නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, June 1, 2022

Insanity or humanity

 


We do what we mostly desire, aren’t we?

Then have a look…

What have you been doing all throughout the day?

Your Mind, Body, Speech…

Thought, Actions, Words…

What are they filled with?

Anger… Irritations… hatred… enmity…!!!

And then comes,

Filthy words… Complains… Accusations… Cursing…

Look how attached to these things you are! 

Yes! YOU!!!

How you reacted what you see, hear, contact or felt,

Throughout the day?

Aren’t you looking for some faults of people you have never met?

Aren’t you looking for some reasons to burn?

Aren't you found a better reason to blame for someone or something?

Aren’t you always justifying your reason to be burned?

So much of angry words… angry thoughts… cursing…

Yet you enjoy it…

Aren’t you?

If you are not, then why you do so?

Ask yourself?

You know what my friend,

The harm your anger is causing to this universe is immense…

Maybe it is more than, what your rival party have to done to this world.

You know why?

Because they did what they did… at least what you believed they did…

And maybe they are feeling worried…

Maybe they are looking for another chances...

Maybe they have already decided not to do it again…

You never know what they think or feel at the moment…

Because you never met them even…

And you are burning with anger because of the little what you already know about them or certain fact…

And you create demonic energies again & again by thinking

That they have done this… they are doing this…

And they will definitely do this in future too…

YOUR ASSUMPTIONS…

And the more you assume… the more you burn…

The more you burn… you release the dark energies to this universe…

So, who is more harmful now?

They harmed, and they will harm as long as they do that false things & as long as they believe in false actions…

But you, my friend?

This is why the blessed one, who knows everything about anything of this universe, said,

You are burning because of the way you assume things…

Dear Human beings,

Try not to be deaf for these words…

Life is so uncertain…

Never know the time of death…

Aren’t you already sick?

Aren't you already having so much to worry about yourself?

Is it worth to waste your precious moment, over a news you assume which is right?

Is it worth to burn with anger, over a little news which you know actually nothing about?

Are you ready to spend your last minute with a heart filled with anger?

Are you going to spill a curse as your last word to this world?

How you like to be remembered?

An angry being who burned a lot?

Or a person of loving, kind, compassionate? 

Look at the clock!

Yes, Now…

Tick… Tock… Tick… Tock…

Yes, my friend, YOU HAVE NO TIME!

But even this second is enough to make a decision…

Decision to make of being your own savior!

Are you just going to die with insanity?

Are you going to liberate?

Or at least are you going to die with a little bit of humanity?

Decision is all yours!

But who makes the decision?

A fool who are deaf to the noble words…

Or a wise being who can become the own savior?

That decision also is all your!!!

Official Web Site - www.nirvanadhamma.com  

වියරුව ද? මනුෂ්‍යත්වය ද?

 

අපි වැඩියෙන් ම කරන්න කැමති අපි ආශා කරන දේවල් නේ නේද?

එහෙනම් බලන්න...

දිනය පුරාවට වැඩියෙන් ම කලේ මොකක්ද කියලා?

සිත, කය, වචනය... සිතිවිලි, ක්‍රියා, වදන්...

පිරිලා තිබ්බේ මොනවා ගෙන් ද?

තරහ... ද්වේශය... ක්‍රෝධය... වෛරය...!!!

මේවා එක්ක බැඳිලා තියෙනවා

නපුරු වචන... දෝෂාරෝපණ, චෝදනා, සාප කිරීම්...

මේ දේවල් වලට ඔබ කොතරම් බැඳිලා ද බලන්න!

ඔව්! ඔබ!

දවස පුරාවට එන අරමුණු වලට ප්‍රතිචාර දැක්වූවේ කොහොමද?

වටේ පිටේ අරමුණක් ලැබුණේ නැත්නම්

ජීවිතේ ට ඇහැටවත් දැකලා නැති මනුස්සයෙක් ගේ...

කොහේ හෝ සිටින සත්වයෙක් ගේ...

ක්‍රියාකලාපයක් ගැන හොය හොයා හෝ,

තරහ... ද්වේශය... ක්‍රෝධය... වෛරය...

ඇති කර ගන්නවා නේද?

නපුරු වචන... දෝෂාරෝපණ, චෝදනා, සාප කිරීම්... 

දිනය ගත වෙන විට මේ විශ්වයට, ඔබගෙන් තරම් හානියක්...

ඔබගේ වෛරයට ලක් වූවන් ගෙන් වත් වෙලා නැතිව ඇති...

යම් වරදක් කරන පුද්ගලයා හෝ සත්වයා ඒ වරද කර අවසන්...

ඔවුන් ඒ දේවල් වලින් පසුතැවෙනවා ද විය හැකියි...

නැවත නො කරන්නට අදිටන් කර ගන්නවා ද විය හැකියි...

ඒ නිසා එවන් වූවන් ගෙන් විශ්වයට ම හානි වීම සිදු වන්නේ

ඔවුන් ඒ වරද කරන්නට සහ ඒ වරද නිවැරදි යැයි සිතන තාක් පමණයි...

නමුත් ඔබ?

ඒ පාර්ශවයන් ගැන නො දැන... නො දැක...  

අතීතයේ කලාය... දැනුත් කරනවා ය... මතු අනාගතයේ දීත් කරාවි ය...

ලෙසින් සිත සිතා... හොය හොයා...

දවසේ කොතරම් කාලයක් ඔබ,

සියයට සියයක් හේතු නො දැන, කරුණු නො දැන

නො දන්නා යමක් හෝ යමෙක් කෙරෙහි...

සියයට සියයක් දන්නවා සේ සිතා...

ඔබගේ සිත, කය, වචනය...

තරහෙන්... ද්වේශයෙන්... ක්‍රෝධයෙන්... වෛරයෙන්...

කොතරම් පුරවා ගන්නවා ද බලන්න...

ඒ නිසයි සියල්ල දන්නා... සියල්ල දක්නා...

සර්වඥයන් වහන්සේලා විසින්,

මේ හිතන, පතන, හැසිරෙන ආකාරය ආගාධයට ම පත් වන

කාරණා ලෙසින් පෙන්වා දුන්නේ...

ඔබ තරහ ට... ද්වේශය ට... ක්‍රෝධය ට... වෛරය ට...

ආදරය කරන තරම්... ඒවත් එක්ක බැඳිලා ඉන්න තරම්...

ආදරය ට... කරුණාවට... මෛත්‍රියට... අවිහිංසාවට...

බැඳුනා නම්... 

පින්වත් මිනිසුනේ මේ අහන්න...

ජීවිතය කොයි මොහොතේ නැති වෙයි ද දන්නේ නෑ...

ඔබ දැනටමත් අසනීපයෙන් නේද ඉන්නේ?

ඒ ගත කරන සුළු මොහොතත්...

ඔබ සියල්ලෙන් සියල්ල දන්නේ වත් නැති...

ඔබ අසා ගත් පරිදි... ඔබ තොරතුරු දැන ගත් පරිදි...

ගත්ත තීන්දු තීරණ අනුව...

ඔබේ අවසාන සිතිවිලි කිහිපයත්,

තරහෙන්... ද්වේශයෙන්... ක්‍රෝධයෙන්... වෛරයෙන්... නම්...

ඔබේ මුවින් පිට වන අවසාන වචන කීපයත්,

නපුරු... දෝෂාරෝපණ, චෝදනා, සාප කිරීම් වලින් පිරිලා නම්... 

ඔබ දුර්ලභ ව ලැබූ මනුස්සයෙක් වීමේ ප්‍රතිලාභය,

නැති කර ගත්ත විදිය හරිම ශෝචනීයයි!

ඔබ ලැජ්ජා විය යුතු කරුණ නම්...

එතරම් විනාශයක් ඔබ ඔබට ම කර ගත්තේ,

ඔබ සියල්ලෙන් සියල්ල හේතු ඇතිව නො දන්නා... නො දක්නා...

මේ ජීවිතයේ දීත් කොහෙන් හෝ අසා ගත්තා වූ,

සුළු මාත්‍ර තරමින් දන්නා කාරණයට වීමයි!

ඔරලෝසු කටුව බලන්න...

ටික්... ටික්... ටික්... 

ඔව්... ඔබට කාලයක් නෑ!

නමුත් මේ තත්පරයත් ඇති...

ඔබව ගලවා ගන්නට...

වියරුවෙන් ම මිය යනවා ද?

ප්‍රඥාවන්ත ව මරණය ඉක්මවනවා ද?

අඩුම තරමේ මනුස්සයෙක් වීමේ ලාභය වත් භුක්ති විඳිනවා ද?

තීරණය ඔබ අතේ!

ඒ තීරණය නිසා,

මෝඩයෙක් හෝ නුවණක්කාරයෙක් බිහි වීම ද

ඔබට ම භාරයි!

නිර්වාණ ධර්ම වෙබ් අඩවියට පිවිසුම!