නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, July 25, 2013

“Samma Sambuddha said...so why not me???"

This article is based on something which we should think deeply and understand better for have a successful worldly life as well as extra-mundane life. I personally think this as a mistake which done by mostly the so call Buddhists in this world. The Samma Sambuddha’s teachings says that “intelligent one is who that identify their mistakes, faults and correct them for their benefits”. 

So what is this mistake? Sometimes some says “Samma Sambuddha said like this… did like that… so why not me…” etc… so you might think what the mistake there is… There is nothing wrong about these kind of thinking… etc… yes there is nothing wrong about these kind of thinking unless you think like this…

“Samma Sambuddha said “Idiot, fool” to other people sometimes…. So why not me… I too can tell it you fool...”

“Samma Sambuddha didn't preach for this kind of foolish people then why not me…”

“Samma Sambuddha said bad things about these kinds of people, “Samma Sambuddha insults such people then why not me…?”

Once I have seen something terrible like this that, “Samma Sambuddha took action to protect his kind who “Shakya” (Prince Siddhartha’s race) generation … so we should also, must take action to protect our kind…” 

And once I have seen something like “Samma Sambuddha didn't allow other religions to build their temples next to Buddhist monastery… so why should we…?”

Etc… etc… so 99.9999999999% times we use this phrase “Samma Sambuddha said, did…” as a slogan to fulfill our own desires, hatred & ignorance. So if you are one of them who use this phrase as a slogan thinks what you going to say next… if your slogan can be change into something like this… 

“Samma Sambuddha ceased all kind of desires… then why not me?”…. “Samma Sambuddha ceased all kind of hatred... then why not me?”…. “Samma Sambuddha ceased all kind of ignorance… all kind of suffering… then what’s wrong if I do the same?” If your slogan changed to something like this it will guide you to realize each moment what yet to do for pure happiness and to gain peace in mind. You will realize that you are no one higher than anyone else but one of them who still have desires, hatred & ignorance and yet to cease them. You will not feel like telling someone idiot or fool or something to insult other being as you, yourself know that you still have lot to clean as a human being. 

When Samma Sambuddha say “Idiot or fool” to someone there are millions of cause for that because Samma Sambuddha is a one who can sees all those millions kind of causes at once and even can see what results will be after saying “Idiot or fool” to this person etc…

And more over Samma Sambuddha doesn't have a polluted mind with desire, hatred or ignorance. It’s super clean and all the words the blessed one use or action takes or thoughts the blessed one thinks are always with a higher reason which is to support cease all kind of suffering according to the individual characters the blessed one talks. 

So forget about the slogan of “Samma Sambuddha said...” it’s not even suitable to use, “Even an Arihat said, did…” like that like this… etc… as we are comparing ourselves to someone who ceased all kind of desires, hatred & ignorance. 

So it’s a joke if you say that you are insulting someone without any desire or hatred or ignorance at all in your mind. May be sometimes you don’t have the intention to insult someone but again as you can’t see the millions of possible effects which happen by causing that as Samma Sambuddha can see you may be unknowingly destroying someone else’s life… or dhamma path permanently… this is the main reason that Samma Sambuddha’s teachings says the discipline of your mind, body, words are more important than anything else and it’s the beginning of success in your worldly life as well as extra-mundane life to gain pure happiness.

So my dear dhamma friends watch out what you speak, do act or think… be careful when you use the slogan of “Samma Sambuddha said… or “Arihat said…” because this can cause to many kind of suffering if you complete it with something cause to arise desire, hatred or ignorance… 

So if you really like to use this as a slogan use it wisely and act accordingly…. “Samma Sambuddha ceased desires, hatred, ignorance & all kind of suffering … and why not me?” So may triple gem bless you for the best and always remember "The one who sees Dhamma sees the Samma Sambuddha"!!!

Friday, July 19, 2013

“බුදු හිමියනුත් මෙහෙම කලාය...????"

අප විසින් තවත් ගැඹුරින් සිතා බැලිය යුතු කාරණයක් පෙන්වා දෙන්නට තමයි මේ පුංචි සටහන තබන්නට සිත්වුණේ. එය නිතරම පාහේ බෞද්ධයන් යැයි කියනා පිරිස තුල දක්නට තිබෙන්නා වූ අඩුපාඩුවක් ලෙසින් තමයි මා පෞද්ගලිකව දකින්නේ. ඉතින් අඩුපාඩු අපි හැමෝම ලඟ තියෙනවා. ඒවා අඩුපාඩුවක් තමන්ටත් අනුන්ටත් අයහපතක් දෙන්නක් ලෙසින් තෝරාගෙන ඒවා නිවැරදි කරගන්නා පුද්ගලයා නුවණැත්තෙක් බවට පත්වෙනවා කියලා තමයි මහා ප්‍රාඥයාණන්වහන්සේ විසින් නොයෙක් වර පෙන්වා දී තිබෙන්නේ. 

ඉතින් මොකක්ද මේ අඩුපාඩුව? එය තමයි “බුදු හිමියනුත් මෙහෙම කලාය ඒ නිසා මාත් එහෙම කරනවාය...“ කියලා යම් යම් දේ කියන්නට, කරන්නට, සිතන්නට පෙළඹීම. හොඳයි ඉතින් මේකේ මොකක්ද අඩුපාඩුව වැරැද්ද වෙන්නත් ඕන එහෙමමනේ කියලා ඔබට හිතේවි. ඇත්ත. ඒත් එහි සීමාව මොකක්ද කියලා හඳුනාගන්නේ නම් ඒ කටයුත්ත නිසි ලෙසින් ඉටුකරගෙන නිවී සැනසීමට පත්වීමට සැබෑ සතුට හිමි කරගැනීමට බුද්ධිමත් ඔබට හැකියාවක් ලැබේවි.

 බොහෝ විට සමහර පුද්ගලයන් බුදු හිමියනුත් මෙහෙම කලාය මෙහෙම කිව්වාය කියලා යම් යම් දේවල් කීමේ අදහස් දැක්වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. එයින් ප්‍රකටම දේ තමයි අන් පුද්ගලයන්ව විවේචනයට ලක්කිරීම.

“බුදු හාමුදුරුවොත් සමහර අයට මෝඝ පුරුෂයා කිව්වා මෝඩයෝ, ඒ නිසා මෝඩයාට මෝඩයා කියන්නේ නැතිව වෙන මොකක් කියන්නද“ කියලා විටෙක යමෙක් කියනවා...

“බුදු හාමුදුරුවොත් මේ වගේ අයට බණ කිව්වේ නෑනේ, ඔහේට බණ කියන්නේ නෑ මම“ කියලා තවත් විටෙක කියනවා... 

“බුදු හාමුදුරුවොත් මේ වගේ අයට නින්දා කලා... ඉතින් මට මොකද කරන්න බැරි“ කියලා තවත් විටෙක කියනවා...

තවත් අවස්ථාවක දුටුවා “බුදු හාමුදුරුවොත් ජාතිය රැකගන්නට ශාක්‍ය වංශිකයන් රැකගන්නට කටයුතු කලා... ඒ නිසා අපිටත් එහෙම කරන්නට පුළුවන්“ කියලා කියපු අවස්ථාවක්...

තවත් විටෙක දුටුවා “බුදු හාමුදුරුවෝ අල්ලපු වත්තේ අන්‍ය ආගමිකයන්ට ඒ අයගේ ආගමික සිද්ධස්ථාන හදන්න දුන්නේ නෑ ඒ නිසා අපිත් එහෙම කල යුතුයි“ කියලා කියනවා...

මෙන්න මේ වගේ බොහෝ අවස්ථාවල “බුදු හාමුදුරුවෝ මෙහෙම කිව්වා, මෙහෙම කලා...“ ලෙසින් සටන් පාඨයක් ලෙසින් රැගෙන “ඒනිසා අපිටත් එහෙම කරන්න පුළුවන්“ කියලා කියන්නේ 99.999999%ක්ම රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කරන්නට තමන්ට අවශ්‍ය වූ විටකයි කියලා පැහැදිලිවම පෙනෙනවා. 

මේ ආකාරයට සටන් පාඨයක් මෙන් නිතර හෝ ඉදහිට හෝ මෙය භාවිතා කරනවා නම් ඔබම හිතලා බලන්න ඔබට අවස්ථා කීයකදී හිතිලා තියෙනවද “බුදු හාමුදුරුවෝ සියලු රාගයන් නැසූ කෙනෙක් මමත් එහෙම කරනවා...“ කියලා? එහෙමත් නැතිනම් “බුදු හාමුදුරුවෝ සියලු ද්වේශයන් නැසූ කෙනෙක් මමත් එහෙම කරනවා...“ කියලා? එහෙමත් නැතිනම් “බුදු හාමුදුරුවෝ සියලු මෝහයන් නැසූ කෙනෙක් මමත් එහෙම කරනවාය...“ කියලා? 

බුදු කෙනෙකුන් තබා රාගයන් ද්වේශයන් මෝහයන් සර්වසම්පුර්ණයෙන් නැසූ අරිහතුන්වහන්සේ කෙනෙක් මෙන්න මෙහෙම කියලා තියෙනවා කරලා තියෙනවා කියලා ඉහත ආකාරයේ තවත් කෙනෙක්ව විවේචනයට ලක්වෙන ගැටීමට ලක්වෙන දෑ කියන්නට කරන්නට රාගයන් ද්වේශයන් මෝහයන් තවමත් රිසි සේ තිබෙන්නා වූ ඔබ වැන්නෙකුට මා වැන්නෙකුට කිසිසේත්ම සුදුසු නෑ. 

බුදු හිමියන් බොහෝ අවස්ථාවල පෙන්වා දී තිබෙනවා “මා හැරුණු කොට මට සමකරන්නට හැක්කේ තවත් බුදු කෙනෙකුන්ම පමණි“ කියලා. ඉතින් එයින්ම අදහස් වෙනවා බුදු හිමියන් කියපු කරපු සිතපු දේවල් අනුකරණය කරනවා තබා ඒවා කුමන ආකාරයෙන් කුමක් උදෙසා කලාද කියලා තෝරාගන්නට තරම්වත් සාමාන්‍ය බුද්ධිමට්ටමක් තිබෙන්නෙකුට නොහැකි බව. කෙටියෙන් කියනවා නම් අරිහතුන්වහන්සේ කෙනෙක්ටවත් නොහැකියි සම්මා සම්බුදු පියාණන්වහන්සේලා කියන්නාවූ කරන්නා වූ සිතන්නා වූ දේවල් කුමන ආකාරයේදැයි වටහාගන්නට හෝ අනුකරණය කරන්නට. 

අප විසින් අනුගමනය කරනවා නම් අනුකරණය කරනවා නම් කතා කරනවා නම් සටන් පාඨ ගන්නවා නම් කල යුතු එකම දේ තමයි “බුදු හිමියන්... අරිහතුන්වහන්සේලා... රාගයන් ද්වේශයන් මෝහයන්... සියලු අකුසලයන් මුලින්ම උදුරා දමා සම්පූර්ණයෙන්ම නැසූ අයයි... ඒ වගේ මමත් එහෙම කරනවා... මොකක්ද ඒකේ තියෙන වැරැද්ද“ කියලා කියන්නට නම් කරන්නට නම් සිතන්නට නම් සුදුසුයි. මන්ද එහි කිසිදු වරදක් නැති නිසාවෙන්. 

ඒ අදහස නැගෙන වාරයක් පාසා ඔබ ඔබවම තේරුම් අරගෙන තිබෙනවා ඔබට තවමත් රාග, ද්වේශ, මෝහ යන නැසිය යුතු අකුසල ධර්මයන් ඔබ තුල තියෙනවාය කියලා. ඔබට මාන්නයක් එන්නේ නෑ ඔබ උසස් පුද්ගලයෙක්ය කියලා. මම කිව්වනේ වරද වරද වශයෙන් දැක හදාගන්න කෙනා නුවණැත්තෙක්ය කියලා බුදු හිමියන් පෙන්වා දී තිබෙනවාය කියලා.

බුදු කෙනෙක් කෙනෙකුට “මෝඩයා“ කියනවා නම් ඒ බොහෝ හේතු 100%ක්ම දැකලා තමයි කියන්නේ. උන්වහන්සේ එහෙම කියන්නේ උන්වහන්සේට පමණක් උරුම ඥානයෙන් උන්වහන්සේ දකිනවා මේ පුද්ගලයාට මේ විදියට ආමන්ත්‍රණය කලොත් හිතට වදිනවා එයින් ඔහු මේ ආකාරයේ තත්වයකට පත්වෙනවාය කියලා. 

ඒ විතරක් නෙවේ උන්වහන්සේගේ සිතේ කිසිදු ආකාරයක රාගයක් ද්වේශයක් මෝහයක් හටගන්නට හේතු නෑ. ඒ නිසාම “මෝඩයා“ කියන අවස්ථාවේදීත් උන්වහන්සේගේ සිතේ සෑම අවස්ථාවක තිබෙන්නා වූ මහා කරුණාව හෙවත් අනුකම්පාවෙන් යුක්තව සසර දුකෙන් එතෙර කරවීමේ හැගීම උන්වහන්සේ තුල තබාගෙනයි ඒ දේ කියන්නේ. 

ඒ විතරක් නෙවේ උන්වහන්සේ සමහර අවස්ථාවල ඒ කියන දේ අසාගෙන සිටින කෙනෙක් ඉහල තත්වයකට පත්වෙන නිසාවෙන් කියනවා වෙන්නටත් පුළුවන්. මේ විදියට සාමාන්‍ය බුද්ධිමට්ටමක හිතාගන්නවත් බැරි පරාසයක් තුල විහිදී පැතීරී ගිය හේතු සමූහයක් මතයි බුදු කෙනෙක් තීන්දු තීරණ දෙන්නේ. ඒ නිසා ඔබ ඔබට ආදරයක් තියෙනවා නම් ඔබගේ ගැලවුම්කාරයා වෙන්නට කැමැතියි නම් මෙන්න මේ “බුදු හිමියනුත් කලාය“ කියලා කියන්නට කරන්නට සිතන්නට යන දේ ගැන ගැඹුරින් විමසා බලා ඊළඟ පියවර ගන්නට බුද්ධිමත් වෙන්න.

රාග ද්වේශ මෝහ නැගෙන්නට හේතු තිබෙන්නා වූ ඔබගේ සිතට කවදාවත් නොහැකියි කෙනෙකුට රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොරව “මෝඩයා“ කියන්නට හෝ මහා කරුණාවකින් “මෝඩයා“ කියන්නට. ඒ වගේමයි අන් කරුණු සෑම දෙයක්මත්. මාන්නය 100%ක් නැසූ සිතකත් තවමත් මාන්නය තිබෙන්නා වූ සිතකුත් සර්වසම කොට සිතා සංසන්දනය කරනවා නම් එයිට වඩා මෝඩකමක් තවත් නැති බව ඔබව ගලවාගැනීමට කැමැති ඔබ විසින්ම තෝරාගත යුතු වෙනවා. 

ඉතින් සිතෙහි, කයෙහි, වචනයෙහි සංවරය ඉතාමත් වැදගත්. එය නිවී සැනසීමට සැබෑ සතුට ලැබීමට මෙන්ම ලෞකික වශයෙනුත් දියුණුවට පත්වීමටත් තිබෙන්නා වූ මූලිකම පියවරක්. ඉතින් සැමවිටම “බුදු හාමුදුරුවොත් රාගය ද්වේශය මෝහය නසා ඉන්නේ... පොඩ්ඩවක්වත් නෑ... මාත් එහෙම කරගන්නවා...“ කියන සටන් පාඨය මිස රාගය, ද්වේශය, මෝහය වැඩෙන්නා වූ මාන්නය නිසාවෙන් ගන්නා වූ සටන් පාඨයන් නොගන්නට තරයේ අධිඨන් කරගැනීමත් ඒ වෙනුවෙන් සිහියෙන් සිටීමත් ඔබට මෙන්ම බොහෝ දෙනෙකුට යහපතක්ම ගෙන දේවි! “ධර්මය දකින්නේ හේ බුදුන් දකී“!!!