නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, November 1, 2022

The Omens & liberation

 

In our previous Editorial, we have discussed how we should experience the four omens before we enter to the path of nibbana. We have already discussed how we should realize the fundamental issues in our so call life. Also, we have discussed that how we should observe them as the omens for liberation. In this editorial, let’s continue the same topic further!

I believe you have already gone through the set of brief explanation about four omens in here too.  If so, you may have already noticed how deep is this state of seeing the four great omens. 

So, once journey of liberation truly begins only after the that person has seen the four great omens.  That’s the fourth omen is all about, too.  Then only the urge of liberation comes.  Then only the urge of truth comes.  The right focus on liberation start right there after one sees the four great omens. 

And then they seek for the noble friends who can support & guide them for the liberation.  As the seek is genuine, they listen carefully.  That gives the perfect focus and concentration to realize the eternal truth.  If the seeker is lucky, it would be a time of Samma SamBuddha and the blessed one’s teachings are available.  So, then they get the chance of listening the eternal truth of existence, and that makes them liberate!  That’s we call Nibbana. 

But, as long as you haven’t reached to the state of seeing the four great omens, you believe that Buddhism is also all about these four omens.  This is where many misunderstand Buddhist teachings are all about suffering or just another philosophy or same like other great religious teachings etc. 

But the four great omens are just like unlocking the inner seeker of truth who seeks for the real liberation.  Once unlocked, your journey begins and if you are lucky you will end up with Buddhist teachings which leads you to see the noble truth which can be never heard from any other teachings.  But as long as you are not even reached to the state of seeing the four great omens, Buddhist teachings are far away from your range of understanding.  Let’s say you still don’t have a mind of seeing the things as it is. 

A mind, which depends on the external facts and knowledge, can’t even observe the hidden nature of own self.  When the observation skills are not developed and so limited to the visible facts and nature, one can’t see the depth of the true nature.  

So, seek within and try to understand whether you have seen the four great omens or not.  Otherwise, liberation is still too far away! Have a blessed time and good luck for your search!

පෙර නිමිති සහ විමුක්තිය

 

පෙර කතු වැකිය ඔස්සේ අප විසින් විමුක්තිකාමි චින්තනයක් දැරීම පිණිස අත්‍යවශ්‍ය කරන මූලික දැක්මක් ගැන විස්තර කර ගත්තා. ඒ තුල අපගේ පැවැත්ම තුල විසඳුමක් ලබා ගත නො හැකි ආකාරයේ කාරණා කිහිපයක් ගැන පෙර නිමිති නුවණින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය යුතු බව අප විස්තර කර ගත්තා. මෙවර කතු වැකිය තුලින් මේ පෙර නිමිති ගැන තවදුරටත් විග්‍රහ කර දෙන්නට උත්සාහ කරන්නම්!

ඔබ මේ වන විටත් සතර පෙර නිමිති සම්බන්ධ දහම් කොටස් පෙල ඇසුරු කරන්නට ඇතැයි විශ්වාස කරනවා.  ඒවායේ තියෙන දේම නැවත නැවත විස්තර කිරීම ඵලක් නැති නිසා මේ සතර පෙර නිමිති සහ විමුක්තිය අතර සම්බන්ධය ටිකක් විග්‍රහ කර දෙන්නට මේ කතු වැකිය යොදා ගන්නම්. 

මහල්ලෙක්, ලෙඩෙක්මල මිනියක්, පැවිදි රුවක්” කියන කාරණා මතු පිට බාහිර වූ කාරණා ඔස්සේ දන්නා හඳුනන අවස්ථාවක් තිබෙනවා.  නැණවත් ව විමසන්නාට මේ කියන කාරණා “පෙර නිමිති” වශයෙන් දැනෙන අවස්ථාවක් තිබෙනවා.  පෙර නිමිති දුටු ප්‍රඥාවන්තයා තමයි හිස ගිනි ගත්තෙක් ඒ ගිනි නිවන එකත් පසෙක තබා සත්‍ය ගවේෂණය පිණිස සැබෑ විමුක්තිය පිණිස කැප වෙනවා හා සමාන මානසිකත්වයකින් විමුක්තිය පිණිස වෑයම් කරන්නේ. 

අන්න එවැන්නෙක් තමයි කල්‍යාණ මිත්‍රයා ව ලුහු බඳින්නේ.  හරියට දාරුචීරිය තෙරුන් වගේ... කිසා ගෝතමිය වගේ... පටාචාරා ව වගේ... රට්ඨපාල කුමරුන් වගේ... අනේක නම් වලින් වූ රජ කුමර කුමරියන් ද... සිටු කුමර කුමරියන් ද... අනේක දුකට පත් වූ සාමාන්‍ය ජන පිරිස ද... වෙනසක් නැතිවම කල්‍යාණ මිත්‍රයා ව ලුහු බැන්දේ මේ දැවෙන ප්‍රශ්නයට විසඳුමක් නැති බව දැක විමුක්තිය ලැබීම පිණිසයි! 

ඔවුන්ගේ වාසනාවට ඒ බුද්ධ ශාසනයක් පවතින කාලයක්.  අදටත් ජීවමාන බුද්ධ ශාසනය පවතින කාලයක්! ප්‍රඥාවන්තයා හට විමුක්තිය ලැබීම අනිවාර්යයෙන් ම සිදු කර ගත හැකි කාලයක්!  

ඔව්! නුවණැත්තා මේ විසඳුමක් නැති ප්‍රශ්න සහිත පැවැත්මේ දෝෂය දකිනවා.  අන්න ඒ තැනැත්තාගේ සිත පැවිද්දේ හෙවත් විමුක්තිකාමි චින්තනයේ පිහිටනවා.  එවන් නුවණැත්තාට කයේ ලෙඩ රෝග, මරණයමහලු බව ආදී දේ තව දුරටත් ප්‍රශ්න නොවේ.  ඒවායෙන් ගැලවෙන ක්‍රමය මේ පැවැත්ම තුල නැති බව දැක ඇති නිසාම ලෙඩට බෙහෙත්මරණයෙන් ගැලවීමට ප්‍රවේශම් වීම් ආදී තාවකාලික විසඳුම් වලට කාලය නාස්ති කරන්නට පෙර නිමිති දුටු නුවණැති පුද්ගලයා වෙහෙස වෙන්නේ නෑ.

මේ බව තථාගත සත්ධර්මය තුල සම්මා සම්බුදු රජාණන් වහන්සේ පෙන්වා දී ඇති වාර අනන්තයි අප්‍රමාණයි.  නමුත් පෙර නිමිති දුටු මානසිකත්වයක් ඔබට නැති නම් ධර්මයේ ඇති ඒ ගැඹුර ඔබට ඇසෙන්නේ දැනෙන්නේ නෑ.  ඔබ ධර්මය තුල ද සොයන්නෙත් මෙම ලෙඩ වීමමහලු වීම, මරණය ආදී කරදර යැයි සිතා ගත් බාහිර වූ දුක් රැසකින් නිදහස් වීමක්. 

ඉතින්, එය සිදු නොවන විට කාලයත් එක්ක ඔබට ධර්මය තෙරුවන එපා වෙනවා. “කෝ මම මෙච්චර පින් කරනවා... මෙච්චර බණ අහනවා ඒ වුනාට ලෙඩ දුක් කරදර වල අඩුවක් නෑනේ” කියලා කම්පා වෙනවා.  එහෙමත් නැත්නම් ලෙඩක් හැදුණා ම... තමන්ට ප්‍රිය කෙනෙක් මරණයට පත් වෙයි කියලා බිය වුනා ම... පින් කම් කරනවා... ඒවා නොවේවා හෝ ප්‍රමාද වේවා කියන අදහසින් පින් කටයුත්තක් කරනවා. ධර්මයේ හැසිරෙන පුද්ගලයෙක් ලෙඩ වූ කල කියන්නෙත් “ඔච්චර පින් දහම් කරලා බලන්නකෝ ඉතින් අසනීප වෙලා නේ... හරිම දුක්ඛිත මරණයක් නේ ලැබුවේ” කියලයි. 

සරලවම තමන්ගේ බාහිර වූ සුඛ විහරණයක් උදෙසා උතුම් අති දුලභ තෙරුවන පාවිච්චි කරනවා.  බුදු දහමේ හරය ම මඟ හැරිලා. 

ඒ නිසා තමන්ව විමසන්න.  තෙරුවනින් ලැබිය යුතු ගැඹුර ලැබිලා නැත්තේ ඔබගේ විමසීම තාමත් ප්‍රාථමික නිසාමයි.  එසේ නම් ඒ ශ්‍රද්ධාව පිණිස... විරිය පිණිස... සිහිය පිණිස... සමාධිය පිණිස... ප්‍රඥාව පිණිස... ශාසනයට සම්බන්ධ පින් කටයුතු වල නිරත වෙන්න. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට ඉඩ දෙන්න.  කල්‍යාණ මිත්‍රයා ව ලුහුබඳින්නට හිතක් නො දෙන්නේ ඇයි දැයි බලන්න! 

ලෙඩෙක්මහල්ලෙක්, මල මිනියක්, කියන ඉෂ්ට දේවතාවන්ගේ ආශීර්වාදය ලබා ගන්න.  ලෙඩ වීම, මහලු බව, මරණය ඉක්මවා නැති බව දකින්නට දක්ෂ වෙන්න!  එවිට ඔබට පැවිදි රුව හෙවත් විමුක්තිකාමි මානසිකත්වය ලැබේවි!  අති දුලභ පෙර නො ඇසූ විරූ දහම් ඇසේවි!