නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, December 12, 2022

To the Truth - සත්‍ය දැකීමට


I recently received an old video from a friend. It’s a very interesting video about the Scientifical explanation about how our five senses are working. It’s an interview of World Science Festival – 2019 held with the participants; Ms. Christine Constantinople, Mr. Donald Hoffman, Mr. Stavros Lomvardas, Mr. Beau Lotto, Mr. Anil Seth with the moderator Ms. Elizabeth Vargas.

So, I thought about sharing it with you all, through this article, with an important message to keep in mind when you search for the purest Buddhist Teachings.  

Understand the difference between the truths we identify as the truth and the actual ultimate truth.  Because that confusion leads you to misunderstand Buddhist Teachings for something which is not.  The result is that you ended up in just another invisible prison by believing that you are liberated.  If you seek for the actual liberation then your search should be for actual eternal the one & only truth.  

Have a blessed time with another short explanation of “Nirvana Dhamma”!

Read the Full Article - www.nirvanadhamma.com!


දහම් කැමති මිත්‍රයෙක් විසින් මෑතක දී බෙදා ගන්නට යෙදුන අපූරු වීඩියෝවක් තුලින් මෙම ලිපිය සටහන් තබන්නට හිතුණා. අපගේ ඇස, කණදිවනාසය, කය ක්‍රියාත්මක වන ආකාරය ගැන නවතම විද්‍යාත්මක සොයා ගැනීම් තුලින් සිදු කල කතා බහක් තමයි ඒ වීඩියෝවේ අන්තර්ගත වෙන්නේ.  2019 වසරේ “ලෝක විද්‍යා උළෙල (World Science Festival)” වෙනුවෙන් Ms. Christine Constantinople, Mr. Donald Hoffman, Mr. Stavros Lomvardas, Mr. Beau Lotto, Mr. Anil Seth සහ Ms. Elizabeth Vargas. යන පිරිස එකතුව සිදු කල කතාබහක්.    

එම වීඩියෝවේ සඳහන් කාරණා සමඟින් අප විසින් තථාගත සත්ධර්මය විමසීමේ දී සිහි තබා ගත යුතු වැදගත් කාරණා කිහිපයක් කෙටියෙන් විග්‍රහ කර ගන්නට මෙම සටහන තුලින් කටයුතු කරමු!

අප ඇත්ත යැයි විශ්වාස කරන ඇත්ත සහ ඇත්තටම ඇත්ත අතර වෙනස වටහා ගැනීම ඉතාමත් වැදගත්.  නැත්නම් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ ඇත්තටම ඇත්ත ගැන පවසන බුදු දහම සේ වෙනත් වූ දෙයක් හඳුනා ගෙන පටලවා ගැනීමයි.  විමුක්තිය යැයි සිතා ගෙන... නිදහස් වූ වා යැයි සිතා ගෙන... නිවන් දුටුවා යැයි සිතා ගෙන... තවත් නො පෙනෙන සිර ගෙයක... තවත් එක් පැවැත්මක ම සිර වීම තමයි ඉන් සිද්ධ වෙන්නේ.  ඉතින්, ඔබ අවංකව ම, සැබෑවට ම, සැබෑ ම විමුක්තියක් සොයනවා නම් අතර මඟ තවත් එක් සත්‍යයේ වේශයෙන් ලැබෙනා බොරුවකට ඇත්ත යැයි රැවටී සතුටු වෙන්නේ නැතිව, සැබෑ ම සත්‍ය ගවේෂණය කරන්නට ප්‍රඥාවන්ත වෙන්න.  

මෙම කෙටි “නිර්වාණ ධර්ම”  විග්‍රහය ද පෙර නො ඇසූ විරූ දහම් හි ගැඹුර දැන දැක සැබෑ විමුක්තිය ට පත්වී ම පිණිස නිවැරදි මඟ හඳුනා ගැනීමට අංශු මාත්‍ර හෝ රුකුලක් ම වෙත්වා!!!

සම්පූර්ණලිපිය කියවන්න - www.nirvanadhamma.lk!


Thursday, December 1, 2022

Seeing the meaning


 
Article summary

There are loads of aspects which you should consider and develop as a person who seeks for the liberation or the ultimate truth. Especially when it comes to the Buddhist Teachings, your skills should be in a higher level. Otherwise, you will end up with the duplicates which looks like Buddhism but not actual Buddhism. So, let me share something highly important to our path of liberation!

It is highly important to understand the actual meaning of everything we listen as Dhamma.  As beings who are trained to grab the meaning in the surface level, we often miss the moral of the story.  Because we normally try to understand the meaning through the data which we received through the 5 senses.  When we hear a bundle of words, we normally grab the meaning of the words, not the hidden meaning of those words.

For an example… let’s use an idiom here…

“Understanding of the Pure Buddhist teachings occurs only once in a blue moon”

There are two levels of understanding the meaning here…

When you listen to this in surface level, you just grab the literal meaning of the words only.  Like, one can even understand these words are something about the moon or full moon day… some can even think of it as to understand the Buddhist teachings, moon must be in blue color, or it is not possible to understand the Buddhist teachings, if the moon is not blue… etc. etc.…

Think of the possibilities of creating stories when you listen to the words. Worst thing is that each story will give you the confirmation of that you have fully understood the meaning of those words, when actually you are far from understanding the meaning.

And then the second way of understanding the meaning. 

When you hear this, you just know that this means about something extremely rare in occurrence.  This means that understanding of pure Buddhist teachings doesn’t happen very often.  It’s rare.  Likewise, you understand the meaning beyond the words. 

Our listening is conditioned and if we are not aware of it, we will end up by understanding something else by believing we understood the correct meaning. 

So, my dear friends… don’t take this as an easy task… but, your listening improves with the eagerness to liberate and find the ultimate truth.

Listening to a bundle of words and understand the meaning from surface level doesn’t mean one understood the meaning.   Our agitated mind always in action to distract us in so many possible ways.  So, to listen beyond words, the skill has to be developed, and your eagerness should develop.  So, check within… are you a true listener?  Can you satisfy with the listening level of yours?

Have a blessed time and explore within!

To read More Articles visit; Official "Nirvana Dhamma" Website

අර්ථය දැකීම

 


සටහනේ අන්තර්ගතය

සැබෑ විමුක්තියක් සොයන, සැබෑ සත්‍ය ගවේෂණය කරන්නා වූ නැණවත් ඔබ විසින් අවබෝධ කල යුතු නුවණින් දැන දැක හඳුනා ගත යුතු කාරණා බොහෝමයි. විශේෂයෙන් ම අති දුලභ පෙර නො ඇසූ විරූ දහම් විග්‍රහ වන තථාගත ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කර ගැනීමට දරන උත්සාහය තුල වරදින්නට හැකි... සත්ධර්මය මඟ හැරෙන්නට ඇති අවස්ථා හඳුනා ගැනීම අතිශයින් ම වැදගත් වෙනවා. අන්න ඒ නිසා මෙවර කතු වැකිය තුලින් ඔබ විසින් නැණවත් ව දැකිය යුතු කාරණයක් සම්බන්ධයෙන් කෙටියෙන් විග්‍රහ කර දෙන්නට උත්සාහයක් දරන්නම්!

යමක් අසන විට දී එහි “අර්ථය” අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. පෙනෙන, ඇහෙනදැනෙනවිඳින වැඩපිළිවෙළට හුරු වෙලා ඉන්න අපට යමක් අසන විට දී අප විසින් වටහා ගන්නා අර්ථයත් බොහෝ විට ඒ පෙනෙන, ඇහෙනදැනෙනවිඳින සීමාව තුල ලැබූ අත්දැකීම් ඔස්සේ ම වටහා ගත් අර්ථයක් තමයි නේදසත්ධර්මය ශ්‍රවණයේ දී ද මෙන්න මේ වගේ තමන් දන්නා මට්ටමින් ම සිදු වන අර්ථ වටහා ගැනීමක් තිබෙනවා.  උදාහරණ කිහිපයක් ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කරන්නම්. 

අප නිතර භාවිතා කරන ප්‍රස්ථා පිරුළු තියෙනවානේ නේද? උදාහරණයක් වශයෙන් අප ඒ ප්‍රස්ථා පිරුළක් ගමු කෝ. 

පනින්න පෙර සිතා බලනු!”

මේ වචන පද ටික අපට ඇසෙන විට මෙහි අර්ථ ගැනීම සිදු වන ආකාර දෙකක් තියෙනවා.

එහි දී පහසුවෙන් ම වැටහෙන අර්ථය තමයි; “පනින්න පෙර සිතා බලනු” කියන වචන පද වලට ගත හැකි, ඒ ඒ වචන පදයෙන් කියැවෙන අර්ථය. 

එතකොට වෙන්නේ මේ වචන ටික අපට ඇහෙන කොට, අපේ සිතේ චිත්ත රූප මැවෙනවා.  අපට යම් තැනකින්... යමකින්... යමකට  පනින ආකාරය සිහිපත් වෙනවා... එසේ පනින්න පෙර සිතන්න ඕන කියලා තමයි මේ කියන්නේ කියලා වැටහෙනවා.  ඒ විදියට තේරුම දැනුනොත් අපට තව හිතෙනවා “මොකකින් පනින්න කලින් ද මේ හිතන්න කියන්නේ? ලිඳක් වගේ දෙයකට... ගඟක් වගේ තැනකට... වලකට වගේ පනින්න කලින් නම් පොඩ්ඩක් විමසන්න වෙනවා ඒ ගැන වෙන්න ඇති මේ කියන්නේ... යන එන ගමන් පනින්න හිතුනොත් ඒකේ මොනවද ආයේ හිතල බලන්න තියෙන්නේ... බට්ටා පනිනවා වගේ සෙල්ලමකට සම්බන්ධ දෙයක් නම් කොහොමත් වැඩියේ හිතන්න දෙයක් නැහැනේ... වාහනයකට කෝච්චියකට පනිනවා වගේ දෙයක් වෙන්න ඇති මේ කියන්නේ... ඇඳකින් පුටුවකින් මේසයකින් පනින්නත් පුළුවන් නේ... ඒ වගේ වෙලාවට මොනවද හිතන්න තියෙන්නේ...??????”

ඔබට පේනවද මේ විදියට වචන පද වලට සීමා වූ අර්ථයක් ගත් විට කොතරම් කතන්දර තොගයක් නිර්මාණය වෙනවා ද කියලාඒ ලැබුණ අර්ථය ඔස්සේ එහෙමත් නැත්නම් ඒ වචන පද ටික අප තේරුම් කර ගත්ත ක්‍රමය අනුව අපට එය වඩාත් තේරුම් කර ගැනීම පිණිස ප්‍රශ්න සමුදායක් සිතට නැඟෙනවා.  එසේ නැතිව “අනතුරු සහිත හෝ අනතුරක් වෙන තැනකට පනින්න කලින් හිතලා බලන්න කියලා වෙන්න ඇති ඔය කියන්නේ” කියලා එක තැනකට සීමා වූ නිගමනයකට පත් වෙලා නවතින්නත් පුළුවන්.

දෙවන ආකාරයේ අර්ථ ගැන්වීම තමයි ඒ වචන පද වලින් කියන්නට උත්සාහ කල අදහස වටහා ගැනීම හෙවත් වචන පද වලින් නො කියැවෙන අර්ථය නුවණින් දැකීම.

පනින්න පෙර සිතා බලනු” කියන වචන පද ටික ඇහෙන විට දී ම “යමක් කරන්නට පෙර විමසීමක් කර, හොඳින් කල්පනා කරලා එය කරන්නට සුදුසු ද නැත්ද එයින් සිදු විය හැකි ප්‍රතිඵල ආදිය ගැන නැණවත් ව සිතා බලන්න” කියන දේ තමයි මේ කියන්නේ කියලා වැටහෙනවා.  දැන් මෙන්න මේ දෙවැනි අර්ථය වචන පද වල තිබුණේ නැති... වචන පද තුල සැඟවෙලා තිබුණ අර්ථය නේදමෙතැන දී කලින් වගේ යම් යම් කාරණා වලට සීමා වෙලා කතන්දර හැදුණා දමේ වචන වලින් “පනින” පිම්මක් ගැන, ස්ථානයක් ආදිය ගැන කියවුණා ද?

මෙතැන දී “පනින්න පෙර සිතා බලනු” වැකිය හරියට ම ශ්‍රවණය වුනේ කොයි අවස්ථාවේ දී ද බලන්න!

ධර්ම ශ්‍රවණයේ දී පළමු ආකාරයේ අර්ථ ගැනීම තමයි බහුලව ම සිද්ධ වෙන්නේ.  දෙවැනි ආකාරයට නිවැරදිව අර්ථය නුවණින් වැටහෙන්නට නම් අපට වචන පද වලට අප දන්නා අර්ථ ගැනීම් නවතා දමා අසන්නට සිද්ධ වෙන බව වැටහෙනවා ද?

විමසන්න... ශ්‍රවණය තවම සාර්ථක නැති බව වැටහෙන ව ද? නිවන් ඕනෑ කිව්වට... සත්‍ය අවබෝධ කල යුතුයි කිව්වට... විමුක්තියක් ඕනෑ කිව්වට... ආයේ නම් ඉපදෙන්න බෑ කිව්වට... බුදු දහම අහන සැබෑ ශ්‍රාවකයෙක් කිව්වට... කිවූ පමණින් කිසිවක් ලැබෙන්නේ නැත.  ඒ වෙනුවෙන් කැපවීමෙන් නැණවත් ව සකස් කර ගත යුතු දේ බොහෝමයි. 

ශ්‍රවණය නිවැරදි නොවන තැනක ශ්‍රාවකත්වය ක් ලබනවා යැයි යමක් විය නො හැකියි” වචන පද ඉක්මවා අදහස වැටහේවා... නැණවත් ව අර්ථය ශ්‍රවණය වෙත්වා!