනට හේතුවන කාරණා වලින් මිදීමටයි. 

අප කොහොමද අපටම කියලා භාවනාවක් තෝරගත යුත්තේ සහ අප කොහොමද ඒ සදහා සූදානම් විය යුත්තේ?
ඔබම සිතලා බලන්න... ඔබ ‍මේ ලෝකේ සියලු දේවල් පිලිබව ඇලෙන්නේ නැහැ නේද කියලා...  ලෝකයේ සියලුම දේවල් පිලිබව ඔබ ගැටෙන්නේත් නැහැ නේද?  මේ ඇලෙනවා ගැටෙනවා කියන එක පෘතග්ජනයින්ට පොදු වචනයක් වුනාට සියලු අරමුණු වල සියල්ලෝ සමානව ඇලෙන්නේත් නැහැ... ගැටෙන්නේත් නැහැ... එය විවිධාකාරයි... සමහර වේලාවට එක් අයෙක් ඇලුම් කරනදේ අනෙකෙකුට පෙන්නන්නත් බැහැ එයා ගැටෙන දෙයක් වෙනවා. එක් අයෙකු ගැටෙන දෙය අනෙකා ඇලෙන දෙයක් වෙනවා.  එය පුද්ගලිකත්වය අ‍නුව සිදුවන්නක්.  එනිසා අනික් අය ඇලෙන ගැටෙන තැන් සොයන්න යාම තමන් මුලාවට පත්වීමක්.  තමන්ගේ මිම්මෙන් එය මිනිය නොහැකියි. ඒ නිසාම තම තමන් ඇලෙන ගැටෙන දේ පිලිබව තම තමන් දැනගත යුතුයි.  ඇලෙන්නේ ගැටෙන්නේ නැති දෙයකින් අපිට මිදෙන්න දෙයක් නැහැනේ.  අපි මිදිය යුත්තේ අපි යම් දෙයක ඇලෙනවාද ගැටෙනවාද ඒ දේවල් වලින්ය.  ලෝකයේ සියලු මුලාවන්ගේ අපි බැිලා නැහැ. එයත් තම තමන්ට ආවේනිකයි.  එනම් ධර්ම මාර්ගය හැමවිටම පුද්ගලිකයි.  නුවණින් තේරeම් ගත යුතුයි මම කෙබු දේ දැක්කොත් ඇලෙනවාද? කෙබු රEපයන්ට, කෙබු ශබ්දයන්ට, කෙබු රසයන්ට, කෙබු ගන්ධයන්ට, කෙබු පහසකට, කෙබු සිතුවිලි වලට ඇලෙනවාද? කෙබු ජාතියේ දේ ගැන ගැටෙනවාද? මේ දේ දුටුවිට මට මුලාව හටගන්න වෙන්නේ මෙබු ඇලීමක්... ගැටීමක් ආවිටයි යන්න වැටහෙනවා.  එයින් මා මිදිය යුතුයි යන්න වැටහෙනවා.  තම තමන් විසින් ආර්ය මාර්ගය දැන ගන්නවා කියන්නේ ඒකටයි. 
උදාහරණයක් මගින් පැහැදිලි කරදෙනවා නම් මෙහෙම හිතන්න...
මම ක්‍රිකට් ක්‍රීඩාවට කැමැත්තක් හෝ අකමැත්තක් නැහැ.  මම එයට ආශා කරන්නේවත් එයට විරුද්ධව එයට ද්වේශ කරන්නේවත් නැහැ.  කෙටියෙන් කියනවා නම් එය මට අදාලත්වයක් ඇත්තේම නැති කරුණක්.  ඉතින් ආශාවක් කැමැත්තක් හෝ ගැටීමක් ඇති‍ නොවන අවස්ථාවක මට නැති කරන්න දෙයක් ඉවත් කර දමන්න දෙයක් එතැන තියෙනවාද?  නැහැනේ.  ඉතින් මට එවන් තැනක මහන්සිවී ඉවත් කරගන්න දෙයක් නැහැ.
එහෙත් මම ඉතාමත් මිහිරි ගීත අසන්න කැමතියි.  ඒවා යලි යලිත් අසන්න ඒ දේවල් ඇසුරු කරමින්ම ඉන්න මම හරිම කැමතියි.  මම මගේ කණ ඒ මිහිරි ගීත තුලින් පිනවීමට බැදිලා නේද? එයට ආකර්ශණය වෙලා ආශ්වාද ලබනවා.  මම අහන්න අකමැති ගීතයක් ඇසුනොත් මම ගැටෙනවා... මම කෝපයෙන් අකමැත්තෙන් හිතනවා එවැනි ගීත හැදෙන්නේ ඇයි.. මට අහන්න ලැබෙන්නේ ඇයි... ඒ වගේ ගායක ගායිකාවන් ඉන්නේ ඇයි කියලා... මම කැමති ගීත අහන බලාපොරොත්තුව සහ එයම පැවැත්මට ඇති කැමැත්ත නිසා එයට විරුද්ධව පැමිණි දෙයත් සමග ගැටුනා නේද?  එහෙනම් මට ආශාවක් ගැටීමක් ඇතිවූ එවැනි අවස්ථාවක නේද මට එයින් මිදීමට භාවනාවක් අවශ්‍ය වන්නේ?  මෙම අවස්ථාවන් සියලු දෙනාටම පොදු අවස්ථාවක් නොවේ නේද?
තමන් ආශ්වාදයෙන් බැදෙන... ගැටෙන තැන් දැන ඒ ඒ අවස්ථාවන්ගෙන් තම තමන්ට ආවේණික වූ මාර්ගයක් ඔස්සේ ‍ඒ දේවලින් ඉවත්වීමට තම තමන් විසින් තමන්ගේ භාවනාව කල යුතුයි නේද? මම කරන භාවනාව ඔබටත් එතකොට ගැලපෙනවාද? ඔබ ඔබේම භාවනාව කල යුතු නොවේද?  තම තමන්ගේ වැරැද්ද දැක එය නිවැරදි කරගැනීමට කටයුතු කිරීම තුලින් භාවනාව වැඩීම තුලින් තමන් ගැනම මනා අවබෝධයක් ලැබෙනවා.  තමන් ඇලෙන ගැටෙන තැන් ගැන මනා අවබෝධයක් ලැබෙනවා... තමන්ගේ ඥානයත් ප්‍රඥාවත් තමන් තුලින්ම වර්ධනය වෙනවා... තමන්ගේ ආර්ය මාර්ගයත් තමන්ටම බොහෝම අපූරුවට අවබෝධ වෙනවා!
අද අපිට බොහෝ විට දකින්නට තියෙන්නේ ලෝකයේ පොදුවේම ඇලුම් කරන දේවල් ටිකක් ගෙන මේවා කව්රeත් ඇලුම් කරන දේවල්... අපිම මතයක් ගොඩනගාගෙන මේ මේ දේවල් කාටත් පොදුයි... මේ මේ දේවල් කාව්රeත් ඇලුම් කරන ගැටෙන තැන් යනුවෙන්... ඒත් ඒ දහමින් මෝරපු නැති නුවණින් තෝරාගන්නා දේවල්.  තමන් මොනවාද ප්‍රිය කරන්නේ ඒ අය හිතනවා ඒවා තමයි අනික් අයත් ප්‍රිය කරන්නේ කියලා.  එතකොට අනික් අයගේ ප්‍රියතාවය ලබාගන්න තමන් ප්‍රිය කරන ජාතියේ දේම කරනවා.  තමන් ප්‍රිය කරන දේ තව කෙනෙක් අප්‍රිය කරනවා නම් ඒ අයගේ හිත ගන්න බැහැ කවදාවත්.  ඒ අය ඒ දේ අප්‍රිය කරනවා නම් තමන් එයින් අහක් විය යුතු නිසා.  ඔය විදියට කරන්න ගියොත් වෙන්නේ ඔය කියන තත්වයන් අනුව භේද ඇතිවෙන එක පමණයි.  ගැටෙමින් සිටින්නට වෙනවා.  වික්ෂිප්ත භාවයක් ඇතිවී සමාජය තුල ඒ අයට හරිආකාරව ජීවත් වෙන්න බැරිවෙනවා.  අපි දැන‍ගත යුතුයි එක් එක් අයගේ මානසික ස්වභාවයන් එක් එක් ආකාරයි.  ඒ අය පුරeදු කරගෙන ආ පරිදි තමයි ඇලීමට ගැටීමට හේතු යෙදී ඇත්තේ.  ඒ නිසා මගේ ඉන්ද්‍රිය භාවනාව මා කල යුතුයි අනෙක් අය නෙවේ.  ඒ වගේමයි ඔබේ ඉන්ද්‍රීය භාවනාව ඔබම තෝරාගෙන කල යුතුයි වෙන අයෙක් නොවේ!

තම තමන්ගේ ඇස් වලින් රEපයක් බලනවිට ඒ තුලින් තම තමන්‍ට ප්‍රිය ස්වභාවයක් ඇලුම් ස්වභාවයක් ඇතිවෙනවා නම්... ඒ දෙය සො‍යාගත යුතුයි.  ඇලීම, ගැටීම, මුලාව යන කාරණා 3 තමයි මේ සසර පැවැත්ම ගෙනියන්නේ.  සත්වයා සසරට උසිගන්වන්නේ... සසරට බැ තබන්නේ...පොළඹවන්නේ ඔය කියන කාරණා 3කින්.  ඇලීම, ගැටීම, මුලාව කියන දෙය ලෝක සත්වයාට ප්‍රියයි.  නැත්නම් ඔහු එය අත්හරිනවා...  යමකට ඇලුම් කරනවා එය ප්‍රිය නිසා... යමකට ගැටෙනවා එය අප්‍රිය නිසා... ගැටෙන දෙයකත් තියෙනවා සැගවුණු ඇලීමක්... එහෙනම් එහි ඇති ඇලීම මොකක්ද?  තමන් ප්‍රිය කරන දෙයකට විරeද්ධ දෙයක් ආව නිසයි ‍ඒ ගැටෙන්නේ.  මම කිව්වේ මෙහෙම ඉන්න... මෙහෙම කරන්න එයා එහෙම ඉන්නේ නැහැනේ...එහෙනම් තමන් ඇලෙන දෙයක් තියෙනවා එයට විරeද්ධ දෙයක් සිදුවූ නිසයි මේ ගැටිලා තියෙ‍න්නේ... මම කැමතියි මේ ලස්සන දේවල් බලන්න එහෙනම් මට ඒක හම්බවෙන්නේ නැහැනේ.  හම්බවෙන්නේ මේ වෙන වෙන දේවල් නේ මට ඒවා වැඩක් නැහැ ඒකයි මම මේ ගැටෙන්නේ... එහෙනම් එයාට ලස්සන දෙයක් බලන්න බලාපොරොත්තුවක් තිබුනේ නැත්නම් විරeද්ධ දෙයකුත් එයාට ඇතිවෙන්න‍ විදියක් නැහැ.  යමකට අපි ප්‍රිය කරයි නම් මේ තෘෂ්ණාව ඇතිවෙන්නේ එතන අල්ලාගෙනයි.  ඒකයි අපි මිදිය යුත්තේ... එහෙනම් එයින් මිදීමට මේ ඇලීම කියන එක වටිනා දෙයක්ද කියන එක සොයා බැලිය යුතුයි. 

ඔබ ඇලුම් කරනවාද යමකට ඒ ඇලීම හොයි... ඒ ඇලීම ගැන ගානක් නැතිව ඉන්නවා... ඇලීම කියන වචනය අර්ථ සහිතව හුනාගත්තාට පස්සේ අපිට ඒ ගැන කියන කොටත් මහා භයානක බවක් දැනෙනවා.  මේ ඇලෙන එ‍ක භයානක දෙයක් සේ නොදැන ඇලෙන වස්තුවක් ආවිට අපි ඇලීම කියලා කියනවා.  ගැටීම ගැනත් තරකාරීත්වයක් තියෙන ලෝකේ ඒක නැතුව බැහැ කියලා වර්ණනා කරලා උස්සගෙන ඉන්නවා.  ඇලීමයි ගැටීමයි කියන එක මොනවාද කියලා මෙච්චර කල් දැඩි අවබෝධයක් නොලද නිසාම ඒ දේවල් ගැන වැඩිය නොසිතා ඉන්න පෙළඹුනා නේද? 
මේ සියල්ල පළමුව විස්තර කරදීමට හේතුවක් ඇත.  අප මහා සම්බුදු පියාණන්වහන්සේ විසින් සියලුදෙනාටම නිවන් අවබෝධය තෙක්ම ගමන් කල හැකි වැඩිය යුතු භාවනාවක් දේශනා කල සේක!  එය ඉන්ද්‍රීය භාවනාව ලෙසින් මම පහුගිය විස්තරයක සදහන් කලෙමි.  එය වැඩීම තුලින් තම තමන් දැන සිටියත් නැතැත් ත්‍රිවිධ සුචරිතය, සතර සතිපට්ඨානය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සප්ත බොජ්ජංග ආදිය වැඩී අග්‍රමහා ඵලය වන අති උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට හැකිවෙනවා ලෙසින් උන්වහන්සේ පෙන්වා දුන් අවස්ථාවක් සදහන් කලෙමි.  එනිසා එම ඉන්ද්‍රීය භාවනා මට හැකි උපරි‍මයෙන් ඔබට අවබෝධයට වඩාත් පහසුවෙන අන්දමින් මෙහි සටහන් කිරීමට පළමුව ඇලීම, ගැටීම හා මුලාව හෙවත් රාගය, ‍ද්වේෂය සහ මෝහය නැමැති නිවන් අවබෝධය සදහා අප විසින් මිදිය යුතු කාරණා 3හි භයානකකම පහදා ‍දී ඉන්ද්‍රීය භාවනාකුමක් ද කියලා පහදා‍ දෙන්නේ හදන්නේ එය තවත් බුදු රජාණන්වහන්සේගේ තවත් එක බණක් විතරයි කියලා එක කණකින් අහලා තවත් කණකින් පිට නොකරන්න ඔබ සැම වග බලාගැනීමට අවශ්‍ය නිසායි
ඇලීම ගැටීම මුලාවේ භයානක කමක් දුටු අයෙකුට තමයි එයින් මිදීමට දේශනා කල ධර්මය හරි වටිනවා.  ඒ නිසා එය අහක නොදා එම ක්‍රමය ඉතාමත් ඕනෑකමින් සිදු කොට තමන්ගේ කාර්යය සිදු කරගන්නවා.  එසේනම් එයට ආධාරයක් ලෙසයි බුදු රජාණන් වහන්සේ ධර්මයක් දේශනා කලේ මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න.  ඒ අනුගමනයෙන් මෙයින් මිදිය හැකියි කියලා උන්වහන්සේ පෙන්නලා දුන්නා. 

එසේනම් ඉන්ද්‍රීය භාවනාව වඩන අයුරු මීළග ලිපියකින් පෙන්වාදෙන තෙක් ඔබට ඇලීමේ ගැටීමේ මුලාවේ හෙවත් රාගය ද්වේශය මෝහය පිලිබදවත් එහි ඇති භයානකත්වය ගැනත් දැඩි අවබෝධයක් ලැ‍බේවායි පතමි!
සියලු ලෝක සියලු ‍සත්‍වයෝ නිවනින්ම සැනසෙත්වා!!!