නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Saturday, April 25, 2020

සැබෑ බෞද්ධ නම් කොරෝනා නැත්ද?


  
ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, මේ කය රෝග ඇත්තෙක් මැයැ (දුබල බැවින්) බිජුවටක් වැන්න, සියුම් සිවියෙන් වැසුණේ යැ. ගැහැවි, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නිරෝගී බවක් පිළින කරන්නේ නම් ඒ බාලබව හැර අන් කිමෙක්ද? ගැහැවි, එහෙයින් තොප විසින් මෙහිලා මෙසේ හික්මිය යුතු: “ගිලන් කය ඇති මාගේ සිත නොගිලන් වෙති” යි.  ගැහැවි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතු යි වදාළහ.
(සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » ඛන්ධ සංයුක්තය » නකුලපිතු වර්ගය » නකුලපිතු සූත්‍රය)

මොහොතකට හෝ කයේ සුවපත් භාවයක් පැතීම තරම් මොට්ටකමක් තවත් නැතැයි යන්න බුදු වදනයි... රහත් උතුමන්ගේ වදනයි... එනිසාවෙන් නීරෝගී කල නොහැකි කයක් පසුපස කාලය නාස්ති නොකොට සුවපත් කල හැකි සිත සකස් කරගැනීමට වෙහෙස වන්නැයි උන්වහන්සේලාගේ මඟ පෙන්වීමයි!

එහෙත් ඔබ???

“සිල්වත් වන්න ලෙඩ රෝග හැදෙන්නේ නෑ...”
“සමාධිය වඩන්න ලෙඩ රෝග සුව වෙනවා...”
“තෙරුවණේ ආශිර්වාදය පතන්න අපට හානියක් නෑ...”
“ධර්මය අපිව රකිනවා අපට මරණයෙන් නිදහස් වෙන්න පුළුවන්...”
“මැරෙන්නේ නරක අය... වසංගතයෙන් ඉතුරු වෙන්නේ හොඳ අය...”

මොනවද මේ කතා???

ඔබේ ඔය අදහසට අනුව සැසදූවොත්....

සම්මා සම්බුදු හිමියන්ට අසනීප තිබුනේ උන්වහන්සේගේ සීලයේ අඩුවක් නිසාද?

මුගලන් හිමියන් පිරිණිවන්පානා තුරු ඇට කුඩු වී යන තුරු සොරුන් පහර දුන්නේ ධර්මයේ රැකවරණය නොතිබ්බ නිසාද?

කටින් කට ගෙනාව පිටකය ග්‍රන්ථ ගත කරලා නියඟ වසංගත කාලයක මහ රහතුන්වහන්සේලා දහස් ගණනින් දිවි පිදුවේ උන්වහන්සේලාගේ සීලයේ  සමාධියේ ගුණයේ අඩුවක් තිබ්බ නිසාද?

මොට්ටකම් වලටත් සීමාවක් තිබිය යුතුයි කියලා හිතෙන්නේ නැත්ද?

නැතහොත් සසර පුරාම වැනසී ගියාසේ මෙවරත් වැනසෙන්නේ මොට්ටකම නිසාමයි...

දැන්වත් විද බලන්නට තරම් නුවණ තියුණු කරගන්න... විදසුන් වඩන්න...

උපතින්ම මරණය උරුමකරගත්... ලෙඩවීමේ හැකියාව නම් වූ නිදන්ගත රෝගය උපතින්ම කයේ දරාගෙන සිටින... දුර්භික්ෂ වසංගත නොයෙක් ව්‍යසන වලට ලක්වෙමින් සොහොන් බිම් තර කරපු ඔබට මට තවත් අවස්ථාවක් ලැබිලා...

ඒත් ඒ අවස්ථාවෙත් පරණ පුරුදු මොට්ටමකම්මයි... 

දැන්වත් නිවැරදිව යථා දහම් දැකගත්තොත් නේද හොඳ?   

සත්‍යයට මුහුණ දෙන්න දැන්වත් විරියක් දැම්මොත් නේද හොඳ?

බුදු දහම යැයි පටලවාගෙන බෞද්ධයෙක් යැයි සිතාගෙන... බුදු දහම නොවූ අන්‍ය වූ දහමක් සරණ ගිය අන්‍ය ශාසනිකයෙක් නොවන්නට ප්‍රඥාවන්ත වන්න!

සැ.යු. මේ පණිවිඩය ඔබට මෙසේ ලැබෙන්නේද ඔබ තවමත් අති දුර්ලභ වූ වටිනා බුද්ධ ශාසනයක් සහිත කාලයක ජීවත් වන්නට තරම් භාග්‍යවන්තයෙක් වූ නිසාවෙන් බව තරයේ සිහිතබාගන්න!!!


Did SamBuddha know everything?


According to the Theravada tradition the Samma Sambuddha is omniscient in the sense that all knowable things are potentially accessible to him. When asked this question some says “Yes” some says “No, it can’t be”. So, I thought of sharing something with regards to this topic for those who are wise enough to observe the explained facts. Have a blessed time!

Well, for many people it seems hard to digest the answer “Yes” to the question of “Did Samma Sambuddha knew everything?”. Because they say it is not written anywhere. There are no conversations about dinosaurs nor world wars nor computers… etc… So, it’s obvious that many doesn’t believe the fact of “Samma Sambuddha knowing everything” or may be doesn't like to believe it! 

In pali canon it says; everything means eyes & forms, ears & sound, nose & smell, tongue & tastes, body & touches, mind & feelings / thoughts. So, some even argue based on this, that Samma Sambuddha only knew about these things and even we can achieve the title “omniscient” not only just a Samma Sambuddha. 

This is natural again, because normal human mind is trained to believe the facts they sense through their senses. So, for normal human mind who believes Samma Sambuddha also were a just another human being, can’t accept the fact of specialties the blessed one has. 

Ok, just think about your own self for a moment... 

How much do you know about things? Things you have experienced in past & present, and the knowledge about certain subject about world, science, history, biology etc… 
Now think how much from your knowledge you have shared with others? 
Think for a moment did anyone asked about everything you know?
Can you explain everything you know to others in a lifetime? 
How often people believe that you are knowledgeable and they can ask questions? 
Now if you are a person with some serious meditation experiences, compare how much you know about things around you than a regular being? 

So, it’s simple that pali canon can’t have everything Samma Sambuddha explained even as dhamma. Anyone who realized the depth of dhamma should surely understood that limiting his dhamma to few books is the most stupid thing one can do. 

But still, if someone is arguing it is everything that Samma Sambuddha explained in his life time… well there are enough facts for anyone with common sense to accept the fact that The Samma Sambuddha knew everything about everything from the beginning to end. 

The blessed one explained about how existence begins… blessed one explained about what kind of an attitude people will have in future which is already proven correct… blessed one explained about what will happen to the Buddhism & how it is going to vanish from the system… blessed one explained about the solar system… other universes… other universal beings… and in one occasion it is said that he even knew the count of drops a future rain can have… and the blessed one explained about all the realms including microorganisms… there are loads of facts that proves Samma Sambuddha knew everything about everything and if anyone said that there wasn’t any conversation about computers or dinosaurs in pali canon that means the blessed one doesn’t knew everything… well, I must say that’s pure ignorance which purely based one 5 senses. 

And also, there are 73 Supreme Knowledge and there 6 Supreme knowledge that only a Samma Sambuddha can possess. So, Let’s discuss about those things in another chapter. But for now, hope all these facts are reasonably argue for anyone with common sense to accept the fact that “Yes, The Samma Sambuddha knew everything about everything & not only that, a normal human mind can’t possess such a knowledge and for them it’s something quite impossible” 

So, my dear dhamma friends, before come to any conclusion know what deep & pure Buddhist teachings means and you will be able to know the blessed one through that wisdom! Have a blessed time! 



අප සැමට සර්වඥ විය හැකිද?


සටහනේ අන්තර්ගතය
මේ කාලේ අහම්බෙන් වගේ කියවන්න ලැබුන ලිපි කිහිපයකත්... අහම්බෙන් වගේ ස්වාමීන්වහන්සෙලාගෙන් අසන්නට ලැබුන බණ විග්‍රහ වලත් උතුම් සම්මා සම්බුදු පියාණන්වහන්සේලාගේ “සර්වඥතා ඥානය” හෙවත් “සියල්ල දත් නුවණ” ගැන එහෙමත් නැතිනම් සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙකුට පමණක් උරුම වන විශේෂිත ඥානය ගැන ඉතාමත් කණගාටුදායක අර්ථ දැක්වීම් අහන්නට දක්නට ලැබුනා. මෙවර කතු වැකිය වෙන් වන්නේ මෙකරුණ පිළිබඳවද විවෘතව නුවණින් විමසා බලා තීරණයක් ගැනීම උදෙසායි!!!

සර්වඥතා ඥානය හෙවත් සම්මා සම්බුදු පියවරුන් තුල තිබෙන “සියල්ල දක්නා නුවණ” කියලා කියන්නේ අප හැමෝටමත් ලබා ගත හැකි නුවණක් ලෙසින් තමයි මේ අසන්නට දකින්නට ලැබූ බොහෝ විග්‍රහයන් තුල දැකගන්නට හැකිවූයේ. එය සම්මා සම්බුද්ධත්වයට පමණක් උරුම දෙයක් නොවන බව තමයි ඒ ඇත්තන්ගේ අදහස. 

ඒකට හේතුව විදියට පෙන්වා දෙන්නේ ත්‍රිපිටක ධර්මයට අනුව සියල්ල යනු; ඇස, කණ, නාසය, දිව, කය, මන සහ ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන්නාවූ කාරණා බැවින් සර්වඥයි යනු මේ කියන සියල්ල ගැන ලබන අවබෝධය මිසක් අන් කවරක්වත් නොවන බවයි. එනම් සම්මා සම්බුදු පියාණන්වහන්සේලා විසින් සියල්ල අවබෝධ කල යුතුයි ලෙසින් ශ්‍රාවකයන්ට පවසන විට පෙන්වා දෙන්නේ මේ කියන්නාවූ සර්වඥතා ඥානය ලබාගන්නා ලෙසට බවයි පෙන්වා දෙන්නේ. එහෙත් යථාවත් දහම අවබෝධ නොකල මානසිකත්වයකට මේ කියන “සියල්ල” තුල ගෝචර වන්නේ තමන් දන්නා කියන දෘෂ්ඨීන්ට සාපේක්ෂව ලබන විග්‍රහයක් සහ අවබෝධයක් පමණයි. ඒ තුල මේ කියන “සියල්ල” තුල ඇති ගැඹුර දකිනවා තබා ලංවීමක් වත් නැති බව තේරුම් කරවන්නටද නොහැක්කකි. 

මෙතනදී මම උතුම් තථාගතයන්වහන්සේලා විසින් සර්වඥතා ඥානයන් ලබන්නට හේතු පාදක වන කරුණු පෙන්වා දෙන්නේ නෑ. ඒ වෙනුවට ඔබට විවෘතව නුවණින් විමසා බලන්නට හැකි යමක් පෙන්වා දෙන්නම්. 

මොහොතකට ඔබ, ඔබ ගැනම සිතන්න...
ඔබ කොතරම් දේවල් දන්නවද? නොයෙක් නොයෙක් විෂයන් ගැන ඔබගේ දැනුම කොතරම්ද? දැන් හිතන්න ඔබට ජීවිතයේ හමුවන පිරිස සමඟ හෝ ලැබෙන අවස්ථාවන් අනුව ඔබගේ දැනුම සියල්ලෙන් සියල්ල බෙදා ගන්නට හෝ අඩුම තරමේ ඔබ මෙතරම් දන්නවා යැයි අනුන්ට දනවන්නට හෝ අවස්ථාවක් ඔබට ලැබෙනවද?
යමෙක් ඔබෙන් පැනයක් ඇසූ කල ඒ අදාල පැනයට ඔබ දන්නා සියල්ලම පාහේ කියන්නටවත් ඔබට අවස්ථාවක් තිබෙනවද? ඔබ භාවනා ආදියෙන් මනස දියුණු කල කෙනෙක් නම් ඔබගේ දැනුම සහ සාමාන්‍ය පරිදි ජීවිතය ගත කරන කෙනෙකුගේ දැනුම සසඳන්න... උත්තරය මම දෙන්න අවශ්‍ය නෑ නේද?
නුවණින් විමසන්න... ඔබගේ ඔය දන්නා දැනුම බෙදාගන්නට හෝ ලියා තබන්නට හෝ අවස්ථාවක් නැති කල... ඔබගේ දැනුම ගැන ඔබ අවට සිටිනා පිරිසටවත් අදහසක් නැති කල ලොව පවතින සෑම විෂයක් සම්බන්ධයෙන්ම තතු සේ දැනගැනීමට පෙරුම් පුරාගෙන ආව සම්මා සම්බුදු කෙනෙකුගෙන් ඒ සෑම විෂයක් ගැනම ප්‍රශ්ණයක් අසන්නට පවා දන්නා අය සිටින්නට හැකියැයි ඔබට තවමත් සිතෙනවද? 

කොටින්ම ගිනි ගෙන දැවෙන ශ්‍රමණ පෙරේතයින් සිටින බව බුදු හිමියන් දැක තිබුණත් මුගලන් හිමි එය දැක ප්‍රකාශ කරන තුරු නොපවසා සිටියේ ඔබ සේම බුදු හිමියන් ඒ ගැන කිව්වත් විශ්වාස නොකරන පිරිසක් ලොව සිටින බවත් සියල්ල දන්නා නුවණින්ම දන්නා නිසාය. ඒ කරුණ එසේ වන කල ඩයිනෝසරයන්... පරිඝණක ආදිය ගැන මාතෘකා කතා කරන්නට තරම් උන්වහන්සේට අවශ්‍යතාවයක් ඇති වේ යැයි සිතීමද අනුවණකමක්මය.

ත්‍රිපිටකය නමින් වූ පොත් පනස් ගාණක සාරාංශගතව ඇති ධර්මය විතරයි සම්මා සම්බුදු කෙනෙක් පවසන්නේ එයින් තොරව යමක් පවසා නොමැත කියා යමෙක් දෘෂ්ටිගතව මතයක් දරනවා නම් ඒ තැනැත්තා තවමත් ධර්මය හෝ ධර්මය තුලින් බුදුන් කවරෙක්දැයි අවබෝධයක් ලබා නැති බව මම නිතරම පෙන්වා දෙන කාරණයක්. ත්‍රිපිටක ධර්මය තුල ඩයිනෝසරයන්ගේ යුගය ගැන හෝ පරිඝණක සහිත තාක්ෂණික යුගයක් ගැන නොකියැවෙන නිසා බුදු හිමියන් ඒ බව පවසා නැතැයි සිතනවා නම් එයට වඩා බුදු දහම ලඝු කිරීමක් තවත් නැත. 

එහෙත් තවමත් කෙනෙකුට හිතුනොත් “ත්‍රිපිටකය තුලින්ම බුදු හිමියන් සියල්ල දත් උත්තමයෙක් බව පෙන්වන්න” යැයි කියා මම මෙසේ කියන්නම්...

ත්‍රිපිටක ධර්මය තුල ගැබ්වෙනවා බුදු හිමියන් විසින් ලෝකාරම්භය පෙන්වා දෙන ආකාරය... ඒ වගේම ලෝකඅවසානය සිදුවන ආකාරය පෙන්වා දෙන ආකාරය... ඒ වගේම අනාගතයේ මිනිසුන් දරන ආකල්ප සහ සමාජ හැසිරීම ගැන... ඒ වගේම ශාසනය අතුරුදහන් වන ආකාරය සහ කරන්නවුන් පිළිබඳ දීර්ඝ විග්‍රහ කිරීම්... ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලය සහ විශ්වය ගැනත් තවම විද්‍යාඥයින්ට ලංවෙන්න තබා හිතාගන්නවත් නොහැකි අනෙකුත් විශ්වයන් සහ පිටසක්වළ ලෝක පිළිබඳව විග්‍රහ කිරීම්... ඒ වගේම සාමාන්‍ය මිනිස් ඇසට දැකිය නොහැකි ජීවින් වෙසෙන ලෝක වර්ග 31ක් ගැන... ඒ වගේමයි ක්ෂුද්‍ර ජීවීන් ගේ පටන්ගෙන සෑම ජීවියෙකුගේම පැවැත්මට හේතුවන මූල කාරණා...

ඉතින් ලෝකයේ ආරම්භය පටන්ගෙන අවසානය දක්වාත් ඒ අතරතුර සමාජරටාවත් තම ඥානයෙන් දුටු සියල්ල දත් උතුමන්ට තවමත් පරිඝණක හෝ ඩයිනෝසරයන් හෝ ඒවා කිව්වේ නැති බව කියමින් තර්ක කරන ඔබ ගැන හෝ පොතේ නැති නිසා සම්මා සම්බුදු පියවරුන් සර්වඥ නොවේ යැයි තර්ක කරනවා නම් ඔබට තවමත් සම්මා සම්බුද්ධ විෂය අංශු මාත්‍ර තරමින්වත් ගෝචර වන්නෙක් නොවේ.

ඒත් කිව යුතුම දෙයක්ද ඇත... මෙසේ තර්ක කරන ඔබ ගැනද බුදු හිමියන් පවසා තිබීම සැබැවින්ම ආශ්චර්යමත්ය. මෙවැනි තර්ක ගෙන හැර දක්වන්නෝ ගැන පමණක් නොවන එවැනි තර්ක ඇතිවන්නේ කුමන හේතුවක් නිසාවෙන්ද යන බවත් හේතු ඇතිවම පෙන්වා දී ඇත. එහෙත් එය තෝරාගන්නට හැකියාවක් නොමැති වීම ගැනද පෙන්වා ඇත.

ඉතින් මෙයටත් අමතරව පොතේ තිබූ නිසාවෙන් පමණක් පිළිගන්න ඔබට දැනගැනීමට සම්මා සම්බුදු කෙනෙකුට පමණක් උරුම සුවිශේෂිත සර්වඥතා ඥාන 6ක් ගැන කියැවෙනවා.

සම්බුද්ධ විෂය යනු සමාන්‍ය කෙලෙස් සහගත මානසිකත්වයක තෝරාගන්නවා පවා හිතාගන්නටවත් නොහැකි තත්වයකි. රහත්ඵලය යන ශ්‍රාවක බුද්ධ විෂයද එසේමය. කෙලෙස් දුරු කරන තරමින් මේ ශ්‍රාවක බුද්ධ කියන විෂයට ලං වුවද සම්මා සම්බුද්ධ විෂය විනිවිද දැකගන්නට හැකිවන්නේම තවත් සම්මා සම්බුද්ධත්වයට පත්වූ මානසිකත්වයකටම පමණි. 

මෙතනදි මේ වගේ අදහස් මත දැරීමේ අනතුර තමයි මේ අදහස දරන හැම මොහොතකම මේ පුද්ගලයා උතුම් සම්මා සම්බුද්ධ රත්නයේ ගුණයන්ගෙන් ඈතට යනවා. සම්මා සම්බුදු පියවරුන්ගේ විශේෂත්වයක් නොමැති බවට හැඟීමක් ඇතිවෙනවා. අපටද ඒ තත්වයට පත්වීම කජු කනවා ගේ පහසු වැඩක් ලෙසින් තමයි හැඟෙන්නේ. කජු කෑම කොතරම් අපහසුද කියලා නුවණින් අත්දැකීමෙන් ඒ වැඩපිලිවෙල අත්දැක්කෝ දනිති. එසේ නම් තම තමන් දරන මෙවැනි මත නිසාවෙන් උතුම් තෙරුවණද ලඝු වෙමින් තව තවත් නිවන් මාර්ගයෙන් ඈත් වෙනවා මිස සිදුවන යහපතක් නොවන බව තේරුම් ගැනීමට ප්‍රඥාවන්ත විය යුතුයි.

පොත පතේ ඇති දෙයින් පමණක් යමෙක් සම්බුදු බණ දකිනවා නම් එතැන මහා අනතුරක් මිස ලැබිය හැකි නිවන් මඟක් නොවන බවද සිහි තබා ගැනීම තම තමන්ටම කරගන්නා යහපතකි! විශ්වාසයෙන් පිළිගැනීමට හෝ තර්ක වාද මත දැනුමට ගැලපෙන නිසාවෙන් පිළිගන්නා දහමක් නොවන යථා දහම ප්‍රඥාවෙන් දැකගන්නට දැකගෙන විමුක්තිය ලැබගන්නට තෙරුවණේ ආශිර්වාදය අඛණ්ඩව ලැබේවා!!!

Friday, April 10, 2020

මෙකල සිර වූ ඔබ සේම...


බොහෝ අයට අමතක... බොහෝ අය සිතන්නටවත් අකමැති... එහෙත් මේ කාලේ ඔබ වාගේම තැනකට හිරවෙලා අඩුපාඩුකම් ඉවසගෙන ඉන්න... ඔබට නොපෙනුන... තවත් පිරිසක් ගැන සිහිපත් කරන්නට මෙසේ සටහන් තබමි...!!! 

කෑම බීම අඩුපාඩු සහිතව... 
කොහේටවත් යාගන්නත් ඒගන්නත් බැරිව... 
ගේ ඇතුලටම හිර වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන මේ වෙලාවේ... 
දන්න කියන කෙනෙක්... නන්නාදුනන කෙනෙක්... 
ඥාතියෙක් හිත මිත්‍රාදියෙක්... 
මේ කව්රු හරි විසින්... 
ඔබට ආහාර පාන සහිත... අලුත් ඇඳුම් සහිත... 
අවශ්‍යතා අඩුපාඩුවක් නැතිව තිබෙන...
සහන බඩු මල්ලක් එවනවා... 
සමහර වෙලාවට තමන්ම දාපූ ඉල්ලුමකට අනුව... 
කඩයකින් බඩු මල්ලක් ගේනවා වෙන්නත් පුළුවන්... 
ඒ අවස්ථාව මොකක් වුණත් අවශ්‍යතාවය ඉටු වෙනකොට... 
ඔබට දැනෙන සතුට කොහොමද? 
ඒ හැඟීම ගැන මොහොතකට හිත යොමු කරන්න... 

කලාද? හොඳයි!!! 
ඇයි දන්නවද? 

මේ සසර පුරාවට... 
අපට හිතවත්කම් කිව්ව... ඥාතිකම් පෑව... 
අපට නොයෙක් අයුරින් හමුවී අපත් සමඟ සම්බන්ධකම් පෑව... 
මියගිය ඥාති හිතමිත්‍රාදීන්... 
දැන් දුගතියකට... අසරණ අත් භවයකට පත්වෙලා නම්... 
ඒ පිරිස... මේ මොහොතෙත්... 
එදත්... අදත්... කවදත්... 
තම තමන් ඉන්න ඉන්න තැන් වල හිර වෙලා... 
කාගෙන්වත් පිළිසරණක් නැතිව... 
පින් පොදක් බලාගෙන... 
අපිව දන්න කියන පිරිසටවත්... 
අනේ අපිව මතක් වෙයිදෝ යැයි සිතමින්... 
තමන්ගේ අවශ්‍යතාවයන් කව්රුන් හෝ ඉටු කරාවි... 
යන බලාපොරොත්තුවෙන් අසරණ වෙලා... 
ඔවුන්ගේ සහන මල්ල එනකම්...
බලාගෙන ඉන්නෙත් ඔන්න දැන් ඔය, 
ඔබ ඉන්නවා වගේම තමයි... 
දැන් ටිකක් හිතන්න... 
සමාජයේ ගරු කටයුතු අය කියන නිසා හෝ වේවා... 
කව්රුන් හෝ කෙනෙක් ගත්ත තීරණයක් නිසා හෝ වේවා... 
සමාජයේ පැතිර යන මතයක් නිසාවෙන් හෝ වේවා... 
ඔබේ සහන මල්ලට බාධාවක් එනවා... 
සහන මල්ලක් ලබන්නට තරම් ඔබට සුදුසුකම් නෑ කියනවා... 
ඔබම ඉල්ලුම් කල ඔබේ බඩු මල්ල කිවූ දිනයට නොදී, 
තවත් කාලෙකට පස්සේ ලබා දෙනවා කියනවා... 
ඔබ ගැන... ඔබේ අවශ්‍යතාවයන් ගැන... 
හොයා බලන්න අවශ්‍ය නෑ කියනවා... 
ඔබට දැනෙන දුක... අසහනය... කම්පනය.. වේදනාව කොහොමද? 
ඒ හැඟීම ගැන මොහොතකට හිත යොමු කරන්න... 
දැන් ඉතින් නුවණින් හිතන්න... 
දවස් 7කින්... මාස 3කින්... 
ලැබෙන්න තියෙන පින් ටික නොදී... 
දවස මාරු කරනකොට... 
නැත්නම් නොදීම ඉන්නකොට... 
පින් ලබන්න සුදුස්සෝ නොවේ යැයි ප්‍රතික්ෂේප වෙනකොට... 
ඉන්නවද නැත්ද කව්ද දන්නේ... 
ඔය පින් දෙන වැඩේ කරන්න හොඳ නෑ... 
නොයෙක් අය කියන මේ වගේ මත වල හිරවෙලා... 
දුගති අත්බැවයක හිරවෙලා අසරණව ඉන්න... 
කවදා හෝ සසරේ හොඳින් හෝ නරකින් හාදකම් පෑව... 
තමන්ගේ සහන මල්ල ලැබෙන තෙක් බලාගෙන සිටින...
ඒ අන්ත අසරණ නොපෙනෙන ජීවි කොටසට... 
අද පටන්ගෙන ඔබ කෙසේ සැලකිය යුතුද? 

කව්රුවත් කියන නිසා හෝ පොතේ පතේ තියෙන නිසා නොව තමන්ව උපමා කොට නුවණින් දැක යහපතේ නිරත වන්නට තරම් නුවණැත්තෙක් වෙන්න!!! 

එවං දදන්ති ඤාතීනං, යෙ හොන්ති අනුකම්පකා; 
සුචිං පණීතං කාලෙන, කප්පියං පානභොජනං; 
ඉදං වො ඤාතීනං හොතු, සුඛිතා හොන්තු ඤාතයො. 
“යම් කෙනෙක් ඒ ප්‍රේත නෑයන්ට අනුකම්පා කරන්නෝ වෙත්ද, ඔව්හු ශුද්ධවූ ප්‍රණීතවූ කැපවූ ආහාර පාන වර්ග සුදුසු කාලයෙහි මෙසේ පමුණවත්. “මේ පින නෑයනට වේවා. නෑයෝ සුවපත් වෙත්වා කියා’යි. 
තෙ ච තත්ථ සමාගන්ත්වා, ඤාතිපෙතා සමාගතා; 
පහූතෙ අන්නපානම්හි, සක්කච්චං අනුමොදරෙ. 
ඒ ඤාති ප්‍රේතයෝද එතැන්හි අවුත් එක්රැස්වූවාහු. ඒ බොහෝ ආහාර පාන තමන් උදෙසා දෙන කල ඒ සකසා අනුමෝදන් කොට ගණිත්. 
“යම් කෙනෙකුන් නිසා (පින් අනුමෝදන් කළ) මෙ කෙණෙහි සම්පත් ලබමෝ ද, ඒ අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා. ඔවුන් විසින් දන් දී පින් පැමිණවීම් වශයෙන් අපට ද පූජා කරන ලදී” යී ද තුති කෙරෙත්. ඒ දන් දුන් දායකයෝ ද ඵල රහිතයෝ නො වෙති. 

සූත්‍ර පිටකය - ඛුද්දක නිකාය - ඛුද්දක පාඨ පාළිය - 7. තිරොකුඞ්ඩ සූත්‍රය

පෙනෙන, ඇසෙන, දැනෙන, විඳින දේ ඉක්මවා නුවණින් දකින්න... දැකගෙන සැනසෙන්න... සසර සුවපත්භාවයම ලබන්න!!!