නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Saturday, August 28, 2021

ඔබව සොයා ගන්න... වරදින්නේ නෑ!

 

උදේ ඉඳන් රෑ වෙන කම් කන්න‌ දෙයක් ‌හොයා ගන්න ඕන... බොන්න දෙයක් හොයා ගන්න ඕන... සහකාරයෙක් සහකාරියක් සොයා ගන්න ඕන... දරුවන් හදා ගන්න ඕන... දරුවන් පෝෂණය කරන්න ඕන... කොහොම හරි රැකෙන්න ඕන... තව කෙනෙක් ම මරා ගෙන හරි කමක් නෑ තමන්ගේ යැයි සම්මත පිරිස රැක ගන්න ඕන... මේ විදියට සතුන් පවා කරන... සතුන්ටත් කල හැකි ඉතාමත් සරලම මූලික වැඩපිළිවෙලක ට හිත යොමු කරලා... කරලා... තමන් මනුස්සයෙක් බව බහුතරයකට අමතක වෙමින් පවතිනවා.  මනුස්ස ගුණ ධර්ම අමතක වෙමින් පවතිනවා.  ඉතින් මේ හැමදේම නිසා අවසානයේ “යහපත” නමින් තමන් අමාරුවේ වැටෙන ක්‍රමයක් ගැන සිහිපත් කර දීම අංශු මාත්‍ර හෝ නුවණක් ඇති මිනිසුන්ට වැදගත් වේවි යැයි සිතන කාරණයක් සිහිපත් කර දෙන්නට සිත් විය!

මුලින් ම මේ දවස් වල ඔබේ සිත වැඩ කරන විදිය පොඩ්ඩක් බලන්න. ඔබ වෛරයෙන් ඉන්න බවක් දැනෙනවා ද?  රටේ පාලකයෝ ගැන... රටේ අනෙක් ජනතාව ගැන... ලෙඩ්ඩු ගැන... වෙද්දු ගැන... අනාවැකි කරුවන් ගැන... මොන ම කාරණයක් නිසා හෝ ඔබේ සිතේ ඇති තරහ... වෛරී සිතිවිලි ගැන බලන්න. ලෙඩ වීම... මරණය... වෙනස් වීම වැනි අතිශයින් ම සාමාන්‍ය, ඉපදුනා නම් අනිවාර්යයෙන් උපන්දින තෑගි සේ ලැබෙන මේ ධර්මතාවය බාර ගන්නට අකමැති නිසාම පුදුමාකාර වෙහෙසකින්... අසහනයකින්... වෛරයකින් පසු වෙනවා නේද?

මේ අස්සේ යම් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක නිරත වෙලා යම් යම් පිරිස් විසින් තම තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරන්න... සත්පුරුෂ ගුණ දහම් වඩන්න... යහපත් වෙන්න කියලා කියනවා.  එහෙම කර ගත්තොත් මේ ව්‍යසන වලින් ගැලවෙන්නට පුළුවන් කියලා කියනවා.  ස්වභාව දහම සමඟ එකතු වෙන්න... එයට අනුගත වෙන්න එතකොට මේ ව්‍යසන වලින් ගැලවෙන්නට පුළුවන් කියලා මේ රෝගය සමඟ... මේ ක්‍රමවේදය සමඟ... මේ පාලක පාර්ශවයන් ඇතුළු අනෙකුත් බලවේග සමඟ සටන් කරන්නට හැකි යම් යම් ක්‍රම වේද පෙන්වා දෙනවා.  ඒ මදිවට ඉතින් ඒ දේවල් වලට බුදු දහම කියන නමත් භාවිතා කරනවා. නො දැනුවත් කම සැම විටම මහා අනතුරකට ම පත් කරනවා.  දැනුවත් වෙන්නට ඇති අකමැත්ත එයටත් වඩා අනතුරකට පත් කරනවා.

වෙළඳාම් කරන වෙළඳ පොළ කියන්නේ ඉතින් ඝෝෂාව... මාළු වෙළඳාම ගත්තත්... සද්ද බද්ද නැතිව වෙනවා කියලා හිතන කොටස් වෙළඳ පොල කටයුතු කරන තැන ගත්තත්... ඝෝෂාව.  ඉතින් මේ වගේ තමයි මේ වන විට ආධ්‍යාත්මය දියුණු කිරීම... සත්පුරුෂ දහම් වැඩීම... සොබා දහම සමඟ එකතු වීම කියන කාරණා වෙළෙඳ පොලක් හා සමාන වෙලා... අනාවැකි “ඝෝෂාව”... අයිතිවාසිකම් ලබා ගැනීමේ “ඝෝෂාව”... පෙර අපරදිග වෙදකම් “ඝෝෂාව”... වරද කාගෙදැයි සෙවීමේ “ඝෝෂාව”... දැන් ඉතින් අංශු මාත්‍ර හෝ නුවණක් වේ නම්, ඒ නුවණ පවා මේ වෙළඳ පොළ “ඝෝෂාව” අස්සේ සැඟවිලා ගිහින්. 

වෛරය තරහ දුක අසහනය බිය ආදී තිරිසන් ගති ස්වභාවයන් ම මතු වෙමින්, ඒවාම වර්ධනය වෙමින් සත්තුත් කර ගන්නා පොර කාලා හෝ තමන්ගේ දේ රැක ගන්න තැනට ම පත් වෙලා. පත් වෙමින් පවතිනවා...  හේතුවට අනුව ඵලය ලෙසින් තව තවත් කායික රෝග තත්වයන් උදෙසා ම එක එක වර්ගයෙන් රෝග ප්‍රභේද... වෛරස් ප්‍රභේද සකස් වෙමින් ලැබෙනවා. 

ඉතින් නුවණැති මිනිසුනේ... මඳකට නවතින්න... තමන් මනුස්ස ගුණ ධර්ම සමඟ ඉපදුන මිනිස්සු බව සිහිපත් කර ගන්න.  මේ වෙළඳ පොළ “ඝෝෂාව” න් අතර අතරමං වෙන්නේ නැතිව තමන් කියන කරන සිතන වැඩපිළිවෙලට මොහොතක් සිත යොමු කරන්න.  සොබා දහමට අනුගත වෙනවා කියන්නේ ගස් වැල් වනාන්තර සත්තු එක්ක ඒවාට ආදරය කරමින් ඉන්න පුරුදු වෙනවා කියන එක නෙවේ.  තමන්ගේ ධර්මතාවය හඳුනා ගන්න... ස්වභාවය හඳුනා ගන්න... ලෙඩ වීම, මරණය, වෙනස් වීම කියන ස්වකීය ධර්මතාවය හඳුනා ගන්න. එයට අනුගත වෙන්න.  එය භාර ගන්නට හැකි සිතක් සකසා ගන්න. 

සත්පුරුෂ වෙන්න රැකෙන්න පුළුවන්... ව්‍යසන වලින් රැකෙනවා ගුණ දහම් වඩන්න ඉදිරියේ දී වෙන අනතුරු වලින් ආරක්ෂා වෙන්න පුළුවන් කියමින් බුදු දහම නාමයෙන් මේ වන විට මේ ආධ්‍යාත්මික වෙළඳාම සිද්ධ වෙනවා.  තමන් කරන්නට යන මේ වෙළඳ ගනුදෙනුව තේරුම් ගන්න.  අවබෝධ කර ගන්න. 

දැන් මේ ඔබ සත්පුරුෂ වෙන්න හදන්නේ ඇත්තටම සත්පුරුෂ වෙන්න ඕන නිසා ද නැත්නම් ව්‍යසන වලින් රැකෙන්න ද?  පින් කමක් කරන්නේ... කෙනෙකුට යමක් දෙන්නේ... යහපත් වචන කතා කරන්නේ... මෛත්‍රිය වඩනවා කියලා වැඩපිළිවෙළක් කරන්නේ... නිර්මාංශ වෙන්නේ... සොබා දහමට අනුගත වෙනවා කියලා ගස් වැල් සත්තු වෙනුවෙන් සටන් වදින්නේ... එහි අසිරිය විඳ ගනිමින් එක එක භාවනා යෝග ක්‍රම කරන්නේ... මොකක්ද මේවායේ අරමුණ?  ඇතුලාන්ත ය බලන්න මිනිසුනේ... තමන්ට අවංකව වන්න තමන් තුල වැඩ කරන මේ වංචාව හසු වේවි.  සත්පුරුෂ ගුණ ධර්ම වැඩීම.. ධාර්මික වීම තවත් එක් වෙළඳ ගනුදෙනුවක් පමණක් බව එතකොට හමු වේවි!  හොඳින් හෝ නරකින් තමන්ගේ පැවැත්ම පිණිස මහා පොරයක.  මහා පරිමාණයෙන් මෙන්ම මේ වැඩපිළිවෙල තුල අති සියුම් ව පවා නැවත වර්ධනය වෙන්නේ වෛරය අසහනය ම තමයි.

හරියට බැලුවොත් එය ඔබට මේ ක්‍රම වේද පවසා දෙන පිරිස අතර දැක ගන්නට හැකි වේවි.  අනාවැකි කියන්නෝ... ආධ්‍යාත්මික වැඩපිළිවෙළ කියන්නෝ... පෙර අපර දිග වෙදකම් කියන්නෝ... මේ විසඳුම් ලබා දෙනවා යැයි පවසන බහුතරය තවත් පිරිසක් සමඟ මහා වෛරයකින්... තමන්ගේ ක්‍රම වේද අනුගමනය නො කිරීම ගැන අසහනයකින්.  ඒ අනුව යන ඔබත් එසේමයි. 

ඉතින් ඒ හැමදෙනාටම ත් ඔබටත් තමන් මිනිස් ගුණ ධර්ම සමඟ ඉපදුන මිනිසුන් බව සිහිපත් කර ගන්නට පමණයි තියෙන්නේ.  ඔබ යමක් කියන කරන සිතන විට නැවත යමක් බලාපොරොත්තු නොවී සිදු කරන්න.  එය ඔබට අපහසු නෑ.  සත්තු කරන වැඩපිළිවෙළට බැස ගත්ත නිසා මුල අමතක වෙලා පමණයි. 

ලෙඩ වීම, මරණය, වෙනස් වීම කියන සෑම ඉපදීමක් සමඟ ම උපන් උරුමය වන සොබා දහමට අනුගත වෙන්න.  එය භාර ගන්න. ජීවත් ව ඉන්න ලැබෙන්නේ තත්පරයයි නම් ඒ තත්පරය අවංකව ම නැවත යමක් බලාපොරොත්තු නොවී ක්‍රියාත්මක කරන්න.  සත්පුරුෂයා යනු එවන් සත් දහමක් දරන්නෙක්.  තමන්ගේ වාසිය පිණිස යහපත් දේවල් කරන කෙනෙක් නෙවේ.  

ඔබ කැමති ද යම් වාසියක් ලාභයක් පිණිස ඔබව ඇසුරු කරන පිරිස ඇසුරු කරන්න? නෑ නේද? එහෙනම් ඔබ වගේම තමයි අනෙක් පාර්ශවයත්.  තමන් උපමා කර දකින්න! ඔබට වරදින්නේ නෑ!

සුවදායක සැනසීමෙන් යුතු ජීවිතයක්... සතුටෙන් සැනසීමෙන් නිදහසේ ලබන්නට හැකි මරණයක්... මරණින් මතු ඔබ විශ්වාස කලත් නැතත් යහපත ම ගෙන දෙන උපතක්... මේ සියල්ල තුලින් මේ පොරයෙන් නිදහස් වීමට විමුක්ත වීමට හැකි දහමක් ලැබීමට ඇතිවෙන කුසලතාවය ක් දියුණු වීම ආදී දේ  ඔබට ලැබෙන තෑගි මිස ඔබ හඹා යා යුතු දේවල් නොවේ.

ඔබ මනුස්සයෙක්!  “ඝෝෂාව” අතර අතරමං වූ මනුස්සයෙක්... පැවැත්ම පිණිස පොර කන්නට ගිහින් තිරිසන් සතුන් බවට පත් වෙමින් සිටින මනුස්සයෙක්...    නැවතත් ඒ බව සිහියෙන් යුතුව සිහිපත් කර ගන්න! වෙළඳ පොළ ඝෝෂාව අතර අතරමං වූ ඔබව සොයා ගන්න!  ඔබ උපන් මනුස්ස ගුණ ධර්ම මතු කර ගන්න!  ඔබට වරදින්නේ නෑ!!! වරදින්න හේතු නෑ!!!

තවත් දහම් ඇසුරු කරන්නට නිර්වාණ ධර්ම වෙබ් අඩවියට පිවිසෙන්න

Sunday, August 1, 2021

සිතේ කැළල් පරීක්ෂණය

 
සටහනේ අන්තර්ගතය

කණ්ඩියකින් මූණ බලලා මූණේ පිරිසිදු නිකැළැල් බව දැකලා සතුටු වෙනවා වගේ සිත ගැන නිරන්තරයෙන් පරීක්ෂා කරලා කුසලතාවය ගැන සතුටු විය යුතුයි කියලා අපේ උතුම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් දුන්න අවවාදය ගැන අපි පසුගිය කතුවැකිය තුලින් විග්‍රහ කර ගත්තා මතකයි නේ නේද?

පිරිහෙන දහම නො දරන පුද්ගලයෙක් කියන්නේ කව්දකැළල් වලින්... කිලිටි වලින් තොර වූ සිතක් කියන්නේ මොකක්දඋතුම් සත්ධර්මය දරනවා කියන්නේ මොකක්දසතුටු විය හැකි කුසලතාවය කුමක් දඅන්න ඒ දේවල් දැන අවබෝධ කර ගන්නට හැකි වෙන්නේ මෙන්න මේ පරීක්ෂණය ඔබ තුල නිරන්තරයෙන් සිදු වුනොත් පමණයි!

  1. මම දැඩි ලෝභයෙන් ආශාවෙන් තොර වූ සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම් අවබෝධයි දඅවබෝධ වී නැත්ද?
  2. මම දුකට පත්... අසහනයට පත්... ගැටීමට පත්... ආදී විපතට පත් වූ ව්‍යාපාදයෙන් තොර වූ සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම් අවබෝධයි දඅවබෝධ වී නැත්ද?
  3. ධර්මයේ හැසිරීමට අලස බවින් මැලි බවින් යුතු දුර්වල බවින් තොර සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?
  4. උඩඟු... උද්ධච්ච... බවින් තොර සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?
  5. බුද්ධා දී තෙරුවන කෙරෙහි වූ සැක සංකා වෙන් තොර සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?
  6. කිපෙන සුළු සිතින් තොර ව තොර සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?
  7. කිලිටි කෙලෙස් වලින් තොර සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?
  8. අධ්‍යාත්මයෙහි දහම් ප්‍රමෝදය ලබනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?
  9. අධ්‍යාත්මයෙහි චිත්ත සමථය ලබනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?
  10. අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව ලබන වා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?

ලෞකික වශයෙන් වේවා ලෝකෝත්තර වශයෙන් හෝ වේවා පිරිහීමට පත් නොවී අභිවෘද්ධිය ම ලබමින් සසර සුවපත් වන්නට මෙන්න මේ පරීක්ෂණය ඔබ තුල නිරන්තරයෙන් සිදු විය යුතු මයි.

මේ පරීක්ෂණයේ දී ඔබට මේ ඉහත දහම් ඔබ තුල නැති බව දැනුනොත්... එකක් හෝ නැති බව දැනුනොත් ඔබ ඉතාමත් ඕනෑ කමින්... මහා උත්සාහයක් විරියක් දරලා සතියෙන් සිහියෙන් යුතුව අප්‍රමාදී ව පසුබැසීමකින් තොර ව  ඒ අඩුපාඩු සකසා ගන්නට කැප විය යුතුයි කියලා පෙන්වා දෙනවා. 

හරියට තමන්ගේ හිස හෝ වේවා ඇඳ ගෙන ඉන්න ඇඳුම් හෝ වේවා ගිනි ගත්තොත් ඒ ගින්න හැකි ඉක්මනින් නිවන්නට ඉතාමත් වෙහෙස වෙලා උනන්දුවෙන් කටයුතු කරනවා හා සමානව කැප විය යුතුයි කියලා පෙන්නලා දෙනවා. අන්න එවිට නම් ඔබට නිවන බොහෝ දුර වෙන්නෙ නැති බව අවබෝධ කර ගත යුතුයි!

අනුන්ගේ දේවල් පරීක්ෂා කරමින් කාලය නාස්ති කර ගන්නේ නැතිව තමන්ගේ පරීක්ෂණය සිදු කර ගන්න... මූණ... ඇඟ පිරිසිදුව ලස්සනට තියා ගන්න කැප වෙනවා වගේම සිත පිරිසිදුව ලස්සනට තියා ගන්න කැප වෙන්න!

ඔබ වෙහෙස වෙලා ලස්සන කර ගත්ත කය තාවකාලිකයි... මම කියන්න ඕන නෑනේ ඒ ගැන නේදඑහෙත් ලස්සන කර ගත්ත සිතක් ඔබට සසර සුවපත් භාවය ම ගෙන දෙනවා!  ඒ ගැන නිති සිහියෙන් කටයුතු කර ගන්නට කැප වෙන්න!  ඔබට තෙරුවන් ම සරණයි!!!

 නිර්වාණ ධර්ම වෙබ් අඩවියේ සියලුම කතු වැකි කියවන්න මෙතැනින් යොමු වෙන්න! 

Stained Mind or Not

 

Article summary

Last time we talked about how we can obtain a pretty face with a beautiful mind. We talked about what are the facts which makes one to becomes a “person liable to decline”. And in this let’s find out what are the facts which cause to have a skilled & beautiful mind.

Last time we discussed how we concern of a pretty & clean face with no dirt or any stains.  We check our outer appearance all the time and we maintain it nicely because we do care for ourselves. 

But my dear human beings, having a beautiful & well maintained out appearance is not enough at all.  A beautiful mind is YOU.  It reflects who you are as a person.  No matter how prettier or handsome you are if you have an unskilled mind filled with dirt.     So, you better work out on your inner beauty too.

So, let’s see what are the given points by the blessed one for this work out. 

You should check your mind daily for these facts; what are they?

1.        Am I content? Is contentment often found in me or not? Do I know the path to be content?

2.       Am I in the destructive path? Am I having an agitated mind?  Do I know the path which leads not to have an agitated mind?

3.       Am I lazy to find out about the never heard dhamma before? Is dullness and drowsiness often found in me or not? Do I know the teachings to be free from laziness, dullness & drowsiness?

4.       Am I a calm being? How my attitude & ego works?  Do I know the path to get rid of ego?

5.       Am I doubtful & suspect about the noble beings & the teachings they shared? Do I know those teachings?

6.       Am I kind? How hateful I am?  How my heart is filled with anger?  Do I know the path of get rid from the anger?

7.       Is purity of mind often found in me or not? Am I filled with defilements?  Do I know the path to purify mind?

8.       Is internal joy with the teaching found in me or not?

9.       Is internal serenity of heart found in me or not?

10. Is the higher wisdom of contemplating the true nature found in me or not? Do I know that teaching?

Suppose while you are checking you don’t see any of these skillful qualities in yourself.  Or suppose even a single skill is missing.  

In order to get them you should make more effort.  You have to be enthusiastic like you have to care for your outer appearance.   Your passion for this, vigor, perseverance, mindfulness, and awareness will make you a skillful person.

Suppose your clothes or head were on fire. In order to extinguish it, you’d apply outstanding enthusiasm, effort, vigor, perseverance, mindfulness, and awareness. In the same way, you should apply outstanding enthusiasm to get those skillful qualities.

To be content, to not be agitated and relaxed, be enthusiastic, to be humble & calm, to be confident upon noble ones & path, to be kind & compassionate, having a pure heart filled with joy of practicing the noble dhamma & wise contemplating.  You definitely become a more beautiful human being with all these skills. 

When you have all these skillful qualities you can end the defilements and become a truly blessed being with the joy of a pure heart!  So, work on these beautiful humans.  Have a skilled mind!

 Read All the EDITORIALS of www.nirvanadhamma.com