නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Sunday, March 20, 2011

Are you a noble person? What is your qualification?

Are you a noble person? Yes I am! No I am not!
Present days many are popular with many levels in the path of dharma. While few say I’m Arihat some even say I’m Buddha… and there are thousands of sowan people too…
When we share Dharma with others most of the time people ask what is your level in the dharma path? What is the highest level you achieved so far? Are you sowan? Are you Arihat? Etc…
So think about this little fact from your own mind & level of your own intelligence.
Anyone can say any level as the way they wish…
Also with the previous post you already know what the reasons are to tell…
Let’s assume one ask from me “Are you Sowan or Arihat? What is the qualifications you have to write dharma like this and tell this is the Dharma for Nirvana?”
This is a very common question and that is why I even wanted to write this post for the benefit of all of you…
If one asks such a question, I can say I'm sowan or in a higher level...
With this answer possibly 2 main things can happen…

1. You don't believe me! And you start insult and ignore the fact I told u... and IF I TRULY ACHIEVE the levels I told to you then you are really in trouble… because the way you behave will become the cause to give evil effects to you as you are insulted to a noble person.

2. You believe me! You accepted the fact I told you with respect just because I told u... And you start to believe whatever I'm telling you because you believe that I TRULY ACHIEVE a level and a noble person to believe.
Now what is the betterment you gain through both ways? NOTHING!

Why I say like that?
Because if you insult to a noble person then the effect will be evil without a doubt as you insulted someone who’s higher than you. Then again with respect you believe everything what told by that person and accept it just because he / she is noble in your belief and you simply misleading without even knowing you are misleading.
The truth is nothing to do with belief. It is possible to see through your own wisdom and that is why you are become a human being with the mind with thinking abilities.
Before you ask the question “Are you a noble person?” what is better to do?
First read or listen what they say or write as Dharma…
And then use your own level of wisdom to understand them…
There is nothing to do with the level of the person who write or preach dharma to you as long as you don’t have ability to analyses them and you didn’t have the appropriate attention of your mind for them.
With the content and the level of you understood them you can use them to your practical life to gain the betterment for you… if you feel you gain peace and if you feel you get rid of desires, hatred & ignorance with the understanding you gain then look for the person who told the way to you… who preached the dharma to you…

Always suitable to put “Who” as the and better to put “What” in first to gain the betterment for you… then only you will be able to come to an conclusion…
If you come to the conclusion at the very beginning with the answer you got for the question you asked as “Are you a noble person?” then you are really in trouble.

In Samma Sambuddha’s time on one asked “What is your qualification to tell the truth… are you noble or not…” they just went with their questions and when the Samma Sambuddha gave the solution they just think about them with their own mind and understood. There were 62 false views available on that period and still the same… no one can clean the world from these false views or teachings. Only possible things to do are use your own mind to understand the pure teaching and practice it till you get the best results.
So first clarify what exactly you want… there will be millions of so call noble person and their path available under the name of nirvana and pure dharma but what exactly you want will find you when you need it the most… till that you will just mislead with the questions you asked and the answers you gets.
The more you ask the question “Are you a noble person?” or “what is the qualification you have to prove that this is the pure path to nirvana?” the more the fake people will arise with the tag of “NOBLE” and the more certificate will be issued and more class will open to give the qualification of noble… 
So be wise… not for others… but for yourself…because there is no one out there to save you! What we believe or what we don’t believe doesn’t matter to change the truth. So let the truth become truth while you follow the correct path through your own understanding to experience the truth! 
May triple gem bless you for the best!

ඔබ මාර්ගඵල ලාභියෙක්ද? ඔබේ සුදුසුකම් මොනවද?

ඔබ මාර්ගඵල ලාභියෙක්ද? ඔව්, මම එවැන්නෙක්! නැහැ, මම එහෙම නැහැ!
මේ දිනවල නම් බොහෝම ප්‍රකට කරුණක් තමයි බොහෝ මාර්ග ඵල ලාභීන් අප අතර සිටීම. එයින් සමහරක් දෙනා තමන් අරිහත් බව ප්‍රකට කරන අතර සමහරක් තමන් බුදු වී ඇති බවද පවසයි... සෝවාන් ආදී මූලික ඵල ලැබූවන් නම් දහස් ගණනින් සිටින බව අහන්නට ලැබෙනවා.
ඉතින් ධර්මය බෙදාගන්නා විට බොහෝ දෙනෙක් විමසන පලමු ප්‍රශ්ණය තමයි ඔබ ලබා ඇති ඵලය කුමක්ද යන්න? ඔබ අරිහත්ද? ආදී වශයෙන් විමසන්නට පුරුදු වෙලා තිබෙනවා... ඉතින් මේ පුංචි කරුණත් බුද්ධිමත් ඔබේ විමසීම පිණිස යොමු කරන අතර ඔබේ යහපත පිණිසම හේතු වාසනා වේවා!
කැමැති කෙනෙකුට කැමැති පරිදි තමන්ට නොයෙක් මාර්ග ඵල තිබෙනවා කියලා කියන්නට පුළුවන්... කාගෙන් තහනමක්ද? කලින් ලිපියේත් පෙන්වා දුන් පරිදි ඔබට මතක ඇති එයට විවිධ වූ හේතු තිබෙන බවට. ඉතින් මේ මග ඵල විමසන එක බොහෝම සුලභ වෙලා තිබෙන නිසාම ඒ ගැනත් පුංචි සටහනක් තැබීමට යොමුවෙමි...
ඉතින් මෙහෙම හිතමුකෝ...
මගෙන් කව්රු හරි අහනවා “ඔබ සෝවාන්ද සකෘදාගාමීද අනාගාමීද නැතිනම් අරිහත්ද?“ කියලා... එසේත් නැතිනම් “ඔබට තිබෙන සුදුසුකම කුමක්ද මෙය තමයි නිර්වාණය පිණිස තියෙන නියම ධර්මය කියන්න?“ කියලා...
එවන් ප්‍රශ්ණයක් ඇසුවොත් මට කියන්න පුළුවන් ඔව්, මම සෝවාන් එහෙමත් නැතිනම් එයිට වැඩි ඉහල මාර්ගඵල ලාභියෙක් කියලා... එවන් වූ පිළිතුරක් සමඟ සිදුවිය හැකි ප්‍රතිඵල 2ක් තිබෙනවා...
1. ඔබ මාව විශ්වාස කරන්නේ නැත! ඔබ අපහාස උපහාස කරමින් නින්දා කරමින් මට බැන වදින්නට පටන් ගැනීම. ඉතින් බැරිවෙලාවත් මම ඇත්තටම මාර්ග ඵල ලාභියෙක් නම් එහෙම ඔබ කරපු, කියපු, සිතපු ඒ කටයුතු නිසාම ඔබට දුගතියට යන්න මාර්ගය පෑදෙනවා මෙන්ම නිවන් මගත් වැසී යනවා ආර්ය උපවාදයේ බලවත්කම නිසාම.
2. ඔබ මාව විශ්වාස කරනවා! මම කියූ පමණින් ඔබ මාව විශ්වාස කරලා මට බොහෝම ගරු කරන්නට පටන් ගන්නවා... මම කියන්නේ කුමක්ද එය එලෙසින්ම බාරගන්නට ඔබට පෙලඹෙනවා... මන්ද ඔබේ විශ්වාසය තමයි මම සැබැවින්ම මාර්ග ඵල ලාභියෙක් යන්න...
දැන් මේ දෙකොටසින් ඔබට සිදුවන යහපත කුමක්ද? කිසිවක් නැත!!
ඇයි මම එහෙම කියන්නේ?
එහෙම කියන්නේ මේ නිසයි... ආර්ය උපවාදයේ බරපතලකම නැවත නැවත කියන්නට අවශ්‍ය නැහැනේ... ඔබට වඩා ගුණ මහත්වයෙන් සැබැවින්ම වැඩි නම් එහෙම ඔබට ඉන් ලැබෙන භයානක ප්‍රතිඵල එමටයි... ඒ නිසා ඔබේ පිලිගැනීම තුලින් තීරණය ගෙන කටයුතු කිරීමෙන් ලැබෙන පලමු අවාසිය සහ පාඩුව එයයි... දෙවැන්න පාඩුව තමයි නැවතත් ඔබේ පිලිගැනීම නිසාම ඔබ ගන්නා මතයට කොටු වෙලා මම කියන කියන දේ ඉහටත් උඩින් විශ්වාස කරන්නට පටන් ගැනීම... ඒ නිසාම බැරිවෙලාවත් මම ආර්ය පුද්ගලයෙක් නොවේ නම් ධර්මය ලෙසින් පවසන්නේ අධර්මය නිසාම ඔබත් නොදැනුවත්වම ඔබගේ මග නොමග වී අවසානයි.
දැන් පේනවනේ නුසුදුසු ප්‍රශ්ණ අහලා ලැබෙන පිලිතුරු අනුව තීරණ ගන්න ගියාම සිදුවන අවාසිය කුමක්ද කියලා. සැමවිටම තමන්ට මූලිකත්වය දෙන්න... තමන්ව මේ සසර ගමනින් මුදවාගන්නට නම් නිකරුනේ අන් අයට ඔය වටිනා මිනිස් ජීවිතය බිලි නොදී යම් බුද්ධි මට්ටමක් තිබෙනවා නම් ඒ මට්ටමින් විමසා තමන්ව මේ සසර කතරින් බේරාගැනීම තමන්ගේ යුතුකමක් වගකීමක් මිස අන්කවරෙකුගේවත් වගකීමක් හෝ යුතුකමක් නොවේ.
අපි පිලිගත්ත නොගත්ත කියලා ඇත්ත වෙනස් වෙන්නේ නෑ... ඔබ ඔබටම උරුම වූ සිතීමේ හැකියාවක් ඇති මිනිසත් බව ලබාගෙන තිබෙනවා... ඒ නිසාම ඔබ එය පාවිච්චි කොට තමන්ට යහපත උදා කරගැනීමට දක්ෂ විය යුතුයි.
ඔබ තවත් අයෙකුගෙන් “ඔබ මග ඵල ලාභියෙක්ද? ඔබ සෝවාන්ද? ඔබ අරිහත්ද? ඔබ බුදු වෙලාද?“ ආදී දේ අසන්නට මත්තෙන් “මේ ධර්මය මෙසේයි කියන්නට ඔබට ඇති සුදුසුකම කුමක්ද?“ යැයි විමසන්නට මත්තෙන් කියන්නේ මොකක්ද කියලා තම තම නැණ පමණින් විමසන්නට පුරුදු වීම සුදුසුයි.
මන්ද හැමෝම කියනවා මේ “නිවන් මගයි“ කියලා... බුදු බණ කියලා රාගය, ද්වේශ, මෝහය වපුරන දේශනාත් තියෙනවා... දැන් ඒ නිවන් මගද ඒ බුදු බණද කියලා තෝරගන්නේ ඔබ අසන පැනය හෙවත් “ඔබ මාර්ග ඵල ලාබියෙක්ද? ඔබට ඇති සුදුසුකම කුමක්ද?“ ආදී ගැටලු වලට ලැබෙන පිලිතුර අනුව නම් ඔබේ මනසින් ඔබේ බුද්ධිමත්භාවයෙන් ඔබේ සිතීමේ හැකියාවෙන් ඇති ඵලය කුමක්ද?
නුවණින් විමසා තීරණය නොගෙන මතුපිට කරුණු කාරණා තුලින් විමසන්නට යොමුවනවා නම් එයින් ලැබිය හැකි ඵලයක් නැති බව තම තම නැණ පමණින් වටහාගැනීම තමන්ට යහපත උදාකරගැනීමට හේතු වේවි.
ඒ නිසා කව්ද කින්ද මන්ද ආදී සුදුසුකම් විමසන්න මත්තෙන් කියන්නේ මොකක්ද කියලා විමසා බලන්න... එයට තමන්ගේම නුවණ යොදාගෙන නුවණින් විමසන්න... ඒ කියන දේ තමන්ට යොදාගෙන විමසන්න... ඒ දේවල් ප්‍රායෝගිකද මේ කියන මාර්ගයේ ගියොත් මේ විදියට හිතුවොත් යම් රාගයක්, ද්වේශයක්, මෝහයක් තිබෙනවා නම් එය අඩු වෙනවද කියලා නුවණින් විමසා බලන්න... එය අසා, දරා, භාවිතා කර බහුලව භාවිතා කර ලැබෙන අත්දැකීම වටහාගන්නට නුවණ මෙහෙයවන්න උත්සාහ කරන්න... එවිට තමන්ට වැටහේවි ඉස්සර මට මෙච්චර ආශාවන් තිබුණා ඒත් දැන් එහෙම නෑනේ... ඉස්සර මට මෙච්චර තරහා ගියා ඒත් දැන් එහෙම නෑනේ... ඒ අඩුවූ පමණින් මට කොතරම් සැනසීමක් ලැබිලා තියනවාද කියලා තමන්ටම වැටහෙන මොහොතක් ලැබේවි... එවිට සොයා බලන්න කුමක් අනුගමනයෙන්ද එය ලැබුනේ කියලා... එය කියවා ගත්ත ධර්ම කරුණක්ද අසාගත් දේශනයක තිබුන ධර්ම කරුණක්ද ආදිය විමසා බලා ... ඉන්පසුව ඒය කිව්වේ කව්ද ලිව්වේ කව්ද කියලා සොයා බලන්න...
ඔබ මුලින්ම විමසා “සුදුසුකම් ලබා ඇති  හෝ ලබා ඇති මාර්ග ඵලය“ ආදී  “සහතිකය“ අනුව නම් ඒ මාර්ගය තෝරාගන්නවාද නැත්ද යන්න නිගමනය කරන්නේ ඔබ සෑහෙන අමාරුවක වැටෙනවා නොඅනුමානයි... අන්ධ භක්තියන් බෞද්ධයන් නොවේ! සැබෑ බෞද්ධයා නම් නුවණින් විමසා යථාවත් ධර්මය යථාවත් ලෙසින් තෝරාගත්ත පුද්ගලයායි... කව්රු කොහොම කුමක් කිව්වත් මග නොමග තෝරාගන්නට තමන්ගේ නුවණ මෙහෙයවන්න තමන් දක්ෂ විය යුතුයි... 62ක් මිත්‍ය දෘෂ්ඨි තිබෙන යුගයක සම්බුදු පියාණන්වහන්සේ විසින් තම තමන්ගේ ගැටලුවට විසඳුම් දුන් විට එක් බණ පදයකින් යථාර්ථය අවබෝධ කොටගත් උතුමන් සිටියේ “අනේ මේ බුදු වෙච්ච කෙනෙක් කියන දෙයක්නේ“ කියලා භක්තියෙන් අදහපු නිසා නොව කිව්වේ කුමක්ද කියලා නුවණින් විමසා අදහස අවබෝධකරගත් නිසාවෙනි. ඔවුන් මුලින්ම ගොස් විමසුවේ “ඔබේ මාර්ග ඵලය කියන්න මේ සත්‍යයයි කියන්න ඔබට ඇති සුදුසුකම කුමක්ද“ කියලා නොවෙ “මට මෙවන් ගැටලුවක් තිබෙනවා... ඒ ගැටලුවට විසඳුම ලබා දෙන්න කියලයි... “ 
මුලින්ම ඔබේ ගැටලුව තෝරාගන්න... ඇත්තටම ඔබට නිවනක් ඕනේද කියලා මුලින්ම තීරණය කරලා ඉන්න... නැතිනම් හුදෙක් තර්ක වාද කරමින් ලාභ කීර්ති ප්‍රශංසාද ඔබට ඕන කියලා ඔබ විසින්ම තෝරාගත යුතුයි... ලෝකයේ ජීවත් වෙන්න තීරණය කලා නම් එයට සාර්ථකව ජීවත් වන මාර්ගය පාදා ගන්නට ඔබ සමත් විය යුතුයි... ඉතින් තමන්ගේ ගැටලුවවත් නොදැන තමන්ට අවශ්‍ය කුමක්දැයි නොදැන බහුතරයක් යන නිසා හෝ කාලයේ රැල්ලට හසුවී හෝ තමන්ගේ ජීවිතය බිලිදීම සුදුසුද නැත්ද යන්න තෝරාගැනීම ඔබට භාරයි!
ලෝකය මිත්‍ය දෘෂ්ඨිකයන්ගෙන් තොර ලෝකයක් කරන්න සටන් කලාය කියලා ඔබට එය කරගන්න හැකිවෙනවා නම් සම්බුදු හිමියන් නිවන පසෙකලා මුලින්ම එයට මාර්ගයක් පෙන්වා දේවි... එහෙත් ලෝකය ශුද්ධ කරන්නට මත්තෙන් ඔබ ලෝකයෙන් ශුද්ධ වී සිටින්නේ නම් වඩාත් යහපත් වේවි.
“ඔබ මාර්ගඵල ලාභියෙක්ද? මේ ධර්මය මෙසේයි කියන්නට ඔබට ඇති සුදුසුකම කුමක්ද?“ ආදී ප්‍රශ්ණ ඔබ අසන්නට අසන්නට මාර්ග ඵල ලාභීන් හතු පිපෙන්නා සේ බිහි වේවි... සුදුසුකම් විමසන්නට විමසන්නට සහතික පත් නිකුත්වීම වැඩි වේවි... ඒ සඳහා ආයතන පන්ති බිහිවේවි... ඔබ විමසන නුසුදුසු එක ප්‍රශ්ණයක් නිසාම එය බොහෝ දෙනෙකුට දුගතියට පාර කපාවි... සමහර විට එය ඔබටත් දුගතිගාමී වීමටම පෙර අවස්ථාවක පෙන්වා දුන් පරිදි හේතු නිපදවාවි.
බුද්ධිමත් වන්න! නුවණින් විමසන්න! ඔබව බේරාගැනීමේ වගකීම ඔබටම විනා අවසන ඔය කිසිවෙකුත් ඔබ සමඟ නොසිටීවි. සහතික ගෙන මග ඵල ලැබූවන් සමඟ ඔබටත් නිරයේම දුක්විඳින්නට වේවි... ඒ නිසා ප්‍රවෙශම් වන්නට එකම මාර්ගය නම් නුවණින් විමසීමයි. නිගමනයන්ට තීරණයන්ට එලඹීමට මත්තෙන් ඒ ගැන හොඳින් විමසන්න... තම තම නැණ පමණින් විමසා යහපත කරගන්නට කටයුතු කරගන්න...නිකම්ම නිකම් අන්ධ භක්තියෙක් නොවී යථාවත්ව නුවණින් විමසා තම තම නැණ පමණින් වැටහෙන පමණින් තෝරා බේරාගන්නට යොමුවීම සුදුසුද නැත්ද යන්න තීරණය කිරීම ඔබේම යහපත පිණිස ඔබටම පැවරෙන වගකීමකි!  
තිසරණ සරණ ලැබ නිවී සැනසෙත්වා!