නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, December 1, 2021

සාපය බිඳිමු!

සටහනේ අන්තර්ගතය

ගිය මාසේ... ඒ කියන්නේ 2021 නොවැම්බර් 18 වෙනිදා... වසර 1700 ගණනකට පසුව නැවතත් අපේ මව්බිම තුල අහස උසට මහා චෛත්‍යය රාජයෙක් සකස් කරලා සම්මා සම්බුද්ධ රත්නය පුදන්නට අප බොහෝ පිරිසක් වාසනාවන්ත වුණා. එක්තරා පිරිසකට සාපයක් වූ අතලොස්සකට මහා පුණ්‍ය ගංගාවක් වූ මේ පින් කටයුත්තේ දී උතුම් හදවත් දරන සත්පුරුෂ මිනිසුන් දැන හඳුනා ගන්නට ලැබුණා. එවන් සත්පුරුෂ මිත්‍රයෙකුගෙන් එක්තරා කත බහක දී කියැවුණු වදන් පෙලක් නැණවත් ඔබ සමඟ බෙදා ගත යුතු ම යැයි සිතුණ නිසාවෙන් මෙවර කතු වැකියට මාතෘකා කර ගන්නට සිතුවා.

සඳ හිරු සෑ රඳුන් තනා බුදුන් පුදන අති දුලභ පින්කමේ දී මුණ ගැසුණු සත්පුරුෂ පිරිස බොහෝමයි.  ඒ අතරින් බොහෝම හිතවත් ව ජීවිතයට එකතු වූ අපූරු යහළුවන් පිරිසකුත් ඉන්නවා.  එයින් එක් කෙනෙක් තමයි යුධ හමුදාවේ සේවය කරන රසික.  සඳ හිරු සෑ රඳුන් අබියස වසර ගණනාවක පටන් ගෙන එහි පරමාර්ථය පෙන්වා දෙමින් එහි තොරතුරු කියා දෙමින්... තමන්ට හැකි උපරිමයෙන් ලෝකයේ යථාර්ථයත් කියා දෙමින් මනුස්ස ගුණ ධර්ම වපුරන්නට උත්සාහ දරන සත්පුරුෂයෙක්.  ඉතින් අපත් සමඟ කතා බහක දී ඔහු ඉතාමත් වටිනා ගැඹුරු අදහසක් කියන්නට යෙදුනා.  ඒ වදන් පෙල තුල ඇති ගැඹුරු අදහස නිවන් මඟ කළ එළි කර ගන්නට වෑයම් දරන ඔබටත් දැනිය යුතු නිසාම මෙසේ බෙදා ගන්නට හිතුවා.

අපේ ජීවිත කාලයේ දී අපිට මහා යුද්ධයක අත්දැකීම ලැබුණා... මුහුද ගොඩ ගලලා සුනාමියක අත්දැකීම ලැබුණා... ලෝකයේ ම මිනිස්සු මැරෙන මහා වසංගතයක අත්දැකීම ලැබුණා... ඉතිහාස කතා වල කියැවෙනවා වගේ අහස උසට තැනූ මහා චෛත්‍යය රාජයෙක් සකස් කර පූජා කරන අත්දැකීම ලැබුණා... මෙච්චර අත්දැකීම් ලැබිලත් අපි සසර දුක් කෙළවර කර ගන්නට කටයුතු කර ගන්නේ නැත්නම් අපි හරි මෝඩයි නේද අයියේ, අක්කේ!”

මේ කියමන ඇහුවා ම ඔබට මොකද හිතෙන්නේ? යුද්ධයක් නිසා ජීවිත විනාශ වීම... මුහුද ගොඩ ගලා ජීවිත විනාශ වීම... වසංගතයක් ඇවිත් ජීවිත විනාශ වීම... මනුස්ස ජීවිතයකට ලබන්නට හැකි ව්‍යසනකාරී ස්වභාවය සිහිපත් කරන අත්දැකීම් රැසක් නෙවේද?

කාලයක් තිස්සේ පැවතුණ... මහා ජීවිත විනාශ කල යුද්ධ ගැන කතන්දර අහලා තිබුණට ඒ වගේ යුද්ධ කාලයකට ජීවත් වෙලා අත්දැකීම තියෙන්නේ කීයෙන් කී දෙනාට දපැවැත්ම තුල අප මේ වගේ යුද්ධ කීයක් කරලා ඇත්ද? පෙර අත්බැවයන් ගැන සිහියක් නැති අපට  ඒවා නම් මතක නෑ නේ නේදනමුත් මේ ජීවිත කාලයේ දී මේ ව්‍යසනයේ ස්වභාවය හදවතට දැනෙන සේම අත්දැකීම ලැබුණා.  එහෙනම් එය තවත් කතන්දරයක් පමණක් නොවෙයි නේද?

මුහුද ගොඩ ගලා මිනිස්සු බිලි ගත්තා යැයි කතා කොතරම් අහලා තිබුණත් කවදාවත් විශ්වාස කලා ද? මුහුදේ රැළි පාගමින් සතුටු වෙන වෙලාවට මේ මුහුද ගොඩ ගලන්නට හැකියි කියලා හිතුණා දනමුත් අපි දැක්කා. සෘජුවම මේ අත්දැකීම ලැබිලා ජීවිත හානි වූ පිරිස... ආබාධ සහිත වූ පිරිස වගේම මේ ව්‍යසනකාරී සිදුවීමේ අත්දැකීම විවිධාකාරයෙන් අප දැක්කා. එහෙනම් එය තවත් කතන්දරයක් නොවෙයි නේද?

මහා වසංගතයක්.  කලින් යොදා ගෙන බලාපොරොත්තු තබා ගෙන සිටි බොහෝ දේවල් එක තැනක නතර කරලා ලෝකය ම කඩා වැටුණු මහා වසංගතයක්.  මේ වගේ කාල ගැන අහලා තිබුනා... මිනිස්සු උන් හිටි ගමන් මැරිලා වැටෙනවා.  කතන්දර නේද? හදවතට දැනුන දනමුත් තව දුරටත් කතන්දර නොවී මේ දේවල් දැනටමත් අපේ ජීවිතය තුල අත්දකින්නට හැකි අත්දැකීමක් බවට පත් වෙලා.  කොයි මොහොතක මේ වසංගතයට ගොදුරු වෙයි ද දන්නේ නෑ. නමුත් ඒ බව තවමත් දැනෙනවද? නැත්නම් ගැලවීමක් ගැන සිහින මවනවාද?

මේ ව්‍යසන අස්සේ අපට ගැලවීමක් ගැන කියන, නමුත් කොතරම් ඇසුනත් නෑසුණා වගේ ඉන්න වදන් පෙලක් තියෙනවා.  මේ සියලු ව්‍යසන වලින් නිදහස් වෙන්නට මාර්ගයක් පෙන්වා දුන් මහා ශාස්තෘන් වහන්සේ කෙනෙක් අපට ඉන්නවා. ඒ වදන් පෙල තවමත් රැව් පිළිරැව් දෙන කාලයක ඉපදෙන්නට තරම් වාසනාවන්ත වෙලා තියෙනවා. 

කොතරම් වාසනාවන්ත ද කියනවා නම් ඒ ශාස්තෘ වදන තුල පෙන්වා දුන්න පැවැත්ම තුල අනන්ත වාරයක් අත්දකින්නට වන මහා ව්‍යසන ඇස් පනා පිට ම අත්දකිමින් ඒවායේ කොටස් කාරයන් වෙන්නට හැකි වුණා.  ඒ විතරක් නෙවේ අපූරු ම සිද්ධිය...

ඒ වගේ තුන් ලෝකයක් දිනූ... තුන් ලෝකයක් වන්දනා කල... වන්දනා කරන... ඒ ශාස්තෘන් වහන්සේ නමක් අපට ඉන්නවා ය... අදටත් ජීවමාන ව වැඳුම් පිදුම් ලබනවා ය... ඒ පෙන්වූ විමුක්ති මඟ අසා ගනිවු! මේ ව්‍යසන සහිත සසර පැවැත්ම අවසන් කර ගනිවු! යැයි පණිවිඩය දෙමින් අහස උසට මහා චෛත්‍යය රාජයෙක් සකස් කර පූජා කරන අසිරිමත් අත්දැකීමත් ලබා ගන්නට තරම් වාසනාවන්ත වුණා. 

පෙර කල රජවරු ද රට වැසියෝ ද එකතුව එසේ කල බව අසා තිබුණා... ඒවායේ සමහර නටබුන් අදටත් පවතින නිසා වන්දනාත් කරනවා.  නමුත් බුදු සසුනේ අප්‍රමාදී විය යුතු ම බව පණිවිඩය ‌ගෙන එමින් සඳ හිරු සෑ රඳුන් සකස් කර නිමා කර සසුනට පූජා කරන භාග්‍යය ද අත්දැක ගන්නට අපට ලැබුණා නේද?  මහා ව්‍යසනකාරී සසර පැවැත්මෙන් මිදෙන්නට හැකි දහමක් පෙන්වා දුන්න අති දුලභ බුද්ධ ශාසනයක අපි ජීවත් වන බවත් සිහිපත් කරන අත්දැකීම අපට ලැබුණා නේද?

දැනුත් තව අඳෝනා ගසමින්, මේ ව්‍යසන වලට දොස් තබන්නට පාර්ශවයක් සොයමින්ව්‍යසන වලින් මිදෙන්නට ක්‍රම සොයමින්... ව්‍යසන වල යථාර්ථය පෙන්වූ ශාස්තෘන් වන්දනා කරන්නට චෛත්‍ය සකස් කර පූජා කරනවාට දොස් තබමින්... පැවැත්ම තුල සුවයක් සැනසීමක් සොයනවා නම් එහි මෝඩකම කොතරම් දැයි නුවණ මාත්‍රයක් වේ නම් දැනේවා!

ව්‍යසනකාරී සංසාර බන්ධනය නමැති සාපය බිඳින්නේ නැතිව... පෙරේත කමින් සාපයක් වූ සංසාර බන්ධනය මහා ආශීර්වාදයක් ලෙසින් දකින අනුවණකම ගැන පෙන්වන තථාගතයන් වහන්සේ සිහිපත් කරන... උන්වහන්සේ උදෙසා පූජා කරන ලද උතුම් සංකේත සාපයක් සේ දකින්නේ නැති වෙන්නට තරම් දක්ෂ වෙන්න!  

මේ මහා සංසාර ඕඝය තරණය නොකර... ගසා ගෙන යන සසර සැඩ පහර තුල... ගිලී මිය යන්නට වන මහා සංසාර සුළිය තුල...  එල්ලෙන්නට තුත්තිරි ගස් සොයමින් කාලය කා දමනවා නම් අප තරම් මෝඩයින් තවත් නෑ! ඒ නිසා අප්‍රමාද වන්න.  තවමත් පරක්කු නෑ! අවශ්‍ය කරන්නේ මේ වැඩපිළිවෙල දැක ගන්නට නුවණ පමණයි! හදවත් විවර කරන්න!  ඔබට පෙර නො ඇසූ විරූ දහම් කණ වැකේවි!  තථාගත ශාසනය විවර වේවි!  නමුත් මෙය මඟ හැරෙන්නට ඇත්තේ සුළු මොහොතක් පමණයි! නැණවත් ඔබට ජය! තෙරුවන් සරණ ලැබ නිවනින් නිවේවා!

සත්පුරුෂ මිත්‍රයා රසික ට උපහාරයක් ම වෙත්වා! තෙරුවන් සරණ ලැබ නිවනින් නිවී සැනසෙන්නට ඔහුගේ ම මුවින් පිටවූ මේ වදන් පෙළ ඔහුට කර්මස්ථානයක් ම වෙත්වා!!! 


නිවන් මඟ කළ එළි කර ගැනීමට උපකාර වන දහම් ලිපි රැසක් සහිත නිර්වාණ ධර්ම ප්‍රධාන වෙබ් අඩවියට පිවිසෙන්න!

Break the curse

Article summary

Last month 18th November, 2021 we have experienced a blessed opportunity. After about 1700 years in Sri Lankan history, we could build a huge pagoda again and offered the blessed one. That was indeed a blessed opportunity. And we met some wonderful human beings throughout this process. Let me share some words from a friend among them, which I believe has a deep meaning. Let's try to understand the curse and let's break it!

Sri Lankan Army Officer Rasika is the one who guides people by sharing information about the new Pagoda named “Sanda Hiru Seya (The Victory Stupa)”. He makes efforts of sharing the noble qualities and what we need to cultivate as human beings.  Let’s say he is doing what’s best as a human being to others from his level best.  During a friendly chat he pointed out such a deep point.  Let me share it first. 

“In our lifetime, we had the experience of an evil war...The experience of a tsunami... The experience of a plague... And finally, we had the experience of making a huge pagoda and offer Lord Samma SamBuddha just like in ancient time… If we do not take action to end the suffering of the existence as the blessed one’s guidance despite all these experiences, we will be very stupid! Aren’t we?”

Now think about your life.  As Sri Lankan who lived in this era, we have come across all these experiences and these were part of life. How about you? Of course, no difference, right? How?

If you are not a direct victim of any of the war, which are currently going around somewhere in the world, they are in the present-day news right?  They are not stories.  They are real events happening at this very moment.  As Sri Lankans we could say we were victim of an evil war for years.  And there may be thousands of people around the world which tells you the same story.  But those are not stories from another life.  They are real life event which is evil and disastrous. So, you too can say that you know the evilness of a war. 

How many stories you may have heard about Tsunamis?  Do you ever believe one of them that it could actually happen while you are having some fun on the beach or ocean?  Well, now you know that Tsunami is real.  It is one disastrous event can happen in our life and we already experienced it.  So, you already have the experience of a disastrous Tsunami too, and you know that’s real.

And the plague.  You may be hearing about plagues happened in history. 100 years ago.  But what about now.  Did you ever think about stopping you from going out? Stopping all your schedules… plans at one stage and just stuck at home with no excuses to go outside?  People dying in the streets… burning without no funeral or loved ones? But what you think?  Still believe we could overcome this time too, right? Like our ancient ones did? 

And what about this huge pagoda we Sri Lankans just made & offer to the blessed one?  Samma Sambuddha is the one who warned about all kinds of disastrous events could possibly happen to a being.  Whether you are a human or God or someone above in a higher realm or below in the lower realm, everyone hast to go through any types of disastrous events and they are going to be the part of life.  The blessed one is the one who warned about the meaningless in repetitive lifestyle of the existence. Not only that, the blessed one showed the path of liberation too!

We fight… we believe we won and achieved… then we lose what we achieve and then again, we fight… in between, we die & born again do the same… But who cares, right? Coz we are entertained by the same repetitive process and we enjoy the same poop coming in different forms. 

So, the pagoda is like a message.  Pagoda says “Hey, you… haven’t you gone through all the disastrous & evil experience in this life?  Aren’t you tired yet? Are you still willing to go through the same war, which you never can win? Are you still willing to rebuild the damage of Tsunami and enjoy the waves of ocean till the next one hit? Are you still willing to fight with the ability of getting sick by believing that overcoming this plague would save you to finish what’s unfinished in your life? Oh, come on! Wake up beings! You are still having the opportunity of listening to the noble message of the Blessed one.  You can liberate from this repetitive cycle.  Aren’t you tired?  You still have the chance… I am the sign of the given opportunity to all of you! So, Wake up and search for the eternal truth about yourself!”

Haven't you heard the message yet? I’m sure you did!  So, stop being deaf and try to be hurry to realize the path of liberation.  You can… coz you are wise! But if you decide to keep continue enjoying the same poop again & again… well, I would say being wise is also depends on the choices you made my friend! At the end of the day, it’s all up to you!  No one is here to force. Not even God will force anyone.  Because God also knows that no matter how he warns, humans are just in love with their poop cycle and get destroyed by their greediness! So, just give it a try! BREAK THE CURSE my dear Dhamma friends!

With Gratitude & Blessings to SL Army Officer Rasika; 


Visit www.nirvanadhamma.com for more Dhamma articles like this!