නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, June 4, 2014

Nirvana Dhamma for Deaf Community through Sign Language - Sri Lanka - Events 1


Nirvana Dhamma approach on sharing Dhamma / Buddhism worldwide through Various Sign Languages for the deaf community was already become a success... the outcome of our hard work yet to be share with the world soon... 


Meantime "Ahanna (listen) which is the Sri Lanka represents of Dhamma sharing through Sri Lankan Sign Language for the www.nirvanadhamma.com has created their official Facebook page to share the glimpse of their noble activities... 

here is the page & details for the Nirvana Dhamma followers... 



For the first time in Sri Lanka Buddhism in Sign Language for the Sri Lankan Deaf Community served through the "Ahanna (listen) Video Production House owned by Kasun Chandana .... the official Face Book page created to share the developing stories of "Ahanna (listen)"... Official web site is on the way with loads of information...

may triple gem bless you all for the best!!!


ලෝකය පුරා විසිර සිටින සමස්ථ බිහිරි ප්‍රජාව අතර උත්තරීතර ශ්‍රී සත්ධර්මය හෙවත් බුදු දහම සංඥා භාෂාවෙන් ලබාදීම පිණිස www.nirvanadhamma.com  වෙතින් කරගෙන යන්නාවූ කටයුතු ඉතාමත් සාර්ථක අන්දමින් සිදුවන අතරම ඒ උතුම් ක්‍රියාවලියේ මහඟු ඵල ලඟදීම ඔබ සැමටම දැකගැනීමට හැකිවනු ඇත... 

ඒ අතර නිර්වාණ ධර්ම වෙබ් අඩවියේ මෙම සත්කාර්යයේ ශ්‍රී ලාංකීය නියෝජනය වන “අහන්න“ වෙතින් ඔවුන්ගේ කටයුතු වල රසමුසු තැන් බෙදාගැනීම පිණිස මුහුණු පොතේ ඔවුන් වෙනුවෙන්ම පිටුවක් නිර්මාණය කරන්නට යෙදුනා... ඔවුන්ගේ වෙබ් අඩවිය ඉක්මනින්ම ලැබෙන්නට සලස්වන්නට කටයුතු යොදන අතර වැඩි විස්තර සඳහා ඔබටත් මෙම මුහුණු පොතේ පිටුවට පිවිසිය හැකියි... 


“සත්ධර්මය විවෘත වන්නේ බබළයි!“

Tuesday, May 27, 2014

නිවෙන්නට කැමැති ඔබ...

නිවෙන්නට කැමැති ඔබ 
දැකිය යුත්තේ දේශකයාණන්වහන්සේලාගේ මාර්ග ඵල, මාන්නය හෝ නොගැලපෙන දහම් කරුණු නොව රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිදෙන්නට අංශු මාත්‍ර හෝ යමක් පෙන්වා දෙයි නම් එයම වේ... 

නිවෙන්නට කැමැති ඔබ
දැකිය යුත්තේ ලාභයට, කීර්තියට, ප්‍රශංසාවට හසුව උන්වහන්සේලා දේශනා කරනවායැයි චෝදනා නොව නිවීම පිණිස යම් අංශුවක තරම් හෝ ධර්ම කොටසක් පෙන්වා දුන්නේ නම් ඒ අංශුවක කාලය වෙනුවෙන් හෝ කාලය ශ්‍රමය කැප කොට වෙහෙසව තමන් කෙරෙහි අනුකම්පාවෙන්ම ඒ සත්ධර්ම කොටස දේශනා කරන්නාවූ මහා උත්තමයෙක් ලෙසින්ම වේ...

නිවෙන්නට කැමති ඔබ 
කතා බහ කල යුත්තේ දේශනාවේ 99%ක් තිබූ වැරදිවූත් නොගැලපෙන කරුණුත් නොව 1% නිවීම පිණිසම තිබූ කරුණමය. එසේ අංශු මාත්‍රයක්වත් නොතිබුනේ නම් කතා කිරිමට සුදුසු තරම් දෙයක් නොවෙන බව සිහිපත් කරගෙන අතහැර දැමිය යුතුම වේ...

නිවෙන්නට කැමති ඔබ 
සිතිය යුත්තේ දේශකයාණන්වහන්සේගේ පුද්ගලත්වය ගැන නොව උන්වහන්සේ විසින් පෙන්වා දුන්නාවූ අංශු මාත්‍ර හෝ නිවීමට උපකාර වන ධර්ම කොටස සම්බන්ධවය... එය තම තමන්ගේ ජීවිතය ගැලපෙන්නේ කෙසේදැයි තමන්තුලින් නුවණින් දැකගැනීමට වෙහෙස විය යුතුම වේ... 

නිවෙන්නට කැමති ඔබ 
අනුන්ගේ වැරදි දැකීමට සිත, කය, වචනය මෙහෙයවන කාලය වැය කොට දැකිය යුත්තේ රූප, වේදනා, සංඥා, සංඛාර “මම“ යැයි “මගේ“ යැයි “මගේ ආත්මය“ යැයි වටිනාකම් දෙමින් මොහොතක් පාසා සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු දෘෂ්ඨියෙන් කෙලවරක් නැති මැනගැනීම් කරගනිමින් අන්ත අසරණව දුක්විඳින අනාථ වී ඇති සසර දිගුව ඇති තමන්වත් තමන්ට වැරදුනු දෑමත් වේ...

නිවෙන්නට කැමති ඔබ
බුද්ධ දේශනාවට ගලපනවා යැයි තමන්ට රිසි දේශකයාණන්වහන්සේ කෙනෙක් විසින් දේශිත ධර්මයකට හෝ පොත පතේ සඳහන් ධර්මයට හෝ ගලපමින් ඇලීමට බැඳීමට කටයුතු කරනවා වෙනුවට කල යුත්තේ ඔබතුල පවතින රාගය, ද්වේශය, මෝහය ඒ යම් ක්‍රමයක් වේ නම් ඒ ක්‍රමය අනුගමනය කීරීමෙන් යටපත් නොවී සම්පූර්ණයෙන් පහව යයිද එසේ පහව යෑමට හේතු තිබෙනවාදැයි විමසා බලා කටයුතු කිරීමම වේ...

නිවෙන්නට කැමැති ඔබ
රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් නිවීමක් විනා ඒවා වැඩීම පිණිස සිත, කය, වචනය හැසිරවීම නුසුදුසු නොවේදැයි තමන්ගෙන්ම විමසිය යුතු වේ...

නිවෙන්නට කැමැති ඔබ
විවේඡන අපවාද උපවාද වර්ණනා කිරීම් නින්දා කිරීම් ආදී මේ දෑට ලජ්ජාව භිය ඇති කරගැනීම නිවීම පිණිසම හේතු වේ...

නිවෙන්නට කැමති ඔබ 
ගින්දරත් සමඟ සෙල්ලම් කිරීම නවතා සියලු ගිනි නිවා දැමීමට උත්සූක විය යුතුම වේ... 

නිවෙන්නට කැමති ඔබ
දන්න ධර්මය මෙනෙහි කරමින් පදවැල් කියමින් සෑහීමකට පත්නොවී ඒ ධර්මය සැබෑවටම එසේ වේදැයි තමන්තුලින්ම නුවණින් දැකීමට සිහියෙන් නුවණින් වීර්යෙන් යුතුව කටයුතු කල යුතුම වේ... 

නිවෙන්නට කැමැති ඔබ 
තමන්ගේ ගිනි ගත් හිස නිවා ගනු විනා එය තව තවත් අවුලවා ගැනීමට හෝ අනුන්ගේ හිස් තව තවත් ගිනි තැබීම නොකල යුතු වේ...

නිවෙන්නට කැමති ඔබ සරලවම නිවිය යුතු වේ! දැවිය යුතු නොවේ!!!
නිවෙන්නට කැමති ඔබට තෙරුවණේ ආශිර්වාදය 
උපරිමයෙන්ම ලැබේවා!!! 
නිවී සැනසීමම ලැබේවා!!!