නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, February 1, 2022

සතුරාට පෙම් බැඳීම


ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය කියලා කියන්නේ මානසික රෝගී තත්වයක් ලෙසින් තහවුරු කරලා නැති මානසික තත්වයක්. මෙය ගොඩක් ම වැළඳෙන්නේ අපයෝජනයට ලක් වූ, පැහැර ගැනීමකට ලක් වූ පුද්ගලයින් තුලයි. මේ මානසික තත්වයේ ස්වභාවය තමයි අපයෝජනයට ලක් වූ පුද්ගලයා ට හෝ පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා හට එසේ තමන් ව අපයෝජනයට ලක් කල හෝ තමන් ව පැහැර ගත් පුද්ගලයා සමඟ බැඳීමක් හට ගැනීම. තමන්ට කරදරයක් හිරිහැරයක් කරන පුද්ගලයා කෙරෙහි ආදරයක් බන්ධනයක් හට ගැනීම නිසා ඒ පුද්ගලයා කෙරෙහි වහල්භාවයක් ඇති වීම තමයි මේ මානසික තත්වයේ ස්වභාවය.

ඉතින් මේ ලඟදි දවසක අන්තර්ජාල මිතුරෙක් මට ලිපියක් එවලා තිබුණා. ඒ ලිපියේ තිබුණේ මේ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය නම් වූ මානසික තත්වය දැනට පවතින දේශපාලනික වාතාවරණයකට සමාන කරලා සම්මත ඇත්ත සමඟ බැඳුණු කාරණා රැසක් තමයි පෙන්වලා තිබුණේ. ඉතින් ඕනෑම දෙයක් ඇසුරු කරන විට සුපුරුදු පරිදි ඉතින් දහම් සිතිවිලි ගලා ගෙන එනවා නේ. අන්න ඒ වගේ කරුණු ටිකක් තමයි මෙවර කතු වැකිය තුලින් දහම් කැමති ඔබත් සමඟ බෙදා ගන්නට හිතුවේ.

කලිනුත් කිව්ව වගේ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය කියන්නේ මානසික රෝගී තත්වයක් කියලා නිල වශයෙන් නම් කල රෝගයක් නොවේ. රෝග ලක්ෂණ කියලා විශේෂයෙන් නම් කරන්නට දේවලුත් නෑ. නමුත් මේ මානසික තත්වය තිබෙනවා කියලා කියන්න හේතු වන කාරණා විදියට හඳුනා ගන්නේ තමන්ට වරදක් කරන්නා කෙරෙහි ඇති වන මනාපය... වහල් භාවය හා සමාන බන්ධනය, තමන්ට වරදක් කරන්නාට විරුද්ධව යමක් පවසන විට හෝ ඒ වහල්භාවයෙන් නිදහස් කර ගන්නට උත්සාහ කරන්නා කෙරෙහි ඇති වන අමනාපය සහ ඔවුන් ව ප්‍රතික්ෂේප කිරීම. තමන්ට වරදක් කරන්නා ව බේරා ගැනීම සඳහා තමන්ට කල හැකි උපරිමයෙන් කටයුතු කිරීම. තමන්ට වරදක් කරන්නා ඉතාමත් උසස් අරමුණකින් යුතු වටිනාකමකින් යුතු කෙනෙක් බව දැකීම. මෙන්න මේ වගේ මානසික තත්වයක් තියෙන කොට තමයි එයට ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය හෙවත් සතුරාට පෙම් බඳින මානසික තත්වයක් කියලා කියන්නේ.

ඉතින් මේ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය කියන මානසික තත්වය ගැන කියවන විට මට නම් එය දැනුණේ අපි හැමෝටම මෙය තියෙනවා කියලයි. ඒ කොහොමද? ටිකක් හිතන්න “මම” කියන දේට... “මමත්වය” ට අපි කොතරම් බැඳිලා ද... පෙම් බඳිනවා ද කියලා. “මමත්වය” තමයි අපව පාලනය කරන්නේ. ඒ හැඟීමට වහල් වෙලා තමයි අප කටයුතු කරන්නේ. “මමත්වය” ට අපි දීලා තියෙන වටිනාකම වචනයෙන් කියලා නිම කරන්නට බැරි තරම්. උපන් මොහොතේ පටන් “මම” සනසවන්නට... පෝෂණය කරන්නට... හඬමින් වැලපෙමින් වහල් සේවය පටන් ගෙන මරණ මොහොත දක්වා ම කරන්නේ “මමත්වය” වටිනාකම දකිමින් “මම” පවත්වා ගැනීමට වෙහෙස වීමයි.

ඉතාමත් දරුණු ලෙසින් බන්ධනය සකස් වෙලා... මේ ප්‍රේම බන්ධනය කොතරම් ද කියනවා නම් ධර්මය ලෙසින් අපට අහන්නට ලැබෙනවා මේ “මම”... “මමත්වය” කියන පාලකයාගේ මුලා වැඩපිළිවෙළ කොහොමද... එය අපව හසු කර ගෙන අප වහල් වී සිටින්නේ කොහොමද කියලා. නමුත් අපි ඒ ධර්මය ප්‍රකාශ කරමින් මේ වරද පෙන්වා දෙන්නට එන පිරිස ප්‍රතික්ෂේප කරනවා. සම්මා සම්බුදුවරුන්ගෙන් පටන් ගෙන මේ “මමත්වය”... “මම” කියන ස්වභාවයට වහල් වෙලා වැරදි නොකල යුතුයි කියන ආගම් දහම් සියල්ල ම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරනවා.

ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය තුල තවත් හඳුනා ගත්ත ලක්ෂණයක් තමයි මෙම මානසික තත්වය වඩාත් දරුණු ලෙසින් ඉදිරිපත් වන්නේ අනාරක්ෂිත බවක්... තනි වූ බවක් දැනෙන අවස්ථා වලදී බව. ඉතින් “මම”... “මමත්වය” ගැන විග්‍රහ වන දහම් අසන්නට කණ යොමු නොවන්නේ... විමුක්තිය... නිවීමට බියක් ඇති වන්නේ මෙන්න මේ වගේ.

මම”... “මමත්වය” ඉතාමත් වටිනා... යහපතක් ම සිදු කරන තත්වයක් විදියට තමයි අපට හැඟෙන්නේ. කොච්චර බන්ධනය වෙලා ද කියනවා නම් දෙන්නෙක් කියලාවත් දැනෙන්නේ නෑ. ඉතින් ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය තුල කියවෙනවා තමන්ට මෙසේ අයහපතක් කරන්නා සමඟ වැඩි කාලයක් ගත කිරීම මේ වගේ වහල් වූ බන්ධනයක් ඇති කරන්නට හේතු වෙනවා කියලා. ඉතින් අපගේ මේ “මම”... “මමත්වය” ට ඇති මනාපය... වහල් බන්ධනයත් ඉතින් මේ වගේ නේද? උපන් මොහොතේ පටන් අප එයත් සමඟ බැඳිලා... එකට එකාවන්ව සහයෝගයෙන් වැඩ.

හතුරා හතුරෙක් යැයි හඳුනා ගන්නට නො හැකි තරමට ම මිතුරෙක් වූ කල... මිතුරෙක් බව හැඟෙන කල ඒ තැනැත්තාට සිදු වන අනතුර කෙසේ නම් පෙන්වා දෙන්න ද?

අති දුලභව ලෝකයට පහල වන සම්මා සම්බුදුවරුන් ඒ අනතුර පෙන්වා දෙමින් සතුරා මිතුරෙකු නොව සතුරෙකු ලෙසින් දැක ගන්නට මාර්ගය පෙන්වා දුන්නා. ලෝක සම්මත ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමයට නිශ්චිත ප්‍රතිකර්මයක් නැති වුණත් අප හැමෝම නොදැනුවත්ව ම හසු වී ඇති ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය හා සමාන මානසික තත්වයෙන් මිදෙන්නට නම් ප්‍රතිකර්මයක් තථාගත ශ්‍රී සත්ධර්මය තුලින් හමු වෙනවා. හැකි නම් අනතුර ගැන විමසන්න... අනතුර දැක මිදෙන්න!

නිර්වාණ ධර්ම ලිපි කියවන්නට නිර්වාණ ධර්ම වෙබ් අඩවිය ඇසුරු කරන්නට යොමුව!

Being in love with the enemy

Stockholm syndrome is a psychological phenomenon that can happen in people who are living a situation of intense stress and danger, such as an abduction, a home arrest, or abuse. In these situations, the victim tends to develop a relationship with the aggressors. This is an unconscious response due to a dangerous situation, which leads the victim to establish an emotional bond with the aggressors, in order to feel safe and calm. Let’s see whether we are also victims or not.

Recently, someone has shared an article with me, which they have compared this situation into political interest etc. When I read it, as usual Dhamma thoughts came into my mind & as usual here am I, sharing a bit of those with you.

Even though Stockholm syndrome is not an official mental health diagnosis, there are some characteristics that can be noticed when a person is going through this condition. Development of positive feelings for the aggressor, Development of negative feelings about the police, authorities or others who are helping the victim to move away from the aggressor, Development of emotional identification and friendship with the aggressor, The belief that the aggressor has the same values ​​and goals in life. So, let’s find some Dhamma on this.

The Aggressor can be compared to the “SELF”. The feeling of “I” and "Mine" and the agitated mind which is always in charge of us. We are the victims who tend to develop a relationship with this aggressor. From the moment we were born till the moment of our death, we are developing positive feelings for the aggressor. This aggressor always in demand of form to eyes, sounds to ears, fragrances to nose, tastes to tongue, contacts to body & feelings, thoughts to mind. This aggressor abuses us all the time. The pain - bodily or mentally… The demand… The controlling nature… Every single nature of “SELF” can be compared to an aggressor. But we already developed a positive feeling for this aggressor. WE ARE BASICALLY IN LOVE WITH THE “SELF”. Like it says, this is not directly identified as a psychiatric disease, but just a psychological condition caused due to some situations. Perfectly matching to the situation, we are stuck.

So, as victims of this syndrome, we don’t like Dhamma which explains how dangerous the aggressor named “SELF” is. We refuse Samma SamBuddha who tries to help us to overcome this abuser. We don’t like those who explain Dhamma to us, who are trying to help move away from the “SELF”. Coz we strongly believe that the aggressor has the same values & goals, and we call it “LIFE”. We believe in “LIFE” and without “SELF” how can we spend a better life?

Stockholm syndrome characteristics are triggered by feelings of insecurity, isolation and or threat mostly. It says, it is a way for the subconscious to maintain life. Same way, we don’t like the feeling of losing “SELF”. So, we fear for the Nibbana… The liberation. We feel so insecure about Dhamma and its outcome because we are obsessed with the “SELF”. We fear for the liberation… we are afraid of losing & letting go of what we value.

A small act of kindness by the offender named “SELF” tend to be amplified by victims who are developing this syndrome, which makes us feel more secure and calm about the situation, disregarding the real threat we are living. What causes this syndrome? What can be the reasons? It says this is usually developing in situations that are life-threatening and where there are hostages. Some factors that have been identified to influence the development of this type of syndrome include, personality type and personal history of the person being held hostage, need for approval by authority figures such as boss or parents, Time the victim spent with the kidnapper.

So, imagine we are spending all the time from birth to death with the aggressor call “SELF”. And have all the identified reasons with the “SELF”. It’s obvious that we don’t want to be liberated and develop affection towards “SELF”.

So, my dear Dhamma friends, as long as we are not AWARE of the true nature of this aggressor call “SELF” we all are victim of this Stockholm Syndrome. You can compare this to many worldly topics, and identify few victims accordingly, but in real everybody who are not aware about the true aggressor named “SELF” is a victim of this syndrome.

So, in worldly ways, there are no specific treatment for Stockholm syndrome. But in True Dhamma of the blessed one, you find the cure. Because you can find out about the true nature of the aggressor and how you are in danger through Samma SamBuddha’s Teachings. Then, that awareness, that realization becomes the key to your true liberation! Have a blessed time with the treatments!