නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, January 1, 2016

Blessings for the New Year 2016

Years... Months... Weeks... Days... Hours... Minutes... Seconds...
Time is just and supportive tool for the day to day activities...
Through all these relative process what matters is how your mind react upon every circumstance...
is it filled with desires? is it filled with hatred? is it filled with unawareness?
is it lack of kindness? is it lack of mindfulness? is it lack of patience? is it lack of compassion? is it lack of generosity?
No matter what year it is ... No matter what day it is... No matter what time it is...
if you are wise enough to understand your own mind... and its behaviors...
that's what important as a wise human being...
that's the most challenging task you are going to face in every moment in your life...
So make it "THE TIME" for your self to find your own hidden treasure...
THE WISDOM!
Coz that's the only treasure, which able to decide what will be your year ahead! what kind of a year your are about to have... what kind of a person you are going to create....
without the treasure of wisdom... you can be just another being filled with desires, hatred & ignorance... nothing special...
So make the new year ahead special for your self... as well as to the others around you by being really special with your own wonderful treasure of Wisdom!
Now hurry!!! find it! :) that's your new year task! You can do it! Because it is already with you!
May all the energy spread through the universe gathered together to make this possible for you!!!
May god bless you all for the best while triple gem bless you all to achieve the best!!!!

සිහියෙන් අසන... නුවණින් දකින... රාගය හැඳින රාගය නසන... ද්වේශය හැදින ද්වේශය නසන... මෝහය හැඳින මෝහය නසන... විරියම වැඩෙන... අප්‍ර‍මාදීවන... ප්‍ර‍ඥාව වැඩෙන... ප්‍ර‍ඥාව පූර්ණය වන... නිවනින්ම සැනසෙන... නිවනම පූර්ණය වන... සාමයම පතුරවන... සතුටම විහිඳුවන... අර්ථවත් වසරක් ලැබීම පිණිස සිහියෙන් කටයුතු කරන... ලැබූ මිනිස් ජීවිතයෙන් අර්ථවත් යමක් කියන කරන සිතන... සැබෑම ප්‍ර‍ඥාවන්තයෙක් වීමට... සියලු දෙවි රැකවරණය ලැබ තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන්ම හිමිවේවා!!!

Monday, November 2, 2015

බාලයන් ඇසුර??

සත්ධර්මය තුල නොයෙක් අවස්ථාවන් වලදී බාලයන්ගේ ඇසුර පිළිබඳව නන් අයුරින් පෙන්වා දී තිබෙනවා. "අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා" ලෙසින් මංගල සූත්‍රයේදී "බාලයන් ඇසුරු නොකරන්න - පණ්ඩිතයන් ඇසුරු කරන්න" එය මංගල කාරණයක් ලෙසින් පෙන්වා දී තිබෙනවා. තවත් විටෙක "ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාලසමාගමෝ සතන් සමාගමෝ හෝති යාව නිබ්බානපත්තියා" ලෙසින් "මේ පුණ්‍යකර්මයේ බලයෙන් මට කිසිදු බාල සමාගමයක් නොවේවා - සත්පුරුෂ සමාගයක්ම වේවා නිවීම පිණිසම වේවා" ලෙසින් පෙන්වා දී තිබෙනවා.

"බාලසඞගතචාරීහි දීඝමද්ධාන සොචති - දුක්ඛො බාලෙහි සංවාසො අමිත්තෙනෙව සබ්බදා" ලෙසින් "බාලයන් හා එක්ව හැවිදිනා සුලුවූයේ දික් කලක් ශෝක කරයි. බාලයන් හා එක්වැ විසීඹ කඩුගත් අත් ඇති පසමිතුරෙකු හා සමග වාසයක් මෙන් හැම කල්හිම දුක්ය"

සත්පුරුෂයන් බාලයන් ඇසුරු නොකරන බවත් සත්පුරුෂයෙකු වීම පිණිස බාලයන් ඇසුරු නොකල යුතු බවත් මෙන්න මේ ආකාරයෙන් විවිධ අවස්ථාවලදී පෙන්වා දී තිබෙනවා.

මේ විදියට ධර්මයේ තිබෙන විට බුද්ධිමත් ඔබට ගැටලුවක් එන්නේ නැතිද?

සත්පුරුෂයින් පණ්ඩිතයන් බාලයන් ඇසුරු කරන්නේ නැතිනම්...

අන්ධබාල පෘතග්ජන තත්වයේ සිටින පිරිස් විසින් පණ්ඩිතයන් ඇසුරු කරන්නේත් නැතිනම්...

පෘත්ජගන තත්වයෙන් මිදී ආර්ය භාවයට පත්වීම පිණිස සත්පුරුෂ ඇසුර ලැබිය යුතුයි නම්...

මේ කියන කරුණු වල ගැලපීම කෙසේනම් දත යුතුද? මෙය නොගැලපෙනවාද නැතිනම් ගැලපනෙවාද? ප්‍රඥාවන්තව විමසා බලා අර්ථය නිසි ලෙසින් නුවණින් අවබෝධ කරගත යුතුයි.

අන්ධබාල පෘතග්ජන තත්වයෙන් මිදීම පිණිස සත්පුරුෂ ආශ්‍රය ලැබිය යුතු වෙනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබිය යුතු වෙනවා. ඒ කියන්නේ කළ්‍යාන මිත්‍රයන් විසින් බාලයන් ආශ්‍රය කරන්නට සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් ඔවුන් බාලයන්ට පණ්ඩිතයන් වන මාර්ගය පෙන්වා දෙන්නේ කෙසේද? එහෙනම් මොකක්ද මේ "ආශ්‍රය / ඇසුර"??

ආශ්‍රය කරනවා ඇසුරු කරනවා කිව්වාම අපට එකවරම සිහිපත් වෙන්නේ මතුපිටින් කරන ඇසුරක්. ඒ කියන්නේ යම් පුද්ගලයන් දෙදෙනෙක් නිතර කතා බහේ යෙදනවා නම් නිතර එක්ව වැඩකටයුතු වල නිරත වෙනවා නම්... මෙන්න මේ වගේ සම්බන්ධයකට - අපි කියනවා "ආශ්‍රය කරනවා / ඇසුරු කරනවා" කියලා.

නිතර එක්ව කතා කරමින් වැඩ කටයුතු කලාය කියලා ඒ ඒ පුද්ගලයාගේ යහපත් අයහපත් ගති ගුණයන් අපට ලං කරගෙන ඒ ගුණ අප තුල දරාගන්නට කටයුතු කිරීම හෝ නොකිරීම තුල ආශ්‍රය පැහැදිලි වනවා. උදාහරණයකින් තෝරාගනිමු...

වැඩිහිටියෝ කුඩා දරුවන් ඇසුරු කරනවා... ඒ අය සමඟ සෙල්ලම් කරනවා... ඒ අය සමඟ කුඩා දරුවන් සේ කථා බහේ යෙදෙනවා... එහෙත් සිත? වැඩිහිටියෙක් සිතින් කිසිම විටෙක ඒ කුඩා දරුවාගේ සෙල්ලම සමඟ හාද වෙන්නේ නෑ... ඒ කුඩා දරුවාගේ නොදැනුවත් වැඩපිලිවෙල ඒ දරුවාගේ නොදැනුවත්කම නිසාම සිද්ධ වෙන්නක් යැයි නිසි අවබෝධයක් වැඩිහිටියාට තියෙනවා. කුඩා දරුවාට ඔහු / ඇය කරන සෙල්ලම මහා වටිනාකමක් වුණාට වැඩිහිටියාට එය නොදන්නාකමට සිද්ධ වෙන සෙල්ලමක් පමණයි. එහෙත් කුඩා දරුවාට අවශ්‍ය කරන දැනුවත් බාවය ලබාදෙන්නට නම් සෙල්ලමේ නොවටිනා බව පෙන්වා දීමට නම් ඒ දරුවා සමඟ මොහොතක් හෝ වේවා කටයුතු කරන්නට සිද්ධ වෙනවා. එහෙත් සිතින් ඒ දරුවා දරන සිතිවිලි ගුණයන් තමන් තුල දරාගෙන නොවේ. එහෙනම් මතුපිටින් කුඩා දරුවා ඇසුරු කරන වැඩිහිටියෙක් අපට දැකගන්නට හැකිවුණත් ඒ වැඩිහිටියා සිතින් කුඩා දරුවා ඇසුරු කරන්නේ නෑ.

අන්න ඒ වගේ තමයි මේ කියන් බාලයන් ඇසුරු නොකිරීම හෙවත් කළ්‍යාණ මිතුරන් සත්පුරුෂයන් ඇසුරු කිරීම කියන දේත් වටහාගත යුතු වෙන්නේ.

හොද්දක් ඇසුරු කරන හැන්දක් නිතරම හොද්දේ බැසගෙන සිටියත් හොද්දේ රස නොදනී එහෙත් දිව මොහොතක ඇසුරකින් හොද්දේ රස හදුනාගනී. මෙන්න මේ වගේ බාලයන් පණ්ඩිතයන්ගේ ඇසුරේම සිටියත් ඒ ගුණ නොදනී නුවණැත්තා මොහොතකින් ඒ ගුණ හඳුනාගනී යැයි ධම්මපදයේ යෙදෙන ගාථාවක අප දන්නවා.

ඔන්න දැන් මේ උපමාවෙන්ම අප මෙතෙක් කාලයක් නොසිතූ කරුණක් මතු කරගනිමු. සත්පුරුෂයෙක් / කළ්‍යාන මිත්‍රයෙක් විසින් බාලයක් ඇසුරු කරන්නේ හොද්දේ තියෙන හැන්දක් වගෙයි. බාලයන්ගේ පෘතග්ජන ගති ගුණයන් සමඟ මුහුවීමක් හාදවීමක් ඒවා රසයක් ලෙසින් ගෙන ආශ්‍රය කිරීමක් / ඇසුරු කිරීමක් සිද්ධ වෙන්නේ නෑ.

ඒත් බාලයෙක් විසින් සත්පුරුෂයෙක් කළ්‍යාණ මිත්‍රයක් ආශ්‍රය කරන විටදී මේ දේ මෙසේ සිදුවුවහොත් නම් බාලයාට තමන්ගේ ගුණයක් වඩාගැනීමට බාල බවින් මිදීමට නොහැකි වෙනවා. අන්න ඒ නිසා බාලයා විසින් දිව රසය හඳුනාගන්නවා වගේ සත්පුරුෂයාගේ කළ්‍යාණ මිත්‍රයාගේ ඒ යහපත් ගුණයන් ඇසුරට පත්වීමට සිද්ධ වෙනවා. ආශ්‍රය කරන්නට සිද්ධ වෙනවා. කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයකදී ඒ කළ්‍යාණ මිත්‍රයාගේ තිබෙන්නාවූ යහපත් වූ මෙත් සහගත චිත්ත ශක්තිය විසින් බාලයාගේ බාල ගති මඳකට පසෙකලන්නට උපකාර කරනවා.

බාලයා තුලත් මොහොතකට හෝ බාලවූ පහත් වූ කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, විචිකිච්චාව, උද්ධච්ච කුක්කුච්ඡ ආදී ගතිගුණ යටපත් කරගන්නට උපකාර වෙනවා. අන්න එවන් වූ මොහොතක බාලයාටත් හැකිවෙනවා කළ්‍යාණ මිත්‍රයාගේ සත්පුරුෂයාගේ ගුණයන් යම් යම් පමණකින් අත්දැකගන්නට... අන්න ඒ ආශ්‍රය උපකාර වෙනවා තමන්වත් කළ්‍යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් බවට පත්කරගන්නට.

යථාර්ථයක් නොදැන මොහොතක් පාසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මයන් පසුපස දිවෙන සිත ඒවායේ ආශ්‍රය සොයනවා. මෙන්න මෙය අන්ධ වූ බාල වූ පහත්වූ හිස්වූ හිස් ප්‍රතිඵලයක්ම ලබාදෙන පෘතග්ජන වැඩපිලිවෙලයි. මෙන්න මේ ආශ්‍රය තිබෙනතාක් ඔබට සත්පුරුෂයෙක් වීමට කළ්‍යාණ මිත්‍රයෙක් වීමට ආර්ය ශ්‍රාවකයෙක් වීමට නොහැකි වෙනවා. එසේ නම් මෙන්න මේ ගුණයන් ආශ්‍රය නොකිරීමට / ඇසුරු නොකිරීමට ඔබ විසින් මානසික පසුතලය සපයා දිය යුතු වෙනවා.

යථාර්ථයක් දන්නා ආර්ය ශ්‍රාවකයෙක් බැලූ බැල්මට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මයන් ඇසුරු කරනවා යැයි පෙනුනද ඔවුනට එය තුවාල නොමැති අතකින් විස අල්ලනවා වගේ වැඩක්. එහෙත් යථාර්ථය නොදන්නා සිතක් යනු තුවාල ඇති අතක් වගේ... එයින් විස ඇල්ලුවොත් විනාශ වෙනවා නියතයි.

සත්පුරුෂයා / කළ්‍යාණ මිත්‍රයා බාලයන් ආශ්‍රය / ඇසුරු නොකර බාලයන්ව ඇසුරු කරමින් සත්ධර්මය ශ්‍රවණයට පසුතලය සලසන්නේ එලෙසයි. බාලයා / පෘතග්ජනයා විසින් කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කලද ඒ ආශ්‍රය නිසි ලෙසින් හඳුනා නොගන්නේ ඒ ඒ මොහොතේ යෙදෙන පංචකාමයන් වශීවී කෙරෙන මානසිකත්වය අනුවමයි.

අන්න ඒ නිසා තම තමන්ගේ මානසිකත්වය පිළිබඳව ප්‍රවේශම් වන්න. අන්ධ බාල පෘතග්ජනයෙක් ලෙසින් මනසේ විවිධාකාර දෑ තබාගෙන ඒදේවල් වලට ගලපමින් සත්ධර්මය ශ්‍රවණය කිරීම නවතා දමා කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසි ලෙසින් ලබාදෙන මානසික පසුතලයකින් යුතුව සත්ධර්ම ශ්‍රවණය කරන්නටද මේ ලෙසින් "ආශ්‍රය / ඇසුර" බුද්ධිමත්ව විමසා අවබෝධ කරගන්න.

තෙරුවන් සරණින් ඔබ සැමට නිසි ආශ්‍රය / ඇසුර ලැබ නිවනම වෙත්වා!