නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, March 1, 2022

නිවීම පිණිස සීල ගුණ

 


නිවන් මඟ කැමති... නිවන් මඟ වඩන... නිවන් මඟ පුරන්නෙක් වේ නම් තමන් කියන කරන සිතන සෑම දේ ම නිවන පූරණය කර ගැනීම පිණිස සිදු විය යුතුයි. මේ විමුක්තිය ලැබීම පිණිස වැදගත් වන... අප විසින් අවබෝධයෙන් යුතුව එදිනෙදා භාවිතා කල යුතු... බහුලව භාවිතා විය යුතු දහම් කොටස් නිරන්තරයෙන් විග්‍රහ කර ගන්නට යෙදෙනවා. මෙවර කතු වැකිය තුලින් නිවීම හෙවත් උත්තම අර්ථය ලැබීම පිණිස අප තුල සකස් විය යුතු සීලය කෙටියෙන් වටහා ගන්නට උත්සාහ කරමු.

මෙවර කතු වැකියේ දහම් පණිවිඩය ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ චූල වර්ගයට අයත් කිංසීල සූත්‍රය” තුල ගැබ් වන දහම් කොටස් අනුසාරයෙන් ලබා දෙන්නට තමයි මගේ බලාපොරොත්තුව.

එක්තරා අවස්ථාවක සැරියුත් හිමියන්ගේ ගිහි කාලයේ යහළුවෙක් වූ ඉතාමත් ධනවත් තරුණයෙක් තමන්ගේ සියලු සැප සම්පත් හැර දමා සැරියුත් හිමියන් සමීපයේ මහණ වුනා.  කොතරම් අවවාද අනුශාසනා කමටහන් ආදිය ලබා දුන්නත් නිවන් මඟ පූරණය වන බවක් පෙනෙන්නට නැති නිසා සැරියුත් හිමියන් මේ හිමියන් ද සමඟ සම්මා සම්බුදු රඳුන් හමුවට යනවා.  ඉතින් සැරියුත් හිමියන් මේ හිමියන්ට ද උපකාරයක් ලැබේවා යන අදහසින් යුතුව සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා;

කෙබඳු දේවල් වලින් වැළකීමේ සීලයෙන් යුතු විය යුතුද? කෙබඳු ගති ගුණ ස්වභාවයන් තිබිය යුතුද? කෙබඳු හැසිරීමකින් යුතු විය යුතුද? කයෙන් කෙරෙන කටයුතු කෙබඳු විය යුතුද? මනා අයුරින් සාසනයේ පිහිටා උතුම් රහත්ඵලයට පැමිණීම පිණිස සීලය කෙසේ විය යුතුද?”

ඉතින් බුදු හිමියන් සර්වඥතා ඥානයෙන් දකිනවා පැවිදි වෙලා කාලයක් ගිය, ප්‍රඥාවෙන් අග්‍රස්ථානය ලැබූ සැරියුත් මහ රහතන් වහන්සේ විසින් මේ වගේ සෝතාපන්න ආදී මූලික මාර්ග ඵලයන් සඳහා හේතු වන දහම් කොටස් විමසන්නේ උන්වහන්සේ සමඟ පැමිණි අනෙක් හිමියන් අරමුණු කර ගෙනයි කියලා.  ඉතින් අපේ සම්බුදු පිය රජුන් ඒ හිමියන්ට වටහා ගැනීමට පහසු වන ආකාරයට මෙන්න මේ කාරණා පෙන්වා දෙනවා.

වැඩිහිටියන් පුදන බව කියන ගුණය තිබිය යුතුයි - නුවණින් වැඩිහිටි බව, ගුණයෙන් වැඩිහිටි බව, උපතින් වැඩිහිටි බව, වයසින් වැඩිහිටි බව කියන ආකාර හතරකින් වැඩිහිටියන් සිටිනවා.  ඒ බව හඳුනා ගෙන වැඩිහිටියන් පුදන බව, වැඩිහිටියන්ට ගරු කරන බව තිබිය යුතුයි.  වැඩිහිටි බව හඳුනා ගෙන ඔවුන් ලබන දේ කෙරෙහි ඉරිසියා සහගත නොවිය යුතුයි.  නුවණින්, ගුණයෙන්, උපතින්, වයසින් වැඩිහිටි නිසා යම් යම් ලාභ, කීර්ති, ප්‍රශංසාවන්, ප්‍රත්‍ය පහසුකම් ඒ වැඩිහිටියන්ට ලැබෙන විට ඒවාට ඉරිසියා නොකල යුතුයි. 

සුදුසු කාලය දන්නා බව තිබිය යුතුයි - සුදුසු කාලය කිවූ විට මෙන්න මෙහෙමයි; රාගය... ද්වේශය වගේ කාරණා යෙදෙමින් අධික ලෙස සිත පෙලෙනවා නම්... ඇතුලාන්තය ගිනි අර ගෙන නම් තනිවම ඒවාට මුහුණ නොදී තමන්ට වඩා දහම් ප්‍රගුණ කරන්නා වූ මඟ වඩන්නා වූ ගුරුවරුන් මුණ ගැසීමට... කල්‍යාණ මිත්‍රයින් මුණ ගැසීමට සුදුසු කාලය හඳුනා ගැනීමට දක්ෂ විය යුතුයි.  සමථ විදර්ශනාවට උපකාර වන දස කතාවේ යෙදීමට කාලය යොදා ගත යුතුයි.  ඒ වගේම එබඳු දහම් කතා ඇසීම කොතරම් දුර්ලභ වූ කාරණයක් ද යන අවබෝධය තිබිය යුතුයිඒ අවබෝධය නිසාම එවන් වූ දහම් සාකච්ඡාවන් හි නිරත වන්නට මොහොතක් හෝ ක්ෂණයක් හෝ ලැබෙන්නේ නම් ඒ කාලය උපරිමයෙන් ඵල නෙලා ගැනීම පිණිස මනාව ශ්‍රවණය සිදු විය යුතුයි.  යහපත් වූ සත්පුරුෂ දහම් ද ආර්ය දහම් ද මනාව ඇසීමේ ගුණය තිබිය යුතුයි.

ගුරුවරුන් කල්‍යාණ මිත්‍රයින් හමු වෙලා කොතරම් දහම් ඇසුවත් ඵලයක් ලැබෙන්නේ නෑ තමන් තුල අධික මාන්නය තිබෙනවා නම්.  එසේ නම් “මම කමටහන් වඩන්නෙක්... මම ධුතාංග දරන්නෙක්... මම සීලයක් තියෙන්නෙක්... මම අවබෝධ කර ගෙන සිටින්නෙක්... මම මාර්ග ඵල ලාභියෙක්... මම වත් පුරන්නෙක්... මම මෙහෙමයි... අරහෙමයි...” වගේ තද වූ මාන්නක්කාර ගති ස්වභාවයන් නොතිබිය යුතුයි.  “මට මේ ටිකේ හොඳටම වැඩ... මට කල්‍යාණ මිත්‍රයන් හමුවෙන්න... ගුරුවරයන් හමුවෙන්න වෙලාවක් නෑ... මම දන්න කමටහනකින් මට මේ මේ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්... මම ඔය කියලා දෙන දේවල් දන්නවා...” වගේ මානය සහිත වූ තද ගත සහිත අදහස් ගන්නේ නැතිව කල්‍යාණ මිත්‍ර ගුරු හරු කම් ලබා ගෙන ඒ අසා ගත් දහම් හි අර්ථය, ධර්මය විමසමින් උත්සාහවන්ත විය යුතුයි.

මුලින් ම කිව්ව වගේ අරමුණ විමුක්තිය නම් තමන්ගේ සිත, කය, වචනය ඒ තමන්ගේ අරමුණ වූ නිවීම නම් වූ විමුක්තිය පිණිස ම යෙදවීම විය යුතුයි.  ඒ ගැන බුදු හිමියන් පවසන්නේ මෙන්න මේ විදියටයි.  හේතු ඵල දහම් අවබෝධයෙන් සමථ විදර්ශනා අවබෝධය ලබමින් දහම් හි ඇලීමෙන් යුතුව කටයුතු සිදු විය යුතුයි.  සමථ විදර්ශනා ආදිය මුල් වූ විට දහම් හි හැර වෙන කටයුත්තක යෙදෙන්නට සිත දෙන්නේ නෑ.  එතකොට තමයි ගැඹුරු දහම් වලට අනුව විදසුන් වඩන්නට හැකියාව ලැබෙන්නේ. පැවැත්ම හඳුනා ගන්නා නුවණ... නැවැත්ම හඳුනා ගන්නා නුවණ ලැබෙන්නේ එතකොටයි.  දෙතිස් කතාවෙන් බැහැර වෙලා විමුක්තිය නැති කර දමන සිතිවිලි, ක්‍රියා, වදන් හඳුනාගෙන ඒවායෙන් වෙන් වෙන ඥානය ඇති විය යුතුයි.   

ජාතිකුල මල ආගම් ආදිය ගැන, ආයුෂ ගැන, නීරෝගී බව ගැන, ඥාතීන් ගැන ආදී මේ විදියට මහ ඉහළින් වටිනාකම් දුන්න නොයෙක් වූ මත් වීම් අපට තියෙනවා.  දෙතිස් කතාවන් තුලින් මේ මත් වීම් වැඩි වෙනවා.  ඒවාට මහා හයියෙන් සිනහා පහල කරමින් සතුටු වෙමින්... ඒවාට විරුද්ධ දේ සිදු වූ විට මහත් සේ කම්පා වෙමින් දුක් වෙමින් මත් වීමෙන් යුතුව අසිහියෙන් කටයුතු සිදු නොවිය යුතුයි. 

ඇතුලාන්තයේ එකක් තබා ගෙන තමන් මෙසේ මෙසේ යැයි හුවා දක්වන්නට හදන මායාකාරී ගති ස්වභාවයන් හඳුනා ගෙන ඒවා බැහැර කල යුතුයි.  අවංකභාවය ඉතාමත් වැදගත් කියලා අපත් නිතර පෙන්වා දෙනවානේ නේද? අන්න ඒ වගේ.  මායාකාරී ගති, වංචනික ගති, මූලික අවශ්‍යාතාවයන් ට ඇති ගිජු බව, පෙර සඳහන් කල ජාති, කුල මල, නිරෝගී බව, ඥාති විෂය ආදියේ මත් වීම්, පරුෂ වචන කියන බව, කුහක කහට ගති, ඉරිසියා, මාන්න ආදී මේ කුණු ගති හඳුනා ගෙන ඒවායෙන් බැහැර වීමට කටයුතු කල යුතුයි.  

ඉතින් මේ විදියට හැම දේකම හා වෙමින් රාගයෙන් බැඳුනු... ද්වේශයෙන් යුතු... කෙලෙස් වලින් මත් වූ පුද්ගලයාට නිවනක් විමුක්තියක් ලබන්නට නො හැකියි.  අසා ගන්නා ධර්මයක් අවබෝධ වෙන්නෙත් නෑ.  ඒ නිසා වැඩෙන්නට සමථ විදර්ශනාවක් පිහිටන්නෙත් නෑ.  නිකම්ම නිකම් කරුණු ටිකක් දැන ගත්තා කියලා ඒවායේ අර්ථය අදහස අවබෝධ වෙන්නේ නෑ.  එසේ නම් ශ්‍රැතය හෙවත් නිවැරදි ශ්‍රවණයත්... ප්‍රඥාවත් ලැබිය යුතුයි.  එය ලැබෙන්නට නම් ඉහත පෙන්වූ කෙලෙස් වලින් බැහැර වූ සංවර ගත පැවතුම් අපේ ඇතුලාන්තයේ වර්ධනය විය යුතුයි. සීලය ලැබිය යුතුයි.  ඒ තුලයි සමාධිය සහ ප්‍රඥාව නිරන්තරයෙන් ලැබෙන්නේ.  ඉතින් සම්බුදු පිය රජුන් පෙන්වා දෙනවා මෙන්න මේ විදියට බුද්ධා දී ආර්යයන් වහන්සේලා විසින් පෙන්වා දෙන සමථ විදර්ශනා වැඩෙන උතුම් දහම් තුල බැස ගනිමින් සිත, කය, වචනය ගැන සිහියෙන් යුතුව ඉහත පෙන්වූ කෙලෙස් දහම් වලින් බැහැර වන්නාට ශ්‍රැතයත් ප්‍රඥාවත් ලැබෙමින් අප්‍රමාදීව රහත් ඵලය පූරණය කර ගනිමින් විමුක්තිය හෙවත් නිවීම ලබන්නට හැකි වෙනවා කියලා.

ඉතින් ඔබත් බොරුවට වංචා සහගත ලෙසින් දහම් වචන මුමුණමින් මවා පාන චරිතයක් නො වීමට උත්සාහවන්ත වන්න.  “මම දහම් අහනවා... දහම් මඟ යනවා...” යැයි පුරසාරම් දෙඩවූවාට ඵලක් නෑ ඔබ අවංකවම කල යුත්ත කිරීම පිණිස කැප වෙන්නේ නැත්නම්.  බාහිරයට ගුණ මවා පෑවාට අප ලබන ජයක් නැති බව නුවණින් දකින්න.  ඇතුලාන්තය නිරන්තරයෙන් අවංකව පර්යේෂණය කරමින් ගුණ දහමින් පෝෂණය වන්න.  එවිට එවිට ඔබ තේරෙන්නේ නෑ තේරෙන්නේ නෑ යැයි කියන පෙර නොඇසූ විරූ දහම් ඇසේවි! ඔබ නෑ නෑ යැයි කෑ මොර දෙන නිවීම... විමුක්තිය... බොහෝ දුර නොවේවි!  අති දුලභ ශාසනයේ සීලය විනිවිද දකිමින් නිවී සැනසෙන්නට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා!

මෙවැනි දහම් තවත් විමසන්න “නිර්වාණ ධර්ම” වෙබ් අඩවිය සමඟරැඳී සිටින්න!

Morality for liberation

 If you seek the eternal truth… if you seek for the true liberation… if you really need to be an awaken one… your dedication matters the most. Your true dedication and your honesty are the key to your liberation. Let’s discuss deep into the needful morality for our liberation. This month editorial is based on the sutta named “Kisīla What Morality? which is in Kuddhaka Nikaya, Pali canon.

Once a wealthy friend of Sariputta thero, became a monk and took advice from Ven. Sariputta.  But even after giving loads of dhamma advice and guidance, this bhikku fails to realize the deep dhamma which leads to liberation.  So, Ven. Sariputta thought it’s better to meet the blessed one with this bhikku and visited the blessed one.  When they meet the Lord Samma SamBuddha, Ven. Sariputta asked;

“With what morality, what conduct, nurturing what deeds, would a person lay the foundations right, and reach the highest goal of nibbana?

Then the blessed one whom aware of everything and everyone knew, that Ven. Saritputta who is the wisest among all the disciples asking this kind of primary question for the sake of other bhikkhu who is with him by seeking the blessed one’s guidance.  So, Samma SamBuddha answered this question in a way that other bhikkhu could understand easily.  (Read the full sutta Here)

“Honoring elders without jealousy must be a quality to have” – There are four types of elders.  Elders by wisdom, elders by morality, Elders by birth, elders by age.  Because of their elderly qualities, they do get gifts and praises and various kinds of benefits.  Those who dont respect & honor the elders feel jealous about what they receive too.  So, when one has such cheap quality, that one cant progress in the path of liberation.  So, one must have the quality of honoring elders without jealousy. 

“Knowing the time to visit their teachers. Treasuring the chance for a Dhamma talk, listening carefully to the well-spoken words” – One should seek for the guidance of the noble friends, noble teachers in this path of dhamma.  Because the teachings of Samma SamBuddha is not just a bundle of words or something possible to learn through a textbook.  There can be time you suffer with deep craving, desires, hatred, and you may feel that you are not in control of yours.  On such occasion, one should visit the noble ones and should take guidance.  That wisdom of identifying the right time should be there as a quality.  You know its common sense, that simply knowing whats the best should be done.  On such occasion you should aware how privilege you are to have such noble ones to talk.  And one should treasure the moment and listen carefully to each, and every single word said by the teacher, the noble friend.

Respecting & honoring the privilege moment means one should put them in to practices.  Always dig deep into the meanings of dhamma and dedicate the time to be with dhamma.  Delighting in the teaching, enjoying the teaching, standing on the teaching, investigating the teaching, one never say anything that degraded the teaching, but would be guided by genuine words well-spoken.

One should never delay meeting or honor the noble friends, teachers because of the ego.  I know this I know that I am in the practices I am a teacher too I can preach dhamma I know dhamma I am doing well with my practices I have special virtue I dont have time for such dhamma talks I can manage… etc., etc…,” this kind of egoistic feeling can keep you away from the dhamma guidance which is highly necessary to develop in the path of nibbana.  So, don’t let the ego win.  Be humble and honest to realize the eternal truth.

Being honest, not being a fraud, is a must.  When one attach to the country, race, status, relations, health, wealth etc its like being drunk and intoxicated by those subjects.  The more we talk about them, the intoxication develops, and we are getting away from liberation.  Being too much happy for those worldly facts and being too unstable & sad when happens bad things for the close ones are also makes you keep away from the liberation. 

So, to be mindful, to be aware of the noble truths, to realize noble dhamma and the essence of well-spoken words, stillness is the essence of learning and understanding.  Those who develop this morality can listen to the deep essences of dhamma when noble ones explain them.  Otherwise, they would be just a bundle of words with no meaning at all.  Knowing just words of dhamma can’t make you an awakening one.  So, to touch the essence, develop this morality. Those who do so, can be liberated and can be awakened without being delayed!

So, my dear dhamma friends, guard well your mind, body & words.  Develop the morality and always try to be in touch with those who are doing well in the dhamma path.  Be humble enough to listen and be honest for what you are doing.  Then the nibbana, the liberation is not something far away from you!

Stay in touch with official website "www.nirvanadhamma" for more Dhamma!