නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, May 1, 2023

වෙසක් තෙමඟුල

 

සටහනේ අන්තර්ගතය

වෙසක් මංගල්‍යය පවත්වන මාසයත් ලැබුවා ඔන්න. වෙසක් මාසේ පෝය දවස කියන්නේ ඉතින් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බෝසත් උපත, සම්මා සම්බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම කියන මංගල කාරණා තුන සිහිපත් කරගෙන සමරන දවසයි. ලෝකයේ බෞද්ධ යැයි සම්මත සියල්ලෝ ම පාහේ ඉතින් මේ දිනයට විවිධ වෙසක් සැරසිලි සමඟ දන්සැල් දෙමින් බුදු වදන සිහිපත් කර ගනිමින් විවිධ පුද පූජා වන්දනා කරමින් ගත කරන්නට තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ මාසයේ කතු වැකිය තුලින් සාමාන්‍යයෙන් නිතරම පාහේ අසන ප්‍රශ්නයකට කෙටි උත්තරයක් දීම පිණිස වෙන් කරන්නට සිතුවා.

පුංචි දරුවන්ගේ පටන් ගෙන වැඩිහිටියන් දක්වා ම සාමාන්‍යයෙන් අසන ප්‍රශ්ණයක් තියෙනවා.  ඒ තමයි බෝසත් උපත හෝ වේවා සම්මා සම්බුද්ධත්වයට පත් වීම හෝ වේවා මංගල කාරණා තමයි... සතුටින් සමරන්නට හැකි කාරණා තමයි.  ඒත් අනේ ඉතින් ඒ වගේ උතුම් සම්මා සම්බුදු කෙනෙකුගේ විපත හෙවත් මරණය කොහොමද සමරන්නේඑය කොහොම ද සතුටට පත් විය හැකි කාරණයක් වෙන්නේඋන්වහන්සේ හිටියා නම් අපි තව බණත් අහ ගන්නවා නේ!” කියලා.

ඉතින්, සම්බුද්ධ පරිනිර්වාණය හෙවත් අපගේ සම්බුදු රඳුන්ගේ මරණය සම්බන්ධව මෙන්න මේ වගේ ප්‍රශ්න අහන වෙලාවල් තියෙනවා.  ඉතින්, ඔබටත් එහෙම ප්‍රශ්න නැගෙනවා නම් ඒ ගැන ගැඹුරින් විමසා තමන් තුල සැඟවී ඇති කෙලෙස් හඳුනා ගන්නටත් එක්ක අප මේ ගැන කතා කරමු!

මරණය කියන්නේ ඉතින් සාමාන්‍ය බහුතරයක් පිරිසට සතුටට පත් විය හැකි කාරණයක් නෙවේ.  ඒකට “විපත” කියන්නෙත් ඒකනේ.  විශේෂයෙන් ම තමන් කැමති පුද්ගලයෙකුගේ වියෝව හෙවත් මරණය කියන්නේ ඉතින් අතිශයින් ම දුකට පත් වන කාරණයක්.  ඒ නිසා සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහි දැඩි ඇල්මක් ඇති පුද්ගලයෙක් විදියට, සම්මා සම්බුදු රඳුන් ඉතාමත් විශේෂ කෙනෙක් විදියට දකින පුද්ගලයෙක් විදියටමේ වගේ ප්‍රශ්න අහන එක සාමාන්‍ය දෙයක්.

නමුත් ඉතින්, මේ දේවල් ගැන ගැඹුරින් විමසා බැලීම තමයි ඇත්තට ම සිද්ධ වෙන්නේ ඕන.  ඒ නිසා සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් මේ තුන් ලෝකයට ම පහල වෙන්නට හේතු වෙන කාරණා මොනවා ද කියලා විමසා බලන්න.  මම පෙර දැකිය යුතු ධර්ම තුනක් කතු වැකියක් ඔස්සේ ත් මේ ගැන විග්‍රහ කරලා දුන්නා මතක ඇති. 

මහණෙනිමේ ධර්ම තුන ක් ලොව විද්‍යාමාන නොවේ නම්අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදනා හ. තථාගත ප්‍ර‍විදිත ධර්‍ම විනය ලොව්හි දීප්ත නොවන්නේ ය. කවර තුනෙක යත්: ජාතිය හා ජරාව හා මරණය හා යි. මහණෙනිමෙ දහම් ගුණ ලොව්හි විද්‍යාමාන නොවේ නම්අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදනා හ. තථාගත ප්‍ර‍විදිත ධර්‍ම විනය ලොව දීප්ත නො වන්නේ ය. මහණෙනියම් හෙයකින් මේ දහම් තුන ලොව දීප්ත වේ ද එහෙයින් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව උපදනා හ. එහෙයින් තථාගත ප්‍ර‍විදිත ධර්ම විනය ලොව්හි දීප්ත වෙයි.

ඉතින්, පේනවානේ “මරණය” කියලා කියන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නට පවා හේතු වන කාරණයක්.  එහි ගැඹුර විනිවිද දකිමින් තමයි උන්වහන්සේලා මේ අනන්ත සසර ගමනක ඉපදෙමින් මැරෙමින් යන ගමන සඳහටම ඉවරයක් කරලා නවත්තලා දාන්නේ.

යථාර්ථය අවබෝධ කර ගත්තේ නැති සාමාන්‍ය පුද්ගලයෙක් විදියට නම් මරණය ගැන සතුටු වෙන්න බෑ තමයි.  ඒකට හේතුව තමයි මරණය කියන්නේ ඉවරයක් නොවේ.  තවත් සාංසාරික දුක් රැසක ආරම්භයක් මයි.  නමුත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් තමයි මේ සාංසාරික දුක් රැස අවසන් කර ගනිමින් සඳහටම මරණය කියන කාරණය අවසන් කර ගන්නා ආකාරය පෙන්වා දුන්නේ.  ඒ නිසා ඒ උතුම් සම්බුදු රඳුන්ගේ මරණය කියන්නේ මේ අනන්ත සසරේ අනන්ත මරණ සියල්ලේ ම අවසාන මරණයයි.  ඒ වගේම තමයි අවසාන මරණයක් ලබා ගන්නට අපටත් හැකි බව අපට ලැබෙන සාක්ෂියයි.  තව දුරටත් උපත් නෑ... තව දුරටත් මරණ නෑ... ඒ නිසා තමයි නැවත උපතක් නැතිව “නිවන” පූර්ණය කර ගත්තා වූ අදහසින් ඒ අවසාන මරණයට “පරිනිර්වාණය” කියලා නමක් දෙන්නේ.

ඉතින්, සැබෑම ශ්‍රාවකයෙක් නම් අප විසින් “යමක් හට ගත්තා නම් ඒ සියල්ලට ම අවසානයක් ඇති බව” අවබෝධ කර ගත යුතුයි. යමක උපතක් වේ නම් වෙනස් වීමට ලක් ව අවසානයේ මරණය ම දරා ගෙන ඉන්න බව අපට අවබෝධ විය යුතුයි.  සම්මා සම්බුදු කෙනෙකුට වුව ද ඒ කියන අවසානය උරුම බව සාක්ෂි සහිත ව අපට දැක ගන්නට හැකියි.  කොතරම් උසස් වුවත්... උතුම් වුවත්... හට ගත් සියලු දේ ට අවසානයක් ඇති බව අප විසින් නුවණින් දැකිය යුතුයි.  වෙසක් කියන්නේ අන්න ඒ ගැඹුර අපගේ ජීවිත වලට තව තවත් ලං කර දෙන දිනයක් බවට පත් විය යුතුයි.  ඒ වගේ ම තමයි එවන් වූ දුක් රැසක් නැවත, නැවත ලං කර දෙන මේ සංසාර චක්‍රය අවසාන කර ගත හැකි, අවසාන උපතක් සහ අවසාන මරණයක් ලබා ගත හැකි බව ක්‍රියාවෙන් ම ඔප්පු කල උතුමන් වහන්සේව සතුටින් සිහිපත් කරමින් ඒ අවසාන උපත, අවසාන මරණය අපට ද උරුම කර ගැනීමට කැප විය යුතුයි!

ඉතින්, තවමත් ඒ අවසාන මරණය සතුටු දායක මංගල කාරණයක් සේ දැනෙන්නේ නැත්නම් තවමත් ඒ උතුමන්ගේ ශ්‍රාවකයෙක් වීමට තරම් සුදුසුකම් අප ලබා නැති බව ද නුවණින් දකින්න ඕන.  ඒ වගේම තමයි කොතරම් “නිවෙන්න ඕන”, “බුදු කෙනෙකු කියූ නිවීම තමයි උතුම් ම කාරණය” කියමින් හිටියත් “නිවීම” කියන කාරණය ලැබෙන විට එයට සතුටු වෙන්නට අපට නොහැකි වෙලා නේ ද කියලා නැණවත් ව විමසා බලන්න. 

බුදු කෙනෙකුගේ නිවී යාමට... අනන්ත දුක් සහිත සසරක් සඳහටම කෙළවර කර ගැනීමට සතුටු වෙන්නට අපට බැරි වෙලා නම් ඒ කියන්නේ ඒ බුදු රඳුන්ගේ ඉගැන්වීම තවමත් අපට බොහෝ දුරයි නේද

ඉතින්, මේ විදියට බුදු වදන භාර ගන්නේ නැතිව ඒ බුදු වදනට සතුටු වෙන්නේ නැතිව කටයුතු කල නිසාම නේද අප තවමත් සසරේබුදු රඳුන් සහ උන්වහන්සේගේ වදනට සතුටු වූ පිරිස නිවිලා ගිහින්.  සසරේ ඇත්තෙත් නෑ! නමුත් අපි? “හිටියා නම් හොඳයි තව බණ අහ ගන්න තිබුණා නේ” කියලා මේ අනාථ සසරක් ම පතනවා.  එහෙම හිතමින් උපත, වෙනස් වීමමරණය කියන කාරණා ගැඹුරින් දකින්නට ප්‍රතික්ෂේප කරන අපිට බුදු හිමියන් හිටියත් වැඩක් වෙයි කියලා හිතෙනවා ද?

ඒ නිසා පුංචි දරුවන් ඇතුලු මේ වගේ ප්‍රශ්න නැඟෙන අපේ වැඩිහිටි පාර්ශවයට කියන්න තියෙන්නේ ජීවිතය ගැන ඔයිට වඩා ගැඹුරින් නුවණින් දකින්න උත්සාහවන්ත වෙන්න ඕන.

මේ ලෝකයේ උතුමන් යැයි සම්මත පිරිසක් විසින් මේ ජීවිතය ගැන ගැඹුරින් දකින්නට අපට මඟ පෙන්වා දීම් කරලා තියෙනවා.  ඒ දහම් විමසන්න අප දක්ෂ වෙන්න ඕන.  එවන් උතුමන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේ උතුම් වූ විශේෂිත කාරණා සිහිපත් කරමින් සමරන්න යෙදෙන මෙවන් මාසයක ජීවිතය ගැන වඩාත් ගැඹුරින් දකින්නට උත්සාහවන්ත වෙන්න ඕන.

මේ සැමරීමට වෙසක් කූඩුවක් හදන්නෙත් ඒ ඇත්ත වටහා ගන්න යි.  ඒකත් විනාශ වෙන්න දෙන්නේ නැතිව ඉටි කොල එහෙම දාලා රැක ගන්න ක්‍රම හදලා මේ ඇත්තෙන් ඈතට දුවන්න වංචනික විදියට උත්සාහවන්ත වෙන්නේ නැතිව, මුලින් ම මේ හට ගත් සියල්ලට ම අනිවාර්යයෙන් ම උරුම අවසානයක් ඇති බව ගැඹුරින් දකින්න යොමු වෙන්න.  ඒ වගේ දේවල් රැස් කර ගෙන මාන්නයෙන් උඩඟු වෙමින් පොදි ගහන ජීවිතයක් වෙනුවට දන් දෙමින් තමන්ට ලැබෙන දේ අතහරින්නට හැකි පාඩම දන් සැලක් තුලින් ඉගෙන ගනිමින් වෙසක් මාසයේ දන් දෙන්න.  ලයිට් වැල් දාලා බබළන චෛත්‍යය... පන්සල්... ආදියෙන් මේ වෙසක් මාසයේ දෙන්නට හදන උතුමන්ගේ පණිවිඩය ලබා ගන්නට දක්ෂ වෙන්න.

තවත් වෙහෙසකාරී කාරණා රැසක් සිදු කරන... අන් අයට කරදරකාරී ලෙස ගත කරන දින කිහිපයක් වෙනුවට මේ සමරන්නේ කවරෙක් දැයි සිහිපත් කර ගෙන ඒ උතුමන්ගේ ඉගැන්වීම ජීවිතයට එකතු කරගන්නට තරම් දක්ෂ වෙන්න!  ඔබට සුභ අසුභ නිසි සේ හඳුනා ගන්නට හැකි සුභ වෙසක් මංගල්‍යයක් වේවා!  ප්‍රඥාවන්ත ව තෙමඟුල සිහිපත් කරගෙන සමරමින් නිවනට උදෙසා ම... අවසන් උපත... අවසන් මරණය උදෙසා ම පියවරක් තබා ගන්නා මාසයක් වේවා!!!

මෙවැනි දහම් ලිපි ඇසුර පිණිස "නිර්වාණ ධර්ම" වෙබ් අඩවියට පිවිසෙන්න!

Vesak Celebration

 

Article summary

This is the month of Vesak celebration. Which is also known as Buddha Jayanti, Buddha Purnima, or Buddha Day, Vesak full moon Poya day is generally a holiday observed by Buddhists and others who believes in Buddhism. This is the day we remember & celebrate the birth of the noble one, the enlightenment, and the death or passing away of the Siddhartha Gautama Samma Sambuddha. All these important events are said to have happened on the same day throughout the noble one’s life.

So, I thought of using this month’s editorial to discuss some commonly asked questions about this celebration.  This is a question arise in many kids as well as some adults too.  The question is: "It is understandable to celebrate a birth and the enlightenment of the blessed one.  But how can we celebrate the death or passing away of the blessed one?  Is it something to celebrate?  It is a sad moment and if the blessed one alive, we can listen to dhamma still, then why we should celebrate the passing away?"  Such questions arise when it comes to the third factor of Vesak Celebration.  So, let’s understand the depth and the hidden defilement in this raised questions. 

Passing away or the death means the sad topics for the general beings.  Death of a person or the separation from what is pleasing to us is always suffering & depressing.  So, it is natural to ask such questions about celebrating a death of a noble one.

But let’s think about this fact little bit deeper and wiser.  What cause a Samma Sambuddha to arise in this world?  Like we discussed in one of our previous editorials The Three Things “Jāti ca jarā ca maraṇañca. Ime kho bhikkhave tayo dhammā loke na saṃvijjeyyuṃ, na tathāgato loke uppajjeyya arahaṃ sammāsambuddho, na tathāgatappavedito dhammavinayo leke dippeyya - Birth, Old Age, and Death. If these three things were not found, the Realized One, the perfected one, the fully awakened Samma SamBuddha would not arise in the world, and the teaching and training proclaimed by the Realized One would not shine in the world” 

So, Death is one of the factors which cause Samma Sambuddha to arise in the world, also to shine the deep teachings of a Samma Sambuddha.  By understanding the depth of the death, the blessed one overcome the process of birth & death and everything in between.

We can’t be happy about the death as it is not the end but yet another beginning which cause to continue the journey of samsara.  But a Samma Sambuddha realized the end of this existence and taught us the way too.  So, the death of the blessed one is the last death of this countless death.  And it is the evidence of possibility of having a last death.  No more birth or no more death in this existence.  That’s why it is also known as parinibbāna which means the completion of the nibbana the enlightenment.

As disciples one should realize that everything arise has to end.  If there is a birth the changing process and the death at the end is its nature.  And the death of the Samma Sambuddha also proves that.  No matter how noble or higher is someone or something everything subjected to end.  So, Vesak celebration should bring that teaching closer to our lives.  And also, Vesak should remind us the fact of ending such a process forever by realizing the noble teachings of a Samma Sambuddha by having a last birth & last death! 

So, my dear friend if you are unhappy about the fact of celebrating the death of a Samma Sambuddha think deeply, that means you are still bit far away from being a true disciple of a Samma Sambuddha.  That also reflect that even though you are appreciating the fact of being enlighten and achieving nibbana is a noble fact, your heart still not accepting it completely.  Because when it comes to the completion of Nibbana, you heart is refusing to celebrate it.  Your heart finds it difficult to accept the fact of ending the existence forever!  Think about it, that’s why we are still being a part of this existence.  Because the teachings of Samma Sambuddha did not touch us deeply.  So, what use of his existence for such narrow set of a mind?  What good will bring us of his presence if we still refuse to accept the birth, decaying and death as it is?

So, my dear dhamma friends… my dear dhamma juniors… reflects the life wisely! 

Vesak Celebration is kind of evidence of possibility of ending this endless samsara.  It is celebration of a noble being who practically shown us the path of true awakening.  From Vesak lanterns, giving food or other donation to everything we do in this Poya day should reflect us this Noble one and the Noble path!  So, understanding the Celebrating of a death of a noble one also shows how we are interest on achieving the Nibbana the last birth as shown by the blessed one.  So, celebrate Vesak the Day of the Samma Sambuddha and take a step towards Nibbana the ultimate cessation of the endless existence!!! 

To read More Articles visit; Official "Nirvana Dhamma" Website!

Saturday, April 1, 2023

Marriage and the Support

 

Article summary

When it comes to the path of Dhamma, the marriage and the relationship between a husband & wife is something we should understand deeply. Rejecting and insulting the spouse disrespectfully or speaking against the marriage is not something letting go of an attachment, or the path of Nibbana. So, let’s discuss what we misunderstood and what we are missing in this subject of marriage through this editorial.

In deep Buddhist teachings the subject of marriage is neither encourage or discourage.   From Samma Sambuddha to most of the other Noble disciples have gone through the marriage life in their lay life and it shows how they have used the marital affairs to develop the greatest qualities which required for the path of nirvana.

In this relationship one learns to respect another human being, develop trust and being trustworthy to another.  Also being grateful and satisfied and content with what already received.  Patience, forgiveness, friendship and many more.  Many can’t think about the marriage life without considering the Sexual relationship.  That’s why many beliefs and it has become a “Not so nice topic” to discuss with the Buddhist Teachings.  But, in this case many misunderstand that marriage is not just about sex or producing kids.  This is where many misunderstand the marriage and ruined their relationship even which leads to divorce and many chaos. 

If you are already married and interested in the deep Buddhist teachings, then you should observe deeply about your relationship with your spouse.  Look deeply how you support each other, how much respect you both are giving to each other, how to develop a true friendship within, how to trust and be truthful to each other, try to develop a relationship which is beyond just a sexual relationship.

In the life of Gautama Samma Sambuddha, the blessed one has proven this respectful attitude towards to the wife of noble one’s lay life.  We all know her as Princess Yashodhara whom later also become a great Arhath Theri.  After becoming a Samma Sambuddha, the blessed one visited the palace where Princess Yashodhara refuse to meet the blessed one at publicly.  She demanded to meet the blessed one at her place.  But Samma Sambuddha never insulted or being disrespectful towards her.  Instead, the blessed one visited her and let her, shower her pain, and showed how she deserved that for the given support.

Even after becoming an Arhat, Ven. Yashodhara Theri visited Samma Sambuddha and express the long-term relationship they had throughout Samsara and how they supported each other to end the samsaric journey.  And being grateful and at the same time asked forgiveness if there is any false happened throughout this journey.  And then took permission to end the Samsara by completing the Nibbana, where no birth happens again.  That’s also shows the quality of a real woman who understood her role perfectly.   

If you observe the journeys of many noble ones, including all the Samma SamBuddhas, the relationship of their spouses has been magnificent.  They used their marriage lives to develop such noble qualities and make it useful to the path of Nibbana. 

So, one should understand insulting and disrespecting another being is surely not the path of nibbana.  So, if you are married already, use it for the benefits of each other as well as to the other beings.   Develop the greatest needful qualities like noble friendship, trust, respect, gratefulness, gratitude, admiration etc.   Make it beyond physical and that will guide you to the deep teachings of Buddhism which ends the Samsaric Journey.

P.S : 

You should know that this is not an encouragement to the ones who are still not married.  This is to understand how to use the martial affairs to the benefit of developing the path of nibbana if you are already married.  Because I have noticed many believes it is as a burden to the path of nibbana.  Also, I have noticed how, many believe that insulting and being disrespectful towards the spouse is a way of showing how they have not attached to the marriage.  So, understand the depth of the subject.  Deep Buddhist Teachings explain everything subjected to our existence.  We should not ignore the certain topics or ignore discussing them in a supportive way by being afraid of the topic, as it may encourage the existence.  Rejecting and disrespectfully letting go of anything creates another bond, another attachment which is based on the hatred, Ill-will or harmful intentions.  Such methods of letting go is also can be described as the “Vibhava Tanhā” “craving for non-existence”.  So, Buddhist teaching is about understanding and ending all types of craving and for that we need to observe deeply into all the possible topics which are related to our lives.  So, my dear Dhamma friends be Wise!  Observe Wise! 

Instead of making each topic as an encouragement to the existence, make them and use them as an encouragement to END this existence!    If you are married, then develop the noble qualities through it and end this journey of Samsara.  If you are NOT married, try to understand how a new relationship & attachments can possibly become a reason to make you delay to end this journey of Samsara.  So, at the end of the topic as you see this is not about how to get married and make the journey little bit longer with happily married life.  This is all about how to be content and develop the skills to end the journey of Samsara!  Have a blessed time, dear all! Also, you can read about being a true lover to your spouse through this editorial!  

To read More Articles visit; Official "Nirvana Dhamma" Website!

විවාහය තුල වූ සහාය

 


සටහනේ අන්තර්ගතය

නිවන් මාර්ගය ගැනත් අප්‍රමාදීව නිවීම ගැනත් නිරන්තරයෙන් කතා බහ කරන “නිර්වාණ ධර්ම” ලිපි තුල ලෝකයට ම සම්බන්ධ ගිහි වැඩපිළිවෙලක් සේ සම්මත “විවාහය” සම්බන්ධ මාතෘකා කුමකට ද කියා නැණවත් ඔබට සිතෙන්නටත් පුළුවන්. නමුත්, හැමදාම වගේ මේ සටහන් තබන්නට සැරසෙන්නේ නිවන් මඟින් පරිබාහිර කාරණාවක් නොවේ. සත්ධර්ම මාර්ගයේ ගමන් කරන විවාහක පිරිස වෙතටත්, තමන්ගේ සහකාරිය ව හෝ සහකාරයා ව පහත් කර සලකන්නට මඟ පෙන්වා ‍දෙන දේශකයාණන් වහන්සේලාටත් බුදු දහමේ ගැඹුරු ඉගැන්වීම් සම්බන්ධයෙන් ගැඹුරින් සිතන්නට යමක් එකතු කරන්නට මෙවර කතු වැකිය වෙන් කරමි.

මේ වන විට සම්මා සම්බුදු සසුන වරදවා ගෙන විග්‍රහ කර දීම් බහුලව දකින්නට තිබෙනවා.  ප්‍රතිරූපක ධර්ම ලෙසිනුත් මේ විග්‍රහයන් හඳුනා ගන්නට හැකියි.  ඉතින්, ප්‍රතිරූපක ධර්මයක ප්‍රධාන ස්වරූපයක් තමයි බැලූ බැල්මට අතහැරීම, නො ඇල්ම, මිදීම සහිත නිවීම පිණිස වගේ දක්නට තිබෙනවා.  නමුත්, අන්තර්ගතය ගත් විට එය එසේ නොවෙයි.  ඒ විග්‍රහයන් තුලින් මඟ පෙන්වීම සිදු වන්නේ තවත් පැවැත්මක් සඳහා ම තමයි.  නමුත් ප්‍රකාශ කරන්නා හෝ අසන්නාට මේ සියුම් ව සිදු වන අනතුර ගැන වැටහීමක් නැති වෙන්නට පුළුවන්.  ඒ නිසා තමයි ප්‍රඥාවන්ත ශ්‍රවණය ක් ඉතාමත් වැදගත් වෙන්නේ.  හොඳයි, දැන් ඉතින් අපි කතා කරන්නට සූදානම් වන මාතෘකාවට මේ කතාව සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඔබට සිතෙන්නට පුළුවන්.  සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. 

යමක් පිළිකුල් කොට... පහත් කොට... අවමන් කොට... ප්‍රතික්ෂේප කිරීම නිවන් මාර්ගය නොවෙයි.  අවබෝධයකින් තොරව යමක් පිළිකුල් කොට, පහත් කොට, අවමන් කොට ප්‍රතික්ෂේප කරනවා නම් එය තුලින් සකස් වෙන්නේ විභව තණ්හාවයි.  තණ්හාව සකස් වෙනවා මිස තණ්හා නිරෝධයක් සිදු වන්නේ නෑ.  ඉතින්, මේ විවාහය සම්බන්ධ කාරණා වල දී බෞද්ධ පිරිස පුරුදු වෙලා ඉන්නවා එය ඉතාමත් පිළිකුල් කොට, පහත් කොට, අවමන් කොට, ප්‍රතික්ෂේප කරන්නට.  බහුතරයක් වූ දේශකයාණන් වහන්සේලා ද, ඒ අනුව කටයුතු කරන්නා වූ දහම් මාර්ගයේ ගමන් කරන පිරිස තුල ද මේ ස්වභාවය ප්‍රකටව දක්නට තිබෙන්නක්.  සමහර විට එය සිදු වන්නේ බහුතරයක් දෙනාට විවාහය කියන කාරණය සමඟ පහත් වූ මට්ටමක රාගයක් බැඳී තිබීම සිහියට නැගෙන නිසාම විය හැකියි. 

පිරිමි පාර්ශවය ගත් විට තමන්ගේ බිරිඳ හෝ කාන්තා පාර්ශව ය ඉතාමත් පහත් කොට කතා බහ කරන අවස්ථා දක්නට තිබෙනවා.  ඒ වගේම තමයි කාන්තා පාර්ශවය ගත් විටත් තමන්ගේ ස්වාමිපුරුෂයා සමඟ එතරම් සම්බන්ධයක් නැති බව දැක්වීමට පහත් කොට කතා කරන අවස්ථා තිබෙනවා.  දෙපාර්ශවය ම තමන්ගේ සහකරුවා සහ සහකාරියට අවමන් වන අයුරින් කතා කිරීම තුලින් තමන් ඒ බන්ධනය ඉතාමත් පිළිකුල් කොට, පහත් කොට දකින... දහම් මාර්ගයේ දියුණුවට පත් වූවෙක් බවට හුවා දැක්වීමක් තමයි බොහෝ වෙලාවට දැක ගන්නට තිබෙන්නේ. 

මෙය ඇත්තටම නොදැනුවත්කම නිසාම, ධර්මය ගැඹුරින් විමසන්නෙ නැති නිසාම සිදු වන අකරතැබ්බයක්.  ගුණ වැඩෙනවා වෙනුවට ගුණ නැසෙන... අවබෝධයෙන් යුතුව තණ්හාව නිරෝධ වෙනවා වෙනුවට ගැටීමෙන් යුතුව ප්‍රතික්ෂේප කරමින් “විභව තණ්හාව” ට පත් වන ක්‍රම වේදයක්.  ඒ නිසා ප්‍රඥාවන්ත ව ගැඹුරු වූ සියුම් වූ බුදු දහම විමසන්න ඕන.  සම්මා සම්බුදු හිමියන්ගේ බෝසත් චරිතයේ පටන් ගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වූ පසුවත් සහකාරිය කෙරෙහි තිබූ ගෞරවය නැණවත් ව විනිවිද දකින්න ඕන. 

සම්මා සම්බුද්ධත්වයට පත් වී මාලිගාවට වැඩම කල අවස්ථාවේ දී යශෝධරාව ආවේ නෑ උන්වහන්සේ ලඟට.  උන්වහන්සේ ද එය පහත් කොට “ගෑණුන්ගේ මාන්නේ... ස්ත්‍රිය ඔහොම ම යි... අනුවණ ගෑණු සම්මා සම්බුදු කෙනෙක් ව තමන් ලඟට ගෙන්න ගන්නවා...” වගේ ගිහි කල බිරිඳට අවමන් වන ආකාරයෙන්, පහත් කරන ආකාරයෙන් පිළිකෙව් කරන ආකාරයෙන් කටයුතු කලේ නෑ. අනන්ත සසරක් පුරා දුන් සහායට ඒ සහකාරියට ඉතාමත් ගෞරවනීය ලෙසින් තමන් වහන්සේගේ කෘතවේදීත්වය ප්‍රකාශ කලේ ඇය සිටින ස්ථානයට ඇය බලාපොරොත්තු වූ සේම වැඩම කොට ඇයට රිසි සේ ඇයගේ දුක් වේදනාවන් ප්‍රකාශ කර ගන්නට ඉඩ ප්‍රස්ථාව සලසා දීමෙනුයි.  උතුම් ගුණ පිරුණු ඒ යශෝධරාව උන්වහන්සේගේ දෙපතුල් අල්ලා ගෙන හැඬූ ආකාරයත් ධර්මයේ සඳහන් වෙනවා. ඒ කිසිවක් පහත් කොට දක්වා බුදු හිමියන් විසින් අවමන් කර නැති බව නැණවත් ව වටහා ගත යුතුයි. 

එකිනෙකා ගේ ස්පර්ශය නිසාවෙන් පහත් වූ කාමයෙන් රාගයෙන් බැඳෙන්නට තරම් දුර්වල වූ මානසිකත්වයක් උතුම් සම්මා සම්බුද්ධ රත්නය තුල හෝ රහත් වෙන්නට පාරමිතා පිරී තිබූ යශෝධරාව තුල වත් නො තිබූ බව වටහා ගන්නට ඔබගේ සිතත් මේ ධර්මාවබෝධය තුලින් ම දියුණුවට පත් විය යුතුයි.  ඒ වගේම තමයි යශෝධරා තෙරණින් වහන්සේ උත්තම රහත් ඵලයෙන් පසුව තමන් වහන්සේ පිරිනිවන් පාන්නට යන අවස්ථාවේ දී අනන්ත සසරක් පුරාවට සහකාරයෙක් ලෙසින් තමන්ට ලබා දුන් සහායටත්... සහකාරියක් ලෙසින් තමන් වහන්සේ ලබා දුන් සහායත් ප්‍රකාශ කරමින්... වරද ප්‍රමාද දෝෂයන් ට සමාව ගනිමින්... ලබා දුන් සියලු සහායට ස්තුති කරමින් තමයි මේ සසර නිමා කරමින් නික්ම යන්නටත් අවසර ලබා ගත් ආකාරය.  ඒ තුල සැබෑ කාන්තාවකගේ පිරුණු බව, උසස් වූ ගති ලක්ෂණ සියල්ලම ගැබ් වෙනවා.

සැබෑවට ම අත හැරුණු... සැබෑවට ම තණ්හාව නිරෝධය කල සහ නිරෝධ මාර්ගයේ සිටින පිරිස කටයුතු කරන්නේ එලෙසයි.  ඒ අය සියලු දේ ගැන ඉතාමත් අවබෝධයකින් තමයි කටයුතු කරන්නේ.  තමන්ගේ බිරිඳ ගැන වර්ණනා කිරීම... කෘතවේදීත්වය... හෝ තමන්ගේ සැමියා ගැන වර්ණනා කිරීම... කෘතවේදීත්වය පල කිරීම බන්ධනයක් හෝ තණ්හාව වැඩෙන දෙයක් සේ ප්‍රඥාවන්තයා දකින්නේ නෑ.  මේ සම්බුද්ධ ශාසනයකින් පමණක් අවබෝධ කල හැකි ප්‍රඥාවන්ත අතහැරීම සහ අන්‍ය වූ ශාසන වල ප්‍රකට ප්‍රතික්ෂේප කරමින් අතහැරීම දහම් මාර්ගය තුල යන පිරිස බොහෝ විට පටලවා ගන්නා කාරණයක්.    

ඉතින්, මෙන්න මේ සසරක් නිමා කිරීම පිණිස තමන් සමඟ එකට පැමිණෙන චරිතය අතර ඇති රාගයෙන් තොර වූ සහාය... ආධාර කිරීම... මිත්‍රත්වය හඳුනා ගන්නට ඔබ දක්ෂ වෙන්න ඕන.  සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ පවා සම්මා සම්බුදු රඳුන් පෙන්වා දෙනවා තමන්ගේ සහකාරියට, සහකාරයාට අවමන් නොකර නිසි සම්මාන ලබා දිය යුතු බව.  ඒ සූත්‍ර දේශනාවේ පෙන්වා දෙන්නේ නිවන් මඟයි.  නිවීම පිණිස යමෙකු තුල වැඩිය යුතු ගුණ සමුදායේ මුල පටන් ගැන්ම තමයි එතැන තියෙන්නේ.  ඒ දේවල් ගැඹුරින් නැණවත් ව විග්‍රහ කර ගත්තේ නැත්නම් අපට හැමදාම මේ වටිනා නිවීම පිණිස ම වූ දේශනා ලෞකික වූ අර්ථ සහිත දේශනා පමණක් බවට පත් වෙනවා.

දීපංකර බුදු රඳුන්ගේ පටන් ගෙන මීළඟ ට පහල වන්නට නියමිත මෛත්‍රී බුදු රඳුන් දක්වා ම මවපියා, බිරිඳ, දරුවා ආදී විස්තර ත්‍රිපිටක සහ අටුවා ග්‍රන්ථ තුල නම් ගම් වශයෙන් ම දක්වා තිබෙනවා.  ඒ උත්තම සම්මා සම්බුද්ධ චරිත, ඒ උත්තම රහත් ථෙර, ථෙරී චරිතාපදාන ඇසුරු කරමින් ඒවා තුල මේ සසර පුරාවට එකිනෙකාට දුන් සහාය සහ ඒ සඳහා දුන් ගෞරවනීය බව හඳුනා ගන්නට දක්ෂ වෙන්න ඕන.

මේ වන විට පටලවා ගෙන ඇති ගැඹුරු දහම් කාරණයක් වූ ස්ත්‍රී බව, පුරුෂ බව සහ ස්ත්‍රී රූපයක් ලැබීම, පුරුෂ රූපයක් ලැබීම කියන කාරණා අප වෙනත් විග්‍රහයක් තුලින් පෙන්වා දෙන්නම්.  එවිට පහත් කොට දැක්වූ ස්ත්‍රී බවස්ත්‍රී රූපය සමඟ අප පටලවා ගෙන ඇති බව නැණවත් ඔබට වටහා ගන්නට හැකි වේවි.  ඒ වෙනස ගැන ඉතාමත් කෙටියෙන් කියනවා නම් යමෙක් තමන්ගේ සහකාරයා ව හෝ සහකාරිය ව ඉතාමත් පහත් කොට, අවමන් කොට, පිළිකෙව් කොට ප්‍රතික්ෂේප කරනවා නම් ඒ පුද්ගලයා කාන්තාවක් වුවත් පිරිමියෙක් වුවත් ඒ දක්නට තිබෙන්නේ ස්ත්‍රී බවයි.  ධර්මය තුල පෙන්වා දෙන නිරයගාමී වන “ඉතිරි බව, ලද දෙයින් සතුටු නොවන ස්වභාවය” හෙවත් “ස්ත්‍රීත්වය” කියන්නේ එයයි.  “ගෑණු ගතිගෑණු වගේ” කියලත් ඉතින් කට වහරට කියනවා.  ඉතින් පිරිමියෙක් හෝ වේවා කාන්තාවක් හෝ වේවා එවන් ඉතිරි ගති හෙවත් ස්ත්‍රී ගති තියා ගෙන නම් මේ නිවන් මඟ වැඩීම කල නොහැකි දෙයක්.  පිරුණු ගති හෙවත් පුරුෂ ගති වැඩෙන්න ඕන. ලද දෙයින් සතුටු වන බව, කෘතවේදී බව, අවමන් නොකරන බව, ගෞරවනීය බවවිශ්වාසවන්ත බවඉවසිලිවන්ත බව, සමාව දීම සහ සමාව ගැනීම ආදී බොහෝ ගුණ දහම් ප්‍රගුණ කල හැකි “විවාහය” ගැන විවාහක පිරිස ගැඹුරින් අවබෝධ කර ගන්න ඕන.

මේ පැවැත්ම තුල ඇති සියලු කාරණා ගැන සම්බුද්ධ ශාසනයක තරම් පෙන්වා දී ඇති අංග සම්පූර්ණ ශාසනයක් නැති තරම්.  අන්න ඒ ගුණ වැඩෙන ගැඹුරු වූ මනුස්ස අමනුස්ස සියල්ලන්ට ම ප්‍රිය වූ මෛත්‍රී සහගත ප්‍රඥාවන්ත මාර්ගය හඳුනා ගන්නට ඕන.  මේ ඉතාමත් සාරාංශ ගත ව තමයි මේ මාතෘකාව කතා කලේ.  දීර්ඝ විග්‍රහයක් අවස්ථාව ලැබෙන පරිදි පෙන්වා දෙන්නම්.  ප්‍රඥාවන්තයා ට කෙටියෙන් වුවත් යමක් පෙන්වා දුන් කල එය ප්‍රමාණවත් දීර්ඝ වූ නැණවත් විමසීමක් සිදු කරගන්නට.  ඒ සඳහා ම මේ කෙටි සටහනට නැණවත් ඔබට හේතු උපකාර වෙත්වා!!! 

විවාහක හෝ වේවා අවිවාහක හෝ වේවා යමෙක් පහත් කොට, අවමන් කරමින්, පිරිසක් මැද අපහසුතාවයට පත් කිරීම, ප්‍රසිද්ධියේ අගුණ ප්‍රකාශ කරමින් පහත් කිරීම, මේ සියල්ල අසත්පුරුෂ ගති බව ධර්මයේ පෙන්වා දෙනවා.  ඒ නිසා තමන්ගේ බිරිඳ හෝ සැමියා පහත් කරමින් අවමන් කිරීම “අතහැරීමක්” ලෙසින් වරදවා වටහා නො ගත යුතුයි.  යමෙකු ගේ සුළු හෝ ගුණ දැකීම සත්පුරුෂ දහමෙහි හික්මීමයි.  එයම ආර්ය වූ දහම් දකිමින් නිවන් මඟ අවබෝධ කර ගැනීමට පසුතලයයි!!!

පසු සටහන :

දැන් ඉතින් විවාහ වෙලා නැති අය “හම්මේ ගුණ වඩා ගන්න කදිම අවස්ථාව” කියලා ඉතින් ඉක්මනින් ම විවාහ වෙන්නට කලබල වෙන්න එපා හොඳේ!  මේ දේවල් කිව්වේ දැනටමත් විවාහ වෙලා ඉන්න පිරිසට එයට බාධාවක් කර ගන්නේ නැතිව නිවන් මඟ පූර්ණය කර ගන්නට මිසක් නිවන් යන්න නම් විවාහ වෙන්න ම ඕන කියලා පෙන්වා දෙන්න එහෙම නොවෙයි! අදහස ප්‍රඥාවන්ත ව අවබෝධ කර ගන්න ඕන!  තමන් තුල ඇති විවාහ වෙලා රාගයෙන් බැඳෙන්නට ඇති පහත් වූ ආශාවන් ඉටු කරගන්නට ඇති කෙලෙස් පෝෂණය කර ගන්නට වංචනික ව පනින රිළවුන් ට ඉනි මං බැන්දා” හා සමාන විග්‍රහයක් ලෙසින් මෙය නො ගත යුතුයි.  එය එසේ වේවි යැයි සිතා මේ කාරණා පෙන්වා නොදී විවාහය වැනි කාරණා වලට අවමන් කර ප්‍රතික්ෂේප කරමින් විභව තණ්හාව සකස් වෙන ප්‍රතිරූපක ධර්ම විග්‍රහ කර දීම ශාසනික ක්‍රමවේදය ද නොවන බව වටහා ගැනීමට මේ සටහන උපකාර කර ගත යුතුයි.  ඒ නිසා සම්බුද්ධ ශාසනයක මේ ගැඹුර දැක ගන්නට තම, තම නැණ පමණින් කැප වෙත්වා! 

මේ සියල්ල විවාහය යහපත් ද අයහපත් ද යැයි කියා දීමට නොව තමන්ට දැන් ඇති අවස්ථාව, ලැබී ඇති දේ, හමු වී ඇති පුද්ගලයින් නිවැරදිව ප්‍රඥාවන්ත ව හඳුනා ගෙන, ඒ සියල්ල මේ පැවැත්ම අවසන් කර ගැනීම සඳහා තම තමන්ගේ කුසලතාවය වැඩි දියුණු කර ගැනීම පිණිස යොදා ගන්නේ කෙසේ ද යන්න අවබෝධ කර ගැනීම සඳහායි!  සැබෑ ආදරවන්තයෙක් සහකාරයෙක් වෙන්නේ කොහොමද කියලා මීට පෙරත් ඔබත් සමඟ බෙදා ගත් කතු වැකි තියෙනවානේ... ඒ වගේම සැබෑ ආදරය ගැනත් කතා බහ කරලා තියෙනවානේ... ඒවත් නැවත කියවලා බලන්න!  විය යුත්තේ සියලු බන්ධනයන් ගේ අවසානයයි!  එය ප්‍රඥාවන්ත ව අවබෝධයෙන් මිස බලහත්කාරයෙන් ප්‍රතික්ෂේප කිරීම තුලින් සිදු විය යුත්තක් නොවිය යුතුයි!!!

මෙවැනි දහම් ලිපි ඇසුර පිණිස "නිර්වාණ ධර්ම" වෙබ් අඩවියට පිවිසෙන්න!