නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, December 2, 2020

Newly wedded bride


Do you also see faults in others? Do you also say bad things about others? Do you also observe the worst or bad in others? Can’t you see any good in others? No matter what the relationship is nowadays many see other’s faults. They criticize for who they are… criticize everything others do or say… this brings many troubles to your life. So, let’s find out a Great Samma Sambuddha’s advice on how to overcome this bad quality of ours and become a real person with integrity. 

Once Samma Sambuddha brought this simile to explain how we can train our selves to become a person with integrity. 

“It’s like a bride on the day or night she’s first brought to her husband’s home. Right away she sets up a keen sense of conscience and prudence for her mother and father in law, her husband, and even the bondservants, workers, and staff. But after some time, because of living together and familiarity, she’ll even say to her mother and father in law, or to her husband: ‘Go away! What would you know?’ 

In the same way, on the day or night a person first goes forth from the lay life to monkhood, right away they set up a keen sense of conscience and prudence for the monks, nuns, laymen, and laywomen, and even the monastery workers and novices. But after some time, because of living together and familiarity, they’ll even say to their teacher or mentor: ‘Go away! What would you know?’ 

So, you should train like this: ‘We will live with hearts like that of a newly wedded bride.’ That’s how you should train.” 

You got this right? 

The newly wedded bride – There is a first time for all of us. Whether it is our school or workplace or a party or anywhere… imagine being there for the first time. Our heart is filled with little nervousness, shyness and carefulness… right? We want to make things happen rightly. That’s the feeling comes for the first time. This is so badly happening when you married for the first time. As a newly wedded bride you have to deal with your new husband (no matter how well you being with him before marriage), parents of the husband and other relatives, etc… 

We being carful of our words & actions. We want to make things right. We don’t want to mess with the relationship which we are newly building. So, there is this awareness of what we say and how we behave. The heart & mind is fully focus on building a nice & steady relationship. 

But then, what happen? After a sometimes we familiarize with the surrounding and the people around. Then we start to play the role of a bossy character. The respect is gone… the love & caring is gone… no manners in the word or actions. 

So, do you think this is what should happen? How do we expect others to respect or say good things to us when we behave such a wicked person? Check with your self. Do you familiarize with the person or the situation and become the one who don’t care about anything or anyone or what others feels or think? 

If so, let’s change back to the first time. Let’s become a newly wedded bride for every relationship. Whether it is the relationship of a parents & kids, husband & wife, with in-laws or other relatives, bhikkhu or lay beings… teachers & students… or even with the politicians or other popular beings whom you never met in personally but criticize as you are well known to them. 

No matter what the relationship is just try to be the “newly wedded bride” to all of those relationships, and see how things goes right & well. 


පරණ වූ අලුත ගෙනා මනමාලිය

 

ඔබේ ජීවිතයේ දී ඔබ විවිධාකාර පුද්ගලයන්ගේ නුගුණ දකිනවා නේද?  මට නම් දැනෙන්නේ මේ කාලේ ඒ ස්වභාවය බහුල වෙමින් පවතිනවා වගේ.  ගෙදර අම්මා තාත්තා... සහෝදර සහෝදරියන්... දරුවන්... සැමියා... බිරිඳ... නැන්දම්මා... ලේලි... ඥාති හිත මිත්‍රාදීන්... මෙන්ම පෞද්ගලිකව නො දන්නා පුද්ගලයන් කෙරෙහි පවා අප විවිධාකාර අදහස් මත දරමින් බොහෝ විට පවසන්නේ නුගුණ ම යි. මේ තත්වය නැති කර ගන්නට බුදු හිමියන් පෙන්වා දුන් බොහෝ ක්‍රම අතරින් තවත් අපූරු ක්‍රමයක් පෙන්වා දෙන්නට මෙවර කතුවැකිය වෙන් වෙනවා.

අනුන්ගේ අගුණයන් කීම හෙවත්, නුගුණ පැවසීම, දොස් පැවසීමඅඩුපාඩු පැවසීම අසත්පුරුෂ ගුණයක් බව පෙන්වා දෙන සූත්‍ර දේශනාවක් මින් පෙර කතු වැකියකින් අප විග්‍රහ කර ගත්තා මතක ඇති. 

"නුගුණ කීම" කතු වැකිය කියවන්න

ඒ සූත්‍ර දේශනාව තුලම වූ සත්පුරුෂ ගුණයක් වන අන් අයගේ ගුණ දැකීම කියන්නා වූ ගුණය අප තුල වර්ධනය කර ගැනීමට නිතර සිහි තබා ගත යුතු කාරණයක් තමයි මෙවර කතු වැකිය තුලින් ගෙන එන්නේ. 

උපමාව මෙසේයි;

“මහණෙනි, යම් පරිදි වධුකාවක් (අලුත විවාපත් කතක්) යම් ම රැයෙක හෝ දවසෙක හෝ කැඳවා ගෙණෙන ලදු වූ ද, ආ අලුත ඇයට නැන්දනියන් කෙරෙහි දු මයිලනුවන් කෙරෙහි දු සමුනන් කෙරෙහි දු යටත් පිරිසෙයින් දස්කම්කරුපුරිස් කෙරෙහි දු තියුණු විලිබිය එළඹ සිටියේ වෙයි. ඕ පසුකල සහවාසයට ගොස් විශ්වාසයට ගොස් නැන්දනියනට ද මයිලනුවනට ද සමුනනට ද මෙසේත් කියයි: ඉවත යා, තෙපි කුමක් දන්නාව යි.

මහණෙනි, එපරිදි ම මෙසස්නෙහි කිසි මහණෙක් යම් ම රැයෙක වේවයි දවසෙක වේවයි ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, එකෙණෙහි ම ඕහට භික්‍ෂූන් කෙරෙහි භික්‍ෂුණීන් කෙරෙහි උපාසකයන් කෙරෙහි උපාසිකාවන් කෙරෙහි යටත් පිරිසෙයින් ආරාමික සමණුද්දෙසයන් කෙරෙහිත් තියුණු හිරිඔතප් එළඹුනේ වෙයි. හේ මෑත කාලයෙක සහවාසයට එළඹ විශ්වාසයට එළඹ ඇදුරනටත් උවදෑවනටත් මෙසේ ද කියයි: පහවව, තෙපි කුමක් දන්නාව යි.

මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. “අලුත ආ වධුකාවකගේ සිතට බඳු සිතින් වසම්හ” යි. මහණෙනි, තොප මෙසේ හික්මෙන්නේ ය.

මේ කිව්ව උපමාව වැටහුණා ද?

අලුත ගෙනා මනමාලි - ඔබ යම් තැනකට අලුතෙන් ම ගියා ම කොතරම් ලැජ්ජාශීලී ද? භය ද? තමන්ගෙන් වරදක් වෙයි දෝ කියන... වචනයෙන් වරදක් වෙයි දෝ කියන හැඟීම හැම තිස්සේ ම සිත තුල පවතිනවා.  මේ ස්වභාවය ප්‍රකටව ම තියෙන කෙනෙක් තමයි “අලුත ගෙනා මනමාලිය”.  මොකද දවසකට දෙකකට ආවා නෙවෙයිනේ නේද? දිගටම ඉන්නත් එපැයි.  ඒ නිසා තමන්ගේ නැන්දම්මාට, මාමණ්ඩියට, සැමියා ඇතුළු ඒ තමන් දීග ගිය පාර්ශවයේ සියලු දෙනා කෙරෙහි බොහෝ ම ගරු සරු ඇතිව... වචනයකින් වත් අඩුවක් නොවෙන්නට වග බලා ගන්නවා.  හරි අපූරු සිහියක් පවතිනවා. 

සාර්ථක සම්බන්ධයක් පවත්වා ගැනීමේ පරමාර්ථය ඇතිව කියන, කරන සෑම දෙයක් ම බොහොම ප්‍රසන්නව කරන්න උත්සාහවන්ත වෙනවා.  අනෙක් පාර්ශවය අප කෙරෙහි සිතන, කියන, කරන ආකාරය ගැන අප වධ වෙන්නේ නෑ.

ඒත් කාලයක් යන කොට... ටික ටික පරණ වෙන කොට... තැනට හුරු වෙන කොට, පිරිසට හුරු වෙන කොට... ඔන්න ඉතින් චණ්ඩියා වෙනවා... “ඔහේ ලා මොනවද දන්නේ... යනවා යන්න” කියලා තමයි ඉතින් වැඩිපුර කටේ තියෙන්නේ. ගුණයක් දකින්නේ ම නෑ. 

දැන් බලන්න හැම සම්බන්ධයකට ම... කොටින් ම පෞද්ගලිකව හඳුනන්නේ නැති පිරිසට කෙරෙහි පවා මේ කියන තත්වය ඇති වෙලා නේද?  ඉතින් කොහොමද ඔබට සැනසීමක් ලැබෙන්නේ? හැම දාම අලුත් මනමාලි වෙන්න... පරණ වෙන්න යන්න එපා... ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ.

ඔබට සැබැවින් ම සත්පුරුෂ දහමක් ඕන නම්... සැබැවින් ම නිවීමක් සැනසීමක් ඕන නම්... අසත්පුරුෂයෙක් නොවී සත්පුරුෂ ගුණ ධර්ම තමන් තුල වැඩි කර ගන්නට අවංකව ම අවශ්‍ය නම් අද පටන් ගෙන... මේ මොහොතේ පටන් ගෙන “අලුත ගෙනා මනමාලියක්” බවට පත් වෙන්න.

දෙමව්පියන් දරුවන් කියන සම්බන්ධය ගත්තත්... බිරිඳ සැමියා කියන සම්බන්ධය ගත්තත්... නැන්දම්මා ලේලි කියන සම්බන්ධය ගත්තත්... ගිහි පැවිදි... ගුරු ගෝල... රටවැසියා සහ පාලකයන් කියන මේ මොන ආකාරයක සම්බන්ධයන් ගත්තත්... කෙටියෙන් ම සම්බන්ධය කුමක් වුවත්... ඒ සම්බන්ධයට “අලුත ගෙනා මනමාලියක්” ම වන්න!!! වරදින්නේ නෑ!!!    

සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන් කියවන්න; සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය 2 > චතුක්ක නිපාතය > දුතිය පණ්ණාසකය > 3. අපණ්ණක වග්ගය > 3. අසප්පුරිස වධුකා (අසප්පුරිස ධම්ම) සූත්‍රය > පිටුව 144 – 148 (පී.ඩී.ෆ් පිටුව 165 – 168)

නිර්වාණ ධර්ම දෙසැම්බර් කතු වැකිය කියවන්න