නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"
Showing posts with label Politics. Show all posts
Showing posts with label Politics. Show all posts

Friday, January 9, 2015

Who really won? Who really defeated?

End of an election,
In a so called world…
One disappointed with the defeat,
While one celebrate the victory…
A world created around “I”,
A world created by “I”…
A world build upon “I”…
What can be the quantity of…?
Defiled thoughts, words & actions?
Running towards the hallucination,
Without a break… without a pause….
Didn’t you notice the hallucination?
What can be the quantity of…?
Defiled thoughts, words & actions?
With a great expectation to find the core…
By peeling the plantain tree?
Without a break… without a pause….
Didn’t you notice the peeling the plantain tree?
Those who spread the tears of victory…
Those who spread the tears of downfall…
Didn’t you notice the trap of magician?
You!!! Yes YOU!!!
Do you think you won?
Do you think you defeated?
Can you be really happy by thinking “Yes we won”?
Does it really worthy to be hurt by thinking “Yes we efeated”?
Didn’t you notice the trap call “world”…?
Didn’t you notice your actions, words, thoughts…?
Which based upon the trap of…
Clusters of craving that beings cling to as self...?
Do you notice these clusters?
Or will you ever notice this trap?
Can you be really happy by thinking?
“Yes I won”… “Yes I can win”…
Through the awareness, vigor & mindfulness?
Can you notice your own defeat and…
Think about the way you defeated by trap of craving…
And say “Yes I am a loser”… “Yes I still do have to win”…
Through the awareness, vigor & mindfulness?
OR ELSE….
As always… with the ultimate practice of defilements…
By attracting towards the easiest way…
Imprisoned by the ignorant unawareness…
Do you believe in a consequences of a leader with dhamma?
That he will become your savior?
That he will become the disciplined leader you wished for…
And will guide you to the utmost enlightenment…
By becoming your savior?
How long you are going to depend?
How long you are willing to become a beggar?
When you going to become your own savior…
By being disciplined through your own words, 

actions & mind? 
When you going to defeat your own defilements?
When you going to achieve real mettah the compassion?
When you going to be really happy?
Yes…!!! Ask yourself… question your own self…
It’s time you question your own self… not others…
It’s time to wake up my dear friends…
It’s time to notice the real danger…
As a rare human being…
It’s time to identify your true responsibility…
If you fails to identify “I”, there is no detachment…
When there is no detachment, there is no release from clinging…
When there is no release from clinging, there is no liberation…
When there is salvation, there is no cooling…
no enlightenment… no nirvana…
When there is no cool… no enlightenment… no nirvana…
You still get more elections to fights for…
there will be more countries, races, religions,

status to fights for…
there will be no end to the race…!!!
As long as you don’t touch the peace of coolness…
Peace of nirvana the enlightenment…
You will get more opportunities to fights for…
You will get more winners & losers…!!!
So my dear rare human beings…
Keep aside the races or religions or status….
Or other worldly labels for a moment…
Think as an intelligent being…
Think as a wise being…
What to lose or what to win…
What to identify and what not to be with…
For the attention of wise beings!!!

(Make sure you do not trap in the 5 clusters of craving more & more by comparing these words to the defiled worldly election matters or other parties by dragging you into more sufferings & stress, as these are purely shared with the intention of warning about the real danger we all are trapped in unknowingly… pure intention to do my bit as a rare human being to another being only… so think wise… be wise… behave wise… because at the end of the day there will be no one to save you… you should become your own savior through awareness, vigor & wisdom!!!)
 May triple gem bless all beings for the best by get rid from all kind of burnings & defilements!!!

දිනුවේ කව්රුන්ද? පැරදුනේ කව්රුන්ද?

සම්මත ලෝකයේ මැතිවරණයක්...
කෙනෙකුට සාර්ථකව ජයග්‍රහණයක්...
තවත් කෙනෙකුට පැරදුමක් ලබාදී අවසන් වී ඇත...
තමන් විසින්ම ගොඩනගාගත් ලෝකයක් තුල
තමන් විසින්ම සකසා ගත් සංඥා විපරීතයක් වෙනුවෙන්
කොතරම් නම් කියන්නට කරන්නට සිතන්නට ඇතිද...
මිරිඟුවක් පසුපස දිවූවද තවමත් හරයක්ම දකිනවා මිස
මිරිඟුව සැබෑ ලෙස දැක්කේද? 

හරයක් සොයමින් පතුරු ගැසූ... ගසනා...
ඉදිරියේදීත් ගසන්නට යෙදෙනා...
කෙසෙල් කඳ දැක්කේද?
මායාකරුගේ මායා බන්ධනයට වශීකෘත වී
තුටු කඳුලු සලන්නෝද දුක් කඳුලු සලන්නෝද
අතර සිටිනා ඔබ... ඔව් ඔබ!!!
සැබැවින්ම ජයක් ලැබුවා යැයි සිතන්නේද?
සැබැවින්ම පැරදුනා යැයි සිතන්නේද?
සැබැවින්ම “අපි දිනුවා“ යැයි තුටු විය හැකිද?
සැබැවින්ම “අපි පැරදුනා“ යැයි දුක් විය යුතුද?
පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය නම් උඟුලට හසුව
සිතූ කියූ කල දෑ... සිතන කියන කරන දෑ...
මතු සිතන්නට කරන්නට කියන්නට බලාපොරොත්තු වන දෑ...
සිහියෙන් නුවණින් විරියෙන් දැක...
“මම දිනුවා“ යැයි සතුටු වන්නට
මේ ශාසනය තුලදී ඔබට හැකිවූවාද? ඔබට හැකිද?
ඔබට හැකිවේවිද?
පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය නම් උඟුලට හසුව
සිතූ කියූ කල දෑ... සිතන කියන කරන දෑ...
මතු සිතන්නට කරන්නට කියන්නට බලාපොරොත්තු වන දෑ...
සිහියෙන් නුවණින් විරියෙන් දැක...
මෙහෙම ගියොත්... “මම ඇත්තටම පැරදිලා“ යැයි...
“මම සසර අනාථයෙක්මැයි“ නුවණින් දැක දුක් කඳුලු සලන්නට
ඒ අනුව කටයුතු කරන්නට...
මේ ශාසනය තුලදී ඔබට හැකිවූවාද? ඔබට හැකිද?
ඔබට හැකිවේවිද?
නැතහොත්...
මෙතෙක් සසර පුරාවට පැතූ සෙයින්... පුරුද්දට මෙන්...
වඩාත් පහසු ක්‍රමයක්... අවිද්‍යාවේම තීරණයක්...
බොහෝ ඉහළින් ගෙන උඟුලට හසුවෙනවාද?
පාලකයා දැහැමිවි... රටක් දැහැමිවූවහොත්...
තමන්ටද දැහැමිවන්නට හැකිවේවි යැයි සිතමින්...
අනුන් මත යැපෙන්නට...
මතු පැතුම් පතමින් සිටින්නේද?
මාර උඟුලට නැවතත් හසුවන්නට...
සතුටින් පෙරමඟ බලා සිටින්නේද?
සැබෑ දිනුම ලබන්නේ කවදාද?
සැබෑ මාර පරාජය කරන්නේ කවදාද?
සැබෑ මෛත්‍රිය දිනන්නේ කවදාද?
සැබෑවටම සතුට ලබන්නේ කවදාද?
ඔව්... අසන්න... විමසන්න... අනුන්ගෙන් නොව...
තමන්ගෙන්ම විමසීමට කාලයයි...
මේ ඇහැරෙන්නට කාලයයි... සැබෑවටම...
සැබෑ අනතුර දකින්නට කාලයයි...
අතිදුර්ලභ මිනිසෙක් වශයෙන්...
තම තමන්ගේ යුතුකම හැඳින මිදෙන්නට කාලයයි...
තමන් නොදකින්නේ අතහැරීමක් නැත...
අතහැරීමක් නොවන්නේ නොඇලීමක් නැත...
නොඇලීම නොවන්නේ මිදීමක් නැත...
මිදීමක් නොවන්නේ නිවීමක් නැත...
නිවීමක් නොවන ඔබට...
මැතිවරණ ජනාධිපතිවරණ රට ජාතිය ආගම වෙනුවෙන්
කරන්නට කියන්නට සිතන්නට තවත් බොහෝ දෑ ඇත!!!
අංශු මාත්‍ර හෝ නිවීමක් නොවන ඔබට...
සම්මත ලෝකයේ දිනවන්නට පරදවන්නට බොහෝ පිරිසක් ඇත!!!
එබැවින් පින්වත් දුර්ලභ මිනිසුන් වශයෙන්...
ආගම් ජාති කුලමල භේදයකින් තොරව...
අංශු මාත්‍ර හෝ බුද්ධියක් ඇත්තන්සේ...
සැබෑම ප්‍රඥාවන්තයෙක් සේ...
කටයුතු කරන්නට සිත් යොමුවෙත්වා!!!
ප්‍රඥාවන්තයින්ගේ අවධානය පිණිසයි!!!

(නිවීම පිණිස අංශු මාත්‍ර හෝ උපකාරයක් ලැබීම පිණිස මෙසේ සටහන් තබන්නාවූ වදන් සම්මත ලෝකයක දේශපාලනයකට ගලපාගනිමින් අපවාද උපවාද අපහාස උපහාස කරමින් තව තවත් සසර අනාථ වීම පිණිස නොව විවෘත මනසකින් තම තම නැණ පමණින් විමසා තමන්ටත් අනුන්ටත් යහපත ඉටු කරගන්නා සැබෑම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙතට සුපුරුදු පරිදි සිහිය, නුවණ, වීර්ය වැඩීම පිණිස උපකාරයක් වීම උදෙසාමයි!!!)

සැම සතට තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබ ගින්නෙන් දාහයෙන් මිදී නිවී සැනසීමම ලැබේවා!!!

Friday, December 19, 2014

ඔබට මඟ හැරුණු යහ පාලනය!

මේ දිනවල බහුතරයක් පිරිස උනන්දුව සිටින්නේ දේශපාලනය සම්බන්ධවූ මාතෘකාවන් සමඟයි. අන්තර්ජාලය හරහා හෝ වේවා එදිනෙදා ජීවිතයේදී හෝ වේවා කතා බහ කරන්නට යෙදෙන ඔබ තුල දක්නට ලැබෙන්නාවූ නොදන්නාකම පිළිබඳව විවෘත මනසකින් විමර්ශනය කොට ගැඹුරින් සිතා බලා යහපත සලසා ගැනීම පිණිස මෙම සටහන අංශු මාත්‍ර වශයෙන් හෝ වේවා උපකාර යන මෙත් සිතින් යුතුව සටහන් තබමි.
බෞද්ධ යැයි පවසන බොහෝ පිරිසක් පවසන්නේ මේ ලක්බිම බෞද්ධයන් වැඩි ප්‍රතිශතයක් සිටින බෞද්ධ රටක් බවයි. එහෙත් ඔබගේ ක්‍රියා, වදන් තුල ඒ බෞද්ධ බව තිබෙනවාදැයි බුද්ධිමත්ව විමර්ශනය කල යුතුමය.
දේශපාලනික වාද විවාද හමුවේ බොරු, කේළාම්, පරුෂ වචන, අපහාස කිරීම්, චරිත ඝාතනය කිරීම් ආදියෙන් නොනැවතී බුදු රජාණන්වහන්සේ සහ ධර්මයට අදාල කොටස් නොගැලපෙන ලෙසින් යොදාගෙන කරන්නාවූ තර්ක වාද බොහෝමයක් දැකගන්නට ලැබිණි.

එපමණක් නොව දේශපාලනික වශයෙන් පමණක් දැක සම්මා සම්බුදුරජාණන්වහන්සේලා උදෙසා මේ ශාසනය උදෙසා සකස් කොට පූජා කරන්නට යෙදෙන්නාවූ “සඳහිරු සෑ රඳුන්“ දෙකඩ වන තෙක් බලාගෙන සිටින්නාවූ තමන් බෞද්ධ යැයි කියනා පිරිස් හමුවීමද මෙම සටහන තැබීමට තවත් හේතු කාරණාවකි.
ශාසනය උදෙසා කරන්නට යෙදුනාවූ මහා පින්කමක් රටේ සාපයක් ලෙසින් දැකීමට තරම් ඔබගේ බෞද්ධ යැයි කියාගන්නා මනස විකෘති වන්නේ කෙසේදැයි තමන්ගෙන්ම විමසා දැකිය යුතුමය. පස්ගොඩක් එකතු කොට... වැලි ගොඩක් එකතුකොට බුදු හිමියන් සිහිපත් කොට ඒවායේ අගයවත් නොදැන වන්දනා කලාවූවන්නටත් එයින් ලැබුණු ආනිංශසයන් මෙතෙකැයි කියා නිමකරන්නට නොහැකියි... ඒ ආරම්භයන් අරිහත්වය දක්වාම රුකුල්වූ ආකාරය අපදාන පාලියේ ඉතාමත් පැහැදිලිව සටහන් වීද ඇත.


මහා පුණ්‍ය කුසල ශක්තියක් රැස්වන්නාවූ රැස්කරගත හැකි මෙවන් වූ මහා පින්කමක් මෑතකාලයේදී තමන්ට දැක සතුටු වීම පිණිස කරවීම පිළිබඳව සතුටු වීම පසෙකලා එහි වූ අඩුපාඩුකම් ගැන පුන පුනා කතා කරමින්... මේ පින්කම සාපයක් ලෙසින් දකමින්... එහිදී පුදන්නට වූ රත්ත්‍රන් පිළිබඳව සොයා බැලිය යුතුයැයි කතා කරමින්... දේශපාලනික වශයෙන් පමණක් සිතමින් නන් අයුරින් මේ පින්කම බාලකරන්නට වෙර දරන ඔබ මේ යන්නේ කොයිබටද? මෙහි බරපතලකම ඔබට මොහොතකට හෝ අංශු මාත්‍ර වශයෙන් හෝ දැනුනා නම් ඔබ මේ ආකාරයෙන් ඔබගේ සිත, කය, වචනය හසුරවනවා තබා ඒ ගැන සිත් මාත්‍රයක්වත් පහල කරනොගනු ඇත.
ශාසනහිතකාමී දෙවියන් කෝපවන්නේ මේ පින්කම තුල සිදුවූ අඩුපාඩු නිසාවෙන් නොව බෞද්ධ යැයි පවසමින් ඔබ විසින් ශාසනය එල්ල කොට කරන්නාවූ මේ මහත් වූ අකුසල් සහගත විපරීත ක්‍රියාවන් නිසාවෙන් බව ඔබ මොහොතකටවත් නොසිතන්නට ඇත. තමන් කරන පින්කම මහා පින්කමක් ලෙසින් සැලකීමටත් අනුන් කරන්නාවූ තමන් අකමැති පිරිස් කරන්නාවූ පින්කම් අවතක්සේරු කිරීමත් සසර දුකෙන් මිදීමට තබා සුගතිගාමීවීමටත් ඔබට රුකලක් ගෙන නොදෙන බව බුද්ධිමත්ව විමසා දැකගත යුතුය.
මෙවන් වූ අඩුපාඩු ඔබතුල වේ නම් එය සුළු පටු කොට විහිළුවක් කොට නොසැලකිය යුතුමය. ඒ අංශු මාත්‍ර හෝ මෙවන් වූ අඩුපාඩු වේ නම් ඒවා ඔබටත් සමාජයටත් මේ තුන්ලෝකයකටත් ගෙන දෙන අයහපත මෙතෙකැයි කිව නොහැකිය. ඒ නිසා බුද්ධිමත්වන්න! මේ දේවල් තෝරාගෙන යහපත උදාකරගත හැකි අපූරු ධර්මයක් තිබියදී සසර අනාථයෙක් නොවන්න!
දේශපාලනික වශයෙන් සම්බන්ධවී සිටින්නාවූ ස්වාමීන්වහන්සේලාගේ පෞද්ගලික ක්‍රියාකාරකම් සලකා උන්වහන්සෙලා පහත් කොට සැලකීම බහුතරයක් තුල සිදුවන තවත් අහිතකර තත්වයකි. බුදු පියාණන්වහන්සේලා විසින් ශාසනයක් නියෝජනය කරමින් චීවරයක් දරන්නේ නම් උන්වහන්සේලා තුල පැවතිය යුතු විනයක් වශයෙන් මේ මේ දේවල් නොකල යුතුයැයි පැවසුවේද මේ තමන්ටත් තුන්ලෝකයක තවත් බොහෝ සත්ව කොටස් වලටත් සිදුවන හානිය නිසාමය. ඒ දේවල් ගැන නොසිතා උන්වහන්සේලා කරගන්නා මහා විනාශයට ඔබද හවුල්කාරයෙකු නොවන්නේ නම් ඔබ දුර්ලභ මනුශ්‍යයකු ලෙසින් බුද්ධිමත්භාවයෙන් කටයුතු කලා වැනිය.
දේශපාලන කටයුතු නිසාවෙන් සිත, කය, වචනය හසුරුවන විට තමන්ටත් අනුන්ටත් ඒ තුලින් කොතරම් යහපතක් සිදුවේ දැයි විමර්ශනයෙන් යුතුවම ඒ ඒ දෑ කරන්නට තරම් බුද්ධිමත් විය යුතුය.
“ධර්මය යැයි කියා සමාජයේ පවතින තත්වයට කතා නොකර සිටිය යුතු නැත“ යන්න යමෙක්ගේ තර්කයයි. ඒ නිසා ඔබට ද්වේශ සිත් ඇතිවන ලෙසින් ඒවා කරන්නට එපා යැයි පවසන්නට මට කිසිසේත්ම අයිතියක් නැතත් නිර්වාණය ලැබීම පිණිස තම තමන්ගේ යහපත උදාකරගැනීම පිණිස අංශු මාත්‍ර හෝ උපකාරයක් සපයන්නෙකු වශයෙන් ඔබ විසින් ඔබ ගැන පමණක්ම නොව පක්ෂ විපක්ෂ අනාථව සිටින සියලු සත්ව පිරිස් වෙතත් සිදුකරගත යුතු සැබෑම යහපත කරගැනීමට උපකාරයක් වන ආකාරයෙන් විමර්ශණය පිණිස මේ සටහන තබන්නෙමි.
ලෞකික ලෝකයේ යම් යම් දෑ කතා කරනා විට විහිළු තහළු පවා කරගන්නා විට තම තමන්ගේ සීමාවන් හඳුනාගැනීමට බුද්ධිමත් විය යුතුය. මන්ද ලෝකයක් යම් හෙයකින් වර්ණනා කරන්නේ නම් එය බුදු හිමියන් පෙන්වා දුන්නාවූ ධර්මය තුල පවතින්නක් නොවේ. එසේ තිබෙනවා යැයි යමෙක් පවසන්නේ නම් එය ධර්මය තවමත් නොදුටු නිසාවෙන් පවසන්නාවූ දෙයක් විනා සැබෑවද නොවේ.
තවමත් අප සිත් තුල තිබෙන්නාවූ කෙලෙස් මට්ටම් අනුව ලෝකයේ බොහෝ දෑ සැබෑවක් ලෙසින් ගෙන නිත්‍ය සංඥාවෙන් ගෙන තමන්ට රිසි සේ පැවැත්විය හැකි දෙයක් යැයි සිතාගෙන සුවයක් සැපයක් ගෙන දෙන්නක් සේ සිතාගෙන “මම,මගේ, මගේ ආත්මය“ යැයි සිතාගෙන කියන කරන සිතන දෑ බොහෝ වේ. 
එය සැබෑව නොවන බව හඳුනාගැනීම දුර්ලභ මිනිසෙක් වන ඔබගේ සැබෑම බුද්ධිමත්භාවයයි. එය සැබෑව නොවෙන බව දැන හැඳින කතා කරන විට ක්‍රියා කරන විට තමන්ටත් අනුන්ටත් යහපතක්ම වෙන ආකාරයෙන් කටයුතු කිරීමටත් අයහපතක් නොවෙන ආකාරයෙන් කටයුතු කිරීමටත් හැකි සිහිය තම තම නැණ පමණින් ලැබේ.
ලෝකය කෙතෙක් වර්ණනා කලද එය වෙනුවෙන් කොතෙක් ගැටුනද ලැබෙන්නේ අනාථවූ ලෝකයක අනාථයෙක්ම පමණක්ම වීමට විනා ඒ අනාථභාවයෙන් මිදීම නොවන බව ප්‍රඥාවන්තව තෝරාගත යුතුය.
  • ඔබ මෙවන් වූ ධර්මයක් මඟ හරිමින් වියපත්වූ විට ඇසුරු කරන්නට තබාගනිමින් කටයුතු කරන්නේ නම් ධර්මයෙන් පෝෂිත රටක් සමාජයක් අනාගතයේදි ලැබේවි යැයි බලාපොරොත්තු වන්නේ කෙසේද?
  • ඔබ බුදු වදන අමතක කොට රාගයෙන් වෙලේ නම් ද්වේශයෙන් දැවේ නම් මෝහයෙන් අන්ධ වේ නම් සත්ධර්මය බබළවන රහතුන්ගෙන් නොඅඩු කාලයක් නොබෝ දිනකින් ලැබේවි ලෙසින් හෝ වේවා මෙකල නිතර කතා කරන යහ පාලනයක් ධාර්මිශ්ඨ පාලනයක් ලැබේවි යැයි සිහින දකින්නේ කෙසේද?
  • ඔබ තවමත් තමන්ගේ යුතුකම ඉටු නොකොට යුතුකම් ඉටු කරන සමාජයක් ලැබේවි යැයි බලාපොරොත්තු වන්නේ නම් එය ලැබේවිද?
  • ඔබට තවමත් මේ ශාසනයේ සිදුවන අංශු මාත්‍ර හෝ ශාසනික කටයුත්තක් කුහක කමක් නැතිව දැක සතුටුව අනුමෝදන් විය නොහැකි නම් මේ ශාසනය තුලින් ලබාගත හැකි අප්‍රමාණ ශාන්තිය ලබාගත හැකිවේවි යැයි සිතිය හැකිද?
නිවන තබා සුගතිගාමී වන වැඩපිලිවෙලවත් තෝරාගන්නට තරම් ඔබගේ ඔය වටිනා දුර්ලභ මනුෂ්‍ය ජීවිතය යොදාගන්නට තරම් ප්‍රඥාවන්ත වූයේ නැතිනම් ඔබව ගලවා ගැනීමට කිසිවෙකුටවත් නොහැකි වනු ඇත. අනන්ත සසර පුරාවට දුක්විඳිමින් හඬමින් සතුටුවෙමින් දේශපාලනය කරමින් ඡන්දය දෙමින් නොයෙක් නොයෙක් ලෙසින් ජීවිතය පවත්වාගනිමින් පවත්වාගෙන ආ අතීතය නැවත නැවත සිදුවෙනවා මිස ඉන් මිදීමක් නම් නොලැබෙනු ඇත.
මෙම ලිපියේ කරුණු සමාජයක් වශයෙන් අනුන් දෙස නිගා කොට බැලීම පිණිස නොව තම තමන් තුල මෙවන් වූ අඩුපාඩුකම් තිබේ නම් තමන්ටම අනුකම්පාවෙන් යුතුව ඒවා සකස් කොට ගෙන යහපත සලසා ගැනීම පිණිස වේ. මන්ද මෙවන් දෑ පැවසූ විට පළමුව තමන් තුල මේවා තිබෙනවාදැයි විමර්ශනය කිරීම පසෙකලා අපගේ සිත් යොමුවන්නේ බාහිරයේ වූ වෙනත් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම පිණිසයි. පළමුව තමන් දෙස බලන්න... තමන් තුල ඒවා නොවේ නම් අන් අයටද තමන්ට හැකි අයුරින් යහපත සලසා ගැනීමට රුකුලක් වෙන්නට තම තම නැණ පමණින් කටයුතු කල හැකිය.
එසේ නොමැතිව ඔබ කියනවා නම් මේ රට විනාශ වෙනවා දූෂණ වංචා වැඩියි අන්‍යආගමිකයන්ගේ බලපෑම වැඩියි ලෙසින් ඔබ විසින් බුද්ධිමත්ව සිතිය යුතු වන්නේ රටේ බහුතරයක් සිටින්නේ බෞද්ධ ප්‍රතිශතයක් නම් මේවාට වගකිව යුත්තේ අවම ප්‍රතිශතයක් වන අන්‍ය ආගමිකයන්ද එසේත් නැතිනම් වැඩි ප්‍රතිශතයක් යැයි පවසාගන්නා බෞද්ධ යැයි කියාගන්නා පිරිසදැයි බුද්ධිමත්ව විමසා බලන්න.
අනුන්ගේ වැරදි කියමින් අනුන්ගේ වංචා දූෂණ සොයමින් කාලය ගත කරන ඔබ අංශුමාත්‍රයක්වත් ඔබගේ වරදක් සොයාගන්නට ඔබගේ සිත ඔබටම කරන වංචාව තෝරාගන්නට ඔබ තුල කෙලෙස් වලින් සිදුවූ ඇති දූෂණය සොයා ගන්නට යොදාගන්නේ නම් පුද්ගලයෙක් වශයෙන්වත් සමාජයක් වශයෙන්වත් රටක් වශයෙන්වත් මෙසේ පහත් තත්වයට ඇඳ නොවෙටෙනු ඇත.
ඔබ තනි පුද්ගලයෙක් වශයෙන් බුදු වදන නිතර සිහිපත්කොට ගෙන හැසිරුණා නම් වරද නිවරද දැක කටයුතු කලේ නම් සමාජයක් වශයෙන් මෙවන් විපත් අවම වනු නොවේදැයි අංශු මාත්‍ර හෝ බුද්ධි මට්ටමක් තිබේ නම් විමසා බලන්නට උත්සාහවන්ත වන්න.
“මාගේ ශාසනය විනාශ වන්නේ මේ ශාසනය තුල සිටින්නාවූ පිරිස් නිසා“ බව බුදු හිමියන් ප්‍රකාශ කල බව නිති සිහි තබාගෙන ඒ විනාශයට හවුල් දෙන්නාවූ රුකුලක් වන්නාවූ පුද්ගලයෙකු නොවී සැබෑවටම මේ ශාසනය රැකගැනීම පිණිස සිතිවිලි, ක්‍රියා, වදන් තුලින් කටයුතු කරන්නාවූ පුද්ගලයෙකු බවට පත්වීම අතිදුර්ලභ මනුශ්‍යත්වයක් ලත් අතිදුර්ලභ බුද්ධ ශාසනයක් ලත් ඔබගේ යුතුකම නොවේදැයි ඔබ විසින් ඔබගෙන්ම විමසා ඒ අනුව කටයුතු කල යුතු නොවේදැයි මොහොතකට සිතා බලන්න.
තමන්ගේ යුතුකම ලෙසින් සලසා රාගය ද්වේශය මෝහය වැඩීම පිණිස යමෙක් කටයුතු කරන්නේ නම් ඒ පුද්ගලයා තුල පවතින බෞද්ධ බවක් නැති බව විවෘත මනසකින් ප්‍රඥාවන්තව දැකීමට උත්සාහ කරන්න. මන්ද අවසන ඔබව බේරාගැනීමට කිසිවෙකු නොවනු ඇත.
සෑම ඡන්දයක්ම ජනාධිපතිවරණයක්ම මහ මැතිවරණයක්ම පමණක් නොවේ වාර්ෂිකව, මාසිකව, දෛනිකව ඒ ඒ ආකාරයෙන් ලැබෙන සෑම අවස්ථාවක්ම තමන්ගේ සිත ධර්මය තුලින් කොතරම් පෝෂණය වී ඇතිදැයි විමර්ශනය කර සොයා බැලීමට කමටහනක් කරගන්නට අවබෝධයෙන් යුතුව උත්සාහ කරන්න. තම සිත් තුල පෙරට වඩා රාගය, ද්වේශය, මෝහය අඩු වෙලාද? වැඩි වෙලාද? විමසන්න... බුද්ධියේ විමසුමට ලක්කල යුතු සැබෑම විමසුම මෙයයි.
භාවනා කරන්නට කාලය සොයන ඔබට මෙන්න මෙවන් වූ අවස්ථාවන් ඉතාමත් වටිනා භාවනාවක්ම වේවි. අන්තර්ජාලය හුදෙක් රාගය ද්වේශය මෝහය වැඩෙන තෝතැන්නක් කරනොගෙන ඔබගේ දුර්ලභ මිනිස් ජීවිතයෙන් නිසි ඵල නෙලාගැනීමට උපකාර කරගන්න.
  • දුෂණය වැඩිවෙලා... වංචා වැඩිවෙලා... මේ රට විනාශ වෙනවා යැයි කම්පා වෙන ඔබගේ සිත තුල පවතින දූෂණය තෝරාගන්නට එයට විරුද්ධවට සටන් කරන්නට කාලය වැය කරන්නේ නම් රටේ දූෂණයද අවම වනු ඇත.
  • ඔබගේ සිතේ පවතින වංචාව තෝරාගෙන එයට විරුද්ධව සටන් කරන්නේ නම් ඒ වෙනුවෙන් කාලය වැය කරන්නේ නම් රටේ වංචාවද අවම වනු ඇත.
  • ඔබ විසින් ඔබටම කරගන්නා විනාශය දැකගන්න එයට විරුද්ධව නැඟී සිටින්න ඒ වෙනුවෙන් කැපවී කාලය වැය කරන්න රටද විනාශයෙන් වැළකෙනු ඇත.
මේ සඳහා ආගම්, ජාති, කුලමල තත්ව තානාන්තර භේදයක් නැත. සරලවම ඇත්තේ ඔබ විසින් ඔබවම තේරුම්ගැනීමට දරන උත්සාහයක් සහ එය යොදන පිළිවෙල අනුව ඔබ ලබන සාර්ථකත්වය පමණි.
බෞද්ධ අබෞද්ධ බව තීරණය වනුයේ ඔබගේ සිතිවිලි, ක්‍රියා, වදන් තුල පවතින ප්‍රඥාවන්තභාවය තුල මිස ලේඛණගත ප්‍රතිශත තුල හෝ උප්පැන්න සහතික තුල නොවන බව බුද්ධිමත්ව විවෘත මනසකින් දැකගන්නට උත්සාහ කරන්න.
පාටක් ඕනෑම නම් ලැබීමට සුදුසුය පාට වන්නේ පින් පාටය. රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් වෙලී ඒ පාට ගන්නට අපහසුවේවි. පක්ෂව කතා කරන්නට අවශ්‍ය නම් කෙලෙස් තොර කරන නිකෙලෙස් පක්ෂය ගැන කතා කරන්න එයට සහාය දෙන්න අවාසියක් නැතිවම දූෂණයක් නැතිවම වංචාවක් නැතිවම ජය නියතයි! අනාගතය සුභයි!

අවසාන වශයෙන් ගැඹුරින් සිහිපත් කරගැනීමට ඉතාමත් ගැඹුරු ධර්ම කොටසක් පවසනවා නම් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් මැනගැනීම තුලම තවමත් කෙලෙස් ගැබ්වී තිබෙන කොට ඉන් මෙහා සත්‍යය මෙයයි... සත්‍යය මෙයමයි... ලෙසින් ගෙන කියන, කරන, සිතන දෑ තුල සාපේක්ෂ සත්‍යය ලෙසින් මුලාවක්ම මිස ගැබ්වූ සැබෑ සත්‍යයක් නොවෙන්නේමය.
චිත්‍රපටියක් දැක සතුටු වී දුක්වී කම්පනයන්ට ලක්වන්නේ යම්සේද අන්න එයම ඔබ සත්‍යය යැයි සිතා සිටින දේ තුලද පවතී. ඉන් ඔබ්බට ගිය කිසිඳු සංකීර්ණ බවක් ගැඹුරු බවක් ඒ තුල නොපවතී. මේ නුවණින් දකින්නේ යම්දිනකද එතැන් පටන් ඔබට බොහෝම සැහැල්ලුවෙන් යුතුව ඒ ඒ දෑ ගැන දැකිය හැකිය. වාතාවරණය අනුව කුමක් කතා කලද සිහියෙන් යුතුව තමාටත් අනුන්ටත් යහපත සැලසෙන ලෙසින් ඒ ඒ දේ කතා කිරීමටත් සාමකාමී මනසක් පවත්වාගනිමින් ක්‍රමයෙන් කම්පනයන්ට ලක්වීම නතර කරගැනීමටත් හැකිවනු ඇත.
ඔබගේ අසංවර පාලනයකින් තොර සිත, කය, වචනය ඔබටම සාපයක් වී ඇතිවා විනා, සමාජයටම සාපයක් වී ඇතිවා විනා, රටටම ලෝකයටම සාපයක් වී ඇතිවා විනා කිසිවෙකුත් එයට වගකිව යුතු නොවේ.

ඔබ විසින් ඔබගේ සිත, කය, වචනය සංවරත්වයෙන් යුතුව පාලනයකින් තොරව පාවිච්චි කරන්නේ යම් දිනකද එදිනට ඔබට යහ පාලනය උදාවනු ඇත. ඔබට සාපයක් වීමට රටක පාලකයෙකුටවත් රජයකටවත් නොහැකිවා සේම ඔබට යහ පාලනයක් ගෙන එන්නටද කිසිදු පාලකයෙකුට හෝ රජයකට නොහැකිය.
“කිසිවෙකුටත් ඔබගේ ගැලවුම්කරුවා වීමට නොහැකිය. ඔබගේ සිත, කය, වචනය සංවරත්වයට පත්කරගන්නේ යම්දිනකද ඔබ ඔබගේම ගැලවුම්කරුවා වනු ඇත“ යන බුදු වදන පසෙකලා සෑම දිනයකම බාහිරයෙන් ගැලවුම්කරුවන් ලැබෙන තුරු බලාගෙන සිටීම ගැලවුම්කරුවන් තෝරාගැනීමට ජනාධිපතිවරණ මැතිවරණ එනතෙක් බලාගෙන සිටීම ප්‍රඥාවන්තදැයි තම තම නැණ පමණින් විමසා දැනගනිත්වා!!!

බෞද්ධ යන නාමය ඔබට ලැබී ඇති පමණින් ඔබ සම්මා දිට්ඨිකයෙක් බවත් මිත්‍ය දෘෂ්ඨිකයෙකු නොවන බවත් ඔබට සිතේ නම් ඔබට වැරදුණු මුල්ම දේ එයම වේ. එනිසා ප්‍රඥාවන්තවන්න!!!

ඔබව ගලවාගැනීමට කිසිවෙකුත් නොපැමිණෙනු ඇත. අවසන ඔබට මේ ලැබී ඇති දුර්ලභ මිනිස්බවයද අහිමිවනු විනා ලැබෙනා කිසිවක්ම නොවනු ඇත! මේ සසර බිය හැකිනම් දැක වටහාගන්නට තරම් ප්‍රඥාවන්ත වන්න!!!

තෙරුවන් සරණින් සැබෑම වංචාව, දූෂණයත් ඒවායෙන් මිදුණ සැබෑම යහ පාලනය දැක ඒ වෙනුවෙන් තම තම නැණ පමණින් කටයුතු කරගැනීමට තරම් දුර්ලබ මිනිසෙක් වශයෙන් ප්‍රඥාවන්තව කටයුතු කරගැනීමට සියලු දෙවි රැකවරණයත් තෙරුවණේ ආශිර්වාදයත් සැමටම ලැබේවා!!!

මොහොතකට හෝ රැවටී ඇත්නම් මඟ නොමඟ වී ඇති නම් තෙරුවණේ සරණ ලැබ රැවටීමෙන් මිදේවා!!!