නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, November 2, 2015

බාලයන් ඇසුර??

සත්ධර්මය තුල නොයෙක් අවස්ථාවන් වලදී බාලයන්ගේ ඇසුර පිළිබඳව නන් අයුරින් පෙන්වා දී තිබෙනවා. "අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා" ලෙසින් මංගල සූත්‍රයේදී "බාලයන් ඇසුරු නොකරන්න - පණ්ඩිතයන් ඇසුරු කරන්න" එය මංගල කාරණයක් ලෙසින් පෙන්වා දී තිබෙනවා. තවත් විටෙක "ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාලසමාගමෝ සතන් සමාගමෝ හෝති යාව නිබ්බානපත්තියා" ලෙසින් "මේ පුණ්‍යකර්මයේ බලයෙන් මට කිසිදු බාල සමාගමයක් නොවේවා - සත්පුරුෂ සමාගයක්ම වේවා නිවීම පිණිසම වේවා" ලෙසින් පෙන්වා දී තිබෙනවා.

"බාලසඞගතචාරීහි දීඝමද්ධාන සොචති - දුක්ඛො බාලෙහි සංවාසො අමිත්තෙනෙව සබ්බදා" ලෙසින් "බාලයන් හා එක්ව හැවිදිනා සුලුවූයේ දික් කලක් ශෝක කරයි. බාලයන් හා එක්වැ විසීඹ කඩුගත් අත් ඇති පසමිතුරෙකු හා සමග වාසයක් මෙන් හැම කල්හිම දුක්ය"

සත්පුරුෂයන් බාලයන් ඇසුරු නොකරන බවත් සත්පුරුෂයෙකු වීම පිණිස බාලයන් ඇසුරු නොකල යුතු බවත් මෙන්න මේ ආකාරයෙන් විවිධ අවස්ථාවලදී පෙන්වා දී තිබෙනවා.

මේ විදියට ධර්මයේ තිබෙන විට බුද්ධිමත් ඔබට ගැටලුවක් එන්නේ නැතිද?

සත්පුරුෂයින් පණ්ඩිතයන් බාලයන් ඇසුරු කරන්නේ නැතිනම්...

අන්ධබාල පෘතග්ජන තත්වයේ සිටින පිරිස් විසින් පණ්ඩිතයන් ඇසුරු කරන්නේත් නැතිනම්...

පෘත්ජගන තත්වයෙන් මිදී ආර්ය භාවයට පත්වීම පිණිස සත්පුරුෂ ඇසුර ලැබිය යුතුයි නම්...

මේ කියන කරුණු වල ගැලපීම කෙසේනම් දත යුතුද? මෙය නොගැලපෙනවාද නැතිනම් ගැලපනෙවාද? ප්‍රඥාවන්තව විමසා බලා අර්ථය නිසි ලෙසින් නුවණින් අවබෝධ කරගත යුතුයි.

අන්ධබාල පෘතග්ජන තත්වයෙන් මිදීම පිණිස සත්පුරුෂ ආශ්‍රය ලැබිය යුතු වෙනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබිය යුතු වෙනවා. ඒ කියන්නේ කළ්‍යාන මිත්‍රයන් විසින් බාලයන් ආශ්‍රය කරන්නට සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් ඔවුන් බාලයන්ට පණ්ඩිතයන් වන මාර්ගය පෙන්වා දෙන්නේ කෙසේද? එහෙනම් මොකක්ද මේ "ආශ්‍රය / ඇසුර"??

ආශ්‍රය කරනවා ඇසුරු කරනවා කිව්වාම අපට එකවරම සිහිපත් වෙන්නේ මතුපිටින් කරන ඇසුරක්. ඒ කියන්නේ යම් පුද්ගලයන් දෙදෙනෙක් නිතර කතා බහේ යෙදනවා නම් නිතර එක්ව වැඩකටයුතු වල නිරත වෙනවා නම්... මෙන්න මේ වගේ සම්බන්ධයකට - අපි කියනවා "ආශ්‍රය කරනවා / ඇසුරු කරනවා" කියලා.

නිතර එක්ව කතා කරමින් වැඩ කටයුතු කලාය කියලා ඒ ඒ පුද්ගලයාගේ යහපත් අයහපත් ගති ගුණයන් අපට ලං කරගෙන ඒ ගුණ අප තුල දරාගන්නට කටයුතු කිරීම හෝ නොකිරීම තුල ආශ්‍රය පැහැදිලි වනවා. උදාහරණයකින් තෝරාගනිමු...

වැඩිහිටියෝ කුඩා දරුවන් ඇසුරු කරනවා... ඒ අය සමඟ සෙල්ලම් කරනවා... ඒ අය සමඟ කුඩා දරුවන් සේ කථා බහේ යෙදෙනවා... එහෙත් සිත? වැඩිහිටියෙක් සිතින් කිසිම විටෙක ඒ කුඩා දරුවාගේ සෙල්ලම සමඟ හාද වෙන්නේ නෑ... ඒ කුඩා දරුවාගේ නොදැනුවත් වැඩපිලිවෙල ඒ දරුවාගේ නොදැනුවත්කම නිසාම සිද්ධ වෙන්නක් යැයි නිසි අවබෝධයක් වැඩිහිටියාට තියෙනවා. කුඩා දරුවාට ඔහු / ඇය කරන සෙල්ලම මහා වටිනාකමක් වුණාට වැඩිහිටියාට එය නොදන්නාකමට සිද්ධ වෙන සෙල්ලමක් පමණයි. එහෙත් කුඩා දරුවාට අවශ්‍ය කරන දැනුවත් බාවය ලබාදෙන්නට නම් සෙල්ලමේ නොවටිනා බව පෙන්වා දීමට නම් ඒ දරුවා සමඟ මොහොතක් හෝ වේවා කටයුතු කරන්නට සිද්ධ වෙනවා. එහෙත් සිතින් ඒ දරුවා දරන සිතිවිලි ගුණයන් තමන් තුල දරාගෙන නොවේ. එහෙනම් මතුපිටින් කුඩා දරුවා ඇසුරු කරන වැඩිහිටියෙක් අපට දැකගන්නට හැකිවුණත් ඒ වැඩිහිටියා සිතින් කුඩා දරුවා ඇසුරු කරන්නේ නෑ.

අන්න ඒ වගේ තමයි මේ කියන් බාලයන් ඇසුරු නොකිරීම හෙවත් කළ්‍යාණ මිතුරන් සත්පුරුෂයන් ඇසුරු කිරීම කියන දේත් වටහාගත යුතු වෙන්නේ.

හොද්දක් ඇසුරු කරන හැන්දක් නිතරම හොද්දේ බැසගෙන සිටියත් හොද්දේ රස නොදනී එහෙත් දිව මොහොතක ඇසුරකින් හොද්දේ රස හදුනාගනී. මෙන්න මේ වගේ බාලයන් පණ්ඩිතයන්ගේ ඇසුරේම සිටියත් ඒ ගුණ නොදනී නුවණැත්තා මොහොතකින් ඒ ගුණ හඳුනාගනී යැයි ධම්මපදයේ යෙදෙන ගාථාවක අප දන්නවා.

ඔන්න දැන් මේ උපමාවෙන්ම අප මෙතෙක් කාලයක් නොසිතූ කරුණක් මතු කරගනිමු. සත්පුරුෂයෙක් / කළ්‍යාන මිත්‍රයෙක් විසින් බාලයක් ඇසුරු කරන්නේ හොද්දේ තියෙන හැන්දක් වගෙයි. බාලයන්ගේ පෘතග්ජන ගති ගුණයන් සමඟ මුහුවීමක් හාදවීමක් ඒවා රසයක් ලෙසින් ගෙන ආශ්‍රය කිරීමක් / ඇසුරු කිරීමක් සිද්ධ වෙන්නේ නෑ.

ඒත් බාලයෙක් විසින් සත්පුරුෂයෙක් කළ්‍යාණ මිත්‍රයක් ආශ්‍රය කරන විටදී මේ දේ මෙසේ සිදුවුවහොත් නම් බාලයාට තමන්ගේ ගුණයක් වඩාගැනීමට බාල බවින් මිදීමට නොහැකි වෙනවා. අන්න ඒ නිසා බාලයා විසින් දිව රසය හඳුනාගන්නවා වගේ සත්පුරුෂයාගේ කළ්‍යාණ මිත්‍රයාගේ ඒ යහපත් ගුණයන් ඇසුරට පත්වීමට සිද්ධ වෙනවා. ආශ්‍රය කරන්නට සිද්ධ වෙනවා. කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයකදී ඒ කළ්‍යාණ මිත්‍රයාගේ තිබෙන්නාවූ යහපත් වූ මෙත් සහගත චිත්ත ශක්තිය විසින් බාලයාගේ බාල ගති මඳකට පසෙකලන්නට උපකාර කරනවා.

බාලයා තුලත් මොහොතකට හෝ බාලවූ පහත් වූ කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, විචිකිච්චාව, උද්ධච්ච කුක්කුච්ඡ ආදී ගතිගුණ යටපත් කරගන්නට උපකාර වෙනවා. අන්න එවන් වූ මොහොතක බාලයාටත් හැකිවෙනවා කළ්‍යාණ මිත්‍රයාගේ සත්පුරුෂයාගේ ගුණයන් යම් යම් පමණකින් අත්දැකගන්නට... අන්න ඒ ආශ්‍රය උපකාර වෙනවා තමන්වත් කළ්‍යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් බවට පත්කරගන්නට.

යථාර්ථයක් නොදැන මොහොතක් පාසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මයන් පසුපස දිවෙන සිත ඒවායේ ආශ්‍රය සොයනවා. මෙන්න මෙය අන්ධ වූ බාල වූ පහත්වූ හිස්වූ හිස් ප්‍රතිඵලයක්ම ලබාදෙන පෘතග්ජන වැඩපිලිවෙලයි. මෙන්න මේ ආශ්‍රය තිබෙනතාක් ඔබට සත්පුරුෂයෙක් වීමට කළ්‍යාණ මිත්‍රයෙක් වීමට ආර්ය ශ්‍රාවකයෙක් වීමට නොහැකි වෙනවා. එසේ නම් මෙන්න මේ ගුණයන් ආශ්‍රය නොකිරීමට / ඇසුරු නොකිරීමට ඔබ විසින් මානසික පසුතලය සපයා දිය යුතු වෙනවා.

යථාර්ථයක් දන්නා ආර්ය ශ්‍රාවකයෙක් බැලූ බැල්මට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මයන් ඇසුරු කරනවා යැයි පෙනුනද ඔවුනට එය තුවාල නොමැති අතකින් විස අල්ලනවා වගේ වැඩක්. එහෙත් යථාර්ථය නොදන්නා සිතක් යනු තුවාල ඇති අතක් වගේ... එයින් විස ඇල්ලුවොත් විනාශ වෙනවා නියතයි.

සත්පුරුෂයා / කළ්‍යාණ මිත්‍රයා බාලයන් ආශ්‍රය / ඇසුරු නොකර බාලයන්ව ඇසුරු කරමින් සත්ධර්මය ශ්‍රවණයට පසුතලය සලසන්නේ එලෙසයි. බාලයා / පෘතග්ජනයා විසින් කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කලද ඒ ආශ්‍රය නිසි ලෙසින් හඳුනා නොගන්නේ ඒ ඒ මොහොතේ යෙදෙන පංචකාමයන් වශීවී කෙරෙන මානසිකත්වය අනුවමයි.

අන්න ඒ නිසා තම තමන්ගේ මානසිකත්වය පිළිබඳව ප්‍රවේශම් වන්න. අන්ධ බාල පෘතග්ජනයෙක් ලෙසින් මනසේ විවිධාකාර දෑ තබාගෙන ඒදේවල් වලට ගලපමින් සත්ධර්මය ශ්‍රවණය කිරීම නවතා දමා කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසි ලෙසින් ලබාදෙන මානසික පසුතලයකින් යුතුව සත්ධර්ම ශ්‍රවණය කරන්නටද මේ ලෙසින් "ආශ්‍රය / ඇසුර" බුද්ධිමත්ව විමසා අවබෝධ කරගන්න.

තෙරුවන් සරණින් ඔබ සැමට නිසි ආශ්‍රය / ඇසුර ලැබ නිවනම වෙත්වා!

It's time to break the silence to feel the noble silence...

The beautiful Dhamma Journey of Deaf friends with Nirvana Dhamma+ Ahanna - listen Video Production House


"Those who are not interested to listening to the pure dhamma teachings & don't guide themselves to become their own saviors are the real deaf as they don't use their listening ability to their own goodness...
But the one who is able to overcome all the difficulties to listen to this beautiful teachings of Samma Sambuddha to achieve the pure happiness & peace for the mind are the real winners..." - by www.nirvanadhamma.com


With loads of blessings to the Deaf friends who really take the maximum benefits out of our tiny effort.. May triple gem bless you all for the best!!!

ඔතරම් අසරණ නොවේවි!

කෑමක් බීමක් ලබාගන්නට දඟලන දැගලිල්ල
සත්ධර්මය ලබාගන්නට දැඟලුවා නම්...
වෛද්‍යවරයෙක් කියනා දේ අකුරට පිළිපදින්නට දරන විරිය
බුදු හිමියන් කියූ දේ අසා පිළිදින්නට දැරුවා නම්...
තව කෙනෙක් පහත හෙලන්නට දරන වෑයම
තමන්ව ආගාධයට පත්වීම වළකාගන්නට දැරුවා නම්...
රාග ද්වේශ මෝහයන් රජකරවන්නට දරන වෑයම
ඒවා නිවාගන්නට දැරුවා නම්...
සුවබර දිවියක් පතමින් යදින යැදිල්ලට වැය කරන කාලය
සියලු දුක් කෙලවර කරගැනීම පිණිස යෙදුවූවා නම්...
අංශු මාත්‍ර තරමින් හෝ අනතුර අඟවන්නවුන්ගේ
වැරදි සොයන්නට අඩුපාඩු දකින්නට යොදන කාලය
අංශු මාත්‍රයක් තරමින්වත් ධර්මයක් නොපිහිටවූ
තම සිත දැකගන්නට යෙදවූවා නම්...
අනුනට දෙසන්නාවූ ධර්මය
තමන් තුල තිබේදැයි විමසා බැලුවේ නම්...
බාහිර ලෝකයක් වෙනස් කරමින් පතනා සුවය
තමන් තුලම සැඟව ඇති බව දුටුවා නම්...
අති දුර්ලභ මිනිස් අත්බැවයක් ලබා ඇති ඔබට
ඔවැනි විනාශයක් නොවේවි!
ඔතරම් අසරණ නොවේවි!
ඔතරම් අනාථයෙක් නොවේවි!
ඔතරම් අසහනයක් නොවේවි!!!
සිතට වහල් නොවන්න... ධර්මයට අනුව සිතන්න...
අනුන්ව නොව තමන්ව සොයන්න...
නිවීම ලැබෙනවා නියතයි!!!
"නිර්වාණ ධර්ම" වෙතින්...

Tuesday, July 21, 2015

It’s a game of mind!!!

Imagine that you & your beloved one is playing a chess game. There is a third person who force to win or else both of you should get ready to kill. He pointing a gun at your head and ask to start the game.
What will happen… one should win somehow… the both of you start the game with fear…. doubt on your mind… restlessness is there… imagine how critical that moment can be to you and the other beloved one…
You both take your moves… one by one… one should reach to the winning… both of you are sweating… shivering… feel helpless… but still you are at the gun point… still you should be with the game… one of you MUST win… one of you MUST ready to die…

Suddenly you realize your next move of the game can take the life of your beloved one… so you keep tricking and dragging the game as much as possible… then your beloved one begin to win… now you must ready to die…

Then suddenly…!!!! Yes all of sudden….

The third person smash the chess board and chess pieces are all over the ground… the game FINISHED!!!

Be wise! Grab the hidden deep meaning which cause to bring you true happiness to your life!!!

You believed on the game as it were so real! You believed on the pieces and that's why you were so scared to play your moves. You even was ready to give up your life for a game which created by you. You were ready to die for a piece and given such a huge value to the piece…

But you didn't realize the whole game & its moves are all created by you… and you didn't notice that you are the one who believe in those pieces and given such a value to those and even ready to die for them…

It was simple to get rid from the fear… from all kind of restlessness you were going through… you just had to do the thing which third person has done… but why you were so scared? Why didn't you remember it? Because it's what you believe… you can't think beyond of your belief!

So, no one can save you, become your own savior! You should do it all by yourself!

(based on a Zen buddhist story)

Monday, July 20, 2015

Your choice!

Some people never realize that religions are to gain the peace the nobility!
It's not something for fight… it's not something for argue…
Each one of them has its own beauty…
When your heart is pure… when your mind is clear …
You will be able to see the beauty of each teaching…
You will be able to see the nobility of those teachers who preach them…
The spoiled mind always see the worst parts from the teachings
And they practice spoiled teaching from their own meanings…
They follow those with their own way…
By the sake of their teachers they follow the path of evil…
Because they couldn't be pure enough in heart or
Clear enough in mind to see the beauty of their own religion…
To grab the pure meaning...
So, Be wise human beings!
Coz you are not a species with long living years…
You are going to live maximum age of 120 years may be… 150 years…
In these years most of the years are spend for learning to live and
Most of the years are spending on regretting the way you use
Your Learning on living…
In between you chose to fight … argue… win …
little bit of good... little bit of bad...
When you realize that all of them were useless like peeling off a plantain tree
That will be too late…
Coz at the end of the day you will realize that you fails to
Realize the beautiful teachings of your own religion…
When you end up with the demon you will realize what you missed…
This is not to feel scared of the consequences of your misleading behaviors
This is not either to be happy with the way you follow what you believe
This is just to think about the way you behave as a human being!
One can always share what they think…
At the end of the day you are the one who decide &
You are the one who suffer or happy!
It's your choice!
But always remember my dear human beings
That you choice can make other beings suffer or pleased or liberate!

මේ කරන කියන දේ සුදුසුයි ද? හිතෙන් අහලා බලන්න!!!

මෙවර සටහන මුල් වෙන්නේ අත්දැකීමක් මුල්කරගෙනයි. මේ පිළිබඳව තම තමන්ගේ ජීවිත වලින් දැකීමත් දැක ඒ දේ උදෙසා නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට වීර්යය කිරීමත් ඔබගේ නැණවත්භාවයයි!

ඔබ ඉතාමත් කාර්ය බහුලයි. දරුවන් වෙනුවෙන් හෝ දෙමව්පියන් වෙනුවෙන් හෝ සහකරු සහකාරිය වෙනුවෙන් හෝ මුණුබුරු මිණිබිරියන් වෙනුවෙන් හෝ කැපවී සිටින ඔබට ඔබගැනවත් බලාගන්නට වෙලාවක් නැතිබවමනේ ඔබ පවසන්නේ නේද? හිතන්න ඔබට දරුණු රෝගාබාධයක් හැදෙනවා. ඒ රෝගාබාධය සුවකරගන්නට ඔබ ඉතාමත් උනන්දුවෙන් උත්සාහවන්ත වෙනවා එහෙම නේද?

උදාහරණයකට කොලොස්ටරෝල් වැනි තත්වයන් මඟ හරවා ගන්නට හෘද ආබාධයන් වැනි තත්වයන් මඟ හරවාගන්නට ඔබ දුවන්නේ නැතිද? ව්‍යායාම වශයෙන් දුවනවා... වෛද්‍යවරුන් පසුපස දුවනවා... අදාල කෑම බීම පසුපස දුවනවා... බෙහෙත් වර්ග පසුපස දුවනවා... බෙහෙත් ක්‍රම පසුපස දුවනවා... ඒවාට සම්බන්ධ ලිපි ලේඛන පොත පත කියවා ඒවා ගැන දැනුවත් වෙන්නට දුවනවා... ඔය හැමදේම වෙනුවෙන් මුදල් එක්රැස් කරමින් වැය කරමින් දුවනවා... ආතතිය නැති කරගන්නට භාවනා කරන්නට පවා දුවනවානේ නේද? ඉතින් මේ ආකාරයෙන් කොතරම් දුවනවාද නේද?

කොතරම් දිව්වත් ඔබට මේ රෝගබාධයෙන් මිදීමක් නැති බව ඔබට දැනගන්නට ලැබෙනවා. ඔබ දැන් මියයන්නට ලඟ බව දැනගන්නට ලැබෙනවා. එවන් වූ මොහොතක ප්‍රවීණ වෛද්‍යවරයෙක් ඔබට පවසනවා "හරි මම මේ දරුණු රෝගාබාධය සුවකරදෙන්නම්... හැබැයි ඔබ ඔය කාර්යබහුල වැඩපිළිවෙලින් මාසයකට පමණ ඉවත් වෙලා වනගත වෙලා මම කියන ගස් වල පොතු වර්ග මල් වර්ග ඵල ආදිය කමින් මම කියන ආකාරයෙන් ජීවත් වෙන්නට ඔබට සිද්ධ වෙනවා... කැමති නම් මට පුළුවන් අනිවාර්යෙන්ම ඔබව සුව කරන්නට..."

ඔබ කැමති වෙන්නේ නැතිද? රැකියාවෙන් නිවාඩුවක් හෝ ගෙන මේ තත්වයට පත්වෙන්නට කැමති වෙන්නේ නැතිද? දරුවන්ගේ, දෙමව්පියන්ගේ, මුණුබුරු මිණිබිරියන්ගේ, සහකාර කාරියන්ගේ, රැකියාමය හෝ වෙනත් ඕනෑම වැඩකටයුත්තක් නවතා දමා මේ ප්‍රතිකර්මය කරගන්නට ඔබ යම් යම් උපක්‍රම සකසා ගන්නේම නැතිද?

ඇයි සමහර වෙලාවට ඔබට දරුණු රෝගයකදී ඔය මාස ගණන් වෙද ගෙවල් වල එහෙම නතර වෙලා ඉන්නවා නේද? වෛද්‍යවරයා කියන්නාවූ කෑම වට්ටෝරුව කොතරම් නීරස වුවත් අපහසුවෙන් වුවත් කනවා නේද? නිවාඩු දමාගෙන පැය ගණන් පෝලිම් වල රස්තියාදු වෙලා වෛද්‍යවරුන් හමුවෙලා වෛද්‍ය සායන වලට සම්බන්ධ වෙලා පැය ගණන් නොකා නොබී ලේ වල තත්වය දැනගන්නට ඕන නිසා බොහෝම වීර්යයකින් යුතුව කටයුතු යොදනවා නේද? වෙදකම් කරන තැන් වලට මහා පාන්දර ගිහින් නිදිවරාගෙන බංකු ලෑල්ලක් මත හෝ හිඳගෙන අඟුපිලක හෝ ලැගගෙන පෝලිමේ ඉන්නවා නේද? කොතරම් මුදල් ප්‍රමාණයක් වුවත් වියදම් කරනවා නේද? කොතරම් අපහසු වුවත් කාලය කෙසේ හෝ සොයාගෙන ව්‍යායාම් ආදිය කරනවා නේද? කොතරම් අපහසු වුවත් යාන වාහන සපයාගෙන හෝ වේවා පොදු වාහන සේවයේ හෝ ගමන් කරනවා නේද? වෛද්‍යවරයන් කියන දේ ඇස් පියාගෙන වුවත් විශ්වාස කරන තරමේ විශ්වාසයක් ඔවුන්ව ඇදහීමක් ඔබට තියෙනවා නේද? තණ කොළ වර්ගයක් වුවත් තමන්ගේ රෝගය සුවවෙනවා කිව්වොත් ආහාරයට ගන්නා තරමටම ඔබ අසරණ වෙනවා නේද?

අනේ, මේ දේවල් කලේම මරණය මොහොතකට කල් දමාගන්නට පමණක්ම මිස මරණයෙන් සඳහටම මිදෙන්නට නම් නොවන බව ඔබට මොහොතකටවත් සිහිපත්වුනේම නැතිද?

සඳහටම මරණයෙන් මිදෙන්නට සඳහටම සියලුම ආකාරයේ රෝගයන්ගෙන් මිදෙන්නට මේ ජීවිත කාලයේදීම අවශ්‍ය කරන්නාවූ නිවන් මාර්ගය පාදා දෙනවා යැයි පවසන හිමිනමක් හමුවී ඒ මාර්ගය පාදාගන්නට සිතක්වත් පහල නොවන ඔබට ඒ වෙනුවෙන් කාලය සපයාගන්නට ඉතාමත් අපහසු ඔබට ඒ වෙනුවෙන් කැපවෙන්නට අලසකමක් දැනෙන ඔබට... අනේ, ඒ හිමිනමම ඔබගේ නොයෙක් නොයෙක් රෝගී තත්වයන් සුවපත් කරගැනීමට බෙහෙත් කරනවා කිව්වොත්? බෙහෙත් කරගන්නා මාර්ගයක් පාදා දෙනවා කිව්වොත්? භාවනා බලයෙන් ඔබව සුවපත් කරනවා කිව්වොත්? මට ඔබගේ පිළිතුර අනවශ්‍යයයි! ඔබ ඔබටම පිළිතුරු දෙන්න!

අනේ, අති දුර්ලභ මිනිස් ජීවිතයක් ලබා ඇති ඔබට ඔය මිනිස් ජීවිතය පාවිච්චි කරලා කරන්නට තියෙන්නේ ඔය හෙම්බත්වීම පමණක්මද? ඔයටික කරන තත්වයද ඔබ මනසින් උසස් වූ හෙයින් මනුස්සයෙක්! යැයි පුරසාරම් දොඩනා උසස් මානසිකත්වය?

ඔබ ඔතරම් කාලයක් වෙහෙස වෙලා දුවලා දුවලා රෝගය සුවකරගත්තා කියමුකෝ... මරණය කල්දමාගත්තායැයි සිතමුකෝ... දැන් ඔබට ඇත්තටම මරණය කල්ගියාද? රෝගය සුවවෙලා ගෙදරට එන ඔබ වාහනයකට හැපුනොත්? සතෙක් සර්පයෙක් කෑවොත්? රෝහලම හෝ වෙද ගෙදරම ඔබගේ හිසට කඩාගෙන වැටුනොත්? මැරෙන්න කොතරම් ආකාර තියෙනවද? ඔබ ඔය හැමදෙයකින්ම බේරී ප්‍රායෝගිකව මරණය කල් දමාගන්නේ කොහොමද?

"ආ මේක හරි වැඩක්නේ... අපි බෙහෙත් ගත්තාම මෙයාට තියෙන අමාරුව මොකක්ද? එයා බේත් බොන්නේ නෑ වගේ හරියට අපිට බණ කියන්න එන්නේ... නිවන් මඟ වඩන්නත් නිරෝගීව ඉන්න එපැයි! නිවන් දකිනවා කියලා බේත් නොකර ඉන්න බෑනේ! බුදු හාමුදුරුවොත් බෙහෙත් කරගත්තා අනෙක් අයට බෙහෙත් කරගන්න ක්‍රම කියලා දුන්නා... බෙහෙත් කරගන්න එපා කියනවා නම් එයා බණ දන්න කෙනෙක් නෙවේ... මේ ගන්නා බෙහෙත් ටික සුවසේ නිවන් මාර්ගය පූර්ණය කරගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා තමයි මම මේ කැපවීම කරන්නේ... ඒකේ වරදක් නෑනේ!... මේ ආකාරයට ඉතින් ලියනවා නම් ලියන්නට පිටු දහස් ගණනක සාධාරණීකරණය පිණිස දක්වන්නාවූ හේතු තියෙනවා. එහෙම නේද? මේ වෙලාවේ ඔබගේ හිතට පැමිණියාවූ සාධාරණීකරණ හේතුවත් මේ ලැයිස්තුවේ නැතිනම් එය එකතු කරගන්න!

ඔව්! බුදු හිමියන් බෙහෙත් ගැනීම අනුමත කලා තමයි. සියලු රෝගයන්ට නියම ප්‍රතිකර්මය වන ගව මුත්‍රා වල බහා තැබූ අරළු බෙහෙත් වශයෙන් පානය කරන්නට හැකි නම් මහණ දම් පුරන්නට එන්න කිව්වා. ඒ කියන්නේ සම්මතයේ විවිධාකාරයේ බෙහෙතක් සපුරාගන්නට නොහැකි අවස්ථාවක පහසුවෙන් සපුරාගන්නට හැකි සාර්ථක බොහෝම මූලික මට්ටමේ ඖෂධයක් තමයි ඒ පෙන්වා දුන්නේ.

බුදු හිමියන් ඒ බෙහෙත අනුමත කලේ ඊට වඩා වැඩි බෙහෙතක් සපයාගන්නට කැපවී සිටින කෙනෙකුටයි. ලෞකික වැඩපිලිවෙල තුල පැවදි වෙසින් හෝ වේවා ගිහි වේශයෙන් හෝ වේවා ගිහියෙක්වී කියන කරන සිතන කටයුතු 99%ක්ම තිබියදී ඒ වෙනුවෙන් වීර්ය කරමින් කැපවී කාම මඩේ ලැග ගෙන සිටිමින් 1%ක් තමන්වම රවටා ගැනීම පිණිස නිවන් මාර්ගය පිණිස කටයුතු කරන පිරිස වෙතට මේ සාධාරණීකරණය කරමින් හේතු දක්වන්නට පෙර සිතන්නට නම් බොහෝ දෑ තිබෙනවා.

මරණය මොහොතකට කල්දමාගන්නට ඔතරම් උත්සාහයක් ගෙන හතිදමාගෙන දුවනා ඔබ, සඳහටම මරණයෙන් මිදෙන්නට හැකි, සඳහටම සියලුම ආකාරයේ රෝගයන්ගෙන් මිදෙන්නට හැකි, මේ ජීවිත කාලයේදීම ඒ ප්‍රථිඵලයන් අත්දැකිය හැකි ඒ නිවන් මාර්ගය පූර්ණය කරගන්නට කැපවීම වීර්යය පළමුකොට තබා සිටින්නෙක්ද? 99%ක් කෙසේ වෙතත් 50%ක්වත් නිවීම පිණිසත් ලෞකික කටයුතු සාර්ථක කරගැනීම පිණිස කරගෙන යන්නාවූ කටයුතු සඳහා 50%ක් හෝ ලෙසින්වත් වෙන්කරගෙන සිටින්නෙක්ද? ඔබගෙන්ම අසන්න! කාටවත් උත්තර දෙන්නට අවශ්‍ය නෑ ඔබ ඔබටම අවංක වෙලා පිළිතුරක් ලබාදෙන්න!

අනේ, ඔබ ඇත්තටම කොතරම් මෝඩකමකින් අසරණ වෙලා ඉන්නවාදැයි ඔබටම දැනේවි! එහෙම දැනුනට කමක් නෑ... ඇයි? ඔබ ඔබගේම මෝඩකම් වලට ලජ්ජා නොවුනොත් ඔබගේම අසරණභාවය බිය නොවුනොත් ඔබ ඔය හෙම්බත් වූ දිවිල්ල හැමදාම කරනවා නියතයි!!!

කණ්ණාඩිය ඉදිරිපිටදී හැඩ වැඩ බලන ඔබ මොහොතකට ඒ මානසිකත්වයෙන් මිදී බලන්න ඔබගේ මුහුණු දිහා... ඔබ කොතරම් වෙහෙසකින් දුකකින් හෙම්බත්භාවයෙන් සිටිනවාදැයි ඔබටම දැකගන්නට හැකිවේවි!!! ඔබ ඇත්තටම කොතරම් අසරණද? ඔබට ඔබ ගැන සතුටු විය හැකිද? අනන්ත සසරක් කෙටි වී ඇති බව දැනගෙන දැකගෙන අවංකවම සතුටු වෙන්නට තරම් හැකියාවක් ඔබට තියෙනවාද? අනේ, එහෙනම් දැන්වත් තීරණයක් ගන්නට වෙහෙසුනොත් නේද හොඳ???

"ආ... අපි නම් ඉන්නේ නිවන් මඟේ... අපි නම් හරියට පින්කරනවා... අපි නම් හරියට බණ අහනවා... මම නම් වැඩිපුර ඉන්නේ පන්සලේ... මම නම් මොනවා තිබුණත් පෝයට සිල් ගන්නවා... මම නම් කොහොම හරි ඒ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා... ඒ ආරණ්‍යය නම් නියමයි... අපෝ අර හාමුදුරුවෝ නම් මෙහෙමයි... ඒ තැන නම් අන්තිමයි... අයියෝ ඒ අය වඩන නිවන් මඟක් නෑ... අර හාමුදුරුවෝ මෙහෙම කරනවානේ... අපිට නම් සිවුරු විතරයි අඩු... ඔය හාමුදුරුවෝ සිවුරුට සුදුසු නෑ... ඔයිට වඩා හොඳට මම දර්මය දන්නවා... ආමිසයටමයි ඔය හාමුදුරුගොල්ලේ බර... ආ ඒ අය බණ කියන්නේ ලාභ, කීර්ති, ප්‍රශංසා වලටනේ... ඔය මොන බණද... ඕවත් බණද..." මේ ආදී වශයෙන් අනන්ත දුක් රැස ආරම්භ වේ!! කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ...

ලෞකික ජීවිතයේ නොයෙක් නොයෙක් කටයුතු සාධාරණීකරණය කරගන්නට හේතු දක්වන ඔබ බොහෝ විට කථාවක් වුවත් පටන්ගන්නේ නම් නිවන අත ලඟ වගේ නේද?... එහෙත් අවසාන වෙන්නේ ශාසනයටම ගරහාමයි... ශාසනික වශයෙන් කැපවී සිටිනන් විවේඡනය කරලාමයි... තවමත් ලෙඩ දුකක් ලැබෙන විට කම්පාවෙන ඔබ, ලෙඩ දුක් සුවකරනවා කීවොත් හාමුදුරු කෙනෙකුවුවත් සොයාගෙන දුවන්නාවූ ඔබ මේ කරන දේ සුදුසුයිද?

රෝගයකට බෙහෙත් කරගන්න එයට ධර්මයෙන් බාධාවක් නෑ. එහෙත් ධර්මය තුලින්ම එහි සීමාව දැකගන්න... ඒ රෝගයන්ගෙන් සඳහටම මිදෙන මාර්ගය වෙනුවෙන් ඒ තාවකාලික වැඩපිලිවෙල අඩුකරගැනීම තුලින් ඉතිරිවන කාලය යොදවන්න... ඔබටම ඒ නීරෝගී සුවයෙන් ලැබෙන මානසික සැනසීම දැකගන්නට හැකිවේවි!!! "ආරෝග්‍යා පරමා ලාභා - නීරෝගීබවම උතුම් ලාභයයි" මේ කිව්වේ මේ භයානක සංසාර පැවැත්ම නමැති භව රෝගයෙන් නීරෝගී බවටම පත්වීම උතුම් ලාභය හෙවත් නිවීම ලැබීමයි යන්නම මිස තාවකාලිකව ඔබ රෝග සමූහයකින් සුවයක් ලබා ලබන්නාවූ ලාභයක් ගැන නොවන බව අන්න එවිට ඔබට ඔබගේම ප්‍රඥාවෙන් අත්දැකගන්නට හැකිවේවි!!! සියලු සත නිරෝගී වෙත්වා!!! තෙරුවන් සරණින් නිවනින්ම සුවපත්වෙත්වා!!!

Saturday, February 14, 2015

වැලන්ටයින් දිනයේ ආදර පැතුම!

මේ වැලන්ටයින් දිනයේ;
ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා වෙනස් වේවා! යන්නද?
ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා වියපත් වේවා! යන්නද?
ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා ලෙඩ රෝග දුක් කරදර වලට ලක්වේවා! යන්නද?
ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා නොයෙක් නොයෙක් මානසික අසහනයන්ට චිත්ත පීඩාවන්ට ලක්වේවා! යන්නද?
ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා මිය යාවා! මරණයට පත්වේවා! යන්නද?

එසේ පැතුමක් තුන්හිතකවත් නොවේ නම්;
ඔබ සැබෑවටම අවකංවම ආදරය කරන්නෙක් යැයි ඔබ සිතනවා නම්... 

ඔබගේ පැතුම; 
මතු මතුත් මට ලැබේවා... මගේම වේවා!!! යන පැතුම නේද? 
ඔබගේ ආදරය කරන පුද්ගලයා නැවත ඉපිද ඔබටම ලැබේවා! යන්නයි... එහෙම නේද?
ඉපදීම සැබෑවක් නම් යමෙක් ඉපදුනේ නම්; 
ඔබ ආදරය කරන පුද්ගලයාට වෙනස් වෙන්නට සිද්ධ වෙනවා! 
ඔබ ආදරය කරන පුද්ගලයාට වියපත් වෙන්නට සිද්ධ වෙනවා!
ඔබ ආදරය කරන පුද්ගලයාට ලෙඩ රෝග දුක් කරදර වලට ලක්වෙන්නට සිද්ධ වෙනවා! 

ඔබ ආදරය කරන පුද්ගලයාට නොයෙක් නොයෙක් මානසික අසහනයන්ට චිත්ත පීඩාවන්ට ලක්වෙන්නට සිද්ධ වෙනවා!
ඔබ ආදරය කරන පුද්ගලයාට මරණයට පත්වෙන්නට සිද්ධ වෙනවා! 

ඔබ ආදරය සංකේවත් කරන රතු රෝස මල කොතරම් ලස්සන වුවත් ආශ්වාදජනක වුවත් කටු දරාගෙන කටු උරුම කරගෙන සිටිනවා වගේ... 
ඔබේ පැතුම කොතරම් ලස්සන වුවත් ආශ්වාදජනක වුවත් දුක දරාගෙන දුක උරුම කරගෙන සිටිනවා නේද?
එහෙනම් ඔබ එකසිතින්ම පැතුවේ දැඩි ලෙසින් අධිඨනින් යුතුව ප්‍රාර්ථනා කෙරුවේ.... ඔබ ආදරය කරන පුද්ගලයාට වින්නැහියක්ම වේවා යන්නවත්ද?
හ්ම්!!! 

එහෙත් අවංක සැබෑ ආදරය නම්;
නැවත දුකට වෙහෙසට අසහනයට පෙලීමට ලක්වෙන මේ දුක් ඔබට නොවේවා!!! 

නැවත වියපත් වෙමින් දුර්වල වෙමින් ජරාවට පත්වීම් ඔබට නම් නොවේවා!!! 
නැවත ලෙඩ රෝග දුක් කරදර මරණය ආදිය ඔබට නම් නොවේවා!!! 
මේ සියලු දුක් කෙලවර කරන්නාවූ මාර්ගයම ඔබට පෑදේවා!!!
නිවන් සුවයෙන්ම සුවපත්වීමට ඔබට හැකිවේවා!!!

පැතුමෙන් නතර නොවී ක්‍රියාවෙන්ම, වචනයෙන්ම;
ඔබගේ සහකරුවාට සහකාරියට... පෙම්වතාට පෙම්වතියට...
සැබෑවටම ආදරය කරන කව්රුන් හෝ වේවා ඒ පුද්ගලයාට...
මේ සියලු දුකෙන් මිදීමට සැබෑම ආධාරයක් වෙන්න...
සැබෑම සහකාරියෙක් සහකරුවෙක් වෙන්න...
බණක් භාවනාවක් කරගන්නට අවස්ථාව සලසා දෙන්න...
නිවන් මාර්ගය පාදාගැනීමට... අනුගමන කිරීමට... අනුබලයක් දෙන්න... රැකුලක් වෙන්න...

අසහනයෙන් තොර පෙලීමෙන් තොර ගැටිමෙන් තොර බැඳීමෙන් තොර,
සැබෑම ආදරයේ සැබෑම මිහිර සුවය අන්න ඒ මොහොතේ පටන්ගෙන අත්දැකගන්නට හැකිවේවි...
සැබෑ ආදරයේ සැඟවුණු සැබෑම මිත්‍රත්වය, සැබෑම සහෝදරත්වය,
සැබෑම රැකවරණය, සැබෑම සෙනෙහස අන්න ඒ මොහොතේ පටන්ගෙන අත්දැකගන්නට හැකිවේවි...

ප්‍රඥාවන්තව ආදරය කරන්නට සියලු පෙම්වතුනට හැකිවේවා!!!
යශෝධරාවක් සේ වන්නට භද්දාකාපිලානියක් සේ වන්නට
සියලු ස්ත්‍රී පාර්ශවයට හැකිවේවා!!!

සිදුහත් කුමරුකු සේ වන්නට පිප්ඵලී කුමාරයෙක් සේ වන්නට
සියලු පුරුෂ පාර්ශවයට හැකිවේවා!!!

Friday, January 9, 2015

Who really won? Who really defeated?

End of an election,
In a so called world…
One disappointed with the defeat,
While one celebrate the victory…
A world created around “I”,
A world created by “I”…
A world build upon “I”…
What can be the quantity of…?
Defiled thoughts, words & actions?
Running towards the hallucination,
Without a break… without a pause….
Didn’t you notice the hallucination?
What can be the quantity of…?
Defiled thoughts, words & actions?
With a great expectation to find the core…
By peeling the plantain tree?
Without a break… without a pause….
Didn’t you notice the peeling the plantain tree?
Those who spread the tears of victory…
Those who spread the tears of downfall…
Didn’t you notice the trap of magician?
You!!! Yes YOU!!!
Do you think you won?
Do you think you defeated?
Can you be really happy by thinking “Yes we won”?
Does it really worthy to be hurt by thinking “Yes we efeated”?
Didn’t you notice the trap call “world”…?
Didn’t you notice your actions, words, thoughts…?
Which based upon the trap of…
Clusters of craving that beings cling to as self...?
Do you notice these clusters?
Or will you ever notice this trap?
Can you be really happy by thinking?
“Yes I won”… “Yes I can win”…
Through the awareness, vigor & mindfulness?
Can you notice your own defeat and…
Think about the way you defeated by trap of craving…
And say “Yes I am a loser”… “Yes I still do have to win”…
Through the awareness, vigor & mindfulness?
OR ELSE….
As always… with the ultimate practice of defilements…
By attracting towards the easiest way…
Imprisoned by the ignorant unawareness…
Do you believe in a consequences of a leader with dhamma?
That he will become your savior?
That he will become the disciplined leader you wished for…
And will guide you to the utmost enlightenment…
By becoming your savior?
How long you are going to depend?
How long you are willing to become a beggar?
When you going to become your own savior…
By being disciplined through your own words, 

actions & mind? 
When you going to defeat your own defilements?
When you going to achieve real mettah the compassion?
When you going to be really happy?
Yes…!!! Ask yourself… question your own self…
It’s time you question your own self… not others…
It’s time to wake up my dear friends…
It’s time to notice the real danger…
As a rare human being…
It’s time to identify your true responsibility…
If you fails to identify “I”, there is no detachment…
When there is no detachment, there is no release from clinging…
When there is no release from clinging, there is no liberation…
When there is salvation, there is no cooling…
no enlightenment… no nirvana…
When there is no cool… no enlightenment… no nirvana…
You still get more elections to fights for…
there will be more countries, races, religions,

status to fights for…
there will be no end to the race…!!!
As long as you don’t touch the peace of coolness…
Peace of nirvana the enlightenment…
You will get more opportunities to fights for…
You will get more winners & losers…!!!
So my dear rare human beings…
Keep aside the races or religions or status….
Or other worldly labels for a moment…
Think as an intelligent being…
Think as a wise being…
What to lose or what to win…
What to identify and what not to be with…
For the attention of wise beings!!!

(Make sure you do not trap in the 5 clusters of craving more & more by comparing these words to the defiled worldly election matters or other parties by dragging you into more sufferings & stress, as these are purely shared with the intention of warning about the real danger we all are trapped in unknowingly… pure intention to do my bit as a rare human being to another being only… so think wise… be wise… behave wise… because at the end of the day there will be no one to save you… you should become your own savior through awareness, vigor & wisdom!!!)
 May triple gem bless all beings for the best by get rid from all kind of burnings & defilements!!!

දිනුවේ කව්රුන්ද? පැරදුනේ කව්රුන්ද?

සම්මත ලෝකයේ මැතිවරණයක්...
කෙනෙකුට සාර්ථකව ජයග්‍රහණයක්...
තවත් කෙනෙකුට පැරදුමක් ලබාදී අවසන් වී ඇත...
තමන් විසින්ම ගොඩනගාගත් ලෝකයක් තුල
තමන් විසින්ම සකසා ගත් සංඥා විපරීතයක් වෙනුවෙන්
කොතරම් නම් කියන්නට කරන්නට සිතන්නට ඇතිද...
මිරිඟුවක් පසුපස දිවූවද තවමත් හරයක්ම දකිනවා මිස
මිරිඟුව සැබෑ ලෙස දැක්කේද? 

හරයක් සොයමින් පතුරු ගැසූ... ගසනා...
ඉදිරියේදීත් ගසන්නට යෙදෙනා...
කෙසෙල් කඳ දැක්කේද?
මායාකරුගේ මායා බන්ධනයට වශීකෘත වී
තුටු කඳුලු සලන්නෝද දුක් කඳුලු සලන්නෝද
අතර සිටිනා ඔබ... ඔව් ඔබ!!!
සැබැවින්ම ජයක් ලැබුවා යැයි සිතන්නේද?
සැබැවින්ම පැරදුනා යැයි සිතන්නේද?
සැබැවින්ම “අපි දිනුවා“ යැයි තුටු විය හැකිද?
සැබැවින්ම “අපි පැරදුනා“ යැයි දුක් විය යුතුද?
පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය නම් උඟුලට හසුව
සිතූ කියූ කල දෑ... සිතන කියන කරන දෑ...
මතු සිතන්නට කරන්නට කියන්නට බලාපොරොත්තු වන දෑ...
සිහියෙන් නුවණින් විරියෙන් දැක...
“මම දිනුවා“ යැයි සතුටු වන්නට
මේ ශාසනය තුලදී ඔබට හැකිවූවාද? ඔබට හැකිද?
ඔබට හැකිවේවිද?
පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය නම් උඟුලට හසුව
සිතූ කියූ කල දෑ... සිතන කියන කරන දෑ...
මතු සිතන්නට කරන්නට කියන්නට බලාපොරොත්තු වන දෑ...
සිහියෙන් නුවණින් විරියෙන් දැක...
මෙහෙම ගියොත්... “මම ඇත්තටම පැරදිලා“ යැයි...
“මම සසර අනාථයෙක්මැයි“ නුවණින් දැක දුක් කඳුලු සලන්නට
ඒ අනුව කටයුතු කරන්නට...
මේ ශාසනය තුලදී ඔබට හැකිවූවාද? ඔබට හැකිද?
ඔබට හැකිවේවිද?
නැතහොත්...
මෙතෙක් සසර පුරාවට පැතූ සෙයින්... පුරුද්දට මෙන්...
වඩාත් පහසු ක්‍රමයක්... අවිද්‍යාවේම තීරණයක්...
බොහෝ ඉහළින් ගෙන උඟුලට හසුවෙනවාද?
පාලකයා දැහැමිවි... රටක් දැහැමිවූවහොත්...
තමන්ටද දැහැමිවන්නට හැකිවේවි යැයි සිතමින්...
අනුන් මත යැපෙන්නට...
මතු පැතුම් පතමින් සිටින්නේද?
මාර උඟුලට නැවතත් හසුවන්නට...
සතුටින් පෙරමඟ බලා සිටින්නේද?
සැබෑ දිනුම ලබන්නේ කවදාද?
සැබෑ මාර පරාජය කරන්නේ කවදාද?
සැබෑ මෛත්‍රිය දිනන්නේ කවදාද?
සැබෑවටම සතුට ලබන්නේ කවදාද?
ඔව්... අසන්න... විමසන්න... අනුන්ගෙන් නොව...
තමන්ගෙන්ම විමසීමට කාලයයි...
මේ ඇහැරෙන්නට කාලයයි... සැබෑවටම...
සැබෑ අනතුර දකින්නට කාලයයි...
අතිදුර්ලභ මිනිසෙක් වශයෙන්...
තම තමන්ගේ යුතුකම හැඳින මිදෙන්නට කාලයයි...
තමන් නොදකින්නේ අතහැරීමක් නැත...
අතහැරීමක් නොවන්නේ නොඇලීමක් නැත...
නොඇලීම නොවන්නේ මිදීමක් නැත...
මිදීමක් නොවන්නේ නිවීමක් නැත...
නිවීමක් නොවන ඔබට...
මැතිවරණ ජනාධිපතිවරණ රට ජාතිය ආගම වෙනුවෙන්
කරන්නට කියන්නට සිතන්නට තවත් බොහෝ දෑ ඇත!!!
අංශු මාත්‍ර හෝ නිවීමක් නොවන ඔබට...
සම්මත ලෝකයේ දිනවන්නට පරදවන්නට බොහෝ පිරිසක් ඇත!!!
එබැවින් පින්වත් දුර්ලභ මිනිසුන් වශයෙන්...
ආගම් ජාති කුලමල භේදයකින් තොරව...
අංශු මාත්‍ර හෝ බුද්ධියක් ඇත්තන්සේ...
සැබෑම ප්‍රඥාවන්තයෙක් සේ...
කටයුතු කරන්නට සිත් යොමුවෙත්වා!!!
ප්‍රඥාවන්තයින්ගේ අවධානය පිණිසයි!!!

(නිවීම පිණිස අංශු මාත්‍ර හෝ උපකාරයක් ලැබීම පිණිස මෙසේ සටහන් තබන්නාවූ වදන් සම්මත ලෝකයක දේශපාලනයකට ගලපාගනිමින් අපවාද උපවාද අපහාස උපහාස කරමින් තව තවත් සසර අනාථ වීම පිණිස නොව විවෘත මනසකින් තම තම නැණ පමණින් විමසා තමන්ටත් අනුන්ටත් යහපත ඉටු කරගන්නා සැබෑම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙතට සුපුරුදු පරිදි සිහිය, නුවණ, වීර්ය වැඩීම පිණිස උපකාරයක් වීම උදෙසාමයි!!!)

සැම සතට තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබ ගින්නෙන් දාහයෙන් මිදී නිවී සැනසීමම ලැබේවා!!!