නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, November 1, 2021

Do you like to Decline?

Just as, during the dark fortnight, whether day or night comes the moon declines in color, circularity, and luminosity, in diameter and circumference, so too, venerable sir, for one who has no faith in wholesome states, no sense of shame, no fear of wrongdoing, no energy and lazy, no wisdom, whether day or night comes only decline is to be expected in regard to wholesome states, not growth. Sometimes one can be misled by the false guidance, therefor we should always look in to the advice of the noble ones!

Once the blessed one asked Ven. Arhath Maha Kassapa Thero to advice other bhikkus, and share the noble Dhamma words with them.  Then Ven. Maha Kassapa the great Arhath said, it is difficult to advise or share the noble Dhamma current bhikkus, as they refuse to take advice, they refuse to listen to noble words, they are impatient and do not accept instruction respectfully. So, these days it’s hard to admonish and they should expect a decline, not growth, in skillful qualities.  By saying that Ven. Kassapa shared the above mentioned simile with the blessed one!

You can read the full sutta in here >>

So, my dear Dhamma friends this unfortunate situation is still the same.  Those who are dedicate honestly, follow the path of liberation successfully.  But more of the them are behaving exactly the same way as when. Kassapa thero explained. 

So, my dear Dhamma friends, look inside… look within… look among which kind you are at the moment.

If you have faith, you know you can expect the growth in skillful qualities.  If you are honest & faithful in what you are doing you listen to others no matter what, and that pure listening causing you to realize what you were not realized before and dig deep into what you already knew.   Faith is the seed my friends, faith is the beginning and faith is everything.  Without faith, there will be no chance for wisdom.  Without faith you won’t seek for the noble ones… without faith there is no drive for the search of noble words… without faith there is no seek for a noble path… without faith there is no drive for a noble achievement.  Therefor my friends, faith is the seed which brings the humongous tree of wisdom.  So, check within how faith grows within.  Check whether you have the quality of listening to anyone by respecting their view. If your faith is powerful enough, you can listen to anyone openly.  If your faith is strong, you respect every being, if your faith is strong, your heart is filled with gratitude and you respect the rules & virtue.  This noble faith makes you grow with the skillful quality.  Because you are listening is clear and not spoiled with your agitated mind & its opinions.

This listening is the key to open your door of wisdom.  You start to realize what is skillful and what is not.  What is sin and what are not.  What to be shameful and what are not be.  The more faith grows the more wisdom grows. These are attached to each other.  None of them are surviving without each other.  There is NO WISDOM without FAITH and there is NO FAITH without WISDOM.  You can understand this link through listening to the noble words only.  The more you aware about the unknown… the more you understand about the reality you won’t be lazy anymore for this search.  The seed of faith growing as a beautiful tree with all the nourishments its required.

The more you have faith the more you have wisdom… you earn the sense of shame, you know what is wrong doing and you feel shame & afraid to do, you won’t be lazy anymore to develop your skills in the noble path… you are no more angry or hateful… you feel only the growth not the decline.

So, there shouldn’t be any excuse by saying that “We are lay people, we are not bhikkus… we can’t dedicate that much… also we are bhikkus therefor we know everything, as lay people you can't dedicate enough to achieve the best... etc” The noble path is not only for those who wear robs.  What you wear or where you stay is not the key factors to develop the skillful and achieve the noble achievements.  This sutta explanations itself is a good example of that.  Even if you are bhikku or nun if you have those qualities of disrespects, no faith, no wisdom, no shame of wrongdoing, no fear of doing sin, anger, hateful, not respecting to the noble words you are not counted as a true disciple of the noble path. Even if you believe that you are a noble one, yet still have these qualities of decline you are deceiving yourself only.

So, my dear Dhamma friends, it’s only the pure dedication what matters.   No matter what you wear, what you do, where you stay or what religion you follows.  You just have to listen to what you aren't yet listened.  If you believe that you listened enough and no need to listen to anything else, that moment onward you are close to the skillful path and reality.  You are developing the path of decline. 

So, there are lots which we all are still unaware of.  Making assumptions from the little we know is the worst mistake we do in our life. And the worst case is that we are not even aware of that we are making assumptions only not knowing the truth.  So, let’s dedicate to know what is still unknown to us my dear friend.  Let’s break through the illusion of truth to see the real truth.  Let’s not deceive by the fact we collect through assumptions.  Coz the assumptions my friends are the mother of all messed ups!  Have a blessed time with the noble words! 

For more Noble Dhamma Log In to WWW.NIRVANADHAMMA.COM

පිරිහෙන්නට කැමති ද?

යම් සේ කලුවර පස සඳ ට යම් රැයක් හෝ දවාලක් හෝ පැමිණේ නම් සඳ පැහැයෙන් පිරිහේ ම ය, මඬලින් පිරිහේ ම ය, දීප්තියෙන් පිරිහේ ම ය, උස මහතින් පිරිහේ ම ය. වහන්ස, එසෙයින් ම යම් කිසිවකු හට කුසල් දහම් හි සැදැහැ නැද්ද, … හිරි නැද්ද, … ඔතප් නැද්ද, ... වැර නැද්ද, කුසල් දහම් හි නුවණ නැද්ද, ඔහුට යම් රැයක් හෝ දවාලක් හෝ පැමිණේ නම් කුසල් දහම් හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.  පිරිහෙන වැඩපිළිවෙලක් අනුගමනය කරමින් උතුම් ගුණ දරන්නෙක් යැයි රැවටී සිටී නම්... තවමත් උතුම් ගුණ තමන් තුල වැඩී නැති බව අවංකව ම දැනෙනවා නම් ඒ අඩුපාඩු හඳුනා ගන්නට සම්මා සම්බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා මොනවා දැයි විමසා බලන්නට සුපුරුදු පරිදි මෙවර කතු වැකිය තුලිනුත් උත්සාහ කරමු!   

එක්තරා අවස්ථාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හට සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියනවා භික්ෂූන් ට අවවාද කරන්න කියලා... දැහැමි කතා කියා දෙන්න කියලා... එවිට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සම්බුදු රඳුන්ට කියනවා... දැන් කියන දේ අහන්නේ නැති... අවවාද අනුශාසනා කරනවාට අකමැති... අකුසල ධර්මය ට ම ලැදි භික්ෂූන් වහන්සේලා බහුලයි... පිරිහීමක් මිස වැඩීමක් කැමති වන්නට නොහැකියි කියලා.  ඒ අවස්ථාවේ උපමා කතාව තමයි පෙර සඳහන් කලේ. 

එතැනදි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පැවසූ තව කාරණයක් තමයි ශ්‍රද්ධාව නැති පුද්ගලයා පිරිහෙනවා... හිරි, ඔතප් නැති පුද්ගලයා පිරිහෙනවා... කුසීත පුද්ගලයා... ප්‍රඥාව නැති පුද්ගලයා... කිපෙන සුලු පුද්ගලයා... බද්ධ වෛර ඇති පුද්ගලයා... පිරිහීම ම කැමති විය යුතුයි.  අවවාද අනුශාසනා දෙන්නට සුදුස්සන් නැති බව ද පිරිහීමකි යන කාරණය.  ඉතින් සම්මා සම්බුදු රඳුන් ද මේ කාරණය තව දුරටත් විග්‍රහ කරමින් අනුමත කරමින් සුපුරුදු පරිදි හරිම අපූරු සංවාදයක් සිදු වෙනවා.  මෙය අපට සංයුත්ත නිකායේ, නිදාන වර්ගයේ, කස්සප සංයුත්තයේ දෙවන ඔවාද සූත්‍රයේ දැක ගන්නට හැකියි. සම්පූර්ණ සූත්‍රය කියවන්න >>

ඉතින් මේ සිද්ධිය තවමත් එසේ මයි.  ඒ තමයි ඉතින් ශාසනයක ස්වභාවය.  අවංකව ම කැප වෙන පිරිස කැප වෙනවා. බහුතරය අකුසලය ට ම බර වෙලා පැවැත්ම තුල රෝන්දේ ගහනවා.  ඔබත් මමත් අනන්ත බුද්ධ ශාසන ගණනාවක ම සිදු කලේ මේ උතුමන්ගේ අවවාද අනුශාසනා වලට ගරු නො කොට අකීකරු ව පැවැත්ම තුල රෝන්දේ ගැසීම මයි.  එයින් අපට ලැබුණ වාසියක් නැති බව වැටහෙන්නේ යම් මොහොතක මේ සාසනයෙන් ලැබෙන උතුම් ධර්ම දායාදය හිමි වූ විට පමණයි.  එතකම් ම ඉතින් අපට අහිමි වී ඇති දේ හි වටිනාකම ගැන අපට අදහසක් ගන්නවත් නොහැකියි.

ඔබ ශ්‍රද්ධාවන්තයෙක් නම් ඇහුම් කන් දීම... අනෙක් පාර්ශවයට ගරු කිරීම... උතුමන් ලොව ඇතැයි යන විශ්වාසයෙන් යුතුව නිරන්තරයෙන් උතුමන්ගේ අවවාද අනුශාසනා විමසමින් ඒ අනුව කටයුතු කිරීමට කැපවීම... පුංචි දරුවෙකුට වුවත් ඇහුම්කන් දෙමින් තමන්ගේ ජීවිතයට ගත යුතු යහපත් දේ එකතු කරගන්නට කටයුතු කරනවා. ඔබ තුල ඇති කෘතවේදී භාවය, ඇහුම්කන් දෙන ස්වභාවය, කිසිම වර්ග කිරීමක් නැතිව ගරු කිරීම යෙදෙන ස්වභාවය, නීති ගරුක බව, ප්‍රතිපත්ති ගරුක බව ආදී කාරණා තුලින් ඔබගේ ශ්‍රද්ධා මට්ටම් ඔබට හඳුනා ගන්නට හැකියි.   මෙන්න මේ ශ්‍රද්ධාවන්ත පුද්ගලයාට පිරිහීමක් නෑ... යහපතක් මයි සිදු වන්නේ.

මෙන්න මේ ඇහුම්කන් දීම තුල කුසලය අකුසලය නිසි ලෙසින් අවබෝධ කරගන්නට අවස්ථාව සැලසෙනවා.  දන්නා කුසලයෙන් ඔබ්බට ගොස් කුසලයේ ගැඹුර අවබෝධ කර ගන්නට අවස්ථාව සැලසෙනවා. ශ්‍රද්ධාව නිසි සේ ඇති පුද්ගලයාට ප්‍රඥාව ලැබෙන්නේ එහෙමයි. දන්න ටික ම දන්නවා දන්නවා කියමින් මහන්තත්වකම් ඇති වෙන්නේ නෑ.  නො දන්නා බව ගැන මයි අවබෝධය ලැබෙන්නේ.  පාපය වැටහෙනවා... පාපයට ලැජ්ජා ඇති වීම භය ඇති වීම කියන කාරණා අවබෝධ වෙනවා.  හදවතට ම දැනෙනවා. ජීවිතයට එකතු වෙනවා. අවබෝධයෙන් වීර්ය කරනවා.  කුසල් දහම් ප්‍රගුණ කරන්නට කම්මැලි වන්නේ නෑ. එදිනෙදා ලෝක වැඩපිළිවෙල තුල අකුසල් සහගත වැඩපිළිවෙලට යොමු වීම... පාප සහගත වැඩපිළිවෙලට යොමු වීමට තමයි කම්මැලි. ඒවායෙන් ඉවත් ව කුසලයේ පිහිටන්නට කම්මැලිකම ඇතිවෙන්නේ නෑ.  ඒ තුලමයි ප්‍රඥාව වැඩෙන්නේ. 

ප්‍රඥාව වැඩෙන විට කිපෙන සුළු බව ඉවත් වෙනවා.  පුංචි පුංචි දේට ත් තරහා ඇති වීම... ගැටීම... අප්‍රිය සුළු ස්වභාවයන් හිතේ සකස් වීම... ක්‍රම ක්‍රමයෙන් බද්ධ වෛරයන් බවට පත් කර ගැනීම් මේ සියල්ලම නැති වෙනවා.  වරද වරද සේ දකිමින් තව තවත් අවවාද අනුශාසනා ලබා ගන්නට කන් යොමු කරනවා.  මේ විදියට වැඩීමක් මිස පිරිහීමක් නම් අත්දකින්නට ලැබෙන්නේ නෑ‌. 

ඉතින් “අපි ඉන්නේ ගිහි පරිසරයේ අපිට කැප වෙන්න බෑ” කියලා ඔබට හිතෙනවා නම්... “පැවිදි පාර්ශවයට විතරයි නිවන් මඟ ගිහි පරිසරයේ ඉඳලා කරන්න බෑ” කියනවා නම්... ගිහි වේවා පැවිදි වේවා ඔබ තුල තවමත් ශ්‍රද්ධාව ප්‍රබල නෑ.  තෙරුවන කෙරෙහි විශ්වාසය නිසි පමණට සකස් වෙලා නෑ.  සම්බුද්ධ ශාසනයක ප්‍රබල බව තවමත් හදවතට දැනිලා නෑ. සම්මා සම්බුද්ධ ශාසනයක තථාගත බුද්ධ වචනය අවබෝධ කර ගැනීම පිණිස ගිහි පැවදි භාවය හෝ ආගම් ජාති කුල මල තත්ව තානාන්තර භේදයන් හෝ මනුස්ස දේව බ්‍රහ්ම ලෙසින් හෝ බේදයක් නෑ.  ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන කාරණා... නැත්නම් මේ ඉහත විග්‍රහ කල කාරණා ඔබ තුල යෙදෙනවා නම් ඔබට තථාගත ධර්මය විවර වෙනවා.  එසේ නම් ඒ තෙරුවනේ ආශ්චර්ය අත්දැක ගැනීම පිණිස කැප විය යුතුයි.

වැදගත් වන්නේ ඔබ මේ සසර දුක් කෙළවරක් කර ගන්නට කැමතියි ද කියන කාරණය පමණයි.  එසේ නම් තමන්ගේ ඒ කැමැත්ත ඉටු කර ගැනීම පිණිස ඔබ විසින් විරිය කල යුතුයි.  ඒ වෙනුවෙන් කැප විය යුතුයි.  ඔබ ගිහි පරිසරයක ඉන්නවා වෙන්නට පුළුවන්... පැවිදි පරිසරයක වැඩ වාසය කරන පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් භික්ෂූන් වහන්සේ නමක් හෝ භික්ෂූණීන් වහන්සේ නමක් වෙන්නට පුළුවන්... කව්රුන් වුවත් සාසනයේ නිසි ඵල අත්දැකීමට නම්... සම්බුදු ඔවදනට අනුව කටයුතු කරමින් කැප විය යුතුමයි.  එවිටයි මේ ශාසනයේ සැබෑ අසිරිය අත්දැක ගන්නට හැකි වෙන්නේ. 

පුර පස සඳ ට යම් රැයක් හෝ දවාලක් හෝ පැමිණේ නම් පැහැයෙන් වැඩේ ම ය. මඬලින් වැඩේ ම ය. දීප්තියෙන් වැඩේ ම ය. උස මහතින් වැඩේ ම ය. වහන්ස, එසෙයින් ම යම් කිසිවකුට කුසල් දහම් හි සැදැහැ ඇත්ද, … හිරි ඇත්ද, … ඔතප් ඇත්ද, … වැර ඇත්ද, කුසල් දහම් හි නුවණ ඇත්ද, ඔහුට යම් රැයක් හෝ දවාලක් හෝ පැමිණේ නම් කුසල් දහම් හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම කැමති විය නොහේ කියලයි මෙවන් පුද්ගලයාට සම්මා සම්බුදු රඳුන් ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය පෙන්වා දුන්නේ.

උතුම් සම්මා සම්බුදු රජුන් සරණ යන්නට... තෙරුවන් සරණ යන්නට ඔබ කරන කියන බාහිර වැඩපිළිවෙල හෝ බාහිර අඳින පළඳින හැසිරෙන ආකාරය බාධාවක් කර නො ගෙන සිත රැක ගන්නා වැඩපිළිවෙලට කැප විය යුතුයි.  නිරන්තරයෙන් තමන්ගේ සිතේ ඇති වන ඇලීම... ගැටීම... වටහා ගන්නට කැප විය යුතුයි.  ඒ දේවල් නැති කර ගැනීමට ශාස්තෘන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා මොනවා දැයි විමසිය යුතුයි.

ඔබ බාහිරයෙන් කොතරම් සංවර වුවත්... ඔබ ඉතාමත් සංවර යැයි සම්මත ඇඳුම් අඳින පළඳින චරිතයක් වුවත්... ඔබ පූජ්‍ය පක්ෂයට ඇතුලත් වුවත්... සමාජයේ ගරු කටයුතු යැයි සම්මත කෙනෙක් වුවත්... සමහර විට ඔබ උත්තරීතර මනුස්ස ගුණ ධර්ම හෙවත් ආර්ය භාවයන් ප්‍රකාශ කරන... ධ්‍යාන ආදිය ප්‍රකාශ කරන... උතුම් යැයි සම්මත කෙනෙක් බවට හිතා ගෙන ඉන්නවා වෙන්නට පුළුවන්.

නමුත් ඔබට ශ්‍රද්ධාවක් නැතිනම්, කිසිවෙකුටත් ඇහුම්කන් දෙන්නේ නැතිනම්, කිසිවෙකුටත් ගරු කරන්නේ නැතිනම්, මාන්නය කුහක බව ඉරිසියාව ඇලීම් ගැටීම් බහුලයි නම්... කව්රුන් සමඟ හෝ මොන යම් හෝ කාරණා ඔස්සේ වෛර බැඳ ගන්නවා නම්... ධර්මයේ නාමයෙන් හෝ තවත් පිරිසක් සමඟ ගැටෙනවා නම් කිපෙන සුළුයි නම් ඔබ තවමත් මේ ශාසනයෙන් බොහෝ දුර සිටින පුද්ගලයෙක්.  බැලූ බැල්මට ඔබට පැවිදි රුවක් විය හැකියි... ඉතාමත් ප්‍රකට බෞද්ධයෙක් විය හැකියි... නමුත් ඔබ තවමත් ශාසනයේ සම්බුදු පිය රජුන් අනුමත කල බොදුනු ගුණ දරන සැබෑ බෞද්ධයෙක් ‌නොවේ.  ඒ නිසා විමසන්න.  සම්බුදු ඔවදන නිරන්තරයෙන් විමසන්න.  කුසල් දහම් පරික්ෂා කරමින් කැප වෙන්න! අති දුලභ තෙරුවනේ ආශ්චර්ය අත්දැක ගන්න!!!

තවත් මෙවැනි ලිපි කියවන්න "නිර්වාණ ධර්ම" වෙබ් අඩවියට පිවිසෙන්න!