Follow by Email

නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, July 24, 2020

Why I feel grateful to the blessed one!


Maybe you are a person who believes in emptiness and believes even Samma Sambuddha also empty and nothing is worthy of worship. Maybe you are a person who doesn’t believe in being grateful or thankful… Maybe you are a person who doesn’t believe in anything… Well! You don’t have to. But I believe, if you are a person with wisdom… you could understand this situation described below. And all the described feelings relate to the scenario.

Imagine you are lost in a dark scary forest... 
All alone with misleading voices... 
Dark shadows guiding you deeper into a trap... 
You are unknowingly walking towards the danger... 
You are about to lose your life... 
But you don't have a clue about it... 
You just walk & walk... And keep walking... 
And suddenly... 
Just right before you lose your life... 
Just right before you fell into the trap... 
You get help from an unknown person... 
You are finally supported... You are finally saved... 
You are finally aware of the risk & dangers you were going through... 
And of course, you were about to face... 
Everything clear... With the support of the new person you met... 

How grateful you will be to this being? 
Will you forget him? 
Will you treat him as a danger too? 
Will you scared for him? 
Will you run away from him? 
Don't you feel like repaying him from whatever possible manner? 
Don't you remember him with a huge thank & gratitude in your heart? 
If you come across a look alike to him or if you come across a picture of him, don't you feel the same thankfulness & gratefulness for saving you? 
Exactly! Exactly the same feeling... And of course, bit more... 
You feel towards the blessed one... 
The great Samma Sambuddha, when you realized what the blessed one showed us... 
The risk we have never aware of... 
The danger we have never seen... 
The trap we never felt that we are caught in... 
The dark, scary forest which we were all alone... 
The misguided voices and dark shadows around us... 
Everything revealed... Every puzzle we had solved... 
The greatest support ever... 
Unseen... Unheard... Unrealized truth of our own self and everything else... 
This is what the blessed one offered us... 
When you know this... You just know... 
And you can't stop feeling grateful... 
You simply can't stop yourself for being grateful & thankful towards to the one who simply saved you from the greatest ever risk & danger... 
You simply can't erase the support you got... 
This is why I bow to the blessed one! 
This is the reason behind all those offering towards to the noblest one! 
Those who felt saved, they offer... They worship... They are simply being grateful and thankful... 
They simply show their gratitude towards the greatest Savior who taught us to become our own saviors just by showing the ultimate truth! 

If you want, you can laugh at these actions… 
If you like you can make fun of these people… 
If you want, you can criticize all these… 
But just ONLY till the moment you feel the same… 
I guarantee, you will start behaving the same as soon as you have found the exact true path of true enlightenment which only a great Samma Sambuddha show!

උතුම් සම්බුදු ඇසුරට කෘතෝපහාර!



යමෙක් මහා අනතුරකින් තමන් ව ගලවා ගත් විටෙක “බේරුණ බේරිල්ලක්” යැයි මහා සැනසීමක් සමඟ ඒ අනතුරින් ගැලවෙන්නට උපකාර කල කෙනා ගැන සිතේ ඇතිවෙන්නේ මහා ගෞරවයක්... සෙනෙහසක්... භක්තියක්... කෘතෝපහාර කල යුතු මයි යන හැඟීමක්. ඒ පුද්ගලයා දකින වාරයක් පාසා... ඒ පුද්ගලයාගේ රුව දකින වාරයක් පාසා... ඒ පුද්ගලයා ගැන විස්තරයක් අහන වාරයක් පාසා දැනෙන්නේ “මේ මාව මහා අනතුරකින් බේර ගත්තා වූ උත්තමයා නොවේ දැයි” යන අප්‍රමාණ ගෞරවාන්විත හැඟීමක්.

ඒ හැඟීම ඇතිවෙන්නේ ම... තමන් නො දැනීම අනතුරකට මුහුණ පෑ බව හඳුනා ගත්, ඒ අනතුරේ තරම නිවැරදිව දුටු... ඒ අනතුරෙන් ගැලවීම තුල ලැබුණ ලාභය දුටු සිතකටම පමණයි. එය නො දුටු... නො හැඟුණු සිතකට... අඩුම තරමේ තමන්වම මේ අනතුරෙන් ගලවා ගන්නට හැක්කේ මෙවන් කෙනෙකුට මයි යන හැඟීමවත් නැත්තෙකුට මේ ගරු ගුණ සිත ‌නුහුරුයි.

එවන් සිත් දරන්නෝ සැම කල බහුලයි. දිය රත් වන තුරු දිය කෙළියේ සිටිනා කකුළුවන් රැලක් සේ ඒ ඒ මොහොතේ සතුටු වෙමින්... ඒ ඒ මොහොතේ දාර්ශනික වදන් දොඩමින්... ඒ ඒ මොහොතේ ප්‍රශ්ණයන්ට පිළිතුරු සොයමින් නිවනක යැයි සිතා අරමුණක් පාසා නො දැනීම පොරකමින්... ඒ ඒ මොහොතේ පොරයෙන් ලබන ජය විමුක්තිය යැයි සිතා සතුටු වෙමින්... අහෝ! දිය රත් වන පමාවට මයි. 

එවන් සිතක් සසර පුරාවට දැරූ මාව ද තවත් බොහෝ පිරිසක් ද ඒ අනතුරෙන් ගලවා ගත් සම්මා සම්බුදු රජුනි, ඒ උතුම් ගුණ කඳට හද පත්ලෙන් නැඟුණ මේ වදන් පෙල උපහාරයක් ම වෙත්වා! 

සංසාර සැපය ම කතා කරන දහසක් අතර, සැබෑ සසර දුක කියා දුන්...
පිළිසරණ ඇති බව බොරුවට පෙන්වන දහසක් අතර, සනාථ අනාථ බව කියා දුන්...
පිරුණ බව දැනෙන ප්‍රිය මධුර සුවයක අතරමං වන විට සැබෑ ශුන්‍ය බව කියා දුන්...
සැබෑවක් යැයි සිතා ලෝකය ම විඳින විට, එහි මායා විජ්ජාව කියා දුන්...
අගාධයක පය ලිස්සා වැටෙන්නට මොහොතකට පෙර සැබෑ අනතුර කියා බේරා දුන්...
මවකට පියෙකුටත් මඟ හැරෙන යුතුකමක් මවක් සේ පියෙකු සේ පෙන්වා දුන්...
මිතුරු වෙස් ගෙන සිටින හතුරු දහසක් අතර හොඳම කළණ මිතුරෙකු සේ මිතුදම් කියා දුන්...
මග නොමග වී... අතරමං වී... අසරණ නොවන්න ට නිසි මඟ පෙන්වා දුන්...
බුදු රඳුනි... බුදු රජුනි... මගේ බුදු පියාණෙනි... අමා මෑණියනි...
වදින්නට හැකියි මට... පෙරලි පෙරලී බිම... වැටී වැටී දණින් සොඳින...
හැම දෙසට... ඔබ දෙසට... ඔබ වහන්සේ දකින සැම අතට...
ඔය උතුම් සම්බුදු ගුණ... දැනෙන සැම මොහොතකම...
හිස නමා... දණ නමා... දෑත් මුදුනේ තබා...
වදින්නට හැකියි මට... පෙරලි පෙරලී බිම... වැටී වැටී දණින් සොඳින... 

මෑණියනි බුදු රඳුනි මගේ,
තවමත් ඔය පිය ගුණ නො දැක්ක... තවමත් ඔය මව් ගුණ නො දැක්ක...
තවමත් ඔය මිතු දම් නො දැනුන... තවමත් උතුම් ශාස්තෘ බව නිසි සේ නො දැක්ක...
තවමත් සැඟවුණු දුක නො දැක්ක... තවමත් අනතුර නො දැක්ක...
තවමත් ලෝකය පිරුණ... කෙලි සෙල්ලම් කරමින් සතුටු වන ළදරු දන බෝ මයි...
එදත් විය... අදත් වේ... හෙටත් බහුලව ම සිටිති... දනිමි මම එය සොඳින...
ඔය ගුණ වඳින විට... පුදන විට ගරු සිතින...
සිනාසෙයි මට කරයි ඔච්චම්... පවසමින් මා මෝඩ යැයි...
ශුන්‍යයයි ලු පියාණෙනි ඔබ ද... නැති ලු අගයක් බොරු වැඩ ලු මේ සැම...
ගුණ යැයි... උතුම් යැයි සම්මත... නැති ලු කිසි මෙලොව පරලොව...
ඒ හදට කෘතගුණ බොහෝ දුර යැයි දනිමි මම සොඳින...
ඔය ගුණ දකින්නට විවර වේවා ඒ හද, යැයි පතමි මම සොඳින...

පියාණෙනි බුදු රඳුනි මගේ,
කරන විට ඔච්චම්... ඇසෙන විට කෙලි කවට කම්...
මගේ හද අසයි එකම එක පැනයක්...
මට නැණ ලබා දුන්... මට පණ ලබා දුන්... මට දම් ලබා දුන්... මට මඟ ලබා දුන්...
මගේ බුදු පියාණන්... මගේ අම මෑණියන්... මගේ අග්‍ර මිතුරාණන්...
හිස නමා... දණ නමා... දෑත් මුදුනේ තබා...
වන්දනා කරන්නට සුදුසු බුදු රඳුන් නොවේ නම් වෙන කව්රුන් ද මේ තුන් ලොවේ?
හිස නමා... දණ නමා... දෑත් එකතු කොට...
පිදුම් ලබන්නට සුදුසු බුදු රඳුන් නොවේ නම් වෙන කව්රුන් ද මේ තුන් ලොවේ?

කළණ මිතුරාණෙනි බුදු රඳුනි මගේ,
ගිලිහේ නම් මේ ගුණ ඔවුන් පවසන ඒ නිවන තුල...
හිස් වේ නම් ඔය බුදු ගුණ ඔවුන් පවසන ඒ නිවන තුල...
නොමැති නම් උතුමන් ඔවුන් පවසන ඒ නිවන තුල...
නො නැමේ නම් හිස තමන් හට උපකාර කල උතුමන් ඉදිරිපිට...
පුදන්නට නො හැකි නම් තමන් සතු දෙයක් සිහි කොට ලැබු උපකාර...
විවර නොවේ නම් මුව වැනුමට අනන්ත ගුණ සම්බුදු රුවේ...
ඔවුන් පවසන ඒ නිවන තුල නොමැති නම් මේ සත් දහම් ගුණ...
එපා හිමියනි එපා, මට නම් එවන් නිවනක් නොමැති අරි ගුණ...
සසරේ සැම කල ලැබුවෙමි එවන් නිවනක්... දැරුවෙමි එවන් මිස දිටු සිතක්...
සිරව සක්වළ අන්තරයේ... සැඟව සිටියෙමි කල්ප ගණනක් ඒ මහා ගනඳුරු නිරේ...
ලැබුවේ සරණක් මේ අත්බැවේ... ඔබ නිසාමයි... ඔබ නිසාමයි...
බුදු රඳුනි... බුදු රජුනි... මගේ බුදු පියාණෙනි... අමා මෑණියනි මගේ...
වදින්නට හැකියි මට... පෙරලි පෙරලී බිම... වැටී වැටී දණින් සොඳින...
හැම දෙසට... ඔබ දෙසට... ඔබ වහන්සේ දකින සැම අතට...
ඔය උතුම් සම්බුදු ගුණ... දැනෙන සැම මොහොතකම...
හිස නමා... දණ නමා... දෑත් මුදුනේ තබා...
වදින්නට හැකියි මට... පෙරලි පෙරලී බිම... වැටී වැටී දණින් සොඳින...

දහසක් සිනා මැද... වඳිමි මම පුදමි සම්බුදු රජුන් මගේ!!!
තුති පුදමි බුදු හිමියනි මේ නිවී සැනසුමට!
තුති පුදමි බුදු රජුනි මගේ මේ දුන් ගුණ සිතට!
තුති පුදමි පියාණෙනි මට දෙන රැකවරණයට!
තුති පුදමි අමා මෑණියනි මගේ මට දෙන සෙනහසට!
තුති පුදමි මිතුරාණෙනි මගේ මේ උතුම් මිතු දමට!!!
කෘතෝපහාර වෙත්වා උතුම් තෙරුවනටම මගේ!!!