නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, October 1, 2021

Running

Take a minute… Think about yourself… How’s the running going? Wait…! Are we running? Let’s dig deep in to the running we do through this month’s editorial. 

First of all, let me share a beautiful Zen story with you all. 

“One day a horse & a man suddenly came running quickly down the road.  It seemed as though the man had somewhere important to go.  So, in rush… Another man, who was standing alongside the road, shouted, “Where are you going?” Coz he thought they may be in a hurry or needs a help.  But the man on the horse replied, “I don’t know! Ask the horse!”

As you know we are also similar to the man who rides this horse.  There is no control of what we do, say or think.  We just run with the horse.  So, hurriedly… carried away with our habits.  We don’t seek for the truth.  Coz we are blindly believing our horse and his journey, with no control at all ends of with nowhere!

If someone wanted to show the truth, we need him to join with us too.  He actually does for a little while with his compassionate heart, for the sake of saving us.  But then what we do?  We blame him… “If this running is useless, then why he is with us… he should have minded his own business… why he joined too!”

Yes, this is us… you & me blaming the person who actually care for us! Because we are so depending on our horse.  We run with the horse… with a blind belief of the horse will take me to a better place!

When the person who came to helps us sees this that we actually don’t like to stop… eventually he too leaving us! We end up with our horse and our running!  We run & run… horse is just circling & taking us nowhere… but we are so blinded & fascinated by the horse & the running… we don’t see this useless so call journey!

So, my dear friends, instead of blaming the person who asks us to stop we should observe our running.  Our horse!  The more energy we put into running, the more we get lost… coz this running takes us nowhere. But again, at the end of the day, decision is all yours dear!

Visit www.nirvanadhamma.com official web site for more dhamma!

එක තැන දිවීම


වසර ගණනක් බණ ඇහුවත් තවමත් එක තැන වගේ ද?  තවමත් ලැබූ දෙයක් නෑ වගේ ද? තමන්ගේ කැප කිරීම බැලුව ද?  අංශු මාත්‍ර හෝ නුවණක් වේ නම් ඒ නුවණ යොදවා මෙන්න මේ තුල සැඟවුණ පණිවිඩයත් හසු කර ගන්න ට දක්ෂ වෙන්න!

බුදු බණ ඇසූ වත් ලැබූ දෙයක් නැත්නම් පොඩ්ඩක් මෙන්න මේ දේවල් ගැනත් හිතා බලන්න ඕන. මොනවද අප කල කැප කිරීම්? තමන්ව ම සසර දුකින් මුදවා ගන්නට මොනවද අප කල කැප කිරීම්? වචනයේ කැප කිරීම් මොනවද?  ක්‍රියාවෙන් කැප කිරීම් මොනවද? සිතේ කැප කිරීම් මොනවද? හැම දාම හිතන පතන විදියට ම හිත හිතා... එකවරම ලැබෙන ඵලයක් ලැබෙන්නට තරම් ප්‍රඥාවන්තයෙක් යැයි සිතෙනවා නම් අපට වැරදිලා... ඔව්... වැරදිලා... මේ ශාසනයත් මඟ හැරෙනවා... කමක් නෑ... අපට ඉතින් දිවීම වැදගත් නේ...!

දුවනවා... දුවනවා... හති දමමින් දුවනවා...

මොනවදෝ හොයමින් දුවනවා...

ලැබෙන දෙයක් තියේ වී යැයි කියමින් දුවනවා...

ගොඩක් දුර දුවනවා කියලා හිතා ගෙන එක තැන දුවනවා...

පිරිසක් ඇත්ත ඕන නෑ කියමින් දුවනවා...

පිරිසක් ඇත්ත ඕනේ ඕනේ කියමින් දුවනවා...

ඇත්ත ගැන දැනුවත් කරන්න යමෙක් මුණ ගැසුණ කල...

ඒ ලං වූ කෙනා වත් අර ගෙන ම දුවන්න යි කල්පනාව...

දිවිල්ල අත නො හැර ඇත්ත ගැන අහ ගන්න කල්පනාව...

ඒ කියන්නේ දිවිල්ලේ ම ඇත්ත ගැන කියලා... ඉතින් මඟ හැරෙනවා...

හති දදා දුවමින් මොකක් දෝ ඇත්තක් හොයනවා...

පොර කා ගෙන දුවනවා... හති දමමින් දුවනවා... මොනවදෝ හොයමින් දුවනවා... ලැබෙන දෙයක් තියේ වී යැයි කියමින්...  ගොඩක් දුර දුවනවා කියලා හිතා ගෙන එක තැන දුවනවා... දිවිල්ලේ හිස් බව පෙන්වා දෙන්නට එන්නන් සමඟත් දුවනවා... අපව අනතුරෙන් ගලවා ගන්නට අවශ්‍ය නිසාම ඒ ඇත්ත පෙන්වා දෙන්නට පිරිස අප කෙරෙහි අනුකම්පාවෙන්... කරුණාවෙන්... අපත් සමඟ මොහොතකට දුවනවා... ඒ ඔබට එහි ඇත්ත පෙන්වා දෙන්නට අවශ්‍ය නිසාම පමණයි... නමුත්... ඔව්... නමුත්... අප මොකද කරන්නේ?  ඉන් ප්‍රයෝජනය ගන්නවා වෙනුවට අප ඔවුන්ගේ දිවිල්ලේ දොස් දකිනවා. “නැවතිලා යැයි කියන අය අපත් සමඟ දුවන්නේ මොකටදැයි අහනවා” ඔව්... මේ තමයි අපි... දුවන්නට කැමති අපේ ස්වභාවය!

ඉතින් නැවතීම අපට තව දුර බව දැනෙන විට අපව ගලවා ගන්නට පැමිණි මිතුරන් ඔවුන් ආයාසයෙන් කල ඒ කැප කිරීම නවතා දමනවා.  අප නැවතත් සසර තුල තනි වෙනවා... අපව ගලවා ගන්නට පැමිණි මිතුරෝ නිවී සැනසෙනවා!  මෙන්න මේ විදියට බුද්ධ ශාසන එකින් එක... එකින් එක... මඟ හැර ගනිමින් අප දුවනවා... එක තැන දුවනවා... වැටි වැටී හති දමමින්... මැරි මැරී දුවනවා!!!  හැම දාම වගේ තීරණය තමන් තුලමයි!

නිර්වාණ ධර්ම වෙබ් අඩවියේ තවත් දහම් ඇසුරු කරන්නට පිවිසෙන්න www.nirvanadhamma.lk