නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, December 26, 2016

Nirvana Dhamma Relaunched!


The New Improved "Nirvana Dhamma" to heal more Hearts. Something for everyone!

1.01 - Editorials | දම් ලිපිය
This is a collection of articles about many things from a Buddhist point of view. 
බෞද්ධයෙකුගේ ඇසින් දකින ලෝකය විග්‍රහ වන ලිපි එකතුවකි.

0.20 – Path to Liberation | විමුක්තිය පිණිස
Everything You need to know about your liberation!
නිවීම පිණිස දත යුතු සියල්ල කැටිවන කොටසකි!
This is for the beginners.  If you are newcomer this is where you should start!  
දහමට අලුත් නම් දහම් මඟට පිවිසෙන ඔබ විසින් විමර්ශණය කල යුතු සියලු වැදගත් දෑ එකතුවන කොටසකි!

2.03 – Opening the Door | සිත දකිමු
This is for those who know what to know as Dhamma - the Real Buddhism!
සැබෑ පිවිතුරු බුදු දහම ලෙසින් හඳුනාගත යුතු පෙර නොඇසූ විරූ දහම ගොනු වන කොටසකි.

2.04 – Wisdom Tour | ප්‍රඥාවෙන් විරියට
This is all about Meditation.  
භාවනාව සම්බන්ධයෙන් දත යුතු සියල්ල කැටි වන කොටසකි!

2.05 – Wise Disciples | ප්‍රඥාවන්ත විමර්ශකයා
Some supportive dhamma for the one who practice to accelerate the path of liberation
නිවන මඟට පිවිසි ආර්ය ශ්‍රාවකයන්ට අප්‍රමාදීත්වය පිණිස උපකාර වන බොහෝ දෑ ගොනු වන කොටසකි!

2.06 – More than a Rule | විනයට මඟ
Everything you should know about Rules in Buddhism
බුදු දහමේ විනය සම්බන්ධයෙන් දත යුතු වැදගත් සියලුදෑ ගොනු වන කොටසකි!

2.07 – Dangerous Existence | සසරක අනතුර
What you should know about the existence
සසර අනතුර පැවැත්ම සම්බන්ධයෙන් දත යුතු බොහෝ කරුණු කැටි වන කොටසකි!

2.08 – Life Style | සතුටෙන් දිවි ගෙවමු
For those who doesn't want to liberate but need to live a peaceful life
තවමත් නිවනක් නොපතන එහෙත් සාමකාමී දිවියක් ගත කරන්නට කැමති සතහට අරුත්බර දිවියක් උදෙසා යම් යම් දේ කැටිවන කොටසකි!

2.09 – Juniors | නැණවත් පුංචෝ
For kids & the Teen 
පුංචි දරුවන්ට හැදෙන දරුවන්ට දහම් පණිවිඩ

2.10 – Youth & Freedom | නිදහස් තාරුණ්‍යය
For young people
තරුණ සිත් වලට කතා කරන සත්ධර්මය

2.11 – Thoughtful Woman | ඛේමාවක් වෙමු
For women
සැබෑම කාන්තා විමුක්තිය උදෙසා කාන්තාවන් උදෙසාම වෙන් වන කොටස

2.12 – Beyond Arts | කලාවෙන් ඔබ්බට
For artists and for those who like movies, music & artistic things
කලාබර දිවියට කලාවෙන්ම දහම් සොයන්නට ක්‍රමය ලැබෙන දහම් කොටස් එකතුවකි!

2.13 – Hidden Peace | සැඟව ගිය සාමය
For all the religious or non religious beings
ආගම් ජාති කුල මල භේදයකින් තොරව තම තමන්ගේ ආගම නුවණින් දැකගැනීම පිණිස වෙන් වූ කොටසකි!

2.14 – Unknown to known | දන්නා දෑහි නොදන්නා දෑ
Some mysterious explanations on many topics
දන්නවා යැයි සිතාගෙන සිටින බොහෝ දෑ තුල සැඟව ඇති අද්භූත කරුණු රැසක් ගොනු වන කොටසකි!

2.15 – Gratitude | කෘතගුණ වරුණ
Gratitude towards to the supporters of my path of nirvana!
නිවන් මඟ කළ එලි කරගන්නට උපකාර වන බොහෝ පිරිසකට කෘතෝපහාර

Everything you need to know about Compassion
කරුණා මෛත්‍රිය කැටිවූ පින්කම් කරන ආමිසය යැයි සිතාගෙන සිටින ප්‍රතිපත්තියෙන් පිරුණ ශාසන කොටසක නොදුටු විදසුන විග්‍රහ වන දහම් කොටස් එකතුවකි.

2.17 – Noble Projects | සක් හඬ
Some valued projects doing by Nirvana Dhamma
නිර්වාණ ධර්ම මූලිකත්වයෙන් සිදුකරන බොහෝ සිත් සතන් සුවපත් කිරීම පිණිස වෙන්වූ දහම් ව්‍යාපෘති සම්බන්ධයෙන් දැනුවත් කරන කොටසකි.

2.18 – Sign Language | සංඥා භාෂාවෙන් සඳහම්
Buddhism in Sign Language for the Deaf communities around the world
ලොව වටා බිහිරි ප්‍රජාව උදෙසා ඔවුන්ගේ සංඥා භාෂා තුලින් බුදු දහම හඳුන්වා දෙන දහම් කොටසකි!

2.19 – The Platform | පෙට්ටගම
You get various opportunities to download things
නිර්වාණ ධර්ම බාගත කිරීම් උදෙසා වෙන්වූ කොටසකි!

2.20 – Tripitaka Search | ත්‍රිපිටක සූචිය
Chance to be in touch with Tripitaka The Pali canon
ත්‍රිපිටක ඇසුර ලබාගැනීමට වෙන් කල කොටසකි!

2.21 – E - Shelf Publications | ප්‍රකාශන
Some dhamma publishing under Nirvana Dhamma
නිර්වාණ ධර්ම මූලිකත්වයෙන් ප්‍රකාශනයට පත්කරන බොහෝ දෑ එකතුවන කොටසකි!

2.22 – Blog | බ්ලොග් අවකාශය
This is this blog what we are linking about...
ඔබ මේ ඇසුරු කරන බ්ලොග් අඩවියට වෙබ් අඩවියෙන් සම්බන්ධ වීමට ලබා දී ඉඩ අවකාශයයි!

2.23 – Wisdom Book | දහම් පොත
Coming soon something to be social with dhamma friends
මුහුණු පොතේ සැරිසරන ඔබට දහමට ලැදි පිරිස සමඟ එකතුවන්නට දහම් කතා කරන්නට ලබා දෙන ඉඩකි.  (තවමත් අවසන් වී නොමැත)
Some Q & A sessions
දහම් ගැටලු විසඳාදෙන දහම් සාකච්ඡාවට වෙන් වූ ඉඩ!

The truth doesn’t change on what you believe. This is for those who seek the truth... & for whom are brave enough to accept the truth.. And to examine whether I express the truth through your own wisdom!
ඇලෙන ගැටෙන පොරකන දැවෙන මිනිසුන් අතර නිවී සැනසෙන නිවී සනසාලන මිනිසුන් බිහිකිරීම උදෙසා කැපවන සඳහම් සත්කාරයයි!

Pure Buddhism has something for Everyone!
පිවිතුරු බුදු දහම තුල ඕනෑම කෙනෙකුට ගත හැකි යමක්
අනිවාර්යෙන්ම ඇත!
May triple gem bless you all for the Best!

Saturday, November 26, 2016

දහම් ඇස පිණිස දැකිය යුතු පෙර නොඇසූ විරූ දහම - 3 කොටස

දෙවන කොටස හා සැබැඳියි...
අප්‍රමාදී ආර්ය ශ්‍රාවකයෙක් අප්‍රමාදී බවේ උපරිමයෙන් යුතුව ඒ නිවැරදි සිහියෙන් කටයුතු කරන්නේ නම් අවමයෙන් සතියක් හෙවත් දින 7ක් තුල අනාගාමී හෝ අරිහත් වන බවත්... ඒ අප්‍රමාදීභාවයෙන්ම කටයුතු කලහොත් උපරිමයෙන් අවුරුදු 7ක් තුල ආනාගාමී හෝ අරිහත් වන බවත්... එසේ නැතිනම් මිය යන මොහොතේ හෝ අනාගාමී හෝ අරිහත් වන බව බුදු හිමියන් පෙන්වා දෙනවා.

රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ, කියන පංචස්කන්ධයේ මායා මුලාවේ ඇත්ත සැටියෙන් දැනගැනීම තුල යටිකුරු කල සියල්ලම උඩුකුරු වෙනවා. එතෙක් කැමැත්ත ඉෂ්ඨ වුණාය කියන අදහස නැගී ආවේම අරමුණ ලැබෙන ක්ෂණයේමයි... 

මේවායේ ඇත්ත නොදන්නා විට ශබ්දයක් ඇසෙන විටම එය ශබ්දයක් ලෙසින් මැනගැනීම තුලම කැමැත්ත ඉෂ්ඨ වුණාය කියන අදහස නැඟී අවසන්. එහෙත් ශබ්දය නම් මායාවේ ඇත්ත දැනගත් මොහොතේ පටන්ගෙන එය නම් කැමැත්ත කිසි ලෙසින් ඉෂ්ඨ කරන්නේම නැති බවත් එයට එසේ කරන්නට හැකියාවක්වත් නැති බවත් අවබෝධ වෙනවා... මේ ආකාරයටමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම සියල්ලෙහි අනිච්ඡ දුක්ඛ අනත්ථ බව දකින්නේ...

අල්ලාගත් සියල්ල යනු හුදෙක් අප සැමට වටහා ගත හැකි සැමට හසුවන ඇලෙන ගැටෙන මට්ටමක් නොව එතැනින් ඔබ්බට ගිය සැපයත් දුකත් නොලැබෙන මෝහසහගත උපේක්ෂාව ක්‍රියාත්මක වන මට්ටමේ පටන්ගෙනම ක්‍රියාත්මක වන අති සියුම් අවස්ථාවකි.  “මම“ යන හැඟීම ක්‍රියාත්මක වන තාක්... රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම හමුවේ ප්‍රතිචාරයක් නැගෙන තාක් අල්ලාගත් සියල්ල ක්‍රියාත්මක වන බව දැකගන්නට හැකිවෙන්නේ දහම් ඇස පහල වීම තුලින්මය.  

ඉතින් මෙන්න මේ වගේ සියුම් දහමක්... ගැඹුරු නමුත් සරලව හිතන්නේ නම් අවබෝධ කරගන්නට හැකි දහමක්... තම තමන්ගෙන් ගිලිහී යන්නට දෙන්න එපා... බුදු දහම කියන්නේ පෙර ඇසු විරූ දහමක්... දන්නා කියන දැනීමක් ගැන කියැවෙන හෝ ගැබ් වන දහමක් නොවේ... 

වැරදෙන පැටලෙන මුලාවෙන තැනත් දැනගන්න...
අපි ලෝකයේ විවිධ අරමුණ හමුවේ ඇලෙනවා... ගැටෙනවා... ඒ ඇලීමෙන් ගැටීමෙන් මිදෙන්නට මහා අපහසුයි කියලයි අපට හිතෙන්නේ... ඒත් ටිකක් භාවනාවක් කරනාකොට... දහම් කරුණක් හෝ වේවා දැනුමක් වශයෙන් මෙනෙහි කරනකොට මේ ඇලීම ගැටීම ක්‍රම ක්‍රමයෙන් යටපත් වෙනවා.  කොටින්ම මේ කියන දහම් කොටසම දත්තයක් වශයෙන් තේරෙනවා...ඒ තේරෙන දත්තය නැවත නැවත මෙනෙහි කරනවා... ඒ මෙනෙහි වෙන්නේ වචී සංකාරයක් හෙවත් සිත ඇතුලේ සංවාදයක් වගෙයි... විතර්කයක් වගෙයි... ඒ තුලින් නැගෙන සමාධියක් තියෙනවා... එයටත් රැවටෙනවා...

ඉපදුන ගමන් පොඩි ළමයෙක් ඉන්නවා වගේ ඉන්නට හැකි වෙනවා. ඒත් පොඩි ලමයා රහත් වෙලා නෑ... ඇයි? රාගය, ද්වේශ, මෝහය අනුශසය වශයෙන් ක්‍රියාත්මකයි. හේතුව රාග, ද්වේශ, මෝහ මූලයන් ඒවා හටගන්නට හේතු දැනගත් අවබෝධය තවමත් ක්‍රියාත්මක නැතිවීමයි. මේ ස්වභාවයට කියන්නේ මෝහ සහගත උපේක්ෂාව කියලයි. සැපත් නැති දුකත් නැති උපෙක්ෂා සහගත ස්වභාවය. මේ තත්වයට පත්වූ විට බොහෝ දෙනෙක් රැවටෙනවා. තමන් අරිහත්වයට පත්වෙලා කියලත් හිතන්න පුළුවන්. මේ තත්වයේදී ධ්‍යානාදියත් නැඟී එනවා. ඒ සුවයේත් ඉන්න පුළුවන්... ඒත් කෙලෙස් නිරෝධ කරන දහම් ඇසෙන් යුතු ප්‍රඥාව ක්‍රියාත්මක වන මේ ශාසනයේ උතුම් බ්‍රහ්මචරියාව එය නොවේ. 

ඒ නිසා ප්‍රවේශම් වෙන්න... රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ නම් වූ පංචස්කන්ධය හෙවත් විපාක වශයෙන් අත්දකින ලෝකය සකස් වන ආකාරය නුවණින් දැකගන්න. ප්‍රශ්ණ සියල්ලම විසඳෙනවා. ඒ අවබෝධය තුලම සකස්කිරීම් නිරෝධයෙන් ලබන ශාන්ත ප්‍රණීත නිරාමිස නිවන් සුවය අන් කිසිවකින් ලබන්නට හැකි දෙයක් නොවේ. එය මේ ලෝකයේ අත්දකින ධ්‍යාන හෝ වේවා වෙනත් අසීමිත සුවයක් ගෙන දෙන කිසිවකට සම කරන්නට හැකි හෝ ඒවා තුලින් පෙන්වා දෙන්නට හැකි දෙයකුත් නොවේ. 

අවසාන වශයෙනුත් කියන්නට තියෙන්නේ ඇසෙන, පෙනෙන, විඳින, දැනෙන මොහොතක් පාසා රැවටෙනවා. කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ඇහැට රූප පේනවා... ආසාවක් තියේ නම් හැරිලා බලනවා. මෙන්න මේ මට්ටමෙන් ඉවත් වුණාම ඇතියි කියලා... අනේ උතුම් බුදු දහම නම් ඒ මට්ටම නෙවේ. අවිද්‍යව තියෙන තුරාවට ඇහැට පේන මට්ටමේම කරන්නේ බැලීමම තමයි. ඒ බැලීම නිසාම තමයි ප්‍රිය අප්‍රිය රූප ආදී බොහෝ කෙලෙසීම් ඇතිවෙන්නේත්. 

දහම් ඇස පහල වූ තැන් පටන්ගෙන මෙන්න මේ දේ ගැන සිහියෙන් යුතුව කටයුතු සිදුවන විට බැලීම නතර වෙන්නට පටන්ගන්නවා. පෙනීමට සීමා වෙන්නට පටන්ගන්නවා. අරිහතුන්වහන්සේට පමණක් පෙනෙන ඇහෙන කියන්නාවූ මූලික මට්ටම තිබෙනවා. හේතුව උන්වහන්සෙගේ අවබෝධය පූර්ණයි. ඇසට හෝ එයට ලැබෙන රූපයට රැවටෙන්නට අංශුමාත්‍ර තරම්වත් හේතු නෑ. අනුශසය නෑ. මෙන්න මේ විදියට ලබන්නේ මෝහයෙන් තොරවූ උපෙක්ෂාවයි. 

මේ උතුම් බුදු දහමේ හරය... සියුම් බව... ප්‍රඥාවන්ත බව... දුර්ලභබව... ප්‍රඥාවන්තව තෝරාගන්නට තෙරුවණේ ආශිර්වාදයම ලැබේවා!!! කළණ මිතුරු ඇසුරෙන් සත්ධර්මයම ලැබේවා!!!


වැදගත් දේශනයක්;

Friday, November 25, 2016

දහම් ඇස පිණිස දැකිය යුතු පෙර නොඇසූ විරූ දහම - 2 කොටස

1 කොටස හා සැබැඳියි...
ඒත් දැන් ඒ පුද්ගලයා මේ අනතුර ගැන දන්නවා. හරියට අතේ තිබුණ මහා වනයක් තුවාලයක් හොඳ වුණා වගේ. මෙච්චර කාලයක් වස වල අතදාගෙන හිටියේ තුවාලයක් තියෙන බවවත් නොැදනයි. ඒත් දැන් දන්නවා ඒ තිබුණ තුවාලය වනය සුවවූ බව. දැන් ඒ පුද්ගලයා වස වල අතදාන්නේ බියක් නැතිවයි. 


හේතුව ඒ පුද්ගලයා දැන් අබැද්ධිය දන්නවා. පෙනෙන, ඇහෙන, විඳින, දැනෙන මොහොතක් මොහොතක් පාසා ක්‍රියාත්මක වන මායා මුලාව මහා බොරුව වංචාව දන්නවා. 

ඒ පංචස්කන්ධයේ ක්‍රියාත්මක වන බොරුව වංචාව මායාව නොදන්නා තාක් සකස් වූ ආශ්වාදය ගැන දැනගන්නවා. ආශ්වාදය තතු සේ දැනගන්නවා...

ඒ ආශ්වාදය සකස් වන මොහොතේ ඒ හා බැඳී ක්‍රියාත්මක වූ පංචස්කන්ධයේ ඇත්ත නොදැනීම නිසාවෙන් සිද්ධ වෙන සිද්ධිය හෙවත් අවිද්‍යා, සංකාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන ආදී නවය ගැන දැනගන්නවා. ඒ ආකාරයෙන් ආදීනවය තතු සේ දැනගන්නවා...

ආශ්වාදය සකස් වූ හැටි දැනගත්විට... මහා වංචාව හඳුනාගත් විට... ඒ හා බැඳුනු ආදීනවය දැනගත් විට... මේ සිද්ධිය ක්‍රියාත්මක වූ ඇස - රූප, කණ - ශබ්ද, නාසය - ගන්ධ, දිව - රස, කය - ස්පර්ශ, මේ සියලු දේ ඔස්සේ සකස් වෙන මන - ධර්ම ගැන හෙවත් ලෝකය ගැන මහා කලකිරීමක්මයි ඇතිවෙන්නේ. ඒ කලකිරීමම නිස්සරණයට හේතු වෙනවා... අනිශ්‍රිත වෙන්නට හේතු වෙනවා... ආශ්‍රයන්ගෙන් තොර වෙන්නට පටන් ගන්නවා...

මේ ඇහෙන, පෙනෙන, දැනෙන, විඳින ක්ෂණයක් පාසා යමෙකුට සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක් යන විකෘති ඥාණ පහල වෙන තාක් ලෝකය හටගන්නවා. එහෙත් මේ අවබෝධයට පත්වූ ඥානය පහල වූ ලෝකය විනිවිද දකින්නට දහම් ඇස පහල වූ පුද්ගලයාට මේ විකෘතිඥානයන්ගෙන් හෙවත් විඤ්ඤාණයන්ගෙන් මායාව පෙන්වන මොහොතක් පාසා ඒ මායාව පසාරු කරගෙන... විදගෙන... විනිවිද දකිමින් ඒ මායාව මායාව සේ හඳුනාගන්නවා... 

මෙන්න මේ ක්‍රියාවලියට භාවනාව කියනවා... ඒ විනිවිද දැකීමට විදසුන් ඥානය කියනවා... විදසුන් වැඩීම කියනවා... ඒ විනිවිද දැකීම උදෙසා ඒ මොහොතේ ඇතිවන සමථ ස්වභාවයට සමථ භාවනාව කියනවා..

දහම් ඇස පහල වීම නිසාම... ඥානය පහල වූ නිසාම... දැක්ම හරිගිය නිසාම... අරමුණක් හමුවේ ඒ ක්ෂණයෙහිදී ඒ දැක්ම ක්‍රියාත්මක වන මොහොතක් පාසා ඒ හා එකට බැඳී නිවැරදි දැක්මෙන් යුතු සිහිය, විරිය, නුවණ ක්‍රියාත්මක වෙනවා... ඒ තුල අරමුණ විනිවිද දකින නිසාම පංච නීවරණ හෙවත් කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක්, උද්ධච්චයක් කුක්කච්චයක්, විචිකිච්ඡා, ථීනමිද්ධ කියන්නාවූ කෙලෙසීම සිද්ධ වෙන්න හේතු නැතිව යනවා... 

ඒ කෙලෙස් දවා හැරීම ධ්‍යානයක් ලෙසින් අත්දැකගන්නටත් හැකිවෙනවා... කෙනෙක් ඒ ධ්‍යාන සුවයේ රස බලන්නට නතර වෙන්නටත් පුළුවන්... ඒත් විදර්ශනාව ප්‍රබලව නැගෙන පුද්ගලයා ඒ දැහැන් තල හෙවත් පැවැත්ම තුලම වූ බ්‍රහ්ම තල නම්වූ පැවැත්මද විනිවිද දකිනවා... එයත් රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ මායාවෙන්ම මිස ඉන් තොරව සකස් වූ දෙයක් නොවන බව දකිනවා... එහිද ආශ්වාදය, ආදීනව, නිස්සරණය දකිනවා... ඒ දැහැනත් ඒ අවස්ථාවේ ඒ පුද්ගලයාට ආර්ය කමටහනක් බවට පත්වී තිබෙන නිසාම දැහැන් තල හෙවත් බ්‍රහ්ම තලයන්හි පැවැත්මත් නිවන පිණිසම වූ කමටහනක් බවට පත්වෙනවා.

ඒ ආකාරයෙන් තුන් ලෝකයේම පැවැත්ම මොහොතක් මොහොතක් පාසා ක්ෂය කරන්නට නිරෝධ කරන්නට විජ්ජාව දුටු මොහොතේ පටන් හැකිවෙනවා. සියලු දෑ කර්මස්ථානයක්ම බවට පත්වෙනවා.  

ඒ නිරෝධය පූර්ණ වන්නට ගත වන කාලයට ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිපදිනවා යැයි පවසනවා. 

ඒ තුල අතහැරී මිදී නොඇලී යන මොහොතක් පාසා සීලයක පිහිටනවා... ඒ සීලය පිහිටන මොහොතක් පාසා සමාධියට පත්වෙනවා... ඒ සමාධිය නැවතත් විදසුන් නුවණින් ප්‍රඥාව පිණිසම හේතු වෙනවා... 

දුටු නිවනකට... අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමක් මිස... දැනුමෙන් වචන හරඹයෙන් තර්ක වාදයෙන් නොයෙක් නොයෙක් වත් පිළිවෙත් තුලින් නුදුටු නිවනක් මතු දැකගැනීමක් නොවේ.

මේ දහම් ඇස පහල වූ පුද්ගලයාට ආර්ය ශ්‍රාවකයෙක් කියනවා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් නම් මොහොතක් මොහොතක් පාසා සිහිය පවත්වන්නේ නම් ඒ පුද්ගලයාට අප්‍රමාදී ආර්ය ශ්‍රාවකයෙක් කියනවා. 

සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් මේ අවබෝධයෙන් යුතු නමුත් විශේෂ සිහියක් පැවැත්වීමක්, විරියක් යෙදීමක් සිදුනොකර ඒ ලැබූ අවබෝධයේ සුවයෙන් කාලය ගත වෙන්නට ඉඩ හරින්නේ නම් ඒ පුද්ගලයාට ප්‍රමාදී ආර්ය ශ්‍රාවකයෙක් කියනවා. බුදු හිමියන් පවසන්නේ කොතරම් ප්‍රමාද වුවත් නිවනටමයි නැමී සිටින්නේ... නිවනින්මයි කෙලවර වන්නේ ඒ නිසා ඒ අය ගැන නැවත හිතන්නට දෙයක් නැති බවයි. 

ඔවුන් ලත් අවබෝධය නැති කරන්නට දහම් ඇස අන්ධ කරන්නට තරම් ඔවුන්ගේ කෙලෙස් ප්‍රබල නැහැ.

දහම් ඇස පිණිස දැකිය යුතු පෙර නොඇසූ විරූ දහම - 1 කොටස

මේ උතුම් බුදු දහමට දහම් ප්‍රතිරූපක බොහෝමයක් එන්න එන්නම වැඩිවෙනවා... ගැඹුරු දහම ලෙසිනුත් බුදු දහම නොවන අන්‍ය වූ දහමක්ම ප්‍රකට වෙමින් පවතිනවා... ශ්‍රවණය කරන්නවුන්ද බුදු හිමියන් පෙන්වා දුන් නිසි සිහියෙන් තොරව දත්ත රැසක් හිස මත පටවාගෙන ශ්‍රවණය කරන්නට පෙළඹීමෙන් නිසි ඵල ලබන්නට නොහැකි වී තිබෙනවා. 


මේ අපූරු පෙර නොඇසූ විරූ දහම තුල දැකිය යුතු දේ... ලැබිය යුතු දේ... සිදුවිය යුතු දේ කෙටියෙන් නමුත් පිළිවෙලින් පෙන්වා දෙන්නට මෙතැන් පටන් ලිපි කිහිපයක් තුලින් කටයුතු කරන්නම්. 

රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන්නාවූ පංච ස්කන්ධයේ ඇත්ත ඇති ආකාරයෙන් නොදන්නා තාක් මේ ස්කන්ධ පහට ඡන්ද රාගයෙන් බැඳෙනවා... ඒ බැඳීමට දෙන නම තමයි පංච උපාදානස්කන්ධය... මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ඉපදීමම... සකස් වීමම දුකහි හටගැනීමයි.... 

යමෙක් මේ පංච උපාදානස්කන්ධයේ සමුදය හෙවත් දුක්ඛ සමුදය දකිනවා... ඒ දැක්ම කුමක්ද? අන් කවරක්වත් නොවේ පංචස්කන්ධයේ මායා මුලාව හඳුනාගැනීම හෙවත් ඇත්ත ඇති සැටියෙන් දැකීමයි... පංචස්කන්ධයේ අනිච්ච, දුක්ඛ, අනත්ත බව දකිනවා. ඥානය පහල වෙනවා.  එසේ නොදැක නම් පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනත්ත දකිනවාය කියලා කරුණක් විද්‍යාමාන වෙන්නේ නෑ.  

ඒ ක්ෂණයේම තමයි ඒ පුද්ගලයාට අවබෝධ වෙන්නේ පංච ස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනත්තබව නොදැක්ක නිසාම... පංච ස්කන්ධයේ මායා ක්‍රියාකාරිත්වය නොදන්නාකම නිසාම... ඒවා කෙරෙහි ඡන්දරාගයක් හටගත් බව... එතැන් පටන් ඒ පුද්ගලයා මෝහය / අවිද්‍යාව සකස් වූ තැන හඳුනාගන්නවා... 

පංච ස්කන්ධයට හෙවත් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයට රැවටුනු රැවටිල්ල හඳුනාගන්නවා... ඒ රැවටිල්ල නිසාම ඒවා නිච්ච, සුඛ, අත්ත වශයෙන් සංඥා විපරීතයක සිටි බව හඳුනාගන්නවා. ඒ සංඥා විපරීතය නිසාම ඒවාට අන්ධයෙක් වගේ බැඳුණු බව දැනගන්නවා... ඒ බැඳුනු නිසාම පංච උපාදානස්කන්ධය හෙවත් සියලු දුක් රැස ක්ෂණයක් පාසා සකස් වී භවය, සසර ඒ ඒ මොහොතේම තනන බව හඳුනාගන්නවා... 

“මම“ හැදෙන හැටි... “මම“ පවතින හැටි... මේ සියල්ල තතු සේ දැනගන්නවා... ඒ නිසාම විසි ආකාරයක සත්කාය දිට්ඨිය පහවෙනවා... “මම“ මූලිකව පැවැත්ම මූලිකව යම්තාක් කුකුසක් තිබ්බේ නම් විචිකිච්ඡා නම් වූ ඒ සියල්ල දුරු වෙනවා... කල යුත්ත දැනගන්නා නිසාම බාහිරය මත යැපෙමින් වත් පිළිවෙත් තුලින් හෙවත් ලෝකය මතම පිහිටමින් මායාවකින් සකසා පෙන්වන ලෝකයට අදාල දේවල් වලින් ලැබිය හැකි නිරෝධයක් නැති බවත් දැනගන්නවා... සීලබ්බතපරාමාස සංයෝජනයත් ඒ අයුරින් පහ වෙනවා...

අන්න ඒ ඥානය පහල වූ... පෙර නොඇසූ විරූ දහම්හි ඇස පහල වූ ඒ පුද්ගලයාට ඒ ප්‍රබල ඥානයත් සමඟින් අඥානකම් පහව යනවා... අඥානකම නිසාම සතර අපාගත උපතක් ලබාදෙන්නට හේතුවන යම්තාක් කෙලෙස් උපදින්නට හේතු තිබුනේ නම් ඒ හේතු නිරෝධ වෙනවා. සතර අපාගත මට්ටමින් ලෝකය නිරෝධ වෙනවා. 

කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය, මේ තුන් ලෝකය හමුවේ ඇලීමක් බැඳීමක් හටගන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ නම් වූ පංචස්කන්ධයේ ඇත්ත ඇති සැටියෙන් අත්දකින්නේ නැතිකම නිසාමයි.
වැදගත් දේශනයක් (මේ යොමුවෙන් පිවිසෙන්න);
මේ කරුණ හොඳින් විග්‍රහ වන පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ දහම් දේශනාවන් අතුරින් එක් දේශනාවක් මේ සමඟ එකතු කරන්නට සිත් වුනේ...  මේ පෙර නොඇසූ විරූ දහම කැටි කොට මෙසේ සටහනක් තබන්නට සිත්වූයේද නැවත මේ දහම් දේශනය අසන්නට ලැබුණු නිසායි... 

අනෙක් කාරණය තමයි මේ සියලු දෑ උතුම් ත්‍රිපිඨක සත්ධර්මය තුල අපූරුවට ගලපා පෙන්වා දී තිබීම.  අර්ථ නොදැන බැලුවොත් නම් හසුවන්නේ වෙනමම අදහස්මයි.  ලැබෙන්නේ වෙනමම තේරුමක්ම තමයි... ඒ නිසා කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සත්ධර්ම ශ්‍රවණයෙන් තමන්ගෙන් විය යුතු යෝනිසෝ මනසිකාරය සහ දහම් අනුදහම් පටිපදාව යන සෝතාපන්න අංග 4ට මුල් තැන ලබාදෙමින් අප්‍රමාදී වන්නට උත්සාහවන්ත වන්න! 

Thursday, October 13, 2016

තමන්ගෙන් අහන්න! (02 කොටස) - කළණ මිතුරා දැක්කද?

“ඉම්නා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා”. පින්කමක් කරලා හෝ දහම් දේශනයක් අවසානයේ හෝ මේ ගාථාව කියන්නට බෞද්ධ අප බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. මෙයින් අදහස් කරන්නේ “මේ කරගත්ත පුණ්‍ය කර්මයේ බලයෙන් මට බාල සමාගමයක් නොවේවා. නිවනට හේතු වන සත්පුරුෂ සමාගමයම වේවා” යන්නයි.


තමන්ට නිවනක් ඕනෑ බව පවසනවා... තමන්ට කළ්‍යාණ මිතුරන් ඕනෑ බව පවසනවා... තමන්ට මග ඵල ලබන්නට ඕනෑ බව පවසනවා... එහෙත් කටයුත්ත නම් ඕනෑකම අනුව සිද්ධ වෙන බවක් පෙනෙන්නට නෑ. පෙනෙනෙ විදියට නම් අප හැසිරෙන්නේ මෙහි විරුද්ධ පැත්තටයි. 

මේ ගාථාව කියලා මේ වගේ ප්‍රාර්ථනයක් කරලා අනෙක් පැත්ත හැරෙන විට සමහර විට අපට මේ කියන නිවනට හේතු වන සත්පුරුෂයාව මුණ ගැහෙනවා. ඒත් ඒ අයව සත පහකටවත් ගණං ගන්නේ නැතිව කොහේදෝ තැනක සත්පුරුෂයන්ව හොයනවා. 

ගෙදරම හිටියත්... මිතුරු මිතුරියන් සේ සිටියත්... ඥාතීන් සේ සිටියත්... අහම්බෙන් හමුවුණත්... ලඟ තියෙන මැණිකට පයින් ගසන තරමේ අන්ධයන්ව සිටිනවා. කොහේදෝ තැනක තමන්ගේ හිතේ මවාගෙන ඉන්න සත්පුරුෂයාව හොයනවා. කවදා හෝ ඇවිත් තමන් දන්න නිවනට තමන් දන්න විදියේ බණක් කියයි කියලා බලාගෙන ඉන්නවා. හිතේ මායාවම එළියේ හොයනවා. 

දෙවියන් බුදුන් තමන්ට ඒ කළණ මිතුරාව මුණගස්සන තුරු බලාගෙන ඉන්නවා. ඒ පැතුම ඉටු වෙලා පින් පිරිලා තමන් ඉදිරියට කළණ මිතුරන් පැමිණියාම ඔවුන්ගෙන් කරගත යුත්ත කරගන්නට තරම්
දක්ෂ වෙන්නේ නෑ. 

තමන් විවෘත වන්න... ඕනෑම කෙනෙක් සත්පුරුෂයෙක් වන්නට හැකියි කියන අවබෝධයෙන් විවෘතව අහන්න. කියන දේට කන් දෙන්න. තමන් හිතාගෙන ඉන්න බාහිර ස්වරූපයෙන් පැමිණේවි හෝ තමන් බලාපොරොත්තු වන දේ කියාවි සිතාගෙන සිටින ඇස් බැන්ඳුම ගලවන්න. කියන්නේ මොකක්දැයි අහන්න... සමහර විට ඔබට සතර මග ඵල ලැබගන්නට තරම් වාසනාවක් උදාවේවි! 

නැණවත්ව විමසන්න!!!... තමන්ගෙන්ම!!!

Friday, September 2, 2016

Story of a LIGHT time!

A lamp or a bulb which brings the light to the darkness… can cause danger to one’s life while it lighten up someone else’s life

For an example;

I see the road side lamp posts… at night it brings the light to the darkness… for someone who is not attached to its beauty or usefulness, can take the pure advantage from that light… they can find their way, can see the hidden world inside that darkness… etc… etc…

But for someone who is attached to its beauty like the little flies who attracted to its beauty or usefulness go nearer… and nearer… coz they simply can’t enjoy it from far away… they are not comfortable of taking real advantage or real beauty without any attachment… so they die… Their own behavior coz them to death or some pain as similar as death…

I compare the lamp posts to the noble Dhamma. It is powerful enough to break the darkness in our mind. That light can find a way to someone’s life which brings a completely new nicer experience to him or her. That light can show the hidden world inside the darkness of unawareness… BUT only when you doesn’t attach to it. 

I see such personalities living in this world. Who really benefits from this beautiful pure Dhamma which we share in many ways… they question… they examine… but for themselves… for the sake of finding the exact path for their own self! So they don’t attach to the lamp post but they take the real purest benefits of it!

And then I see some personalities just like the flies… without any invitation they fly here and there… they can’t even see the destruction… the danger… the risk… they simply don’t care… coz they are so attached to the beauty of the light… they just touched a little bit from the outer appearance of the light… but they never notice it as they are blinded by the light itself as they were too close to the light… And they love to protect what they love and that’s how they believe it… 
But they can’t even notice the more they fly and attached to it… the light covers with their dark shadows… and the sound of them destroy the beauty of silence… light is there for purpose… and that purpose is getting weaken and weaken because of their behavior… 

They don’t do well for them no good for others who get real benefits without attaching to the light… 

But unfortunately as always flies are lot and the real benefiters are lesser… that’s the nature… if it doesn’t happen there is no need of a Lord Buddha to lighten up the light again… 

So are you a fly or a real benefiter? It’s time to identify yourself through your very own behavior towards Dhamma! That’s again, only if you are smart & wise enough to understand the Dhamma through a simile or example like this!

Be wise! The dark shadows are increasing… the light is covering up little by little… the benefiter are getting lesser & lesser… soon there will be no light… so be hurry… identify the role you are playing among these two teams! 

Have a blessed time with wisdom!

සත්දහම දකිනවද? රකිනවද?

ඝණ අන්ධකාරය මකා දමා ආලෝකය ගෙන දෙන පහන් දැල්ලකට හෝ බල්බයකට පුළුවනි ජීවිතයක් වෙනස් කරන්න. ඒ ආලෝකයට පුළුවන් කෙනෙකුගේ දිවිය ආලෝකමත් කරන්න. ඒ වගේම ඒ ආලෝකයට පුළුවනි තවත් ජීවිතයක් විනාශයට පත්කරන්න. 

උදාහරණයකින් කියනවා නම්...

රාත්‍රී කාලයේ මහ මඟ දෙපස ඇති විදුලි පහන් කුළුණකට පුළුවන්, අන්ධකාරය තුල කෙනෙකුට මඟ පෙන්වන්නට උපකාරයක් වන්න... 
ඒ අන්ධකාරය තුල දකින්නට නොහැකි ලෝකය දැකගන්නට උපකාරයක් වන්නට ඒ ආලෝකය ගෙනෙන විදුලි පහනට පුළුවන්... 
ඒ ඵලය ලැබගන්නේ ඒ විදුලි පහන් ආලෝකයට හෝ වේවා විදුලි පහන් කුළුණට හෝ වේවා නොඇලුනු ජීවිතයක්මයි. එහි අලංකාරයට හෝ එයි ප්‍රයෝජනයට හෝ නොඇලුනු සිත ඒ අලෝකය දුන්නු විදුලි පහනට ඇදෙන්නේ නෑ... ඔහු හෝ ඇය කරන්නේ එහි ප්‍රයෝජනයට වටහාගෙන ඒ ආලෝකය උපකාර කරගෙන නිසි මඟ සොයාගැනීමයි... අඳුරේ දැකගන්නට නොහැකි ලෝකය දැකගැනීමයි... 

එහෙත් මේ අලෝකයට ඇලුනු සිත එයින් නිසි ඵල ලැබීම පසෙකලා ඒ ආලෝකය ලබාදෙන මේ විදුලි පහන සොයා යනවා... එය රැකගන්නට... එයට කෑදරකම් කරන්නට... එය තමන්ගේ දේපලක් බූදලයක් සේ හැසිරෙනවා... කව්ද මේ? ආලෝකය ගෙන දෙන ගිනි සිලක් හෝ වේවා විදුලි පහනක් හෝ වේවා අසල නිතරම දැකගන්නට හැකි නොයෙක් කෘමි සතුන් පළගැටියන් ගැනයි මේ කියන්නේ... ඒ අය විදුලි පහන නිසාම විනාශයට පත්වනවා... මරණය හෝ මරණයට සමාන දුකක් ලබනවා...

මේ පුංචි සිද්ධිය මම ගලපන්නම් මේ උතුම් නිවන් මඟට...

ඝණ අන්ධකාරය බිඳලමින් ආලෝකය ගෙන දෙන විදුලි පහන අන් කවරක්වත් නොවේ උතුම් ශ්‍රී සත්ධර්මයමයි... ඉතින් මෙය බබළන්නේ විවර වන තරමින්මයි... වැසුන විට නොම බබළයි... එය විවර වී බබළන විට ඒ තුලින් මඟ නොමඟ සෙයාගෙන අන්ධකාරයේ දකින්නට නොහැකි ලෝකය දැකගෙන ඒ ආලෝකය ලැබුණ හේතුව නිසි ලෙසින් වටහාගෙන එයින් නිසි ඵල නෙලාගන්න පිරිසක් සිටිනවා. ඒ අය විදුලි පහණට නොඇලී ඒ දුන්න ආලෝකයෙන් මඟ සොයාගන්නා පිරිස වගෙයි... ඒ අය විදුලු පහනට ලං වෙනවා වෙනුවට එයින් දෙන ආලෝකය තුලින්මයි නිසි ඵල නෙලාගන්නේ. නොඇලීමෙන්... නොගැටීමෙන්... ලැබෙන්නේ මිදීමක්මයි!

එහෙත් පිරිසක් අර පළගැටියන් කෘමි සතුන් වගේමයි... ධර්මයේ ආලෝකය යන්තමට දුටු පමණින් විමසා නොබලා ඒ ආලෝකය දුන්න ධර්මය අල්ලාගන්නට උත්සාහ කරනවා... ආලෝකයට වශී වෙලා විදුලි පහන සොයා යන එය රැකගන්නට... එයට කෑදරකම් කරන්නට... එයට අයිතිවාසිකම් කියන්නට හිස් වෑයමක නිරත වෙනවා... ඇලෙන විට ගැටීමත් එතැනයි.. ඇලීම ගැටීම ඇති තැනක මිදීමක් නොමැත්තේමයි... ආලෝකයේ උපකාරයෙන් මිදෙනවා වෙනුවට ආලෝකය ලබාදෙන මූලයට ඇලී විනාශයට පත්වෙනවා... ආලෝකය ලැබෙන මූලයට ලං වන්නට වන්නට කිසිවක් නොපෙනී යනවා සේ... ඇස් නිලංකාරව අන්ධව යනවා සේ අනතුර හඳුනාගන්නට තරම් සිහියක්වත් නැති වෙනවා... 

මේ ජරමර අස්සේ ඔවුනට නොපෙනන තවත් දෙයක් තියෙනවා... ඒ තමයි පළගැටියන් කෘමියන් විදුලි පහනට ලංවන තරමින් විදුලි පහනේ ආලෝකයද වැසී යනවා... ඔවුන්ගේ අඳුරු සෙවණැලි ආලෝකය විහිදෙන එක සීමා කරනවා... ධර්මය නැමැති විදුලි පහන වටකොටගෙන මෙවැනි අඳුරු සෙවණැලි රැසක් ඇතිවෙනවා... එය ක්‍රම ක්‍රමයෙන් වැසී ගොස් ආලෝකය සීමා වෙනවා පමණක් නොවේ ඒ ආලෝකයෙන් මඟ නොමඟ සොයාගන්නා පිරිසද අඩු වෙනවා... 
එහෙත් අවාසනාවකි... වැඩියෙන් සිටින්නේ කෘමීන් පළගැටියන්මය... දුරින් සිට නොඇලීමෙන් නිසි ඵල නෙලාගන්නේ අවමය... එයද ධර්මතාවයකි... එසේ නොවුනහොත් අඳුරු සෙවණැලි නිසාම නිවී යන විදුලි පහන නැවත දල්වාලන්නට බුදු කෙනෙක් ලොව පහල වන්නේද නැත. 

තවත් විස්තර ඕනෑ නැත... ප්‍රඥාවන්තයා උපමාවෙන්ද දහම් අවබෝධයම ලබයි... සත්ධර්මයම ලබයි... ඔබත් නුවණැත්තෙක් නම්... ප්‍රඥාවන්තයෙක් නම්... මේ දුන්න උපමාව නුවණින් දැකගන්නට වෙහෙස වෙන්න... ඔබ ධර්මය හමුවේ හැසිරෙන ආකාරය නුවණින් විනිවිද දකින්න! 
දහම් ආලෝකයෙන් නිසි මඟ ලබන්නෙක්ද නැතිනම් එහි බාහිර අංශු මාත්‍ර ඔපයකට රැවටී ධර්මය රැකගන්නවා යැයි සිතා එය වසා දමා ආලෝකය සීමා කර මහා විනාශයක් තමන්ටද අනුන්ටද ලං කරගන්නා අඳුරු සෙවණැල්ලක් විතරද?
ප්‍රඥාවන්තව අප්‍රමාදීවන්න! අඳුරු සෙවණැලි බොහෝමයි... ආලෝකය හෙමින් හෙමින් සීමා වෙනවා... විදුලි පහන ක්‍රම ක්‍රමයෙන් වැසී යනවා... ඒ අතර ඔබ කව්රුන්දැයි හැඳින යහපතම උදාකරගනිත්වා!

Tuesday, July 5, 2016

Conditions Apply *

Most of our relationships have conditions. Whether it is parents to children, husband to wives, between siblings, between friends, no matter what the relationship is, it always have conditions. 

One should fulfill something to prove how they love or care for other one… one should at least do something according to the other one’s wish to get the love they deserve… So in this way relationships have rules. And rules are misinterpreted. Relationships have conditions and boundaries and, yes! Expectations! Actually if we think deeply the relationships kill love. 

You can’t go by what others expect. They may do a lot to you because they can or they have the time. Same with your end too. But that doesn’t mean they or you have right to demand or expect things back towards them or from them. If it is happen that doesn’t love. Those are just relationships with conditions. That sound like “ok, I’ll do anything for you but you have to be like this… or do like that…” etc… This is more sounds like a deal than the love. 

As a child this was the first thing comes to my mind over relationship. From childhood I have to go through the conditions applies tag from almost everyone around me… you have to wear like this, eat like this, behave like this, learn like this, achieve this & that…etc… etc… it sound like if I succeeded to fulfill their demands then only I deserved to be loved. They were not ready to accept me for who I am and still the most of them have this conditions applies* tag with them. I was wandering… I was curious… how it can be… how love can be conditional… why this is sounds like a business… full of demands, sacrifices, promises…etc., etc...

With the time every single incidents proves me how correctly I have identified the meaning of relationships. That makes me to think about the real love which is unconditional… that makes me to identify how the relationship kills the love through with the tag of conditions applies* 

You may be cannot meet so often, you forget birthdays and other greetings, you sometime may not in touch for years… Even if each other doesn’t have their back during their hard times of trouble, the love & care towards each other shouldn’t be lack. If one complains “But where were you during my times of trouble?” that’s a hint of conditional love… one should be able to accept the fact that, other one was also busy with dealing his / her own up & downs and never bother other people to be a part of it just because they love or care for each other. 

If you can start off from where you left with each other without any awkwardness or without any complaints… that’s shows you have grown up… that’s shows you have the unconditional love towards that relationship… that’s shows that you simply don’t have any conditions over that relationship…

This decision sometimes you may find that you feel bit lonely… Because you have to deal with your own problem and issues without troubling anyone at all. But if you are a one who fond of loneliness and accept it as a gift then you are a winner.

At the end eventually this makes you a winner. A person with courage to face any kind of problem and solve them successfully. A person who is happy and content with what he / she already have. A person with an unlimited level of patience. A good listener. A person who doesn’t complains about everything of their lives. An independent person who doesn’t fear of losing anything or anyone in their life. Etc... etc… the list goes on… So turning yourself in to an unconditional lover brings loads of benefits to your end. Most important than everything is the freedom and the peace of mind you gain through this love. 

The best kinds of relationships are the ones without conditions. No conditions applies. Love should be free of conditions or it isn’t love at all. That kind of love you can achieve for the relationships through the wisdom. And then you can fulfill the responsibilities towards relationships more efficiently too. That’s the love described in Pure Deep Buddhism too. That’s the deep meaning of compassion described in Buddhism too.  You don't have to be a Buddhist to be like this... when you be like this that will make you a real Buddhist, and you don't even have to say it to yourself or anyone else.  Again nothing to prove!

If you still don’t have this kind of love with you, which means you are still lack of wisdom. So work on it… coz it’s not a hard thing to do… Expectations and applying conditions and having relationships with lack of love are more & more harder than that…! So, Good luck and have a blessed time!

Monday, June 27, 2016

තමන්ගෙන් අහන්න! (01 කොටස) - කුණු දැක්කද?

“මම” කියලා “මගේ” කියලා ගන්න දෙයක් නෑ කියලා දන්නවා නේද? හැමදෙයක්ම අනිත්‍යයයිනේ... දුකයිනේ... අනාත්මයිනේ කියලාත් දන්නවා නේද? ඒත් ප්‍රශ්ණ කෙලවරක් නෑ නේද? ගෙදර ප්‍රශ්ණ... ලඟින් ඉන්න අයගේ ප්‍රශ්ණ... වැඩකරන තැන ප්‍රශ්ණ... ඉගෙන ගන්න තැන ප්‍රශ්ණ... යාළුවන්ගේ ප්‍රශ්ණ... ගමේ රටේ ප්‍රශ්ණ... ලෙඩ රෝග ප්‍රශ්ණ... ප්‍රශ්ණ... ප්‍රශ්ණ... කෝ විසඳුම් නැත්තේ ඉතින් භාවනා කරන්න වෙලාවක් නෑනේ... කැලේට ගිහින් තනි වෙන්න තිබ්බා නම්... මේවාගෙන් ඈත් වෙන්න තිබ්බා නම් නිවන් දකින්න පුළුවන් වෙනවා... ප්‍රශ්ණ විසඳෙනවා... ඒත් ඉතින් දැන්ම බෑනේ... යුතුකම් වගකීම්... බණ දැනගත්තට නිවනක් නැත්තේ ඒකයි තාම... හ්ම්...."

“මම” කියලා “මගේ” කියලා ගන්න දෙයක් නෑනේ ඉතින් කියලා හිතනවා... ඒත් ප්‍රශ්ණ තියෙන “මම” සහ විසඳුම හොයන “මම” තවමත් මහා අරගලයක... මේ යෙදුනේ සත්කාය දිට්ඨියයි... 
විසඳුම තියෙන්නේ යමක් කරලා යම් තැනකට ගොස් ලබන්නට හැකි නිවනක් තුල කියලා හිතෙන ස්වභාවය සීලබ්බතපරාමාසයයි... 
මේ දෙක අතර දෝලනය වන අරගල කරන “මම” තුල යෙදෙන්නේ විචිකිච්ඡාවයි... 
මේ ප්‍රශ්ණ කියලා දැනෙන්නේ... ඒත් ඉතින් දැන්ම බෑනේ... යුතුකම් වගකීම්... කියලා දැනෙන්නේ... කාම රාග, රූප රාගයයි... කාම තණ්හා, භව තණ්හාවයි... 
ඒ ප්‍රශ්ණ නැති තැනක පවතින්න උත්සාහ දරන්නේ අරූප රාගයි... විභව තණ්හාවයි... 
ඒ තුල ඇතිවන දුක අසහනය ගැටීම සියල්ලම ව්‍යාපාදයයි... පටිඝයයි... හැමදෙයක්ම අනිත්‍යයයිනේ... දුකයිනේ... අනාත්මයිනේ ඉතින් මම ඔය බණ දන්නවානේ කියලා දැනෙන්නේ මාන්නයයි... 
මම මෙච්චර බණ දැනගෙනත් තාම නිවනක් නෑනේ යැයි දැනෙන්නේ උද්ධච්චයයි... මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ අවිජ්ජාවයි... 

සත්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බතපරාමාසය, කාම රාග, ව්‍යාපාද / පටිඝ, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා...

කුණු ගොඩවල් 10කින් කුණු වෙලා... කුණු හඳුනාගන්න වුවමනාවක් නැත්තේ බණ දන්න නිසා... දැන් ඉතින් කුණු සුද්ධ කරගන්නේ කොහොමද? ප්‍රශ්ණය දැකලත් නෑ විසඳුම දැකලත් නෑ... ප්‍රශ්ණ විදියට හඳුනාගෙන තියෙන්නේ වැරදි දෙයක්... විසඳුම හොයන්නේ වැරදි තැනක... ඉතින් කෝ නිවනක්... ?? 
“ඒත් ඔය කුණු අයින් වෙන්නේ මාර්ග ඵල ලාභීන්ගෙනේ... මම තාම මග ඵල ලබලා නෑනේ... හ්ම්... ඒත් මම හැමදෙයක්ම අනිත්‍යයයිනේ... දුකයිනේ... අනාත්මයිනේ කියලා නම් දන්නවා... හේතු ඵල දහමත් දන්නවා... චතුරාර්ය සත්‍යයේ දුකත් දන්නවා...”
මග ඵල ලැබුවේ නම් අනිච්ච දුක්ඛ අනත්ත බව දකී... හේතු ඵල දහම දකී... චතුරාර්ය සත්‍ය දකී... ඒත් ඒවා දැක්කලු ඒත් මග ඵල නෑලු... එකිනෙකට පරස්පර විරෝධීබවවත් දැනෙන්නේ නැත්තේ ඇයි? “මම” කියලා “මගේ” කියලා ගන්න දෙයක් නෑලු... ඒත් ප්‍රශ්ණ කෙලවරක් නෑ... ඒ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න ශක්තියක් නෑ... නැති “මම”ට මේ අවුල වුනේ කොහොමද කියලාවත් හිතලා බලන්නේ නැත්තේ ඇයි? 

බණ ගොඩක් දන්නවා නේද? දත්ත දැනීමෙයි අවබෝධයෙයි මහා වෙනසක් තියෙනවා... අහසට පොළව වගේ... කාටවත් ගලවාගන්න බෑ කිව්වේ මේ නිසයි... තමන්ගේ ගැලවුම්කාරයා තමන් විය යුතුයි කිව්වේ මේ නිසයි... තමන් තමන්ව හඳුනා නොගත්තොත් මහා අවුල්...
හැම තැනම පැටලෙනවා... 

සත්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බතපරාමාසය, කාම රාග, ව්‍යාපාද / පටිඝ, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා... මෙව්වා පොතෙන් හොයනවා වෙනුවට තමන් තුලින් හොයාගන්න... ඇත්තටම “මම” කව්දැයි සැබෑවටම හොයාගන්න... ඇත්තටම හැමදෙයක්ම අනිත්‍යයයිනේ... දුකයිනේ... අනාත්මයිද කියලා තමන් තුලින්ම දැකගන්න... දත්ත වලින් නිදහස් වී අවබෝධයට පත්වෙන්නට අප්‍රමාදීවන්න!!!

කළණ මිතුරු ඇසුරේ සත්ධර්ම ශ්‍රවණය නිසි අයුරින් කරගන්න... දත්ත වලින් හිස්වූ නිදහස් මනසකින් කියන්නේ මොකක්දැයි අසාගන්න... ඔහේ බණක් අහන්නේ නැතිව... ඔහේ පුද්ගලයෙකුට අහන්නේ නැතිව... කියන්නේ මොකක්දැයි කියලා විතරක් අසාගන්නට මනස යොමු කරන්න... එවිට ගැබ්වූ අදහස වැටහේවි... ඒ අදහස තුල ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලැබේවි... 

ගිහි පරිසරයක හිටියත්... පැවදි පරිසරයක හිටියත්... තමන් තමන්ගේ ගැලවුම්කාරයා වෙන්නට පරිසරය සකසා නොගතහොත් තමන් තුල ක්‍රියාත්මක වන කුණු හඳුනානොගත හොත් ඇතුලතින් දිරා යන දර කොටයක් සේ තවත් වටිනා අවස්තාවක් මඟ හැරේවි... 

බෞද්ධ රටක් වූ පමණින්... උපතින් බෞද්ධ වූ පමණින්... විලාසිතාවට බෞද්ධයෙක් නොවී... විලාසිතාවට බණ නොඅසා... විලාසිතාවට බණ කතා නොකර... තම තමන්ගේ ප්‍රශ්ණය නිසි සේ හඳුනාගෙන තම තමන්ගේ විමුක්තිය පිණිස ප්‍රඥාවන්තව නුවණැස උපදවා ගන්නට උත්සාහවන්තවන්න! 
නැණවත්ව විමසන්න!!!... තමන්ගෙන්ම!!!

Saturday, May 28, 2016

තමන් තමන්ටම වල නොකපා ගැනීම පිණිසයි!

ශාසනය දුලභයි... එය අවසන්ව යයි... එවන්වූ මොහොතක ඔබෙන් ඔබට යුතුකම ඉටු වෙනවදැයි විමසා බලන්නට අංශු මාත්‍ර තරමින් හෝ උපකාරයක්ම වෙත්වා!!!

මෑත කාලයේ සිදුවූ අවස්ථා කිහිපයක්ම කයේ හිරිගඬු මතුවන්නට තරම් සැබැවින්ම බියකරු විය. ඒ බිය බොහෝ දෙනෙකුට නොදැනෙන්නේ නොහැඟෙන්නේ මේ දහමේ දුර්ලභත්වය තවමත් වටහාගෙන නොමැතිකම නිසාවෙන් වන්නටද පුළුවන... එසේත් නොමැති නම් වටහාගත්තද සිහියක් නැතිකම නිසාවෙන් මාන්නය ප්‍රමුඛ වී ඇති නිසාවෙන්ද විය හැකිය...

සත්ධර්මය ලෙසින් ලෝකයේ පැවැත්ම පිණිසම හේතුවන බොහෝ දෑ පවසන ගිහි පැවදි පිරිස් ඇත...   එහෙත් එවැන්නවුන්ටම තැනදී එවන් දේ පසෙකලා නිවන පිණිසම ලෝකෝත්තර මාර්ගයම විවර කරමින් රාගයෙන් මිදෙන්නට ද්වේශයෙන් මිදෙන්නට මෝහයෙන් මිදෙන්නට සත්ධර්මයක් පෙන්වා දෙන්නවුන්ගේ අංශු මාත්‍ර හෝ අඩුපාඩු දකිමින්... දේශනා ස්වරෑපයන්ගේ අඩුපාඩු දකිමින් දේශනා වල වචන භාවිතයේ අඩුපාඩු දකිමින් මේ කරගන්නට විනාශයේ තරම අංශු මාත්‍රයක් හෝ වැටහෙන්නෝ ඒ මහා විනාශයෙන් ගැලවීමට මොහොතක් සිතත්වා!

දහම පෙන්වා දෙන්නට ගලපා දෙන උපමා තුල උදාහරණ තුල සමහර විට අඩුපාඩු තියෙනවා විය හැකියි... ලෝකෝත්තර දහමක් 100%ක්ම ලෝකයේ ඇති උපමාවක් තුල ගැබ්වෙනවා යැයි සිතීමම දහම අවතක්සේරු කිරීමකි... ලෝකයේ උපමාවක් තුලින් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ ඒ අදහස ගලපාගෙන ලෝකයෙන් එතෙර වන මාර්ගය විවර කරගැනීමටය... ප්‍රඥාවන්තයෝ උපමාවෙන් උදාහරණයෙන් මේ ගැඹුරු දහම තෝරාගන්නා බව බුදු හිමියන් පෙන්වා දුන්නේ නිකටම නොවේ... 

බාහිර කරුණු වලින් තමන්ට ඇති දැනුමේ මට්ටමකින් බොහෝ දෑ මනිමින් මේ කරගන්නා විනාශය සුළු පටු නොවේ... මෙවන් විනාශකාරී යුගයක අනතුරු බුදු හිමියන් පෙන්වා අප්‍රමාදීවීමම යෙහෙකියි බුදු හිමියන් පෙන්වා දුන්නේ නිකමට නොවන බව දැනෙන්නේ ධර්මය තුලම සිටිනවා යැයි සිතන බොහෝ දෙනෙක් තුල සිදුවන මේ අඩුපාඩුව නිසාමයි... 

තමන් ධර්මය වටහාගත්ත පමණින් 1%ක් තරමින් හෝ රාගයෙන් මිදෙන්නට ද්වේශයෙන් මිදෙන්නට මෝහයෙන් මිදෙන්නට වදනක් හෝ පිටවන වාරයක් පාසා එය කව්රුන් කිව්වත් කෙසේ කිව්වත් ඒ කෙරෙහිම පැහැදෙන්නේ එවැනි දෙයකට වදනකින් හෝ ලැබෙන රුකුල දුර්ලභ නිසාමයි... 

ඉතින් එවන්වූ යුගයක 1%කින් වන අඩුපාඩුවක්ම ඉස්මතු කරමින් නිවන පිණිස වදනකින් පවා උපකාරයක් වන ගිහි පැවැදි දෙපාර්ශවයට කරන්නාවූ සියලු ගැරහීම් තුලින් පාඩුව ඇතිවන්නේ තමන්ටම බව නිති සිහි තබාගැනීම ප්‍රඥාවන්තකමයි... මන්ද අංශු මාත්‍ර තරමින් හෝ අතහැරීමට ලක්ව ඇත්තාවූ ඔවුන් ඕනෑම මොහොතක අනුකම්පාවෙන් කරන්නාවූ දේශනාවන්ද නතර කර තම තමන්ගේ නිවීමම ප්‍රමුඛ කර නිහඬ වනු ඇත... 
 

සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් නැවත මිනිස් ලෝකයේ උපදින්නට හේතු ඇත... ඔවුන් විටෙක භාවනා යෝගීව සිටින විට තමන්ට අවබෝධ වූ සත්ධර්මය මතුවී ආ විට භාවනාව තුලින්මයි සෝතාපන්න වන්නේ යැයි දේශනා කල හැකියි... එය ප්‍රත්‍යවේක්ෂා ඥානයන්ගේ අඩු බව නිසාත් දේශනා හැකියාවේ ඇති අඩු ලුහුඬුකම් නිසාවෙන් පවසන්නාවූ දෙයක් විනා ඒ තුලින් ඔවුන්ගේ ආර්ය භාවය මැනීමට කිසිවෙකුටත් නොහැකිය.... 

විටෙක තමන්ගේ මාර්ග ඵල ප්‍රකාශ කරන්නට හැකියි... එය ලෝක අනුකම්පාවෙන් කරනවා විය හැකියි... එය බාහිරයෙන් බලා දත්තයන් තුලින් නිගමනයන්ට පත්ව ආර්ය ශ්‍රාවකයන් එසේ කරන්නේ නැතැයි මැනගෙන තමන්ට ලබාගත හැකි දුර්ලභ අවස්ථාවක් මඟ හරවාගන්නවා විය හැකිය...

තමන් කියන ආකාරයෙන් දහම නොකියන නිසාවෙන් හෝ වේවා තමන් භාවිතා කරන පද යොදා නොගන්නා නිසා හෝ වේවා ධර්මය පෙන්වා දෙන ඉරියව් විලාශය නිසාවෙන් හෝ වේවා ඇඳුම් නිසාවෙන් හෝ වේවා ඇවිදින ක්‍රමයක් නිසාවෙන් හෝ වේවා තමන්ට ලබාගත හැකි අති දුර්ලභ අවස්ථාවන් මඟ හරවා ගන්නා ආකාරය දැකීමද ඇඟ කිලිපොලා යයි...

“ධර්මය හොඳයි තමයි ඒත් ඕවා අහලා මාර්ග ඵල ලබන්නට හැකිදැයි කියන එක ගැටලුවක්” මෙන්න මෙවැනි වැකි සුලභ වීගෙන යයි... මාර්ග ඵල ලබන්නට හේතු වාසනා ඇත්තවුන්ට ඒ දේ කරගැනීමට අනිවාර්යෙන්ම මාර්ගය සැකසී ඒවි... අනුන් වෙනුවෙන් යැයි තම සිතේ වංචනික ධර්මයන්ට හසුව තමන් අමාරුවේ දාගැනීමෙන් වැලකී සිටීමට තම තමන් ප්‍රඥාවන්ත වීම මෙකල කල යුතු දෙයකි...

බුද්ධ ශාසනය කෙමෙන් කෙමෙන් අවසන්වී යයි... ඒ අතර මේ බුද්ධ ශාසනයෙන් ඵල ලබාගන්නට හිමිකම් ඇති හේතු වාසනා ඇති පින්වතෙක් වන්නට ඔබටද අවස්ථාව තියෙනවා විය හැකියි... ඒත් වැඩකට නැති පද අතර අතරමංව... වැඩකට නැති සම්මතයන් අතර අතරමංව... වැඩකට නැති පොත පත තුල අතරමංව මේ කරගන්නා විනාශය වැටහෙත්වා! අති දුර්ලභව ලැබෙන්නාවූ අවස්ථාව මඟ හරවා ගැනීමට තරම් අනුවණ වෙනවා දැයි තම තමන්ගෙන්ම විමසත්වා!!!

පොත පතින් ධර්මාවබෝධයට පත්වන්නට හැකි නම් බුදු හිමියන් මේ කළණ වැට නොකඩන්න අවසාන සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා මේ ලෝකයෙන් නැතිවන දිනයට මේ ශාසනයද අවසන් වෙන බව පෙන්වා දී ඇති කරුණ සුළු පටු සේ නොදකින්න... කළ්‍යණ මිත්‍රත්වය මතම මේ බුද්ධ ශාසනය 100%ක් පවතින බව පෙන්වා දුන්නේ මේ වටිනාකම හඳුනාගත යුතු නිසාමයි... බුදු හිමියන් විසින්ම එසේ නම් පොත පත ලියා තබනවා නොවේද?  ආර්යයන් වහන්සේලා අත්‍යවශ්‍යම වූ විටෙක පමණක් පොත පතක සටහනක් තැබුවේ ආර්ය භාවයටම පත්වූවෙකුට ඒ දේවල් තුලින් දේශනා කල හැකි දෑ මතුකරගැනීමට විනා ඒ තුලින් ආර්ය භාවයට පත්වීම උදෙසා නොවන බව ප්‍රඥාවන්තව අවබෝධ කර නොගතහොත් විනාශය තමන්ටමය!

මෙකල පොත පතකට දෙන වටිනාකමවත් ජීවත්ව සිටින තමන් අතරම සිටින කළණ මිතුරන්ට නොදෙන ආකාරය දුටු විට සැබැවින්ම පෙනෙන්නේ අවසාන වී යන බුද්ධ ශාසනයේ පෙර නිමිතිමය... පොතට නොගැලපේ නම් රහතුන්වහන්සේ කෙනෙක් වුවත් කම් නැත අපට එපා ඒ බණ යැයි පවසන්නට තරම් නුවණ වැසී යන ආකාරය සැබැවින්ම බියකරුය... 

ඉතින් දහමක් නොදන්නා පෘතග්ජන පිරිස පමණක් නොවේ මේ අඩුපාඩුව සෝතාපන්න ආර්ය ශ්‍රවකයන්ව සිටින ඇත්තන්ගෙන් පවා විය හැකියි... තමන්ට වැටහෙන පමණින් අන් අයගේ ආර්ය භාවයන් නිගමනය කරමින් මහා අපවාදයන්ට කරගසා නොගෙන අප්‍රමාදීව අවසන් කරගත හැකි ගමන ප්‍රමාද කර නොගෙන අනුන් ගැන නොව තමන් ගැන සොයන්නටම විදසුන් වඩමින් වහ වහා නිවන් සුවයෙන්ම සුවපත් වන්නට තෙරුවණේ ආශිර්වාදය රැකවරණය එවන් වූ අරි උතුමන්ටද ලැබේවා!

තමන්ට අවබෝධ වූවා යැයි සිතෙනා දහම... තමන් දෙසනා දහම... තමන් තුල වේදැයි ප්‍රායෝගිකව ඒ දහම තමන් තුල ක්‍රියාත්මක වේ දැයි නිති සිහියෙන් නුවණින් විරියෙන් යුතුව විමසා බලත්වා!!! 

මාරයාට හෝ වේවා මාර පාර්ශ්වික බලවේගයන්ට හෝ වේවා අමනුශ්‍යයින්ට හෝ වේවා අසුරයන්ට හෝ වේවා දොස් නඟමින් මේ දහම යට ගහන්නට ඔවුන් කරනා වැඩ යැයි අනුන්ට වරද පටවන මොහොතක් පාසා තමන් තුල ඒ දහම් නැඟී තමන් ඒ පිරිස සේ ක්‍රියාත්මක වී ඇති අයුරු යෝනිසෝ මනසිකාරයෙන්ම දැකගනිත්වා! දහම අවබෝධ වූ සත පියාගේ භූමියේ රැඳෙත්වා!!! තවමත් මඟ සොයන සත පියාගේ භූමියට පත්වෙත්වා!!!

තවමත් ප්‍රමාද නැත... අති දුලභ සත්ධර්මය වචනයකින් පවා මතු කර දෙන... ඒ වදනින් ඒ කරුණින සාධුනාද දිය හැකි උතුමන් මේ වන විට අප අතරම ඇත... ඒ ඇසුරේ වැදගත්කම වටහාගන්නට ප්‍රඥාවම පහල වේවා! තෙරුවණේ ආශිර්වාදය රැකවරණය නොඅඩුව ලැබේවා!!!

Wednesday, May 18, 2016

දස අකුසලයෙන් පිරි යුද්ධයක් නිමාවීමේ ජය ප්‍රඥාවන්තව සැමරීම පිණිස...


මෑත ඉතිහාසයේ අපගේ ජීවිත වල අත්දකින්නට තිබුණ මහා යුද්ධයක් අවසන් වෙච්ච දිනයක් විදියට අද දවස ලාංකිකයන්ට අමුතු දිනයක් නොවේ. ඒ කාලේ කොතරම් භීතයක් සාමාන්‍ය ජනයා තුල තිබුණාදැයි ඒකාලයේ ජීවත්වූ අතීතය අමතක නැති පිරිසට සිහිපත් වේවි. 

ඉතින් ඒ වගේ යුද්ධය නිසාවෙන් සෘජුවම පෙලීමට ලක්වූ පිරිසත් මෙවන්වූ කුඩා රටක යුද්ධයක් ඇතිවන විට අස්සක් මුල්ලක් නෑර විවිධාකාරයෙන් පීඩාවට පත්වූවනුත් අද දිනය සමරන්නේ තම පාර්ශ්වය ලැබූ ජයක් ලෙසටයි. 

මේ දිනය සැබෑවටම අගය කල යුතු දිනයක් බවට පත්වන්නේ එවන් වූ ජයකට වඩා ලැබූ ජයක් නිසාමයි. 

ඒ තමයි වසර ගණනාවක් තිස්සේ එකිනෙකා මරා ගනිමින් මහා ප්‍රාණ ඝාත රැසකටත් තවත් බොහෝ පාපකර්මයන් රැසකටත් මේ යුද්ධය හේතු වුණා. රට වෙනුවෙන් හෝ වේවා දෙමව්පියන් වෙනුවෙන් හෝ වේවා දස අකුසලයේ නිරත වීම දුගතියට හේතු වන බව හේතු ඵල දහමට අනුව ධර්මයේ පෙන්වා දෙනවා. 

ඉතින් එවන්වූ මහා පාපකර්මයන් රැසකින් බොහෝ පිරිසකට මිදෙන්නට අවස්ථාවක් උදා වුණේ අද වගේ දිනයකයි. දෙපාර්ශවයේම මේ පාපකර්මයෙන් කවදා නම් මිදෙන්නදෝයි සිතමින් සිටිය පිරිස බොහෝමයි.

එවන්වූ පිරිසකට එවන්වූ අවස්ථාවක් සලසා දුන්නාවූ සෑම සියලු සත්ව පිරිස් වෙතට අප කරගත්තාවූ මහා පුණ්‍ය කුසල ශක්තීන්ගේ බලයෙන් ඔවුනවුන් විසින් අනන්ත සසර පුරාවට කරගත්තාවූ යම්තාක් පුණ්‍ය කුසල ශක්තීන් ඇදී විත්මේ ජීවිත කාලය තුලදීම ධර්මාවබෝධයටම පත්වී සසර ගමන සුවපත් කරගන්නට අවස්ථාව උදා වේවා! එසේම වෙත්වා! එසේම වෙත්වා!! එසේම වෙත්වා!!! 

ඒ වාගේම යම්තාක් එවන්වූ යුද්ධයක් නිසාවෙන් විනාශයට පත්වූවේක් වේ නම් තවමත් යුද්ධය නිසාවෙන් විනාශයට පත්වන්නන් වේ නම් ඒ සෑම සියලු සත්ව පිරිස් වෙතට සසර සුවපත්භාවය පිණිසම අප කරගත්තාවූ පුණ්‍ය කුසල ශක්තීන් හේතු උපකාර වේවා!!! එසේම වෙත්වා! එසේම වෙත්වා!! එසේම වෙත්වා!!! 

එවන්වූ මහා පීඩාකාරී කාලසීමාවකින් බොහෝ සත මුදවාගෙන යහපත්වූ ජීවිත තත්වයක් උදා කරදුන්නාවූ යම්තාක් පිරිසක් වේ නම් ඒ පිරිස නිසාම සත්ධර්මය කෙරෙහි යොමුවන්නට පරිසරය සකසා ගත්තාවූ පිරිස බොහෝමයි. නන් අයුරින් සත්ධර්මය බැබළවීම උදෙසා ලැබගත් අතහිත බොහෝමයි. 

ඒ සෑම සියලු පුණ්‍ය කුසල ශක්තීන්ගේ බලයෙන් ඒ තත්වයන් උදා කරගන්නට අංශු මාත්‍ර වශයෙන් හෝ සිතිවිල්ලකින්, ක්‍රියාවකින්, වදනකින් උපකාර කලාවූ ඒ සෑම සතට මේ ලබාගත්තාවූ දුර්ලභ මනුස්ස ජීවිතයෙන් උපරිම ඵල නෙලාගෙන ධර්මාවබෝධයෙන්ම සසර සුවපත් භාවය ලැබගැනීමට ඔවුන් විසින්ම අනන්ත සසර පුරාවට සිදුකරගත්තාවූ පුණ්‍ය කුසල ශක්තීන් ඇදී ඒවා! ඒවා!! ඒවා!!! ප්‍රඥාවන්ත යහපතක් අභිවෘද්ධියක්ම වෙත්වා!!! තෙරුවන් සරණින් සියලු සතට නිවනේ ශාන්තියම වෙත්වා!!! 

මැයි 18ක් වූ දිනක අංශු මාත්‍ර වශයෙන් හෝ යුද්ධය නිසාවෙන් දස අකුසලයේ නිරතවී, ඒ කරුණින් දස අකුසලයෙන් නිදහස් වීමේ ජය අර්ථවත්ව සැමරීම පිණිසයි!!!

Tuesday, May 17, 2016

පිනක උපකාරය නුවණින් දැකගන්නට...

කීයක් හරි හොයාගෙන යන වාහනයට ගෙවලා...
පුළුවන් පමණින් පූජා කරන්නට දේත් රැස්කරගෙන...
මහා ශ්‍රද්ධාවකින් ලකලෑස්තිවෙලා...
අපි මේ මහා පින්කමකට යන්නටයි හැමෝටම පවසලා...
උදේ පාන්දර අවදි වෙලා...
දුරු කතර ගෙවාගෙන... සකසාගත්ත ආහාරයත් වාහනයේම අරගෙන...
කොහොම කොහොම හරි පින්බිමට එන සැඳැහැවතුන්ට...
පින්බිමට පා තැබූ තැන් පටන්...
තමන් පැමිණි අරමුණ අමතකවන අයුරු නම් සැබැවින්ම බියකරුයි...
ඉන්පසු සොයන්නේම සැප පහසුවයි...
කෑමක් බීමක් දෙනවදෝයි සිත විමසයි...
ඉන්නට සුව පහසු තැනක් වේ දෝයි සොයමින් යයි...
සාංඝික දානයෙන් කොටසක් තමන්ට ලැබෙනතෙක් ඉවසුම් නැතිව යයි...
පින්කමට සම්බන්ධ වෙන්නට ඉඩ දුන්නන්හටද අපවාද උපවාද කරයි...
මේ හැමදේම අස්සේ පින්කම හෙමින් හෙමින් අවසන් වී යයි...
දෙවියෝ වැඩියද? බුදු රැස් විහිදුනාද? පින්කමේ ඔක්කෝම කෙරුණද?
අවසන ප්‍රශ්ණ පත්තරයක්ම ඉතුරු වෙයි...
අවසානයේ පිටත් වෙන්නේ?
ලෝභයෙන්මයි... ද්වේශයෙන්මයි... මෝහයෙන්මයි...
නැවත ගොස් හැමෝටම පවසන්නේ අපි මහා පින්කමක් කර ආ බවයි...
සුගතියට නිවනට ඉඩ හදාගත් බව තමන්ටම පවසා ගනියි...
තමන්වම රවටා ගනියි...
“දන් දෙන්නට සුදුසුමැය, පින් කරන්ට සුදුසුමැය. දෙවි වූවහුටද උපකාරයෝ පින්ය, මනුෂ්‍යවූවහුටද උපකාරයෝ පින්ය, පැවදිවූවහුටද උපකාරයෝ පින්ය" ලෙසින් බුදු හිමියන් පැවසුවේ...
මෙසේ මමත්ව චාරිකාවක් කරනු පිණිස නොවන බව නුවණින් දැකිය යුතුමය...
අනාථ සසර ගමනක් කෙලවර කරගන්නට උපකාරයක්ම වූ ඒ උතුම් තෙරුවණ කෙරෙහි...
කළගුණ දක්වන්නට පින්කම් කරන්නට යොමුවූ සිතට...
ශ්‍රද්ධාව නම් බලය... ශ්‍රද්ධාව නම්වූ ඉන්ද්‍රිය වැඩුමට... පින උපකාරයක්ම වේ...
හැම අපහසුවක්ම නොසළකා හරිමින්... කායික වේදනා නොසලකා හරිමින්...
පින්කමක අරමුණ හොඳහැටි දැන එය යහතින් එය සාර්ථක කරගන්නට කැපවූ සිතක...
විරිය නම් බලය වැඩුමට... විරිය නම් වූ ඉන්ද්‍රිය වැඩුමට ඒ පින උපකාරයක්ම වේ...
රාගය ද්වේශය මෝහය කෙරෙහි සිහියෙන් යුතුවම පින්කමේ කටයුතු කරන්නේ නම්...
සිහිය නම් වූ බලය වැඩුමට... ඉන්ද්‍රිය වැඩුමට මෙන්න මේ පින උපකාරයක්ම වේ...
ශ්‍රද්ධාව, විරිය, සිහිය යෙදෙමින් තමන් කෙරෙහි යොමුවූ සිතකින්...
තමන් වෙහෙස වන පින්කම සාර්ථක කරගන්නට කැපවූ සිතට...
සමාධිය නම් බලය වැඩුමට... සමාධි ඉන්ද්‍රිය වැඩුමට ඒ පින උපකාරයක්ම වේ...
මේ සියල්ල යෙදෙන තැන පින්කම හුදෙක් තවත් එක් පින්කමක් වී නොනැවතී...
ඒ කටයුතු වඩා ගැනුමට උපකාර කරනා කළණ මිතුරන් හඳුනාගෙන...
ඒ ඇසුර තුල රාගය ද්වේශය මෝහයම ක්ෂය කරන සත්ධර්මයම හඳුනාගෙන...
ප්‍රඥා බලය වැඩෙන... ප්‍රඥාව නම් වූ ඉන්ද්‍රියම වඩාගන්නට... ඒ පින්කමක් උපකාර වේ...
මෙන්න මේ මේ බොහෝ අයුරින් පින හැමෝටම බොහෝ සේ උපකාර වේ...
මෙන්න මේ මේ බොහෝ අයුරින් දානය හැමෝටම බොහෝ සේ උපකාර වේ...

එහෙත් ඔබ? 

මෙසේ පින්කම් කරන්නේද? විමසා බලන්න...
දොස් පරොස් සොයමින් අංශු මාත්‍ර හෝ වරද අඩුපාඩු දකිමින් ගැටෙන ඔය සිතට...
දෙවියන් සොයමින් බුදු රැස් සොයමින් මුලාවූ ඔය සිතට...
තමන් තුල ප්‍රඥා ලෝකය දැල්වූ විට විහිදෙන රැස් මාලාව දැකගන්නට දහම් ඇසම ලැබේවා!
ප්‍රඥාව යෙදෙමින් විදසුන් වඩන්නාවූ සිතට වඳිනා දෙවියන් දැකගන්නට දහම් ඇසම ලැබේවා!!
රාගක්ෂයම ද්වේක්ෂයම මෝහක්ෂයම වී උතුම් නිවන් සුවයෙන්ම අප්‍රමාදීවම සැනසෙත්වා!

Tuesday, April 19, 2016

මෙත් සිතක සහ වංචනික සිතක වෙනස...

“යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං - යමක් කැමති සේ නොලැබීමද දුකකි”
පෙර නොඇසූ විරූ ලෝකය නොදන්නා තාක්...
පෙර නොඇසූ විරූ දුක නොදක්නා තාක්...
පෙර නොඇසූ විරූ දහමෙන් පෝෂණය නොවන තාක්...
කැමති සේ නොපවතින ලෝකයක්
තමන්ට කැමති සේ පවත්වා ගැනීමේ හිස් වෑයමක
යෙදෙන්නේ...
කෙසෙල් කඳක් පතුරු ගසමින් හරයක් සොයන්නා සේමයි...


කෙනෙක් අපට රිසි සේ කටයුතු නොකරයි...
එන්න අප ඔවුන් සකසමු...
යමෙක් දහමක් නොදරයි...
එන්න අප ඔවුනට බලහත්කාරයෙන් දහමක් දෙමු...
කෙනෙක් අඳිනා ඇඳුම නොගැලපෙයි...
එන්න අප එය අපට රිසි ගැලපෙන විදියට හඳමු...
ඔහු අප කියනා දෙය පිළිනොගනී...
එන්න අප කෙසේ හෝ පිළිගන්නවමු...


අපට රිසි සේ නොවේ නම් අපට ඒ ඇසුර නොවේවා!
එන්න අප එකතුවී පතමු...
අපේ සිත් පිරිසිදුයි
එන්න අප තදින් අධිටන් කරමු...
පූජා තබමු... සෙත් පතමු...
පහනක් දල්වමු... ඉටි පන්දමක් දල්වමු...
මේ ලෝකය අපට රිසි සේ සකස් වේවා...
අඳුර නැතිවී ආලෝකය වේවා...
අපට රිසි දෑ ලොව ප්‍රකට වේවා...
අපට රිසි ලොවක් නැඟේවා...


මෙවන් වූ කොතරම් නම් බලාපොරොත්තු ඔබ සිත තුල වේද? 
මෙවන් වූ කොතරම් නම් අධිටන් ඔබ තුල වේද?
මොහොතකටවත් බුදු වදන සිහි වූයේ නම් ඔබට...
මොහොතකටවත් දහම නිසි සේ වැටහුණි නම් ඔබට...  
මොහොතකටවත් නිසි සිහිය පැවතුනේ නම් ඔබට...
මේ කෙසෙල් කඳ ඔබ පතුරු ගසනේද? 


අවිද්‍යා සහගත සිත වංචාවන්මයි කරන්නේ...
අනිසිවූ පැතුමන්මයි පතන්නේ...
ඒ උතුම් බුදු වදන... ඒ උතුම් සත්දහම...
ලෝකය තන්නන්ට නොව ලෝකයෙන් මිදෙන්නට බව
මොහොතකට හෝ වැටහුණේ නම් ඔබට...
මිරිඟුවක් වැනි මෙවැනි සංඥා පසු පස දුවන්නේද?


තවමත් ප්‍රමාද නැත...
නිසි ලෝකයක් පතමින් අධිටන් පූජා කරනු වෙනුවට...
ලෝකයේ තතු දැන ලෝ නිරෝධය පිණිස
අප්‍රමාදී වන්නේ නම් ඔබ...
එයම භාග්‍යයකි... එයම වාසනාවකි...


විදසුන් නුවණින් විමසා... 
මේ සියලු අනිසි දෑ මාර දහමේ උඟුලම බව... 
හැඳින ගන්නේ නම් ඔබ... 
එයම භාග්‍යයකි... එයම වාසනාවකි... 


රූපයක, වේදනාවක, සංඥාවක...
සංකාරයක, විඤ්ඤාණයක නිසි තතු නොදැන...
කැමති සේ ඉටු වේවායි පැතුවා මිස...
රැවටුණා පමණක් යැයි දැනගත්තේ නම් ඔබ...
එයම භාග්‍යයකි... එයම වාසනාවකි...


පහනක් දල්වා අනිසි පැතුමන් පතනු වෙනුවට 
පහන් දැල්ලෙන් යතාර්ථය නුවණින් විමසුවේ නම් ඔබ... 
එයම භාග්‍යයකි... එයම වාසනාවකි...


කයේ රෝ සුව කරගනු පිණිස සෙත් පැතුම් පතන ඔබ
භව රෝගයේ තරම පිළිකාවක් සේ පැතිර ඇති තරම
නුවණැසින් දක්නේ නම් ඔබ...
එයම භාග්‍යයකි... එයම වාසනාවකි...

පෙර නොඇසූ විරූ දහම් ඇති සිතක නැඟෙන මෛත්‍රී චිත්තයකත්...
මාර දහමෙන් වැසුනාවූ බලාපොරොත්තු පොදි බැඳ කටයුතු කරන්නාවූ...
වංචනික සිතකත් සියුම් වෙනස...
නුවණින්ම දකියි නම් ඔබ...
එයම භාග්‍යයකි... එයම වාසනාවකි...


තවමත් ප්‍රමාද නැත...
පියාගේ භූමියට රැස් වන්න...
සතර සතිපට්ඨානයේ රැඳුන සිත...
තෙරුවණේ රැකවරණය ලැබෙන සිත...
මාර දම් හමුවේ පරාජය නොවන්නේමය...
මඟ නොමඟ වී ඇති බව නුවණින් දැකගන්න...
ප්‍රඥාවන්තව සැඟවුණු අදහස නුවණින් දැක ගනිත්වා...
කැමැත්තෝ කළණ මිතු ඇසුර ලැබ...
සත්දහම මතුකරගනිත්වා!


අවබෝධ වූ දෑම කියන... කියන දේ තමන් තුල පවතින... අවබෝධයෙන් යුතුවම කටයුතු කරන... නුවණින් විමසන විදසුන් වඩන සත්පුරුෂයෙක් වන්නට තෙරුවණේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!

Friday, January 1, 2016

Blessings for the New Year 2016

Years... Months... Weeks... Days... Hours... Minutes... Seconds...
Time is just and supportive tool for the day to day activities...
Through all these relative process what matters is how your mind react upon every circumstance...
is it filled with desires? is it filled with hatred? is it filled with unawareness?
is it lack of kindness? is it lack of mindfulness? is it lack of patience? is it lack of compassion? is it lack of generosity?
No matter what year it is ... No matter what day it is... No matter what time it is...
if you are wise enough to understand your own mind... and its behaviors...
that's what important as a wise human being...
that's the most challenging task you are going to face in every moment in your life...
So make it "THE TIME" for your self to find your own hidden treasure...
THE WISDOM!
Coz that's the only treasure, which able to decide what will be your year ahead! what kind of a year your are about to have... what kind of a person you are going to create....
without the treasure of wisdom... you can be just another being filled with desires, hatred & ignorance... nothing special...
So make the new year ahead special for your self... as well as to the others around you by being really special with your own wonderful treasure of Wisdom!
Now hurry!!! find it! :) that's your new year task! You can do it! Because it is already with you!
May all the energy spread through the universe gathered together to make this possible for you!!!
May god bless you all for the best while triple gem bless you all to achieve the best!!!!

සිහියෙන් අසන... නුවණින් දකින... රාගය හැඳින රාගය නසන... ද්වේශය හැදින ද්වේශය නසන... මෝහය හැඳින මෝහය නසන... විරියම වැඩෙන... අප්‍ර‍මාදීවන... ප්‍ර‍ඥාව වැඩෙන... ප්‍ර‍ඥාව පූර්ණය වන... නිවනින්ම සැනසෙන... නිවනම පූර්ණය වන... සාමයම පතුරවන... සතුටම විහිඳුවන... අර්ථවත් වසරක් ලැබීම පිණිස සිහියෙන් කටයුතු කරන... ලැබූ මිනිස් ජීවිතයෙන් අර්ථවත් යමක් කියන කරන සිතන... සැබෑම ප්‍ර‍ඥාවන්තයෙක් වීමට... සියලු දෙවි රැකවරණය ලැබ තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන්ම හිමිවේවා!!!