ඔබ මාර්ගඵල ලාභියෙක්ද? ඔව්, මම එවැන්නෙක්! නැහැ, මම එහෙම නැහැ!
මේ දිනවල නම් බොහෝම ප්‍රකට කරුණක් තමයි බොහෝ මාර්ග ඵල ලාභීන් අප අතර සිටීම. එයින් සමහරක් දෙනා තමන් අරිහත් බව ප්‍රකට කරන අතර සමහරක් තමන් බුදු වී ඇති බවද පවසයි... සෝවාන් ආදී මූලික ඵල ලැබූවන් නම් දහස් ගණනින් සිටින බව අහන්නට ලැබෙනවා.
ඉතින් ධර්මය බෙදාගන්නා විට බොහෝ දෙනෙක් විමසන පලමු ප්‍රශ්ණය තමයි ඔබ ලබා ඇති ඵලය කුමක්ද යන්න? ඔබ අරිහත්ද? ආදී වශයෙන් විමසන්නට පුරුදු වෙලා තිබෙනවා... ඉතින් මේ පුංචි කරුණත් බුද්ධිමත් ඔබේ විමසීම පිණිස යොමු කරන අතර ඔබේ යහපත පිණිසම හේතු වාසනා වේවා!
කැමැති කෙනෙකුට කැමැති පරිදි තමන්ට නොයෙක් මාර්ග ඵල තිබෙනවා කියලා කියන්නට පුළුවන්... කාගෙන් තහනමක්ද? කලින් ලිපියේත් පෙන්වා දුන් පරිදි ඔබට මතක ඇති එයට විවිධ වූ හේතු තිබෙන බවට. ඉතින් මේ මග ඵල විමසන එක බොහෝම සුලභ වෙලා තිබෙන නිසාම ඒ ගැනත් පුංචි සටහනක් තැබීමට යොමුවෙමි...
ඉතින් මෙහෙම හිතමුකෝ...
මගෙන් කව්රු හරි අහනවා “ඔබ සෝවාන්ද සකෘදාගාමීද අනාගාමීද නැතිනම් අරිහත්ද?“ කියලා... එසේත් නැතිනම් “ඔබට තිබෙන සුදුසුකම කුමක්ද මෙය තමයි නිර්වාණය පිණිස තියෙන නියම ධර්මය කියන්න?“ කියලා...
එවන් ප්‍රශ්ණයක් ඇසුවොත් මට කියන්න පුළුවන් ඔව්, මම සෝවාන් එහෙමත් නැතිනම් එයිට වැඩි ඉහල මාර්ගඵල ලාභියෙක් කියලා... එවන් වූ පිළිතුරක් සමඟ සිදුවිය හැකි ප්‍රතිඵල 2ක් තිබෙනවා...
දැන් පේනවනේ නුසුදුසු ප්‍රශ්ණ අහලා ලැබෙන පිලිතුරු අනුව තීරණ ගන්න ගියාම සිදුවන අවාසිය කුමක්ද කියලා. සැමවිටම තමන්ට මූලිකත්වය දෙන්න... තමන්ව මේ සසර ගමනින් මුදවාගන්නට නම් නිකරුනේ අන් අයට ඔය වටිනා මිනිස් ජීවිතය බිලි නොදී යම් බුද්ධි මට්ටමක් තිබෙනවා නම් ඒ මට්ටමින් විමසා තමන්ව මේ සසර කතරින් බේරාගැනීම තමන්ගේ යුතුකමක් වගකීමක් මිස අන්කවරෙකුගේවත් වගකීමක් හෝ යුතුකමක් නොවේ.
අපි පිලිගත්ත නොගත්ත කියලා ඇත්ත වෙනස් වෙන්නේ නෑ... ඔබ ඔබටම උරුම වූ සිතීමේ හැකියාවක් ඇති මිනිසත් බව ලබාගෙන තිබෙනවා... ඒ නිසාම ඔබ එය පාවිච්චි කොට තමන්ට යහපත උදා කරගැනීමට දක්ෂ විය යුතුයි.
ඔබ තවත් අයෙකුගෙන් “ඔබ මග ඵල ලාභියෙක්ද? ඔබ සෝවාන්ද? ඔබ අරිහත්ද? ඔබ බුදු වෙලාද?“ ආදී දේ අසන්නට මත්තෙන් “මේ ධර්මය මෙසේයි කියන්නට ඔබට ඇති සුදුසුකම කුමක්ද?“ යැයි විමසන්නට මත්තෙන් කියන්නේ මොකක්ද කියලා තම තම නැණ පමණින් විමසන්නට පුරුදු වීම සුදුසුයි.
මන්ද හැමෝම කියනවා මේ “නිවන් මගයි“ කියලා... බුදු බණ කියලා රාගය, ද්වේශ, මෝහය වපුරන දේශනාත් තියෙනවා... දැන් ඒ නිවන් මගද ඒ බුදු බණද කියලා තෝරගන්නේ ඔබ අසන පැනය හෙවත් “ඔබ මාර්ග ඵල ලාබියෙක්ද? ඔබට ඇති සුදුසුකම කුමක්ද?“ ආදී ගැටලු වලට ලැබෙන පිලිතුර අනුව නම් ඔබේ මනසින් ඔබේ බුද්ධිමත්භාවයෙන් ඔබේ සිතීමේ හැකියාවෙන් ඇති ඵලය කුමක්ද?
නුවණින් විමසා තීරණය නොගෙන මතුපිට කරුණු කාරණා තුලින් විමසන්නට යොමුවනවා නම් එයින් ලැබිය හැකි ඵලයක් නැති බව තම තම නැණ පමණින් වටහාගැනීම තමන්ට යහපත උදාකරගැනීමට හේතු වේවි.
ඒ නිසා කව්ද කින්ද මන්ද ආදී සුදුසුකම් විමසන්න මත්තෙන් කියන්නේ මොකක්ද කියලා විමසා බලන්න... එයට තමන්ගේම නුවණ යොදාගෙන නුවණින් විමසන්න... ඒ කියන දේ තමන්ට යොදාගෙන විමසන්න... ඒ දේවල් ප්‍රායෝගිකද මේ කියන මාර්ගයේ ගියොත් මේ විදියට හිතුවොත් යම් රාගයක්, ද්වේශයක්, මෝහයක් තිබෙනවා නම් එය අඩු වෙනවද කියලා නුවණින් විමසා බලන්න... එය අසා, දරා, භාවිතා කර බහුලව භාවිතා කර ලැබෙන අත්දැකීම වටහාගන්නට නුවණ මෙහෙයවන්න උත්සාහ කරන්න... එවිට තමන්ට වැටහේවි ඉස්සර මට මෙච්චර ආශාවන් තිබුණා ඒත් දැන් එහෙම නෑනේ... ඉස්සර මට මෙච්චර තරහා ගියා ඒත් දැන් එහෙම නෑනේ... ඒ අඩුවූ පමණින් මට කොතරම් සැනසීමක් ලැබිලා තියනවාද කියලා තමන්ටම වැටහෙන මොහොතක් ලැබේවි... එවිට සොයා බලන්න කුමක් අනුගමනයෙන්ද එය ලැබුනේ කියලා... එය කියවා ගත්ත ධර්ම කරුණක්ද අසාගත් දේශනයක තිබුන ධර්ම කරුණක්ද ආදිය විමසා බලා ... ඉන්පසුව ඒය කිව්වේ කව්ද ලිව්වේ කව්ද කියලා සොයා බලන්න...
ඔබ මුලින්ම විමසා “සුදුසුකම් ලබා ඇති හෝ ලබා ඇති මාර්ග ඵලය“ ආදී “සහතිකය“ අනුව නම් ඒ මාර්ගය තෝරාගන්නවාද නැත්ද යන්න නිගමනය කරන්නේ ඔබ සෑහෙන අමාරුවක වැටෙනවා නොඅනුමානයි... අන්ධ භක්තියන් බෞද්ධයන් නොවේ! සැබෑ බෞද්ධයා නම් නුවණින් විමසා යථාවත් ධර්මය යථාවත් ලෙසින් තෝරාගත්ත පුද්ගලයායි... කව්රු කොහොම කුමක් කිව්වත් මග නොමග තෝරාගන්නට තමන්ගේ නුවණ මෙහෙයවන්න තමන් දක්ෂ විය යුතුයි... 62ක් මිත්‍ය දෘෂ්ඨි තිබෙන යුගයක සම්බුදු පියාණන්වහන්සේ විසින් තම තමන්ගේ ගැටලුවට විසඳුම් දුන් විට එක් බණ පදයකින් යථාර්ථය අවබෝධ කොටගත් උතුමන් සිටියේ “අනේ මේ බුදු වෙච්ච කෙනෙක් කියන දෙයක්නේ“ කියලා භක්තියෙන් අදහපු නිසා නොව කිව්වේ කුමක්ද කියලා නුවණින් විමසා අදහස අවබෝධකරගත් නිසාවෙනි. ඔවුන් මුලින්ම ගොස් විමසුවේ “ඔබේ මාර්ග ඵලය කියන්න මේ සත්‍යයයි කියන්න ඔබට ඇති සුදුසුකම කුමක්ද“ කියලා නොවෙ “මට මෙවන් ගැටලුවක් තිබෙනවා... ඒ ගැටලුවට විසඳුම ලබා දෙන්න කියලයි... “
කැමැති කෙනෙකුට කැමැති පරිදි තමන්ට නොයෙක් මාර්ග ඵල තිබෙනවා කියලා කියන්නට පුළුවන්... කාගෙන් තහනමක්ද? කලින් ලිපියේත් පෙන්වා දුන් පරිදි ඔබට මතක ඇති එයට විවිධ වූ හේතු තිබෙන බවට. ඉතින් මේ මග ඵල විමසන එක බොහෝම සුලභ වෙලා තිබෙන නිසාම ඒ ගැනත් පුංචි සටහනක් තැබීමට යොමුවෙමි...
ඉතින් මෙහෙම හිතමුකෝ...
මගෙන් කව්රු හරි අහනවා “ඔබ සෝවාන්ද සකෘදාගාමීද අනාගාමීද නැතිනම් අරිහත්ද?“ කියලා... එසේත් නැතිනම් “ඔබට තිබෙන සුදුසුකම කුමක්ද මෙය තමයි නිර්වාණය පිණිස තියෙන නියම ධර්මය කියන්න?“ කියලා...
එවන් ප්‍රශ්ණයක් ඇසුවොත් මට කියන්න පුළුවන් ඔව්, මම සෝවාන් එහෙමත් නැතිනම් එයිට වැඩි ඉහල මාර්ගඵල ලාභියෙක් කියලා... එවන් වූ පිළිතුරක් සමඟ සිදුවිය හැකි ප්‍රතිඵල 2ක් තිබෙනවා...
1. ඔබ මාව විශ්වාස කරන්නේ නැත! ඔබ අපහාස උපහාස කරමින් නින්දා කරමින් මට බැන වදින්නට පටන් ගැනීම. ඉතින් බැරිවෙලාවත් මම ඇත්තටම මාර්ග ඵල ලාභියෙක් නම් එහෙම ඔබ කරපු, කියපු, සිතපු ඒ කටයුතු නිසාම ඔබට දුගතියට යන්න මාර්ගය පෑදෙනවා මෙන්ම නිවන් මගත් වැසී යනවා ආර්ය උපවාදයේ බලවත්කම නිසාම.
2. ඔබ මාව විශ්වාස කරනවා! මම කියූ පමණින් ඔබ මාව විශ්වාස කරලා මට බොහෝම ගරු කරන්නට පටන් ගන්නවා... මම කියන්නේ කුමක්ද එය එලෙසින්ම බාරගන්නට ඔබට පෙලඹෙනවා... මන්ද ඔබේ විශ්වාසය තමයි මම සැබැවින්ම මාර්ග ඵල ලාභියෙක් යන්න...
දැන් මේ දෙකොටසින් ඔබට සිදුවන යහපත කුමක්ද? කිසිවක් නැත!!
ඇයි මම එහෙම කියන්නේ?
එහෙම කියන්නේ මේ නිසයි... ආර්ය උපවාදයේ බරපතලකම නැවත නැවත කියන්නට අවශ්‍ය නැහැනේ... ඔබට වඩා ගුණ මහත්වයෙන් සැබැවින්ම වැඩි නම් එහෙම ඔබට ඉන් ලැබෙන භයානක ප්‍රතිඵල එමටයි... ඒ නිසා ඔබේ පිලිගැනීම තුලින් තීරණය ගෙන කටයුතු කිරීමෙන් ලැබෙන පලමු අවාසිය සහ පාඩුව එයයි... දෙවැන්න පාඩුව තමයි නැවතත් ඔබේ පිලිගැනීම නිසාම ඔබ ගන්නා මතයට කොටු වෙලා මම කියන කියන දේ ඉහටත් උඩින් විශ්වාස කරන්නට පටන් ගැනීම... ඒ නිසාම බැරිවෙලාවත් මම ආර්ය පුද්ගලයෙක් නොවේ නම් ධර්මය ලෙසින් පවසන්නේ අධර්මය නිසාම ඔබත් නොදැනුවත්වම ඔබගේ මග නොමග වී අවසානයි. දැන් පේනවනේ නුසුදුසු ප්‍රශ්ණ අහලා ලැබෙන පිලිතුරු අනුව තීරණ ගන්න ගියාම සිදුවන අවාසිය කුමක්ද කියලා. සැමවිටම තමන්ට මූලිකත්වය දෙන්න... තමන්ව මේ සසර ගමනින් මුදවාගන්නට නම් නිකරුනේ අන් අයට ඔය වටිනා මිනිස් ජීවිතය බිලි නොදී යම් බුද්ධි මට්ටමක් තිබෙනවා නම් ඒ මට්ටමින් විමසා තමන්ව මේ සසර කතරින් බේරාගැනීම තමන්ගේ යුතුකමක් වගකීමක් මිස අන්කවරෙකුගේවත් වගකීමක් හෝ යුතුකමක් නොවේ.
අපි පිලිගත්ත නොගත්ත කියලා ඇත්ත වෙනස් වෙන්නේ නෑ... ඔබ ඔබටම උරුම වූ සිතීමේ හැකියාවක් ඇති මිනිසත් බව ලබාගෙන තිබෙනවා... ඒ නිසාම ඔබ එය පාවිච්චි කොට තමන්ට යහපත උදා කරගැනීමට දක්ෂ විය යුතුයි.
ඔබ තවත් අයෙකුගෙන් “ඔබ මග ඵල ලාභියෙක්ද? ඔබ සෝවාන්ද? ඔබ අරිහත්ද? ඔබ බුදු වෙලාද?“ ආදී දේ අසන්නට මත්තෙන් “මේ ධර්මය මෙසේයි කියන්නට ඔබට ඇති සුදුසුකම කුමක්ද?“ යැයි විමසන්නට මත්තෙන් කියන්නේ මොකක්ද කියලා තම තම නැණ පමණින් විමසන්නට පුරුදු වීම සුදුසුයි.
මන්ද හැමෝම කියනවා මේ “නිවන් මගයි“ කියලා... බුදු බණ කියලා රාගය, ද්වේශ, මෝහය වපුරන දේශනාත් තියෙනවා... දැන් ඒ නිවන් මගද ඒ බුදු බණද කියලා තෝරගන්නේ ඔබ අසන පැනය හෙවත් “ඔබ මාර්ග ඵල ලාබියෙක්ද? ඔබට ඇති සුදුසුකම කුමක්ද?“ ආදී ගැටලු වලට ලැබෙන පිලිතුර අනුව නම් ඔබේ මනසින් ඔබේ බුද්ධිමත්භාවයෙන් ඔබේ සිතීමේ හැකියාවෙන් ඇති ඵලය කුමක්ද?
නුවණින් විමසා තීරණය නොගෙන මතුපිට කරුණු කාරණා තුලින් විමසන්නට යොමුවනවා නම් එයින් ලැබිය හැකි ඵලයක් නැති බව තම තම නැණ පමණින් වටහාගැනීම තමන්ට යහපත උදාකරගැනීමට හේතු වේවි.
ඒ නිසා කව්ද කින්ද මන්ද ආදී සුදුසුකම් විමසන්න මත්තෙන් කියන්නේ මොකක්ද කියලා විමසා බලන්න... එයට තමන්ගේම නුවණ යොදාගෙන නුවණින් විමසන්න... ඒ කියන දේ තමන්ට යොදාගෙන විමසන්න... ඒ දේවල් ප්‍රායෝගිකද මේ කියන මාර්ගයේ ගියොත් මේ විදියට හිතුවොත් යම් රාගයක්, ද්වේශයක්, මෝහයක් තිබෙනවා නම් එය අඩු වෙනවද කියලා නුවණින් විමසා බලන්න... එය අසා, දරා, භාවිතා කර බහුලව භාවිතා කර ලැබෙන අත්දැකීම වටහාගන්නට නුවණ මෙහෙයවන්න උත්සාහ කරන්න... එවිට තමන්ට වැටහේවි ඉස්සර මට මෙච්චර ආශාවන් තිබුණා ඒත් දැන් එහෙම නෑනේ... ඉස්සර මට මෙච්චර තරහා ගියා ඒත් දැන් එහෙම නෑනේ... ඒ අඩුවූ පමණින් මට කොතරම් සැනසීමක් ලැබිලා තියනවාද කියලා තමන්ටම වැටහෙන මොහොතක් ලැබේවි... එවිට සොයා බලන්න කුමක් අනුගමනයෙන්ද එය ලැබුනේ කියලා... එය කියවා ගත්ත ධර්ම කරුණක්ද අසාගත් දේශනයක තිබුන ධර්ම කරුණක්ද ආදිය විමසා බලා ... ඉන්පසුව ඒය කිව්වේ කව්ද ලිව්වේ කව්ද කියලා සොයා බලන්න...
ඔබ මුලින්ම විමසා “සුදුසුකම් ලබා ඇති හෝ ලබා ඇති මාර්ග ඵලය“ ආදී “සහතිකය“ අනුව නම් ඒ මාර්ගය තෝරාගන්නවාද නැත්ද යන්න නිගමනය කරන්නේ ඔබ සෑහෙන අමාරුවක වැටෙනවා නොඅනුමානයි... අන්ධ භක්තියන් බෞද්ධයන් නොවේ! සැබෑ බෞද්ධයා නම් නුවණින් විමසා යථාවත් ධර්මය යථාවත් ලෙසින් තෝරාගත්ත පුද්ගලයායි... කව්රු කොහොම කුමක් කිව්වත් මග නොමග තෝරාගන්නට තමන්ගේ නුවණ මෙහෙයවන්න තමන් දක්ෂ විය යුතුයි... 62ක් මිත්‍ය දෘෂ්ඨි තිබෙන යුගයක සම්බුදු පියාණන්වහන්සේ විසින් තම තමන්ගේ ගැටලුවට විසඳුම් දුන් විට එක් බණ පදයකින් යථාර්ථය අවබෝධ කොටගත් උතුමන් සිටියේ “අනේ මේ බුදු වෙච්ච කෙනෙක් කියන දෙයක්නේ“ කියලා භක්තියෙන් අදහපු නිසා නොව කිව්වේ කුමක්ද කියලා නුවණින් විමසා අදහස අවබෝධකරගත් නිසාවෙනි. ඔවුන් මුලින්ම ගොස් විමසුවේ “ඔබේ මාර්ග ඵලය කියන්න මේ සත්‍යයයි කියන්න ඔබට ඇති සුදුසුකම කුමක්ද“ කියලා නොවෙ “මට මෙවන් ගැටලුවක් තිබෙනවා... ඒ ගැටලුවට විසඳුම ලබා දෙන්න කියලයි... “
මුලින්ම ඔබේ ගැටලුව තෝරාගන්න... ඇත්තටම ඔබට නිවනක් ඕනේද කියලා මුලින්ම තීරණය කරලා ඉන්න... නැතිනම් හුදෙක් තර්ක වාද කරමින් ලාභ කීර්ති ප්‍රශංසාද ඔබට ඕන කියලා ඔබ විසින්ම තෝරාගත යුතුයි... ලෝකයේ ජීවත් වෙන්න තීරණය කලා නම් එයට සාර්ථකව ජීවත් වන මාර්ගය පාදා ගන්නට ඔබ සමත් විය යුතුයි... ඉතින් තමන්ගේ ගැටලුවවත් නොදැන තමන්ට අවශ්‍ය කුමක්දැයි නොදැන බහුතරයක් යන නිසා හෝ කාලයේ රැල්ලට හසුවී හෝ තමන්ගේ ජීවිතය බිලිදීම සුදුසුද නැත්ද යන්න තෝරාගැනීම ඔබට භාරයි!
ලෝකය මිත්‍ය දෘෂ්ඨිකයන්ගෙන් තොර ලෝකයක් කරන්න සටන් කලාය කියලා ඔබට එය කරගන්න හැකිවෙනවා නම් සම්බුදු හිමියන් නිවන පසෙකලා මුලින්ම එයට මාර්ගයක් පෙන්වා දේවි... එහෙත් ලෝකය ශුද්ධ කරන්නට මත්තෙන් ඔබ ලෝකයෙන් ශුද්ධ වී සිටින්නේ නම් වඩාත් යහපත් වේවි.
“ඔබ මාර්ගඵල ලාභියෙක්ද? මේ ධර්මය මෙසේයි කියන්නට ඔබට ඇති සුදුසුකම කුමක්ද?“ ආදී ප්‍රශ්ණ ඔබ අසන්නට අසන්නට මාර්ග ඵල ලාභීන් හතු පිපෙන්නා සේ බිහි වේවි... සුදුසුකම් විමසන්නට විමසන්නට සහතික පත් නිකුත්වීම වැඩි වේවි... ඒ සඳහා ආයතන පන්ති බිහිවේවි... ඔබ විමසන නුසුදුසු එක ප්‍රශ්ණයක් නිසාම එය බොහෝ දෙනෙකුට දුගතියට පාර කපාවි... සමහර විට එය ඔබටත් දුගතිගාමී වීමටම පෙර අවස්ථාවක පෙන්වා දුන් පරිදි හේතු නිපදවාවි.

බුද්ධිමත් වන්න! නුවණින් විමසන්න! ඔබව බේරාගැනීමේ වගකීම ඔබටම විනා අවසන ඔය කිසිවෙකුත් ඔබ සමඟ නොසිටීවි. සහතික ගෙන මග ඵල ලැබූවන් සමඟ ඔබටත් නිරයේම දුක්විඳින්නට වේවි... ඒ නිසා ප්‍රවෙශම් වන්නට එකම මාර්ගය නම් නුවණින් විමසීමයි. නිගමනයන්ට තීරණයන්ට එලඹීමට මත්තෙන් ඒ ගැන හොඳින් විමසන්න... තම තම නැණ පමණින් විමසා යහපත කරගන්නට කටයුතු කරගන්න...නිකම්ම නිකම් අන්ධ භක්තියෙක් නොවී යථාවත්ව නුවණින් විමසා තම තම නැණ පමණින් වැටහෙන පමණින් තෝරා බේරාගන්නට යොමුවීම සුදුසුද නැත්ද යන්න තීරණය කිරීම ඔබේම යහපත පිණිස ඔබටම පැවරෙන වගකීමකි!
තිසරණ සරණ ලැබ නිවී සැනසෙත්වා!
1 comment:
යම් කෙනෙකුට පහත පරිදි අතීත,වර්තමාන,අනාගත තුන් කාලය පිලිබඳ සැක පහල වේ නම් ඔහු තවමත් සසරේ අතරමං වූ පෘතග්ජන පුද්ගලයෙකි.
අන්ධබාල පෘථග්ජනතෙම මෙසේ නුනුවණින් මෙනෙහි කරයි.
අතීතයේ මම සිටියාද?
අතීතයේ මම සිටියේ නැද්ද?
අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද?
අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද?
මම අතීත කාලයෙහි කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද?
මම අනාගතයේ ඉපදෙයිද?
මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද?
මම අනාගතයේ ඉපදෙන්නේ නැහැ. (හෝ තව 1 වරයි ඉපදෙන්නේ හෝ තව 7 පාරයි ඉපදෙන්නේ)
අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද?
අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද?
මම මතු කල්හි කවරෙක්ව කවරෙක් වන්නෙම්ද?
ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි.
කෙසේදයත් ?
මම ඉන්නවද? මම නැද්ද?
මම කියල කෙනෙක් නැහැ.
මම කියල කෙනෙක් ඉන්නවා
මම කව්ද?
කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද? මේ සත්ව තෙමේ කොතනින් ආයේද? හෙතෙම කොහි යන්නෙක් වන්නේද?
සබ්බාසව සූත්‍රය
Post a Comment