“මම” කියලා “මගේ” කියලා ගන්න දෙයක් නෑ කියලා දන්නවා නේද? හැමදෙයක්ම අනිත්‍යයයිනේ... දුකයිනේ... අනාත්මයිනේ කියලාත් දන්නවා නේද? ඒත් ප්‍රශ්ණ කෙලවරක් නෑ නේද? ගෙදර ප්‍රශ්ණ... ලඟින් ඉන්න අයගේ ප්‍රශ්ණ... වැඩකරන තැන ප්‍රශ්ණ... ඉගෙන ගන්න තැන ප්‍රශ්ණ... යාළුවන්ගේ ප්‍රශ්ණ... ගමේ රටේ ප්‍රශ්ණ... ලෙඩ රෝග ප්‍රශ්ණ... ප්‍රශ්ණ... ප්‍රශ්ණ... කෝ විසඳුම් නැත්තේ ඉතින් භාවනා කරන්න වෙලාවක් නෑනේ... කැලේට ගිහින් තනි වෙන්න තිබ්බා නම්... මේවාගෙන් ඈත් වෙන්න තිබ්බා නම් නිවන් දකින්න පුළුවන් වෙනවා... ප්‍රශ්ණ විසඳෙනවා... ඒත් ඉතින් දැන්ම බෑනේ... යුතුකම් වගකීම්... බණ දැනගත්තට නිවනක් නැත්තේ ඒකයි තාම... හ්ම්...."
“මම” කියලා “මගේ” කියලා ගන්න දෙයක් නෑනේ ඉතින් කියලා හිතනවා... ඒත් ප්‍රශ්ණ තියෙන “මම” සහ විසඳුම හොයන “මම” තවමත් මහා අරගලයක... මේ යෙදුනේ සත්කාය දිට්ඨියයි...
විසඳුම තියෙන්නේ යමක් කරලා යම් තැනකට ගොස් ලබන්නට හැකි නිවනක් තුල කියලා හිතෙන ස්වභාවය සීලබ්බතපරාමාසයයි...
මේ දෙක අතර දෝලනය වන අරගල කරන “මම” තුල යෙදෙන්නේ විචිකිච්ඡාවයි...
මේ ප්‍රශ්ණ කියලා දැනෙන්නේ... ඒත් ඉතින් දැන්ම බෑනේ... යුතුකම් වගකීම්... කියලා දැනෙන්නේ... කාම රාග, රූප රාගයයි... කාම තණ්හා, භව තණ්හාවයි...
ඒ ප්‍රශ්ණ නැති තැනක පවතින්න උත්සාහ දරන්නේ අරූප රාගයි... විභව තණ්හාවයි...
ඒ තුල ඇතිවන දුක අසහනය ගැටීම සියල්ලම ව්‍යාපාදයයි... පටිඝයයි... හැමදෙයක්ම අනිත්‍යයයිනේ... දුකයිනේ... අනාත්මයිනේ ඉතින් මම ඔය බණ දන්නවානේ කියලා දැනෙන්නේ මාන්නයයි...
මම මෙච්චර බණ දැනගෙනත් තාම නිවනක් නෑනේ යැයි දැනෙන්නේ උද්ධච්චයයි... මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ අවිජ්ජාවයි...
සත්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බතපරාමාසය, කාම රාග, ව්‍යාපාද / පටිඝ, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා...
කුණු ගොඩවල් 10කින් කුණු වෙලා... කුණු හඳුනාගන්න වුවමනාවක් නැත්තේ බණ දන්න නිසා... දැන් ඉතින් කුණු සුද්ධ කරගන්නේ කොහොමද? ප්‍රශ්ණය දැකලත් නෑ විසඳුම දැකලත් නෑ... ප්‍රශ්ණ විදියට හඳුනාගෙන තියෙන්නේ වැරදි දෙයක්... විසඳුම හොයන්නේ වැරදි තැනක... ඉතින් කෝ නිවනක්... ??
“ඒත් ඔය කුණු අයින් වෙන්නේ මාර්ග ඵල ලාභීන්ගෙනේ... මම තාම මග ඵල ලබලා නෑනේ... හ්ම්... ඒත් මම හැමදෙයක්ම අනිත්‍යයයිනේ... දුකයිනේ... අනාත්මයිනේ කියලා නම් දන්නවා... හේතු ඵල දහමත් දන්නවා... චතුරාර්ය සත්‍යයේ දුකත් දන්නවා...”
මග ඵල ලැබුවේ නම් අනිච්ච දුක්ඛ අනත්ත බව දකී... හේතු ඵල දහම දකී... චතුරාර්ය සත්‍ය දකී... ඒත් ඒවා දැක්කලු ඒත් මග ඵල නෑලු... එකිනෙකට පරස්පර විරෝධීබවවත් දැනෙන්නේ නැත්තේ ඇයි? “මම” කියලා “මගේ” කියලා ගන්න දෙයක් නෑලු... ඒත් ප්‍රශ්ණ කෙලවරක් නෑ... ඒ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න ශක්තියක් නෑ... නැති “මම”ට මේ අවුල වුනේ කොහොමද කියලාවත් හිතලා බලන්නේ නැත්තේ ඇයි?
බණ ගොඩක් දන්නවා නේද? දත්ත දැනීමෙයි අවබෝධයෙයි මහා වෙනසක් තියෙනවා... අහසට පොළව වගේ... කාටවත් ගලවාගන්න බෑ කිව්වේ මේ නිසයි... තමන්ගේ ගැලවුම්කාරයා තමන් විය යුතුයි කිව්වේ මේ නිසයි... තමන් තමන්ව හඳුනා නොගත්තොත් මහා අවුල්...
හැම තැනම පැටලෙනවා...
සත්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බතපරාමාසය, කාම රාග, ව්‍යාපාද / පටිඝ, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා... මෙව්වා පොතෙන් හොයනවා වෙනුවට තමන් තුලින් හොයාගන්න... ඇත්තටම “මම” කව්දැයි සැබෑවටම හොයාගන්න... ඇත්තටම හැමදෙයක්ම අනිත්‍යයයිනේ... දුකයිනේ... අනාත්මයිද කියලා තමන් තුලින්ම දැකගන්න... දත්ත වලින් නිදහස් වී අවබෝධයට පත්වෙන්නට අප්‍රමාදීවන්න!!!
කළණ මිතුරු ඇසුරේ සත්ධර්ම ශ්‍රවණය නිසි අයුරින් කරගන්න... දත්ත වලින් හිස්වූ නිදහස් මනසකින් කියන්නේ මොකක්දැයි අසාගන්න... ඔහේ බණක් අහන්නේ නැතිව... ඔහේ පුද්ගලයෙකුට අහන්නේ නැතිව... කියන්නේ මොකක්දැයි කියලා විතරක් අසාගන්නට මනස යොමු කරන්න... එවිට ගැබ්වූ අදහස වැටහේවි... ඒ අදහස තුල ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලැබේවි...
ගිහි පරිසරයක හිටියත්... පැවදි පරිසරයක හිටියත්... තමන් තමන්ගේ ගැලවුම්කාරයා වෙන්නට පරිසරය සකසා නොගතහොත් තමන් තුල ක්‍රියාත්මක වන කුණු හඳුනානොගත හොත් ඇතුලතින් දිරා යන දර කොටයක් සේ තවත් වටිනා අවස්තාවක් මඟ හැරේවි...
බෞද්ධ රටක් වූ පමණින්... උපතින් බෞද්ධ වූ පමණින්... විලාසිතාවට බෞද්ධයෙක් නොවී... විලාසිතාවට බණ නොඅසා... විලාසිතාවට බණ කතා නොකර... තම තමන්ගේ ප්‍රශ්ණය නිසි සේ හඳුනාගෙන තම තමන්ගේ විමුක්තිය පිණිස ප්‍රඥාවන්තව නුවණැස උපදවා ගන්නට උත්සාහවන්තවන්න!
නැණවත්ව විමසන්න!!!... තමන්ගෙන්ම!!!