Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Saturday, August 1, 2020

A Soldier or a…???

Article summary 

There is something we need to understand about the difference of deep, pure Buddhist practices and general spiritual practices. Currently, many mislead with the spiritual practices as Buddhism. So, many are misunderstanding the achievements of spiritual practices as enlightenment or Nirvana. Let me explain the difference through a parable. If you are wise enough you will get the depth of this explanation. Good luck dear Dhamma friends. 

Invaded by a fierce enemy force... A great danger... One has to go to war with this enemy army. This enemy force is not an army that can negotiate peace. Liberation can only be achieved through war. There is no salvation until this war is over. 

One person becomes a soldier by knowing the importance of defeating this enemy army... Well-armed, practicing all the martial arts, knowing the tactics of war, recognizing the real danger one must face and recognizing the need of getting rid of that danger. This soldier is all set to go for this great battle and will embark his journey with courage and perseverance. 

Now the man who became this soldier has a clear purpose. There is a clear path & this soldier works for that purpose. The soldier moves forward in order to achieve the victory he recognizes. 

Now there is another man, without any idea about this war... Without even knowing whether there is an enemy army or not... There is this person who does not know whether he is in a great danger or not. He doesn’t aware of the war, nor the enemies. So, it’s obvious that he hasn’t ready for any battle. Day to day challenges are the greatest battle for this person. 

So, once these two men are on their way when a dog attack them. Trying to eat... Barking... Growling... Jumping... Very annoying. 

What do you think? What does the soldier do? 

Do you think that soldier battle with the dog instead of the greatest war he has to battle? Do you think that a soldier who recognizes his real danger, who recognizes the real battle, will actually make the dog as his real enemy? Or do you think that he will care for this dog or take is as a real risk? Do you think dogs would be such a big challenge to a skilled soldier who knows all those war tactics? 

But, what about the other person who doesn't know about the real war, the real enemies... Who doesn't recognize the real danger? 

This dog would become a real challenge for that person indeed. This would be the greatest battle... The greatest danger... The greatest challenge for the person who doesn’t aware of the real battle. So, he will use all his effort, time, ability & everything he got to get rid of the dog he encounters along the way. 

The one thing that he doesn’t aware is that, even though he could escape from thousands of dogs like this, he still has to face the real danger from real enemies. He still has to know about the great battle, he should fight for his true liberation. 

So, this is quite like a parable... You should try to understand the deep meaning behind this story with your wisdom. 

Every time we see, hear, taste, smell, contact, or feel, the greatest enemy invades us. This is an unknown danger. The actual liberation which one should identify. 

According to the parable, the man who doesn’t aware of the great battle, he has to face is like most of us. Who doesn’t aware of the risk we face at every moment we see, hear, taste, smell, contact, or feel. As that person in the story, we also care about the dogs who attack us. It’s the attachments & the anger or the other feelings we daily face and struggle to overcome comes as the attacking dogs. They are the challenges for us. So, we waste our time on this battle. And the peace we gain after that is believed to be the real peace or the liberation for us. 

But if you are wise enough to understand the parable, you can see the person who battle with the dog is the ignorant one. The peace he gains is not the true liberation. He is yet to find out his greatest battle & the enemy. 

This is called spiritual practices. Battling with the feelings, emotions, so called reality based on the five senses. Even though it looks like a deep realization it is not when compared to the deep, pure teachings of a Samma Sambuddha. 

So, there is a great war that you have to face in this path of Nirvana. If you are working for true liberation this is one deep fact that you must understand. Samma Sambuddha is the one who warned us about this greatest enemy and the greatest battle which we should face to achieve the true liberation. Through Dhamma we become a soldier who knows about every tactic, techniques to win this battle. 

There are many methods you can learn to fight with the attacking dogs on your way. You do not require any special technique for that. So, try to understand the difference of these two battles. And Buddhism is to win the real battle & find out who the real enemies are. It is not for the dogs who are attacked on your way. But as a gift for a true soldier you will automatically gain the skill to fight with dogs too, and it won’t be a hard task for you. 

Therefore, seek the correct purest teachings of Samma Sambuddha. Find out where the real battle is... Do not mislead with the spiritual practices by thinking that you are in the correct path of Nibbana. Develop skills for that. May the Triple Gem bless you to the fullest for your true liberation! 

සොල්දාදුවෙක් ද? නැත්නම්....???

සටහනේ අන්තර්ගතය
මේ වන විට නිවීම පිණිස කටයුතු කරන පිරිස මුහුණ පාන ප්‍රධානතම අකරතැබ්බයක් තමයි සාමාන්‍ය ආධ්‍යාත්මික පුහුණු කිරීම් සහ සැබෑ විමුක්තිය හෙවත් නිර්වාණ මාර්ගය පටලවා ගැනීම. ඉතින් මේ ගැන කොතරම් පෙන්වා දෙන්නට උත්සාහ දැරුවත් බොහෝ විට මේ කාරණය තෝරා ගන්න ඒ අයට අපහසු වෙනවා. පුංචි කතාවකින් මේ වෙනස කියා දෙන්නට මෙවර කතු වැකිය තුලින් උත්සාහ කරන්නම්. ප්‍රඥාවන්ත ව විමසා සැබෑ විමුක්තිය උදා කර ගන්නට උපකාර කර ගන්න!

මහා දරුණු සතුරු සේනාවක් ආක්‍රමණය කරලා... මහා අනතුරක්... මේ සතුරු සේනාව සමඟ දරුණු යුද්ධයකට යන්නම වෙනවා. සාම සාකච්ඡා පවත්වන්නට හැකි සේනාවක් නම් නෙමයි මේ සතුරු සේනාව. යුද්ධ කරලා ම තමයි විමුක්තිය උදා කර ගන්නට වෙන්නේ. මේ යුද්ධය අවසානයක් කරන තුරු ගැලවීමක් නම් නැහැ.

මේ සතුරු සේනාව පැරද වීමේ වැදගත්කම දැන ගෙන... ආයුධ සන්නද්ධව, සියලු සටන් ශිල්ප ක්‍රම දැන ගෙන, යුධ උපක්‍රම දැන ගෙන තමන් මුහුණ පා ඇති අනතුර දැන ගෙන ඒ අනතුරෙන් නිදහස් වීමේ අවශ්‍යතාවය හඳුනා ගෙන... එක පුද්ගලයෙක් සොල්දාදුවෙක් වෙනවා. මේ මහා සටනට සූදානම් ව නොබියව වීර්යයෙන් යුතුව ගමන ආරම්භ කරනවා. 

දැන් මේ සොල්දාදුවා බවට පත් වූ පුද්ගලයාට පැහැදිලි අරමුණක් තියෙනවා. පැහැදිලි ගමනක් තියෙනවා. ඒ සොල්දාදුවා කටයුතු කරන්නේ ඒ අරමුණ වෙනුවෙනුයි. ඒ සොල්දාදුවා නො සැලී ඉදිරියට ම යන්නේ ඒ තමන් හඳුනා ගත්ත ජයග්‍රහණය ලැබීම පිණිස මයි.

දැන් මේ යුද්ධය ගැන කිසිදු අදහසක් නැතිව... සතුරු සේනාවක් ඉන්නවා ද නැද්ද යැයි වත් නො දැන... යුද්ධ ශිල්ප තබා යුධ උපක්‍රම තබා තමන්ට මහා අනතුරක් තියෙනවා ද එයින් ගැලවිය යුතු ද වත් නො දන්නා... තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට එදිනෙදා හැල හැප්පීම් තමයි තියෙන ලොකු ම යුද්ධය. සොල්දාදුවාට වගේ නොවේ මේ පුද්ගලයාට පැහැදිලි අරමුණක් නෑ. මේ පුද්ගලයාට නම් හඳුනා ගත්ත අනතුර වෙන්නේ ඒ ඒ මොහොතේ තමන්ගේ වැඩපිළිවෙළට බාධා ගෙන දෙන ඒවා තමයි. ඒ පුද්ගලයාගේ ජයග්‍රහණයත් ඒ ඒ මොහොතේ තමන් අනතුර යැයි හඳුනා ගත්ත දේවල් වලින් ගැලවීම තමයි.

ඉතින් මේ පුද්ගලයන් දෙදෙනාට තම තමන්ගේ ගමනේ අතර මඟ දී බල්ලෙක් කඩා පනිනවා. කන්න හදනවා... බුරනවා... ගොරවනවා... ඇඟට පනිනවා... හරිම කරදරයක්. යන්න දෙන්නේ ම නෑ. 

ඔබට මොකද හිතෙන්නේ? 

සොල්දාදුවා කුමක් කරයි ද? යුද්ධයට යන එක පැත්තක තියලා බල්ලා එක්ක යුද්ධ කරයි කියලා හිතෙනවා ද? තමන්ගේ සැබෑ අනතුර හඳුනා ගත්ත... සැබෑ සටන හඳුනා ගත්ත... සටන් කල යුතු තැන සහ සැබෑ හතුරා හඳුනා ගත්ත සොල්දාදුවා අතරමඟ දී තමන්ගේ ගමනට බාධාවක් වන බල්ලා ව සැබෑවට ම බාධාවක් කර ගනියි කියලා හිතෙනවා ද? එතරම් ශිල්ප ක්‍රම දන්න දක්ෂ සොල්දාදුවෙකුට අතර මඟ දී මෙසේ කඩා පනින බල්ලන් එතරම් ලොකු අභියෝගයක් වෙයි කියලා හිතෙනවා ද?

ඒත් හැබැයි සැබෑ යුද්ධය ගැන, සැබෑ සතුරන් ගැන නො දන්නා... සැබෑ අනතුර හඳුනා නොගත් අනෙක් පුද්ගලයා මොනවා කරයි ද?

ඒ පුද්ගලයාට නම් මේ අතරමඟ දී හමුවන බල්ලා සැබෑම අභියෝගයක් නේද? මහා සටනක්... මහා යුද්ධයක්... මහා අනතුරක්... ඒ පුද්ගලයා තමන්ගේ ශ්‍රමය, කාලය, හැකියාව ආදී සියලු ම දේ යොදවන්නේ මේ අතරමඟ දී හමුවන බල්ලා ගෙන් ගැලවෙන්නටයි. බල්ලාගෙන් විමුක්තිය ලබන්නටයි. 

මේ වගේ බල්ලන් දහසක් ගණනකින් ගැලවුනත් සැබෑ සතුරන්ගෙන් ඇති සැබෑ අනතුර තවමත් තිබෙන බව තමන්ට ගැලවීමක් විමුක්තියක් නම් නොවන බව මේ පුද්ගලයා දන්නේ නෑ. එහෙම නේද? ඒත් සොල්දාදුවාට නම් එහෙම නෑ. එයාට මේ බල්ලන් කිසිම අභියෝගයක් නොවේ. මොකද සැබෑම අභියෝගය ඒ සොල්දාදුවා නිවැරදි තැන නිවැරදි ආකාරයෙන් හඳුනා ගත්ත නිසා.

ඉතින් මේ කිව්වේ උපමා කතාවක්... මේ කතාවෙන් කියැවෙන සිද්ධිය ගැඹුරින් නුවණින් වටහාගන්නට උත්සාහ කල යුතුයි.

පෙනෙන, ඇසෙන, දැනෙන, විඳින මොහොතේ ම ඒ ක්ෂණයක් පාසා මහා සතුරු සේනාවක් ආක්‍රමණය කරනවා. නො දන්නා අනතුරක ඉන්නේ. ගැලවීම විමුක්තිය ගැන තවමත් අදහසක් නැතිවයි ඉන්නේ.

උපමා කතාවට අනුව මෙසේ ඉන්න පුද්ගලයාට අතරමඟ දී ඇඟට කඩා පනින බල්ලන් සමඟ ඇති සටන නුවණින් දකින්න. මේ බල්ලන්ට සමාන කලේ අප බහුතරයක් දෙනා සැබෑ අනතුර හඳුනා නො ගන්නා තාක් අනතුර සේ හඳුනා ගන්නා සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක් උදෙසා හට ගන්න සාමාන්‍ය ඇලීම සහ ගැටීම යි. ඉතින් මේ බල්ලා සමඟ සටන් කරලා ලබන ජය වගේ ඒ ඒ මොහොතේ මේ කියන ඇලීම ගැටීම ආදියට නොයෙක් ආකාරයෙන් පිළියම් කරලා උපේක්ෂාව හෙවත් ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති මහා සුවයකට පත් වෙනවා. ඒත් හැබැයි සැබෑ අනතුර... සැබෑ සතුරා... සැබෑ යුද්ධය... සැබෑ විමුක්තිය හඳුනා නො ගන්නා තාක් අතරමඟ දී බල්ලන් සමඟ සටන් වැද ලැබූ ජය මුලාවක් මයි. 

මේ තමයි ලෝකයේ හැම දාම ත් තිබුණ සාමාන්‍ය ආධ්‍යාත්මික සුවයක් පතා ගෙන කරන පුහුණු වීම. මෙය ධර්මයේ පෙන්වා දෙන්නේ මෝහ සහගත උපේක්ෂාවට පත්වීම ලෙසයි. උපේක්ෂාවක් තමයි... සුවයි තමයි... හැබැයි මොට්ටකම අයින් වෙලා නෑ. ඒත් බැලූ බැල්මට හොයන්නත් බෑ.

ඉතින් නිවන් මඟ ගමන් කරන... සැබෑ විමුක්තියක් පිණිස කටයුතු කරන ඔබ විසින් අවබෝධ කර ගත යුතු මහා යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධය ගැන... ඒ සතුරු සේනාව ගැන... ඒ යුද්ධයේ ස්වභාවය ගැන... ඒ යුද්ධයේ ආරම්භය, අවසානය ගැන... ඒ යුද්ධ උදෙසා භාවිතා කල යුතු යුධ උපක්‍රම, ශිල්ප ආදිය සැම දෙයක් ගැනම අවබෝධ වෙන්නේ, අදහසක් ලැබෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා පෙන්වා දෙන පෙර නො ඇසූ විරූ දහම් ගැන අදහසක්, අවබෝධයක් ලැබෙන විටයි.

මේ යුද්ධය ගැන දන්නේ නැති තාක් නම් උපමා කතාවේ කිව්වා වගේ අතරමඟ දී කඩා පනින බල්ලන්ට තැන දීලා ඒ බල්ලෝ එක්ක තමයි යුද්ධ කරන්නේ. යුද්ධය ගැන අදහසක් නැති තාක් අපට මේ බල්ලෝ තමයි වැදගත්. ඒ බල්ලන් සමඟ යුද්ධය තමයි වැදගත්. ඉතින් අපි අපේ සම්පූර්ණ ශ්‍රමය, කාලය වැය කරන්නේ මේ බල්ලන් සමඟ හෙවත් ඇලීම් ගැටීම් සමඟ යුද්ධ කරන්නයි. ඒ අතරේ සැබෑ යුද්ධයේ සතුරු සේනාව අපව පරද්දවලා මරණය හෝ මරණයට සමාන දුකට පත් වෙලා. 

ඒ නිසා ප්‍රඥාවන්ත ව නිවැරදි සම්බුදු දහම් විමසන්න. සැබෑ සටන කොතැනක ද යන්න හඳුනා ගන්න... කෙලෙස් සතුරු සේනාව යනු අතරමඟ දී කඩා පනින බල්ලන් නොව එතැනින් එහාට ගිය අති සියුම් සතුරු සේනාවක් බව හඳුනා ගන්නට දක්ෂ වන්න. අන්න ඒ උදෙසා කුසලතාවය වර්ධනය කර ගන්න. ඒ වෙනුවෙන් ඔබට තෙරුවන් සරණ උපරිමයෙන් ලැබෙත්වා! සැබෑ විමුක්තිය, සැබෑ නිවනම වෙත්වා!