නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, August 1, 2023

Sincere commitment or...?

 


There are disciples who retreat quickly... They say, "I tried my best, but no results!"... And some of them disappoint soon and try to stop walking in the path of liberation. They give so many excuses. So, if such thoughts occur to you, what would you do? I thought, it is appropriate to use this month's Editorial to share some tips and thoughts to inquire about these matters with awareness, when they arise.

How many years you have spent in School?  I mean in Sri Lanka we spent about 13 years of schooling.  At least 200 days out of 365 days... We spent about 5 to 6 hours a day learning related subjects. Likewise, you may also have spent some years in your junior classes and then high school etc.  My point is, that after all these years when we fail in a subject or few, did we blame to outside reasons? 

If we were weak in a subject at the end of all those 13 years... If we didn't pass the exams... We didn't blame the school or the teachers... did we? Because, a sensible person would have known that he or she failed because of his or her lack of devotion.  We failed because we did not devote to finetune things according to the way the teachers had shown to us. We knew that the more we committed, the more we would get results, and that's the reason we didn't blame for others.

Not only the time of schooling, think about anything which you have dedicated your time, effort and everything to achieve something you really wanted.  Think about the time & effort you put to have a successful life.  From preparing the meal to every bigger thing in your life, you would know that results come according to the way you committed to that certain matter correctly.

But then when it comes to the path of liberation, some of you who listen to sermons and claim to be on the path to Nirvana, always complain, "Where are the results of this path...? why aren't I still not getting anything...? is the teaching right or not...? is the preacher right or not ...? Maybe I did not have enough merit nor wisdom... no use of putting effort... no wisdom... etc... etc..."  As you see many are so hurry to abandoning the dedication.

Now if you feel the same, if you come across such devastating thoughts like these which harms to your path of liberation, there is this investigation which you should do. 

Examine, how sincerely you listen to the teachings every day and how you apply them to your life with awareness and wisdom.  When asked to examine how you do these sincerely, it doesn't count the way you do it lightly. 

For an example; most of the time many are listening to the recordings of a teaching while doing other activities... may be driving... or may be cooking or may be even while going to sleep.  Did you learn or study your subjects in school like this?  It's like playing some background music while doing something very important… only difference here is that the background score itself is the important thing which you should focus.  How on earth you believe that you will get the results after listening to a deep teaching in such manner?

And again, when asked to meet the noble friends whom guide you, you always keen on doing online meetings.  Not dedicated enough to find a time or effort to meet them in personally by paying a visit.  Let's say even once a month you do pay a visit to meet the teacher or friends who guide you in the path, but then examine how your focus was? The focus is all over the place or something you heard or read in the past or may be something else in your life.  See, how you are missing your sincere dedication!  That’s why that kind of a dedication doesn’t count here!

So, my dear dhamma friends! Be wise… Be sincere for what you are doing!  Coz you can!  And then you can see how fruitful your dedication is!  Have a blessed time!

Stay in touch with Nirvana Dhamma Web Site!

කැපවීම අවංක ද?

 


නිවන් මඟ ගමන් කරන්න උත්සාහ කරන පිරිස අතරේ ඉක්මනින්ම පසු බසින... “ප්‍රතිඵල නෑ!” කියලා ඉක්මනින්ම කලකිරීමට පත් වෙලා නිවන් මඟ කටයුතු අඩාල කර ගන්න හදන පිරිසකුත් ඉන්නවා. ඉතින්, එවැනි සිතිවිලි ඔබටත් පහළ වෙනවා නම් මෙන්න මේ කාරණා ගැනත් සිහියෙන් නුවණින් යුතුව විමසා බැලීම සුදුසු යැයි සිහිපත් කිරීමට මෙවර කතු වැකිය වෙන් කරන්නට සිත් විය.

අපේ ජීවිත වල අපි පාසල් යන්න අවුරුදු 13ක් විතර ගත කලා... අඩුම තරමේ දවස් 365න් දවස් 200ක්වත් අපි පාසල් ගියා නේ නේදදවසකට පැය 5ක් 6ක් විතර අදාළ විෂයයන් ඉගෙන ගන්න ගත කලා... අවුරුදු 13 අවසානයේ යම් විෂයයක් කෙරෙහි අපි දුර්වල වුණා නම්... විභාග සමත් වුනේ නැත්නම්... අපි පාසලට හෝ ගුරුවරුන්ට දොස් කියන්න... පැමිණිලි කරන්න කටයුතු කලේ නෑනේ නේදමොකද සිහියක් නුවණක් තියෙන පුද්ගලයෙක් නම් දැන ගෙන හිටියා තමන් එසේ අසාර්ථක වුණේ ගුරුවරුන් පෙන්වා දුන්න ආකාරයට කටයුතු කරමින් කැප වුණේ නැති නිසා කියලා.  අපි දැන ගෙන හිටියා අපි කැප වූ තරමට තමයි අපට ප්‍රතිඵල ලැබෙන්නේ කියලා.

මේ විදියට ඔබගේ ජීවිත වල ලෝකයේ යම්, යම් කාරණා සාර්ථක කර ගැනීම පිණිස ඔබ කොතරම් කාලයක් ශ්‍රමයක් යොදවමින් ඒ අදාළ කටයුතු කරමින් කැප වෙනවා ද කියලා බලන්න. 

නමුත් ඉතින්, බණ දහම් අහන... නිවන් මඟ ගමන් කරනවා යැයි පවසන ඔබගෙන් සමහරක් නිතරම පැමිණිලි කරනවා නේ, “කෝ තාම මාර්ග ඵල නැහැනේ... කෝ තාම කිසිවක් ලැබුණේ නැහැනේ... උගන්වනවා හරි නැද්ද කොහෙද... දේශකයා හරි නැද්ද කොහෙද... පින් මදි ද කොහෙද... වැඩක් නෑ... ප්‍රඥාවක් නෑ... අතෑරලා දානවා...” මේ වගේ පැමිණිලි... අඳෝනා ගොඩයි.

දැන් ඔබටත් මෙසේ හිතෙනවා නම් බලන්න ඕන දවසකට කොතරම් අවංකව ම බණ දහම් අහනවා ද කියලා...  සිහියෙන් නුවණින් යුතුව තම තමන්ගේ කටයුතු වලට ඒ අසා ගන්නා බණ දහම් එකතු කරගන්නවා ද කියලා. 

මෙහෙමයි ඉතින්අවකංවම බණ දහම් අහනවා ද කියලා බලන්න කිව්වාම ඔය වෙන වැඩ කර, කර බණ දහම් වල පටි ගත කිරීමක් අහ ගන්න ඒවයි... නිදා ගන්න යන කොට අහන ඒවයි ලැයිස්තුවට එකතු කර ගන්න එපා.  පාඩමක් කරන කොට වෙන වැඩ කර, කර පසුබිම් කටයුත්තක් වගේ පාඩම් කලේ නෑනේ නේදඒ කියන්නේ හරියට අර පසුබිම් සංගීතයක් දාගෙන වැඩක් කරනවා වගේ.  පිරිත් දාගෙන පිරිත් සජ්ඣායනාවන් නැළවිලි ගීතයක් බවට පත් කර ගෙන නිදා ගන්න යනවා වගේ... මේ වගේ හොර වැඩ කරලා නම් ඉතින් සාර්ථක ප්‍රතිඵල ගන්න බැහැනේ. 

දවසකට හෝ අඩුම තරමේ සතියකට වත් කොතරම් ඔබ සජීවී ව කල්‍යාණ මිත්‍රයෙක් මුහුණට මුහුණ මුණ ගැහිලා ඇසුරු කරන්නට කටයුතු කර ගන්නවද? එසේ මුණ ගැහෙන්නේ මාසයකට සැරයක් නම් ඒ මුණ ගැසෙන වෙලාව තුල කොතරම් කැපවීමෙන් ඒ අදාළ දේවල් වලට සිහියෙන් නුවණින් යුතුව ඇහුම්කන් දෙනවා දඒ වෙලාවෙත් ගෙදර ගැනයි... කර ගන්න බැරි වූ වැඩ ගැනයි හිත හිතා නම් ඉන්නේ ඒ මාසයකට සැරයක් මුණ ගැහිලා බණ ඇහුවා කියන කාරණයත් හොර ට කරපු වැඩක් ම තමයි.

මේ වගේ තමයි පින් කරනවා කියලා කියනවා.  පින්කමට ගිහින් එතැනට සම්බන්ධ වූ අනෙක් පිරිස ගැන අවධානයෙන් ඉන්නවා... නැත්නම් එතැන තියෙන කෑමක් බීමක් හෝ වෙනත් තමන් ආසා කරන ද්‍රව්‍ය වස්තුවක් හෝ යම් තත්වයක් ගැන අවධානයෙන් ඉන්නවා... පින්කම කලබලයෙන් කරලා ඉක්මනට යන්න බලා ගෙන ඉන්නවා... මේ වගේ එතැනත් හොර වැඩ ම තමයි. 

භාවනා කරන්න ගියත් එච්චර තමයි... එක්කෝ නිදි භාවනාව... එහෙමත් නැත්නම් වෙනත් අතීත හෝ අනාගත කටයුතු සිහි කරමින් ඉන්නවා... නැත්නම් වෙනම හීන ලෝක වල හිර වෙලා වගේ තම තමන්ගේ සිතිවිලි සමුදායක අතරමං වෙලා ඉන්නවා... ඉතින් කියනවා දවසකට මෙතරම් වෙලා භාවනා කලා කියලා. 

ඉතින්, දැන් තේරෙනවා ද මේ විදියට හොර වැඩ කරමින් ඒ ගැන සිහියෙන් නුවණින් වටහා ගන්නවා වෙනුවට අපි මොකද කරන්නේමේ සියලු කටයුතු තමන්ගේ කැපවීමෙන් යුතුව නිවන් මඟට යොමු වූ කාලය ලෙසින් එකතු කර ගෙන “කෝ ප්‍රතිඵල නෑනේ!” කියනවා.  ප්‍රතිඵල ලැබුනොත් තමයි ඉතින් පුදුමේ!

ඒ නිසා පින්වත් ඔබට කියන්නේ කැප වෙන්න.  අවංකව ම තම තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගන්නට කැප වෙන්න.  බුදු හිමියන්ගේ කාලයේ ගිහි පැවිදි දෙපාර්ශවයම මාර්ග ඵල ලබා ගත් බහුතරයක් බවට පත් වුණේ ඒ අයගේ කැප වීම අවංකව ම සිදු වූ නිසයි.  ගිහි පාර්ශවයේ බහුතරයක් පිරිස තම තමන්ගේ ලෞකික වැඩ වලට ප්‍රධාන තැන දුන්නේ නෑ.  කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ දවස වැඩිපුර ගත කර ගන්නට තමයි කැප වුනේ.  පින්කම් කලේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මුදුන් පත් වන ආකාරයටමයි.  මේ දේවල් වටහා ගෙන කැප වෙන්න.... අවංකව කැප වෙන්න!  වරදින්නේ නෑ!!! එහෙම වරදින ශාසනයක් නෙවේ සම්මා සම්බුද්ධ ශාසනයක කියන්නේ!  නමුත් ඔබ සම්බුද්ධ ශාසනයක විය යුතු දේ වෙනුවට තම තමන්ට රිසි දේ අනුව යමින්, තම තමන්ට පහසු දේ අනුව යමින් වෙනත්වෙනත් වූ දෑ කරනවා නම් ඔබට වරදින්නේ ඔබගේ කැප වීම වරදවා ගත් නිසාමයි කියන දේ සිහියෙන් නුවණින් යුතුව වටහා ගැනීම ඔබට භාරයි!!!

මහ අන්ධකාරයේ පාරේ යන කොට අඳුර ඇති තැනක ඔබගේ වටිනා යමක් වැටෙනවා.  ආලෝකයක් සොයා ගෙන වැටුණ තැන ඒ වටිනා දේ සොයනවා වෙනුවට ඔබට එතැනින් ටිකක් එහායින් පෙනෙන පහන් කණුවක් යට වැටුණ දේ සොයනවා නම් ඔබට එය කවදාවත් ලැබේවි දනමුත්ඔබට තර්ක කරන්න පුළුවන්... “මම හෙව්වා... මම කැප වුණා... මම කාලය යෙදෙව්වා... මම ශ්‍රමය වැය කලා...” කියලා.  ඉතින්ප්‍රඥාවන්ත ඔබට මේ උපමාවත් ඇති ඔබගේ කටයුතු විනිවිද දකිමින් නිවැරදිව නිවන් මඟ කළ එළි කර ගන්නට!  තෙරුවන් සරණ ලැබ නිවී සැනසෙත්වා!!!

නිවීම පිණිස උපකාර කර ගත හැකි දහම් විග්‍රහ සඳහා නිර්වාණ ධර්ම වෙබ් අඩවිය ඇසුරු කරමින් සැනසෙන්න!