නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, May 18, 2011

The new web site "Nirvana Dhamma" - අලුත්ම ධර්ම වෙබ් අඩවිය “නිර්වාණ ධර්ම“



  

There are millions of people around the world… A true human being among the crowd is always helping others and to his / her owns self… As a true human being it’s my responsibility to give the best I can share with all of you without considering what your religion, race or status is!

If you think that you should change your religion, race or status to gain the betterment for you then that is where you are mistaken… to realize the eternal reality of this world you only have to think openly… It doesn’t matter and it’s doesn’t affect with your religion, race or status … The ultimate truth is for everyone… the standard rules and regulations which created by the societies are not become a barrier to realize the ultimate truth… and I believe for those who can understand this little important fact is a person who can call as a true human being!

It’s your responsibility to revise each fact wisely and understand them with your level of intelligence and gain the maximum benefit out of this “Nirvana dhamma” web site. “Nirvana” is not a private property or not something which is only for a specific team or race… It’s an ultimate reality which is possible to achieve and possible to realize the eternal bliss… That’s why greatest Samma Sambuddha said “My Dhamma is for the wise ones and not for the foolish ones”! And the wise ones’ religion or race or status or other standards are not a barrier to achieve the “Nirvana – the true happiness”… and that’s again a wise one will understand! So for all the wise ones who spread around the world are welcome to recognize the pure dhamma to achieve pure happiness and may this little effort of mine become a greatest support for all the wise ones to achieve the best! Accept this small but great Gift from mine and it’s all yours now to take the support and bring the betterment for your life!

May your god, your teacher, your religious leader or whoever the highest person you respect in your life give the highest blessings to you, for the best while triple gem bless you to achieve the best!

“Your dhamma magazine… from relativism to absolutism…”

ලෝකයේ මිනිසුන් බොහෝමයක් සිටිනවා... ඒ අතරින් සැබෑ මිනිසා නුවණැතිව තමන්ටත් අනුන්ටත් වඩාත් යහපතක් කරගන්නට පෙළඹෙනවා... ආගම් ජාති කුල මල භේදයක් නැතිව ඇසුරු කොට තම තමන්ට යහපත උදාකරගැනීමට හැකි යමක් ඒ සෑබ මිනිසුන් වෙනුවෙන් පිදීමට හැකි නම් සැබෑ මිනිසෙකු වශයෙන් මට කල හැකි ඉහලම යුතුකමයි!


යහපත ඉටු කරගැනීමට ආගම ජාතිය කුලය වෙනස් කල යුතු යැයි ඔබ සිතනවා නම් වැරදී ඇත්තේ එලෙසින් සිතන ඔබටමය... ලෝකයේ යථාර්ථය දැනගන්නනට නම් විවෘතව සිතා බැලිය යුතුය... සම්මතයේ ආගම ලෙසින් ලබාගෙන ඇති තත්වය, නාමය එයට අදාල වන්නේ නැත... පරම සත්‍ය නම් සියලු සතටම පොදු දෙයකි... එය වටහාගන්නට සම්මතය බලනොපානු ඇත... මේ පුංචි කරුණ වටහාගන්නට තරම් නුවණක් සැබෑ මිනිසුන්ට නම් තිබෙනු ඇත.

ඉතින් ඔබ වෙනුවෙන්ම පිදෙන “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය විවෘත මනසකින් යුතුව ඇසුරු කොට සෑම කරුණක්ම නුවණින් විමසා තෝරා බේරාගැනීමට උත්සාහ දැරීම ඔබේ යුතුකමකි. “නිර්වාණය“ යනු බෞද්ධ යැයි සම්මත කරගත් පිරිසකට පමණක් අත්දැකිය හැකි පෞද්ගලික දේපලක් නොවේ... එය නුවණැත්තන්ට අත්දැකිය හැකි අත්දැක සැනසිය හැකි යථාර්ථයකි... එනිසාම සම්මා සම්බුදු පියාණන්වහන්සේලා විසින් “මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට මිස අනුවණයන්ට නොවේ“ ලෙසින් පෙන්වා දුන් සේක...! ප්‍රඥාවන්තයාගේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක්දැයි යන්න නිවී සැනසීම පිණිස සැබෑ සතුට අත්දැකීම පිණිස බාධාවක් නොවන්නේමය. එයත් දැනගන්නේ ප්‍රඥාවන්තයෙකුම පමණි! ඉතින් ලොව පුරා විසිරී පැතිරී සිටින ප්‍රඥාවන්තයින් වෙනුවෙන් තම තම නැණ පමණින් විමසා තෝරා බේරාගෙන කරුණු කාරණා වටහාගන්නට උපනිශ්‍රයක්ම ගෙන දෙන “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය සතුටු සිතැතිව භාරගෙන ඇසුරු කර නිසි ඵල නෙලාගැනීමට මෙතැන් පටන් සැබෑ මිනිසුන්ට භාරකරමි!

ඔබේ දහමට අනුව ඔබේ විශ්වාසයට අනුව ඔබ පිලිගන්නා ශාස්තෘන්වහන්සේ විසින් ඔබට හොදම දේ ලබනු පිණිස යම් ආශිර්වාදයක් කරන්නේ නම් ඒ ආශිර්වාදයටම එක්ව තිසරණ සරණේ උතුම් ආශිර්වාදය තුලින් ඒ යහපත ලබා ගැනීමට ප්‍රායෝගිකව නුවණ මෙහෙයවා කටයුතු කරගැනීමට ප්‍රඥාවන්ත පින්වත් ඔබ සැමට හැකිවේවා! 
“සාපේක්ෂත්වයෙන් මිදී නිරපේක්ෂත්වය කරා යෑමට උපනිශ්‍රයක් ගෙනෙන ඔබේ ධාර්මික සගරාව...“

Monday, April 11, 2011

Let’s get rid of the 9 factors! / මිදිය යුතු නවවිධ ආගාධ වස්තු!

1 - Spoiling mind by thinking this person or these persons did injustice / wrong for me.

2 - Spoiling mind by thinking this person or these persons are doing injustice / wrong for me.

3 - Spoiling mind by thinking this person or these persons will do injustice / wrong for me.

4 - Spoiling mind by thinking this person or these persons did injustice / wrong for my friend.

5 - Spoiling mind by thinking this person or these persons are doing injustice / wrong for my friend.

6 - Spoiling mind by thinking this person or these persons will do injustice / wrong for my friend.

7 - Spoiling mind by thinking this person or these persons did justice / good for my enemy.

8 - Spoiling mind by thinking this person or these persons are doing justice / good for my enemy.

9 - Spoiling mind by thinking this person or these persons will do justice / good for my enemy.
These are the “Nine factors” which cause to the self-destruction. And there are many people among us who have these factors with them… as long as someone with these factors that person always want to fight with others, full of worries, full of sufferings & anger covers his / her mind. They are always with the spoiled mind and with doubt about others. Such a spoiled mind automatically guides one to the self-destruction.
They can’t achieve any peace to their mind and always with loads of troubles and they are losing their health as well as the wealth. So the wise person always knows what to get rid of and what to be with. If you are a wise person this little note will be helpful for you to guide your life to the betterment. If you are a wise person and at least have tiny level of intelligence you will be able to recognize these factors within you and you will be able to get rid of them by identifying them.
May all intelligent beings get courage to discipline mind, body & words from the nine factors which cause to 
self – destruction and may triple gem bless you all 
for the best!

1 - මොහු හෝ ‍මොවුන් මට අවැඩක් කළා යැයි හිත දූෂ්‍ය කර ගැනීම
2 - මොහු හෝ මොවුන් දැන් මට අවැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම

3 - මොහු හෝ මොවුන් මට මතු අවැඩ කල හැකියි කියා හිත දූෂ්‍ය කරගැනීම

4 - මොහු හෝ මොවුන් මගේ හිතවතාට ඇවැඩක් කළා යැයි හිත දූෂ්‍ය කරගැනීම

5 - මොහු හෝ මොවුන් මගේ හිතවතාට දැන් අවැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම

6 - මොහු හෝ මොවුන් මගේ හිතවතාට මතු අවැඩ කල හැකියි කියා හිත දූෂ්‍ය කරගැනීම

7 - මොහු හෝ මොවුන් මගේ හතුරාට හොඳ වැඩක් කළා යැයි හිත දූෂ්‍ය කර ගැනීම

8 - මොහු හෝ මොවුන් මගේ හතුරාට හොඳ වැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම

9 - මොහු හෝ මොවුන් මගේ හතුරාට මතු හොඳ වැඩක් කළ හැකියි හිත දූෂ්‍ය කරගැනීම
මේ තියෙන්නේ නව විධ ආගාධ වස්තු... ඒ කියන්නේ අපිව විනාශයට පත්කරන අපව අගාධයකට පත්කරන්නට හැකි කරුණු 9ක් තමයි මේ තියෙන්නේ... ඉතින් අප අතර මෙම ආගාධ වස්තු පිරිවරාගත් පිරිස බොහෝමයක් සිටිනවා. මේවායෙන් හිත දූෂ්‍ය කරගත්ත පුද්ගලයා හැම තිස්සේම ඉන්නේ සැකයෙන්, භයෙන්, දුකෙන්, අසහනයෙන්... හැම තිස්සේම අන් අය සමඟ ගැටෙන්නට තමයි බලන්නේ... හැම තිස්සේම උත්සාහ කරන්නේ අන් අය තමන්ට හෝ තමන් කැමැත්තෙන් බැඳී ඇසුරු කරන සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තුවකට හෝ අවැඩක් අසාධාරණයක් කරනවා කියලා සිතමින් ගැටෙන්නට... ඉන් නතර නොවී තමන්ගේ හතුරාට තමන් අකමැති පුද්ගලයා සමඟ එකතු වෙලා ඔවුන්ට හොඳක් කරනවා කියලා සිතා සිතා ගැටෙනවා... ඉතින් කොයින්ද සහනයක්?
මෙලෙස සිතමින් සිත දූෂ්‍ය කරගන්නා පුද්ගලයා අගාධයට පත්වී විනාශ වීම අහන්නත් දෙයක්ද? ශරීර සෞඛ්‍ය මෙන්ම ධනයෙන්ද පිරිහීමට පත්වෙනවා... අසහනයෙන් මිරිකෙමින් අන්ත දුකට පත්වෙනවා පමණක් නොවේ මරණින් මතුද දුගතියටම පත්වෙලා දුකට පත්වෙනවා.
ඉතින් යමෙකුට අංශු මාත්‍ර හෝ බුද්ධි මට්ටමක් වේ නම් මේ පුංචි සටහන ඇති නුවණින් විමසා මේවායෙන් තම තමන්ට සිදුවන අවැඩ හඳුනාගෙන ඒවායෙන් මිදෙන්නට... හැකිතාක් මිදී සිටීමට උත්සාහ කිරීම නුවණැත්තාගේ වගකීමකි. ඔබත් නුවණැත්තෙක් නම් තමන් තුල ඇති මෙම ආගාධයට හේතුවන කරුණු හඳුනාගෙන එයින් මිදී තමාව අනන්ත දුකෙන් මුදවාගන්නට තමන්ගේ ගැලවුම්කාරයා වීමට සිත, කය, වචනය මෙහයවන්නට ධෛර්ය ලැබේවා! 
තිසරණ සරණ ලැබ නිවී සැනසෙත්වා!