නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, June 1, 2023

සැබෑ යෝගාවචරයාගේ අනුහස් පහ

 


සටහනේ අන්තර්ගතය

ත්‍රිපිටකය සහ අටුවා දහම් ඇසුරු කරන විට හමු වන නිවන් මඟ කළ එළි කර ගැනීමට ඉතාමත් වැදගත් දහම් කොටස් ඔබත් සමඟ බෙදා ගන්නට අප අමතක කරන්නේ නෑනේ. ඉතින්, මෙවර කතු වැකිය වෙන් වන්නෙත් එවැනි ඉතාමත් වැදගත් අපගේ නිවන් මඟට එකතු කර ගත යුතුම දහම් කොටසක්. එහි, අන්තර්ගත වන අදහස අවබෝධ කර ගැනීම තමයි වැදගත් ම කාරණය. ඒ නිසා ඒ ගැනත් විමසා බලන්නට මේ සටහන යොදා ගනිමු.

අපගේ සම්මා සම්බුදු රඳුන් විසින් පසේ බුදු වරුන් ගැන පෙන්වා දෙන අවස්ථා ත්‍රිපිටකයේ දැක ගන්නට තිබෙනවා නේ.  ඉතින්බොහෝ වෙලාවට මේ මාතෘකාව ගැන පටන් ගන්නේ ම ඉතින්, අපේ ආනන්ද ආර්ය ශ්‍රාවකයන් වහන්සේ විසින් ම තමයි. ඉතින්, එක්තරා අවස්ථාවක මේ විදියට පසේ බුද්ධත්වය ගැනපසේ බුදු රජාණන් වහන්සේලා ගැන කරුණු විමසන අවස්ථාවක ආනන්ද හිමියන් ට අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙන්න මේ අපූරු කාරණය මතු කර පෙන්වා දෙනවා.

පඤ්චිමෙ, ආනන්ද, ආනිසංසා පුබ්බයොගාවචරෙ.  කතමෙ පඤ්ච? - ආනන්ද පූර්ව යෝගාවචරයා ගේ මේ ආනිසංස පහකි”

  1. ඉධානන්ද, පුබ්බයොගාවචරො දිට්ඨෙව ධම්මෙ පටිකච්ච අඤ්ඤං ආරාධෙති” “ආනන්ද, මේ ජීවිතයේ දී ම මෙලොව දී ම කල් නොයවා අර්හත් ඵලය සාක්ෂාත් කරයි”
  2. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිකච්ච අඤ්ඤං ආරාධෙති, අථ මරණ කාලෙ අඤ්ඤං ආරාධෙති” “ජීවත් ව සිටිය දී ම අර්හත් ඵලය සාක්ෂාත් නොවුනහොත්මිය යන මොහොතේ රහත් ඵලය සාක්ෂාත් කර ගනී.”
  1. අථ දෙවපුත්තො සමානො අඤ්ඤං ආරාධෙති” නැත්නම්, දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වී රහත් ඵලය සාක්ෂාත් කර ගනී”
  1. අථ බුද්ධානං සම්මුඛීභාවෙ ඛිප්පාභිඤ්ඤො හොති” “එසේත් නැත්නම්, සම්මා සම්බුදුවරයෙකු පහල වන කාලයේ දී සම්මා සම්බුදු වරුන් අබියස දී වහා ධර්මය අවබෝධය කරමින් රහත් ඵලය සාක්ෂාත් කර ගනී”
  1. අථ පච්ඡිමෙ කාලෙ පච්චෙක සම්බුද්ධො හොතී” ති “නැත්නම්, සම්මා සම්බුදු වරුන් පහල නොවන කාලය ක දී පසේ බුද්ධත්වයට පත් වේ”

ඉතින්, පැහැදිලියි ද දැන් මේ කියන දේඅප මහා සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් මේ පෙන්වා දෙන්නේ අවංකව ම කැප වීමෙන් සත්‍ය ගවේෂණය කරන පුද්ගලයාට ලැබෙන විශේෂිත ආනිසංස 5ක් ගැනයි.  ඒ කියන්නේ, ඔබ නම්ඔබ අවංකව ම ඔබගේ විමුක්තිය පිණිස කැප වෙනවා නම්, ඔබ අවංකව ම සත්‍ය කුමක් දැයි අවබෝධ කර ගැනීම පිණිස කැප වෙනවා නම් ඔබ බලාපොරොත්තු වන දේ... ඔබේ කැප වීමට ලැබිය යුතු ප්‍රතිඵලය කාරණා 5ක් යටතේ අනිවාර්යයෙන් ම ඔබට ලැබෙනවා කියල තමයි මේ කියන්නේ. 

පූර්ව යෝගාවචරයා කියන්නේ නිවන් මඟ කැප වීමෙන් කටයුතු කරන පුද්ගලයාටයි.  ගිහි වේවා පැවිදි වේවා ඔබ සත්‍ය සෙවීම පිණිස අවංකව ම කැප වෙලා නම් ඉන්නේ, විමුක්තිය පිණිස අවංකව ම නම් කටයුතු කරන්නේ.  පැවැත්මට, ගිහි බවට මුල් තැන නොදී අවංකව ම විමුක්තිය පිණිස නම් තමන්ගේ කැපවීම තියෙන්නේ අන්න එතකොට ඔබට මේ කියන කාරණා 5 යටතේ අනිවාර්යයෙන් ම ඔබ බලාපොරොත්තු වන විමුක්තිය ඔබට ලැබෙනවා.

පූර්ව භාග ප්‍රතිපදාව කියලත් අහලා ඇතිනේ... නිර්වාණ ධර්ම විග්‍රහයන් තුලින් නිරන්තරයෙන් ඔබට මේ මූලික පදනම නිසි සේ සකස් කර ගන්නේ කෙසේ ද කියන දේට මග පෙන්වා දෙන්නෙත් ඒ නිසාමයි.  යමෙක් අවංකව ම ඒ තමන්ගේ අරමුණ වෙනුවෙන් කටයුතු සම්පාදනය කර ගැනීම තමයි තවත් ආකාරයකින් පාරමිතා කියලත් කියන්නේ.  ඔබ සත්ධර්මාවබෝධය ලැබූ කෙනෙක් වුවත් නොවූ කෙනෙක් වුවත් ඔබ කරන දේට අවකංවම නම් කැප වෙලා ඉන්නේ... ඔබගේ ගුණ දහම් ප්‍රගුණ කර ගනිමින් සත්‍යාවබෝධය පිණිස කැප වෙනවා නම් ඔබට ඔබ බලාපොරොත්තු වන විමුක්තිය ලැබෙනවා.

එය මේ ජීවිත කාලය තුල දී ම වෙන්න පුළුවන්... මිය යන මොහොතේ දී සිදු වන්නට පුළුවන්... නැත්නම් “දිව්‍ය පුත්‍රයෙක්” කියන කාරණයෙන් පෙන්වන්නේ සුගතිගාමී අත්බවයක් ලබා ඒ ජීවිතයේ දී වෙන්න පුළුවන්... සම්මා සම්බුදු රඳුන් කෙනෙක් හමු වූ විට ඉතාමත් ඉක්මනින් සුවසේ රහත් ඵලය ලබන්නට පුළුවන්... ඒ කියන්නේ දාරුචීරිය තෙරුන් වගේ එහෙමත් නැත්නම් ඉක්මනින් ම බණ පදයක් දෙකක් අසා ගෙන රහත් වූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වගේ වෙන්න පුළුවන්... නැත්නම් සම්මා සම්බුද්ධ රත්නය පහල වන කල්ප ලඟ නැති කාලයක දී නම් පසේ බුද්ධත්වය ලබමින් තමන්ගේ විමුක්තිය ලබන්නට හැකියි කියලා තමයි මේ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් පෙන්වා දෙන්නේ. ඒ නිසා තමන් කරන දේ කරන්නේ අවංකව ම ද කියලා නිතර විමසන්න. එවිට ඔබට වරදින්නේ නෑ.  එවිට ඔබ ඒ වෙනුවෙන් කරන කියන සිතන කිසිවක් අපතේ යන්නේ නෑ. 

මේ විමුක්තිය කියන්නේ ම ගුණ ධර්ම වල පිරී ඉතිරී යාමක්.  ඒ ගුණ ධර්ම පිරුනේ පැවැත්මේ වැජඹෙන්න නොවේ.  පැවැත්මේ ඇති අසාරත්වය වැටහෙන පමණින් වැඩි වෙන්නේ ගුණ ධර්මයන් මයි.  තමන් වෙනුවෙන්... තමන්ගේ යැයි ගොඩ ගසා ගැනීම් නැති වෙනවා සේම... තමන් වෙනුවෙන් තමන්ව වත් රැක ගන්නට ඇති බලාපොරොත්තුව නැත්තට ම නැති වී යනවා.  ඒ තුල පිරී ඉතිරී තිබෙන්නේ කිසිදු බැඳීමකින් තොර වූ අසීමාන්තික මෛත්‍රියක්කරුණාවක්සහ වචනයෙන් විස්තර කරන්නට නොහැකි තරමේ ගුණ සමුදායක් පමණයි.  “අනුත්තර වූ පින් කෙත්” කියන්නෙත් ඒ නිසාමයි! 

ඉතින් ප්‍රඥාවන්ත ව මේ කාරණා තුල සැඟව ඇති පණිවිඩය හොඳින් ග්‍රහණය කර ගෙන තම තමන්ගේ නිවන් මඟ කල එළි කර ගනිත්වා!!!

නිර්වාණ ධර්ම වෙබ් අඩවිය ඇසුරේ තවත් දම් ලිපි කියවන්න පිවිසෙන්න!

www.nirvanadhamma.lk


Benefits of a True Practitioner

 


Article summary

I have come across many useful stories and dhamma teachings, whenever I read Tripitaka or Atta katha. So, as you already know I’m so happy to share them with you all by believing that they might be supportive to you as well. So, here is such a wonderful piece of dhamma and let’s discuss what are the importance of this through this month editorial.

You may have heard about the Paccheka Buddhas.  We call them Silent Buddha or Solitary Buddhas.  And Gautama Samma Sambuddha preached about them on various occasions.  You know, how they like… how they became such a Buddha etc.  Normally our Noble Disciple most venerable Bhikkhu Ananda is the one who brings out the subject and related questions.  On such occasion the blessed one has given such a wonderful information about the dedicated practitioners and what benefits should they expect as their ultimate result.

“Panchime, Ananda, anisansa pubbeyogawachare.  Kathame Pancha? – Ananda, the dedicated practitioners have these 5 types of benefits.  What are the five?”

  1. “Idhananda, pubbeyogawacharo ditteva dhamme patikachcha agngnang aradethi”“Ananda, they could achieve the ultimate result of Arahantship in this life itself.
  2. “No che ditteva dhamme patikachcha agngnang aradethi, atha marana kale agngnang aradethi” If they couldn’t achieve the ultimate result of Arhanthship while they are living, they will achieve it while they dying.
  3. “Atha devapuththo samano agngnang aradethi” Or else, they will attain the Arhanthship as a God in a higher realm.
  4. “Atha Buddhanang sammukhabhavi kippabhigngno hothi” Or else, they will attain the Arhanthship instantly in front of a Samma Sambuddha. 
  5. “Atha pachchime kale Pachcheka Sambuddho hothi” thi. Or else, they will be attaining the Buddhahood as a Silent / Solitary Buddha in a period of time where there is no Samma Sambuddha arise.

So, hope you understood these.  This says what are the benefits of a dedicated practitioner.  They are bound with one of these 5 results.  If it is you who practice honestly and dedicatedly you will be achieving your results under one of these states.

Who is the dedicated practioner – a pubbeyogawachara?  A person who is willing to liberate.  A person who is willing to realize the eternal truth.  So, whether it is a lay person or a monk or a nun doesn’t matter who you are from the outer appearance.  What require is how dedicated you are for the liberation or to realize the eternal truth.  If you are still giving the priority for the existence and not the cease of existence that makes you a delayed practitioner.  So, this is about how well you are doing the prior work for the liberation. 

Let’s say you are a farmer.  You are waiting for the harvest.  But what if you haven’t done the needful work for that?  What you are going to harvest?  You have so much to do as a farmer and the harvest is the gift for your honest dedication. So, it always depends on the work you have done prior to the final result.

So, if you are willing to liberate and seeking for the eternal truth… look within and see how dedicated you are and how honest you are for that.  If you are doing the right needs, dedicatedly then your results will be with you in this life itself… or at the moment you die… or as a higher realm being which is assured with your practice of right things. Or else you can become one of the noblest ones in a Samma Sambuddha Sasana, like most venerable Arhant Darucheeriya and other Arahants who attained the final achievement instantly after listening few teachings from Samma Sambuddha.  Or else if that is not a time period of a Samma Sambuddha it is assured to become a Silent Buddha.

So, remember the honestly dedicate practitioner doesn’t practice what they practice for the fame or any other benefits.  They just need to liberate and know the eternal truth only.  So, they don’t have any conditioned mind of what they achieve at the end as a person.  Imagine you are prisoner whom imprisoned for years in a torturous situation.  What you expect?  The fame or the other material benefits? Do you wait to become a star and have some followers?  Or just do you simply need to be free? So, dedicated and honest practitioner means someone like that.  Their true focus has only been for the realizing eternal truth and liberate from this prison call existence.  So, they work on that honestly and results are assured! 

So, my dear Dhamma friends.  Do what you have to do.  Expecting harvest without doing nothing will give nothing at all as the harvest.  If you are honestly dedicated your listening becomes pure.  When you listen you realize the what you hear.  You will know you rather than thinking about yourself.  And then you will realize how torturous the prison is.  Then your focus is only for liberation & liberation only!  So, look within and seek what you actually need and that’s it!  You will be a true practitioner and benefits follows you!   Have a blessed time, dear all!

Read more on the web site

www.nirvanadhamma.com