නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, December 2, 2020

Newly wedded bride


Do you also see faults in others? Do you also say bad things about others? Do you also observe the worst or bad in others? Can’t you see any good in others? No matter what the relationship is nowadays many see other’s faults. They criticize for who they are… criticize everything others do or say… this brings many troubles to your life. So, let’s find out a Great Samma Sambuddha’s advice on how to overcome this bad quality of ours and become a real person with integrity. 

Once Samma Sambuddha brought this simile to explain how we can train our selves to become a person with integrity. 

“It’s like a bride on the day or night she’s first brought to her husband’s home. Right away she sets up a keen sense of conscience and prudence for her mother and father in law, her husband, and even the bondservants, workers, and staff. But after some time, because of living together and familiarity, she’ll even say to her mother and father in law, or to her husband: ‘Go away! What would you know?’ 

In the same way, on the day or night a person first goes forth from the lay life to monkhood, right away they set up a keen sense of conscience and prudence for the monks, nuns, laymen, and laywomen, and even the monastery workers and novices. But after some time, because of living together and familiarity, they’ll even say to their teacher or mentor: ‘Go away! What would you know?’ 

So, you should train like this: ‘We will live with hearts like that of a newly wedded bride.’ That’s how you should train.” 

You got this right? 

The newly wedded bride – There is a first time for all of us. Whether it is our school or workplace or a party or anywhere… imagine being there for the first time. Our heart is filled with little nervousness, shyness and carefulness… right? We want to make things happen rightly. That’s the feeling comes for the first time. This is so badly happening when you married for the first time. As a newly wedded bride you have to deal with your new husband (no matter how well you being with him before marriage), parents of the husband and other relatives, etc… 

We being carful of our words & actions. We want to make things right. We don’t want to mess with the relationship which we are newly building. So, there is this awareness of what we say and how we behave. The heart & mind is fully focus on building a nice & steady relationship. 

But then, what happen? After a sometimes we familiarize with the surrounding and the people around. Then we start to play the role of a bossy character. The respect is gone… the love & caring is gone… no manners in the word or actions. 

So, do you think this is what should happen? How do we expect others to respect or say good things to us when we behave such a wicked person? Check with your self. Do you familiarize with the person or the situation and become the one who don’t care about anything or anyone or what others feels or think? 

If so, let’s change back to the first time. Let’s become a newly wedded bride for every relationship. Whether it is the relationship of a parents & kids, husband & wife, with in-laws or other relatives, bhikkhu or lay beings… teachers & students… or even with the politicians or other popular beings whom you never met in personally but criticize as you are well known to them. 

No matter what the relationship is just try to be the “newly wedded bride” to all of those relationships, and see how things goes right & well. 


පරණ වූ අලුත ගෙනා මනමාලිය

 

ඔබේ ජීවිතයේ දී ඔබ විවිධාකාර පුද්ගලයන්ගේ නුගුණ දකිනවා නේද?  මට නම් දැනෙන්නේ මේ කාලේ ඒ ස්වභාවය බහුල වෙමින් පවතිනවා වගේ.  ගෙදර අම්මා තාත්තා... සහෝදර සහෝදරියන්... දරුවන්... සැමියා... බිරිඳ... නැන්දම්මා... ලේලි... ඥාති හිත මිත්‍රාදීන්... මෙන්ම පෞද්ගලිකව නො දන්නා පුද්ගලයන් කෙරෙහි පවා අප විවිධාකාර අදහස් මත දරමින් බොහෝ විට පවසන්නේ නුගුණ ම යි. මේ තත්වය නැති කර ගන්නට බුදු හිමියන් පෙන්වා දුන් බොහෝ ක්‍රම අතරින් තවත් අපූරු ක්‍රමයක් පෙන්වා දෙන්නට මෙවර කතුවැකිය වෙන් වෙනවා.

අනුන්ගේ අගුණයන් කීම හෙවත්, නුගුණ පැවසීම, දොස් පැවසීමඅඩුපාඩු පැවසීම අසත්පුරුෂ ගුණයක් බව පෙන්වා දෙන සූත්‍ර දේශනාවක් මින් පෙර කතු වැකියකින් අප විග්‍රහ කර ගත්තා මතක ඇති. 

"නුගුණ කීම" කතු වැකිය කියවන්න

ඒ සූත්‍ර දේශනාව තුලම වූ සත්පුරුෂ ගුණයක් වන අන් අයගේ ගුණ දැකීම කියන්නා වූ ගුණය අප තුල වර්ධනය කර ගැනීමට නිතර සිහි තබා ගත යුතු කාරණයක් තමයි මෙවර කතු වැකිය තුලින් ගෙන එන්නේ. 

උපමාව මෙසේයි;

“මහණෙනි, යම් පරිදි වධුකාවක් (අලුත විවාපත් කතක්) යම් ම රැයෙක හෝ දවසෙක හෝ කැඳවා ගෙණෙන ලදු වූ ද, ආ අලුත ඇයට නැන්දනියන් කෙරෙහි දු මයිලනුවන් කෙරෙහි දු සමුනන් කෙරෙහි දු යටත් පිරිසෙයින් දස්කම්කරුපුරිස් කෙරෙහි දු තියුණු විලිබිය එළඹ සිටියේ වෙයි. ඕ පසුකල සහවාසයට ගොස් විශ්වාසයට ගොස් නැන්දනියනට ද මයිලනුවනට ද සමුනනට ද මෙසේත් කියයි: ඉවත යා, තෙපි කුමක් දන්නාව යි.

මහණෙනි, එපරිදි ම මෙසස්නෙහි කිසි මහණෙක් යම් ම රැයෙක වේවයි දවසෙක වේවයි ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, එකෙණෙහි ම ඕහට භික්‍ෂූන් කෙරෙහි භික්‍ෂුණීන් කෙරෙහි උපාසකයන් කෙරෙහි උපාසිකාවන් කෙරෙහි යටත් පිරිසෙයින් ආරාමික සමණුද්දෙසයන් කෙරෙහිත් තියුණු හිරිඔතප් එළඹුනේ වෙයි. හේ මෑත කාලයෙක සහවාසයට එළඹ විශ්වාසයට එළඹ ඇදුරනටත් උවදෑවනටත් මෙසේ ද කියයි: පහවව, තෙපි කුමක් දන්නාව යි.

මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. “අලුත ආ වධුකාවකගේ සිතට බඳු සිතින් වසම්හ” යි. මහණෙනි, තොප මෙසේ හික්මෙන්නේ ය.

මේ කිව්ව උපමාව වැටහුණා ද?

අලුත ගෙනා මනමාලි - ඔබ යම් තැනකට අලුතෙන් ම ගියා ම කොතරම් ලැජ්ජාශීලී ද? භය ද? තමන්ගෙන් වරදක් වෙයි දෝ කියන... වචනයෙන් වරදක් වෙයි දෝ කියන හැඟීම හැම තිස්සේ ම සිත තුල පවතිනවා.  මේ ස්වභාවය ප්‍රකටව ම තියෙන කෙනෙක් තමයි “අලුත ගෙනා මනමාලිය”.  මොකද දවසකට දෙකකට ආවා නෙවෙයිනේ නේද? දිගටම ඉන්නත් එපැයි.  ඒ නිසා තමන්ගේ නැන්දම්මාට, මාමණ්ඩියට, සැමියා ඇතුළු ඒ තමන් දීග ගිය පාර්ශවයේ සියලු දෙනා කෙරෙහි බොහෝ ම ගරු සරු ඇතිව... වචනයකින් වත් අඩුවක් නොවෙන්නට වග බලා ගන්නවා.  හරි අපූරු සිහියක් පවතිනවා. 

සාර්ථක සම්බන්ධයක් පවත්වා ගැනීමේ පරමාර්ථය ඇතිව කියන, කරන සෑම දෙයක් ම බොහොම ප්‍රසන්නව කරන්න උත්සාහවන්ත වෙනවා.  අනෙක් පාර්ශවය අප කෙරෙහි සිතන, කියන, කරන ආකාරය ගැන අප වධ වෙන්නේ නෑ.

ඒත් කාලයක් යන කොට... ටික ටික පරණ වෙන කොට... තැනට හුරු වෙන කොට, පිරිසට හුරු වෙන කොට... ඔන්න ඉතින් චණ්ඩියා වෙනවා... “ඔහේ ලා මොනවද දන්නේ... යනවා යන්න” කියලා තමයි ඉතින් වැඩිපුර කටේ තියෙන්නේ. ගුණයක් දකින්නේ ම නෑ. 

දැන් බලන්න හැම සම්බන්ධයකට ම... කොටින් ම පෞද්ගලිකව හඳුනන්නේ නැති පිරිසට කෙරෙහි පවා මේ කියන තත්වය ඇති වෙලා නේද?  ඉතින් කොහොමද ඔබට සැනසීමක් ලැබෙන්නේ? හැම දාම අලුත් මනමාලි වෙන්න... පරණ වෙන්න යන්න එපා... ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ.

ඔබට සැබැවින් ම සත්පුරුෂ දහමක් ඕන නම්... සැබැවින් ම නිවීමක් සැනසීමක් ඕන නම්... අසත්පුරුෂයෙක් නොවී සත්පුරුෂ ගුණ ධර්ම තමන් තුල වැඩි කර ගන්නට අවංකව ම අවශ්‍ය නම් අද පටන් ගෙන... මේ මොහොතේ පටන් ගෙන “අලුත ගෙනා මනමාලියක්” බවට පත් වෙන්න.

දෙමව්පියන් දරුවන් කියන සම්බන්ධය ගත්තත්... බිරිඳ සැමියා කියන සම්බන්ධය ගත්තත්... නැන්දම්මා ලේලි කියන සම්බන්ධය ගත්තත්... ගිහි පැවිදි... ගුරු ගෝල... රටවැසියා සහ පාලකයන් කියන මේ මොන ආකාරයක සම්බන්ධයන් ගත්තත්... කෙටියෙන් ම සම්බන්ධය කුමක් වුවත්... ඒ සම්බන්ධයට “අලුත ගෙනා මනමාලියක්” ම වන්න!!! වරදින්නේ නෑ!!!    

සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන් කියවන්න; සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය 2 > චතුක්ක නිපාතය > දුතිය පණ්ණාසකය > 3. අපණ්ණක වග්ගය > 3. අසප්පුරිස වධුකා (අසප්පුරිස ධම්ම) සූත්‍රය > පිටුව 144 – 148 (පී.ඩී.ෆ් පිටුව 165 – 168)

නිර්වාණ ධර්ම දෙසැම්බර් කතු වැකිය කියවන්න

Tuesday, November 3, 2020

Hate Spreads - Shall We Lock Down?


Article summary
Corona is everywhere, right? Around the world… it seems to be increasing day by day, Isn’t it? New versions of the virus are emerging, aren't they? Lockdown seems the best option, isn’t it? But what use of locking down the outer world when inside of yours has already infected by the virus of hatred? Have said so many times… times to time… in various ways… But have you ever stopped for a while to understand what’s happening? Yes, again… again… let me remind you the curious case of the virus!

I will ask some questions… 
Answer yourself!
  • How many times you have blamed others so far?
  • How many times you have insulted others so far?
  • How many times you have cursed others so far?
  • How many times you have mocked others so far?
  • How many times you have wished death for others so far?
  • What is the percentage of hatred ... anger ... hypocrisy ... unhappiness… in your heart by now?
Corona - A virus can be explained by “WELL KNOWN SCIENCE” isn't it?
So, why should you believe the other reasons for it?
But what if there is a connection between all these things?
Whether you believe it or not… the truth never changes!
The more you develop hatred… anger… & the complaining nature…
The more will this virus spread… the percentage of the risk… the severity of the effect…. Everything will be increasing ...

But who cares right…?
It’s a belief of someone… not THE SCIENCE… isn’t it? 
Have you ever stopped to check the connection between the mind and the nature…? 

Oh! Great… Happy news…
“THE WELL-KNOWN SCIENCE” already proven this…
Your words & thoughts are powerful enough to change a molecule… 
For better or for the worst… worst means… even for the death…
Check this out!

This is not religion / religious...
 This is science... the true science of true nature!

Those who know this… they try their best to balance the world... With their compassionate hearts…
But hatred is becoming so powerful… powerful enough to destroy everything…
But for those who are compassionate… there is a victory!!!
They die in peace… with a kind & compassionate & happy heart…
The sick bed won’t surprise them… it won’t hurt or scared them…
They are healers… those who have compassion in their hearts are the winners!!!

To obtain that joy & peace… are you doing your part?
Which side are you now?

At the time of death, the same hatred will rise ... The percentage of cruelty will be high ...
Hate will rise all over the body and mind to the point of burning the whole world to ashes ...
Those who spread the hatred will be the losers… Living & even in the death bed…
But why you should care for these words right?
You are busy by spreading the hatred? 
Aren’t you?

If the answer is "NO" Congratulations... you are a winner!

Another heartfelt reminder to you to find out what’s happening to you & around you!!!

Wake up People!!!

වෛරය පැතිරෙනවා - ලොක් ඩවුන් කරමු ද?

 

සටහනේ අන්තර්ගතය

කොරෝනා හැම තැනම නේද? ලංකාවේ... ලෝකයේ... එන්න එන්නම වැඩි වෙනවා වගේ නේද? වෛරසයේ අලුත් ප්‍රභේද ඇති වෙනවා නේද? ලොක් ඩවුන් (රට ම / ලෝකය ම වසා දැම්මා) නම් ඉවරයි නේ නේද? එළිය වැහුවාට ඇතුළ වැඩ නේ... ඇතුලාන්තයේ පැතිරෙනවා... ශීඝ්‍රයෙන්... විටින් විට කිව්ව ත්... නොයෙක් ආකාරයෙන් කිව්ව ත්... තේරුම් ගන්න මොහොතක් වත් නො නවතින ඔබේ සිතට කවදා හෝ නැවතුණ වෙලාවක ඇස ගැටෙත්වා යැයි මෙත් සිතින් නැවතත්... ඔව් නැවතත්... තවත් ආකාරයකින් සිහිපත් කරන්නෙමි!

මම මේ විදියට අහන්නම්.... ඔබ ඔබට ම පිළිතුරු දෙන්න!

  • මේ වෙන කොට කී දෙනෙකුට දොස් කිව්ව ද?
  • මේ වෙන කොට කී දෙනෙකුට චෝදනා කලා ද?
  • මේ වෙන කොට කී දෙනෙකුට අපහාස කලා ද?
  • මේ වෙන කොට කී දෙනෙකුට උපහාස කලා ද?
  • මේ වෙන කොට කී දෙනෙකුට මරණය පැතුව ද?

මේ වෙන කොට ඔය හදවතේ වෛරයේ... තරහවේ... කුහකත්වයේ... අසහනයේ ප්‍රතිශතය කීය ද?

කොරෝනා - කෝවිඩ් "දන්න විද්‍යාවේ" වෛරසයක් නේ නේද

ඉතින් ඕක ට "නො දන්න විද්‍යාවෙන්" විසඳුම් කොහෙන්ද නේද?

හැබැයි ඉතින්, ඔබ දන්නවද නැත්ද අදාළ නෑ...

ඒ නො දන්නා විද්‍යාව කොහොමත් වැඩ කරනවා... අන්න ඒ විද්‍යාවේ නියමයන් ට අනුව

ඔය ඔබ... ඔව් ඔබ...!!! 

ඔය හදවතේ වෛරය රැස් කරන ප්‍රතිශතය වැඩි වෙන තරමට ම...

ඔබ දන්නා විද්‍යාවෙන් එකක් ඔප්පු කරාවි...

ඒ තමයි... කොරෝනා - කෝවිඩ් එන්න එන්නම ප්‍රතිශතය වැඩි වෙනවා... දරුණු බව වැඩි වෙනවා... කියලා...

ඔබේ දන්නා විද්‍යාව ඔබට කියාවි... 

ඒත් අනේ ඒ විද්‍යාවට අහු වෙන්නේ ඵලය විතරයි නේ... හේතුවත්... විසඳුමත් එහිම හොයනවා...

ලැබෙයි කියලා විශ්වාසයි නේහ්?

එන්න එන්නම දරුණු වෙමින්.... අසහනයෙන්... තරහෙන්... වෛරයෙන්... ක්‍රෝධයෙන්...

සුභ ආරංචියක්!!!

දන්නා විද්‍යාවෙන් "නො දන්නා විද්‍යාවේ" යමක් මේ වෙන කොටත් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා...

දන්නවා ද දන්නේ නෑ...

ඔබේ වචනය යහපත් නම්.... ඔබේ සිතිවිලි යහපත් නම්... ඔබේ වැඩපිළිවෙළ යහපත් නම් ඔබ තුල ඇති... ඔබ අසල ඇති පුංචි ජල අණුවක් පවා ඒ අනුව වෙනස් වෙනවා...

ඔබේ සිත... කය... වචනය කෲරත්වයෙන් පෙලෙන කොට... ඒ ජල අණුව ම ඔබට මරණය ගෙන දෙන්නට තරම් විනාශකාරී අණුවක් බවට පත් වෙනවා...

මේ බලන්න...


මේ ආගමක්  නෙවේ...!!! එතැනයි ඔබට වැරදුන තැන... 
මේ තමයි ස්වභාව දහමේ  ඔබට හසු නොවූ විද්‍යාව!!!

ඉතින් මේ ගැන දන්න මිනිස්සු... උත්සාහ කරනවා... ඔවුන්ට හැකි ලෙසින්... ඔවුන්ගේ මට්ටමෙන්...

තරාතිරමක් නො බලා... ඔබ වෙනුවෙන්... ඔව් ඔබ වෙනුවෙන්...

ඔබේ පතුරන කෘෘර බව සමඟ... ඔබ පතුරන වෛරී බව සමඟ... 

ඔබ පතුරන අසහනකාරී උපහාසාත්මක සිතිවිලි වලින් වෙනස් කරන අණු සමඟ....

පිරිසක්... තමන්ට හැකි පමණින්... නිහඬ සටනක යෙදෙනවා...

දිගින් දිගටම ඔබේ අපහාස උපහාස විඳ දරා ගනිමින්...

ඔව් ඔබ වෙනුවෙන් වෙහෙසෙනවා...

වෙලාවක් එනවා... ඒ සුළු පිරිස ප්‍රබල නැති වෙන...

ඔබේ වෛරයේ ප්‍රතිශතය ම හිස ඔසවන...

එයින් ඔබත් දැවේවි... ඔබ වෙනුවෙන් වෙහෙස වූ ඒ පිරිසත් නැසේවි...

එහෙත් ජය සැමදා ඔවුනට ම වේවි!!!

මොකද ඒ හිත් තුල මැරෙන මොහොතෙත් පවතින්නේ සුවයක්... සැනසීමක්... සාමයක්... ඔබ සැමට ම මෙත් සිතක්... තමන්ගේ යුතුකම තමන්ට හැකි පමණින් කල බවට ඇති සතුටක්...!!!

ඒත් ඔබ??? 

මැරෙන වෙලාවෙත් ඔය වෛරය ම නැගේවි... කෲර බවේ ප්‍රතිශතය අධික ම වේවි... ලෝකය ම දවා අලු කරන්නට තරම් තරහක් වෛරයක් සිත පුරා කය පුරා නැගේවි...

ඔබට මෙලොවත් පරලොවත් අහිමි ව වැනසීමක් ම ගෙන ඒවි... ඒත් ඔබ නොදනීවි...

ඇයි??? ඔබ තවමත් දන්නා විද්‍යාවේ අතරමං ව නො දන්නා විද්‍යාව මඟ හැර ගන්නා නිසාවෙනි!!!

ආ... මොකක්දආ... එහෙම නෙවේද

ඔබ එවැන්නෙක් නොවේද

සුභ පැතුම්!!! ඔබ වාසනාවන්ත ජයග්‍රහකයෙක්... හැමෝටම ලබන්න බැරි නුවණක් තියෙන වාසනාවන්තයෙක්!

ඔබ කුමන කොටසට අයත් ජීවියෙක් දැයි විමසා බලන්නට ඔබට තවත් මෙත් සිතින් යුතු සිහි කැඳවීමකි!!!

අවදිවන්න මිනිසුනි... අවදිවන්න...!!!


Monday, October 12, 2020

ඇත්තට ම සාන්තුවරයෙක් ද?

නිරාගමික යැයි පවසන බොහෝ පිරිසකටත් බෞද්ධ යැයි පවසා ගන්නා නාමික බෞද්ධ පිරිසකටත් මේ දවස් වල මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මහා විහිළුවක් වූ මෙම ප්‍රතිමාව ගැන යමක් සටහන් තබන්නට සිත් වූයේ නුවණක් ඇති යමෙක් වේ නම් අවබෝධ කර ගන්නට තම තමන්ගේ ජීවිත වලට එකතු කර ගන්නට බොහෝ දෑ මේ රූපය හා බැඳී ඇති බවට දැනුන නිසාවෙනි.


රෝමානු කතෝලික දහමට සම්බන්ධ වචන භාවිතයේ අඩුපාඩුවක් වූයේ නම් කිසිවෙකුත් සිත් අප්‍රසාදයට පත්‌ නො වේවා.  මේ සටහනේ අර්ථය නුවණින් දකිත්වා!  සියලු සත්වයන්ගේ සිත් සතන් සුවපත් වීම පිණිස ම වෙත්වා! 

මුලින් ම ඉතාමත් කෙටියෙන් මේ ප්‍රතිමාව කාගේ දැයි පැවසුව හොත් 1991 උපත ලබා 2006 වර්ෂයේ මිය ගිය අවුරුදු 15ක් වයසැති කාර්ලො අකුතිස් නම් තරුණ දරුවාගෙයි. ඉතාලි ජාතික මෙම දරුවා ලියුකේමියා රෝගී තත්වයෙන් අවුරුදු 15න් මිය ගොස් තිබෙනවා.

අප දන්නවා කුමන ආගමක දහමක වුණත් ලොව පුරා බොහෝ තරුණ දරුවන් ආගමට දහමට එතරම් ළැදියාවක් නෑ.  ඒත් මේ දරුවා ඒ අතරින් වෙනස් ම ආකාරයකට ජීවිතය ගත කල කෙනෙක්.  තමන් ජීවත් වූ වසර 15 තමන් විශ්වාස කරන දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වන්නටත් තමන්ගේ ආගම දහම තුල පෙන්වා දෙන යහපත් ආකාරයට තමන්ගේ ජීවිතය ගත කරන්නට තරම් නුවණක් මේ දරුවාට තිබී තිබෙනවා. 

තාක්ෂණික යුගයක ඉපදුණ මේ දරුවා පරිගණක ක්‍රම ලේඛකයෙක් (Computer Programmer). ඉතින් ඒ දරුවා තමන්ගේ පරිගණක දැනුම උපයෝගී කරගෙන රෝමානු කතෝලික ආගමට අයත් ආශ්චර්යයන් සම්බන්ධයෙන් ගවේෂණය කරමින් වෙබ් අඩවියක් ද සකස් කර තිබෙනවා.  එයට අමතරව තමන්ගේ ජීවිතය අන් අයට ප්‍රයෝජන වත් අයුරින් ගත කරන්නට තමන්ට කල හැකි දෑ කරන්නට මේ දරුවා අවංක සිතින් කැප වෙලා තිබෙනවා.

තමන්ගේ රෝගී තත්වයෙන් ලැබූ වේදනා හමුවේ පවා මේ දරුවා පවසා තිබෙන්නේ “මට වඩා වේදනාවෙන් පෙලෙන මිනිසුන් මේ ලෝකයේ සිටිනවා” යන්නයි.  ඔහුගේ වෙබ් අඩවියේ ඔහු පවසා තිබෙන්නේ “අපට වැඩි වැඩියෙන් සත්ප්‍රසාදය (ඔහු ගවේෂණය කල ආශ්චර්ය වර්ගය) ලැබෙන තරමට, අපි ජේසුස් වහන්සේ මෙන් වන්නෙමු, එවිට මේ පොළොවේ අපට ස්වර්ගයේ පුරෝකථනයක් ලැබෙනු ඇත.”

කෙටියෙන් කියනවා නම් ඔහු ගත කල ජීවිතය අනුව සහ ඉතා කුඩා අවධියේ දීම තමන්ගේ මරණය පෙනි පෙනීත්, ඔහු අන් අයට කල සේවය සමඟ සලකා බලන විට ඔහුට “සාන්තුවරයෙක්” යැයි පැවසීමට නොහැකියාවක් නැති බව මගේ හැඟීමයි. 

මොහු ගැන මෙතරම් ලෝකය පුරාවට කතා බහට ලක් වන්නේ 2020 ඔක්තොම්බර් 2 ඉතාලියේ අසීසි නුවර තැන්පත් කර තිබූ ඔහුගේ දේහය විවර කර පෙන්වීමත් සමඟයි.  ඔහු මිය ගොස් තිබුණේ අවුරුදු 14කට පෙර... ඔහුගේ දේහය වල දමන්නේ ද ඉතාලියේ අසීසි නුවර මයි.  2013 වන විට ඔහු සාන්තුවරයෙක් බවට නම් කිරීමට මුල් පියවර තබා තිබෙන්නේ කතෝලික ආගමට අනුව හඳුනා ගත් සුවිශේෂිතා නිසාමයි. 2018 ෆ්‍රැන්සිස් පොප් වහන්සේ විසින් ඔහුට “පූජනීය” ආමන්ත්‍රණයෙන් හඳුන්වන්නට හැකි පුද්ගලයෙක් ලෙසින් හඳුන්වා දුන්නා.

ඒ වගේම 2019 වසරේ දී මොහුගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් යාඥා කල අවස්ථාවක මිය යන්නට සිටි දරුවෙකු සුවපත් වීමේ ආශ්චර්යක් ද සිදු වී තිබෙනවා.  මේ ආකාරයෙන් මේ පූජනීය කාර්ලෝ යදින්නන් හට අත්දකින්නට ලැබූ ආශ්චර්යයන් නිසාම කතෝලික ආගමට අනුව මොහුව භාග්‍යවරයට ඔසවා තැබීම හෙවත් සාන්තුවරයෙක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.  ඒ අනුව තමයි මීට අවුරුදු 14 කට පෙර (2006) දී මිය මේ 15 හැවිරිදි පූජනීය කාර්ලො අකුතිස් නම් තරුණයාගේ දේහය ඉකුත් ඔක්තෝබර් මස 10 වන දිනට නැවත බැතිමතුන්ට වන්දනා කර ගැනීම පිණිස විවෘත කරන්නේ.  වසර 14කට පසුව වුවත් ඔහුගේ දේහය නො දිරා තිබෙන අයුරු දැක ගන්නට හැකියි.  මේ ඒ අවස්ථාවේ දී ඔහුගේ මව සිය සාන්තුවර පුතුගේ නො දිරූ දේහය අසල සිට ගන්නා ලද ජායාරූපයක්.  

  

මේ ආකාරයෙන් නොදිරා තිබෙන සාන්තුවරයන්ගේ... සාන්තුවරියන් ගේ දේහයන් බොහෝමයක් මේ වන විටත් ලොව පුරා තිබෙනවා. “මේවා බොරු... ඔය ඉටි වලින් හදලා තියෙන්නේ...” යැයි කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්. 

ඒත් අවබෝධ කර ගත යුතු වැදගත් ම දේ තමයි, ඔවුන් මිය ගොස් වසර සිය ගණනක් ගියත් දේහය නො දිරා තිබීම නොවේ ඔවුන් සාන්තුවරයන් සාන්තුවරියන් ලෙසට නම් කරන්නට හේතු පාදක වුනේ, ඔවුන් ගත කල ජීවිතයයි!

මේ දේවල් වලට වචනයකින් පවා ගරහන... තවත් කෙනෙකුගේ විශ්වාසයකට ගරු කරන්නට නොහැකි... දන්න පොඩ්ඩෙන් මුළු විශ්වය ම ගැන අතැඹුලක් සේ දන්නවා සේ තර්ක වාද කරමින්, ලැබෙන සෑම අවස්ථාවක ම ඔබ නො පිළිගන්නා ඔබට විශ්වාස කරන්නට නොහැකි සෑම දෙයක් ම විවේචනය කරමින් තවත් ජීවිතයක් පහත් කරන... උපහාසයට ලක් කරන ඔබ, මේ මහ පොළොව තුල යහපතක් ඇති කරන්නට ජීවිතයේ කොතරම් වේලාවක් කැප වෙලා තියෙනවා ද? තවත් ජීවිතයකට මොහොතකට හෝ සැනසීමක් ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා ද?     

මේ සාන්තුවරයාගේ පිළිමය දුටු මොහොතේ පටන් ගෙන එහි ඇති ඇපල් පරිගණකය උපහාසයට ලක් කරමින් පිළිම වන්දනාව ගැන දාර්ශනික අදහස් දක්වන ඔබ මොහොතකට වත් මේ ආකාරයෙන් තවත් ජීවිතයක් තවත් කෙනෙකුගේ වන්දනාවට ලක් වන්නේ ඇයි දැයි විමසා බලන්නට මොහොතකට වත් යොමු වුණා ද? 

ඔබට මේ පරිගණකය ය ගැන මේ ආගම් ගැන ඒවායේ ඉතිහාසය ගැන කියන්නට මහා දත්ත ගොඩක් තිබුනත් මේ වන්දනාවට ලක් වන චරිත සේ සමාජයට යහපතක් කරන්නට ඔබගේ පරිගණකය හෝ ඔබ විසින් ගොඩ ගසා දැනුම යොදවන්නට මොහොතකට වත් සිතුවද? අඩුම තරමේ පරිගණයක් වැනි යමක් ලෝකයට නිර්මාණය කරලා තවත් කෙනෙකුට උපකාරයක් වෙන්නටවත් කටයුතු කරනවද?  

බුදු දහම ගැන හෝ ජේසු තුමන්ගේ දහම ගැන මහා දැනුම් සම්භාරයක් ඇතිව මේ දේවල් විවේචනය කරන ඔබට මඟ හැරුණ කාරණය නම් ඒ මහා ශාස්තෘන් වහන්සේලා විසින් පෙන්වා දුන් දහම් ඔබගේ ජීවිතයට එකතු කර ගැනීම නොවේ දැයි අංශු මාත්‍ර හෝ නුවණක් තිබේ නම් විමසා බලා අප්‍රමාදී වීමට කටයුතු සලසා ගනිත්වා!

ඇත්තටම ඩෙනිම් ඇඳලා පරිගණක පාවිච්චි කරමින් නව යොවුන් අවදියේ මෑත කාලයේ සාන්තුවරයෙක්ගේ පිළිමයක් දකින්නට ලැබෙනවා නම් එය උපහාසයට ලක් කිරීම... එයට වන්දනා කරන පිරිසට අපහාස කිරීම ඇසට පෙනෙන සාමාන්‍ය තත්වයක් ඉක්මවා නුවණින් දැක ගත යුතු යමක් දැක ගැනීමට අපොහොසත් අනුවණයන්ගේ වැඩපිළිවෙළක්. 

නුවණක් තිබේ නම් විමසා බලා සතුටු විය හැකියි.  සාන්තුවරයෙක් වීමට කාලයක්, ඇඳුමක්, අතේ ඇත්තේ පොතක් ද පරිගණකයක් ද කොණ්ඩය දිග ද කොට ද මේ දේවල් අදාළ ම නැත.  ඔබගේ සිත කය වචනය තුලින් තමන්ටත් අනුන්ටත් යහපතක් ගෙන දෙන්නට කටයුතු කරන්නේ නම් ඔබගේ ස්වරූපය කුමක් වුවද ඔබව වන්දනාවට ලක් වීම වැළැක්විය නොහැකියි.  ඔබ පූජා වන්ට සුදුසු චරිතයක් බව ඔබ ඔබගේ ක්‍රියාවෙන් ම ඔප්පු කර අවසන්.  එසේ ජීවත් වූ මෙවැනි චරිත සිහිපත් කරන්නට නිර්මාණය වූ පිළිම හෝ වේවා ඡායාරූප හෝ වේවා කෙටියෙන් කියනවා නම් ‌ඉටියෙන් හෝ තැනූ දේහයක් හෝ වේවා ඔබට ලබා දෙන්නේ “ඔබට ද මෙවන් වන්දනීය චරිතයක් වීමට හැකි බවමයි”  මේ කාරණා නුවණින් දැක ගන්නට නොහැකි ව තර්ක වාද කරන ඔබව සමාජයේ නුවණැත්තන්ගේ අප්‍රසාදයට ලක් වන, ප්‍රඥාවන්තයින් ද මඟ හැර සිටින ඔවුන්ගේ අනුකම්පාව ලබන චරිත බවට පත් වෙනවා පමණයි.  පාඩුව තමන්ටමයි!

ඩෙනිම් අඳින, ජැකට් අඳින, ෆේස්බුක් ඉන්ටර්නෙට් මොබයිල් ෆෝන් භාවිතා කරන සාන්තුවරුන්ගේ යුගය දැනටමත් ආරම්භ කල නුවණැත්තෝ ලෝකයේ දැනටමත් පහල වී අවසානයි.  ඒ අය මේ වන විට වන්දනාවට ද ලක් වී අවසානයි.

එහෙත් ඔබ?

ලෝකයේ පහල වූ මහා ශාස්තෘවරුන් ගේ පිළිම වහන්සේලා වන්දනා කරන විට ඒ වන්දනාවන් ගේ අර්ථය පවා අවබෝධ කර ගන්නට නොහැකි වූ පුද්ගලයෙකුට  මේ අවස්ථාව නුවණින් දැක ගැනීමට කිසිසේත් ම නොහැකි වෙනවා නියතයි!

අපි බෞද්ධ යැයි පවසමින් අන්‍ය වූ ආගමික විශ්වාස යන්ට ගරහන නාමික බෞද්ධ වූ ඔබටත්... තමන්ගේ ආගම දහම තුල පවා තිබෙන මූලික සිද්ධාන්තයන් අවබෝධ කර ගැනීමට නො හැකිව තමන්ගේ ශාස්තෘ පෙන්වූ යහපත් මඟ පසෙක තබා තම තමන්ට රිසි දහමක් තමන්ගේ ආගමේ නාමයෙන් අදහන ඔබටත්... මේ ජීවිතයෙන් ගත හැකි දේ අනන්තයි අප්‍රමාණයි!

“දෙවියෝ ඉන්නවා නම් මේ දරුවා අවුරුදු 15න් මැරෙයිද... පිළිකා හැදෙයිද...” වගේ ජීවිතයේ යථාර්ථය ගැන අංශු මාත්‍ර හෝ අවබෝධයක් නැති පුහු තර්ක ඇති මොට්ට අදහස් ඇති දහසක් මිනිසුන් අතර තමන්ගේ මරණය පෙනි පෙනී එයට කම්පා වීම පසෙක තබා... දෙවියන්ගෙන් ජීවිතය යදිමින් තමන්ගේ වාසියට පමණක් තමන්ගේ ආගම දහම යොදා නො ගෙන, තම ශාස්තෘන් වහන්සේ විසින් පෙන්වා දුන් උතුම් සත්පුරුෂ දහම තම ජීවිතයට ලං කරගෙන... තමන් ලැබූ අවුරුදු 15න් එක මොහොතක් වත් අපතේ නොයවා, තවත් බොහෝ පිරිසකට සෙත සැලසූ මෙවන් ජීවිත වන්දනාවට සැබැවින් ම සුදුසුමය. පූජාවන්ට සැබැවින් ම සුදුසුමය.

මේ ජීවිතය විතරක් නොවේ තවත් මෙවන් යහපත් චරිත අප අතර පෙරත් සිටියා. දැනුත් ඉන්නවා. මතුත් පහල වේවි.  ඒ සමහර ඇත්තන් මේ විදියට ප්‍රකටව වන්දනාවට පූජාවට ලක්වේවි.  සමහර ඇත්තන් අප්‍රකටව වන්දනාවට ලක්වේවි.  ආගම් භේදයක් නැතිවම මේ දේ සිදුවෙනවා.  ඒ ඒ ආගමට දහමට අනුව ඒ අයව විවිධාකාර නාමයන්ගෙන් හඳුන්වා දෙනවා. ඒ නිසා වැදගත් වන්නේ පුහු තර්ක වාද නොවේ.  ප්‍රායෝගිකව සත්පුරුෂයෙක් සේ ඔබ කොතරම් හැසිරෙනවාද කියන දේමයි.  

උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් මෙවන් ජීවිත හඳුන්වා දෙන්නේ "බාලයන් අතර නුවණැති පණ්ඩිතයන්" ලෙසින් මයි.   සත්පුරුෂ දහමේ හික්මෙන්නට තරම් නුවණක් තිබෙන මෙවන් ජීවිත වලට ආර්ය දහම ලැබෙන පමාව ම පමණි.  ඒ වගේම පෙන්වා දෙනවා “යමෙක් වඳින්නේ නම් වැඳුම් ලබයි.  පුදන්‌නේ නම් පිදුම් ලබයි”  ඒක තමයි හේතු ඵල දහමේ ස්වභාවය.

ඒ වගේම තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා සත්පුරුෂ ගුණ දන්නේ නැත්තේ... දකින්නේ නැත්තේ... ආර්ය ගුණ දන්නේ නැත්තේ දකින්නේ නැත්තේ... වැඳුම් පිදුම් ලබන්නට සුදුසු උතුමන් මේ ලෝකයේ සිටින බව විශ්වාස කරන්නේ නැත්තේ... අගුණයක් මිස ගුණයක් දකින්නට හැකියාවක් නැති දොස්ම දකින දොස්ම ප්‍රකට කරන ප්‍රසිද්ධියේ අන් අයව පහත් කොට සලකන්නේ පහත් වූ පෘතග්ජන මානසිකත්වයෙන් සිටින, නියත වශයෙන් ම මිත්‍යා දෘෂ්ඨියේ පිහිටා ඇති පුද්ගලයින් කියලා.  එසේ නම් යමෙක් වන්දනා පුද සත්කාර සිදු කරන විට “මිත්‍යා දෘෂ්ඨිකයා” යැයි අපහාස කරන ඔබට ඔබ ගැනම විමසා බලන්නට කාරණයක් ලැබෙනවා.

නො දන්නා බුදු දහමක් ගැනත්... නො දන්නා කතෝලික දහමක් ගැනත්... නො දන්නා ඉස්ලාම් දහමක් ගැනත්... නො දන්නා හින්දු දහමක් ගැනත්... නො දැන නො විමසා තර්ක වාද කරමින් නො දන්නා දේ දන්නවා යැයි සිතා ගෙන තම තමන්ගේ ආගම් දහම් නාමයෙන් ලෝකය පුරාවට ම වෛරය ක්‍රෝධය පතුරවන අයහපත් සිත් සතන් දරන්නන්ගේ සිත් සුවපත් කිරීම පිණිස මෙවන් සත්පුරුෂ දහමේ හික්මෙන සාන්තුවරයෝ සාන්තුවරියෝ ලෝකයට මහා භාග්‍යයයක්මය!  ආශීර්වාදයක්මය!!! 

"තමන්ටත් අනුන්ටත් යහපතක් නැති ව, තමන්ගේ වාසිය තකා ජීවිතය ගත කරන අවුරුදු 100ක ජීවිතයට වඩා සත්පුරුෂ දහම අනුව කටයුතු කරන, ආර්ය දහම අනුව ගත කරන එක පැයක ජීවිතය අති උතුම් බව නුවණින් දකිත්වා!"

තම තමන්ගේ ආගම දහමේ ගැඹුර බොහෝමයි.  නිකරුණේ නො දන්නා දේ ගැන දාර්ශනික මතවාද දෙමින් නාස්ති කරන කාලය,  ප්‍රායෝගික ව ඒ දහම් හි ගැඹුර දැක ගැනීම පිණිස යොදවා ගන්නට අංශු මාත්‍ර හෝ නුවණක් ඇති යමෙක් වේ නම් යොමු වෙත්වා!

සියලු ලෝ සතට යහපතක් අභිවෘද්ධියක් ම වෙත්වා! සත්පුරුෂ දහමේ හැසිරෙන්නට, ආර්ය දහම් දැක ගන්නට නුවණ ප්‍රඥාව ම පහල වෙත්වා!


කතෝලික සාන්තවරයන් සහ සාන්තුවරියන් ගැන තොරතුරු බිඳක්!

“‌ලෝකයේ සත්පුරුෂ දහමක් හඳුනා ගන්නට තරම් වත් නුවණක් නැති වූ කලෙක අති ගම්භීර වූ උත්තරීතර සම්මා සම්බුදු දහමක ගැඹුර කෙසේ නම් දැක ගන්නද”