නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, December 10, 2019

හමාර බණවර තුල ලෝකයෙන් එතෙර වෙන මඟ දුටිමි...


මෑතකදී හමුවූ අති විශිෂ්ඨ ඉතාමත්ම වටිනා නිර්මාණයකට තවත් ගැඹුරක් එකතු කරන්නට සිත්විය. 

තාත්තා කෙනෙක් අවසන් ගමන යන විට දරුවෙකුට කියැවෙන හැඟීම්බර වදන් පෙල තුල ඒ ලෞකික අර්ථය ඉක්මවා ලෝකෝත්තර ගමනක් යන කෙනෙකුට ගන්න ගැඹුරකුත් මේ තුල තියෙනවා කියලයි මට දැනෙන්නේ... 

පුරුදු පාරෙම අදත් යනවා 
ඒත් වෙන ගමනක් පුතේ 

ලෝකයෙන් එතෙර වෙන රහතන්වහන්සේ කෙනෙකුට අවසාන ගමන කියන්නේ නිකම්ම මරණයක් නෙවේ... නිවන් මඟම පූර්ණය කිරීමක්... පුරුදු පාර නිවන් මඟ තමයි අදත් යන්නේ ඒ පාරෙම තමයි හැබැයි වෙනස්... මෙය ඒ ගමනේම අවසානයයි! 

හුඟක් අය මගෙ පස්සේ එනවා 
තනිව ආ ගිය මගේ 

නිවන් මඟ කියන්නේ තනිවම යන ගමනක්. අතිශය පෞද්ගලිකයි. හැබැයි ඒ මඟ යන කෙනෙක් වටා පිරිසක් නිතැතින්ම හැදෙන්නේ ඒ මඟ යන කෙනෙකුගෙන් ගත හැකි දේ අප්‍රමාණ නිසාමයි. රහත්ඵලය පූර්ණය කරගන්නට තනිවම කටයුතු කරගත්තත් ඒ දහම් අසාගෙන පිරිසක් පසුපස ඒම සමාන්‍ය දෙයක්... 

කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ 

මේ සැබෑම අවසාන ගමන යන රහතන්වහන්සේගේ මඟ අනුගමනය කරන තවත් ශ්‍රාවක පිරිස් හැදෙනවා. හරියට දරුවෝ වගේ... බුදු හිමියන්ගේ දරු කැල වුනේ ඒ මාර්ගය පූර්ණය කරගත්ත රහතන්වහන්සේලාමයි... අන්න ඒ වගේ... හැබැයි බුදු හිමියන් ලෝක සත්වයා මුදවාගැනීම අනිවාර්ය අංගයක් කරලා දහම් ප්‍රචාරය අනිවාර්ය අංගයක් කරලා ඒ වගකීම ඒ මගඵල ලාබී ශ්‍රාවක පිරිසට දුන්නේ නෑ වගේම ඒ රහතන්වහන්සේලා දෙන්නෙත් නෑ. මොකද ඒක කරන්න පහසු කටයුත්තක් නෙවේ නිසා... ඒ බර දරන්න පහසු නැති නිසා ඒ බර තවත් කෙනෙකුගේ කරේ තියන්නෙ නෑ උන්වහන්සේලා...

හුඟක් බර නම් බිමින් තියපන් 
රිදෙනවා ඇති අත උඹේ 

උන්වහන්සේලා ඉල්ලුවේ නැතත් සමහර ශ්‍රාවක දරුවෝ මේ යුතුකම කරට ගන්නවා. ඒ බර දරන්න කටයුතු කරනවා. ඒත් සැබෑම පියෙක් විදියට ඒ බුදු හිමියන්ගේ ඒ රහතන්වහන්සේලාගේ ඉල්ලීම තමයි  මේ යුතුකම දැරීම කොයිම මොහොතක හෝ අනවශ්‍ය විදියට තමන්ගේ නිවන් ගමනට බාධාවක් වෙනවා නම්... ඒ යුතුකම පවා නිවැරදිව කරගන්නට බැරි තත්වයක් උදා වෙනවා නම්... මේ යුතුකම ඉටු නොකලට කමක් නෑ කියන දේ... 

කන්ද පාමුල සොහෙන හුරු නෑ 
දන්නවා මං මගෙ පුතේ 

සොහොන හුරු නැතිවෙන්නේ නිවන් මඟ යන නිසයි... මැරෙන වැඩපිලිවෙල නොවන නිසාමයි... සොහොනක් කියන්නේ මැරෙන වැඩපිලිවෙල්ම සංකේතයක්... ඒත් ලෝකයෙන් එතෙර වන්නෙකුට එය තවදුරටත් අදාල දෙයක් නෙවේ...

මගේ තනියට තවත් අය ඇති 
අඳුරගන්නම් හෙට උදේ 

නිවන පූර්ණය කරගන්නේ එක් අයෙකු විතරක් නෙවේ... තවත් එවැනි පිරිසක් ඉන්නවා කියන්නට ඒ නික්ම යන රහතන්වහන්සේගෙන් ලැබෙන ඉඟියක් හා සමානයි මේ කියමන... තවත් විදියකට කියනවා නම් ලෝකයෙන් එතෙර වෙන මඟ ගමන් කරන්නවුන් හට තමන් තනි නෑ මේ ගමනේදී කියලා පුංචි තල්ලුවක් දීමක් හා සමානයි...

සොබාදහමට අවනතයි මං 
ඉතින් යන්නම් ගොම්මනේ 

රහත්ඵලය පූර්ණය කලත් කය බිඳී මිය යෑම තමයි ධර්මතාවය. නිර්වාණය අවබෝධ කරගෙන සිටීම නිසා සම්මත මරණයක් නොවූවත් බාහිරව ඇති කයට නම් එය සම්මත ධර්මතාවයම හෙබි මරණයයි. ඒ සොබාදහමේ නීතිය ගැන හොඳින්ම අවබෝධ කරගෙන ඉන්න ප්‍රඥාවන්තයෙකුට මේ ගමන කිසිඳු කම්පාවක් ගෙන දෙන්නක් නෙවේ... 

යන ගමන් මේ බේත් තුන්ඩුව 
අරන් පලයන් අම්මගේ 

මේ වදන් පෙල කියන්නේම ඒ අවසන් ගමන යන රහතන්වහන්සේ ගිය නිවන් මඟ අනුගමනය කරන ශ්‍රාවක දරුවෙකුටයි. ඒ දරුවා දන්නවා අම්මා කව්ද කියලා. ඒ අමා මෑණියන් වහන්සේ හෙවත් සම්මා සම්බුදු හිමියන්... උන්වහන්සේගේ බෙහෙත් තුණ්ඩුව තමයි උත්තරීතර සත්ධර්මය... යුතුකමක් විදියට කල යුතු දහම් ප්‍රචාර කටයුතු නොකලත් කමක් නෑ, භව රෝගයට පිළියම් ලබා දෙන බෙහෙත් තුණ්ඩුව නම් අතහැර ගන්න එපා... තමන්ගේ නිවන් මඟ නම් මග හැරගන්න එපා... ඒ සත්ධර්මය දරන්නට, අරගෙන යන්නට නම් අමතක කරන්න එපා... කියලා ඉල්ලන අවසාන සිහිපත් කිරීමක් සේමයි ඒ වදන් පෙල දැනුනේ... බෙහෙත් තුණ්ඩුව අරන් යන්න කියනකොට තුණ්ඩුව දැරීමක් ගැන නෙවේ ලෙඩේට බෙහෙත් කරගැනීමක් ගැනමයි මේ කියන්නේ කියන අරුත ගන්නට දක්ෂ වෙන්නත් ඕන... නැතිනම් අතරමං වන බොහෝ පිරිසක් වගේ තුණ්ඩුව දරාගෙන බෙහෙත් නොගෙන ඉන්නෙක් වෙන්නට සිදුවෙනවා නියතයි.

ඉතින් ලෞකික තේරුමක් ගත්තොත් හැඟීම් බරව දුක් වෙන්නට බොහෝ කරුණු ඇති අගනා නිර්මාණයක්මයි මේ. ඒත් මේ නිර්මාණයෙන්ම ගත හැකි මෙවන් ලෝකෝත්තර අර්ථයක් අරගෙන ඒ හැඟීම් වලින් මිදුනු... සියලු කම්පනයන්ගෙන් මිදුනු උත්තරීතර නිවන් අවබෝධය ලබන්නට හැකි නම් ඔබට ඔබ ලැබූ ඔය දුර්ලභ මිනිස් ජීවිතයෙන්... මේ නිර්මාණයට අංශු මාත්‍ර තරමින් හෝ දායක වූ හැමෝටමත් මේ කෙලවරක් නැති සසර ගමන නිමා කරගන්නට එයම මහා පුණ්‍ය කුසල ශක්තියක් වේවි. මේ නිර්මාණයට උතුම් වූ අගයකුත් ලැබේවි. 

සැබෑවටම තමන්ගේ බණවර හමාර කරමින් උතුම් රහත් ඵලය පූර්ණය කරගෙන සැබෑම අවසාන ගමන යන්නට හැකිවේවි!!!

පසු සටහන; 
මෙවන් ඕනෑම නිර්මාණයක් ලෝකයෙන් එතෙර වෙන්නට යොදාගන්නට හැකි බව පමණක් නොවේ ඇස ගැටෙන, කණ ගැටෙන, දිව නාසය කය මන ගැටෙන ඕනෑම අරමුණක් තුල නිවන් මඟ මතු කරගෙන මගේ නිවන් මඟ සරු කරගන්නට උතුම් පියෙකු ලෙසින් නිතර ඔවදන් දෙමින් මඟ පෙන්වූ, උතුම් කළ්‍යාණ මිත්‍රයාණන්වහන්සේ කෙනෙකු වන පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ හඬින් කියැවෙන අනිච්චාවත සංඛාර ගාථාව පසුබිමෙන් ඇහෙනකොට සැබැවින්ම තෙරුවණේ අප්‍රමාණ ආශිර්වාදයක තරම නැවත නැවතත් දැනෙන්ට වුණා. මේ නිර්මාණය අත්දැකගන්නට මාත් එක්ක මෙත් සිතින් බෙදාගත්ත වන්දනීය අතුරුගිරියේ සුබෝධ හිමියන්ටත් නමස්කාර කරමි... නමස්කාර වෙත්වා!!! මොහොතක් මොහොතක් පාසා ආශ්චර්ය පෙන්වා නිවන් මඟ සරු කරන උතුම් සම්මා සම්බුද්ධ රත්නය ප්‍රමුඛ තෙරුවනේ ඇසුරටත් මේ ජීවිතය පුරාවට ලද සහ තවමත් ලැබෙන ඒ උතුම් කළ්‍යාණ මිත්‍ර ඇසුරටත් නමස්කාර කරමි!!! නමස්කාර වෙත්වා!!! 

මේ නිර්මාණයට අංශු මාත්‍රයකින් හෝ දායක වූ සියලු පිරිසට තව තවත් මෙවන් නිර්මාණයන් කිරීමටත් සියලු කම්පනයන්ගෙන් මිදුණු අසීමිත සුවැති නිවන් අවබෝධය ලැබීම පිණිසත් තෙරුවණේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවායි මෙත් සිතින් සෙත් පතමි!!!

Artist | Ravi Royster Jr. Lyrics by Iresha Hemamali Music & Melody by Ravi Royster Mixing & Mastered by Leen Muthukuda @ AudioEclipse Tape Recording Engineer | Yashoda Rohana@ Audio Eclipse Illustration | Chamal Sameera Goonawardena

Sunday, November 24, 2019

දැගැබට, චූඩා මාණික්‍යයට, කොතට වන්දනාමාන කිරීමට හේතුව කුමක්ද ?

රුවන්වැලි සෑ චූඩා මාණික්‍ය කොත් වහන්සේ වන්දනාවට ලක්වන නිසාම සමහර කෙනෙකුට මේවාට වදින්නේ ඇයිදැයි ප්‍රශ්ණ තිබෙනවා... තවත් අය සුපුරුදු පරිදි බැන වදිනවා... තවත් අය අවබෝධයෙන් යුතුවම වන්දනා කරගන්නවා... තවත් අය ගැඹුරු අවබෝධයක් නැතිවම වන්දනා කරගෙන සිත් පහදා ගන්නවා. ඒ නිසා ඉතාමත් කෙටියෙන් මේ පින්කම නියමාකාරයෙන් කරගන්නට පැහැදුනුවන්ගේ වඩාත් පැහැදීම පිණිසත්.. නොපැහැදුනුවන්ගේ වඩාත් පැහැදීම පිණිසත්.. පෙනෙන නොපෙනෙන සැමගේ යහපත් වූ චිත්ත ප්‍රසාදය පිණිසත්... කෙටි අදහසක් සටහන් තබන්නට සිත්විය. 

දාගැබක / චෛත්‍යයකින් සංකේතාත්මකව ශ්‍රාවකයෙකුගේ නිවන් මඟ සංකේතාත්මකව පෙන්වනවා. 

චූඩා මාණික්‍යය තුලින් සංකේතවත් කරන්නේ අවබෝධ කරගත යුතු අවසාන ඵලය වන නිර්වාණයයි. එය දරා සිටින කොත් වහන්සේ හරියට රහත් ඵලය හෙවත් නිවීම දරා ගෙන සිටින රහතන්වහන්සේට සංකේතයක් වැනිය. 

ඒ විමුක්තිය ලැබීම පිණිස ගමන් කල යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගය කොත් කැරැල්ලෙන් සංකේතවත් වෙනවා... දෙවතා කොටුවෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත යුතු බවත්... සතරැස් කොටුවෙන් ඒ අවබෝධය පිණිස ලැබිය යුතු සතර සෝතාපන්න අංග හෙවත් කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය, සත්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ දහම් අනුදහම් ප්‍රතිපදාව කියන්නාවූ අංග 4 ලැබිය යුතු බවත් සංකේතවත් වෙනවා. 

ඒ සම්පත්තිය ලැබීමට නම් උතුම් තෙරුවන නම් වූ ගර්භය (සත්දහම ගැබ නම් ඒ ගැබ තුල උතුම් සම්බුද්ධ රත්නයේ සංඝරත්නයේ ධාතූන්වහන්සේලාගෙන් යුක්තවීම පෙන්වන්නේ ඒ 3හි ඇති සම්බන්ධයයි... එකින් එක දරාගෙන සිටින ස්වභාවයයි) ඒ තෙරුවනේ ඇසුර ලැබිය යුතු බවත්... එයට පුද සත්කාර කල යුතුබවත්.. එයට ගරු කල යුතු බවත්.. නමස්කාර කල යුතු බවත් ඒ ගර්භය තුලින් සංකේතවත් වෙනවා. වාහල්කඩ 4ත් ඒ පුදසත්කාරය පිණිසම සසර පැවැත්මේ අනතුර දකින වාරයක් පාසා ඒ තුනුරුවනටම සිව්පසය ලබා දෙමින් කෘතෝපහාර දැක්විය යුතු බවත් හැඟවෙන බවයි මගේ අදහස. බොහෝ වාහල්කඩ වල කැටයම් බොහෝ විට සසර පැවැත්මට සම්බන්ධ දේ දැකගන්නට තිබෙන නිසා තමයි ඒ අදහස එසේ එකතු කලේ. 

ඉතින් ඒ උතුම් තුන්රුවනේ පහස ලබමින් සැබෑම බෞද්ධයෙක් වෙන්නට නම් සිත කය වචනය මූලිකව සංවරත්වයට පත්කරගෙන තුන්දොර සංවරත්වයේ වැදගත්කම හෙවත් නිවන් මඟේ මූලික පදනම / පාදමම එය බව පේසා වළලු 3න්ද සංකේතවත් වෙනවා. 

පන්සලේ සඳකඩ පහනේ... මකර තොරණේ සහ කොටින්ම කියනවා නම් හතර කොන පිහිටන දේවාල 4 පවා සංකේතවත්ව තිබෙන්නේ සැබෑ බෞද්ධයෙකුගේ ගමන් මඟ හෙවත් නිවන් මඟමයි. 

මතක තබා ගන්න මේ මට දැනෙන හැඟෙන මම ගන්න සංකේතාත්මක අදහසයි. මේ තුලින් වන්දනා කරන සෑම මොහොතකම මට උතුම් තෙරුවන කෙරෙහි පැහැදීමත් නිවන් මඟම ප්‍රමුඛ වීමත් සිද්ධ වෙනවා.   මේ තුල සමහර සංකේතාත්මක අදහස් මේ වන විටත් සමාජගතව පවතින අතර පෙර වැඩ සිටියාවූ උතුම් හිමිවරුන් විසින් ඒවා මතු කර දී ඇති බව පෙනෙන්නට තිබෙනවා.  මේ නිවන් මඟ තුල සංඝරත්නය මහා කාර්ය භාර්යයක් හොබවන බව එයිනුදු අදහස් ගත යුතු බවයි මගේ හැඟීම.

අවබෝධයෙන් යුතුව වන්දනා කරන ශ්‍රාවකයා මේ සංකේත හඳුනාගෙන ඒවා තමන් තුලට අනුගත කරගෙන තමන්ද උතුම් නිර්වාණය අප්‍රමාදීව සාක්ෂාත් කරනවා කියන අධිශ්ඨානයෙන් යුතුව දාගැබ් / චෛත්‍යය වන්දනා කරන්නේ සිහිය පිහිටුවීමට මෙන්ම මේ උතුම් මග ලබාදුන්නා වූ උතුම් තෙරුවණට කෘතෝපහාරයක්ම වෙත්වා... නමස්කාර වෙත්වා කියන චේතනාව මුල්කරගෙනයි. 

සංකේතාත්මක අදහස ගන්නට දක්ෂ නොවූ එහෙත් තෙරුවන ගැන පැහැදීමක් ඇති ශ්‍රාවකයෙකු විසින් තෙරුවන සිහිකරගෙන වන්දනාමාන කලද අප්‍රමාදීව මේ සංකේතාත්මක මග පැහැදිලි කරගෙන නිවන් මඟ මතු කරගන්නට තෙරුවනේ ආශිර්වාදය ඔහුට / ඇයට ලැබෙනවා. 

කිසිවක් නොදැන බැන වදිමින් මේවා බොරු වැඩ කියමින් දෘෂ්ඨි ගත වීම නියත මිත්‍යා දෘෂ්ඨියටම සම්බන්ධ වෙමින් මානසිකත්වයක් සකස් කරන්නේ එසේ ඒ අදහස් දරන්නා තමන්ගේ දෘෂ්ඨියේ තරයේම එල්ඹගෙන නිසි යහපත උදා කරගැනීමට විවර වූ හදවතක්... මනසක් නොදරන නිසාමයි. සරලව මේ ඉහත කියූ ගමන් මග ලබන්නට තරම් විවෘතභාවයක් ඔවුන් තුල නැති නිසාමයි. 

කරුණු කාරණා බොහෝ සේ විග්‍රහ කරන්නට තිබුණද උතුම් රුවන්මැලිසෑ කොත්වහන්සේ... චූඩා මාණික්‍යය වන්දනාවට ලක්වන මෙවන් හෝරා කිහිපයක මේ තරමින් වත් අදහස වටහාගෙන නිසි ඵල නෙලා ගැනීම උදෙසා සටහන් තබන්නෙමි. 

තෙරුවන් සරණින් නිවන් මඟ විවරව... චූඩා මාණික්‍යයෙන් සංකේතවත් කල නිවීමද... ඒ නිවීම දරන්නාවූ අග්‍ර ඵල දරන කොත්වන්සේ හෙවත් රහතන්වහන්සේ වීමට ඔබ සැමට අවස්ථාව මේ ජීවිත කාල තුලදීම ලැබේවා!!!
Image may contain: one or more people, sky and outdoor






Thursday, November 14, 2019

2020 පහල වන ආධ්‍යාත්මික නායකයා ඔබද?


රටට දැයට යහපතක් ගෙනදෙන ආධ්‍යාත්මිකව දියුණු වූ සැබෑම නායකත්වයක් ඇති පාලකයෙක් එනතෙක් බලා සිටින සියලුම පුරවැසියන් උදෙසා! 

ඔබ පුරවැසියෙක්... 
සැබෑ නායකත්වයකින් යහපත උදා කරගන්නට බලාගෙන සිටින... 
වරදක් නැත... රටකට සැබෑ නායකත්වයක් තිබීම යහපතක්මයි! 
ඔබ පුරවැසියෙක්... 
නායකත්වයකින් යැපෙන්නට බලාගෙන සිටින... 
එහි නම් වරදක් ඇත... රටකටද... පුරවැසි ඔබටද අභාග්‍යයක්මයි! 

සෑම පුරවැසියෙක් තුලම නායකත්වයක් ඇත... 
තමන්වත් අනුන්වත් යහපතෙහි පිහිටුවන්නට, 
ඒ නායකත්වයට ශක්තියක් ඇත... 
ඔබේම හැකියාවන්... දක්ෂතාවයන්... විමසා බලන්න...
ඒ ඒ දේට ඔබ ඔබටම නායකයෙක් වෙන්න... 
බාහිරයෙන් යැපෙන්නෙක් නොවී, 
ඔබ තුලම සැඟව ඇති ඒ නායකයාට ඡන්දය දෙන්න... 
අන්න ඒ නායකත්වය දිනවන්න... 
එවිට ඔබ අවට ඇති තවත් බොහෝ පිරිසකට... 
ඒ නායකත්වය තුලින් තවත් නායකයෙකු බිහි කරගැනීමට, 
සහායක්ම විය හැකිය... 
ඔබේ හැකියාව කුමක් වුවත්... 
ඒ හැකියාව තුලින් යහපතක්ම සිදුකරන්නට... 
ඔබ ඔබටම මඟ පෙන්වා ගන්නා නායකයෙකු වෙන්න... 
අඩුපාඩු හඳුනාගෙන නිවැරදිව ප්‍රතිඵල නෙලාගැනීමට,
ඔබ තුලම වූ ඒ නායකයා අවදි කරන්න... 

සෑම පුරවැසියෙක් තුලම පාලකයෙක් ඇත... 
පාලකයා අවදි විය යුතුය... 
පාලකයා නිදි ගෙන ඇත තාක්... 
සිත... කය... වචනය අසංවරයි... 
ආශාවන්... තරහා ද්වේශය වෛරය... අනුවණකම් පිරී ඉතිරිලා... 
කුහක බව.. ඉරිසියාව පොරකනවා... 
ඉතින්, ඔබ තුල නිදි ගත් පාලකයා අවදි කරන්න... 
සිත, කය, වචනය තමන්ටත් අනුන්ටත්, 
වැඩ දායී ලෙසින් හසුරවන්නට ඒ පාලකයාට ඉඩ දෙන්න... 
ඔබ යැපෙන්නට බලා ගෙන සිටින බාහිර පාලකයාට වඩා 
පුරවැසියෙකු වූ ඔබ තුල සිටින ඒ පාලකයා බලවත්... 
වංචාවෙන්... දූෂණයෙන්... තොර, සංවරත්වය ප්‍රමුඛ කරගත්... 
අන්න ඒ පාලකයා ඔබ තුලින් අවදි කරගන්න... 
අන්න ඒ පාලකයාට ඡන්දය දෙන්න... 
එවිට ඔබට බාහිරයේද, 
වංචාවෙන් දූෂණයෙන් තොර නිවැරදි පාලකයෙකු ලැබේවි! 

තමනුත් හැදී... තමන්ගේ පවුලත් හදන... ගමත් හදන... නගරයත් හදන... 
රටත් හදන... ලෝකයක් හදන... සමස්ත සත්ව වර්ගයාටම යහපත හදන... ඔබ තුල වූ ඒ නායකත්වය... ඔබ තුල වූ ඒ පාලකත්වය... 
අවදිකරන්න... 
ඔබ සොයන ආධ්‍යාත්මික නායකත්වය... 
ඔබ සොයන සෞභාග්‍යමත් දේශය... 
ඔබ සොයන නිවැරදි ගුණ ගරුක නායකත්වය... 
ඔබ සොයන සෘජු ප්‍රතිපත්ති ඇති පාලකත්වය...
පුරවැසි ඔබ තුල වූ නායකයා සහ පාලකයා, 
මත රඳා පවතින බව අමතක නොකරන්න!!! 
ඒ නායකත්වය... පාලකත්වය හඳුනා නොගත් පුරවැසියාගේ තෝරාගැනීම් 100%ක් කිසිදිනක සාර්ථක නොවන බවද නුවණින් දැකගන්න!!! 
සැබෑම ආධ්‍යාත්මික නායකයෙකු වන්නට... විප්ලවීය වෙනසක් තමන් තුලම ඇති කරගන්නට... යැපෙන්නෙක් නොවී දක්ෂ වූ සෘජුවූ සුවච වූ මෘදුවූ නිහතමානී වූ කරුණා මෛත්‍රියෙන් පිරි මිනිසෙක් වන්නට ඔබ සැමටම තෙරුවනේ ආශිර්වාදය රැකවරණය නොඅඩුවම ලැබේවා!!!

Thursday, August 15, 2019

මිත්‍යා විමුක්තිය නොලබනු පිණිස!

එන්න එන්නම තත්වය දරුණු වෙනවා... උත්තරීතර ශාසනයක අවසාන භාගය මෙය යැයි පෙන්වන කරුණු එන්න එන්නම අත්දැකගන්නට හැකිවෙනවා... ඇස් ඉදිරිපිටදීම බහුතරයක් පිරිස මිත්‍ය මත තුල දරුණුවටම හිරවෙනවා... අංශු මාත්‍රයක්වත් ඒ ජීවිත වෙනුවෙන් යමක් නොකිව්වොත් මේ ශාසනයට කෘතගුණ සැළකුවා මදි යැයි සිතෙන නිසාම සියලු ලෝ සත්වයන්ගේ යහපත පිණිස මෙසේ සටහන් තබන්නෙමි.





Saturday, May 4, 2019

ත්‍රස්තවාදයට ආගමක් නැත

ලක්බිම සිදුවූ ඉතාමත් කුරිරුතම බෝම්බ ප්‍රහාරයක් වන “පාස්කු ප්‍රහාරයට” ලක්ව මිය ගිය සියලු ජනයා සමාදානයේ සැතපේවා!!! නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!!! ඔවුන්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි තිබුනා වු ගෞරවය භක්තිය ගිලිහී නොයත්වා!!! 

ශුද්ධ වූ බයිබලය ඇසුරු කරන විට මට දැකගන්නට ලැබුණු පරිච්ඡේදයක් මේ කතුවැකියට සම්බන්ධ කරගන්නට සිත්විය.  බයිබලය ඇසුරු කරන සැදැහැවතුන්ට තමන් අදහන.. විශ්වාස කරන තමන්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය නැති නොවීමට තරම් හේතුවක් වීමට මේ පරිච්ඡේදය වැදගත් යැයි මට පෞද්ගලිකව සිතෙන නිසාවෙන් මෙසේ සටහන් තබමි. 

ශුද්ධ වූ බයිබලයේ “ජෝන්” නම් වූ කොටස මට වැටහෙන අයුරින් සිංහල පරිවර්ථනයේ තිබෙන්නේ “යොහන් / ජොහන්” ලෙසිනි. මේ කොටසත්, අප දැනට පාස්කුව ලෙසින් හඳුන්වන ජේසුස් වහන්සේගේ නැවත පිබිදීමට සම්බන්ධ අවස්ථාවටම සම්බන්ධ වූවකි. ජේසුස් වහන්සේ මිය යෑමට ප්‍රථම ජෝන් නැමැත්තාට පැවසූ වදන් පෙල අතර පවතින්නකි. එය මෙසේයි; 

“ජෝන් / යොහන් / ජොහන් 16: “මම මේ දේවල් ඔබට පැවසුවේ ඔබ පාපයට ඇද වැටෙනවා දකින්න අකමැති නිසයි. 2 මිනිසුන් ඔබව සිනගෝගවලින් නෙරපා දමයි. ඇත්තෙන්ම ඔබව මරණයට පත් කරන අය එසේ කිරීමෙන් තමන් දෙවිට මහත් සේවයක් කළ බව සිතන කාලයක් එයි. 3 ඔවුන් ඒ දේවල් කරන්නේ ඔවුන් පියාණන්වත් මාවත් නාඳුනන නිසයි. 4 ඒ වුණත් මම මේ දේවල් දැන්මම ඔබට කියන්නේ, මේ දේවල් සිදු වන කාලය පැමිණෙන විට මම ඒ ගැන පැවසූ බව ඔබට මතක් වීම සඳහායි. මම මුලින්ම ඔබට මේ දේවල් ගැන නොකිව්වේ ඒ වන විට මම ඔබ සමඟ සිටි නිසයි. 5 දැන් මාව එවූ තැනැත්තා ළඟට යන්න කාලය ඇවිත් තිබෙනවා. නමුත් ‘ඔබ යන්නේ කොහේද’ කියා ඔබෙන් එක් කෙනෙක්වත් මගෙන් අසන්නේ නැහැ.” 

බලන්න මේ වැකිය... “ඇත්තෙන්ම ඔබව මරණයට පත් කරන අය එසේ කිරීමෙන් තමන් දෙවිට මහත් සේවයක් කළ බව සිතන කාලයක් එයි” - සැබැවින්ම මෙය මෙසේම නොවේද සිදුවුනේ? ඒ වගේම තමයි මේ වැකිය; “ඔබට කියන්නේ, මේ දේවල් සිදු වන කාලය පැමිණෙන විට මම ඒ ගැන පැවසූ බව ඔබට මතක් වීම සඳහායි. මම මුලින්ම ඔබට මේ දේවල් ගැන නොකිව්වේ ඒ වන විට මම ඔබ සමඟ සිටි නිසයි.” - ඉතින් ඔබට සිහිපත් වුණාද? ජේසු තුමන් එසේ පැවසූ බව? ඔබ සැබෑවමට ඔබ අදහන විශ්වාස කරන ඔබගේ දෙවියන්වහන්සේ පෙන්වූ මග යන්නෙක් නම් ඔබට මේ දේවල් සිහිපත්වේවි. 

මේ විදියට ලියන්නට හිතුනේ, පාස්කු ප්‍රහාරයත් සමඟ සමහර පිරිස් වෙතින් තමන් විශ්වාස කල දෙවියන් වහන්සේ පිළිබඳව විශ්වාසය බිඳ වැටී ඇති ආකාරය දකින්නට තිබූ නිසයි. කල යුතු වන්නේ විශ්වාසය අවතක්සේරු කිරීමට වඩා තමන් විසින් තමන්ව කොතරම් දුරට අවබෝධ කරගෙන ඇතිදැයි විමසා බැලීමයි. 

බුදු දහමට අනුව, ජාතියක් ආගමක් කුල භේදයක් තත්ව තානාන්තරයක් නැතිවම ජීවත්වන ඕනෑම ජීවියෙකුට තම තමන් කියපු කරපු හිතපු ආකාරයට අනුව ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ඒ මේ ජීවිතයට පමණක් සීමාවන කර්මයක් නොවේ. වගකීමක් නැති දේශපාලකයින් ලැබෙන්නත්... දෙවියන්ගේ නාමයෙන් මිනීමරන්නන් හමුවෙන්නත්... සසර පුරාවට අප හැසිරුණ විදිය බලපානවා. ඒ දේවල් එසේ තිබෙත්දී වැදගත් වෙන්නේ අප ඇත්තටම අප අදහන විශ්වාස කරන ආගම දහම නිවැරදිව ඇසුරු කරනවාද යන්නයි. 

දන්න කාලේ ඉඳලා මට වැටහුණ දෙයක් තමයි ආගම් නාමයන් මුල්කරගෙන සිදුකරන ත්‍රස්තවාදී ප්‍රහාරයක් අවසානයේදී දහස් ගණනින් ආගමික අනුගාමිකයන් එකිනෙකා මරාගන්නා මානසිකත්වයකට පත්වීම. ප්‍රහාරයෙන් මැරෙන්නේ සිය ගණනක්... ඉන්පසුව ඇතිවන කෝලහාලවලින් මැරෙන ගණන කියලා නිමකරන්නට බැරි තරම්... සැබෑවටම නුවණක් තිබේ නම් මේ අවස්ථාවේදී කල යුතු එකම දේ සමඟිව පවතින තත්වයන්ට එකමුතුව එකාවන්ව මුහුණ දීමයි. ආගමක් දහමක් ජාතියක් නැති ත්‍රස්තවාදය පරාද වන්නේ එවන් සමඟියක් හමුවේ පමණයි. 

දෙවියන්ගේ නාමයෙන් යැයි පවසමින් මිනී මරන්නට පෙළඹෙන... එය අනුමත කරන්නාවූ ඉස්ලාම් භක්තියන් විසිනුත් අංශු මාත්‍ර හෝ බුද්ධියක් වේ නම් තම තමන් විසින් විමසිය යුතු කරුණක් තිබෙනවා. ඔබ විශ්වාස කරන විදියට, ඔබගේ දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේම විසින්ම මැවූ තවත් මිනිසුන් පිරිසක් මැරීමට ඔබට අයිතිය ලබා දෙන්නට තරම් ඔවුන්ගෙන් ඔබ වෙන්වූයේ කෙසේද? එසේ කරමින් ඔබට ස්වර්ගයේ විශේෂිත තැනක් හිමි කර දෙනවා නම් ඔබම විමසා බලන්න ඔබ ඇත්තටම දෙවියන් වහන්සේ ලෙසින් පෙනී සිටින බොරු පොරොන්දු දෙන දේශපාලනික යක්ෂයෙකුට හසුවී නැතිද? ඔබ සැබැවින්ම දෙවියන් වහන්සේවද ලජ්ජාවට පත් කරනවා නොවේද? 

තමන් විශ්වාස කරන දෙවියන් වහන්සේගේ... ශාස්තෘන්ගේ ගෞරවය සමාජයක් ඉදිරියේ ඉහල නැංවීමට හෝ පහලටම දැමීමට උන්වහන්සේලා අනුව යනවා යැයි කියන අනුගාමිකයන්ගේ ක්‍රියා කලාපය මතම තීරණය වේ! 

ත්‍රස්තවාදයට ආගමක් දහමක් ජාතියක් නැතිබව අවබෝධ කරගෙන කටයුතු කරන්නේ යම්දිනකද එදිනට ජයග්‍රහණය කරන්නේ මනුස්සකමයි! 


මියගිය සැමටත් ඒ සැමගේ පවුලේ පිරිස් වෙතටත් ඥාති හිතමිත්‍රාදීන්ටත් සසර සුවපත්භාවයට පත්වීම පිණිස හේතු වාසනා සකස් වෙත්වා!!! නුවණ පැදී නිවැරදි තීන්දු තීරණ ගත හැකි මිනිසුන් බවට පත්වීමටත් මේ සටහන සෘජුවම හෝ වක්‍රව හේතු උපකාර වෙත්වා!!!

Terror has no religion!

It’s just after the “Easter bombing” in Sri Lanka. May all being rest in peace! May they attain the greatest bliss of nibbana! And those who become victims of the situation, may not lose their faith on their God! 

I have come across this paragraph from the Bible “John 16” which seems like something said before Jesus leave this world. I think these are the days which we are celebrating as Easter – the resurrection of Jesus from the dead. It says; 

John 16: 1 "These things I have spoken to you so that you may be kept from stumbling. 2 "They will make you outcasts from the synagogue, but an hour is coming for everyone who kills you to think that he is offering service to God. 3 "These things they will do because they have not known the Father or Me. 4 "But these things I have spoken to you, so that when their hour comes, you may remember that I told you of them These things I did not say to you at the beginning, because I was with you. 

I have seen some are questioning the faith of God after the Attack and I have seen some even lost their faith on God. But for me, what Jesus said in here is quite explaining the situation happen in Easter attack. “but an hour is coming for everyone who kills you to think that he is offering service to God” This is what exactly the terrorists thinks what they did. Jesus even explain why they do so; "These things they will do because they have not known the Father or Me” 

This is what I actually wanted to write here. Many people try to connect terrorism with some religions. But the reality is Terrorism has no religion my friend. It just they believe they are doing a great service for the god but they have no clue of who god is or what god’s teaching is. 

As far as I remember in my life, such act of terrorism which conduct under various religious names guided to massive evil action among the communities. One terrorist attack, killed hundreds but the after attacks which happened among the communities killed thousands of each other. 

So, my dear humans, if you are wise enough to understand this simple theory behind these attacks… STAY CALM!!! Get together as one community called human beings! 

Terrorism has no religion, no race nor vision of humanity. If we can get together as one community as human beings that will be their (terrorists) greatest loss. The day which we realize that terrorism has no religion or race, that will be the day which HUMANITY WINS!!! 

Believe in real teaching of God which guide you to become a peace maker not a terrorist. Those who lost their faith in Jesus, I believe it’s one of the most foolish act to do in your life. Everything has a cause. The result can’t be judge by the little what we know as human beings. 

Above warning message given by the Jesus before he leaves all of us is a fact that he cares for you. But do you act upon the goodness he shared with you. Are you a peace maker like him? Going to church or praying for him doesn’t make you a true follower. Try to become the person which wins God’s love. 

Even as a believer of Islamic religion… Do you think your god is a butcher who recommend to kill the people who creates by himself according to your belief? It’s time to question what you believe and what you follow as a religion. Instead of changing your religion or blaming your religion try to change the way you look at it my dear friend. Instead of being blind to what is written in the book, open your heart to know your god and his real teaching. I’m sure god has created you all with some of wisdom. Don’t be ashamed him on this earth! 

May those who died in Easter Sunday rest in peace!!! May those who lost their loved ones hold on to the believe & faith in their god & attain peace on heart!!!