නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, February 4, 2021

Harmony in a true disciple


Article summary
In this editorial, I though of writing about the harmony one must have as a follower of a true Buddhist teachings. Coz I can see in these days there are loads of arguments over true dhamma and false dhamma. And there are loads of cults exist and so call followers also just trying to be stick to the chosen cult which cater their defile thoughts. So, let’s dig in to the deep and see what we should be like as a true follower.


You may have heard about the “Nigaṇṭha Nātaputta” who was another dhamma teacher lived in Samma Sambuddha’s time period. He used to have loads of arguments over Samma Sambuddha’s teachings. When he died, his followers - Nigaṇṭhas divided, split into two; and they had taken to quarrelling and brawling and were deep in disputes, stabbing each other with verbal daggers: “You do not understand this Dhamma and Discipline. I understand this Dhamma and Discipline. How could you understand this Dhamma and Discipline? Your way is wrong. My way is right. I am consistent. You are inconsistent. What should have been said first you said last. What should have been said last you said first. What you had so carefully thought up has been turned inside out. Your assertion has been shown up. You are refuted. Go and learn better, or disentangle yourself if you can!” It seemed as if there were nothing but slaughter among the Nigaṇṭha Nātaputta’s pupils. And his white-clothed lay disciples were disgusted, dismayed, and disappointed with the Nigaṇṭha Nātaputta’s pupils, as they were with his badly proclaimed and badly expounded Dhamma and Discipline, which was unemancipating, unconducive to peace, expounded by one not fully enlightened, and was now with its shrine broken, left without a refuge.

One of the disciples of Samma Sambuddha named Ven. Chunda saw all these things and went to Ven. Ananda and asked we should ask our blessed one about this.

And Ven. Chunda & Ven. Ananda asked Samma Sambuddha what if this happens to our own disciples, when blessed one passed away. Such a disagreement would be for the harm and unhappiness of many, for the loss, harm, and suffering of gods and humans.

Then Samma Sambuddha said, this kind of arguments and disagreements arise because of the roots of disputes.

When one is angry and resentful, disdainful and insolent, envious and greedy, fraudulent and deceitful, and has evil wishes and wrong view, and adheres to his own views, holds on to them tenaciously, and relinquishes them with difficulty.
Such a person dwells disrespectful and undeferential towards the Teacher, towards the Dhamma, and towards the Sangha, and he does not fulfil the training. A bhikkhu who dwells disrespectful and undeferential towards the Teacher, towards the Dhamma, and towards the Sangha, and who does not fulfil the training, creates a dispute in the Sangha, which would be for the harm and unhappiness of many, for the loss, harm, and suffering of gods and humans.

So, the blessed one guide us with the advice of;
“Now if you see any such root of dispute either in yourselves or externally, you should strive to abandon that same evil root of dispute. And if you do not see any such root of dispute either in yourselves or externally, you should practice in such a way that that same evil root of dispute does not erupt in the future. Thus, there is the abandoning of that evil root of dispute; thus, there is the non-eruption of that evil root of dispute in the future.”

And there are so many advices given in the same sutta and you can read it full in the sutta.

So, it’s basically you should identify what I should need as a Buddhist? Do you wish to follow the defile thoughts of yours which are easy to follow or do you wish to liberates with the support of pure dhamma? Do you wish to cling in to a team or cult which says we are the right and all the others are wrong or do you wish to get whatever good from others and cultivate your goodness for your liberation?

It’s simple, you should check your own qualities all the time. Am I a compassionate one? Are my words, actions thoughts resonate the beautiful peaceful wise teachings of a Samma Sambuddha? Am I in the correct track of liberation? With these observations you can successfully follow the path of pure dhamma of the blessed one.

So, be wise… be careful my friends… if you are fails to observe your own inner thoughts, action or words what good of the dhamma you are following? What good it can bring to you or to the others? So, be open & wise enough to liberate!

Have a blessed time!

සම්බුද්ධ ශාසනයේ සමඟිය


සටහනේ අන්තර්ගතය
මෙකල නිරන්තරයෙන් දකින්නට තිබෙන කාරණයක් තමයි ශාසනය තුල පවතින අසමඟිය. අන් අයගේ මතයන්ට ඔවුන් දරන දෘෂ්ඨීන් ට කිසිදු ගෞරවයක් නො දක්වා එකිනෙකා බොහෝම අසමඟියෙන් විවේචන කරමින් නින්දා අපහාස කරමින් කටයුතු කිරීම සුලබ දෙයක් බවට පත් වෙලා. ඇත්තටම මේ සම්මා සම්බුද්ධ ශාසනයක ස්වභාවය ද? ඔබත් මේ අසමඟිය සිතේ දරන්නෙක් ද? කෙටියෙන් විමසා බලන්නට මෙවර කතු වැකිය යොදා ගන්නට සිත් විය.

නිගණ්ඨනාතපුත්‍ර කියන්නේ ගෞතම සම්මා සම්බුදු රඳුන් වැඩ විසූ කාලයේ වාසය කල ප්‍රසිද්ධ තවත් ශාස්තෘන් කෙනෙක්. බොහෝ අනුගාමික ශ්‍රාවක පිරිසකුත් හිටියා. නිරන්තරයෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ සමඟ වාද විවාද කරන්නට ද යෙදුණ ශාස්තෘ කෙනෙක් තමයි නිගණ්ඨනාතපුත්‍ර කියලා කියන්නේ. ඉතින් මේ නිගණ්ඨනාතපුත්‍රයන් මිය ගිය පසු, ඔහුගේ ශ්‍රාවක පරපුර වාද විවාද කරමින් කල්ලි ගැසෙන්නට පටන් ගත්තා. “මම තමයි ධර්ම විනය දන්නේ... නුඹ මොනවද දන්නේ?... නුඹ වැරදියි... ඔය කියන දේ හි අර්ථය වැරදියි...” ආදී වශයෙන් නිරන්තරයෙන් කල්ලි ගැසී වාද විවාද කර ගත්තා. නිගණ්ඨනාතපුත්‍රයන් සරණ ගිය ගිහි පැවිදි දෙපාර්ශවයම මෙසේ විවාද කරමින් කල්ලි ගැසෙනවා. හරිම කාලගෝට්ටියක් තමයි තිබුණේ.

නිගණ්ඨනාතපුත්‍රයන්ගේ නික්ම යෑමත් සමඟ එතුමන්ගේ ශාසනයට වෙච්ච මේ අකරතැබ්බය දුටු චුන්ද නම් තෙරුන් නමක් මේ ගැන ආනන්ද හිමියන්ට ද පවසා අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් මෙසේ විමසා සිටිනවා.

“බුදු පියාණෙනි, ඔබවහන්සේගේ නික්ම යෑමෙන් පසු අපගේ ශාසනයේ සංඝයා අතරත් මෙසේ සිදුවේද? එසේ සිදුවුව හොත් බොහෝ දෙනාට අහිත පිණිස අවැඩ පිණිස දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස නො වේවි...” ආදී වශයෙන් සම්මා සම්බුදු රඳුන්ගෙන් විමසා සිටියා.

ඉතින් අපේ බුදු පියාණන් වහන්සේ මෙසේ පෙන්වා දෙනවා...

“ආනන්දය, අනෙක් කාරණා වගේ නෙවේ මාර්ගය හෝ ප්‍රතිපදාව නිමිති කොට ගෙන යම් වාදයක් හට ගත හොත් එය නිසැකයෙන් ම දෙවි මිනිසුන් ඇතුළු බොහෝ පිරිසකට දුක් පිණිස අවැඩ පිණිස අහිත පිණිස ම වෙනවා."

යමෙක් ඔය ආකාරයෙන් අසමඟියෙන් විවාදයන් කරන්නට... වාද කරන්නට හේතු වන මූල කාරණා 6ක් තියෙනවා ලෙසින් කරුණු කාරණා රැසක් ද පෙන්වා දෙනවා...
යමෙක්, කිපෙන සුලුයි නම්... බද්ධ වෛර ඇතියේ වෙයි නම්... ගුණමකු බව ඇතියේ නම්... කුහක නම්... ඉරිසියා සහගත නම්... මසුරුයි නම්... මායා ගති පැවතුම් ඇතියේ නම්... තමන් ගත්ත දෘෂ්ඨියම නිවැරදියි ලෙසින් දැඩිව බැසගෙන සිටියි නම්... ඒ තැනැත්තා ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරවයෙන් යුතුව යටහත් පහත් කමක් නැතිව වාසය කරන්නෙක්. ධර්මය කෙරෙහි ද ගෞරවයෙක් නැතිව වාසය කරන්නෙක්, සංඝයා කෙරෙහි ද කිසිදු ගෞරවයක් නැතිව වාසය කරන්නෙක්, ශික්ෂාව පරිපූර්ණය කර ගැනීමට පිණිස පිළිපන්න කෙනෙකුත් නෙවේ. මෙන්න මේ වගේ අය වාද විවාද කර ගන්නවා... අන්න ඒ විවාදයන් බොහෝ දෙනාට අහිත පිණිස දුක් පිණිස අනර්ථ පිණිස දෙව්මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස ම වෙනවා.

ඉතින් මේ ආකාරයෙන් බොහෝ අවවාද අනුශාසනා දෙමින් සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා
“ආනන්දය, මේ ආකාරයෙන් විවාද මූල තමා තුල හෝ අනුන් තුල හෝ දකින්නේ නම් මෙවන් වාද විවාදයන් සඳහා වන මේ මූල හේතු ප්‍රහාණය පිණිස වෑයම් කල යුතුයි. නැවත මේ විවාද මූලයන් තමන් තුල නූපදින තැනට කටයුතු කල යුතුයි.”

ඒ වගේම තවත් බොහෝ අවවාද උපදෙස් රැසක්ම මේ අවස්තාවේදී ලබා දෙන අතර සූත්‍ර පිටකයේ - මජ්ඣිම නිකායේ - උපරිපණ්නාසකයේ - දේවදහ වර්ගයේ පවතින සාමගාම සූත්‍රයේ සඳහන් ඒ කරුණු තවත් අවස්ථාවක ගැඹුරින් විග්‍රහ කර දෙන්නට කටයුතු කරන්නම්. මින් පෙර මෙම කොටසේම සඳහන් කින්ති සුත්‍රය ආශ්‍රයෙන් ද විස්තර විග්‍රහ කර දෙන්නට යෙදුණ අතර ඒවා නිරන්තරයෙන් අසා තම තමන්ගේ විමුක්තිය පිණිස උපකාර කර ගැනීමට දක්ෂ විය යුතුයි.

ඉතින් සිහිපත් කරන්නට තියෙන්නේ සම්මා සම්බුද්ධ ශාසයනක් කියන්නේ මෙත් සිත ප්‍රමුඛ ව... යථාර්ථය සම්බන්ධයෙන් වූ සතිය මුදුන්පත්ව... රාගය ද්වේශය මෝහය නම් වූ කෙලෙස් මූලයන් ප්‍රහාණය පිණිස කටයුතු සිද්ධ වෙන ශාසනයක්.

ඔබට මොහොතකට හෝ ඒ ශාසනයේ ම යම් යම් දෑ නිසා වාද විවාද කර ගන්නට සිතෙනවා නම්... කල්ලි ගැසෙමින් අනෙක් පාර්ශවයට අපවාද උපවාද කරමින් උපහාස කරමින් කටයුතු කරන්නට සිතෙනවා නම්, එසේ කරනවා නම් ඔබ තවමත් ඉන්නේ නිගණ්ඨනාතපුත්‍රයන්ගේ වගේ අන්‍ය වූ ශාසනයක.

ඔබ තුල තවමත් සම්මා සම්බුදු රඳුන් නම් වූ මහා ශාස්තෘන් වහන්සේ හඳුනා ගැනීමක් සිදු වෙලා නෑ. ඔබ තුල තවමත් තථාගත ශ්‍රී සත්ධර්මය කවරක්දැයි හඳුනා ගැනීමක් සිදු වෙලා නෑ. ඔබ තුල තවමත් සත්පුරුෂ ගුණ ආර්ය ගුණ පිහිටා ඇති බවක් සිදු වෙලා නෑ. එසේ නම් ශාසනය වෙනුවෙන් තර්ක වාද විවාද ගෙන එන්නට තරම් ඔබ තවමත් සත්පුරුෂ ධර්මයේ ආර්ය ධර්මයේ දක්ෂ වූවෙක් නොවේ. ඔබ තුලින් දැන හෝ නො දැන ශාසනය යටපත් වෙනවා මිස සම්බුද්ධ ශාසනයකට සිදු වන යහපතක් නොවන බව නුවණැති ව හඳුනා ගත යුතුයි.

විමසන්න... නුවණින්... ප්‍රඥාවන්ත ව... සම්මා සම්බුද්ධ ශාසනයක් අති දුලභයි... ඒ තුල සතිය මුදුන් කරගත් මෛත්‍රී කරුණාව මුදිතා උපෙක්ෂා ආදී ගුණයන් ප්‍රමුඛ කර ගත් මහා ගුණ සමුදායක් ඔබ තුල ඉපදිය යුතුයි. ඒ ගුණ සමුදාය තුල සිතිවිල්ලෙන්, ක්‍රියාවෙන්, වදනින් හැම මොහොතකම තථාගත සම්මා සම්බුද්ධ ශාසනයක ගැඹුර අති සුවිශේෂී බව ප්‍රකට විය යුතුයි. වාද විවාද කර ගැනීම සම්මා සම්බුද්ධ ශාසනයක ස්වභාවය නොවේ. යමෙක් අධර්මයක හැසිරෙන බව දකින්නේ නම් ඒ ගැන පෙන්වා දීමට එකින් එක පිළිවෙලින් අපූරු ක්‍රම රටාවක් බුදු රඳුන් විසින් ම පෙන්වා දී තිබෙනවා. එහෙත් ඔබ සත්පුරුෂ ධර්මයේ ආර්ය ධර්මයේ අදක්ෂයෙක් නම් ඔබට ඒ අවවාද අනුශාසනා පවා තවත් එක් විවාද මූලයක් ම පමණයි.

ප්‍රවේශමෙන්! සම්මා සම්බුද්ධ ශාසනයක් යනු විමුක්තිය පිණිස වූවක් මිස කල්ලි ගැසී තර්ක වාද කරමින් සසර අනතුරට පත්වීම පිණිස වූවක් නොවේ!

ඔබට තෙරුවන් සරණින් සම්මා සම්බුද්ධ ශාසනයම විවර වෙත්වා!!!