නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, October 12, 2020

ඇත්තට ම සාන්තුවරයෙක් ද?

නිරාගමික යැයි පවසන බොහෝ පිරිසකටත් බෞද්ධ යැයි පවසා ගන්නා නාමික බෞද්ධ පිරිසකටත් මේ දවස් වල මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මහා විහිළුවක් වූ මෙම ප්‍රතිමාව ගැන යමක් සටහන් තබන්නට සිත් වූයේ නුවණක් ඇති යමෙක් වේ නම් අවබෝධ කර ගන්නට තම තමන්ගේ ජීවිත වලට එකතු කර ගන්නට බොහෝ දෑ මේ රූපය හා බැඳී ඇති බවට දැනුන නිසාවෙනි.


රෝමානු කතෝලික දහමට සම්බන්ධ වචන භාවිතයේ අඩුපාඩුවක් වූයේ නම් කිසිවෙකුත් සිත් අප්‍රසාදයට පත්‌ නො වේවා.  මේ සටහනේ අර්ථය නුවණින් දකිත්වා!  සියලු සත්වයන්ගේ සිත් සතන් සුවපත් වීම පිණිස ම වෙත්වා! 

මුලින් ම ඉතාමත් කෙටියෙන් මේ ප්‍රතිමාව කාගේ දැයි පැවසුව හොත් 1991 උපත ලබා 2006 වර්ෂයේ මිය ගිය අවුරුදු 15ක් වයසැති කාර්ලො අකුතිස් නම් තරුණ දරුවාගෙයි. ඉතාලි ජාතික මෙම දරුවා ලියුකේමියා රෝගී තත්වයෙන් අවුරුදු 15න් මිය ගොස් තිබෙනවා.

අප දන්නවා කුමන ආගමක දහමක වුණත් ලොව පුරා බොහෝ තරුණ දරුවන් ආගමට දහමට එතරම් ළැදියාවක් නෑ.  ඒත් මේ දරුවා ඒ අතරින් වෙනස් ම ආකාරයකට ජීවිතය ගත කල කෙනෙක්.  තමන් ජීවත් වූ වසර 15 තමන් විශ්වාස කරන දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වන්නටත් තමන්ගේ ආගම දහම තුල පෙන්වා දෙන යහපත් ආකාරයට තමන්ගේ ජීවිතය ගත කරන්නට තරම් නුවණක් මේ දරුවාට තිබී තිබෙනවා. 

තාක්ෂණික යුගයක ඉපදුණ මේ දරුවා පරිගණක ක්‍රම ලේඛකයෙක් (Computer Programmer). ඉතින් ඒ දරුවා තමන්ගේ පරිගණක දැනුම උපයෝගී කරගෙන රෝමානු කතෝලික ආගමට අයත් ආශ්චර්යයන් සම්බන්ධයෙන් ගවේෂණය කරමින් වෙබ් අඩවියක් ද සකස් කර තිබෙනවා.  එයට අමතරව තමන්ගේ ජීවිතය අන් අයට ප්‍රයෝජන වත් අයුරින් ගත කරන්නට තමන්ට කල හැකි දෑ කරන්නට මේ දරුවා අවංක සිතින් කැප වෙලා තිබෙනවා.

තමන්ගේ රෝගී තත්වයෙන් ලැබූ වේදනා හමුවේ පවා මේ දරුවා පවසා තිබෙන්නේ “මට වඩා වේදනාවෙන් පෙලෙන මිනිසුන් මේ ලෝකයේ සිටිනවා” යන්නයි.  ඔහුගේ වෙබ් අඩවියේ ඔහු පවසා තිබෙන්නේ “අපට වැඩි වැඩියෙන් සත්ප්‍රසාදය (ඔහු ගවේෂණය කල ආශ්චර්ය වර්ගය) ලැබෙන තරමට, අපි ජේසුස් වහන්සේ මෙන් වන්නෙමු, එවිට මේ පොළොවේ අපට ස්වර්ගයේ පුරෝකථනයක් ලැබෙනු ඇත.”

කෙටියෙන් කියනවා නම් ඔහු ගත කල ජීවිතය අනුව සහ ඉතා කුඩා අවධියේ දීම තමන්ගේ මරණය පෙනි පෙනීත්, ඔහු අන් අයට කල සේවය සමඟ සලකා බලන විට ඔහුට “සාන්තුවරයෙක්” යැයි පැවසීමට නොහැකියාවක් නැති බව මගේ හැඟීමයි. 

මොහු ගැන මෙතරම් ලෝකය පුරාවට කතා බහට ලක් වන්නේ 2020 ඔක්තොම්බර් 2 ඉතාලියේ අසීසි නුවර තැන්පත් කර තිබූ ඔහුගේ දේහය විවර කර පෙන්වීමත් සමඟයි.  ඔහු මිය ගොස් තිබුණේ අවුරුදු 14කට පෙර... ඔහුගේ දේහය වල දමන්නේ ද ඉතාලියේ අසීසි නුවර මයි.  2013 වන විට ඔහු සාන්තුවරයෙක් බවට නම් කිරීමට මුල් පියවර තබා තිබෙන්නේ කතෝලික ආගමට අනුව හඳුනා ගත් සුවිශේෂිතා නිසාමයි. 2018 ෆ්‍රැන්සිස් පොප් වහන්සේ විසින් ඔහුට “පූජනීය” ආමන්ත්‍රණයෙන් හඳුන්වන්නට හැකි පුද්ගලයෙක් ලෙසින් හඳුන්වා දුන්නා.

ඒ වගේම 2019 වසරේ දී මොහුගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් යාඥා කල අවස්ථාවක මිය යන්නට සිටි දරුවෙකු සුවපත් වීමේ ආශ්චර්යක් ද සිදු වී තිබෙනවා.  මේ ආකාරයෙන් මේ පූජනීය කාර්ලෝ යදින්නන් හට අත්දකින්නට ලැබූ ආශ්චර්යයන් නිසාම කතෝලික ආගමට අනුව මොහුව භාග්‍යවරයට ඔසවා තැබීම හෙවත් සාන්තුවරයෙක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.  ඒ අනුව තමයි මීට අවුරුදු 14 කට පෙර (2006) දී මිය මේ 15 හැවිරිදි පූජනීය කාර්ලො අකුතිස් නම් තරුණයාගේ දේහය ඉකුත් ඔක්තෝබර් මස 10 වන දිනට නැවත බැතිමතුන්ට වන්දනා කර ගැනීම පිණිස විවෘත කරන්නේ.  වසර 14කට පසුව වුවත් ඔහුගේ දේහය නො දිරා තිබෙන අයුරු දැක ගන්නට හැකියි.  මේ ඒ අවස්ථාවේ දී ඔහුගේ මව සිය සාන්තුවර පුතුගේ නො දිරූ දේහය අසල සිට ගන්නා ලද ජායාරූපයක්.  

  

මේ ආකාරයෙන් නොදිරා තිබෙන සාන්තුවරයන්ගේ... සාන්තුවරියන් ගේ දේහයන් බොහෝමයක් මේ වන විටත් ලොව පුරා තිබෙනවා. “මේවා බොරු... ඔය ඉටි වලින් හදලා තියෙන්නේ...” යැයි කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්. 

ඒත් අවබෝධ කර ගත යුතු වැදගත් ම දේ තමයි, ඔවුන් මිය ගොස් වසර සිය ගණනක් ගියත් දේහය නො දිරා තිබීම නොවේ ඔවුන් සාන්තුවරයන් සාන්තුවරියන් ලෙසට නම් කරන්නට හේතු පාදක වුනේ, ඔවුන් ගත කල ජීවිතයයි!

මේ දේවල් වලට වචනයකින් පවා ගරහන... තවත් කෙනෙකුගේ විශ්වාසයකට ගරු කරන්නට නොහැකි... දන්න පොඩ්ඩෙන් මුළු විශ්වය ම ගැන අතැඹුලක් සේ දන්නවා සේ තර්ක වාද කරමින්, ලැබෙන සෑම අවස්ථාවක ම ඔබ නො පිළිගන්නා ඔබට විශ්වාස කරන්නට නොහැකි සෑම දෙයක් ම විවේචනය කරමින් තවත් ජීවිතයක් පහත් කරන... උපහාසයට ලක් කරන ඔබ, මේ මහ පොළොව තුල යහපතක් ඇති කරන්නට ජීවිතයේ කොතරම් වේලාවක් කැප වෙලා තියෙනවා ද? තවත් ජීවිතයකට මොහොතකට හෝ සැනසීමක් ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා ද?     

මේ සාන්තුවරයාගේ පිළිමය දුටු මොහොතේ පටන් ගෙන එහි ඇති ඇපල් පරිගණකය උපහාසයට ලක් කරමින් පිළිම වන්දනාව ගැන දාර්ශනික අදහස් දක්වන ඔබ මොහොතකට වත් මේ ආකාරයෙන් තවත් ජීවිතයක් තවත් කෙනෙකුගේ වන්දනාවට ලක් වන්නේ ඇයි දැයි විමසා බලන්නට මොහොතකට වත් යොමු වුණා ද? 

ඔබට මේ පරිගණකය ය ගැන මේ ආගම් ගැන ඒවායේ ඉතිහාසය ගැන කියන්නට මහා දත්ත ගොඩක් තිබුනත් මේ වන්දනාවට ලක් වන චරිත සේ සමාජයට යහපතක් කරන්නට ඔබගේ පරිගණකය හෝ ඔබ විසින් ගොඩ ගසා දැනුම යොදවන්නට මොහොතකට වත් සිතුවද? අඩුම තරමේ පරිගණයක් වැනි යමක් ලෝකයට නිර්මාණය කරලා තවත් කෙනෙකුට උපකාරයක් වෙන්නටවත් කටයුතු කරනවද?  

බුදු දහම ගැන හෝ ජේසු තුමන්ගේ දහම ගැන මහා දැනුම් සම්භාරයක් ඇතිව මේ දේවල් විවේචනය කරන ඔබට මඟ හැරුණ කාරණය නම් ඒ මහා ශාස්තෘන් වහන්සේලා විසින් පෙන්වා දුන් දහම් ඔබගේ ජීවිතයට එකතු කර ගැනීම නොවේ දැයි අංශු මාත්‍ර හෝ නුවණක් තිබේ නම් විමසා බලා අප්‍රමාදී වීමට කටයුතු සලසා ගනිත්වා!

ඇත්තටම ඩෙනිම් ඇඳලා පරිගණක පාවිච්චි කරමින් නව යොවුන් අවදියේ මෑත කාලයේ සාන්තුවරයෙක්ගේ පිළිමයක් දකින්නට ලැබෙනවා නම් එය උපහාසයට ලක් කිරීම... එයට වන්දනා කරන පිරිසට අපහාස කිරීම ඇසට පෙනෙන සාමාන්‍ය තත්වයක් ඉක්මවා නුවණින් දැක ගත යුතු යමක් දැක ගැනීමට අපොහොසත් අනුවණයන්ගේ වැඩපිළිවෙළක්. 

නුවණක් තිබේ නම් විමසා බලා සතුටු විය හැකියි.  සාන්තුවරයෙක් වීමට කාලයක්, ඇඳුමක්, අතේ ඇත්තේ පොතක් ද පරිගණකයක් ද කොණ්ඩය දිග ද කොට ද මේ දේවල් අදාළ ම නැත.  ඔබගේ සිත කය වචනය තුලින් තමන්ටත් අනුන්ටත් යහපතක් ගෙන දෙන්නට කටයුතු කරන්නේ නම් ඔබගේ ස්වරූපය කුමක් වුවද ඔබව වන්දනාවට ලක් වීම වැළැක්විය නොහැකියි.  ඔබ පූජා වන්ට සුදුසු චරිතයක් බව ඔබ ඔබගේ ක්‍රියාවෙන් ම ඔප්පු කර අවසන්.  එසේ ජීවත් වූ මෙවැනි චරිත සිහිපත් කරන්නට නිර්මාණය වූ පිළිම හෝ වේවා ඡායාරූප හෝ වේවා කෙටියෙන් කියනවා නම් ‌ඉටියෙන් හෝ තැනූ දේහයක් හෝ වේවා ඔබට ලබා දෙන්නේ “ඔබට ද මෙවන් වන්දනීය චරිතයක් වීමට හැකි බවමයි”  මේ කාරණා නුවණින් දැක ගන්නට නොහැකි ව තර්ක වාද කරන ඔබව සමාජයේ නුවණැත්තන්ගේ අප්‍රසාදයට ලක් වන, ප්‍රඥාවන්තයින් ද මඟ හැර සිටින ඔවුන්ගේ අනුකම්පාව ලබන චරිත බවට පත් වෙනවා පමණයි.  පාඩුව තමන්ටමයි!

ඩෙනිම් අඳින, ජැකට් අඳින, ෆේස්බුක් ඉන්ටර්නෙට් මොබයිල් ෆෝන් භාවිතා කරන සාන්තුවරුන්ගේ යුගය දැනටමත් ආරම්භ කල නුවණැත්තෝ ලෝකයේ දැනටමත් පහල වී අවසානයි.  ඒ අය මේ වන විට වන්දනාවට ද ලක් වී අවසානයි.

එහෙත් ඔබ?

ලෝකයේ පහල වූ මහා ශාස්තෘවරුන් ගේ පිළිම වහන්සේලා වන්දනා කරන විට ඒ වන්දනාවන් ගේ අර්ථය පවා අවබෝධ කර ගන්නට නොහැකි වූ පුද්ගලයෙකුට  මේ අවස්ථාව නුවණින් දැක ගැනීමට කිසිසේත් ම නොහැකි වෙනවා නියතයි!

අපි බෞද්ධ යැයි පවසමින් අන්‍ය වූ ආගමික විශ්වාස යන්ට ගරහන නාමික බෞද්ධ වූ ඔබටත්... තමන්ගේ ආගම දහම තුල පවා තිබෙන මූලික සිද්ධාන්තයන් අවබෝධ කර ගැනීමට නො හැකිව තමන්ගේ ශාස්තෘ පෙන්වූ යහපත් මඟ පසෙක තබා තම තමන්ට රිසි දහමක් තමන්ගේ ආගමේ නාමයෙන් අදහන ඔබටත්... මේ ජීවිතයෙන් ගත හැකි දේ අනන්තයි අප්‍රමාණයි!

“දෙවියෝ ඉන්නවා නම් මේ දරුවා අවුරුදු 15න් මැරෙයිද... පිළිකා හැදෙයිද...” වගේ ජීවිතයේ යථාර්ථය ගැන අංශු මාත්‍ර හෝ අවබෝධයක් නැති පුහු තර්ක ඇති මොට්ට අදහස් ඇති දහසක් මිනිසුන් අතර තමන්ගේ මරණය පෙනි පෙනී එයට කම්පා වීම පසෙක තබා... දෙවියන්ගෙන් ජීවිතය යදිමින් තමන්ගේ වාසියට පමණක් තමන්ගේ ආගම දහම යොදා නො ගෙන, තම ශාස්තෘන් වහන්සේ විසින් පෙන්වා දුන් උතුම් සත්පුරුෂ දහම තම ජීවිතයට ලං කරගෙන... තමන් ලැබූ අවුරුදු 15න් එක මොහොතක් වත් අපතේ නොයවා, තවත් බොහෝ පිරිසකට සෙත සැලසූ මෙවන් ජීවිත වන්දනාවට සැබැවින් ම සුදුසුමය. පූජාවන්ට සැබැවින් ම සුදුසුමය.

මේ ජීවිතය විතරක් නොවේ තවත් මෙවන් යහපත් චරිත අප අතර පෙරත් සිටියා. දැනුත් ඉන්නවා. මතුත් පහල වේවි.  ඒ සමහර ඇත්තන් මේ විදියට ප්‍රකටව වන්දනාවට පූජාවට ලක්වේවි.  සමහර ඇත්තන් අප්‍රකටව වන්දනාවට ලක්වේවි.  ආගම් භේදයක් නැතිවම මේ දේ සිදුවෙනවා.  ඒ ඒ ආගමට දහමට අනුව ඒ අයව විවිධාකාර නාමයන්ගෙන් හඳුන්වා දෙනවා. ඒ නිසා වැදගත් වන්නේ පුහු තර්ක වාද නොවේ.  ප්‍රායෝගිකව සත්පුරුෂයෙක් සේ ඔබ කොතරම් හැසිරෙනවාද කියන දේමයි.  

උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් මෙවන් ජීවිත හඳුන්වා දෙන්නේ "බාලයන් අතර නුවණැති පණ්ඩිතයන්" ලෙසින් මයි.   සත්පුරුෂ දහමේ හික්මෙන්නට තරම් නුවණක් තිබෙන මෙවන් ජීවිත වලට ආර්ය දහම ලැබෙන පමාව ම පමණි.  ඒ වගේම පෙන්වා දෙනවා “යමෙක් වඳින්නේ නම් වැඳුම් ලබයි.  පුදන්‌නේ නම් පිදුම් ලබයි”  ඒක තමයි හේතු ඵල දහමේ ස්වභාවය.

ඒ වගේම තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා සත්පුරුෂ ගුණ දන්නේ නැත්තේ... දකින්නේ නැත්තේ... ආර්ය ගුණ දන්නේ නැත්තේ දකින්නේ නැත්තේ... වැඳුම් පිදුම් ලබන්නට සුදුසු උතුමන් මේ ලෝකයේ සිටින බව විශ්වාස කරන්නේ නැත්තේ... අගුණයක් මිස ගුණයක් දකින්නට හැකියාවක් නැති දොස්ම දකින දොස්ම ප්‍රකට කරන ප්‍රසිද්ධියේ අන් අයව පහත් කොට සලකන්නේ පහත් වූ පෘතග්ජන මානසිකත්වයෙන් සිටින, නියත වශයෙන් ම මිත්‍යා දෘෂ්ඨියේ පිහිටා ඇති පුද්ගලයින් කියලා.  එසේ නම් යමෙක් වන්දනා පුද සත්කාර සිදු කරන විට “මිත්‍යා දෘෂ්ඨිකයා” යැයි අපහාස කරන ඔබට ඔබ ගැනම විමසා බලන්නට කාරණයක් ලැබෙනවා.

නො දන්නා බුදු දහමක් ගැනත්... නො දන්නා කතෝලික දහමක් ගැනත්... නො දන්නා ඉස්ලාම් දහමක් ගැනත්... නො දන්නා හින්දු දහමක් ගැනත්... නො දැන නො විමසා තර්ක වාද කරමින් නො දන්නා දේ දන්නවා යැයි සිතා ගෙන තම තමන්ගේ ආගම් දහම් නාමයෙන් ලෝකය පුරාවට ම වෛරය ක්‍රෝධය පතුරවන අයහපත් සිත් සතන් දරන්නන්ගේ සිත් සුවපත් කිරීම පිණිස මෙවන් සත්පුරුෂ දහමේ හික්මෙන සාන්තුවරයෝ සාන්තුවරියෝ ලෝකයට මහා භාග්‍යයයක්මය!  ආශීර්වාදයක්මය!!! 

"තමන්ටත් අනුන්ටත් යහපතක් නැති ව, තමන්ගේ වාසිය තකා ජීවිතය ගත කරන අවුරුදු 100ක ජීවිතයට වඩා සත්පුරුෂ දහම අනුව කටයුතු කරන, ආර්ය දහම අනුව ගත කරන එක පැයක ජීවිතය අති උතුම් බව නුවණින් දකිත්වා!"

තම තමන්ගේ ආගම දහමේ ගැඹුර බොහෝමයි.  නිකරුණේ නො දන්නා දේ ගැන දාර්ශනික මතවාද දෙමින් නාස්ති කරන කාලය,  ප්‍රායෝගික ව ඒ දහම් හි ගැඹුර දැක ගැනීම පිණිස යොදවා ගන්නට අංශු මාත්‍ර හෝ නුවණක් ඇති යමෙක් වේ නම් යොමු වෙත්වා!

සියලු ලෝ සතට යහපතක් අභිවෘද්ධියක් ම වෙත්වා! සත්පුරුෂ දහමේ හැසිරෙන්නට, ආර්ය දහම් දැක ගන්නට නුවණ ප්‍රඥාව ම පහල වෙත්වා!


කතෝලික සාන්තවරයන් සහ සාන්තුවරියන් ගැන තොරතුරු බිඳක්!

“‌ලෝකයේ සත්පුරුෂ දහමක් හඳුනා ගන්නට තරම් වත් නුවණක් නැති වූ කලෙක අති ගම්භීර වූ උත්තරීතර සම්මා සම්බුදු දහමක ගැඹුර කෙසේ නම් දැක ගන්නද”

Zombie world!

Zombie world!

October 2020 edition

Article summary

This is definitely something we all inherit… Something that exists within… Not only that, it is something visible around us… From child to the elders everyone experiences this anytime… but still many doesn’t like this… by knowing it yet pretend to be not know… by seeing it yet pretend to be not seeing… hate to be get reminded & of course hate to meet those who remind it… A wonderful SIGN! Are you aware? See whether you have seen this SIGN!

What else left to do with a dead corpse to die again?

How to kill again, someone already dead?

Until one knows that, inheritance is only The death,

Efforts of keeping the "dead" alive, goes on!!!

Only one name is inherited,

Just because one doesn’t know that,

Corpse” got many names…

And act according to the belief…

Because of “Unawareness”,

the corpse believes of its value…

To the zombies who lives in the world of the dead,

"Unawareness" is the worst bond...

But what unfortunate is,

They are not ready to be aware…

Awareness has no value to the dead ...

The corpse is busy...

Busy by keeping the "dead" alive!!!

Every second spent in a world of the dead,

What good may bring for a walking corpse?

But "Unawareness" is THE CURSE!

As long as THE CURSE is there,

There is no escape from the Zombie world! 

The corpse who realizes "unawareness”,

makes effort to gets rid of the zombie world

immediately, with no delay!!!

The corpse who believes in “THE CURSE”

Oops! Sorry for “IT’S TOO LATE”!!!

Inspired from the word of The blessed one - The Samma Sambuddha! 

Appamādo amatapada, pamādo maccuno pada - Appamattā na mīyanti, ye pamattā yathā matā.

Being NOT delay to get aware of the truth through dhamma is the cause of deathless state.  If someone is getting delayed to be aware of the truth, that unawareness leads him to the state of the dead.

Those who immediately take action to be aware about the ultimate truth do not die and successfully get rid of the zombie world.  But those who are delayed and no hurry to be aware are as equal to the dead who walks.  

Eva visesato ñatvā, appamādamhi paṇḍitā - Appamāde pamodanti, ariyāna gocare ratā.

The wise understand this value of being hurried rejoice in immediacy. And they follow the path of noble one, which transcend the world of the dead, which are beyond death.  The wise constantly associate the noble dhamma and work to get rid of death.

In The Pali Canon - Tripitaka > Sutta Pitaka > Khuddakanikāya > Dhammapada > Appamādavagga

Read more in Nirvana Dhamma Web Editorials


Saturday, October 10, 2020

මළවුන් ගේ ලෝකය


තමන් තුලම පවතින තමන්ට අනිවාර්යෙන්ම උරුම දෙයක්. ඒ විතරක්ම නොවේ අවට ලෝකය තුල දී කුඩා කල සිට ම අත් දැක ගන්නට ද හැකි දෙයක්. එහෙත් දැක දැකත් නො දැක්කා සේ සිටින... දැන දැනත් නො දන්නවා සේ සිටින... සිහි පත් කල විටත් යකා නඟින... සිහි පත් කර දෙන්නන් පවා දුටු තැන මඟ හරින්නට සිතෙන.... පෙනී පෙනී තිබෙන... උරුමව තිබෙන මේ ඇත්ත භාර නො ගන්නා තෙක් සැනසීමක් හෝ එයින් මිදීමක් ද නොවන... අපූරු නිමිත්ත! දන්න දෙයක් ද ? ඔබ විසින් දුටු නිමිත්තක් දැයි බලන්න!

මැරුණ මල මිනියක තවත් මොනා මැරෙන්නද?
මිනියක් නැවත කෙසේ මරන්නද?
උරුමය ම මරණය විතරක් ම බව නො දන්නා තෙක්,
“මිනිය” නො මැරී ඉන්නට දරන වෑයම්!!!
එකම නමක් පමණයි පරපුරෙන්ම හිමි,
ඒ බව නො දන්නා නිසාම,
“මිනිය” එක එක නම් දමා ගෙන...
රඟයි බහු රූ කෝලම්...
“නො දන්නා කම” මිනියකට දුන් වටිනාකමක්!!!
මළවුන් ගේ ලෝකයේ පණ යදින මළවුන් හට,
“නො දන්නා කම” මාර බන්ධනයක්...
දැනුවත් බවට පෙන්නුවත් මඟ
කොහි ද මළවුන් හට එහි අගයක්...
මල මිනී හට තියෙනව ලු බෝ වැඩ කම්...
“මිනිය” නො මැරී ඉන්න ට දරන වෑයම්!!!
මළවුන්ගේ ලෝකයක ගෙවෙන හැම තත්පරයක්ම
ඇවිදින මළ මිනියකට කුමන සෙතක් ගෙන දෙයි ද?
එහෙත්‌ “නො දන්නා කම” වින කටිනවා...
එතෙර වෙන්නට නොදී ඒ මළවුන්ගේ ලෝකයෙන්
“මිනිය” ට රඟන්නට අගයක් ම දෙනවා!!! 

“නො දන්නා කම” දුටු මිනී නො පමාව මිදෙනවා!!!
“නො දන්නා කම” ම කරපින්නා ගත් මිනී,
අහෝ! පමා වෙමින් තැවෙනවා!!! 

අප‍්පමාදො අමතපදං පමාදො මච‍්චුනො පදං - අප‍්පමත‍්තා න මීයන‍්ති යෙ පමත‍්තා යථා මතා

සත්ධර්මයෙහි හැසිරීමට අප්‍රමාදී වීම මරණයෙන් මිදීම වන නිවීමට කාරණායි. එසේ අප්‍රමාදී නොවී, පමා බව ම දරා ගෙන සිටීම මරණය ම උරුම කර දෙයි. මළවුන්ගේ ලෝකයේ අප්‍රමාදී බව හඳුනා ගෙන නිවෙන දහම් හි නො පමා වූවෝ මරණයෙන් මිදෙයි. යම් කෙනෙක් ධර්මයෙහි පමා වෙත් ද, නො දන්නා කම උරුම කර ගෙන ඇති ඔහු, මළවුන් අතර තවත් එක් ඇවිදින “මළ මිනියක්” ම පමණි!

එතං විසෙසතො ඤත්වා, අප‍්පමාදම‍්හි පණ‍්ඩිතා - අප‍්පමාදෙ පමොදන‍්ති අරියානං ගොචරෙ රතා

නුවණැත්තෝ අප්‍රමාදයෙහි වූ මේ ගුණය හොඳින්ම අවබෝධ කරගෙන අප්‍රමාදයෙහි ම සතුටු වෙති. මරණය ඉක්ම වූ මරණයෙන් මිදුණු මළවුන්ගේ ලෝකයෙන් එතෙර වූ ආර්ය දහම් නිරන්තරයෙන් ඇසුරු කරමින් මරණයෙන් මිදෙන්නට කටයුතු කර ගනිති.