Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, July 21, 2021

නැණවත් බුද්ධ පූජාවට මඟ

 



බුද්ධ පූජාව හුදෙක් ම චාරිත්‍රයක් පමණක් වූ යුගයක... පිළිම වහන්සේලා දන් වළදන්නේ දැයි ප්‍රශ්න කරන පිරිසක් වෙසෙන යුගයක... බුදු රඳුන් උදෙසා තැබූ බුද්ධ පූජාව තමන් ද ආහාරයට ගෙන සතුන්ට ද ආහාර පිණිස දෙන යුගයක... බුද්ධ පූජාව අරබයා අප කටයුතු කල ආකාරය ත්‍රිපිටක සත්ධර්මය ද ඇසුරෙන් පෙන්වා දෙන දහම් විග්‍රහයකි.  තම මතයන් ජය ගන්නට තර්ක වාද කරන්නට ඔබට හැකිය. එහෙත් අවසානයේ අස්වැන්න නෙලා ගන්නට වන්නේ ද වැපිරූ ආකාරයටමය. අධර්මයක් ප්‍රකට වේ නම් ධර්මය තුලින් ඒවා පෙන්වා දී නුවණැතියන්ට යහපත පිණිස කටයුතු සලසා දීම තථාගත සම්මා සම්බුද්ධ රත්නයේ ඔවදනයි.  අන්න ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා සිහිපත් කරගෙන සිදු කරන සියලු පූජාමය කටයුතු නැණවත් ව අර්ථවත් ව සිදු කර ගැනීමට... උත්තරීතර සම්මා සම්බුද්ධ රත්නය අවබෝධයෙන් යුතුව ප්‍රඥාවන්ත ව පිදීම පිණිස... ප්‍රතිපත්ති පූජාවන් සිදු කර ගැනීම පිණිස... “නිර්වාණ ධර්ම” මඟ පෙන්වීමකි.  තම තමන්ගේ නිවන් මඟ කළ එළි කර ගැනීම පිණිස ම හේතු උපකාර වෙත්වා!!!

“නිර්වාණ ධර්ම” වෙබ් අඩවියට පිවිස රූපමය දහම් එකතුව නරඹන්න...

ග්‍රන්ථයක් වශයෙන් කියවන්න... 

නැණවත් ව බුද්ධ පූජාවන් සිදු කරන මඟ දැන ගන්න!


 

 

 

 

 

Thursday, July 1, 2021

Person liable to decline

Article summary

Aren’t you checking your face in a clean bright mirror to check whether there is any dirt or blemish? Aren’t you trying to remove it quickly if there is any? If there is no dirt or blemish at all, aren’t you feel happy? Even though we do this daily to maintain a good outer appearance, how often do you check your thoughts? How well you maintain your inner appearance?

Let’s see what Samma Sambuddha and the blessed one’s noble disciple has to say on this!

Once few bhikkhus, wen to see noble disciple Sariputta arhath thero.  And they asked;

“They speak of a “person liable to decline”, and “one not liable to decline”. But how did the Samma Sambuddha define a “person liable to decline”, and “one not liable to decline”?”

Then the Ven. Sāriputta explained how did the Samma Sambuddha define a “person liable to decline”

1.        It’s when a person doesn’t get to hear the true teachings of the blessed ones which they haven’t heard before.

2.       Even if they heard a little of them, they forget those teachings they have heard because of the carelessness.

3.       They don’t keep rehearsing the teachings they’ve already got to know.

4.       They don’t come to understand what they haven’t understood before.

When there are these 4 facts are available in one self, that person is liable to decline.  If you don’t have any of these you a “person NOT liable to decline”

You should train your mind to be skillful by thinking “I will be skilled in the ways of my own mind”.

Like you take your time to maintain the beauty of your face.  Like that way you should train your mind to be skillful.

“Suppose there was a woman or man who was young, youthful, and fond of adornments, and they check their own reflection in a clean bright mirror or a clear bowl of water. If they see any dirt or blemish there, they’d try to remove it. But if they don’t see any dirt or blemish there, they’re happy with that, as they’ve got all they wished for: ‘How fortunate that I’m clean!”

You can read the full sutta in; https://suttacentral.net/an10.55/en/sujato

In the same way you should check your mind and see how skilled you are.  Let’s find out how to do this through our next editorial.  Till then have a blessed time dear dhamma friend with a prettier face & a beautiful mind!

 Read All the EDITORIALS of www.nirvanadhamma.com

මූණේ කැළල්... සිත නිකැළැල්!

 

සටහනේ අන්තර්ගතය

කණ්ණාඩියෙන් මූණ බල බල මූණේ කැළල් තියෙනවද? කුණු තියෙනවද කියලා බලනවා නේද? පුංචි දරුවෙක් වුනත්.. කාන්තාවක් වුනත්... පුරුෂයෙක් වුනත්... මේ දේ කරනවා නේද? මූණේ ඉතින් මොනවා හරි කුණු ටිකක්... පැල්ලමක්... තිබුණොත් ඒක නැති කර ගන්න බොහෝම වෙහෙස මහන්සි වෙනවා නේද? මූණ බලන කොට පැල්ලම්... කුණු එහෙම මූණේ නැත්නම් සතුටුයි නේද? එහෙම මූණක් තියා ගන්න නේද උපරිමයෙන් උත්සාහ කරන්නේ?

ඉතින් අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේත් මේ උපමාව බොහෝ අවස්ථා වල දී පෙන්වා දෙමින් මෙන්න මේ වගේ කැපවීමෙන් යුතුව දහම් මඟ දියුණුවක් ලබන්නේ කොහොමද කියලා පෙන්නලා දෙනවා. 

දවසක් අපේ සැරියුත් මහ රහතන් වහන්සේ ව හමු වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් “පිරිහෙන දහම් දරන පුද්ගලයා... පිරිහෙන දහම් දරන පුද්ගලයා... කියලා කියනවා කව්ද මේ පිරිහෙන දහම් දරන පුද්ගලයා?” කියලා අහනවා.

ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - දසක නිපාතය - සචිත්ත වර්ගය - 5. පරිහාන සූත්‍රය

උතුම් සැරියුත් මහ රහතන් වහන්සේ පවසනවා, අපේ සම්මා සම්බුදු හිමියන් මෙන්න මේ කාරණා දරා ගෙන ඉන්න පුද්ගලයාට තමයි “පිරිහෙන දහම් දරන පුද්ගලයෙක්” කියලා කියන්නේ කියලා.

  1. අසා ගත යුතු පෙර නො ඇසූ විරූ තථාගත ශ්‍රී සත්ධර්මය අසන්නේ නෑ.
  2. අසා ගත්ත යම් දහමක් වේ නම් එහි ත් අසිහියට පත් වෙනවා. ඒවා සිහි වෙන්නෙත් නෑ.
  3. සිතේ පෙර හට ගත්ත යම් අසා ගත් ධර්මයක් වේ නම් එයත් පුහුණු කලේ නැති නිසා, නිතර ඇසුරු කලේ නැති නිසා නැවත ඒ දහම් හට ගන්නේ නැතිව යනවා.
  4. පෙර අසා ගන්නට නොහැකි වූ අවබෝධ කර ගන්නට නොහැකි වූ යම් පෙර නො ඇසූ විරූ දහමක් වේ නම් එයත් අවබෝධ කර ගැනීමට නොහැකි වෙනවා.

මෙන්න මේ කාරණා තියෙනවා නම් “පිරිහෙන දහම් දරන පුද්ගලයෙක්” කියලා කියනවා.  එහෙනම් පිරිහෙන දහම් නො දරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට මොනවද කරන්න ඕන.  ඒ ගැනත් අපේ උතුම් සැරියුත් මහ රහතන් වහන්සේ මෙතැනදි පෙන්වා දෙනවා. පිරිහෙන දහම් දරන පුද්ගලයෙක් නො වීමට නම් ඔබට තමන්ගේ ම සිත ගැන... තමන්ගේ කුසලතාවය ගැන නිරන්තරයෙන් පරික්ෂාවක් කරන්නට සිද්ධ වෙනවා කියලා කියනවා. 

මෙතැන දි තමයි අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් බොහෝ අවස්ථා වල දී උපමාවට ගත්, අපි මුලින් ම කිව්ව මුහුණේ කුණු... කැළල් පරික්ෂා කරන උපමාව පෙන්වා දෙන්නේ. 

එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි...

එහෙනම් කණ්ණාඩියෙන් මූණ බල බල මූණේ කැත කුණු කැළල් සුද්ධ කර කර හිටියාට විතරක් මදි සිත කුණු වෙලා නම්.  අභ්‍යන්තරය කැළල් පිරිලා නම් තමන්ටත් අනුන්ටත් යහපතක් නෑ.  පිරිහීමක් විතරමයි.  එහෙනම් මූණ බල බල සුද්ධ කර ගන්නවා වගේ තමන්ගේ මේ අභ්‍යන්තරයත් නිරන්තරයෙන් පරික්ෂා කරන්න වෙනවා.  තමන්ගේ කුසලතාවය බලන්න වෙනවා.  තමන් තුල වැඩෙන කුසල් දහම් පරික්ෂා කරන්නට ඕන.  ඒ පරීක්ෂණය මොකක් ද කියලා ඊළඟ කතු වැකියෙන් අපි විමසා බලමු!

මූණේ කැළල් තිබ්බත් කමක් නෑ ඔන්න... සිත නිකැළැල් කර ගන්න වැඩ පිළිවෙළට බැස ගන්නට ඕන හොඳේ!  තෙරුවන් සරණින් නිවනම වෙත්වා!

නිර්වාණ ධර්ම වෙබ් අඩවියේ සියලුම කතු වැකි කියවන්න මෙතැනින් යොමු වෙන්න!