නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, December 2, 2013

Experience the Noble Dhamma...

The more you touch the deep Dhamma
The more you respect the noble triple gem…
The more you see through the illusory world
The more you respect the noble Buddha
The more you uncover the covered shells
The more you lighting the darkness within
The more you realize the hallucination
The more you bow to the
Great kindness of the noble Buddha
When one experience the real Science
By destroying the ignorance
That one respect more to the Noble Triple Gem

To the highest wisdom which explored the
Ugliest truth in this world
To the path of Dhamma which guide
To the eternal Liberation
To the noble disciples who gain fruitions
The more you discover the Noble Dhamma
The more you discover how rare & treasured is these
Noble triple Gem
The mind which touched by true Dhamma
Undoubtedly getting its highest blessings…

“I know the most… I experience the most…

I know the Buddhism… 
I know the Dhamma…”
How terribly mislead most of the beings
By touching just and outer shield
As the true Dhamma…
Just like a pirate who seek for a treasure
And end up with mislead fake map…

By recognizing the “Ego”…

If one sees the “I” through the Noble Dhamma
There is no chance for boastings…
Profits… compliments… popularity…
Any worldly expectation…
For a mind which touched by Noble Dhamma
Hallucinations are no more there to run after…

The one who blind never recognize the
Value between a gem & a stone
If the blind one given a gem that one
Will play with it instead of gaining the real
Fruition…
So don’t be blind…
Be wise to break through the prison…
The noble triple gem…
Is the only way out to the prison…


When you have the courage to face the truth
When you have the interest to feel the truth
When your mind is determined to experience the
Eternal liberation...
The blessings of Noble Triple Gem will
Cover you like a soft wool coat which
Bring you the warmth in the cold winter!
May you gain such a blessed mind in this life itself!!!

ගැඹුරු දම් දැකගන්න...

සත්ධර්මය ගැඹුර අත්දකින තරමින් 
යමෙකුගේ සිත පැහැදෙන්නේ
ඒ උතුම් තෙරුවන කෙරෙහිමයි...
තමන් තුල පවතිනා මායා මුලාව විද බලන සැමවිටම
යමෙකු පැහැදෙන්නේ බුදු හිමියන් කෙරෙහිමයි...
යටිකුරුව ඇති බදුන උඩුකුරුව යන්නාසේ
ඝනදුර මකාගෙන ආලෝකය ලැබෙන්නා සේ
ධර්මය තුලින් මායාව දකින විට
යමෙකු පැහැදෙන්නේ බුදු හිමියන්ගේ මහා කරුණාවටමයි...
ධර්මය තුලින් බුදු හිමි දකින විට

අවිද්‍යා දුරලමින් විද්‍යාව නැගෙන විට
යමෙකු පැහැදෙන්නේ තෙරුවන කෙරෙහිමයි...
මහා ප්‍රඥාවෙන් ලෝකය විවර කල
ඒ ලෝකයේ තතු ධර්මය ලෙසින් විවර කල
ඒ තතු දැන හැදින ඒ ලෝකයෙන් මිදුන
බුදුන් දම් සඟුන් යනු ලොව දුලභ රත්නයන්ම බව
දැනෙන්නේ එවන් වූ සිතකටමයි...



“මම දහම් දන්නවා... මම මෙතෙක් අත්දකිනවා...
බුදු දහම මෙයමයි... “
කොතරම් නම් සරල... මතුපිටින් පොත්තක්...
ධර්මය ලෙසින් හැදින...
අල්ලාගෙන ලෝ දනා පොරකයිද....
නිදන් සොයන්නට ගිය සොරකු
සටහන වැරදිවූ මං ලකුණු ඇති සිතියමක් ලැබ...
නිදානය ලැබුණා යැයි සතුටු වන්නේ යම් සේද...
ගැඹුරු දම් නුදුටු සිත සරල දම් රැගෙන
තුටු වෙන්නේ එලෙසමයි...
දැන හැදින මේ මමත්වය...
ධර්මය තුලින් යමෙකු “මම“ දකී නම්

අරිහත්වය අත්දකින තෙක්
පුරසාරමට ලාභ සත්කාරයට
ප්‍රශංසා කීර්තියට නොම දෙයි ඉඩ සිතට... 


අන්ධයන් සේ පය ගැටෙන රත්නයට පයින් නොම ගසා
ලැබ ඇති දුර්ලභ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා
අප්‍රමාදීව උතුම් වූ තෙරුවනට සිත යොමා
ලැබගන්න අසීමිත සැනසීම සැබෑම නිදහස විමුක්තිය!
යමෙකු තුල ඇති වේ නම් මේ සැබෑ කැපවීම
උනන්දුව නිදහස කැමැති සිත...
මිදුමට මුලාවෙන් මානසික සිරගෙදරින්
නොපමාව නොඅඩුවම එවන් සිත ලැබගනී
උත්තරීතර තෙරුවණේ ආශිර්වාදය
රැකවරණය සැමවිටක!!!

Thursday, October 10, 2013

To practice path of dhamma safely...

When you practice the path of dhamma…
The other people may criticize you,
Some may say the way you practicing is totally wrong…
The methods are mistaken…
Some may guide you how to do it…
Listen to all of them carefully!
While listening try to understand your own heart / mind…
Whether hatred or any kind of conflict arise…
For the name of that other person 
whom trying to guide you...
Is there any feeling of “who’s this to guide me…”
kind of ego feeling?
Listen so carefully and analyze your own self…


If the method you are following supported you to stop burning…
Reduce the level of desire, hatred & ignorance…
If the method you are following allow you…
To be peaceful even while another person is
Criticizing you…or even praising you...
Then the method you are following is…
Effective enough to cool you and 
bring you eternal peace...

Listen to others with kindness in your heart…
That kindness is strong enough to bring…
Another person to this noble dhamma path…
Accept others’ opinions if they are supportive enough…
If not ignore them without any conflicts…
You can gain the eternal peace with wisdom!!!
Always remember no one can understand or
Gives you the perfect guidance other than
Samma Sambuddha..
So accepting or ignoring without analyzing
Other’s opinions may become a 
Curse to you sometime…
Be careful don’t sacrifice your valuable human life
To someone else just because 
You feel right at once…

May triple gem bless you all for the best!!!

මඟ නොමඟ නොවීමට...

දහම් මඟ යන ඔබට...
බොහෝ පිරිස් ඔවාදම් දේවි...
ඔබේ මඟ වැරදි යැයි... ඔබේ ක්‍රමය වැරදියැයි...
විටෙක ඔබ මුලා වී ඇතැයි...
බොහෝ විට පවසාවි...
ඒ සැමටම බොහෝම ඕනෑකමින්
සවන්දෙන්න!

සවන් දෙන අතරතුර
ඒ පිරිස් වෙත ඔබගේ සිතේ
යම් ද්වේශයක් ගැටීමක් නැඟී එනවාදැයි
සොයා බලමින් ඔබගේ සිත තෝරාගන්න...
“මට අවවාද දෙන්න මෙයා කව්ද?“ වැනි
මාන්නක්කාරකම් නැඟී එනවාදැයි
විමසිල්ලෙන් ඉන්න...
ප්‍රවේශමෙන් සවන් දෙමින්
මේ විමසුම කරගන්න...

ඔබ අනුගමනය කරන යම් ක්‍රමයක්...
ඔබගේ එගිනි නිවීමට උපකාර වේ නම්...
රාග ගිනි ද්වේශ ගිනි මෝහ ගිනි මාත්‍රයකින් හෝ...
ඔබට මිදීමට උපකාරයක්ම වෙනවා නම්
මහා සැනසීමක් නොදැවීම් ස්වභාවයක් 
සිතේ ඇතිකරනවා නම්...
අනුන් ඔබට නින්දා අපහාස 
මෙන්ම ප්‍රශංසා කරනවිටදීත්
සිත සාමයෙන් තිබේ නම්...
එසේ නම් ඔබ අනුගමනය කරන
කවර හෝ ක්‍රමයක්...
ඔබව නිවීමට තරම් ප්‍රමාණවත් වේවි...
කරුණාවන්තබව දරාගෙන අන් අයට සවන්දෙන්න...
ඒ මහා කරුණාව තවත් අයෙක් මේ
ගිනි නිවීමේ මඟට ආකර්ශණය කරගන්නට
තරම් ශක්තිමත් වේවි...
ඔබට උපකාරයක් වේ නම් අන් අයගේ 
උපදෙස් අවවාද ඔබ වෙතට ලැබගන්න...
ඔබට හිමි නැති නම් ඵලයක් නොමැති නම්
ගැටීමක් නැතිවම ඉවත දමන්න...
ඔබට ප්‍රඥාවන්තව අසීමාන්තික
නිවීමේ සුව ලැබේවි!!!
සම්බුදු හිමි හැරුණු කොට 
ඔබට නිසි සර්වසම්පූර්ණ
ලෙසින් ගැලපෙනා අවවාද 
අනුශාසනා දිය හැකි
සමතෙක් මේ ලොව නොමැති බව
නිතර සිහි තබාගන්න
මෙවන් දේ නොසලකා යමෙකුගේ උපදෙස්
නොසොයා නොබලා නොවිමසා 
දරාගැනීම හෝ ඉවතලෑම
ඔබට විටෙක සාපයක් විය හැකියි... 
එනිසාම ඔබට එකවරම 
නිවැරදියැයි දැනුන නිසාවෙන්
ඔබගේ වටිනා දුර්ලභ මිනිස් ජීවිතය
නොවිමසා තවත් කෙනෙකු වෙනුවෙන්
පූජා නොකරන්න!!!

තෙරුවණේ සරණ ලැබ නිවීමම වෙත්වා!!!

Thursday, July 25, 2013

“Samma Sambuddha said...so why not me???"

This article is based on something which we should think deeply and understand better for have a successful worldly life as well as extra-mundane life. I personally think this as a mistake which done by mostly the so call Buddhists in this world. The Samma Sambuddha’s teachings says that “intelligent one is who that identify their mistakes, faults and correct them for their benefits”. 

So what is this mistake? Sometimes some says “Samma Sambuddha said like this… did like that… so why not me…” etc… so you might think what the mistake there is… There is nothing wrong about these kind of thinking… etc… yes there is nothing wrong about these kind of thinking unless you think like this…

“Samma Sambuddha said “Idiot, fool” to other people sometimes…. So why not me… I too can tell it you fool...”

“Samma Sambuddha didn't preach for this kind of foolish people then why not me…”

“Samma Sambuddha said bad things about these kinds of people, “Samma Sambuddha insults such people then why not me…?”

Once I have seen something terrible like this that, “Samma Sambuddha took action to protect his kind who “Shakya” (Prince Siddhartha’s race) generation … so we should also, must take action to protect our kind…” 

And once I have seen something like “Samma Sambuddha didn't allow other religions to build their temples next to Buddhist monastery… so why should we…?”

Etc… etc… so 99.9999999999% times we use this phrase “Samma Sambuddha said, did…” as a slogan to fulfill our own desires, hatred & ignorance. So if you are one of them who use this phrase as a slogan thinks what you going to say next… if your slogan can be change into something like this… 

“Samma Sambuddha ceased all kind of desires… then why not me?”…. “Samma Sambuddha ceased all kind of hatred... then why not me?”…. “Samma Sambuddha ceased all kind of ignorance… all kind of suffering… then what’s wrong if I do the same?” If your slogan changed to something like this it will guide you to realize each moment what yet to do for pure happiness and to gain peace in mind. You will realize that you are no one higher than anyone else but one of them who still have desires, hatred & ignorance and yet to cease them. You will not feel like telling someone idiot or fool or something to insult other being as you, yourself know that you still have lot to clean as a human being. 

When Samma Sambuddha say “Idiot or fool” to someone there are millions of cause for that because Samma Sambuddha is a one who can sees all those millions kind of causes at once and even can see what results will be after saying “Idiot or fool” to this person etc…

And more over Samma Sambuddha doesn't have a polluted mind with desire, hatred or ignorance. It’s super clean and all the words the blessed one use or action takes or thoughts the blessed one thinks are always with a higher reason which is to support cease all kind of suffering according to the individual characters the blessed one talks. 

So forget about the slogan of “Samma Sambuddha said...” it’s not even suitable to use, “Even an Arihat said, did…” like that like this… etc… as we are comparing ourselves to someone who ceased all kind of desires, hatred & ignorance. 

So it’s a joke if you say that you are insulting someone without any desire or hatred or ignorance at all in your mind. May be sometimes you don’t have the intention to insult someone but again as you can’t see the millions of possible effects which happen by causing that as Samma Sambuddha can see you may be unknowingly destroying someone else’s life… or dhamma path permanently… this is the main reason that Samma Sambuddha’s teachings says the discipline of your mind, body, words are more important than anything else and it’s the beginning of success in your worldly life as well as extra-mundane life to gain pure happiness.

So my dear dhamma friends watch out what you speak, do act or think… be careful when you use the slogan of “Samma Sambuddha said… or “Arihat said…” because this can cause to many kind of suffering if you complete it with something cause to arise desire, hatred or ignorance… 

So if you really like to use this as a slogan use it wisely and act accordingly…. “Samma Sambuddha ceased desires, hatred, ignorance & all kind of suffering … and why not me?” So may triple gem bless you for the best and always remember "The one who sees Dhamma sees the Samma Sambuddha"!!!

Friday, July 19, 2013

“බුදු හිමියනුත් මෙහෙම කලාය...????"

අප විසින් තවත් ගැඹුරින් සිතා බැලිය යුතු කාරණයක් පෙන්වා දෙන්නට තමයි මේ පුංචි සටහන තබන්නට සිත්වුණේ. එය නිතරම පාහේ බෞද්ධයන් යැයි කියනා පිරිස තුල දක්නට තිබෙන්නා වූ අඩුපාඩුවක් ලෙසින් තමයි මා පෞද්ගලිකව දකින්නේ. ඉතින් අඩුපාඩු අපි හැමෝම ලඟ තියෙනවා. ඒවා අඩුපාඩුවක් තමන්ටත් අනුන්ටත් අයහපතක් දෙන්නක් ලෙසින් තෝරාගෙන ඒවා නිවැරදි කරගන්නා පුද්ගලයා නුවණැත්තෙක් බවට පත්වෙනවා කියලා තමයි මහා ප්‍රාඥයාණන්වහන්සේ විසින් නොයෙක් වර පෙන්වා දී තිබෙන්නේ. 

ඉතින් මොකක්ද මේ අඩුපාඩුව? එය තමයි “බුදු හිමියනුත් මෙහෙම කලාය ඒ නිසා මාත් එහෙම කරනවාය...“ කියලා යම් යම් දේ කියන්නට, කරන්නට, සිතන්නට පෙළඹීම. හොඳයි ඉතින් මේකේ මොකක්ද අඩුපාඩුව වැරැද්ද වෙන්නත් ඕන එහෙමමනේ කියලා ඔබට හිතේවි. ඇත්ත. ඒත් එහි සීමාව මොකක්ද කියලා හඳුනාගන්නේ නම් ඒ කටයුත්ත නිසි ලෙසින් ඉටුකරගෙන නිවී සැනසීමට පත්වීමට සැබෑ සතුට හිමි කරගැනීමට බුද්ධිමත් ඔබට හැකියාවක් ලැබේවි.

 බොහෝ විට සමහර පුද්ගලයන් බුදු හිමියනුත් මෙහෙම කලාය මෙහෙම කිව්වාය කියලා යම් යම් දේවල් කීමේ අදහස් දැක්වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. එයින් ප්‍රකටම දේ තමයි අන් පුද්ගලයන්ව විවේචනයට ලක්කිරීම.

“බුදු හාමුදුරුවොත් සමහර අයට මෝඝ පුරුෂයා කිව්වා මෝඩයෝ, ඒ නිසා මෝඩයාට මෝඩයා කියන්නේ නැතිව වෙන මොකක් කියන්නද“ කියලා විටෙක යමෙක් කියනවා...

“බුදු හාමුදුරුවොත් මේ වගේ අයට බණ කිව්වේ නෑනේ, ඔහේට බණ කියන්නේ නෑ මම“ කියලා තවත් විටෙක කියනවා... 

“බුදු හාමුදුරුවොත් මේ වගේ අයට නින්දා කලා... ඉතින් මට මොකද කරන්න බැරි“ කියලා තවත් විටෙක කියනවා...

තවත් අවස්ථාවක දුටුවා “බුදු හාමුදුරුවොත් ජාතිය රැකගන්නට ශාක්‍ය වංශිකයන් රැකගන්නට කටයුතු කලා... ඒ නිසා අපිටත් එහෙම කරන්නට පුළුවන්“ කියලා කියපු අවස්ථාවක්...

තවත් විටෙක දුටුවා “බුදු හාමුදුරුවෝ අල්ලපු වත්තේ අන්‍ය ආගමිකයන්ට ඒ අයගේ ආගමික සිද්ධස්ථාන හදන්න දුන්නේ නෑ ඒ නිසා අපිත් එහෙම කල යුතුයි“ කියලා කියනවා...

මෙන්න මේ වගේ බොහෝ අවස්ථාවල “බුදු හාමුදුරුවෝ මෙහෙම කිව්වා, මෙහෙම කලා...“ ලෙසින් සටන් පාඨයක් ලෙසින් රැගෙන “ඒනිසා අපිටත් එහෙම කරන්න පුළුවන්“ කියලා කියන්නේ 99.999999%ක්ම රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කරන්නට තමන්ට අවශ්‍ය වූ විටකයි කියලා පැහැදිලිවම පෙනෙනවා. 

මේ ආකාරයට සටන් පාඨයක් මෙන් නිතර හෝ ඉදහිට හෝ මෙය භාවිතා කරනවා නම් ඔබම හිතලා බලන්න ඔබට අවස්ථා කීයකදී හිතිලා තියෙනවද “බුදු හාමුදුරුවෝ සියලු රාගයන් නැසූ කෙනෙක් මමත් එහෙම කරනවා...“ කියලා? එහෙමත් නැතිනම් “බුදු හාමුදුරුවෝ සියලු ද්වේශයන් නැසූ කෙනෙක් මමත් එහෙම කරනවා...“ කියලා? එහෙමත් නැතිනම් “බුදු හාමුදුරුවෝ සියලු මෝහයන් නැසූ කෙනෙක් මමත් එහෙම කරනවාය...“ කියලා? 

බුදු කෙනෙකුන් තබා රාගයන් ද්වේශයන් මෝහයන් සර්වසම්පුර්ණයෙන් නැසූ අරිහතුන්වහන්සේ කෙනෙක් මෙන්න මෙහෙම කියලා තියෙනවා කරලා තියෙනවා කියලා ඉහත ආකාරයේ තවත් කෙනෙක්ව විවේචනයට ලක්වෙන ගැටීමට ලක්වෙන දෑ කියන්නට කරන්නට රාගයන් ද්වේශයන් මෝහයන් තවමත් රිසි සේ තිබෙන්නා වූ ඔබ වැන්නෙකුට මා වැන්නෙකුට කිසිසේත්ම සුදුසු නෑ. 

බුදු හිමියන් බොහෝ අවස්ථාවල පෙන්වා දී තිබෙනවා “මා හැරුණු කොට මට සමකරන්නට හැක්කේ තවත් බුදු කෙනෙකුන්ම පමණි“ කියලා. ඉතින් එයින්ම අදහස් වෙනවා බුදු හිමියන් කියපු කරපු සිතපු දේවල් අනුකරණය කරනවා තබා ඒවා කුමන ආකාරයෙන් කුමක් උදෙසා කලාද කියලා තෝරාගන්නට තරම්වත් සාමාන්‍ය බුද්ධිමට්ටමක් තිබෙන්නෙකුට නොහැකි බව. කෙටියෙන් කියනවා නම් අරිහතුන්වහන්සේ කෙනෙක්ටවත් නොහැකියි සම්මා සම්බුදු පියාණන්වහන්සේලා කියන්නාවූ කරන්නා වූ සිතන්නා වූ දේවල් කුමන ආකාරයේදැයි වටහාගන්නට හෝ අනුකරණය කරන්නට. 

අප විසින් අනුගමනය කරනවා නම් අනුකරණය කරනවා නම් කතා කරනවා නම් සටන් පාඨ ගන්නවා නම් කල යුතු එකම දේ තමයි “බුදු හිමියන්... අරිහතුන්වහන්සේලා... රාගයන් ද්වේශයන් මෝහයන්... සියලු අකුසලයන් මුලින්ම උදුරා දමා සම්පූර්ණයෙන්ම නැසූ අයයි... ඒ වගේ මමත් එහෙම කරනවා... මොකක්ද ඒකේ තියෙන වැරැද්ද“ කියලා කියන්නට නම් කරන්නට නම් සිතන්නට නම් සුදුසුයි. මන්ද එහි කිසිදු වරදක් නැති නිසාවෙන්. 

ඒ අදහස නැගෙන වාරයක් පාසා ඔබ ඔබවම තේරුම් අරගෙන තිබෙනවා ඔබට තවමත් රාග, ද්වේශ, මෝහ යන නැසිය යුතු අකුසල ධර්මයන් ඔබ තුල තියෙනවාය කියලා. ඔබට මාන්නයක් එන්නේ නෑ ඔබ උසස් පුද්ගලයෙක්ය කියලා. මම කිව්වනේ වරද වරද වශයෙන් දැක හදාගන්න කෙනා නුවණැත්තෙක්ය කියලා බුදු හිමියන් පෙන්වා දී තිබෙනවාය කියලා.

බුදු කෙනෙක් කෙනෙකුට “මෝඩයා“ කියනවා නම් ඒ බොහෝ හේතු 100%ක්ම දැකලා තමයි කියන්නේ. උන්වහන්සේ එහෙම කියන්නේ උන්වහන්සේට පමණක් උරුම ඥානයෙන් උන්වහන්සේ දකිනවා මේ පුද්ගලයාට මේ විදියට ආමන්ත්‍රණය කලොත් හිතට වදිනවා එයින් ඔහු මේ ආකාරයේ තත්වයකට පත්වෙනවාය කියලා. 

ඒ විතරක් නෙවේ උන්වහන්සේගේ සිතේ කිසිදු ආකාරයක රාගයක් ද්වේශයක් මෝහයක් හටගන්නට හේතු නෑ. ඒ නිසාම “මෝඩයා“ කියන අවස්ථාවේදීත් උන්වහන්සේගේ සිතේ සෑම අවස්ථාවක තිබෙන්නා වූ මහා කරුණාව හෙවත් අනුකම්පාවෙන් යුක්තව සසර දුකෙන් එතෙර කරවීමේ හැගීම උන්වහන්සේ තුල තබාගෙනයි ඒ දේ කියන්නේ. 

ඒ විතරක් නෙවේ උන්වහන්සේ සමහර අවස්ථාවල ඒ කියන දේ අසාගෙන සිටින කෙනෙක් ඉහල තත්වයකට පත්වෙන නිසාවෙන් කියනවා වෙන්නටත් පුළුවන්. මේ විදියට සාමාන්‍ය බුද්ධිමට්ටමක හිතාගන්නවත් බැරි පරාසයක් තුල විහිදී පැතීරී ගිය හේතු සමූහයක් මතයි බුදු කෙනෙක් තීන්දු තීරණ දෙන්නේ. ඒ නිසා ඔබ ඔබට ආදරයක් තියෙනවා නම් ඔබගේ ගැලවුම්කාරයා වෙන්නට කැමැතියි නම් මෙන්න මේ “බුදු හිමියනුත් කලාය“ කියලා කියන්නට කරන්නට සිතන්නට යන දේ ගැන ගැඹුරින් විමසා බලා ඊළඟ පියවර ගන්නට බුද්ධිමත් වෙන්න.

රාග ද්වේශ මෝහ නැගෙන්නට හේතු තිබෙන්නා වූ ඔබගේ සිතට කවදාවත් නොහැකියි කෙනෙකුට රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොරව “මෝඩයා“ කියන්නට හෝ මහා කරුණාවකින් “මෝඩයා“ කියන්නට. ඒ වගේමයි අන් කරුණු සෑම දෙයක්මත්. මාන්නය 100%ක් නැසූ සිතකත් තවමත් මාන්නය තිබෙන්නා වූ සිතකුත් සර්වසම කොට සිතා සංසන්දනය කරනවා නම් එයිට වඩා මෝඩකමක් තවත් නැති බව ඔබව ගලවාගැනීමට කැමැති ඔබ විසින්ම තෝරාගත යුතු වෙනවා. 

ඉතින් සිතෙහි, කයෙහි, වචනයෙහි සංවරය ඉතාමත් වැදගත්. එය නිවී සැනසීමට සැබෑ සතුට ලැබීමට මෙන්ම ලෞකික වශයෙනුත් දියුණුවට පත්වීමටත් තිබෙන්නා වූ මූලිකම පියවරක්. ඉතින් සැමවිටම “බුදු හාමුදුරුවොත් රාගය ද්වේශය මෝහය නසා ඉන්නේ... පොඩ්ඩවක්වත් නෑ... මාත් එහෙම කරගන්නවා...“ කියන සටන් පාඨය මිස රාගය, ද්වේශය, මෝහය වැඩෙන්නා වූ මාන්නය නිසාවෙන් ගන්නා වූ සටන් පාඨයන් නොගන්නට තරයේ අධිඨන් කරගැනීමත් ඒ වෙනුවෙන් සිහියෙන් සිටීමත් ඔබට මෙන්ම බොහෝ දෙනෙකුට යහපතක්ම ගෙන දේවි! “ධර්මය දකින්නේ හේ බුදුන් දකී“!!!

Friday, June 21, 2013

Face wisely for feedback

If the listener praises you at the end of listening what you have said or after reading what you have written something may be with regards to dhamma or some other topic… then be careful. 

If the listener insults you at the end of listening what you have said or after reading what you have written something … then also be careful. 

Be patient on what you get as feedback. Analyze the both situation carefully. There may be several reasons for praising or insulting. 


May be what you have said is correct… but the listener may not get the correct idea on it and misunderstood it so he / she insult by thinking that is wrong & not suitable. Or else what you have said is actually wrong and that’s why may be listener try to correct you. 

May be what you have said is actually wrong and not suitable... but again the listener may get the feeling that it is a correct thing and praise you.  Then again may be someone who understood that what you said is actually wrong may try to correct you in several way which you feel like that, listener is trying to insult you or critics you.

In both situations the listener or reader may praise or insult you by grabbing the wrong point out of it. So it’s useless to be happy or thrilled by the praises or compliments OR useless to be worry or angry on critics / complains / insults.

There may be another reason like that the listener like you as a person and he / she is basically fan of yours and that’s may be why he / she is praising you without even considering what you say or written. Or the listener may hate you as a person so he / she doesn't like to accept what you say even if it is so correct and suitable to achieve something best for life. 

So there can be many reasons like these. That’s the main reason that we shouldn't jump up and thrilled by the praises / compliments we get on our words, activities or thoughts when they are visible to others. And that is the same reason that we shouldn't jump up with anger, hatred or worries by the critics / insults / bad words / complains get on our words, activities or thoughts when they are visible to others. 

So if you still have this inpatient quality that means you still have a lot to improve as a true human being. You clearly can use loads of dhamma to cleanse yourself from these kind of evil qualities which actually harmful to you so badly.

Once the wisest being ever happen to this universe described that thoughts, words, imaginative thinking, activities we do, speak and think based on desire, hatred & ignorance are like a plantain tree, for if the outer layers of the trunk are peeled off, as one goes inward one comes to no pith or hardwood.


So always remember that being inpatient on feedback which we get for our words, activities and thought is also like the same and also it is applicable to the reactions we made for them. Arguments, fights, debate, explanations, feeling like cloud number 09 etc… etc… also just like peeling off a plantain tree with the thought of having pith or hardwood inside which is valuable. But the result is all nothing but disappointments. Keep this example closer to your life and get the best use out of your wonderful human life.

As I always say the good is not really good and bad is not really bad... So have this on mind always remember that it's not important what we get as the feedback for our words or activities or thoughts in our life.  What really important is that how we react on each situation when we get certain feedback.  Because our reaction may guide us to chain of trouble and endless suffering which comes with the existence.  So be wise... be careful... beware from extremes... be blessed by the truth!!!

Get rid of desires, hatred & ignorance is the only way to be a perfect human being with pure happiness and peace!!! 
May triple gem bless you for the best!

නින්දා ප්‍රශංසා හමුවේ...

තමන් යමක් කියන විට අසන්නා විසින් ඇලීමට පත්වෙලා වර්ණනා කරනවා නම් හෝ ගැටීමට පත්වෙලා අපහාස උපහාස චෝදනා කරනවා නම් හෝ කලබල වෙන්න එපා. මදක් ඉවසන්න... සිතා බලන්න... නුවණින් විමසා බලන්න. මේ අවස්ථා දෙකේදීම ඒ පුද්ගලයා විසින් කටයුතු කරන්නේ මේ මේ හේතු නිසාවෙන් විය හැකියි. 

ඔබ කියූ කරුණ නිවැරදි නිසාවෙන් එය අවබෝධ වෙලා යහපත උදාකරගෙන වර්ණනා කරනවා විය හැකියි.  එසේත් නැතිනම් කරුණ නිවැරදිවුවත් එය අවබෝධකරගැන්මට නොතේරෙන බැවින් නොදැනුවත්කම නිසාවෙන් ගැටීමට පත්වෙලා නින්දා කරනවා විය හැකියි.

ඔබ කියූ කරුණ වැරදි වුවත් නොගැලපෙන වුවත් සුදුසු නැති දෙයක් වුවත් අසන්නාට එහි වරද නොතේරෙන නිසාවෙන් එය තේරුම්ගත්තේ නිවැරදි දෙයක් නිසාවෙන් ඒ පුද්ගලයා එය වර්ණනා කරනවා විය හැකියි.
ඇත්තටම ඔබ කියන කරුණ වැරදිවූත් නොගැලපෙනවූත් සුදුසු නැතිවූත් කරුණක් වීම නිසාවෙන් එය තේරුම් ගත්ත අයෙක් ඔබට එහි වරද පෙන්වා දෙනවා විය හැකියි. 

අසන්නා විසින් ඔබව පුද්ගලයෙක් වශයෙන් ප්‍රිය කරන නිසාවෙන් ඔබ කියන සෑම දෙයකටම ඇලීමට පත්වෙලා වර්ණනා කරනවා විය හැකියි. එසේත් නැතිනම් පුද්ගලත්වයෙන් තමන් තුල ඇති අකමැත්ත අප්‍රසාදය නිසාවෙන් එය පිලිගැනීමේ අකමැත්තක් තමන් තුල තියෙන නිසාවෙන් ගැටීමට පත්වෙලා විය හැකියි. 

ඉතින් වර්ණනා කරන විට හෝ වේවා නින්දා කරන විට හෝ වේවා කලබල වෙලා ඉවසීම නැතිකරගෙන ඇලෙන්නට හෝ ගැටෙන්නට කටයුතු කරනවා නම් ඔබට තවමත් ධර්මයෙන් ගත යුතු දෑ බොහෝමයි. ඔබට නිවීමක් පිණිස සැබෑම අතහැරීමක් පිණිස ප්‍රඥාව පූර්ණය කරගැනීම පිණිස කරගත යුතු දෑ බොහෝමයි. 

යමෙක් ඔබව හෝ ඔබ කියන කරන දෙයක් වර්ණනා කරනවා නම් එය සැබෑවටම වර්ණනාවක් නොවීමටත් යමෙක් ඔබව හෝ ඔබ කියන කරන දෙයක් නින්දාවට අපහාසයට උපහාසයට ලක්කරනවා නම් එය සැබෑවටම නින්දාවක් අපහාසයක් උපහාසයක් නොවීමටත් පුළුවන් වෙන්නේ මේ නිසායි. ඉතින් මම නිතර කියනවානේ හොද ඇත්තටම හොද නෙවේ නරක ඇත්තටම නරක නෙවේ කියලා. 

තර්ක විතර්ක වාද විවාද මේ සෑමදෙයක්මත් අවසානයේ හරයක් සොයන අදහසින් කෙසෙල් කොටයක් කැපුවා හා සමානයි යන්න නිතර සිහි තබාගෙන රාගයෙන්, ද්වේශයෙන්,  මෝහයෙන් යුතුව සිදුකරන්නා වූ සියලු සිතුවිලි, ක්‍රියා, වදන් හෙවත් සංකාර කෙසෙල් කඳක් වැනියි යන උපමාව සිත්හි තබාගෙන ඒ අනුව තමන් කියන කරන සිතන දෑ තෝරාබේරාගෙන අතහැරීමට මිදීමට නොඇලීමට පත්වීමට බුද්ධිමත් වෙන්න. 

තමන් කියන, කරන, සිතන දේට ලැබෙන ප්‍රතිචාර කුමක් වුවත් ඔබ ඒ ප්‍රතිචාර හමුවේ ගන්නා ක්‍රියාමාර්ගය, කියනා වදන්, සිතනා සිතුම් ඔබට හානියක් පිණිස අහිත පිණිස පැවැත්ම පිණිස බොහෝ දුක් රැසක් පිණිස හේතුවන්නට විය හැකි නිසාම නින්දා ප්‍රශංසාහි යථාර්ථය තේරුම්ගෙන කම්පානොවන මනසක් ඇතිකරගන්නට උත්සාහ දරන්න.  එය ලෞකික ලෝකෝත්තර දෙආකාරයෙන්ම සහනයක් සැනසීමක් දියුණුවක් ශාන්තියක්ම ලබාදේවි.

ධර්මය නිසි ලෙසින් ප්‍රයෝජනයට ගන්නට සැමවිටම උත්සාහ කිරීම ඔබගේම යහපත පිණිසම හේතු වේවි!! ඔබ සැමට තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!

Thursday, May 23, 2013

වෙසක් දින දම් පඬුර

ජීවිතයේ සතුට නැතිනම්, මානසික ආතතිය නම්, අසහනයෙන් නම් ඉන්නේ, දුකෙන් නම් ඉන්නේ, කම්පාවෙන් නම් ඉන්නේ, කව්රු මොන බණ කිව්වත් කිසිම ප්‍රතිකාරයක් තාමත් නැතිනම්, බණක් අහන්න තමන් අදහන ධර්මයක් ගැන හිතන්න වැඩි වේලාවක් නෑ කියලා හිතෙනවා නම්, භාවනාවක්වත් කරගන්නට බෑ කියලා හිතෙනවා නම් ඔන්න නිර්වාණ ධර්ම වෙබ් අඩවියෙන් ඔබට තවත් පුංචි තෑග්ගක් දෙන්නයි යන්නේ. සමහරවිට මේ තෑග්ග ඔබගේ සියලු මානසික දුක් පීඩා අසහනකාරී තත්වයන් මග හරවන්න තරම් ප්‍රබල වෙන්නට පුළුවන්. ඉතින් මේ තෑග්ග භාරගෙන ඔබගේ ජීවිතයෙන් පුංචි වෙලාවක් මේ දේවල් වෙනුවෙන් යොදවා බලන්නකෝ. 
ඉතින් ඔන්න මේ තෑග්ග මම සූදානම් කලේ වෙසක් දිනය නිමිති කරගෙන වුවත් ඔබට මෙය නිර්වාණ අවබෝධය පිණිස ඔබට රිසි තාක් කාලයක් භාවිතා කරන්නටත් හැකියාවක් ලැබේවි. වෙසක් දිනයේ සිල් සමාදන් වෙලා අන් අය සමග වැඩකට නැති කථා කරන්නට යෙදෙන කාලය, වටපිට බල බලා සිරි නරඹන්න යොදන කාලය මෙන්ම ඔබට භාවනාවක් කරගන්නට නොහැකිව “අනේ මට බෑනේ කියමින්“ ලත වෙන්නට යෙදෙන කාලයත් මේ වෙනුවෙන් යොදාගන්නට හැකි නම් සමහර විට වෙසක් දිනය අවසාන භාගය වන විට ඔබට බොහෝ ප්‍රයෝජන ලබාගන්නට හැකියාවක් උදාවෙන්නත් බැරි නෑ. 
ඉතින් මෙය නිවැරදිව කරගත්තොත් අවසානයේදී ඔබට ඔබගේ ගැටලු බොහෝමයකට පිළිතුරු හමුවෙලා සතුටෙන් ජීවිතය ගත කරන්නට හැකියාවක් ලැබෙන්නට බැරිත් නෑ. ඉතින් වගකීම් සහතිකයත් ඔබ අතේමයි. ඔබ හරියටම තේරුම් අරගෙන ඔබ වෙනුවෙන්ම අවංකවම මේ දේවල් කලොත් තමයි ඔබට සාර්ථක ප්‍රතිඵල උදාකරගන්නට හැකියාවක් ලැබෙන්නේ. 
හොදින් මතක තබාගන්න සෑම සටහනකම තම තමන්ට අවංක වීම වැදගත් වෙනවා. මේ දේවල් කාටවත් පෙන්වන්න නෙවේ නිසා ඔබට කිසිදු හොර බොරුවක් වංචාවක් නැතිවම තමන්ගේ ඇත්ත තත්වය සටහනක් දමාගන්නට හැකියාවක් තිබිය යුතුයි. නැතිනම් මේ කිසිවකින් ඔබට ඵලක් නැතිවේවි. ඒ නිසා එහෙම කරන්නට නොහැකියි නම් මේ දේවල් වලට නිකරුනේ කාලය නාස්ති කරන්නේ නැතිව ඔබගේ සුපුරුදු සතුට දුක සමසේ රැගත් අසහනකාරී ජීවිතය ගත කරන්නට ඔබට හැකියි. 

ඒ වගේම සුපුරුදු පරිදි ආගම් ජාති භේද කුල මල තත්ව තානාන්තර භේදයක් නැතිවම දුක අසහනයෙන් මිදෙන්නට වෙර දරන්නා වූ සැබෑම බුද්ධිමත් මිනිසුන් උදෙසා තමයි මේ සෑම දෙයක්ම ලබා දෙන්නේ. ඉතින් බුද්ධිමත්ව තම තම නැණ පමණින් විමසා බලා ඔබගේ යහපත පිණිසම යොදාගන්නට කටයුතු සිදුකරගන්න. එසේ නම් තෙරුවණේ ආශිර්වාදයත් ඔබ අදහන්නා වූ ඔබ පිළිගන්නා වූ ඔබගේ විශ්වාසයන් රැගත් සෑම ශාස්තෘන්කෙනෙකුගේමත් ආශිර්වාදය ඇතිව මේ කටයුත්ත සාර්ථකව ඉටු කරගන්නට නිසි නුවණ ඔබට ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි!
පහත යොමුවෙන් බාගත කරගන්නට ඔබට හැකියි!

Wesak Dhamma Dana

Tuesday, May 14, 2013

Let's Not Depend (සතුට පිණිස යැපෙන්නෙක් නොවෙමු!)

The more you depend on outer world for your happiness the more you will suffer... So let's realize our own faults and let's try to gain true happiness to our lives! 
www.nirvanadhamma.com latest article... 


බාහිර ලෝකයෙන් සතුට පිණිස යැපෙන තාක් තමන්ට දුක් කන්දරාවකට කරගසාගැනීමට සිදුවන නොඅනුමානයි... ඒ නිසාම තමන් තුලින් සැබෑම සතුට ලංකරගන්නට උත්සාහගැනීම උදෙසා පුංචි උපකාරයක් වන්නට හැකි කරුණු පෙළක් මෙසේ ගොනු කලෙමි... 
www.nirvanadhamma.com නිර්වාණ ධර්ම වෙබ් අඩවිය ඔස්සේ ඔබගේ සැබෑ සතුට නිවීම පිණිස උපකාරයක් කරගන්නට හැකිවේ යැයි සිතෙන නවතම ලිපියයි මේ... නැණවත්ව සිතා බලා නිවී සැනසෙත්වා!!!







Friday, March 8, 2013

Let’s not become a debtor

Why we give alms, robs, monasteries, medicine or anything required for monks / nuns? Coz we think “these monks, nuns chose this life to cease all kind of suffering from their interest and no one force to them, they are wise and that’s why they selected this kind of difficult path to be different from others… so it’s my responsibility to serve them from my level best so they can achieve what they want easily without thinking about basics things like foods, robs, place to stay or medicine etc…” likewise we serve monks & nuns. 

So Samma Sambuddha said do not become a debtor to these people who serve everything for you to ease your life and follow the path. If you did not follow the path or you are not able to discipline yourself from desire, hatred & ignorance you become a debtor to these people. So be quick, be hurry and achieve the eternal peace and become a blessing to all beings. And there were some Bhikkus who took this advice so seriously and sit for meditation by thinking that I won’t take my next alms food till I become an Arihat and most of they achieved the noble level. 

Why I explained these things? Am I going to insult the Bhikkus who don’t behave like that or praise the Bhikkus who had that quality? NO!!! I’m going to explain how we can use this advice as a lay person whom interest to cease all kind of suffering through dhamma. Let me try my level best. 

Your husband, your wife, your kids or grown children, your relatives, your friends or other people recognize you as a person who interest on dhamma and have intention to cease all kind of suffering. Then they support from their level best to achieve what you want sometimes may be through just a word. Family support you through the foods, cloths, place to live, medicine like basics and others may support you by introducing you to various Bhikkus, or dhamma books or dhamma audios etc… 

I personally experience sometimes some elderly relatives or teachers or other known people says with the tears in their eyes “oh, dear we were fools when we on your age… we never took this seriously and now we really do regret of what we have done. So it’s pleasure to see wise kids like you and we are ready to give any kind of support to fulfill your wish… etc… and there are some Bhikkus who says its’ really a blessings to see your kind of people still exists in this world and we are ready to do any kind of support to fulfill your wish… and sometimes some friends says it’s a blessings to give some foods to you guys as you are doing something difficult... etc… etc… Most of the time when these things happen or in this kind of situation people being to fly with the ego. 

Most of the time when such a treat & words come to them they use it to improve their ego by thinking I’m a noble one, I’m a higher being, I’m in a higher level etc… and even some of the noble people who already in the stream - entry level may think that’s it… this is enough and I’ll attain Arihanthship later etc… Who’s getting the evil effects? If this kind of person is not a noble being that attain any level of the dhamma path may have chances to become a hungry ghost who burning with an alms bowl. Samma Smabuddha explained such kind of hungry ghosts are available just because they become debtor to what they gained as human beings by showing that they follow the path to nirvana or interest on dhamma. So if you are not an enlightened being be careful with what you do. Don’t play with other’s gifts or emotions. Be honest to yourself and to others. 

Imagine how grateful you are to other people for such a support. If husband support you think “my husband fulfill all my wish just because he believes in me… my wife support me just because she like to support what I want… my kids my relative even my friends supporting me by not troubling me in a worldly way because they want to see me achieving what I seek” so what if I use these opportunities to just eat & sleep like an normal being? What if I use this opportunity to waste time on chit chatting or increase other’s desires, hatred & ignorance? What if I use this opportunity to entertain myself secretly? Don’t I become a debtor to them? 

Even you don’t get any support at all by favoring you for what you seek or need then think “at least I get a chance to analyses the life how suffering, how tiring this existence just because of their behaviors and treat to me” etc… most of the time people think about what they missing. Always in complaining mode, When it comes to the dhamma path or nirvana they complain that my husband not supportive enough, my wife is not supportive enough, my kids my relatives are not supportive enough… my parents wants me to get married and have kids and achieve worldly success how can I betrayed them poor them so I keep this intention for later… etc… etc… and if there is nothing wrong with family then complaining about the country and its’ situation… if the country is peaceful and all ok then complaining about the world’s status… if even the world is ok then being to think about the alien attacks or some kind of another threats from universe… etc… etc… If again all ok then says “How I can attain nirvana it’s not possible because there is no Buddha exists now… so I wait for the next Buddha” 

This is the basic quality of all beings, in love with defilement  desires, hatred & ignorance. So recognize yourself and there is nothing wrong with the outer world or other people. Always learn to put the blame in to yourself. That’s why it will be easy for you to deal with any faults of your own. Because we can’t correct other’s faults, this is the method of wise beings. They don’t worry about the outer world… they recognize their own faults and they correct themselves. Then only they can become a support to another being too. Then only we can get rid of being a DEBTOR. So be wise. Use the other’s supports, other’s motivation to your path to become a NOT DELAY person and for sure you end up with ultimate happiness. You can guarantee it to yourself because you can feel the change for yourself step by step. That’s the best about dhamma. Not following something unknown or something achieve after death. What we follow through dhamma is possible to experience from the day one which we start to follow BUT should be in correct way. May you all able to become a bless for whole universe!!! 

ණයකාරයන් නොවෙමු!

ඇයි අපි මහණදම් පුරන්නා වූ හිමිවරුන්ට ආහාරයෙන්, වස්ත්‍රයෙන්, සේනාසනයෙන්, ගිලාන ප්‍රත්‍ය හෙවත් ඖෂධ සහ වෙනත් ඉල්ලන්නා වූ නොඉල්ලන්නා වූ සෑම ආකාරයකින්ම ආදියෙන් උපකාර කරන්නේ? “අනේ මේ හිමියන්ට මේ දේවලුත් සොයාගන්නට ගියොත් මේ සසර දුක් කෙලවර කරගන්නට තවත් ප්‍රමාද වෙනවා. අපහසුවක් වෙනවා. ඒ අපහසුව නැතිවෙලා ඉක්මනින්ම දුක් කෙලවර කරගන්නට අපටත් ඒ නිවීම තුලින්ම යහපතක්ම සැලසෙන්නට මේ කරන උපකාරයන් සියල්ලම හේතු වාසනා වෙත්වා!“ කියලා හිතලා නේ නේද? ඇයි එහෙම හිතලා දෙන්නේ. මහණදම් පුරන්නට ගිහින් තියෙන්නේ දුක් කෙලවර කරගැනීමේ අදහස ඇතිවයි. දුක් කෙලවර කරගෙන නිවී සැනසීම තුලින් බුදු හිමියන්ගේ සැබෑම ආර්ය ශ්‍රාවක දරුවෙක් බවට පත්වෙන්නටයි. මේ සියල්ලම තමන්ගේ කැමැත්තෙන් කල නිසාම ඒ කැමැත්ත ඉෂ්ඨ කරගන්නට එහි අගය දන්නා පිරිස උපකාර කරනවා. එතකොට ඒ දේ ඉෂ්ඨ කරගන්නට තවත් පහසුවෙන නිසාවෙන්. 

මෙන්න මේ නිසා බුදු හිමියන් කියනවා තමන්ට මේ ලැබෙන පිණ්ඩපාතයට, වස්ත්‍රයට, සේනාසනයට, ගිලාන ප්‍රත්‍යයට ණයකාරයෙක් වෙන්න එපාය කියලා. මිනිස්සු මේ දේවල් දුක් මහන්සියෙන් උපයාගත්ත දේවලින් දෙන්නේ තමන්ගේ පෞද්ගලික හිතවත්කමක් ලාභයක් ප්‍රයෝජනයක්වත් බලාගෙන නෙවේ ඒ නිසා ඒ දේට ණයකාරයෙක් වෙන්නේ නැතිව වහ වහා නිවීම උදාකරගන්නට කටයුතු කරගන්න කියලා කියනවා. මේ උපදේශය තදින්ම හිතට ගත්ත බොහෝ හිමිවරුන් මීළග ආහාර අරිහත්වයට පත්වෙලා මිසක් ගන්නේ නෑ කින දැඩි අධිශ්ඨානයෙන් යුතුව කටයුතු කොට අරිහත්වයට පත්වූ අවස්ථාවනුත් තියෙනවා. 

දැන් ඉතින් ඇයි මම මේ දේවල් කිව්වේ? එහෙම කරන හිමිවරුන් අගය කරලා නොකරන හිමිවරුන්ට ගරහන්නද? අපෝ නෑ. මේ දේවල් මතුකරන්නේ අප්‍රමාදී භාවය ඇතිකරගන්නා ගිහි පරිසරයක ඉන්න ශ්‍රාවකයෙක් වශයෙන් මේ කරුණ කොහොමද තමන්ගේ ජීවිතයට ලංකරගන්නේ කියලා මට හැකි අයුරින් මතු කරලා දෙන්නටයි. 

ඔන්න ඔබ ධර්මයට ලැදි නිවීමක් කැමැති පුද්ගලයෙක්ය කියලා ඔබේ සැමියා, ඔබේ බිරිඳ, ඔබේ දරුවන්, ඔබේ නිවැසියන්, ඔබේ ඥාතීන්, ඔබේ හිත මිත්‍රාදීන් හඳුනාගන්නවා. දැන් ඒ අය ඔබට ඔබේ කැමැත්ත ඉෂ්ඨ කරගන්නට වචනයකින් හරි උපකාර කරනවාද නැත්ද? මේ අය ඉතාමත් යහපත් නම් ඔබේ කැමැත්තත් ඉහලින්ම තියෙනවා නම් ඔබව ඒ අයට හැකි උපරිමයෙන් කටයුතු වලින් නිදහස් කොට ආහාර පානයෙන් වස්ත්‍රයෙන් ඉන්න තැනකින් අසනීපයට බෙහෙත් ආදියෙන් සංග්‍රහ කොට උපකාර කරනවාද නැත්ද? වචනයකින් හරි මෙන්න මෙතැන මේ වගේ කළ්‍යාන මිත්‍රයාණන්වහන්සේ කෙනෙක් වැඩ සිටිනවා. ඒ හාමුදුරුවෝ හෝ ඒ පුද්ගලයා මෙන්න මේ වගේ නිවී සැනසීමට ධර්මයක් පෙන්වා දෙනවා... හැකිනම් ගිහින් අහන්න... නැතිනම් මෙන්න ඒ ධර්ම දේශනාවල පටිගත කරගත්ත දෑ, මෙන්න පොත පත ආදී නොයෙක් නොයෙක් ආකාරයෙන් උපකාර කරනවාද නැත්ද? 

සමහර වෙලාවට මම අත්දැකලා තියෙනවා සමහර අය කියනවා අනේ ඔය විදියට හිත වඩාගන්නට අපිට ශක්තියක් නෑ දැන් දරුවෝ කාලය ගත වෙලා බොහෝම අපි මෝඩ වුණා ඔයාලා වගේ තරුණ කාලේ හිතුවනම් කියලා හිතෙනවා ඒ නිසා ඔයාවත් ඒ ටික කරගන්න මෙන්න අපෙන් උපකාර කියලා කදුලු පිරි දෙනෙතින් කියන අවස්ථා තියෙනවා. සමහර ස්වාමීන්වහන්සේලා සමහර වෙලාවට කියනවා ගිහි පරිසරයක ඉදගෙන ඔය කැමැත්තෙන්ම කරන කැපවීම නිසාම ඕනෑම වෙලාවක මේ වෙනුවෙන් ඕනෑම ආකාරයක උපකාරයක් කරන්නට සහතික වෙනවා කියලා. සමහර මිත්‍රයන් සිටිනවා කෑම වේලක් දෙන්නට ලැබීමත් සතුටක් කියලා හිතන. දැන් මේ දේවල් බොහෝ විට බොහෝ දෙනෙක් යොදාගන්නේ මාන්නය වඩාගැනීමටමයි. මම අන් අයට වඩා උසස් කියන හැඟීම ඇතිකරගන්නටමයි. එහෙමත් නැතිනම් සැබෑවටම මාර්ගඵල ලාභියෙක් නම් මේ කරන හරිය මදැයි කියලා තමන් ඉන්නා තත්වයකින් සෑහීමකටම පත්වීමටයි. කාටද වරදින්නේ? සමහර විට මාර්ග ඵල ලාභියෙක් නොවේ නම් ගිනි ගෙන දැවෙන ශ්‍රමණ පෙරේතයන් වගේ උපාසක උපාසිකා පෙරේතයෙක් පෙරේතියෙක් වෙන්නට තරම් මේ කරන දේ බරපතල වෙන්නටත් පුළුවන්. ඇයි තමන් නොකර දෙයක් මවාපාලා තමන්ගේ අවශ්‍යතාවයන් සපුරාගන්නට වැඩකටයුතු කල නිසාත් තවත් කෙනෙක්ට ණයකාරයෙක්ම වෙච්ච නිසාත්මයි. ඒ නිසාවෙන් අරිහත්වයෙන් මෙහා තත්වයක සිටින අරිහත්වය පතන නිවීමක් කැමැති සෑම දෙනෙක් තුලම මේ අප්‍රමාදීබව ණයකාරයන් වීමට අකමැති බව වැඩීම තුලින්ම ඇතිකරගන්නට හැකියාවක් තියෙනවා. 

දැන් ඉතින් හිතන්න මෙච්චර මෙහෙම උපකාර කරනවිට මම හෝ ඔබ හෝ ඔහේ බහුතරයක් ලෝකය අල්ලාගෙන පිස්සු නටන උමතු පිරිසක් වගේ කාලය වැය කර කර ඉන්නවා නම්? කථා කලොත් ප්‍රලාප අරයගේ මෙයාගේ ඕපාදූප නම්... වැඩක් කලොත් ලෝකය අල්ලාගන්නට මිස අතහැරෙන්නට නෙවේ නම්... කථා කරන විටත් උපකාර කරන්නේ අනෙක් අයටත් දැවෙන්න අසහනයට පත්වෙන්න නම්... විවේකයක් ලැබෙන එකත් ගත කරන්නේ නිදාගන්න නම් නැතහොත් වෙනත් ආශ්වාදගෙන දෙන වැඩපිලිවෙලක නිරත වෙන්න නම්... අගය කලොත් අගය කරන්නේ ලෝකයේ අසාර වැඩපිලිවෙල නම් රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් දැවෙන වැඩපිලිවෙලම නම් දැන් ඒ වචනයකින් පවා උපකාර කරන අයට ණය කාරයෙක් වෙනවද නැත්ද? 

ඒ නිසා ඒ හැමදෙයක්ම තමන්ගේ අප්‍රමාදීබව පිණිසම උපකාර කරගන්න. නිදිමත එනවා නම් අනවශ්‍ය වෙලාවක හිතන්න “මගේ සැමියා රැකියාවක් කරලා කාලය කැපකරගෙන මගේ අවශ්‍යතාවයන් සපුරා දෙන්නේ මට මේ වගේ හොදට කාලා නිදාගන්නද? මගේ බිරිද වෙහෙස වෙලා මම වෙනුවෙන් දරුවන් බලාගෙන උයලා පිහලා කෑම බීම ටික සපයලා දෙන්නේ ගෙදර ඇවිත් මහන්සියි කියලා නිදාගන්නද? නැතිනම් අනුන්ගේ ඕපාදූප කථා කර කර ඉන්නද? මගේ අම්මා තාත්තා මාව මේ ලෝකෙට බිහි කරලා මේ දුර්ලභ මනුෂ්‍යත්වයක් ලබාගෙන හිටිය මට උපතක් ලබන්නට උපකාරයක් වුණා. ඒ අය කලේ නොගැලෙපෙන දෙයක් වුණත් ධර්මයට අනුව පහත් දෙයක් වුණත් ඒ අවස්ථාව නිසාම මට අවස්ථාවක් ලැබී තියෙනවා දැන් මිදෙන්නට. ඒ අයවත් සසර දුකෙන් ගලවාගන්නට එහෙනම් මම කරන්නට ඕන හැමෝම කරන දේද?“ ආදී නොයෙක් නොයෙක් ආකාරයෙන් සිතමින් වරදෙන් සිත කය, වචනය මුදවාගන්නට ගලවාගන්නට සිහියෙන් සිටිය යුතු වෙනවා නොවුනොත් ඒ ණය ගෙවන්නට සසර මදි වෙන බවත් සිතාගත යුතු වෙනවා. 

කිසිම උපකාරයක් කරන්නේ නැති බිරිදක් ඉන්නවා නම් සැමියෙක් ඉන්නවා නම් තමන්ට අව්වෙන් වැස්සෙන් රැකිලා ඉන්න නිවසක් දීලා තියෙන එකට, බැන බැන නෝක්කාඩු කියමින් හෝ වේවා කෑම බීම ටික සපයා දෙන එකට සිතින් ස්තූතිවන්ත වෙමින් මේ ටික හරි තියෙනවානේ අඩුම ගානේ පාරේ හිගාකන්න වෙලා නෑනේ කියලා හිතලා මනස තුල අප්‍රමාදී බව සකසාගත යුතු වෙනවා. පාරේ සිගන්න වෙලා නම් ඒකත් හොදයි ලගටම මට කීයක් හරි ගෙනත් දෙන මිනිස්සුනේ ඉන්නේ නැතිනම් අතපාපු සැනින් කීයකින් හරි උපකාර කරන මිනිස්සුනේ ඉන්නේ ඒ අයට ණයකාරයෙක් නොවී මම කොහොම හරි මේ සසර දුකෙන් මිදෙනවා කියන තැනට සිත සකසාගත යුතු වෙනවා. 

අපි බොහෝමයක් නැති දේවල්ම කියන්න පුරුදු වෙලා ඉන්නවා. මගේ මහත්තයා මට උදව් කරන්නේ නෑ, මගේ බිරිදගෙන් කිසිම සහායක් නෑ, මේ දරුවෝ එක්ක කොහොමද අප්පා නිවනක් ගැන හිතන්නේ, අපෝ අපේ අම්මලා තාත්තලා කැමති නෑනේ... ඒ අය කැමැති මම බැදලා දරුවෝ හදලා පිලිවෙලක් වෙනවාට ඒ අයට විරුද්ධ වෙලා කොහොමද... මෙන්න මේ වගේ කියන්නේම මොනවද? නිවසේ කිසිම දෙයකින් අඩුවක් නැතිනම් රටේ තියෙන තත්වයක් හරි යොදාගන්නවා... තමන්ගේ රටේ සැනසීමෙන් ඉන්න පුළුවන් නම් ලෝකයේ මෙහෙමයි කොහොමද ඉතින් නිවන් දකින්නේ කියලා ලෝකයේ වෙනත් රටක් හරි ගාවාගන්නවා. ලෝකයම හොදයි නම් ධර්මයෙන් පිරිලා නම් උල්කාවක් පිටසක්වල ජීවි ප්‍රහාරයක් එන්න තියෙනවා හරි කියලා බාධාවක් ඇතිකරගන්නවා. මේ කිසිවක් නැතිනම් අයියෝ මේ කාලේ බුදු හාමුදුරුවෝ නෑනේ අපි ඊලඟ බුදු හාමුදුරුවෝ එනකම් ඉන්නවා කියලා හරි ප්‍රමාදයක් ඇතිකරගන්නවා. ඉතින් කොහොම හරි තමන්ට උපතින්ම ලැබී තියෙන අකුසලයට රාගයට, ද්වේශයට, මෝහයට ලැදී සිතටම රුකුල් දෙන්න තමයි හිතන්නේ. 

ඉතින් වරද තියෙන්නේ මේ බාහිර පරිසරයක නෙවේ යන්න වටහාගෙන තමන්ගේ සිතට මේ ලැබෙන සෑම අවස්ථාවක්ම භාවිතා කොට උපක්‍රමයෙන් ඒවායෙන් ප්‍රයෝජන ගෙන තමන් තුල මේ නිවීම ඇතිකරගැනීමටයි කටයුතු කල යුතු වෙන්නේ. අනුන්ගේ වැරදි හොයන මන නැතිකරගෙන තමන්ගේ වැරදි හොයන මන වඩාගත යුතු වෙනවා. සියලු භාවනාවන්ද ධර්මයන්ද ඒ වෙනුවෙනුයි තියෙන්නේ. ඒවා යොදාගෙන දැන් තියෙන අවස්ථාවෙන් දැන් තියෙන තත්වයන්ගෙන් ප්‍රයෝජන ගන්නා අප්‍රමාදී ශ්‍රාවකයෙක් බවට පත්වෙන්න ප්‍රඥාවන්ත වෙන්න. ප්‍රඥාවන්තයා සෙනසුරාගෙනුත් වැඩගන්නවා කියලා ජනප්‍රවාදයේ ඇති කථාවකුත් තියෙනවා. අන්න ඒ වගේ කුසලයට මුල්තැන දී අකුසලයට සහමුලින්ම උදුරා දමමින් තමන් කෙරෙහිම නැමී සිටිමින් අන් අයට ණයකාරයෙක් නොවී සිත, කය, වචනය සංවරත්වයෙන් යුතුව තමන්ගේ ගැලවුම්කාරයා වෙන්නට කටයුතු සම්පාදනය කරගන්න. එවිට තමන්ට පමණක් නොවේ මුළු විශ්වයටම යහපත උදාවෙනවා. තෙරුවණේ ආශිර්වාදය මේ වෙනුවෙන් උපරිමයෙන් ලැබේවායි පතමි!

Monday, March 4, 2013

What we should not talk - නොකල යුතු කථා


Let's find out what are the topics which we should not waste our time on talking and what are the topics which we should talk for our own betterment and gain true happiness!

Log on to:

කල යුතු කථාවන් හදුනාගනිමු... නොකල යුතු කථාවන් හදුනාගනිමු... නොකල යුතු කථාවන් කරනා පුද්ගලයන් හදුනාගෙන තම තමන්ගේම යහපත පිණිස ඒ අයගෙන් ඉවත්වෙමු... සත්ධර්මයම ඇසුරු කර සැබෑ සතුට හිමිකරගැනීමට විමසා බලා පිළිපදින්න!

පහත යොමුවෙන්න ලිපිය කියවන්න

Thursday, February 28, 2013

Recognize pure dhamma! (සත්ධර්මය හදුනාගැනීමට)!


We should understand the correct & suitable way of identifying the pure dhamma of Samma Sambuddha.   

So if you know & understand the method of identifying the pure dhamma, then only you will be able to recognize the pure dhamma where ever you go… whatever you listen… Even you will be able to identify the dhamma of this web site whether they are pure dhamma or not.  So it's indeed really really important to know the methods of recognizing the pure Dhamma.   

Once I explained this through this blog.  But I have written a detailed version of this topic which support you more.  To read more you can log on to "Nirvana Dhamma" web site through the below link!


May triple gem bless you all for the best!!!


සත්ධර්මයේ අඩංගු නොයෙකුත් කරුණු කාරණා ගැඹුරින් විමසා බලන්නට ඒ දේ සාර්ථකව කරගන්නට මුලින්ම අප විසින් විමසා බැලිය යුතු කරුණක් තියෙනවා. ඒ තමයි බුදු හිමියන් විසින් මේ සත්ධර්මය තෝරාගැනීම සදහා අනුගමනය කරන්නටැයි කිවූ ක්‍රියා පිලිවෙත. 

ඒ දේ මුලින්ම දැනගත්තොත් තමයි අපට හැකිවෙන්නේ මේ වෙබ් අඩවියේ වුණත් මේ විදියට මට හැකි උපරිමයෙන් ගොනු කරන ධර්ම කොටස් වල වුණත් වෙනත් ඕනෑම ඔබ විසින් අහන්නට යෙදෙන කියවන්නට යෙදෙන ධර්ම කොටසක වුණත් අඩුපාඩුවක් නොගැලපීමක් තියෙනවා නම් දැනගන්නට හැකියාවක් ලැබෙන්නේ. 

ඒ නිසා මුලින්ම නුවණැසින් ධර්මය තුලට පිවිසීම පිණිස නම් මගේ යුතුකමක් වෙනවා ඒ පිවිසීම කල යුත්තේ කෙසේද යන්න පෙන්වා දීම එහෙම නේද? සම්මා සම්බදු පියාණන්වහන්සේ විසින් නොයෙක් වර පෙන්වා දී තිබෙනවා මේ සත්ධර්මය තෝරාගැනීමේදී සැලකිලිමත්විය යුතු කරුණු කීපයක් සම්බන්ධව. 

මේ පිළිබදව මින් පෙර මෙම බ්ලොග් අඩවිය තුලින්ද කෙටි විග්‍රහයක් කරන්නට යෙදුනා.  මෙවර තවත් විස්තර සහිතව ත්‍රිපිඨක සත්ධර්මයද ඇසුරු කරගෙන සිදුකරන ලද විග්‍රහයක් කියවීමට “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය තුලින් ඔබට අවස්ථාව තිබෙනවා.  පහත යොමුව භාවිතයෙන් අදාල ලිපි පෙල කියවිය හැකියි!  


ඔබ සැමට තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!

Saturday, February 16, 2013

Garbage bag of an insane person!

At the end of the day what you do to your garbage bag? Yes, you throw it because there is nothing valuable or fruitful for you. So you don’t need it anymore. 
But imagine a person who is carrying a heavy garbage bag which filled with useless plastic cups, cans, piece of dirty cloths, foods, papers etc... He is not carrying that garbage bag as a duty… he carries it because he loves those garbage inside the bag. So he don’t care how heavy that bag is he just carries it wherever he goes. Not just he carries it he also sorting the garbage inside the bag whenever he gets a chance. He enjoys it a lot. 


What you say when you see such a person? Yes, you feel like he has gone insane… he is a crazy foolish person. Because he value the garbage and he enjoy carrying garbage no matter how heavy the bag is. 

Now we say he is insane because of what he do. But how about us... what if I say that you & I do the same…? We also sort out the garbage and pack them again in a bag and carrying it happily without even considering how heavy the bag is. Don’t surprise… we also do the same unknowingly… let’s see what we carries. We do this till we understand the Dhamma and practice the Dhamma with a true understanding. 
What we pack in our bag? That person is like that, he used to be like that, now things are not the same, this is really good, that is really bad, these the best, these are the worst, why it is not like this, why she is behaving like that, what is there, what is this, etc… etc… Don’t know how much stuff we think and carry with us in our mind. Whenever we get a chance we sort all these beings, natural things, material things in to various categorize according to our views. 

We always measure them… we measure people, we measure animals, we measure natural things or material things and we give a value to them. When some are become valuable according to our measurements some become not valuable and no good at the same time. Likewise our mind is always in a duality… and we carry this garbage with us pack in the mind. 

It is so heavy… it is so stressful… it is so painful and bring restlessness in to our lives. But we don’t care… because we enjoy carrying it with us. But if we see a person who carries a garbage bag happily we call that person “He is insane… he is crazy…” Now who is crazy? Who is insane? Think carefully. 

What if that insane person do when he feels some stuffs he carries are not valuable and not fruitful to him? Yes, he throws them away. When he get that feeling to many of the stuffs of his garbage bag he throws them away and bag is now getting lighter & lighter… it will not heavy anymore… from the level he throws out the stuffs he feel comfortable and he will not suffering by carrying such a heavy load with him.
What if same thing happen to our garbage bag too? The Dhamma helps to recognize what is valuable and what is not valuable. What is meaningful and what is not meaningful… so from the level we realize that some stuffs we carries in our mind as various attachments are not so valuable or meaningful or fruitful enough to carry them with us we throw them away. We let them go… then what is the effect? 

Yes you are wise and you know what can be the result is. So when you carry your heavy garbage bag again remind the garbage which you carries in your mind. Throw them like the way you throw your garbage bag happily. Use the Dhamma as the support and it will helps you to recognize the real value of the garbage you carry by thinking that they are so fruitful, meaningful and valuable! 

Good luck and become a NOT insane person! May triple gem bless you for the best!!!
You can log on to www.nirvanadhamma.com for more Dhamma which support you to brings you true happiness!

පිස්සාගේ පලා මල්ල!

පිස්සො දැකලා තියෙනවද? අර ලොකු බෑග් එකකට නොයෙක් ජාතියේ ටින් කෑලි, ඇඳුම්, කොල කැබලි ආදී එකී නොකී මෙකී දෑ දාගෙන පොදියක් බැඳගෙන කරගහගෙන යන්නේ. දැකලා තියෙනවා නේද? මේ පිස්සු අය කරන්නේ ඒ අයට විවේකයක් අවස්ථාවක් ලැබුණ ගමන් මේ පොදිය තැනක තියාගෙන ලිහාගන්න එකයි. ඊට පස්සේ ඒ පොදිය නැවත නැවත අසුරාගන්නවා. ඔන්න ආයෙත් මේක කරේ තියාගෙන යනවා. බරට බරේ... ඉතින් මේකේ හරයක් ඇති වටිනාකමක් ඇති කිසිම දෙයක් නෑ. මේක දකින පිස්සු නැතැයි කියන අපි කියනවා අර “මහා පිස්සෙක්නේ. නිකං දුක් විඳිනවා. ඇති දේකුත් නෑ, ඒත් පොදි බැඳගෙන බරට බරේ කරේ තියාගෙන යනවානේ. මොන විකාරයක්ද මන්දා?“ කියලා. ඉතින් එයාට පිස්සෙක් කියලා සම්මත කරනවා ඒ ක්‍රියාවලිය නිසා. 

ඒත් ඉතින් මම කියනවා අනේ ඉතින් අපිත් මේ පිස්සට නම් දෙවැනි නෑ කියලා. හරි වැඩක්නේ වෙලා තියෙන්නේ? බැලූ බැල්මට නම් අපි ඒ පිස්සා කරපු වැඩේ කරන්නේ නෑනේ. එහෙනම් මොකද මේ අපිට පිස්සු කිව්වේ? හිතලා බලන්න වෙනවා නේද? ඇත්තටම ධර්මාවබෝධයට පත්වෙනකම් අපි සෑම දෙනෙක්ම කරන්නෙත් ඒ අර පිස්සා කරපු වැඩේම තමයි. පොදියක් කරේ තියාගෙන යනවා. අවස්ථාව ලැබුණ ගමන් පොදිය දිගහැරගෙන නැවත නැවත අසුර ගන්නවා. වටිනාකමක් ඇති දෙයක් නෙවේ බැලුවම පොදියේ තියෙන්නේ. ඒත් ඉතින් දුක් විඳගෙන කරගසාගෙන යනවා. මොකක්ද මේ පොදිය... ටිකක් හිතලා බලන්න තම තමන් ලග තියෙන මේ මහා බර පොදිය මොකක්ද කියලා. ඉඩක් ලැබුණ ගමන් දිගෑරගෙන නැවත නැවත අසුරගන්නේ මොනවද කියලා. 
ටිකක් හිතන්න අරයා මට මෙහෙම කලාය, මෙයා මෙච්චර හොදය, මේ දේවල් මේ වගේය, අරවා මෙච්චර වටිනවාය, ඉස්සර මේවා මෙහෙමයි දැන් එහෙම නෑනේ... ඉවරයක් නෑනේ ඉතින් නේද? කොච්චර නම් පුද්ගලයින්, සත්වයින්, ද්‍රව්‍යයන්, වස්තු ගැන මොහොතක් මොහොතක් පාසා හිතනවද කියලා බලන්නකෝ. ඉඩ පහසුව ලැබෙන මොහොතක් ආවොත් මොකද කරන්නේ? මේ දේවල් නැවත නැවත නොයෙක් නොයෙක් ආකාරයෙන් මැන ගැනීම් කරගෙන අසුරාගන්නවා. නැවත නැවත ඇසුරු කරනවා... මහා බරක් හිතේ ඔසවාගෙන යනවා තමනුත් දන්නේ නැතිවම. 

දැන් ඉතින් තවත් මනුස්සයෙක් ඔය දේම බාහිරයට පේන සම්මත වස්තු එක්ක කලාම එයාට පිස්සු කියනවා. ඒත් එයාට පිස්සු කියන තමනුත් ඒ දේම නෙවේද කරන්නේ කියලා ඔන්න මෙතැන් පටන්ගෙන සිහියෙන් යුක්තව සොයා බලන එක තමයි සුදුසු. සොයා බලලා මොකද කරන්න ඕන... අර පිස්සු මනුස්සයා හරයක් නැති වටිනාකමක් නැති ද්‍රව්‍ය රැසක් එකට රැස්කරගෙන තමන්ගේ කරගෙන ඇලීමක් ඇතිකරගෙන ඔසවාගෙන ගියානේ. අන්න ඒ වගේ මේ වටිනවාය හරයක් තියෙනවාය මගේමය කියලා හිතාගෙන තම තමන් විසින් ඔසවාගෙන යන ඇලීමක් බැදීමක් වටිනාකමක් දී රැස්කරගෙන නිතර නිතර ඇසුර කරමින් සත්වයෙක්ය පුද්ගලයෙක්ය ද්‍රව්‍යයක්ය වස්තුවක්ය කියලා ඔසවාගෙන යන පොදිය දිහා හොදින් නිරීක්ෂණය කරමින් එකින් එක ඉවත් කල යුතුද නැත්ද? 

පිස්සා වටිනවාය කියලා හිතාගෙන හිටිය ටින් කෑල්ලක් විසි කරලා දාන්නේ ඒ පිස්සාගේ ඔලුවට ඒක වටින්නේ නෑනේ කියලා හරියටම තේරුණ මොහොතකයි. අන්න ඒ වගේ මේ පිස්සු නෑ කියලා හිතාගෙන අපි පිස්සෝ මොකද කරන්න ඕන ධර්මයේ උපකාරය අරගෙන මේ ඔසවාගෙන යන පොදියේ ඇති දේවල් එකින් එක වටින්නේ නෑ කියලා කියන්නේ ඇයි හරයක් නැත්තේ ඇයි කියලා සොයා බලන්න වෙනවා. අන්න එතකොට නිකම්ම ඒවා විසි කරලා දාන තැනට මනස පත්වේවි. 

මේ ඔසවාගෙන යන බරෙන් එකින් එක විසිවෙන කොට මොකද වෙන්නේ? පොදියේ බර අඩුවෙනවද නැත්ද? එතකොට තමන් සැනසීමට සැහැල්ලුවට පත්වෙනවද නැත්ද? ඉතින් මේ දේවල් හිතලා බලන්න. මේ කියපු දේ පුහුණු කලොත් තම තමන් අල්ලාගෙන ඉන්න දේවල් අතහැරගන්න හැකිවෙයිද නැත්ද? රාගයෙන් මිදෙන්න හැකිවෙයිද නැත්ද? පොදියේ බර අඩුවෙනකොට අසහනයෙන් දුකෙන් මිදෙන්නට හැකිවෙයිද නැත්ද? ටිකෙන් ටික මේ බර ඔසවාගෙන යන එක නැවත නැවත අසුරාගන්න එක අඩුවෙනකොට පිස්සුබව අඩුවෙයිද නැත්ද?
එහෙනම් තම තමන්ගේ රාගය ද්වේශය මෝහය අඩුවෙනවා නම් නොදැනීම ඉන්නා පිස්සු බවෙන් මිදෙනවා නම් ඒ දේ සිහියෙන් යුක්තව භාවිතා කොට බහුලව භාවිතා කොට යහපත උදාකරගැනීමම යහපත ගෙනදේවි නේද?

තෙරුවන් සරණින් සියලු දුක් බර අතහැර නිවී සැනසීමටම පත්වෙත්වායි මෙත් සිතින් පතමි!

www.nirvanadhamma.com වෙබ් අඩවියට පිවිස මෙවන් වූ සත්ධර්මයේ පහස ලැබ නිවී සැනසෙන්නට සැබෑ සතුට ලැබගන්නට පින්වත් බුද්ධිමත් ඔබට අවස්ථාව ඇත!