නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"
Showing posts with label Buddha. Show all posts
Showing posts with label Buddha. Show all posts

Monday, October 12, 2009

තිසරණයේ සරණාගමනය නිවනකරා!

සරණාගමනය යනුවෙන් සදහන් කරන විට එයට දහම් අර්ථයක් ලෙස “තවකෙනෙකුගේ ගමන් මාර්ගයක් අනුගමනය කරනවා නැතහොත් අඩිපාරේ යනවා” යනවා කියන අර්ථ ගත හැකියි. අපි සාමාන්‍ය‍ය භාවිතයේදී භාවිතා කරන වැකියක් තමයි “තාත්තගේ අඩිපාරේ පුතා යනවා” නැතහොත් ‍ “දෙමව්පියන්ගේ අඩිපාරේ දරුවන් යනවා” කියන වැකියන්. මෙම වැකියන් තුලින් අදහස් කරන්නේ තව කෙනෙක් තව කෙනෙක් අනුගමනය කල මාර්ගයක් හෝ ක්‍රියාවක් ඒ ආකාරයෙන්ම අනුගමනය කරනවා යන්නයි.

තවත් අර්ථයක් මෙම “සරණ” යන වචනය තුල ගැබ්වෙලා තියෙනවා. එනම් “සර” ලෙසින් දැක්වෙන “ගමන හෙවත් සංසාර ගමන” නසන අර්ථයෙන් “සරණ” ලෙසින් භාවිතා කරනවා. “සර න්‍යය” ලෙසින්ද වචනයක් භාවිතයේ ඇත. එනම් සැරිසරන්නාවූ ආකාරයයි. සැරිසරන්නාවූ න්‍යය ධර්මය යන අදහසින් “සරණ” කියන වචන‍ය භාවිතා කල හැකියි. මෙලෙස සරණ දහම් දෙකකි. එකක් සසර සැරිසරන යන අර්ථයත් අනෙකින් සසර ගමන අවසන් කොට නිවන ලබන අර්ථයත් ලබාදෙනවා.

බුදු සරණ, දම් සරණ, සඝ සරණ ලෙසින් ගත්විට අප එය තිසරණය යනුවෙනුත් භාවිතා කරනවා. මා විසින් නිතරම පෙන්වා දුන් පරිදි සැමවිටම දක්නට ලැබෙන අර්ථ දෙකකි. එකක් ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට හේතුවන අර්ථයක් දෙන අතර එහිම ලෝකෝත්තර වූ නිවනට හේතුවන අර්ථයක් ගැබ්වී තිබෙන අයුරුත් ඔබ විසින් කියවා වටහා ගත් පෙර පිටුවල සදහන් වූ ධර්මයෙන් මේ වන විටත් අවබෝධ කරගන්නට ඇති. මෙහිද ලෞකික අර්ථයක් ඇති සරණාගමනයත් ලෝකෝත්තර වූත් නිවනට හේතුවූත් සරණාගමනයත් ඇත. අපි එම කාරණා හොදින් වෙන් කර හදුනාගනිමු.

ධජග්ග සූත්‍රය වැනි සූත්‍ර දේශනා වල සදහන් වෙනවා, “යම් කිසි කෙනෙකුට භයක් තැතිගැන්මක් ලොමුදැහැගැන්මක් ඇතිවන විට මා මෙනෙහි කරන්න” යන ලෙසින් බුදු පියාණන් දේශනා කර ඇති බවට. එමෙන්ම, “ඉතිපි - සෝභගවා - අරහං - සම්මා සම්බුද්ධෝ - විජ්ජා චරණ සම්පණ්ණෝ - සුගතෝ - ලෝකවිදූ - අනුත්තරෝ පුරිස ධම්ම සාරථී - සත්ථා දේව මනුස්සානං - බුද්ධෝ - භගවාති” ලෙසින් අනන්ත වූ ගුණ ස්කන්ධ නවයක් තුලින් බුදු පියාණන්වහන්සේ විසින් බුදු පියාණන්වහන්සේව හදුන්වා දී ‍තිබෙනවා. නමුත් අද අපි පුරුදු වී සිටින්නේ කුමක්ද?

“බුද්ධං සරණං ගච්ඡාමි” ලෙසින් බුදුන් සරණ යමි කියන විටම අප දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි අප විසින් බුදු රදුන් ලෙස විශ්වාස කරන රුවක් මවාගනිමින් පුද්ගල සරණක් සදහා සිත යොමුකරනවා. මෙහි නරකක් නැහැ. එයට හේතුව තමයි යම් අයෙක් බුදු පියාණන්වහන්සේ කෙරෙහි අංශුමාත්‍රයකින් හෝ අවංක ගෞරවයක් භක්තියක් පිහිටුවාගන්නවා නම් එය එම පුද්ගලායාට මහා පුණ්‍ය කර්මයක් වෙනවා. එහෙත් පූර්ණ හරයක් ඇති ධර්මය මෙයින් බොහෝ ඉදිරියට පැමිණි අවස්ථාවක්.

අපි දත යුතු දෙයක් තිබෙනවා. එනම් අනන්ත වූ මහා ගුණ නමයක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත බුද්ධ කායකින් විද්‍යාමාන වුණා. එසේනම් එම බුද්ධ කාය තුලින් අප ගමන්‍ කරන්නේත් ඒ කියන්නාවූ මහා අප්‍රමාණවූ නවඅරහාදී බුදු ගුණ වෙතටමයි. මෙම මහා නවඅරහාදී ගුණස්කන්ධය තමයි බුදු පියාණන්වහන්සේ ලෙසින් හදුන්වන්නේ. වක්කලී නැමැති භික්ෂුවකට වරක් බුදු රදුන් මෙලෙස දේශනා ක‍ලසේක! “වක්කලී මේ කුණු කය දැකීමෙන් ඔබට ඇති ඵලය කුමක්ද? යමෙක් ධර්මය දකීද එහිදී මා දැකිය හැකියි” ලෙසින් දේශනා කල සේක! එනම් බුදු පියාණන්වහන්සේ විසින්ම ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් පවා හෙබි කය කුණු කයක් ලෙසින් පෙන්වා දුන්නා. එනම් නියම “බුද්ධ නොහොත් බුදු පියාණන්වහන්සේ” නියමාකාරයෙන් දැකීමට අප ධර්මය දැකිය යුතුමයි. මෙලෙස ගැඹුරු අර්ථයක් ඇති බුද්ධ දැකීමට භික්ෂූණ්වහන්සේලාට පෙන්වා දුන් අතර මට්ඨකුණ්ඩලී වැනි කුඩා දරුවන් හෙවත් නොමේරූ මනසක් ඇත්තන් හට බුදුරුව මවා දැක්වූවා. එලෙස මවා දුන් බුදුරුව දැකීමෙන් ඇතිවූ චිත්ත ප්‍රාසාදය නිසාම එම මට්ඨකුණ්ඩලී නැමැති කුඩා දරුවා මියගොස් දිව්‍යරාජයෙක් වූ බවට සදහන්වෙනවා. මෙවැනි කථා තුලින් අපට යම් සත්‍යයක් දැකිය හැකියි. එනම් බුදු පියාණන්වහන්සේගේ පිළිසරණ නොයෙක් නොයෙක් ආකාරයෙන් අප වෙත ලැබෙන ආකාරයයි. ලෞකික පිළිසරණ තමයි ධජග්ග සූත්‍ර ආදියෙන් පෙන්වන භයක් තැතිගැන්මක් ආදිය ඇති වූ විට බුදුන් දහම් සගුන් සිහිකරන්න ඒකාන්තයෙන්ම ඒ භය තැතිගැන්ම නැතිවෙනවා කියලා පෙන්වා දුන්නේ. ඒකට හේතුව තමයි තථාගතයන්‍වහන්සේ රාගක්ෂය ‍ද්වේෂක්ෂය මෝහක්ෂ කර ඇති නිසා භය නැහැ පලා යන්නේ නැහැ. ඒ ගුණ සිහි කිරීම තුලින් අපිටද පිළිසරණක් ලැබෙනවා.

“නත්ථිමේ සරණං අඤ්ඤං බුද්ධෝමේ සරණං වරං” කියලා අපි කව්රුත් දන්නා වැකියක් තියෙනවා. මේ වැකිය කියන විට එයින් අදහස් කෙරෙන “බුදු හාමුදුරුවෝ හැර මට වෙන පිළිසරණක් නැහැ” කියන විට අපිට යලිත් පිළිම ආදියෙන් දැක පුරුදු පුද්ගල සරණක් සිහියට නැගෙනවා. මෙලෙස කියන විට අප හොදින් සිහියට ගත යුතුයි. මෙම වැකිය තුලින් දෙන අදහස කොතරම් ධර්මානුකූලද කියලා. බුදු පියාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා තමාගේ මාර්ගය තමා විසින් අවබෝධ කල යුතුයි තථා‍ගත‍යන් වහන්සේ එතෙර කරන්නේ නැහැ කියලා. එහෙමත් නැත්නම් තම තමන් විසින් සත්‍යය අවබෝධ කොට තම තමන්ව බේරාගත යුතුයි බුදුන් වහන්සේට හෝ වෙන කිසිවෙකුට එය කල නොහැකියි කියලා. එතකොට අප සිතා බැලිය යුතුයි ඉහත වාක්‍ය තුලින් අප අවබෝධ කරගන්නා අදහසක් ඇත්නම් එය තුලින් බුදු පියාණන්වහන්සේ විමුක්ති දායකයෙක් නැත්නම් අපව ගලවා ගන්න ගැලවුම්කාරයා යන අදහසක් නැගෙනවා නේද කියලා. බුදුන් හැර වෙන පිළිසරණක් නැත යන අදහසින් උන්වහන්සේට පමණක් අපට පිළිසරණ විය හැකි බව හගවනවා නේද? උන්වහන්සේ ඒ සදහා බැදී ඇති අයෙක් ලෙස පිලිගැනෙනවා නේද? එහෙමත් නැත්නම් අපට භයක් තැතිගැන්මක් ඇතිවූ විට හෝ වෙන යම් අවස්ථාවක හෝ අප පස්සෙන්ම සිටින දරු‍වා පසුපස නිතරම යන දෙමව්පියන් ලෙසට සිතට නැගෙනවා නේද?

ලෞකික වූ බුදු පිළිසරණ යනු කුමක්ද?

බුද්ධිය ලෙස වචනයක් අප දන්නවා නේද? හරි වැරැද්ද වටහා ගත හැකි නැණ නුවණක් යම් අයෙකුට තියෙනවානම් අප කියනවා ඒ අය බුද්ධිමත් කියලා නැත්නම් බුද්ධිමතෙක් කියලා. මේ බුද්ධිය සදහා විවිධ මට්ටම් තියෙනවා. අපි එය බුද්ධි මට්ටම් කියලා මේ වන විටත් දන්නවා. එයින් එක් මට්ටමක් තියෙනවා මේ දෙයට මේ මේ හේතු තියෙනවා ඒ හේතුවට මේ මේ ඵලය ලැබෙනවා මේ දෙය නිවැරදි වන්නේ මේ හේතුව නිසයි... මෙය වැරදි වන්නේ මේ හේතුව නිසයි... ලෙසට නිවැරදිව වැටහෙන බුද්ධි ගෝචර ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවයට බුද්ධ කියලා කියනවා. ශාසනය තුල බුද්ධ යන්න විවිධ අවස්ථාවල නොයෙක් ලෙසින් සදහන්‍ වෙනවා. සර්වඥතා ඥානය බුද්ධ ලෙසට හදුන්වාදී තිබෙනවා. එනම් සියලු තතු නිවැරදිව දැකිය හැකි මහා ඥානය හෙවත් ලොව්තුරා බුදු පියාණන්වහන්සේලාගේ ඥානය තමයි ‍එලෙස බුද්ධ කියන කොටසටම අයත් ලෙස දක්වා තිබෙන්නේ. ‍එලෙසින්ම ශ්‍රාවකයින් හටත් තියෙනවා ශ්‍රාවක ඥානයක් එනම් සර්වඥතා ඥානයකින් අවබෝධ කරගෙන දේශනා කරන යම් ධර්මයක් අවබෝධ කරගැනීමට හැකි ඥානය. එවිට එය ශ්‍රාවක බුද්ධ කියලා හදුන්වාදෙනවා. මේ ආකාර හැරුණ විට යම් යම් ලෞකික තත්ව මත නොයෙක් පුද්ගලයින්ට විවිධ බුද්ධිමට්ටම් හිමිවෙනවා. එයත් යම් ආකාරයක බුද්ධ ස්වභාවයක්. එසේනම් ඔබටම වැ‍ටහෙනවා ඇති බුද්ධ යන්න බුදුදහමට පමණක් සීමාවූ දෙයක් නොවන බව.

එසේම යමෙක් බුද්ධිගෝචරව බුද්ධිමත්ව කටයුතු කරනවා නම් කිසිදිනෙක ඒ පුද්ගලයාට අවැඩක් සිදුවන්නේ නැහැ. ලෞකික වශයෙන් බුද්ධියක් සහ ශාසනික වශයෙන් ලෝකෝත්තර ‍ස්වභාවයට නම්‍යතාවයක් ඇතිකරන බුද්ධියක් තියෙනවා. ශාසන ධර්මය අවබෝධ කොට මාර්ගඵල ආදී ඥානයන් ලබා දෙන බුද්ධි මට්ටම් තිබෙනවා. එසේනම් අපි දැන් දැකිය යුතුයි. ආගම් භේදයක් කුල ජාති භේදයක් නැතිව සියලු දෙනාටම එක්තරා පිළිසරණක් අවශ්‍යයයි. එය තමයි බුදු පිළිසරණ. මෙයින් අදහස් වන්නේ නැහැ සියල්ලෝම බෞද්ධයෝ විය යුතුයි යන්න. මෙතෙක් කරුණු හොදින් විමසා කියවූවා නම් ඔබටම එය පැහැදිලිවෙනවා ඇති.

එසේනම් විමසා බලන්න. බුද්ධිය පිළිරණ කොට ගෙන කටයුතු කලොත් තමන්ගේ කාර්යයන් නිවැරදිව කරගත හැකිද? නැත්නම් බුද්ධිය ඉවත්කොට කටයුතු කොට සාර්ථකත්වයක් ලබාගත හැකිද? ලෙසින්. එසේනම් අපිට දැන් වැටහෙනවා නේද ආගම් භේද හෝ ජාති කුල භේද හෝ ඉවත් කොට අප විමසා බැලූ විට යමෙක් බුද්ධිය පිළිසරණ කොටගෙන කටයුතු කරනවා නම් අනිවාර්යෙන්ම ඒ පුද්ගලයා සාර්ථකත්වයට පත්වන බව. යහපත් ප්‍රතිඵල ලැබෙන බවට. ලෞකික බුද්ධිය මෙහෙයවා නොයෙක් නොයෙක් දේ නිපදවනවා... නොයෙක් නොයෙක් ‍සො‍යාගැනීම් කරනවා. ඒ ඒ මට්ටම් අනුව ඒ කාර්යන් කිරීමට හෝ සොයාගැනීම් කරන්නට ඔවුන්ට යම් බුද්ධි මට්ටමක් තුලින් ක්‍රමයක් ගෝචර වූවා නේද? බුද්ධියට ගෝචරව නැගෙන ක්‍රමයක් යහපත් ක්‍රමයක් වෙනවා සැමවිටම. මේ ආකාරයට පැහැදිලි වන නියමාකාර බුද්ධිවන්තයා තුලින් අන් අයට යහපතක් වන දෙයක් සැමවිටම සිදුවෙනවා. එතකොට අපට සිතා බැලිය හැකි තවත් පැත්තක් තියෙනවා. යම් යම් විනාශකාරී දේ නිපදවන පුද්ගලයින් අප අතර සිටිනවා. ඒ අයටත් යම් බුද්ධිමට්ටමක් ඇති නිසා තමයි ඒ කාර්යන් කිරීමට අදහස් පහල වෙන්නේ සහ ඒ සදහා නියමාකාරයෙන් ක්‍රම පහලවෙන්නේ... ඒත් ඒ අය බුද්ධිය පිළිසරණ කරගත්තේ තමන්ට සහ ‍අන් අයට විනාශයන් ලගාකරන්නට... එතකොට අප සිතිය යුතුයි බුද්ධිය පිළිසරණ කරගත යුත්තේ කෙලෙසද කියලා.

ලෞකික දම් පිළිරණ යනු කුමක්ද?

මෙලෙස බුද්ධිය නොහොත් බුද්ධ පිළිසරණ කොටගෙන සිතන විට ඒ අය හට යම් කිසි ධර්මතාවයක් අවබෝධ‍ වෙනවා. එනම් බුද්ධිමත්ව සිතන විට වැටහෙනවා මේ මේ හේතුව මත මෙවැනි ඵලයක් ලැබෙනවා. මේ මේ ඵලය යහපත් මේ ඵලය අයහපත් කියලා. යහපත් හේතුවට යහපත් ඵලයත් අයහපත් හේතුවට අයහපත් ඵලයත් ලැබෙන න්‍යාය ධර්මයක් තියෙනවා. බුද්ධිය මෙහෙයවන ආකාරයට මේ ධර්ම මාර්ගය එලි පෙහෙලි වෙනවා. එලෙස එක් එක් දෙයට නියමිත ක්‍රමරටාවක් තියෙනවා. එය තමයි එම දෙයට නියමිත ධර්මතාවය සහ අප ලබන දම් පිළිසරණ.

ලෞකික සඝ පිළිසරණ යනු කුමක්ද?

මෙලෙස බුද්ධිය පිළිසරණ කොට ගෙන සිතන විට අවබෝධ වන ක්‍රම රටාවට අනුව ක්‍රියාත්මක වී ලැබෙන ඵලයක් තිබෙනවා. උදාහරණයක් විදියට ගත් විට යම් කෙනෙකුට වාහනයක් සෑදීමට බුද්ධියක් පහළ‍ වෙන්න පුළුවන්. ඒ සදහා ක්‍රම රටා පහල ‍වීමේදී වාහනයේ එන්ජිම තිබිය යුතු ආකාරය රෝද මෙලෙස සවි‍කලහොත් මෙසේ ඵලයක් ලැබෙන්න පුළුවන් ආදී ලෙස ආකාර සිතෙනවා. එලෙස සිතීමේදී ඒ ඒ ක්‍රමය දරාගනිමින් බුද්ධිය සමග සංඝට්ටනය කරගෙන ඵලයක් ලබාගන්නවා. එලෙස ලැබෙන්නේ සඝ සරණයි. මෙහිදී බුදු සරණ නම් වාහනයක් සෑදීමට පහල වූ බුද්ධියයි. ඒ සදහා ලැබුන ක්‍රම රටාව එහි දම් සරණයි. වාහනය ලෙසින් ලැබුණ අවසාන ප්‍රථිඵලය සඝ සරණයි.

අප මෙහිදී දැනගත යුතු විශේෂ කරුණක් ඇත. එනම් සැමවිටම යම් යහපත් හේතුවට යහපත් ඵලයක් ලැබීමටත් අයහපත් හේතුවට අයහපත් ප්‍රථිඵලයක් ලැබීමටත් නියමිත ධර්මතාවයක් මේ විශ්වය තුල තියෙනවා යන්නයි. බුද්ධි මට්ටම් මෙහෙයවීම තුලින් මේ යහපත් අයහපත් දේ වෙන්කර හදුනාගත හැකිවිය යුතුයි.

එසේනම් මේ ආකාරයට ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට හේතුවන (යමෙක් ලෝකයට වැඩදායී යහපත් දෙයක් නිපදවූ විට) බුද්ධ, ධම්ම හා සංඝ යන පිළිසරණක් තිබෙනවා කියා ඔබට වැටහෙනවා ඇති.

එහෙත් නිවන් අවබෝධයට ලෝකෝත්තර වූ නිවනට හේතුවන අදහස අප විසින් දැනගත යුතුම වෙනවා.

ආර්ය බුද්ධ ආර්ය ධර්ම සහ ආර්ය සංඝ ලෙසින් ලෝකෝත්තර වූ නිවනට හේතුවන බුද්ධ, ධම්ම හා සංඝ හදුන්වා දිය හැකියි.

ධර්මය ධර්මය හැටියට අර්ථවත්ව දැනගෙන එයට අනුව පිළිපැදිය යුතුයි. එයින් අදහස් වෙනවා අප පිළිපැදීමට පෙර ධර්මය නිවැරදිව අර්ථවත්ව වටහාගෙන තිබී‍ම වැදගත් බව. එනිසාම අප මෙහිදීද පළමුව ආර්ය බුද්ධ, ආර්ය ධම්ම හා ආර්ය සංඝ යන්නෙහි අර්ථ පෙර පරිදි අප දැනගත යුතු ‍වනවා. එවිට අපට දැනගත්ත දැකගත්ත දහමක් පිළිපැදීම තුලින් අත්දැකීම ලබන්නට පුළුවන්. එසේනම් තිසරණ සරණ ලැබීමට තිසරණ හොදින් අර්ථවත්ව දැනගෙන එය පිලිපැදීම වැදගත්.

එසේනම් මේ ශාසනය තුල බුද්ධිය ප්‍රයෝජනයට ගෙන පිළිසරණක් කොටගෙන අප ගත යුත්තේ මොනවාද යන්න ප්‍රථමයෙන් අවබෝධ කරගනිමු. මේ ශාසනය තුල ලෝකෝත්තර ප්‍රථිඵලය හෙවත් නිවන ලබාදෙන බුද්ධ වටහාගැනීමට අප ප්‍රථමයෙන් චතුරාර්ය සත්‍යය තේරුම් ගත යුතුවෙනවා. ලොව්තුරා බුදුපියාණන්වහන්සේ විසින් බුද්ධ අවබෝධ කරගන්නා ක්‍රමය වෙනස් අකාරයක් ගන්නවා. එහිදී උන්වහන්සේ ගැනිය මිනිය නොහැකි තරම් කල්ප ගණනක් ඒ සදහා පාරමී දම් පූර්ණය කරමින් මතු කරගන්නා අග්‍රමහා ඥානයක් මුල්කරගෙන ඒ සර්වඥතා ඥානය සමග පහල කරගන්නා අග්‍ර‍ ශ්‍රේෂ්ඨ අරිහත්වය නැමැති ඵලය ල‍බගනිමින් උන්වහන්සේ ඒ උත්තරීතර බුද්ධ ඵලය ලෝක‍යාවෙනුවෙන් ලබාගත්තා. අප්‍රමාණ ගුණ සහිත අසමසම ගුණ සහිත බුද්ධ ලබාගත්තා.

එලෙසින් උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හෙවත් චතුරාර්ය සත්‍යය වන දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය හා දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය යන ධර්මය අවබෝධ කරගනිමින් ශ්‍රාවකයෙක් වශයෙන් අරිහත්වයට පත්වීම නැතහොත් සසර දුක් කෙලවර කිරීම යන ශ්‍රාවකයෙක් ලබාගන්නා ඉහලම ප්‍රථිඵලය ලබාගන්නට අවශ්‍ය කරන්නාවූ දර්ශන ඥානය පහල කරගත යුතුයි. මෙහිදී අප විසින් චතුරාර්ය සත්‍යය විග්‍රහ කොට වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ. එලෙසින් මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම සදහා ඒ පිලිබද අවබෝධයක් ඇති කළ්‍යණ මිත්‍රයෙක් සිටිය යුතුයි. ඒ කළ්‍යණ මිත්‍රයාගේ ධර්ම ශ්‍රවණය ලැබෙන විට එය තම තමන්ගේ නුවණින් මෙනෙහි කල යුතුයි. එලෙස නුවණින් මෙනෙහි කරගත් ධර්මය අනුව ඒ පිළිවෙත් පූර්ණය කල යුතු මාර්ගය අනුගමනය කිරීමට පිවිසිය යුතුයි. මේ ලෙසින් පෙන්වා දුන් කාරණා හතර පූර්ණය වන විට අප විසින් දැන් විග්‍රහ කරගෙන යන ආර්ය බුද්ධ, ආර්ය ධම්ම හා ආර්ය සංඝ පිළිසරණ ලැබීමට අවශ්‍ය කාරණා පූර්ණය වේ.

බුද්ධිය පිළිසරණ කොට ගෙන චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නා තැනැත්තාට මේ ලෙසින් “බුද්ධං සරණං ගච්ඡාමි” යන ආර්ය බුද්ධ පිළිසරණ ලැබෙනවා.

මෙලෙසින් ලැබෙන බුද්ධ පිළිසරණ තුලින් ධම්ම පිළිසරණ ලැබෙන අයුරු දැන් වටහාගනිමු.

ඉහත පරිදි දැනගන්නා ධර්මය තුලින් දුක්ඛ ආර්ය සත්‍යය වන දුකක් ඇති බව, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය හෙවත් දුකට හේතුව නැතහොත් දුකට හේතුව තෘෂ්ණාව හෙවත් තණ්හාව ලෙස ඇතිබව, එම තෘෂ්ණාව ඉතිරියක් නැතිව නැතිකිරීම තුලින් දුක නැති කල හැකි බව හෙවත් දුක්ඛ නිරෝධ සත්‍යය හා දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය හෙවත් එම දුකට හේතුව වන තෘෂ්ණාව නැතිකිරීමට අනුගමනය කිරීමට මාර්ගයක් ඇතිබව දැනගැනීමේ මට්ටමකට පහල වෙනවා. මෙම දැනගැනීමේ මට්ටමට පහල වූ විට දහම් ඇස පහල වූවායැයි හදුන්වා දෙනවා. එසේත් නැත්නම් දහම දැක්කා ලෙස හදුන්වාදෙනවා. එහෙත් අනුගමනය තුලින් පූර්ණත්වයකට පත්වීම තවමත් සිදුවුනේ නැහැ.

එලෙස පූර්ණත්වයට පත්වීම සදහා දර්ශනයෙන් පහ කල යුතු කෙලෙස් කොටසකුත් භාවනාවෙන් පහ කල යුතු කෙලෙස් කොටසකුත් ඇත. මෙහිදී අප විසින් තේරුම් ගත යුත්තේ මේ චතුරාර්ය සත්‍යය දර්ශනය පළමුව ඇති කරගත්තා නම් “බුද්ධං සරණ” හෙවත් ලෝකෝත්තරත්වයට පත්වන්නා වූ ආර්ය බුද්ධ සරණහි පිහිටියා වනවා. එනම් නිවන සදහා අවශ්‍ය වන පළවෙනි බුද්ධ පිළිසරණහි පිහිටියා වෙනවා.

මෙලෙස සත්‍යය දුටුවිට අපට අනුගමනය කල යුතු මාර්ගයක් ඒ තුලින් පෙන්වා දෙනවා. එම ධර්ම මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දැනගත් විට ඒ පුද්ගලයා ධර්ම මාර්ගය දැනගත් අයෙකු‍වෙනවා. මේ ධර්ම මාර්ගය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය දැනගත් විට තමන්ට මේ සසර දුකින් මිදීමට අවශ්‍යකරන අනුගමනය කල යුතු මාර්ගයක් හෙවත් පිහිටක් ඇතිබව වැටහෙනවා. “අත්ථ දීපා විහරථ - අත්ථ සරණා අනන්‍ය සරණා” යන ලෙසින් පෙන්වා දුන් “තමන්ව දීපයක් කරගෙන තමාව ආලෝකයක් කරගෙන වාසය කරන්න - තමාට ධර්මය තුලින් මේ පිළිසරණ ඇතිබවත් අන්‍ය පුද්ගල පිළිසරණක් නැත” ලෙසින් පෙන්වා දුන් ගැඹුරු ධර්මය වැටහෙන තැනට තමන් පත්වෙනවා. මෙහිදීත් අප දැන ගත යුතු විශේෂ කරුණක් ඇත. එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේත් ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට හේතුවන අදහසක් සහ ලෝකෝත්තර වූ නිවනට හේතුවන අදහසක් පෙන්වා දී ඇතිබව.

එසේනම් මෙතෙක් සදහන් වූ කරුණු තම තමන්ගේ නුවණින් විමසා බැලීමේදී ඔබට වැටහෙනවා ඇති චතුරාර්ය සත්‍යය නැමැති ලොව්තුරා බුදු පියාණන්වහන්සේ විසින් පෙන්වා දුන් සත්‍යය අනුමාන ලෙස දැනගැනීම පළමු බුද්ධ සරණ ලෙසත් පහල වූ දහම් ඇස තුලන් දකින සත්‍යය මත ගමන් කල යුතු යම් ක්‍රම රටාවක් හෙවත් ධර්ම මාර්ගයක්‍ හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තිබෙනවා එය පළමු ධම්ම සරණ ලෙසත් යන බවට. එලෙස ධර්ම මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරමින් යනවිට එකින් එක එකින් එක රාග ක්ෂය වීමටත් ද්වේෂ ක්ෂය වීමටත් මෝහ ක්ෂය වීමටත් හේතුවී කෙලෙස් ගිනි නිවී ගොස් නිවන් ශාන්තිය උදාකරගැනීමටත් හැකිවෙනවා. එලෙස ඵලය ලැබෙන විට තමාට සංඝත්වයට පත්වීමට හැකිවෙනවා.

සංඝත්වයට පත්වීම යනු “යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ” යන සංඝත්වයයි. එහිදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ලෙස වෙනසක් නැත. එහිදී සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරිහත්වය යන මාර්ග ඵල ලබාගැනීමේ මාර්ගයයි පෙන්වා දී තිබෙන්නේ ගිහිවතක සිටිනවා ලෙසින් අප “වත” වශයෙන් කථාබහට යොදාගත්තාත් ඒ පුද්ගලයන් හැදින්විය යුත්තේ “අරිය ශ්‍රාවක හෙවත් ආර්ය ශ්‍රාවක” යන නාමයෙන්. මෙම මාර්ගය ප්‍රගුණ කිරීමේදී ගිහිවතක සිටින උපාසක උපාසිකා යන පින්වත් පිරිසට කිසිදු බාධකයක් නැතිව සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන ඵලයන් පසුකරමින් අරිහත්වය තෙක්ම තම මාර්ගය ප්‍රගුණ කල හැකියි. එහිදී “මේ මාර්ග ඵලයන්ට පිවිසීමක් ඇත්ද එය සංඝත්වයයි” යන අවස්ථාවට ඒ ඒ පුද්ගලයින් පත්වෙනවා. මෙන්න මේ සංඝ සරණය ආර්ය සංඝ සරණය ලෙසින් පෙන්වා දිය හැකියි.

ආර්ය බුද්ධ සරණ ලැබීම සදහා දහම් ඇසීම තුලින් චතුරාර්ය සත්‍යය පිලිබදව යම් අවබෝධයක් ලබාගත යුතුයි. ආර්ය දහම් සරණ ලැබීම සදහා ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිලිබදව සැක හැර හොදින් විග්‍රහ කොට අවබෝධයක් ලබාගත යුතුයි. ඉන්පසු නිවන් සුවය කුමක්දැයි අනුමාන ඥානයෙන් තේරුම්ගෙන ලෝකයේ ගින්න වටහාගෙන එම ගිනි නිවා දැමීම වටහාගෙන එම නිවීම නිවන් ඵලය ලෙස වටහාගෙන ආර්ය සංඝ සරණ ලැබිය යුතුයි.

එලෙසින් බුද්ධ ගුණ, ධම්ම ගුණ හා සංඝ ගුණ තුලින් පිළිසරණ ලැබෙන ආකාරය අවබෝධ කොටගෙන ආර්ය මාර්ගය වටහාගෙන අමාමහ නිවන් ශාන්තියට පත්විය යුතුයි.

එසේනම් අප දැන් “බුද්ධං සරණං ගච්ඡාමි - ධම්මං සරණං ගච්ඡාමි - සංඝං සරණං ගච්ඡාමි” ලෙසින් ආරම්භයේදී තිසරණ සරණ සිහිගන්වන සැමවිටම මෙලෙසින් පහදාගත් ආර්ය බුද්ධ, ආර්ය ධම්ම හා ආර්ය සංඝ සරණ හොදින් අවබෝධ කොටගෙන ලෝකෝත්තර වූත් නිවනට හේතුවූත් තිසරණ සරණ ලැබිය යුතුයි.

ලොව්තුරා බුදුපියාණන්ගේ කාලයේදී නොයෙක් පිරිස් උන්වහන්සේගේ ධර්මය අසා ‍පළමු මාර්ග ඵලය හෙවත් සෝතාපන්න ඵලයට පත්වූ සේක! එලෙස ධර්මාවබෝධය ලබාගත් ඒ සරණාගමනය වාක්‍යයක් තුලින් ප්‍රකාශයට පත්කල සේක!

“භවත් ගෞතමයන් වහන්ස මනස්කාන්තයි මනහරයි! භවත් ගෞතමයන් වහන්‍ස, යම් මුනින් නවා තිබූ දෙයක් උඩුකුරු කලාසේයි! වසා තිබූ දෙයක් විවර කලා සේයි! මුලාවූ පුද්ගලයෙකුට මාර්ගය පෙන්වා දුන්නා වාගේයි! අන්ධකාරයෙහි සිටින් ඇස් ඇත්තෝ රූප දකිත්වා ලෙසින් තෙල් පහනක් දැල්වූවා‍ වාගේයි! ඒ ඒ ආකාරයෙන් නොයෙක් නොයෙක් ආකාරයෙන් ‍භවත් ගෞතමයන් වහන්සේ විසින් මේ ධර්මය ප්‍රකාශ කලා! ඒ නිසාම මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි! ඒ නිසාම ධර්මයත් සංඝත්වයත් සරණ යමි! අද සිට මම පණ තියෙන තුරු මේ සියල්ල සරණ ගිය, දරාගත් උපාසකයෙක් / උපාසිකාවක් ලෙස සිටින සේක්වා!

මෙහිදී අප වටහා ගත යුතු තවත් කරුණක් පෙන්වා දීමට කැමැත්තෙමි.

බුදු පියාණන් වහන්සේගෙන් ධර්ම දේශනා ඇසීමට පැමිණි පෘතග්ජන පිරිස් ඒ සත්‍යය ධර්මය අනුමාන ලෙස වටහාගෙන අවබෝධ කරගෙන දහම් ඇස පහල කොට ගෙන ඒ උතුම් මාර්ගයට පිවිසීමට සිතාගත් අවස්ථාවේ ආරම්භයක් වශයෙන් පැවසූ ප්‍රීති වාක්‍යයක් ලෙස ඉහත කොටස උපුටා දුනිමි. එහිදී ඒ පුද්ගලයින් “ ඒ නිසාම මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි! ඒ නිසාම ධර්මයත් සංඝත්වයත් සරණ යමි! අද සිට මම පණ තියෙන තුරු මේ සියල්ල සරණ ගිය, දරාගත් උපාසකයෙක් / උපාසිකාවක් ලෙස සිටින සේක්වා!” ලෙසින් පැවසූයේ මෙ‍හි ඉහත පෙන්වා දුන් ආර්ය බුද්ධ, ආර්ය ධම්ම හා ආර්ය සංඝ යන තිසරණ සරණයි!

ලෞකිකත්වය තුල තිබෙන කළ්‍යාණ පෘතග්ජන නමින් හදුන්වන උතුම් තත්වයට පත්වෙන පාපයට බහින්නේ නැති එක්තරා දහම් අවබෝධයක් ඇති පැහැදීමක් ඇති කොටසක් තමයි බුදුරජාණන්වහන්සේ, ධර්මය හා සංඝත්වය සරණ යමියි ලෙසින් සරණාගමනය සිදුකලේ. එලෙස ඒ ආකාරයෙන් සරණාගමනයක් ලැබූ ඒ පුද්ගලයින් මේ ආර්ය මාර්ගය පූර්ණය කරමින් ප්‍රතිපත්ති පූර්ණය කරමින් යනවිට තමාගේ බුද්ධිය මුහුකුරා ගොස් චතුරාර්ය සත්‍යය මෙය යැයි දැක අනුගමනය කල යුතු ධර්ම මාර්ගය දැක ලැබිය යුතු නිවන් ඵලය වෙත ලගාවෙනවා ඉහත සදහන් කල ආර්ය තිසරණයේ සරණ ලබමින්.

මෙහිදී අපට අවබෝධ විය යුතුයි මෙම අර්ථාන්විත තිසරණය තුලින් මේ ලෝකයේ ඇලීමක් නැතිව ගැටීමක් නැතිව මුලාවක් නැතිව කටයුතු කරගෙන යාමට මහා වාසනාවක් පහලවෙනවා යන්න වේ!

දාලා එපාවෙලා කලකිරීමට පත්වෙලා පැනලායාමක් බුදුදහම තුල නැතිබව අවබෝධ කරගත යුතුයි. බොහෝදෙනෙක් අද රැවටිලා සිටිනවා කලකිරීමට පත්වෙලා සියල්ලම එපා වෙලා කැලයට රිංගා ගැනීම තමයි බුදු දහමේ අන්තිම ප්‍රතිඵලය ලෙසින්. යථාවබෝධය එසේ නොවේ. ඇත්ත දැනගත් පසු ලෝක සත්වයා කිරීමට අවශ්‍යදේත් කිරීමට අනවශ්‍යයදේත් දැනගන්නවා.

ඇත්ත නොදැකපු ලෝක සත්වයින් වැඩකට නැති වැඩ බොහෝමයක් ගොඩගසාගෙන තමාගේ ජීවන වියදම අනවශ්‍යලෙස ඉහල දමාගෙන කරදරයැයි කියන ගොඩක පැටලෙනවා. එයට හේතුව ලස්සනට, රසයට, සුවදට, මුදු පහසට හා නොයෙක් ආකාර මායා ප්‍රිය මනාප ස්වභාවයන්ට රැවටීම. මුලාවට පත්ව ඇති නිසා ඒ ප්‍රියමනාපයන් මහා වටිනා දේ යැයි සිතාගෙන ඒවා තුල එල්ඹගෙන ඒවා පසුපස අසීමිතව හඹායනවා. ඒවා අත්පත් කරගැනීමට විශාල වශයෙන් මුදල් යොදවනවා. එතකොට තමයි අනවශ්‍ය ජීවන වියදම වැඩිවෙන්නේ.

ධර්ම මාර්ගය තුලින් ඇත්ත අවබෝධ වූ තැනැත්තා මේ මේ දේ කිරීම අත්‍යාවශ්‍යයයි සහ මේ මේ දේ නිෂ්ඵලයි ලෙසින් දැක බොහෝ නොවටිනා නිෂ්ඵලදේ අත්හැර දමනවා. හරයක් නැතිදේ හරයක් ඇතියි සිතමින් දරා‍සිටීම අත්හැර දමනවා. වැඩකට නැතිදේ සදහා කාලය වැය කිරීම අත්හැර දමනවා. ඒ ආකාරයෙන් කා‍ල‍යෙන් නිසියාකාරව ප්‍රයෝජන ගන්නවා. මේ ලෝකය වටිනවා යැයි හැගීම දැඩිව ලත් පුද්ගලයා අන් අයව විනාශකර තමාට හෙවත් “මම” යන පුද්ගලාය පිනවීමට කල හැකි උපරිමය සිදුකරනවා. මේ අදහස් ඇති පුද්ගලියින් වැඩිවන විට සමාජය තුල තරගකාරී ස්වභාවය, ගැටීම අධික වෙනවා.

එසේනම් එලෙස ක්‍රියාකරන පුද්ගලින්ට එවැනි දූෂණ වංචා මංකොල්ලකෑම් මිනීමැරීම් ආදී සමාජයට අහිතකර දේ කිරීමෙන් වළකින්න කියා පැවසීම කොතරම් නිෂ්ඵල කටයුත්තක්ද කියා ඔබටම වැට‍හෙනවා ඇති. බුදු පියාණන්වහන්සේ කිසිදිනක ඒවා කරන්න එපා කියා තර්ජනය කිරීමක්වත් ඉල්ලා සිටීමක්වත් සිදු‍කලේ නැහැ. උන්වහන්සේ මායාවෙන් වැසීගිය සත්‍යය විද්‍යාමාන කර පෙන්වා දුන්නා. උන්වහන්සේ සියල්ලන්ටම කිව්වා මෙන්න මෙහෙම සත්‍යයක් මම දුටුවා ඔබත් එය මේ ලෙසින් දකින්න එවිට මේ මායාව සහ ඇත්ත අතර වෙනස වැට‍හී පුද්ගලයින් බොහෝමයක් අයහපතින් මිදෙන බවත් උන්වහන්සේ දුටුවා. එය තමන් තුලින්ම නැගී එන්නක් නිසා ඒ ඒ පුද්ගලයින් නැවතත් වැරදි යැයි සම්මත අයහපතට යොමු‍වන්නේ නැහැ. මේ සත්‍යය මාර්ගය සත්‍යය නිවන් අර්ථයන් අප අතරින් දුරස්වීමට හේතුවූ නිසාම අදටත් වැරදි කරන පුද්ගලයින් බහුල සමාජයක් අප අතර දක්නට තියෙනවා. මේ ඇත්ත දැකිය යුතු නියමාකාරය සියල්ලන්ටම දැනගැනීමට ඇත්නම් එය අවබෝධ කරගත හැකි බොහෝ පිරිස් අදටත් එදාමෙන්ම අප අතර සිටිනවා මෙන්ම සමාජයද ‍අදට වඩා උසස් මට්ටමක තිබෙන්නට ඉඩද බොහෝ වැඩිය.

ලෝකයේ ඇති තත්වය ඇති ආකාරයෙන් නියමාකා‍රයෙන් පෙන්වන දහම් නිතර අප ඇසිය යුතුයි අවබෝධ කල යුතුයි. මේ ධර්මය නොවැටහෙන පිරිස 25%කටත් අවම ප්‍රමාණයකට සීමාවෙන අතර ඉතිරි බොහෝමයක් පිරිසට මේ ධර්මය නියාමාකාරයෙන් අවබෝධ කිරීමට ශක්තිය ඇත. බෞද්ධ වීම යනු බුද්ධිමත්භාවයට පත්වීම මිස ආගමකට හෝ යම් සීමාසහිත පිරිසකට පත්වීම නොවේ. බුද්ධිමත්භාවයට පත්වීම යනු චතුරාර්ය සත්‍යය දැකීමයි. එනම් සත්‍යය දැනගෙන ඒ අනුව කටයුතු කරන්න පටන්ගැනීමයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සත්‍යය දැකීමට මේ අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ස්වභාවයන් පිළිබදව හරියාකාරව අර්ථ ඇතිව විග්‍රහ කොට ගෙන අවබෝධයක් ලබාගත යුතුයි. ඉන්පසු ආර්ය අෂ්ඨාංගික මාර්ගය වටහාගෙන ඒ අනුව කටයුතු කල යුතුයි. මෙය බුද්ධී මාර්ගයකි. ඒ සදහා අමුතු වෙහෙසක් හෝ මහන්සියක් ගත යුතු නොවේ. තමන්‍ව බලහත්කාරයෙන් හික්මවාගැනීමට අවශ්‍යතාවයක් බුද්ධිමතාට අවශ්‍ය නැත. කලයුත්ත නොකලයුත්ත වැටහී යහපත අයහපත වැටහී තමන්‍ව නිසියාකාරයෙන් හික්මවා ගැනීම කිසිදු වෙහෙසක් මහන්සියක් නැතිවම කරගැනීමට බුද්ධිමතාට හැකිය.

කළ්‍යණ මිත්‍රයකුන්ගෙන් සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබෙන විට ප්‍රඥාවන්තයින් විසින් එය තම තමන්ගේ නුවණින් මෙනෙහි කල යුතුයි. එලෙස නුවණින් මෙනෙහි කරගන්නා විට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ඒවෙලාවේදීත් වැඩෙනවා. බුදුපියාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා ‍යමෙක් සද්ධර්මය ශ්‍රවණය කරන සැමවිටම සප්ත බොජ්ජංග ධර්ම සමව වැඩෙනවා කියලා. සප්ත බොජ්ජංග භාවනාව සමව වැ‍ඩෙනවා නම් සද්ධර්මය දේශනා කරනවිට එය ශ්‍රවණය කිරීම විශාලම භාවනාවයි. එසේනම් ඒ අවස්ථාවේදී යථාවබෝධය ලැබී සත්‍යය අවබෝධ කරගැනීමට හැකිවෙනවා. බුදුපියාණන්වහන්සේ වැඩසිටින කාලයේදීත් මේ ආකාරයෙන්ම තමයි යථාවබෝධය පූර්ණය කරගත්තේ. එකල සද්ධර්මය ශ්‍රවණය කොට නැගී සිටින විටත් මේ පෙන්වා දුන් ගුණ සියල්ලම වැඩී තිබුණා. ඵලයන් ලැබී තිබුණා. එසේනම් දැනගත යුතු ප්‍රධානම කාරණයකි මනාසේ සප්ත බොජ්ජංග ධර්ම වැඩීමට හේතුවන හොදම කාරණය සද්ධර්ම ශ්‍රවණය බව.

එසේනම් ඔබ සැමට සැබෑ තිසරණයේ සරණාගමනය තුලින් උතුම් වූ නිවන් අවබෝධය ලැබෙත්වා!

Monday, August 3, 2009

Think Again... Become your own saviour!!

These are coming with my personal experiences and I though adding something here may help others to understand the reality! All these years I found out many bhikkus & many people express their view & most of them say for living not for nirvana... And many books include as doctrine nothing but a MESS.
 
Nowadays I heard & see many speeches, books, articles etc.. guiding us to the living not to the NIRVANA! Many people & many bikkhus doesn't know that knowing more & gathering more knowledge also is another reason to keep us away from nirvana!

As we know Samma Sambuddha once said to Maha Prajapathi Gothami that;
"If any teaching leads you to Get rid of the Desire/Hope(Ragaya) , to Get rid of Anger/Hatred/ thought of conflict (Dweshaya) and to Get rid of ignorance/false vision (Mohaya), that will be my teaching.. and you can match to it and choose the real Samma Sambuddha's teaching at any time in any ear... that's the way you should choose".
Nirvana is with us.. people just ignore it because they love this world and they are in a illusion which is hard to accept.... They can't see the hidden suffering coming through this attraction & worldly things.. And most of the people afraid to Nirvana that is why they don't like to achieve it without any delay.. they just keep it after the death or.. some another day.. I too once among these people.

Even though I needed nirvana i was so attached to this worldly things on that time... but i realize the illusion.. now no one can change my mind by saying this world is so nice.. good.. beautiful.. many to enjoy.. etc.. when they say I feel sorry for them.. and they say they feel sorry for me! But I know I am in the perfect path...!

It is just a simple theory... There were many Samma Sambuddha are happen to be live this world from zillions of years.. and Gautama Buddha is who very close to us because we understood this in his time period.. All those Samma Sambuddha's couldn't change this world.. and they even explained that no one can change this world.. so even in the time of Buddha everyone couldn't understand this truth and not everyone agreed to his saying or believe in Nirvana... and that is why we are still in this life circle.. We just repeat the same things in this life circle by making "I" and "Mine" every time and we believe this is the one & only life we live as we don't remember our past lives.

We even don't like to believe in this life that we have seen many people who tried to continue "I" and "Mine" finally they failed and die... Our parents.. our grandparents.. and grandparents' parents... etc...They had fight for living.. they tried to keep the life the way they want but finally they failed... and now you.. you trying to do the something... entertaining yourself...&  trying to keep the things the way you want...if not you feel very sad but again you think you can change the situation and trying again... again &  again..
Aren’t you tried or try to fix things with more money…? comfortable life…? nice family life? vehicle...? more education? & etc… You are holding a part of this unsteadily thing and waiting for a comfort. Will you succeed?

Did you ever thought that the how stress is coming... this is how you got your stress.. aren't you??

So when someone understood the teaching of Buddha he or she understand that putting a useless effort to keep things the way we want will drag us to deep suffer and the hope to see the things happening the way we want is also useless and wasting time.

Then he or she will understand that there is nothing actually suitable to collect with the thought of “These are MINE” or “This is I” and also no one can expect the happiness or comfort in existence. Once someone realizes these realistic things he or she has seen the Buddha’s teaching. They really understood the Buddhism. That is his or her first step into the Buddhism. And now he or she is a Buddhist.

Now, no one have to explain what is world and how wonderful it is for him or her. Now anyone who understood this theory should understand, from which part of our life we are trying to find comfort or stress free moments. According to which theory we put that useless effort?

Which throw us to stressful uncomfortable life style?
Limitless attachments… conflict…ignorance
Why we trapped in this attachments, conflict, and ignorance?
The mentality of fulfilling the limitless hopes somehow
Why we get those unlimited expectations?
Because you feel that there is somewhere in this world  you can find the comfortable stress free place or moment
What will happen if you live like that?
You will get uncomfortable stressful life because you are always trying to achieve the unachievable.
If the percentage of finding comfort in existence is 100% the percentage of stress you gain through the failure also 100%. If the percentage of finding comfort in existence is 50% the percentage of stress you gain through the failure also 50%. If the percentage of finding comfort in existence is 10% the percentage of stress you gain through the failure also 10%. If the percentage of finding comfort in existence is 1% the percentage of stress you gain through the failure also 1%.
If you do not try to find comfort in existence you will gain a stress free comfortable life!
 
So Lord Buddha said, no one can show a comfortable place in this existence... if so there is no need of a Buddha or his teaching to end this life circle to attain Nirvana!

What is development? A developed country and development is a measurement who created by persons who is in that illusion. It is only a concept… real geniuses are never satisfy with the development because they know the development is something we cannot measure or limit by accepting this is the limit we cannot develop than this… so it is just a comparison with a undeveloped things. There is nobody who tells that “we are now stressed free & comfortable and now we are developed through our mentality”. Even the milliners get problem & stress… they have enough money for the comfortable life people who call it comfortable but still they are looking for more money and they in the rat race.

We do learn things.. from grade one to degree levels or may be higher than it.. we marry.. we give birth to our children.. we think we live happily by facing to our sufferings... this is the life.. this the society.. etc.. and then finally we die..!
Then again with the impression of purity ( kusala Khamma) or defilement (akusala Khamma) we again come to this life circle and repeat the same things as a human or god or in hell or as a animal..

Only human can decide and work out to change this life. Whether to end the life circle or to continue. All depends with his or her activities.. as all other stages like being a God... Animal... live in hell.. etc...are the result of being good or bad as a human.

Then as a human if we get everything in our life to enjoy it.. and if we found there is no suffering we just ignore the buddha's teaching and say I dont' have to acheive nirvana because I feel that the happiness & suffering are 2 sides of the same coin or.. I have courage & power to face the reality of suffering or.. buddhism is for those who weak in mind... etc..

When someone got a sufferfull life that person automatically thinks to finish this life circle with his sufferings.. and again if he got something better to live nicely he again refuse this nirvana..and struggle to live...

So all these people don't like to beleive that nirvana is the most happiest and the relaxing place in this life circle and after achieving it they can end this life circle not only that they can live a moment which is completely filled with happiness and relaxing.

"Ethang Santhang Ethang paneethang" - It is the most peaceful & tasty/delicious/happy/the greatest pleasure" the Nirvana! You should realize by now how comfortable is Nirvana… without any attachments, conflicts, ignorance how free you are… You should think the value of that achievement even for a second. Then you will improve your meditation to Nirvana every minute you think that.

So doesn't matter how hard Buddha or I or another person explain to you or how hard we try to give you the best to attain nirvana as long as you understand it by your self you will not enter the path of Nirvana.

By sticking to a normal popular bhikku or some set of books you will try to fight and argue to defeat others and their views etc... and become the number one! You just don't realize that, by doing such activities you are heading opposite from the Nirvana & Buddha's teaching! Doesn't matter how much you argue or how much you do your reaserch but finally nirvana should win.. because that is the only place which you can feel safe..!

No body can save you... Not god.. not another monk.. not another religion cheif.. not another human.. not even lord buddha save you...when well disciplined yourselves you become your own saviour..!

Always think and apply the speeches & the things you hear or see about buddhism.. think wether those saying are help to kill the Desire/Hope (Ragaya) , Anger/Hatred/ thought of conflict (Dweshaya) and ignorance/false vision (Mohaya)... then choose it as the buddha's teaching and apply it for your life style and it will guide you to the nirvana...!

After you get the insight ( sowan - first step of acheiving nirwana ) . the insight itself lead you to the deeper understanding of life. you dont have to depend on external wisdom, the dhamma/doctrine will be your teacher after that.

So save your self.. no one will come to save you even though you argue with many or teach many people as you can...it doesn't help you to acheive Nirvana!

Take advantage of being a human with out any delay!

Lord Buddha once asked his follower monks “what do you do when your head get burn?” then they replied “we should quench it as soon as possible” then Lord Buddha replied “My dear followers, then you should second such an incident and complete your process to Nirvana.”
This saying doesn’t mean that you should burn your head to attain Nirvana… it is a valuable example for being quick without wasting even a instant in this life to achieve Nirvana.

So now how do you feel?
How much you spend from your time to realize this valuable truth?
You know the answer!
Keep nirvana for another time to achieve is not a wise thing to do..! Now you know that well!
MAY YOU ATTAIN NIRVANA!!

Thursday, July 16, 2009

The Samma Sambuddha's Life in Brief!

Buddha had lived previously on this Earth itself as well as on other planets in the universe. The Buddha spent nearly Asankya Kalpa with just a thought of becoming the Buddha one day till he get the blessing to become a Buddha for sure from the Buddha call Deepankara Buddha. At that time his was a ascetic name Sumedha. The time he felt about being a Buddha and thus for many lives, the Buddha had developed altruism and it was after having gathered such vast strength of character that the Buddha was born to spread his infinite kindness to all beings.

In the birth of the Buddha in the life which is most relevant to our present discussion, there did not occur anything extraordinary. Over 2500 years ago, the Buddha was born as a human being, out of human parents, and in perfectly natural conditions.

But for the environment into which he was born, the Buddha’s position at birth was that of any other human being. The Buddha was born into a Royal family, King Suddhodana, ruler over Kapilavattu being his father and Queen Maha Maya Devi being his mother. It was only the Royal position he assumed on his birth that raised him above the average. The baby thus born had to face the realities of life from the very outset. Queen Maha Maya Devi, the mother of the Buddha, died hardly seven days after the Buddha was born, and thus the advantages of the tender care and caressing of a real mother were lost. King Suddhodana, however, provided adequately for the upbringing of the child who was his only son and heir to his throne. Almost immediately the Queen Maha Maya Devi died, the King appointed a nursing mother, Prajapathi Gotami who was the sister of Queen Maha Maya Devi, to look after the motherless child. And Prajapathi Gotami honored the trust places on her by the King extremely well, and the child grew up in health and vigor to his father’s expectations.

As it is now in many normal homes, it was more so in that Royal Family that certain celebration should follow the birth of a child. According to the custom that prevailed at the time, therefore, there was the “Naming” ceremony for which the King summoned the chief sages of his kingdom to discuss and decide on a name to be given to the child. The sages of this time were people who had cultivated occult arts, and the foretelling of future events was one of the subjects in which they specialized. The sages, after examining the baby, decided to name the child Siddhartha, and meanwhile, the sages also advised the King about the child’s future. These sages expressed their unanimous opinion that the child would mature to be a great man, but they could not agree as to the particular direction in which the child would be great, whether he would be a great King or whether he would be a great reformer. They also did not exclude the possibility of the child developing interests in a religious field.

King Suddhodana, who apparently was not satisfied with the many religions that existed at that time (there were nearly 62 different religions competing with one another then), decided no to allow his son to enter any of the religions. Accordingly, the King advised his Ministers to exclude from the child (now Prince Siddhartha) any experience which would kindle in him an interest in the numerous religious beliefs that prevailed. In carrying out this order, the King’s Ministers kept the Royal Prince cut off completely from the dismal side of life, and from the sages and ascetics particularly. The Ministers trained the Prince only to take over the responsibilities of the kingdom after his father’s death, and, therefore, the Princes were given the necessary education both in literature and the arts of warfare. He was really talented and learns everything so quickly.

King Suddhodana decided to provide with the most luxurious life one can think of in order to keep away the Prince with sorrows of life. He even built 3 palaces for 3 seasons call Ramya, Suramya & Subha. Perhaps owing to the King Suddhodana’s excess of precaution to prevent this son from entering a religious life, marriage was arranged for the Prince Siddhartha. The prices, therefore, married the beautiful Princess Yasodara, who was his wife for many births. The king’s Ministers could not keep the Princes Siddhartha cut off from the reality of life any longer. The Prince began to experience real life step by step, and in his Charioteer, Channa, he found and intelligent person with whom he could discuss these problems.

When the Prince left the Palace in his Royal Chariot for the Royal Gardens to recreate himself, he had interesting discussion with Channa, his Charioteer. Prince left the Palace One day when his wife Yasodhara was about to give birth to their child. On their way, they met a very weak looking man walking, the Prince asked about that man and Channa told him “He is a sick man”. Then Prince asked Channa “why people fallen sick in this world?” . And he said no body can escape from that, it’s the reality of life. Prince got upset and turned back to palace. The next day they went the same journey and met an old man, and he asked “why people getting old?”. And Channa said “ No body can escape from being old”. Like previous day Princess headed back to palace thinking and discussing about that. Next day again while they are traveling they met a funeral procession, and he asked “ will all people die ?” Channa replied “ No matter who you are no one can escape from death” . And the princess shocked and headed back. And the Prince thought about the deceptiveness of the life. On the fourth day the Prince saw an ascetic and the discussion was centered on the ascetic life that day. On their way Prince was thinking about the ascetic more & more and once they go back to the palace they got to know that Princess Yasodhara had given birth to their son. Then Princes muttered a phrase ; “Rahula was born, another bond begins”; because of that their son was named as Rahula.

Thus the Prince began to grow curious about the various aspects of life, and, ultimately, at the age of 29 years, the Princes arrived at the firm and irrevocable decision to ascertain for himself the truth about life. Everyone at that time believed that the ultimate truth about life could be ascertained only by practicing asceticism, and asceticism involves renouncing everything including one’s position and family. At the time when the ambition to look for the ultimate truth about life entered his mind, the Prince had no new ideas to refute the current theories about asceticism. Hence, the Prince decided to experiment with asceticism in the first instance, in spite of the sacrifices it involved. The Prince, therefore, renounces his claim to the throne, and he renounces his wife and family too. The Prince thus entered the forest to practice asceticism.

In the forest, the Princes met 2 ascetics, Aalarakalama & Uddaka – Ramaputta, and with their guidance, he practiced asceticism. Soon he gained all the knowledge form them and found it was not what he has looked. The Prince decided to seek his goal by himself and left these 2 ascetics. Later, he met five other ascetics, whose names were; Kondanna, Bhaddiya, Vappa, Mahnama, Assaji. With these five ascetics, the Prince practiced extremely difficult forms of asceticism which involved self- torture of the worst kind. The Prince practiced extreme asceticism for six years, not achieved anything new other than very weak body. Then he realized enlightenment has nothing to do with body but a mind game. Then he began to feed his body in order to gain his lost body energy. By seen this, the five ascetics thought Prince has given-up and left him.

The Prince realized, choosing a one extreme means refusing the other one. If someone mention the “NON - EXISTING” word means the “EXISTING” word also hidden there. He thought, to wisdom, there cannot be an opposite side. There can be only one Reality in this world and the path of this wisdom is unique. So the Prince left all the ascetics and began on his own to follow the method of Contemplation and meditation, keeping to the middle path; Medium to attain Nirvana. He saw the uselessness of life. And the attempt was completely successful.

The Prince began to purify his mind by Contemplation and Meditation and as he was progressing, the defilement which remained hidden in his mind sprang up to obstruct him. Suppressing and overcoming all these obstacles, the Princes continued, and, ultimately, under a Bodhi tree, the Prince destroyed the last fetters of defilement and attained full enlightenment with 5 Unique Buddha Gana (Buddha’s Wisdom). Thenceforward, he was Buddha.

After attaining enlightenment, the Buddha remained for 7 week in the same vicinity of solitude mostly enjoying the bliss of enlightenment and also taking stock of this position. He also planned out his future campaign whilst remaining there. After 7 weeks, the Buddha stepped out and began his career of preaching and, on the Esala (July) Full moon day which 5 ascetics under whose guidance and company he had lived for the major part of the six years he spent in the forest. These 5 ascetics were convinced of the truths the Buddha unfolded and they became the first followers of the Buddha, and were of great assistance to him in his campaign later on.

The news of the Buddha’s achievement spread far and wide and for 45 years after his achieving enlightenment, the Buddha continued his campaign of preaching, sending missions to various parts of the country, working for the welfare of all, and, generally, assisting everyone from his father, step mother, wife, and child, down to every stranger he met. He too had enemies like his brother in law Devadaththa. But no one can kill a Buddha. Because to achieve the Buddha hood one must groove him for billions of births. No body in this world can terminate that. But Devadaththa tried several ways and once he tried to push a rock from a hill onto the Buddha while he is walking. But Devadaththa failed to kill him and Buddha got a little scratch on his body.

Buddha saw the people surrounded by a illusion whom doesn’t know they live such a deceptive life and thinking they are enjoying. It’s like crab in a water pot enjoying itself until that water gets boiled. He spread his understanding of the world to everyone, very kindly. He allow the women also to become his followers and many women including his wife Yasodara, nursing mother Prajapathi Gotami lived those time period achieve the enlightenment and become Arahat. The Buddha also preached against the caste and class systems which elevated some persons above others merely because to their birth or their economic affluence.

The Buddha taught the equality of each human being. He also taught that only virtue could raise one man above any other. Thus having revolutionized the conceptions about life which prevailed at that time, and having gathered a vast number of followers to his Doctrine, and having raised a large number of persons to the level of Arahats, the Buddha passed away from this world into the state of Nibbana / Nirvana at the age of 80 years.