නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, September 1, 2023

බුදු සසුන අතුරුදන් නොකිරීම පිණිස

 


එක්තරා අවස්ථාවක මේ මහා තෙරුන් විසින් සම්බුදු පිය රජුගෙන් මෙන්න මෙහෙම අහනවා. “වහන්ස, යම් හෙයකින් පෙර ශික්‍ෂා පදයෝ ඉතා මඳ වූහු නම් ඉතා බොහෝ භික්‍ෂූහූත් රහත්බැව්හි පිහිටියාහු නම් ඊට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? වහන්ස, දැන් යම් හෙයකින් ශික්‍ෂා පදයෝ ඉතා බොහෝ වෙත් නම් ඉතා මඳ වූ භික්‍ෂූහූත් රහත්බැව්හි පිහිටත් නම් ඊට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද?” කියලා. ඉතින් නිතරම පාහේ බහුතරයක් පිරිස අහන “මේ කාලයේ මාර්ග ඵල ලාභී පිරිස මෙතරම් අඩු ඇයි?” කියන ප්‍රශ්නයටත් පිළිතුර ඇති මේ දහම් කොටස මෙවර කතු වැකිය තුලින් විමසමු!

අපගේ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ තමයි, අපගේ ශාස්තෘන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහන්නේ.  ඉතින් අපගේ සම්බුදු පිය රජුන් මෙන්න මෙහෙම පෙන්වා දෙනවා.  “කස්සප, මෙය මෙසේ ම වෙයි. සත්වයින් පිරිහෙන කල්හි සදහම් අතුරුදන් වන කල්හි ශික්ෂා පදයෝ ඉතා බොහෝ වෙති, ඉතා මඳ වූ භික්‍ෂූහූත් රහත්බැව්හි පිහිටත්”. (ත්‍රිපිටකය - සූත්‍ර පිටකය -  සංයුත්ත නිකාය - නිදාන වග්ගය - කස්සප සංයුත්තය - කස්සප වග්ගය - සද්ධම්මපතිරූපක සූත්‍රය)  මේ පැවසූ දේ වැටහෙනවදඇයි අපට වැඩිපුර නීති දාන්න වෙන්නේ

අපි හිතමු කෝ මෙහෙම රටේ නීතියක් තියෙනවා.  ඒ නීති කෙනෙක් කඩනවා.  එතකොට සාමාන්‍ය නීති වලට අමතරව ඒ පුද්ගලයාට උසාවියෙන් නියෝග දෙනවා ගෙදරින් පිටතට යන්න බෑ... රටින් පිටට යන්න බෑ... තමන් ඉන්න ප්‍රදේශයෙන් එළියට යන්න බෑ... මේ වගේ තියෙන නීති වලට අමතරවත් නීති පනවනවා.  නමුත්, එයින් ඒ පුද්ගලයා හික්මෙන්නෙත් නෑ.  ඉතින්, තවත් නීති දැඩි කරලා අල්ලලා හිරේ දාන්න වෙනවා.  ඉතින්නීති වැඩි වුණා ට නීති පැනවීම තුලින් ඒ පුද්ගලයා හික්මීමක් ඇති කර ගත්තේ නැති නිසා තව තවත් නීති වැඩි කරන්න වුණා මිසක් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබුණා ද

හොඳයිඇයි එහෙනම් එහෙම වෙන්නේඒ පුද්ගලයාට රටේ සම්මත නීතිය කෙරෙහි ගෞරවයක් නෑ... රටේ නීති පැනවීම සිදු කරන්නන් කෙරෙහි ගෞරවයක් නෑ... හික්මීම කෙරෙහි ගෞරවයක් නෑ... හික්මීමක් ඇති කර ගත් පිරිස කෙරෙහි ගෞරවයක් නෑ... හික්මීම පිණිස මනස මෙහෙයවන්නට වුවමනාවක් ගෞරවයක් නෑ.  මේ වගේ කාරණා නිසා නේද යමෙක් නීතියක් පැනවීම තුලින් බලාපොරොත්තු වන හික්මීම තමන් තුල ඇති කර නො ගන්නේතමන්ගේ සිත තුල විය යුතු දේ කෙරෙහි සහ අන් අය කෙරෙහි ගෞරවයක් ආදරයක් හික්මීමේ වටිනාකම හඳුනා ගෙන තියෙනවා නම් ඒ පුද්ගලයාට නීති ගොඩක් ඕන කරන්නේ නෑ කියලත් වැටහෙනවා ද?

ඉතින්, මේ නිසා සම්බුදු පිය රජුන් පෙන්වා දෙනවා මේ සම්බුද්ධ ශාසනය ඇසුරු කර ගෙන සම්බුද්ධ ශාසනය තුලින් ම බිහි වන භික්ෂු, භික්ෂූනිඋපාසකඋපාසිකා නමින් සිටින පිරිස අතර විද්‍යාමාන වන කාරණා පහක් නිසාවෙන් මේ සම්බුද්ධ ශාසනය වැසී යනවා කියලා.  සත්ධර්මය ලෙසින් සත්ධර්මය වගේම නමුත් සත්ධර්මය නොවන ප්‍රතිරූපක කාරණා ප්‍රකට වෙන්නට පටන් ගන්න නිසා සත්ධර්මය අප්‍රකට ව ගොස් නැසී යාම පිණිසත්සම්බුද්ධ ශාසනය අතුරුදහන් වීම පිණිසත් මේ කියන කාරණා පහ හේතු වෙනවා කියලා.  එහෙනම්, ඉතාමත් දීර්ඝ වශයෙන් විස්තර කල යුතු නමුත් ඉතාමත් කෙටියෙන් සිහිපත් කල මේ කාරණා 5 ඔබ තුලත් තිබෙනවා දැයි බලන්නභික්ෂුවක් වශයෙන්... භික්ෂුණියක් වශයෙන්... උපාසකයෙක් වශයෙන්... උපාසිකාවක් වශයෙන්... “මමත් බෞද්ධයෙක්” යැයි පවසමින් කටයුතු කරන ඔබ තුල මේ සම්බුදු සසුන විනාශ කරන කාරණා තිබෙනවා දැයි නුවණින් විමසා බලා නිසි සේ කටයුතු කර ගත යුතුයි!

මොනවද එහෙනම් මේ කාරණා 5? 

කස්සප, මේ සසුන් හි භික්ෂූහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ධර්මය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සංඝයා කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සමාධිය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. කස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පස සදහම්හුගේ නැසීම පිණිස, අතුරුදන් වීම පිණිස පවතී.”

බණක් අහන කොට ශාස්තෘන් කෙරෙහි පැහැදීමක් ඇති වීම පිණිස කතා කරනවා වෙනුවට "සියල්ල බොරුවක්, සියල්ල මුලාවක්... ශාස්තෘන් ද හිස්... බුදු රුව දැකීම මෝහයයි... ශාස්තෘන් හට පුද පූජා වන්දනා කිරීම මෝඩ වැඩක්... දන් දීමෙන් සිල් රැකීමෙන් ඵලක් නෑ... සුගතිය අනතුරුදායකයි!"  ආදී වශයෙන් දුර්ලභ වූ සම්බුදු සසුනක පවසා නැති වරදවා ගත් ශුන්‍යතා දර්ශනයක් සත්ධර්මය නමින් ප්‍රකාශ කිරීම මෙකල බහුලයි.  දස වස්තුක මිත්‍යා දෘෂ්ටික අදහස් ම දරන මෙවැනි ප්‍රතිරූපක ධර්ම සරණ යමින් සත්පුරුෂ ගුණයක් වත් වඩන්නේ නැති පිරිස එන්න එන්නම බහුල වෙනවා.  "ශික්ෂා පද පහත් කරමින් ශික්ෂාවක් වැඩක් නෑ නිවන් යන්න" කියමින් ධර්ම සංගායනා පැවැත්වූ මහා කාශ්‍යප මහ තෙරුන්ට පවා නිගරු කරන අවස්ථා දැක ගන්නට තිබෙනවා.  "ත්‍රිපිටකය වැරදියි... එහි ඇත්තේ සාහිත්‍ය" කියමින් එය නැණවත්ව විමසන්නට ඇති මඟ අහුරා දමන ආකාරය දකින්නට තිබෙනවා.  "අන්‍ය වූ ශාසන තුල වූ සමාධි ක්‍රම වේද බුදු සසුනේ ගැඹුරු වූ සමාධිය ලෙසින් පෙන්වා දෙමින්" වරදවා ගත් සමාධි ප්‍රකට වෙමින් පවතිනවා.  ඉතින්, මේ හැමදේකටම කියන්නා සේම අසන්නා ද වග කිව යුතුයි!  කිසිවෙකුටත් ඇහුම්කන් නො දෙන අකීකරු වූ නම්‍යශීලී නොවන “මම තමයි දන්නේ” කියන මානසිකත්වය මේ අවුලෙන් අවුලට පත්වීමට තවත් හේතුවක් වෙනවා. 

එහෙනම් යමක් ප්‍රකාශ කරන්නෙක් ලෙසින් හෝ වේවා යමක් අසන්නෙක් ලෙසින් හෝ වේවා තම තමන්ගේ සිතට එකඟ ව ප්‍රකාශ කරන දේ මඳකට පසෙක තබා තමන්ගේ ශාස්තෘන් පවසා ඇති දේ නැණවත්ව විමසන්නට කැප වෙන්න. ඒ අනුව කටයුතු කරන්නට කැප වෙන්න.  එතැන මේ කියන කාරණා 5ම සම්පූර්ණ වෙනවා.  

එසේ සිදු කරන්නට කැප නොවන තාක් ඔබ විසින් දැන හෝ නොදැන විවිධ මට්ටම් වලින් මේ අති දුර්ලභ වූ සම්බුදු සසුන අතුරුදහන් කරන්නට සත්ධර්මය යටපත් කිරීම පිණිස කටයුතු සිදු කරනවා.  අනුන් හදන්නට පෙර තමන් හැදෙන්න... අනුන් හික්මවීමට පෙර තමන් හික්මවා ගන්න... එවිට මේ ශාසනය තුලින් ලබා ගත හැකි උත්කෘෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙනවා නියතයි!!!

Don't be the reason for this!

 


Once this Thero asked the blessed one, “Venerable sir, why formerly there were fewer disciplinary rules, but more awaken arhath bhikkhus, while now there are more disciplinary rules but fewer awaken arhath bhikkhus. What is the cause, what are the reasons?” So, most of the people are asking a same kind of question these days too. “Why there are not much achievers in the path of liberation these days?” Let’s discussed the answer of the blessed one in this Editorial to understand the cause & reasons!

Our Most venerable Great Arhath Maha Kassapa Thero asked this question and the blessed one replied like this; “That’s the way it is, Kassapa. When beings are worsening and the true Dhamma is disappearing there are more disciplinary rules but fewer bhikkhus are awakening.  Kassapa, the true Dhamma does not disappear so long as a fake of the true Dhamma has not arisen in the world” (The Pali Canon - Linked Discourses (Samyuththa Nikaya) – Nidana Wagga – Kassapa Samyuththa – Kassapa Wagga – Saddhammappatirūpaka Sutta (The Imitation of the True Teaching) … And the blessed one kept explaining!

Let’s say for an example, we have rules to follow as citizens.  Let’s say someone break the rules.  Then, he or she gets a court order of following more rules than the standard ones.  Like, not to leave the house… not to leave the area… not to leave the country etc…  but then that person breaks them too.  Then he or she ordered to follow more rules.  Like he or she can be imprisoned.  Why these levels of rules exist?  Because there are beings who doesn’t care or respect the rules or understand the subject of discipline.  As you can see the more rules means that there is a someone whom doesn’t care for the rules or no respect for the discipline.

So, then our Samma Sambuddha explained same happens with the Sambuddha Sasana too.  Whether it’s a Bhikkhu or Bhikkhuni or Upasaka laymen or Upasika Laywomen there is these 5 things that leads to destroy the longevity of a Sambuddha Sasana if practice.  When the fake explanations arise by the name of true dhamma, everything becomes fake.  So, you should examine within whether you also have these 5 things.  It doesn’t matter how strongly you claim that you are a Buddhists and a true practitioner of Buddhism.  If you are misleading by the fake dhamma you have these 5 things developing within.

“What are the five? 

Here the bhikkhus, the bhikkhunis, the male lay followers (Upasaka), and the female lay followers (Upasika) dwell without respect and admiration towards the Teacher (Samma Sambuddha); they dwell without respect and admiration towards the Teaching (Noble Dhamma); they dwell without respect and admiration towards the true disciples of Sambuddha Sasana (Noble Sangha); they dwell without respect and admiration towards the discipline; they dwell without respect and admiration towards True Focus (Samadhi). These, Kassapa, are the five harmful things that lead to the decay and disappearance of the true Dhamma and a longevity of a Sambuddha Sasana.

Nowadays we could see such fake teachings becoming so popular by the name of Noble Dhamma.  Most of them explains nihilism as the true Buddhism.  They have mistaken the deep emptiness explained in the true teaching and guide the practitioners to practice something which is not true deep Buddhist teachings. 

So, we can see that most of the fake teachings quite popular as true teachings guiding the listeners by saying that there is no use of offerings, no use of respecting the teacher or teaching as they are all illusions… there is no such specialty in generosity or conducting a virtues life. That the heavenly path is strictly prohibited in Buddhism… No use of following or protecting the disciplinary rules as they are not related to awakening… everything is useless and illusion and empty and if you think or do anything you will be a fool etc… etc…

So, unfortunately those who are fascinated towards these types of teachings believes they are so wise and developing the true path of liberation and while they are lack of noble qualities, respect towards the blessed one or the teaching or anything related to true liberation.  And, also most of them are practicing fake focus which is not explained in the deep Buddhist teachings too.  So, the more they mislead with the face Samadhi (False Focus) they are keep getting away from the true focus which one should achieve through the deep dhamma.

So, listen carefully… be wise not to become a one who is responsible to damage the true dhamma or longevity of this rare Sambuddha Sasana. 

By just claiming   that I’m a true practitioner or true Buddhist doesn’t means you could become one.  You have to be responsible… you have to be careful and wise… you have to be humble and develop the noble qualities within by listening respectfully.  Understand the depth and you can become an awaken one without a delay!  Just be wise enough to put your effort in the right place.  True dedication and respectful nature with noble qualities always leads to the true results!  Have a blessed time dear one!!!

Stay in touch with Nirvana Dhamma WebSite!