නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, September 1, 2020

හදවතට දැනෙනවා දැයි බලන්න!

මිනිස්සු අන්ත අසරණ වුනා ම පිහිටක් පතනවා... තමන්ට යන එන මං නැති වුනා ම, තමන්ට තමන්ගේ හැකියාවෙන් දැනුමෙන් කර කියා ගන්න දෙයක් නැති වුනා ම, තවත් කෙනෙක් ගේ තමන්ට වඩා යමක් දන්නවා යැයි සිතෙන... තමන්ට යම් පිහිටක් විය හැකි යැයි සිතෙන  ඕනෑම කෙනෙක් ගෙන් පිහිටක් පතනවා... ඇහුම් කම් දෙනවා... කියන දෙයක් බොහෝම ඕනෑ කමින් යටහත් පහත්ව අසාගෙන සිටිනවා... ඇයි?  තමන්ට ගැලවීමක් ඕනෑ කරන නිසා!!!

එහෙම නැති තාක් පුදුමාකාර ලොකු කම්... මාන්නක්කාරකම්... තමන් දන්න දෙයින් හිස උදුම්මාගෙන වටේ ම ඉන්න අයට බැන වදිමින් පහත් කරමින් මහා උද්ධච්චකම්... කාටවත් ඇහුම් කම් දෙන්නේ නෑ... තමන් දන්න දෙයක්... කැමති දෙයක් කියනවා නම් විතරමයි අහන්නේ...

මේ බුදු බණ අසා ගැනීමේ සිද්ධිය තියෙනවා නේද? අන්න ඒකත් මේ වගේ තමයි...

ඇත්තටම ඔබ තවමත් අසරණ වෙලා බව ඔබ දන්නේ නෑ... ඔබට දැනිලා නෑ... හැඟිලා නෑ... ඒ නිසා තමයි ඔබ තවමත් ඔබට අනතුර පෙන්වන්නට එන අයගේ දොස් දකින්නේ... වැරදි දකින්නේ... කියන දේවල් වැටහෙන්නේ නෑ කියන්නේ... උපකාර කරන්න එන අයව ජීවිතයෙන් ඈත් කරන්නේ... ඔබට ගැළපෙන අයව ලං කර ගන්නේ... බණ වල වුනත් ඔබ දන්න දේ ම කියන අයට ආසා කරන්නේ... ඔබ දන්න දේ ම පමණක් පිළිගන්නේ... දහසක් කොන්දේසි දාන්නේ... කියන දෙයක් කෙටියෙන් කියන්න කියනවා... හැම දේකටම බණ කතා කරන්න එපා කියනවා... දිග වැඩියි වැල් වටාරම් කියන්න එපා කියනවා... කියන්න දන්නේ නැත්නම් කට වහ ගෙන ඉන්න කියනවා... විනාඩියකින් දෙකකින් කියන්න බැරිද වැඩ වැඩියි කියනවා... කොන්දේසි කෝටියක් විතර... යථා දහම් දැක ගන්නට මඟ පෙන්වන විට දාහක් දේවල් කියනවා...

අන්න ඒ නිසා පින්වත් මිනිසුනේ,   

තමන් ඇත්තටම අන්ත අසරණ වෙලා අනාථ වෙලා ඉන්න බව දැනෙන මොහොත එනතෙක් ඉන්න... ගැලවීමක් නැති බව දැනෙන කම් ඉන්න... ලෝකයේ එක එක විද්‍යා වර්ග වලින්... නොයෙක් ආගම් දහම් දර්ශනවාද තුලින්... ජෝතිශයෙන්... අධ්‍යාපනයෙන්... පෙනෙන ඇහෙන දැනෙන හැඟෙන විඳින මේ ඔබ දන්න එක එක ආකාරයෙන් ගැලවීමක් ඇති බවක් දැනෙනවා නම් ඒවා අත්හදා බලන්න... ගැටලුවක් නෑ...  ඕකට තමයි ඉතින් කෙටියෙන් සසර කිව්වේ!

තමන්ට අනාථ බව දැනෙන කම් හැඟෙනකම් ඔබව බේරගන්න හදන එවුන්ව ඔබට විහිලුවක්... ඔබට යහපතක් කරන්න හදන එවුන්ගේ දහසක් අඩුපාඩු කම්... සියල්ල දත් බුදු හිමියන් පවා ඔබට විහිලුවක්... බොරුවක්... මිත්‍යාවක්... ඔබව ගලවාගන්න හදන එවුන්ට පිස්සු කියලා ඔබට හිතෙන්නේ... ඒ ඇත්තන්ට වෙන වැඩක් නැති නිසා ඔබ පස්සේ එනවා කියලායි ඔබට දැනෙන්නේ... ඔබට නො දැනෙන ඔබට නො හැඟෙන ඔබ නො දකින එහෙත් ඔබ මොහොතකින් පත් වෙන්නට නියමිත අනතුර පෙන්වන්න හදන කොට, ඔබට හිතෙන්නේ ම වැල් වටාරම් කියමින් යසට ඉන්න ඔබේ ජීවිතයට වාත වෙන මහා කරදරකාරයෝ පිරිසක් වගෙයි...

මේ අනතුර පෙන්වා දෙමින් මහා කරුණාවකින් ඔබව ගලවා ගන්නට උත්සාහ කරන පිරිස ඉන්නවා නේද... ඒ අයටත් වෙහෙස මහන්සිය දැනෙනවා... ඒවා නොතකා තමයි ඒ අය උත්සාහ කරන්නේ... 

සමහර වෙලාවට ඔබ දැඩිව ප්‍රතික්ෂේප කරන නිසාම ඒ අනතුර පෙන්වා දෙන පිරිස මොහොතකට හෝ පසු බසිනවා... ඒත් අනේ ඒ අතර තුරේදීත් නිදි වරාගෙන... වෙහෙස වී ගෙන... ඔබව ගලවා ගන්නට වෙනත් ක්‍රමයක් ඇත්‍දෝයි සොයනවා... හැබැයි ඔබට සිතන්නේ ඔබ දිනුවා කියලයි... ඔබගේ බක පණ්ඩිතකම් වලට බය වෙලා... ඒවාට දෙන්න උත්තර නැති නිසා... ඒවාට පිළිතුරු දෙන්න නො දන්නා නිසා ඒ ඇත්තෝ පසු බැස්සා කියලයි...

දිගින් දිගටම ඔබ මෙසේ කරන විට දී ඒ ඇත්තෝත් ඉතින් තම තමන් ව අනතුරෙන් ගලවා ගෙන ඔබවත් ගලවාගන්නට උත්සාහයක් තම තමන්ට හැකි පමණින් දරලා ඒ ජීවිතයෙන් සමු ගන්නවා... ජීවිතයෙන් විතරක් නොවේ... මුළු සසරම කෙළවරක් කරලා නැවත නො එන්නම සමු ගන්නවා. 

දවසක් එනවා... මොහොතක් එනවා... “අනේ මාව බේරගන්න කව්රුවත්ම නැත්දෝ!!!” කියලා කෑ ගහන්න හිතෙන... 

අන්න එදාට දැන් කල මොට්ටකම් දැනේවි... බක පණ්ඩිතකම් අති පණ්ඩිතකම් කරමින් කරපු රඟපෑමේ රඟේ දැනේවි... පෙනෙන ඇහෙන දැනෙන විඳින දේවල් වලින් හිස උදුම්මාගෙන කර ගත්ත විනාසයේ තරම දැනේවි... ඒත් කව්රුවත් නෑ එතකොට බේරගන්න!!! යථාවත් දහම් එතකොට වැහිලා ගිහින්... නැවත සම්මා සම්බුදු කෙනෙක් පහල වෙන කාලයක් පෙනෙන තෙක් මානයකවත් නෑ... ඒ සම්බුදු පණිවිඩයත් අර ගෙන ඔබ ඉන්න අනතුර පෙන්වා දෙන්නට උත්සාහ කරමින් ඔබව ගලවා ගැනීමට ඔබ පසු පසින් දහසක් අවලාද අසාගෙන නිහතමානීව ආව ඒ පිරිස ගේ හුළඟක්වත් ඔබට නොවදීවි... ඔබ පැතුවෙත් එයමනේ නේද?  ඒ පැතුම ඉටුවන මොහොතක් එනවා... ඒත් එදාට ඔබට දැනෙන්නේ “අනේ!!! මම ප්‍රමාද වැඩියි!” 

කමක් නෑ... මේ කතන්දරේ ඔබේ හදවතට ඇත්තටම දැනෙන කම් ඉවසන්න... 

කරගෙන යන දේ කරගෙන යන්න... සැබෑවට ම අන්ත අසරණ අනාථ වෙලා බව දැනෙන මොහොතට එන්න... එතකොටත් ඔබ සෑහෙන ප්‍රමාද වේවි... ඒත් කමක් නෑ... මේ සෙල්ලම කරලා යම්තම් අනතුර දැකගන්නට තරම් සිහි බුද්ධියක් මතු වෙච්ච ඔබ වගේම තවත් මනුස්සයෙක් විදියට මම, පතන්නම් මෙත් සිතින් ඒ මොහොතේ දී වත් ඔබට මේ සම්බුදු පණිවිඩය දෙන අනතුර පෙන්වා ඔබට ඔබව ගලවා ගන්නා මඟ කියා දෙන එක් උතුමෙක් හෝ මේ තුන් ලෝකයේ කොහේ හෝ හිද ඔබට මුණ ගැසේවා යැයි කියා!!!

අප වෙනුවෙන් දිවා රෑ නොබලා අනන්ත අපහාස උපහාස  විඳගෙන කොන්දේසි කෝටියකට ඇතුලත්ව සියලු කෙණහිලිකම් මැද අප කෙරෙහි අනුකම්පාවෙන් වෙහෙස නොබලා අපව ගලවා ගන්නට අනන්ත සසර පුරාවට කැප වූ තවමත් කැපවීම් සිදු කරන... මතුවටත් කැප වන... ඒ උත්තරීතර සම්මා සම්බුද්ධ රත්නයටත්... ඒ උත්තරීතර පසේ බුද්ධ රත්නයටත්... ඒ උත්තරීතර ශ්‍රාවක බුද්ධ නම් වූ මහ රහතන්වහන්සේලා ප්‍රමුඛ කරගත් සෝවාන්, සකෘදාගාමී, ආනාගාමී ඵල ලැබූ සහ මාර්ග අනුගාමිකත්වයේ සිටියා වූත් සිටින්නා වූත් මතු පහල වන්නට නියමිත වන්නා වූත් ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නයටත්... මාගේ  දණ්ඩ නමස්කාරය වෙත්වා!!! මාගේ අති උතුම් කෘතෝපහාරය වෙත්වා!!!   මා විසින් නුවණක්කාරකම් යැයි සිතාගෙන මොට්ටමකමින් අනුවණකමින් සිතින්, කයෙන්, වචනයෙන් සිදු කලාවූ සියලු කෙණහිලිකම් වලට සමාව අයදිමි... සමාව ම ලැබෙත්වා!!! සමාව අයදිමි... සමාව ම ලැබෙත්වා!!! සමාව අයදිමි... සමාව ම ලැබෙත්වා!!! 

Distracted life!

I feel I’m lucky to become an observer from my childhood.  Coz all my observation guided me to become my own savior.  All my observations warned me about the trapped I’m in.  I’m happy that I had courage to make the correct decision.  Many still looking for heroes from the outside… strength or super natural powers from outside… a savior from outside… It is just because you still couldn’t observe the courage within… hero lives in side you… a savior within… So, thought of reminding you again! Think wise… because you are wise!!!    

In our lifetime…

We smile… we cry… we have many hopes…

Of course, hopes keeps us alive…

Day or night… we dream… and dream…

Because dreams drive us…

We struggle… we put all our effort to make those

Dreams come alive…

But in an instant… just in an instant…

Every effort can go in vain…

An earthquake… solar storm… hurricane…

Or just a tiny little unseen virus…

Or some growing disease inside the body,

which keeps running for dreams…

Instant… just an instant…

It takes a snap of a time to lose our life…

BUT still…

We keep dreaming…

We keep struggle to make those dreams to come alive…

We call this life!!!

Yes, we love this life… we love this struggle…

We do not like to see any loopholes in this process…

Coz we like dreaming…

We like hallucination…

Of course, we keep getting Warnings!!! Warnings!!!

Sometimes from the nature…

Sometimes from the outsiders…

Sometimes from the loved ones…

And funny part is…

Sometimes we get the Warning from our own body…

Snap of a time… just snap of a time…

How destructive… how meaningless…

How uncertain… and how deceptive…

Yes… we do get WARNINGS!!!

And yes, we do get alarmed… scared….

We get so worried and restless…

that we always blame these warnings…

We scream… “Why me… I’m innocent… you evil one…”

We keep blaming… we see faults on other side…

We keep dreaming….

Oh! Yes! We keep dreaming…

Coz we love dreaming…

Coz it’s our life… and we love our life…

We keep breathing… alive… & alive…

Sometimes we fail…

Who is the winner?  Death or we?

We born again…

Yes!!! It’s not just a belief of a certain community…

Whether we believe it or not that’s what happen…

No matter how strongly you reject the fact…

Truth is still the truth…

By doing the same thing again & again…

By believing that we are doing different things…

Doing the same thing again & again…

And with a belief of “I’ll get it now… I’ll get it now…”

Poor life!

That sad point is that there is a solution… there is a salvation…

There is a liberation!!!

But we like to do the same!!! 

Wish that you get this warning at least this time to awake!!!! 

ඔහේ පාවෙන ජීවිත!!!

වාසනාවකට ලැබුණ විමසිලිමත් බවක් නිසාවෙන් මගේ ජීවිත කාලය තුල බොහෝ දේ විමසන්නට පෙළඹුනා.  අන්න ඒ විමසිලිමත් බව නිසා ම, අනන්තවත් වැටී වැටී නැවතත් නැඟිටිමින් නැවතත් වැටෙමින් පා තැබූ මහා අගාධයකින් ගොඩ යන්නට ලැබිය හැකි විසඳුම ලබා ගන්නට මට හැකි වූ බවට මා විශ්වාස කරනවා.  අනතුරු ඇඟවීම් හඳුනා ගන්නට තරම් නුවණක්... ශක්තියක් මෙන්ම ඒ අනුව කටයුතු කරන්නට ධෛර්යයක් තිබීම ගැනත් මා සතුටු වෙනවා.  බාහිර ලෝකයෙන් වීරයන් සොයන... බාහිර ලෝකයෙන් ගැලවුම් කාරයන් සොයන... බාහිර ලෝකයෙන් විසඳුම් සොයන අප තුල ඒ වීරත්වය... ඒ ශක්තිය... ඒ තමන්වම ගලවා ගැනීම පිණිස ඇති හැකියාව ඇති බව නැවත වරක් සිහි පත් කරන්නට මෙවර කතු වැකිය සටහන් තබන්නෙමි!

අපේ මේ ජීවිතය තුල...

විටෙක හිනා වෙනවා...

විටෙක හඬා වැටෙනවා...

මහා පැතුම් ගොඩාක් තියා ගෙන...

රැයක් දවාලක් නැතිව හීන දකිනවා...

ඒ හීන වෙනුවෙන් සුසුමක් සුසුමක් පාසා නැහෙනවා...

මොහොතකින් ක්ෂණයකින්...

ඒ දැකපු හීන බොඳ වෙලා යන්නට කඳුළු එන තරමට ම....

හැම දෙයක් ම කඩා ගෙන වැටෙනවා...

භූමි කම්පාවක්... සුළි සුළඟක්... හිරු කුණාටුවක්...

පුංචි පුංචි ඇහැටවත් නො පෙනෙන තරමේ වෛරසයක්...

මේ නොයෙක් හීන පෙන්වමින් නැහෙමින් හති දමමින් දුවනා...

ඇඟ ඇතුළේ තමන්ටත් නො දැනීම වැඩෙනා රෝගයක්...

මොහොතයි... ක්ෂණයයි...

ජීවිතය ම නැති‌ වෙන්නට ගත වෙන්නේ මොහොතයි...

ඒත් අපි හීන දකිනවා... ඒ හීන වෙනුවෙන් නැහෙනවා...

ඒ නැහිල්ලට අපි ජීවිතය කියනවා...

ඒ ජීවිතයට අපි පුදුමාකාර ආදරෙයි...

මේ ජීවිතයේ අඩුපාඩු දකින්නට අපි හරිම අකමැතියි...

අපි කැමති හීන වලට...

මේ හීන ලෝකේ පාවෙන අපට...

සිහිය ලබන්නට තරම් දරුණු හීන අපට පේනවා...

විටෙක සොබා දහමින්...

විටෙක නො දන්නා එවුන්ගෙන්...

විටෙක තමන්ගෙ ම එවුන්ගෙන්...

අනේ විටෙක තමන්ගෙ ම සරීරෙන්...

මොහොතකින් ක්ෂණයකින්...

නැසෙන... වැනසෙන අයුරු පෙන්වා දෙමින්...

කැමති සේ නොවන බව පෙන්වා දෙමින්...

අනතුරු අඟවනවා...

ඔව්! අපිත් මොහොතකට බය වෙනවා...

කම්පා වෙනවා... ශෝක කරමින්... දෙස් දෙවොල් තබමින්...

අනතුරු අඟවන හැම දේකටම දොස් පවරමින්...

වරද එහි මිස නැත මෙතැන බව කෑ ගසා කියමින්...

අපි අපේ හීන ලෝක වලටම ඇඳෙනවා...

අනේ! ඔව්! අපි හීන දකිනවා...

අපි හීන වලට ආසයි... ඒක අපේ ජීවිතය...

අපි ජීවත් වෙන්න ආසයි...

මාරයත් එක්ක කඹ ඇඳලා ඇඳලා ඇඳලා...

බැරි ම තැන ජීවිතයෙන් සමු ගන්නවා...

ඒත් අවාසනාව ද වාසනාව ද ???

ජය අපට ද? මාරයාට ද?

නැවතත් පෙනුම මාරු වෙලා ජීවිතයක් ලැබෙනවා...

ඔව්! අපි පිළිගත්තත් නැතත්...

මෙලොව පරලොව පිළිගත්තත් ප්‍රතික්ෂේප කලත්...

ඇත්ත මේකයි!!!

එකම දේ කර කර... විවිධාකාර විදියටැයි සිතා ගෙන...

එකම තැන දුවමින්... දැන් ලැබෙයි දැන් ලැබෙයි යැයි සිතමින්...

මොනවදෝ සොයනා අසරණ ජීවිත තමයි මේ...  

හපොයි!!! කරුමයක මහත නම් විසඳුමක් තිබියදිත්...

මේ දේ ම සැමදා කරන්නට අපට සිත් දීමමයි!   

මේ අනතුරු ඇඟවීම වත් කණ වැකේවා!!! යැයි පතන්නෙමි මෙත් සිතින්!!!