නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, February 26, 2014

what is real protection?

These days one of the major issue in the society is the protection. What is this protection and how to overcome the issue of being protect and being safe in the society? Do you expect government or any other organization should be more concern over the public protection? Let's explore how to achieve the real protection through the Buddhist point of view. Coz Buddhism, the pure path of eternal liberation has the solution to most of everything in this world. 

Mainly society expect protection from many things. Protection from criminals, poisons food, environment pollution etc… etc… And what exactly do we want to protect? Think carefully and you will realize that we basically want to protect are things we call "I" or "Mine". It can be a being or thing. So now think about the reality of things or beings which you call "I" or "Mine".

No matter how hard you tried the eternal nature of every being & things are is changing, decaying and destruction at the end. If something or someone happen to birth or arise that's the true nature of everything which is the reality that we can't ignore. But the problem is that we don't like to accept the true nature. We believe we can resist the true nature. So we fight mentally and physically. As an out come here comes all the social problems which we call social issues. 

It is the wisdom which gives the realization of the true nature and the mentality to accept the truth and liberate from all kind of sufferings and unsatisfactory nature. The real danger doesn't come from the society or something out side. The real danger is with us. That is the unconsciousness which we commonly known as ignorance. The biggest problem is with us is that most of us are unconscious about the reality. So we battle against an illusion which we fails to win. 

We expect government or some organization to work on our protection while our own self is the biggest threat to our own self. The biggest threat is this unconsciousness. Because of that we are unaware of the reality or even ignoring the eternal nature of things call "I" or "mine". What we should realize is that how it is possible to protect something or someone which arise with a nature of breakable, fragile. Even the people whom we call government or organize to protect others having the same problem of their own protection. So how it is possible to blame someone else of being so careless on something which is impossible to protect.

This expectation comes because of being unconsciousness / ignorance. A real Buddhist whom entered to the path of eternal liberation do not expect such illusory protection from another being whom actually is in real danger. The real protection is get rid from the death and that's available only in the path to nirvana (enlightenment). 

So let's not be stupid to blame society or government or any other organization by collecting more defilements to our account. The more we behave like that means we become more unprotected and getting into more danger and gradually becoming helpless. So my dear dhamma friends, be in touch with pure Dhamma and you will be able to know real protection and the method of being protected in wise way.

May you gain the real protection through the blessings of triple gem!

සැබෑ ආරක්ෂාව රැකවරණය යනු?

සම්මත ලෝකයේදී යම් පුද්ගලයෙකුගේ හෝ වේවා යම් ද්‍රව්‍ය වස්තුවක හෝ වේවා ආරක්ෂාව පිළිබඳව රැකවරණය පිළිබඳව කියන්නාවූ කරුණ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් පුදුමාකාරයෙන් දැවීමකට අසහනයට පත්වෙලා සිටිනවා. ඒ හේතුව නිසාම නීතියට පරිපාලනයට දොස් තබමින් සිත, කය, වචනය මෙහෙයවා කටයුතු කරන තත්වයට පත්වෙනවා. එහෙම නේද? 

ඉතින් සත්ධර්මය කියන්නේ සෑම ගැටලුවකටම විසඳුමක් තියෙන අපූරු දෙයක්. ඒ තුලින් සහනය ලබන්නාට මේ කියන්නාවූ කිසිදු ආකාරයේ ගැටලුම තත්වයක් සිතට පැන නගින්නට නම් ඉඩක් නැති තරම්. ඉතින් මේ දේ අවබෝධ කරගැනීමට බුද්ධිමත් ඔබට සිතන්නට යමක් තමයි මෙම සටහනෙන් ගොනු වෙන්නේ.

ආරක්ෂාවක් රැකවරණයක් ලෙසින් අප බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? පුද්ගලයෙකුගේ නම් කොටස් 32කින් යුක්ත එකතුවක් වූ මේ ශරීරයේ කැඩීමක් බිඳීමක් විනාශ වීමක් නැතිව පැවැත්මක් ගැන තමයි අප විසින් බලාපොරොත්තු වන්නේ. ඒ වගේම ද්‍රව්‍ය වස්තුවක නම් අප ඒ ද්‍රව්‍ය වස්තුව කැඩීමකට බිඳීමකට විනාශ වීමකට ලක් නොවී දුක ගෙන දෙන ආකාරයේ පීඩාවට පත්වෙන ආකාරයේ වෙනස්වීමකට පත්නොවී තිබෙන්නා වූ පැවැත්මක බලාපොරොත්තුවක් තමයි ආරක්ෂාවක් රැකවරණයක් ලෙසින් සරලව හඳුනාගන්නේ. එහෙම නේද?

එසේ ආරක්ෂාවක් රැකවරණයක් බලාපොරොත්තු වන හේතුව මොකක්ද? එයට නම් පිළිතුර තෝරාගැනීම බොහෝම සරළයි. ඉතාමත් කෙටියෙන් කියනවා නම් පවතින්නට තියෙන ආශාව කැමැත්ත තමයි මේ තුලින් පිළිබිඹු වෙන්නේ. තවත් ආකාරයකින් කියනවා නම් තමන් විසින් මැනගත්තාවූ සුවදායකයි කියන තත්වයක් වෙනස් වීමකට ලක්නොවී පවතීවා කියන බලාපොරොත්තුව කැමැත්ත නිසා මෙසේ ඒ පවතින තත්වයට ආරක්ෂාවක් රැකවරණයක් අවශ්‍යයයි කියලා සිතන්නේ.

දැන් ඉතින් බුද්ධිමත්ව එකින් එක ගැන සිතා බලන්න. ලෝකයේ යමක් හටගත්තා නම් විපරිණාමයට පත්වී වෙනස්වී ගොස් විනාශයට මරණයට පත්වීම ධර්මතාවයයි. මෙය වෙනස් කරන්න කිසිම බලගතු කෙනෙකුට නොහැකියි. මන්ද එය තමයි සෑම දෙයක්ම සිද්ධ වෙන රටාව. යථා ස්වභාවය. ඉතින් මේ ස්වභාවය තෝරා නොගෙන එසේත් නැතිනම් පිළිගැනීමට තිබෙන අකමැත්ත නිසාම එසේ නොවේවා... එය වෙනස් කරන්නට හැකියි යන මතයක් දැරීම වැන් හිස් වැඩපිලිවෙලක නිරත වුණාම සිද්ධ වෙන්නේ කරන්නට බැරි දෙයක් කරන්නට ගොස් සිද්ධ වන දුකට අසහනයට වෙහෙසට පීඩාවට කම්පාවට පත්වෙන්නටම තමයි. 

ධර්මාවබෝධයට පත්වූ තැන් පටන්ගෙන නම් මේ ගැටලුකාරී තත්වයන්ට සිත පත්වෙන්නේ නැත්තේ මේ යථා ස්වභාවය නුවණින්ම තෝරාගෙන යන රටාවට සිද්ධ වෙන්න හැර තමන් ඒ තත්වයට ඔරොත්තු දෙන ආකාරයේ මානසිකත්වයක් සකසා ගැනීමයි. හරියටම තුවාල නොවූ අතකින් වස විස ඇල්ලුවාය කියලා ඒ පුද්ගලයාට වස විස ශරීරගත වෙන්නේ නෑ වගේ තමයි.

දැන් මේ කරුණේදී අප විසින් නුවණ යොමු කල යුතු වැදගත් කරුණ වෙන්නේ තවමත් ධර්මාවබෝධයට පත්වී නොමැති නම් මේ ලෝකයේ සැබෑ තත්වය තෝරාගැනීමට ඔබ තවමත් අපොහොසත් නම් ඔබ පත්වී ඇති අනතුර ගැනමයි. ඔබ තවමත් තුවාල සහිත අතක් ඇති පුද්ගලයෙක් වගෙයි. ඒ පුද්ගලයා වස විස අල්ලනවා කියන්නේ විස ශරීරගතවීමක්මයි. ඉතින් සිද්ධිය එසේ නම් ඔබ ඉන්නේ මහා අනතුරකයි.

කොතරම් නීතියට පරිපාලනයට බැනවැදුනත් ඒවා නිවැරදි විය යුතුයි අපට රැකවරණය ආරක්ෂාව සැපයීමට විධිමත්ව කටයුතු කල යුතුයි කියලා උද්ඝෝෂණය කලත් ඔබ විසින්ම ඔබව පත්කරගෙන තිබෙන අනතුර නැතිකරන්නට කිසිම නීතිමය රැකවරණයකට නොහැකියි යන්න ඔබ විසින් නුවණින් තෝරාගත යුතු වෙනවා.

කෑම බීම විස නිසාවෙන් හෝ වේවා සමාජය එන්න එන්නම දරුණු වෙනවාය කියලා හෝ වේවා නුසුදුසු ආකාරයේ නොහොබිනාකම් සිද්ධ වෙනවාය කියලා හෝ වේවා සමාජයේ දැනට පවතින කුමන හෝ අයහපත් තත්වයක් ගැන ඔබ විසින් කෙනෙකුට දෝෂාරෝපණය කරනවා නම් වගකිව යුතුයි කියනවා නම් ඒ මේ පැවැත්ම තුල යථා තත්වය තෝරානොගත්තාවූ මානසිකත්වයක් නිසාමයි. 

අවස්ථාවන් සමූහයක් මොහොතින් මොහොත ගෙවී ගෙවී යනවා... එක් මොහොතක්වත් නතර කරගන්නට නොහැකියි... ඒ අවස්ථා සමූහය තුල යහපත අයහපත ලෙසින් කැමැත්ත අකමැත්ත ලෙසින් ප්‍රිය අප්‍රිය ලෙසින් තත්වයන් බෙදාගෙන අවිද්‍යාව මුල්වීමෙන් සිදුවන හේතු ඵල රටාව නොදකින මනසක් ඇති යමෙක් වේ නම් ඒ පුද්ගලයා විසින් තමන් පත්වී ඇති මේ තත්වයට අනුකම්පා සහගතව මුහුණ දෙමින් ඒ තත්වයෙන් මිදීමට වහ වහා කටයුතු සිද්ධ කරගත යුතු වෙනවා.

කොතරම් රකින්නට කීවත් රකින්නට නොහැකි තත්වයක් කෙසේ නම් කව්රුන් විසින් රකින්නද? කොතරම් ආරක්ෂා කරගන්නට උපකාර කරන්න කීවත් ආරක්ෂා කරන්නට නොහැකි තත්වයක් කව්රුන් විසින් කෙසේ නම් ආරක්ෂා කරන්නද? නුවණින් යථාර්ථය දැක මිදෙන්න. නැතිනම් බාහිරයේ පවතිනවා යැයි සිතනා ලෝකයාට දොස් පවරමින්... සිත, කය, වචනය තුලින් තව තවත් අසහනයට පත්වෙමින් තව තවත් අකුසලයන්ම කරමින් අවිද්‍යා අඳුරේ ගිලෙන්නේ ආලෝකයක් නොපතන ඔබමයි. 

මොහොතක්වත් අවිනිශ්චිත තත්වයක් නිශ්චිත තත්වයෙන් තිබෙනවායැයි දවල් සිහින දැකීම නතර කරගන්නේ යම් මොහොතකද එදිනට ඔබට මේ ආරක්ෂාව රැකවරණය සම්බන්ධ ගැටලු නම් පැන නොගනීවී. ඒ සම්බන්ධයෙන් කිසිවෙකුටත් මොනම ආකාරයෙන්වත් දෝෂාරෝපණයක් නොකරාවි. පරිදේවයන් අසහනයන් පීඩාවන් දුක් වෙහෙස අයාසයන් ආදී සියලු දුක් රැසට මුල යථා තත්වය තතු සේ නොදැනීමම බව තෝරාගෙන නුවණැස පහළ කරගැනීමට උත්සූක විය යුතුමයි.

ආරක්ෂාව රැකවරණය ලැබෙන්නේ අවිද්‍යාව දුරු වීම තුලින්මයි. සැබෑම ආරක්ෂාව මරණයෙන් මිදීමයි. මිදීමට අපූරු ප්‍රඥාවන්ත මාර්ගයක් තවමත් විද්‍යාමානයි. ඒ මාර්ගයෙන් ඵල ලබන්නෝද තවමත් විද්‍යාමානයි. එසේනම් යථාර්ථයට මුහුණ දී සැබෑම රැකවරණය තමන්ට ලැබගැනීමට සැබෑම ආරක්ෂාව සපයාගත යුත්තේ තමන්විසින්මයි යන්න නුවණින් දැක ඒ අනුව කටයුතු කරන්නට බුද්ධිමත් ඔබ විසින් අප්‍රමාදී විය යුතුමයි. 

මානවයාගේ සැබෑම හිමිකම හෙවත් මානව හිමිකම් අයිතිවාසිකම එයම බව තම තම නැණ පමණින්ම තෝරාගැනීම ඔබට භාරයි. ඒ වගේම ඒ අයිතිය ඔබට ලබාදිය හැක්කේ අන් කවරෙකුටවත් නොව ඔබටම පමණි. එසේ නම් දොස් තබන්නට වගකියන්නට බාහිරයේ කිසිවෙකුත් නොමැති බව තෝරාගැනීමද කල හැක්කේ ඔබටම පමණි. තම තම නැණ පමණින් විමසා බලා සිත, කය, වචනය අකුසලයෙන් මුදවාගැනීමට තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවා!!!

May you gain the best from Dhamma Sharing!

My dear Dhamma friends, I'm going to use this note as a reminder to share some important fact. 

I would like to remind all my dhamma friends that I'm sharing the dhamma from my bit of knowledge. So especially with the less English knowledge I have, I may be fail to share the great meanings perfectly. So always be aware of that fact when you are with the "Nirvana Dhamma" web site or blog or other dhamma sharing of mine. 

As an example, Imagine there is a village which surrounded by a forest. And one day that forest caught with the fire. One person saw this and begin to warn villagers while he is saving himself. Likewise, as soon as I felt this existence as a real danger I too begin to warn other by sharing the danger, cause of danger and method of get rid of the danger while I'm saving myself. 

So from beginning to now there may be differences between the way I explained dhamma and its content. Even though the theory is same the way I explained got changed with the time and I believe so far the knowledge of Dhamma as well as the English also got little improved with the time. But as I am not an enlightened being yet I may do interpretation mistakes on certain dhamma facts or methods according to my experiences. Or that can be happen with the lesser knowledge of English too. So be aware of certain things and get the best from your level best for your betterment.

I expect nothing through this effort of sharing dhamma. It's just a one single wish that "May at least one being get bit of support through this effort and May they improve their interest on identify the real danger of this existence and become their own saviors!!!" Even Samma Sambuddha said if one cares about another being that one should share this noble dhamma as it's the only worth gift to share for. So I'm just doing my bit as a human being and expect nothing in return. 

Even the knowledge of dhamma is effected by the eternal law of impermanency. So there is nothing to be proud of or nothing to be expected through that knowledge. It's also changing with the time. That understanding is guiding one's to get rid of ego layers which comes with the dhamma knowledge and the other expectations like profits from sharing dhamma, compliments or popularity. So be alert of your thoughts which comes from sharing dhamma, if you do share dhamma with others.

I'm sharing this note as it's beginning of a new year. There may be lesser sharing or may be nothing at all in this web, blog, Facebook or other places in this year. Because I believe the people who spend more time on sharing dhamma with others get lesser time to do their own practices. If one doesn't practice well with what that person share with others he / she won't be able to improve with dhamma and that in another way cause to the content what that person share with others. 

So I'm so much concern on the fact of sharing dhamma with others with true practice and experience. With that concern I may be or may be not share much dhamma with you all in future. Be in touch "Nirvana Dhamma" web, blog and other resources when you get time. But mostly be in touch with your own practices to save your own self more than anything else as this existence is not worthy to be have a joyful ride. 

When you need happiness just remove the "I" and "Want" from the sentence and you will end up with the "Happiness". Be in alert for that and what you really need to search for is that "Is it really worthy to give values like "I" or "Mine" for something or someone which is not in your control at all… they arise… they change… they destroy / die… and the eternal process is not in once control… so is it worthy to be with and put effort on controlling? 

Just ask and examine from your own life and mind… that's all… if your examination is correctly done, then you will end up with a wise answer! Good luck on your practices of being liberate from your own mind and dream world which you are stuck in!

May triple gem bless you for the best!!! May you be free from the dream world!!!

Copied from my own writings which shared through "www.nirvanadhamma.com as January, 2014 Editorial with those whom are not in touch with the site!

ධර්ම දානයෙන් නිසි ඵල ලබත්වා!!!

මෙම සටහන වෙන් වන්නේ මා ලියන්නාවූ බෙදාගන්නාවූ ධර්මය ඇසුරු කරන ධර්මයට හිතැති පිරිස් වෙතට පුංචි මතක් කිරීමක් කිරීමටයි. 

අන් අය සමඟින් ධර්මය බෙදාගන්නට පටන්ගෙන මේ වන විට සම්මතයේ වසර කීපයක් ගත වී තිබෙනවා. මුල්කාලයේ පටන්ගෙනම ඒවා ඇසුරු කරමින් රැඳී සිටි යමෙක් වේ නම් ඒ අය මුල් කාලයේ ධර්ම විග්‍රහයන් සහ මේ වන විට බෙදාගන්නාවූ ධර්ම විග්‍රහයන් අතර වෙනසක් ඇති බවට අත්දැකගෙනත් ඇති. මේ වෙනස ධර්ම සිද්ධාන්තයට වඩා විග්‍රහ කිරීමේ ස්වභාවය මත පදනම් වී තිබෙන බව තෝරාගැනීම වැදගත් වෙනවා යන්න සිහිපත් කිරීමටයි මේ ලිපිය වැඩියෙන්ම වෙන් වෙන්නේ. 

හතරවටින්ම ඝණ කැලයකින් වටවූ ගම්මානයක් තිබෙනවා නම් ඒ කැලය ගිනි ගෙන දැවෙමින් ගම්මානය අනතුරට පත්වෙනවා නම් ඒ අනතුර දුටු පුද්ගලයෙක් විසින් "ගිනි ගන්නවෝ බේරෙන්ඩෝ!!!" කියමින් හැකි සෑම දෙනාටම අනතුරු අඟවමින් තමනුත් බේරෙන්නට කටයුතු කරනවා නම් තමන්ටත් අනුන්ටත් දෙපාර්ශවයටම යහපතක් වෙන බව මගේ අදහසයි. ඒ අනුව තමයි මා විසින් එක් පුද්ගලයෙකු හෝ මේ සසර අනතුර වටහාගෙන බේරෙන්නට කැමැත්තක් මතු කරගනීවි යන අදහස ඇතිව මට වැටහෙන යමක් හැකි පමණින් බෙදාගන්නට උත්සාහ කරන්නේ. 

ඉතින් සෑම අවස්ථාවකම සිහිපත් කරනවා සේ මම නැවත නැවතත් කියන්නේ මේ ධර්ම දානයන් ඇසුරු කරන ඔබ විසින් මේ සෑම දෙයක්ම බොහෝම ප්‍රවේශමෙන් ඇසුරු කල යුතුයි යන්නම තමයි. සෑමවිටම ධර්මය තෝරාගත යුතු අන්දමත් නැවත නැවත සිහිපත් කරන්නේත් ඒ නිසාමයි. තවමත් අරිහත්වයට පත්නොවූවෙකු නිසාවෙන් ධර්ම විග්‍රහයන් තුල අඩුපාඩු තියෙන්නට පුළුවන්. සමහරවිට සිද්ධාන්තය වැටහී තිබුණත් ඒවා සටහන් තැබීමේ අඩුපාඩු තිබෙන්නට පුළුවන්. සමහරවිට උපරිමයෙන් නිවැරදිව සටහන් තැබූවත් එය කියවා තෝරාගැනීමේදී ඔබ විසින් නුසුදුසු අන්දමින් තෝරාගැනීමක් කර තිබෙන්නට තියෙන්න පුළුවන්. මේ වගේ බොහෝ කාරණා නිසාවෙන් ධර්මය තෝරාගැනීමේදී අප විසින් සිහිතබාගත යුතු කරුණු බොහෝමයි. අපට ලැබිය හැකි යහපත අයහපත තීන්දු වන්නේද ඒ ඇසුරු කරන ආකාරය මතමයි.

මා විසින් ඔබත් සමග බෙදාගන්නා ධර්මය හුදෙක් පොත පතේ දෑ හෝ වේවා මා අසන ලද ධර්ම දේශනාවන් ඒ ආකාරයෙන්ම පිටපත් කිරීමක් නොවන නිසාවෙනුත් ඒවා මාගේ අංශු මාත්‍ර හෝ බුද්ධි මට්ටමකට ගෝචර වන පමණින්ම තෝරාගන්නා ආකාරයෙන් සහ අත්දැකීම් තුලින් මට ලැබෙන ප්‍රතිඵල තුලින් බෙදාගන්නා නිසාවෙනුත් අඩුපාඩු බොහෝ විය හැකියි. ඒ වගේම ඒ තුලින් ලැබිය හැකි ප්‍රතිඵලත් විවිධාකාර විය හැකියි. කෙසේ හෝ වේවා උපරිමයෙන් නිවැරදිව තෝරාගත හැකි ලෙසින් බෙදාගැනීමට තමයි උත්සාහ කරන්නේ.

මුල්කාලයේ යම් ධර්ම විග්‍රහයක් සිදු කලේ නම් මේ වන විට ප්‍රායෝගිකව ලත් අත්දැකීම් පුහුණුව මත ඒ ධර්ම විග්‍රහයම වෙනස් ආකාරයකින් තවත් ගැඹුරින් විග්‍රහ වීමක් සිදුවී තිබෙන්නට හැකිය. එය එසේ නොවේ නම් කියවන ඔබටද කිසිදු ප්‍රතිඵලයක් ලැබිය නොහැකියිනේ නේද?

හැමදාම එකම කරුණ පමණක් නම් කියන්නේ වැඩිපුර ලිවීමට හෝ ධර්ම දානය පිණිසම පමණක් නම් කාලය ගත කරමින් ඉන්නේ ඒ කියන්නේ ඒ පුද්ගලයා ප්‍රායෝගිකව මේ ධර්ම පුහුණු කරන්නට යොදා තිබෙන කාලය අවමයි යන්නයි. එවිට එවන් පුද්ගලයන් තුලින් අපට ලැබිය හැකිදෑද අවම වෙන්නට පුළුවන්. ඒ නිසාම එවන් විපතක් මට හෝ ඔබට සිදු නොවන අයුරින් කටයුතු කරන්නට තමයි මට හැකි අයුරින් උපරිම උත්සාහයක යෙදෙන්නේ. 

ඉතින් මේ ලිපිය තුලින් නැවතත් මේ කාරණා සිහි පත් කරන්නේ නව වසරේ ඔබට දිගින් දිගටම මේ "නිර්වාණ ධර්ම" වෙබ් අඩවිය තුලින් හෝ වේවා බ්ලොග් අඩවිය තුලින් හෝ වේවා "ෆේස්බුක්" තුලින් හෝ වේවා අන් කවර ආකාරයකින් හෝ වේවා ධර්මය ලැබෙන්නටත් පුළුවන් නැතිවෙන්නටත් පුළුවන්... එසේ නැතිවුවහොත් අවමවුවහොත් ඒ තව තවත් මේ ධර්මයේ ප්‍රායෝගික පුහුණුවටම මුල්තැන දෙමින් මගේත් තව බොහෝ දෙනෙකුගේත් හිතසුව පිණිසත් කටයුතු කිරීමක් නිසාම මිස අන් කවර හේතුවක් නිසාවත් නොවන බව කාරුණිකව තෝරාගෙන මෙතෙක් මා බෙදාගත්තාවූ යමක් වේ නම් ඒ දෑ තුලින් ඔබගේ ජීවිතයත් ධර්මයෙන් පෝෂණය කරගන්නට වහ වහා කටයුතු කරන මෙන් සිහිපත්කරන්නෙමි. 

මේ ධර්ම දානමය පින්කම යමෙක් විටෙක ලාභ කීර්ති ප්‍රශංසාවන්ට යටවී කරන්නක් ලෙසින් දකිනවා... තවත් කෙනෙක් මාන්නය උපදවාගැනීමක් ලෙසින් දකිනවා... තවත් කෙනෙක් අවංක උත්සාහයක් ලෙසින් දකිනවා... බොහෝ දෙනෙක් මෙය වළකාලීමටද උත්සාහ දරනවා... කිහිප දෙනෙක් අවංකවම මෙම උත්සාහයට අසීමිත උපකාරයන්ද කරනවා... මේ ජීවිත කාලය තුල සත්ධර්ම තුලින් අවංක සතුටක් සැනසීමක් ලබනවා නම් ඒ මාත්‍රය තව කෙනෙකුටද ලබාදීමේ අවංක වේතනාව විනා අන්කවරක්වත් නැතැයි කීවද එයද විවිධාකාරයෙන් තෝරාගන්නා පිරිස් සිටීවි. ඉතින් මේ අංශු මාත්‍ර උත්සාහය තුලින් යහපත් හෝ වේවා අයහපත් හෝ වේවා තම තමන් ලබාගන්නා දෑ තම තමන්ටයි. 

ඔබ මේ උත්සාහ තුලින් යම් ධර්ම ඥානයක් වර්ධනය කරගන්නේ නම් ඒ ඥානයද අනිත්‍යවූ ධර්මතාවයම රැගත් බව නිති සිහි තබාගෙන අතැහැරීම නොඇලීම මිදීම තුලින් ශාන්ත ප්‍රණීත නිර්වාණයම අත්පත් කරගැනීමට වහ වහා උත්සාහවන්ත වන්න. ධර්ම ඥානයද වෙනස්වීමට ලක්ව යන්නාවූ අනිත්‍යවූ ධර්මතාවයෙන්ම යුක්ත වූවක් බව තෝරාගැනීම ධර්ම දානය කරන්නාවූ ඔබටද යහපත්වූ ප්‍රතිඵල ලැබීමට උපකාරයක්ම වනු ඇත. එවිට තමන් බෙදාගන්නා වූ යම් ධර්මයක් වේ නම් ඒ තුලින් මානයක් ඇතිකර නොගැනීමටත් ලාභ, කීර්ති, ප්‍රශංසා ආදිය බලාපොරොත්තු නොවීමටත් ඔබ සැමටත් ඒ සිහිය උපකාරයක්ම වේවි.

ධර්ම දානයක් තුලින් යමෙක් ලාභයක් ලබනවා නම් එය තවත් සසර අනාථ සත්වයෙකුගේ සසර අනාථත්වයෙන් මිදීමට රැකුලක් උපකාරයක් වූ පමණින් ලබන ලාභයක්ම පමණයි. එවන් වූ ලාභයක් නොලබන්නේ නම් ඒ ධර්ම දානය වෙනුවෙන් ගත කල කාලයෙන්ද ඵලක් නැත. බුදු හිමියන්ගේ අවවාදය අනුශාසනාව වූයේ යමෙකුට කෘත උපකාර කිරීමට අවශ්‍ය නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයම හේතු ඵල දහමම නිවෙන්නට උපකාර වන ධර්මයම හැකි අයුරින් බෙදාගන්නා ලෙසටයි. 

එහිදී තමන්ගේ අවබෝධයෙන් කල නොහැකි නම් එසේ අවබෝධයෙන් කරන්නාවූ වූ උතුම් පුද්ගලයන්ගේ හෝ වේවා ධර්මය බෙදාගැනීම ඉතාමත් වටිනා උත්සාහයක්ම වෙනවා. මන්ද මේ සසර එතරම්ම භයංකාර නිසාවෙනුයි. ඒත් ඒ උත්සාහයේදී තමා ඒ තුලින්ම අනතුරට පත්කර නොගැනීමට නිති සිහි තබාගත යුතුද වෙනවා. අන් අය තමා ගැන හිතන ආකාරය කෙසේ වේදැයි නොසිතා සිතට එකඟව කටයුතු කරමියි නොසිතා ධර්මයට එකඟව කටයුතු කිරීමට අධිඨන් කරගෙන මේ සසර දුක් කෙලවර කරගැනීමට වහ වහා උත්සාහ දැරීම බුද්ධිමත් සැබෑම මිනිසෙක් වන ඔබ විසින් ඔබටම කරගන්නා යුතුකමයි!!!

ඔබගේම මනසේ සිරකාරයෙක් වෙමින් සිහිනලෝකයක සිරවී සිටින ඔබට එයින් මිදීමට තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවායි මෙත් සිතින් සෙත් පතමි!!! අනුන් ගැන නොව තමන් ගැනම සිතා බලන්න... තමන්ටම යොමුවෙන්න... තමන් තුල ඔබ නොදුටු අත්නොදැකපු දෑ බොහෝමයි... සිහියෙන් මිදී අවදිවීමට ඔබට සියලු ආශිර්වාදයන් ලැබේවා!!!

www.nirvanadhamma.com වෙබ් අඩවියේ ජනවාරි මස කතු වැකිය ලෙසින් පළවූ ලිපියයි... එම වෙබ් අඩවිය සමඟින් රැඳී නොසිටින පිරිසගේ ධර්ම ඇසුර පිණිස ලබාදෙන්නෙමි!“