නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, March 18, 2020

තමන්ගෙන් අහන්න! (05 කොටස) - ස්ව භාව ධර්මයේ පණිවිඩය දැනුනද?


අනෙක් රටවල මිනිස්සු තම තමන්ගේ යුතුකම වගකීම උපරිමයෙන් ඉටු කරමින් රටක් වශයෙන් එකමුතුව ව්‍යසනයන්ගේ හානිදායක තත්වයන් අවම කරගන්නට උපරිමයෙන් තම තමන්ට කල හැකි කොටස කරන විට... 

සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවාසී ජනතාව දේශපාලනයටම දොස් පවරමින්... රාජ්‍ය පාලනයට දොස් පවරමින්... ඒ දෙන උපදෙස් වලට අනුගත නොවෙමින්... ව්‍යසනය ඉවර වෙන දිනය නියම කරන්නට හැකි සර්ව බලධාරී ජනාධිපති කෙනෙක් සොයමින්... එසේ නොකරන නිසාවෙන් තවමත් දැහැමි රජෙක් සුරපුරයක් මවන තෙක් සිහින මවයි... 

කොතරම් කැපවීමෙන් ඉටු කල හැකි බොහෝ දේ කර දුන්නත් ඒවායේ කිසිඳු වටිනාකමක් අගයක් නොදැක අඩුපාඩුම සොයමින් තමන්ගේ යුතුකම්ද පැහැර හරියි... වෛරයද පතුරුවයි... 

ගෙයක් දොරක් පාලනයක් කරගන්නට නොහැකි බහුතරය රටක් පාලනයට උපදෙස් දෙමින් සුපුරුදු පරිදි කල යුතු දේ කල හැකි දේ මඟ හරිමින් මඟ හැරගනිමින් සිටී.... 

ඒ අතරේ සියලු ව්‍යසනයන්ට ගොදුරුව ලබා ඇති ජීවිතයද නැතිවෙයි... දරාගෙන සිටි ද්වේශ සහගත අදහස් නිසා සුගතියද අහිමිවෙයි... 

මේ මානසිකත්වය කොතරම් පහත් තත්වයට ඇද වැටිලාද කියනවා නම් බුද්ධ විෂය සංඝ විෂය යනාදී උතුම් ගුණයන්ද තම තම දැනුම් මට්ටමින් විවේඡනය කරන්නට මෙය අවස්ථාවක්ද කරගෙන සිටිනවා... 

මේ සෑම දෙයක් තුලින්ම ව්‍යසන තත්වයන් තව තවත් දරුණු වෙනවා මිසක් ලැබෙන යහපතක් නැති බව තෝරාගන්නට තරම් මානසිකත්වයක් අවශ්‍ය නම් ඇති කරගන්නට හැකිවුවත් ඇති කර නොගැනීමට බහුතරය කටයුතු කරනවා. 

තමන් සහ ස්වභාව ධර්මය කියන්නේ එකිනෙකට බැඳී පවතින්නක් කියලා වැටහීමක් තවත් නෑ. තමන්ගේම විස තමන්ටම හානි කරන බව දැකගන්නට මොහොතක් නතර වෙන්නේ නෑ. ඒ දේවල් පෙන්වා දෙන විටදීවත් ඒවා අසාගෙන යහපතක් කරගන්නට උත්සාහවන්ත වන්නේ නෑ. 

නුවණැත්තෙකුට ව්‍යසනයක් කියන්නේ ප්‍රශ්ණ ඇති කාලයක් කියන්නේ තම තමන්ගේ මානසිකත්වය... තම තමන්ගේ වැඩ කටයුතු ගැන... තමන්ගේ ජීවිතය ගැන නැවත සොයා බලන්නට ලැබෙන අවස්ථාවක්... තමන්ගෙන් සිදුවන වැරදි අඩුපාඩු විමසා බලා ශක්තිමත්ව මේ ව්‍යසනයන්ට මුහුණ දෙමින් නැවත මනුසත් ගුණ ධර්ම වඩන්නට ලැබෙන අවස්ථාවක්... 

එහෙත් අනුවණයාට ව්‍යසනය ඉක්මවා ගිය ව්‍යසනයක් තම තමන්ගේ අභ්‍යන්තරය තුලම හටගන්නවා... බිය... තරහා... වෛරය... දොස්දැකීම්... කුහක බව... කෘතගුණ නොදත් බව... 

බහුතරය තුල වූ මේ චිත්ත භාවය හෙවත් ස්වකීය ස්වභාවය සකස් කල විපාක ශක්තිය මෙවර එළිබැස්සේ හෙම්බිරිස්සාවක් වැනි සුළු තත්වයක් මරණ තර්ජනයක් බවට පත් කරමින්. කාලෙන් කාලෙට විවිධාකාර විදියට එළි බසිනවා. ඒත් මෙවර හෙම්බිරිස්සාවක්... සොබාදහම හරියට ඔච්චම් කරනවා වගේ... ඉන්න තත්වය ... ඉන්න තැන තේරුම් ගන්න පොඩි විහිලුවක් කලා වගේ... 

පුංචි පුංචි දේ රැස් කරමින් මහා වෛරයක් කරගෙන එකිනෙකාට දොස් තැබූ දෝසය කළ එළි බැහැලා... පොඩි ඉඟියක් දෙනවා... දැන්වත් තේරුම් ගනිල්ලා කියලා... 

ඒත් නෑ... බහුතරය තවමත් මේ තුලත් යුතුකම් ඉටු කරන්නන්ගේ අඩුපාඩුමයි හොයන්නේ... තමන්ගේ යුතුකම් පැහැර හැරීමමයි කරන්නේ... පුංචි පුංචි කරුණු රැස් කරගෙන වෛරයෙන් සිත් පුරෝගෙන... මරාගෙන මැරෙන්න වුනත් සුදානමක්... හෙම්බිරිස්සාව වුණත් මාරාන්තික වෙන එක අහන්නත් දෙයක්ද... 
මෙයිට වඩා දේවල් ඉදිරියේදී ලැබෙන විට කෙසේ නම් මුහුණ දෙන්නද මොහොතකටවත් සිතුවාද? 

මේ අතරේ මිනිසුන් පිරිසක් ලෝකය පුරාම ඉන්නවා මේ ව්‍යසනයන් ව්‍යසනයන් ලෙසින් නොදැක මහා ශක්තිමත් මනසක් දරාගෙන අන් අයටත් සිතිවිල්ලක් පාසා සෙත් පතන. ඒ අයව මේ කියන බහුතරයක් පිරිසට මහා මෝඩයන්... ව්‍යසනයකට බියෙන් තැතිගැන්මෙන් කලබලයෙන් කටයුතු නොකරන මහා මෝඩයන් පිරිසක්... 

පුංචි කාලේ කතාවක් අහලා තියෙනවා... කොහේ තිබිලා ගත්තද මොන පොතේද බුදු හාමුදුරුවෝ කිව්වද අරවා මේවා නම් දන්නේ නෑ... හැබැයි ඒ කතාවේ හරය ඇත්තක් වෙන බවක් මේ සිද්ධියේදීත් පේන්න තියෙනවා... 
මුලින්ම කතාව කියන්නම්කෝ.... ඒ කතාවේ හැටියට ලෝක අවසානය ලංවෙනකොට “මුරුගසං වර්ෂාව” කියලා වැස්සක් වහිනවාලු.... ඒ වැස්සට තෙමෙන මිනිස්සු මෘගයෝ වගේ ඒ කියන්නේ තිරිසන් සත්තු වගේ හැසිරෙනවාලු.... එකිනෙකා මරාගෙන එකිනෙකාට වින කරගන්නවලු... මේ බව කල්තියාම දකින දෙවිවරු නොයෙක් ආකාරයෙන් මේ මිනිස්සුන්ට මේ වැස්ස ගැන අනතුරු අඟවනවලු... ඒ වැස්සට තෙමෙන්නේ නැතුව ආවරණය වෙලා ඉන්න විදිය ගැන කියලා දෙනවලු... ඒත් මිනිස්සු මේ දෙවිවරු කියන දේවල් ගනං ගන්නේ නෑලු... දෙවිවරුන්ට පිස්සු කියලා තම තමන්ගේ වැඩ කරගෙන ඉන්නවලු... ඒත් ඉතාම සුලු පිරිසක් විතරක් මේ වැස්සට සූදානම් වෙලා තම තමන්ගේ ආරක්ෂාව සපයා ගන්නවලු... ඔන්න වැස්ස වහිනවා... කියන දේ ඇහුව නැති හිතුවක්කාර මිනිසුන් තිරිසන් සතුන් බවට පත්වෙනවා... එකිනෙකා මරාගන්නවා... අර සූදානම් වූ කීප දෙනා විතරක් මනුස්ස ගුණ ධර්ම රැකගෙන අර තිරිසන් සත්ව ගති ආව මිනිසුන්ගෙනුත් ආරක්ෂා වෙලා යහපතක් කරගන්නවා. දෙවියන් කම්පා වුණත් දෙවියොත් හිතනවා "අනේ ඉතින් අපි ඒ මිනිසුන්ට අනතුරු ඇඟෙව්වානේ... මෝඩකමට ඒ අය අනතුර හඳුනාගත්තේ නෑනේ... මොනවා කරන්නද" කියලා... 
මේ කතාව එක එක අය එක එක විදියට අහලා තියෙනවා ඇති... මේ මම ඇහුව කතාව. මට නම් හිතෙන්නේ මේ වැස්ස වහිනවා බහුතරය දැන් ඒකට තෙමෙනවා කියලයි. බහුතරයක් මිනිස්සු තුල තිරිසන් සත්ව ගති සතර අපාගත අමනුස්ස ගති ප්‍රකට වෙමින් තියෙනවා. තවමත් බේරෙන්න අවස්ථාව තියෙනවා. දැන්වත් කියන දේ ඇහුවේ නැතිවුනොත් බේරගන්න කව්රුවත්ම නැතිවේවි. 

බුදු හිමියන් ඇතුලු ශාස්තෘවරුන්ට උතුමන්ට ගරු කරන ගුණ වර්ධනය කරගන්න... 

අනුන්ගේ වරද දකින ස්වභාවය අඩු කරගන්නට උත්සාහවන්ත වන්න... 

තවත් අයට වරද පටවන්නේ නැතිව තම තමන්ගේ යුතුකම නිවැරදිව ඉටු කරනවාදැයි විමසා බලන්න. 

හැමදේම සියල්ලෙන් සියල්ල දන්නවා වගේ තමන් දන්න දැනුමට හිර වෙලා තීන්දු තීරණ අරගෙන මෘගයෝ බවට පත් නොවන්නට තමන්ව ගලවා ගන්නට කටයුතු කරන්න... 

යමෙක් යමක් පෙන්වා දෙන විට ඒ ගැන තම තම නැණ පමණින් විමසා තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන ආකාරයට කටයුතු කරගන්නට උපරිමයෙන් කැපවෙන්න! 

ඔබ තවමත් ආගමට දහමට විද්‍යාවෙන් ඔබ්බට ගිය දැනුමට ගෝචර නොවන දේ විවේඡනයට පත්කරමින් සිටියාට ඔබේ ඔය දැනුම් පද්ධතියට විද්‍යාවට ස්වභාව දහමේ ව්‍යසනයක් නවතා ගන්නට අදටත් බෑ නේද? කොටින්ම ඇවිලෙන ගින්නක් නිවාගන්නට නොහැකියි... පැතිරෙන හෙම්බිරිස්සාවක් නවතාගන්නට නොහැකියි... නියඟයක්... සුනාමියක්... ගංවතුරක් නවතාගන්නට නොහැකියි... දැන්වත් හිතන්න... තවමත් පරක්කු නෑ...

බුදු බණ ඇසුනා නිරන්තරේ... බහුතරය තවමත් වනන්තරේ... දැන්වත් හිතන්න... මල මිනියක තවත් මොනවා මැරෙන්නද? මරණයෙන් මිදෙන්නට දැන්වත් කටයුතු කරගන්නට උත්සාහවන්ත වෙන්න!

අකම්පිතව සිටින්නෝත් මේ ව්‍යසනයන්ට ගොදුරු වෙලා මැරේවි... ඒත් වෙනස තමයි ඒ අය මේ ව්‍යසනයන්ගෙන් ව්‍යසනයන්ට ගොදුරු වුනේ නෑ... ඒ අය බිය, තරහා, වෛරය, දොස් සොයන කුහක ස්වභාවයන් ආදී විස ශරීරගත කරගත්තේ නෑ... මහා සැනසීමකින් ශක්තියකින්... සාමකාමීව මරණය වැලඳගන්නට ඒ අයට හැකියාවක් තියෙනවා. මරණය ඉක්මවා මරණය විඳගන්නට හැකියාවක් ඒ අයට තියෙනවා.
අඩුම තරමේ එහෙම තත්වයක් ලැබුවෙත් අපි වගේම මිනිස්සුම නේදැයි සිතා බලන්න... අපට ලැබුන කාලයම... අපට ලැබුන පරිසරයම නේද ඒ අයට ලැබුනෙත් කියලා සිතා බලන්න... 
තම තමන්ව ගලවා ගන්නට ඒ කියන තත්වයට පත් කරගන්නට දැන්වත් කටයුතු කරගන්නට උත්සාහවන්ත වීම තමන්ටම භාරයි. 

කිසිවෙකුටත් ඔබව ගලවා ගත නොහැකියි... තමන්ව ගලවා ගත හැක්කේ තමන්ටම පමණයි... තමන්ගේ ගැලවුම්කාරයා බවට පත්වෙන්නට අප්‍රමාදී වන්න! 


Monday, March 16, 2020

Are you afraid of Corona Virus?


Now we all are at a risk of pandemic disease like Corona (COVID 19). So, the fear is the first thing which make you sick before even affected by these kinds of diseases. Fear guide you to collect more & more food and other stuff only for yourself by being so selfish. And some feared to the maximum and anger level is at high point by spreading the disease purposely. And when observe all the behaviors it’s so clear that all the animals and lower realms beings who trapped inside human beings are released up to a certain point. So, I am writing this note to those who are in fear by believing that at least a one person could overcome the helplessness faced through this period! 

Samma sambuddha explain certain deep facts through similes. In such occasion blessed one said like this; 

“Bhikkhu, transmigration has no known beginning. No first point is found of sentient beings roaming and transmigrating, hindered by ignorance and fettered by craving. What do you think? Which is more: the mother’s milk you’ve drunk while roaming and transmigrating for such a very long time, or the water in the four oceans?” 

“As we understand the Buddha’s teaching, the mother’s milk we’ve drunk while roaming and transmigrating is more than the water in the four oceans.” 

“Good, good, Bhikkhus! It’s good that you understand my teaching like this. The mother’s milk you’ve drunk while roaming and transmigrating for such a very long time is more than the water in the four oceans. 

Why is that? Transmigration has no known beginning. Bhikkhus, long have you (repeatedly) experienced the death of a father... the death of a brother... the death of a sister... the death of a son... the death of a daughter... loss with regard to relatives... loss with regard to wealth... loss with regard to disease. The tears you have shed over loss with regard to disease while transmigrating & wandering this long, long time… This is quite enough for you to become disillusioned, dispassionate, and freed regarding all conditions.” 

And in some occasion when great Arahant bhikkhus meet the noble lay people who are in their death bed or when they get sick…. They explained like this… 

“So it is, householder. So it is. The body is afflicted, weak, & encumbered. For who, looking after this body, would claim even a moment of true health, except through sheer foolishness? So, you should train yourself: "Even though I may be afflicted in body, my mind will be unafflicted." That is how you should train yourself.' That's how I was sprinkled by the Blessed One with the deathless ambrosia of a Dhamma talk." 

So, my dear dhamma friends… one thing is certain that not having a disease in this body is what should surprise us. If our mind is unafflicted we don’t fear for these kinds of periods. 

If we are fragile and have the ability of get affected by any possible diseases, actually that is the main disease that we owned from the birth. We should cure that disease first. 

So, be wise… this is a good time to see what you do with your life. We have passed many obstacles and many disasters like these. Sometime we failed… sometimes we succeeded. That what we believe. But after all these so-called developments we are still fails to be healthy or to become a mortal being. 

 There is something wrong with the system. So, wake up my dear friends, while you still have the time!

කොරොනා වලට බයයි වගේද?


මේ දවස් වල වසංගත රෝගයක් නේද? ගත හැකි පිලියම් ගැන ගොඩක් කතා කරනවා. ආරක්ෂා වීමට නොහැකි වේදෝයි බියෙන් මහා අසහනයක්... කලබගෑනියක්... තවත් කෙනෙකු ගැන නොසිතා ආහාර පාන ආදිය රැස් කිරීම්... වැළදුනු අය තවත් අයට බෝ කිරීමට දරන ප්‍රයත්නයන්... වැළඳුනු බව පැවසූවෝත් කිසිම පැකිලීමක් නැතිව වස බෝතලයක් ගැනීමට පවා මුදල් ලබා දීම... බලාගෙන ඉන්නකොට දැනෙන්නේ ඇතුලේ ඉන්න සත්තු වත්තමත් අමනුස්සයෝ ටිකත් කළ එළි බැහැලා වගේ තමයි. ඒ නිසා හිතන්න... තවමත් මේ ව්‍යසන හමුවේ අසරණ නොවී යහපතක් කරගන්නට උත්සාහවන්ත වන්න මේ කෙටි සටහන උපකාරයක්ම වෙත්වා!!! 

බුදු පියාණන්වහන්සේ විටින් විට නොයෙක් නොයෙක් උපමා ගෙන අප කොතරම් ව්‍යසනයන්ට වසංගතයන්ට මුහුණ දී ඇතිදැයි පෙන්වා දෙනවා...මේ තවත් එවැනි අවස්ථාවක්... 

''මහණෙනි, මේ දීර්ඝ කාලයෙහි ඇවිදින ලද හැසිරෙන ලද තොප විසින් පානය කරන ලද, යම් මව් කිරක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය. ඊට හේතුව කවරේද?'' 

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරනලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.” 

තවත් විටක බුදු වදන අනුව ගිය රහත් උතුමන් වහන්සේලා අසනීපව දැඩි කායික දුකට පත්ව සිටින ගිහි පරිසරයන්හි වෙසෙන දහම් අවබෝධයෙන් යුතු පිරිස හමුවූ විට මෙන්න මෙසේ පවසනවා... 

“ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, මේ කය රෝග ඇත්තෙක් මැයැ (දුබල බැවින්) බිජුවටක් වැන්න, සියුම් සිවියෙන් වැසුණේ යැ. ගැහැවි, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නිරෝගී බවක් පිළින කරන්නේ නම් ඒ බාලබව හැර අන් කිමෙක්ද? ගැහැවි, එහෙයින් තොප විසින් මෙහිලා මෙසේ හික්මිය යුතු: “ගිලන් කය ඇති මාගේ සිත නොගිලන් වෙති” යි. ගැහැවි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතු යි වදාළහ. 

මේ වදනෙන් මතු කරන එක කාරණයක් නම් හොඳටම පැහැදිලියි ඒ තමයි අපේ මේ කයට ලෙඩක් දුකක් කරදරයක් නොවුනොත් තමයි ඇත්තටම අපි පුදුම වෙන්න ඕන. ඉතින් මේ ලෙඩ වන බව උරුම කරගත්ත කියන ලෙඩේ දරාගෙනම ඉන්න අපට තවත් අමුතුවෙන් බිය විය යුතු නෑ. විය යුත්තේ මේ උරුම කරගෙනම ඇති ලෙඩේ සුවපත් කරගන්නට කටයුතු කිරීමයි. 

වැඩිය ඕන නෑ නේද ඉතින් බුදු වදන තුල ඇති මේ කියමන් දෙකම ඇති කොරොනා වගේ වසංගත බිය දුරු කරගන්නට... විමසා බලන්න ඔබ මෙතෙක් කාලයක් ඇසූ ධර්මය ඔබව මේ කියන අවබෝධය ලබාදී කම්පාවක් බියක් නොවන තත්වයට ආසන්නව හෝ ගෙනත් තිබෙනවාදැයි කියලා. එසේ නොවුනහොත් කොතරම් බණ ඇසුවත්... ඒ බණ තුලින්ද ඒ තෙරුවණේ ආශිර්වාදයෙන් ද රෝග නැතිවේවා ව්‍යසන නැතිවේවා යැයි බියපත්ව සිදුකරන පැතුම් පමණක් ඉතිරිවනු ඇත. 

සතර පෙර නිමිති නොදුටු සිතකට නිවන තවමත් බොහෝ දුරයි. අන්න ඒ නිසා අප්‍රමාදීව විමසන්න තමන් තුල යථාවබෝධයට පත්වීම පිණිස අඩුම තරමේ මේ කියන මූලික අවබෝධයවත් අවදි වෙලා තිබෙනවාදැයි කියා. 

තෙරුවන් සරණින් දැනටමත් වැළඳී ඇති මාරාන්තික භව රෝගය සුවපත් කරගැනීමට අප්‍රමාදීව කටයුතු කරගන්නට ඔබ සැමටම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය බල ගැන්වේවා! මන්ද යත් මේ මාරාන්තික භව රෝගය හමුවේ කොරොනා යනු නොසලකා හැරිය හැකි සෙම්ප්‍රතිෂ්‍යාවක්ම පමණි!!! සැබැවින්ම ඔබේ සිතේ තුන් බිය දුරුවීමට ඒ උතුම් රතන තුනත් ඒ රතන තුල ගැබ්වූ උතුම් ගුණත් ප්‍රයෝජනවත් සුත්‍රයක්ම වෙත්වා!!!