රුවන්වැලි සෑ චූඩා මාණික්‍ය කොත් වහන්සේ වන්දනාවට ලක්වන නිසාම සමහර කෙනෙකුට මේවාට වදින්නේ ඇයිදැයි ප්‍රශ්ණ තිබෙනවා... තවත් අය සුපුරුදු පරිදි බැන වදිනවා... තවත් අය අවබෝධයෙන් යුතුවම වන්දනා කරගන්නවා... තවත් අය ගැඹුරු අවබෝධයක් නැතිවම වන්දනා කරගෙන සිත් පහදා ගන්නවා. ඒ නිසා ඉතාමත් කෙටියෙන් මේ පින්කම නියමාකාරයෙන් කරගන්නට පැහැදුනුවන්ගේ වඩාත් පැහැදීම පිණිසත්.. නොපැහැදුනුවන්ගේ වඩාත් පැහැදීම පිණිසත්.. පෙනෙන නොපෙනෙන සැමගේ යහපත් වූ චිත්ත ප්‍රසාදය පිණිසත්... කෙටි අදහසක් සටහන් තබන්නට සිත්විය.
දාගැබක / චෛත්‍යයකින් සංකේතාත්මකව ශ්‍රාවකයෙකුගේ නිවන් මඟ සංකේතාත්මකව පෙන්වනවා.
චූඩා මාණික්‍යය තුලින් සංකේතවත් කරන්නේ අවබෝධ කරගත යුතු අවසාන ඵලය වන නිර්වාණයයි. එය දරා සිටින කොත් වහන්සේ හරියට රහත් ඵලය හෙවත් නිවීම දරා ගෙන සිටින රහතන්වහන්සේට සංකේතයක් වැනිය.
ඒ විමුක්තිය ලැබීම පිණිස ගමන් කල යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගය කොත් කැරැල්ලෙන් සංකේතවත් වෙනවා... දෙවතා කොටුවෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත යුතු බවත්... සතරැස් කොටුවෙන් ඒ අවබෝධය පිණිස ලැබිය යුතු සතර සෝතාපන්න අංග හෙවත් කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය, සත්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ දහම් අනුදහම් ප්‍රතිපදාව කියන්නාවූ අංග 4 ලැබිය යුතු බවත් සංකේතවත් වෙනවා.
ඒ සම්පත්තිය ලැබීමට නම් උතුම් තෙරුවන නම් වූ ගර්භය (සත්දහම ගැබ නම් ඒ ගැබ තුල උතුම් සම්බුද්ධ රත්නයේ සංඝරත්නයේ ධාතූන්වහන්සේලාගෙන් යුක්තවීම පෙන්වන්නේ ඒ 3හි ඇති සම්බන්ධයයි... එකින් එක දරාගෙන සිටින ස්වභාවයයි) ඒ තෙරුවනේ ඇසුර ලැබිය යුතු බවත්... එයට පුද සත්කාර කල යුතුබවත්.. එයට ගරු කල යුතු බවත්.. නමස්කාර කල යුතු බවත් ඒ ගර්භය තුලින් සංකේතවත් වෙනවා. වාහල්කඩ 4ත් ඒ පුදසත්කාරය පිණිසම සසර පැවැත්මේ අනතුර දකින වාරයක් පාසා ඒ තුනුරුවනටම සිව්පසය ලබා දෙමින් කෘතෝපහාර දැක්විය යුතු බවත් හැඟවෙන බවයි මගේ අදහස. බොහෝ වාහල්කඩ වල කැටයම් බොහෝ විට සසර පැවැත්මට සම්බන්ධ දේ දැකගන්නට තිබෙන නිසා තමයි ඒ අදහස එසේ එකතු කලේ.
ඉතින් ඒ උතුම් තුන්රුවනේ පහස ලබමින් සැබෑම බෞද්ධයෙක් වෙන්නට නම් සිත කය වචනය මූලිකව සංවරත්වයට පත්කරගෙන තුන්දොර සංවරත්වයේ වැදගත්කම හෙවත් නිවන් මඟේ මූලික පදනම / පාදමම එය බව පේසා වළලු 3න්ද සංකේතවත් වෙනවා.
පන්සලේ සඳකඩ පහනේ... මකර තොරණේ සහ කොටින්ම කියනවා නම් හතර කොන පිහිටන දේවාල 4 පවා සංකේතවත්ව තිබෙන්නේ සැබෑ බෞද්ධයෙකුගේ ගමන් මඟ හෙවත් නිවන් මඟමයි.
මතක තබා ගන්න මේ මට දැනෙන හැඟෙන මම ගන්න සංකේතාත්මක අදහසයි. මේ තුලින් වන්දනා කරන සෑම මොහොතකම මට උතුම් තෙරුවන කෙරෙහි පැහැදීමත් නිවන් මඟම ප්‍රමුඛ වීමත් සිද්ධ වෙනවා. මේ තුල සමහර සංකේතාත්මක අදහස් මේ වන විටත් සමාජගතව පවතින අතර පෙර වැඩ සිටියාවූ උතුම් හිමිවරුන් විසින් ඒවා මතු කර දී ඇති බව පෙනෙන්නට තිබෙනවා. මේ නිවන් මඟ තුල සංඝරත්නය මහා කාර්ය භාර්යයක් හොබවන බව එයිනුදු අදහස් ගත යුතු බවයි මගේ හැඟීම.
අවබෝධයෙන් යුතුව වන්දනා කරන ශ්‍රාවකයා මේ සංකේත හඳුනාගෙන ඒවා තමන් තුලට අනුගත කරගෙන තමන්ද උතුම් නිර්වාණය අප්‍රමාදීව සාක්ෂාත් කරනවා කියන අධිශ්ඨානයෙන් යුතුව දාගැබ් / චෛත්‍යය වන්දනා කරන්නේ සිහිය පිහිටුවීමට මෙන්ම මේ උතුම් මග ලබාදුන්නා වූ උතුම් තෙරුවණට කෘතෝපහාරයක්ම වෙත්වා... නමස්කාර වෙත්වා කියන චේතනාව මුල්කරගෙනයි.
සංකේතාත්මක අදහස ගන්නට දක්ෂ නොවූ එහෙත් තෙරුවන ගැන පැහැදීමක් ඇති ශ්‍රාවකයෙකු විසින් තෙරුවන සිහිකරගෙන වන්දනාමාන කලද අප්‍රමාදීව මේ සංකේතාත්මක මග පැහැදිලි කරගෙන නිවන් මඟ මතු කරගන්නට තෙරුවනේ ආශිර්වාදය ඔහුට / ඇයට ලැබෙනවා.
කිසිවක් නොදැන බැන වදිමින් මේවා බොරු වැඩ කියමින් දෘෂ්ඨි ගත වීම නියත මිත්‍යා දෘෂ්ඨියටම සම්බන්ධ වෙමින් මානසිකත්වයක් සකස් කරන්නේ එසේ ඒ අදහස් දරන්නා තමන්ගේ දෘෂ්ඨියේ තරයේම එල්ඹගෙන නිසි යහපත උදා කරගැනීමට විවර වූ හදවතක්... මනසක් නොදරන නිසාමයි. සරලව මේ ඉහත කියූ ගමන් මග ලබන්නට තරම් විවෘතභාවයක් ඔවුන් තුල නැති නිසාමයි.
කරුණු කාරණා බොහෝ සේ විග්‍රහ කරන්නට තිබුණද උතුම් රුවන්මැලිසෑ කොත්වහන්සේ... චූඩා මාණික්‍යය වන්දනාවට ලක්වන මෙවන් හෝරා කිහිපයක මේ තරමින් වත් අදහස වටහාගෙන නිසි ඵල නෙලා ගැනීම උදෙසා සටහන් තබන්නෙමි.
තෙරුවන් සරණින් නිවන් මඟ විවරව... චූඩා මාණික්‍යයෙන් සංකේතවත් කල නිවීමද... ඒ නිවීම දරන්නාවූ අග්‍ර ඵල දරන කොත්වන්සේ හෙවත් රහතන්වහන්සේ වීමට ඔබ සැමට අවස්ථාව මේ ජීවිත කාල තුලදීම ලැබේවා!!!