නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, November 14, 2019

2020 පහල වන ආධ්‍යාත්මික නායකයා ඔබද?


රටට දැයට යහපතක් ගෙනදෙන ආධ්‍යාත්මිකව දියුණු වූ සැබෑම නායකත්වයක් ඇති පාලකයෙක් එනතෙක් බලා සිටින සියලුම පුරවැසියන් උදෙසා! 

ඔබ පුරවැසියෙක්... 
සැබෑ නායකත්වයකින් යහපත උදා කරගන්නට බලාගෙන සිටින... 
වරදක් නැත... රටකට සැබෑ නායකත්වයක් තිබීම යහපතක්මයි! 
ඔබ පුරවැසියෙක්... 
නායකත්වයකින් යැපෙන්නට බලාගෙන සිටින... 
එහි නම් වරදක් ඇත... රටකටද... පුරවැසි ඔබටද අභාග්‍යයක්මයි! 

සෑම පුරවැසියෙක් තුලම නායකත්වයක් ඇත... 
තමන්වත් අනුන්වත් යහපතෙහි පිහිටුවන්නට, 
ඒ නායකත්වයට ශක්තියක් ඇත... 
ඔබේම හැකියාවන්... දක්ෂතාවයන්... විමසා බලන්න...
ඒ ඒ දේට ඔබ ඔබටම නායකයෙක් වෙන්න... 
බාහිරයෙන් යැපෙන්නෙක් නොවී, 
ඔබ තුලම සැඟව ඇති ඒ නායකයාට ඡන්දය දෙන්න... 
අන්න ඒ නායකත්වය දිනවන්න... 
එවිට ඔබ අවට ඇති තවත් බොහෝ පිරිසකට... 
ඒ නායකත්වය තුලින් තවත් නායකයෙකු බිහි කරගැනීමට, 
සහායක්ම විය හැකිය... 
ඔබේ හැකියාව කුමක් වුවත්... 
ඒ හැකියාව තුලින් යහපතක්ම සිදුකරන්නට... 
ඔබ ඔබටම මඟ පෙන්වා ගන්නා නායකයෙකු වෙන්න... 
අඩුපාඩු හඳුනාගෙන නිවැරදිව ප්‍රතිඵල නෙලාගැනීමට,
ඔබ තුලම වූ ඒ නායකයා අවදි කරන්න... 

සෑම පුරවැසියෙක් තුලම පාලකයෙක් ඇත... 
පාලකයා අවදි විය යුතුය... 
පාලකයා නිදි ගෙන ඇත තාක්... 
සිත... කය... වචනය අසංවරයි... 
ආශාවන්... තරහා ද්වේශය වෛරය... අනුවණකම් පිරී ඉතිරිලා... 
කුහක බව.. ඉරිසියාව පොරකනවා... 
ඉතින්, ඔබ තුල නිදි ගත් පාලකයා අවදි කරන්න... 
සිත, කය, වචනය තමන්ටත් අනුන්ටත්, 
වැඩ දායී ලෙසින් හසුරවන්නට ඒ පාලකයාට ඉඩ දෙන්න... 
ඔබ යැපෙන්නට බලා ගෙන සිටින බාහිර පාලකයාට වඩා 
පුරවැසියෙකු වූ ඔබ තුල සිටින ඒ පාලකයා බලවත්... 
වංචාවෙන්... දූෂණයෙන්... තොර, සංවරත්වය ප්‍රමුඛ කරගත්... 
අන්න ඒ පාලකයා ඔබ තුලින් අවදි කරගන්න... 
අන්න ඒ පාලකයාට ඡන්දය දෙන්න... 
එවිට ඔබට බාහිරයේද, 
වංචාවෙන් දූෂණයෙන් තොර නිවැරදි පාලකයෙකු ලැබේවි! 

තමනුත් හැදී... තමන්ගේ පවුලත් හදන... ගමත් හදන... නගරයත් හදන... 
රටත් හදන... ලෝකයක් හදන... සමස්ත සත්ව වර්ගයාටම යහපත හදන... ඔබ තුල වූ ඒ නායකත්වය... ඔබ තුල වූ ඒ පාලකත්වය... 
අවදිකරන්න... 
ඔබ සොයන ආධ්‍යාත්මික නායකත්වය... 
ඔබ සොයන සෞභාග්‍යමත් දේශය... 
ඔබ සොයන නිවැරදි ගුණ ගරුක නායකත්වය... 
ඔබ සොයන සෘජු ප්‍රතිපත්ති ඇති පාලකත්වය...
පුරවැසි ඔබ තුල වූ නායකයා සහ පාලකයා, 
මත රඳා පවතින බව අමතක නොකරන්න!!! 
ඒ නායකත්වය... පාලකත්වය හඳුනා නොගත් පුරවැසියාගේ තෝරාගැනීම් 100%ක් කිසිදිනක සාර්ථක නොවන බවද නුවණින් දැකගන්න!!! 
සැබෑම ආධ්‍යාත්මික නායකයෙකු වන්නට... විප්ලවීය වෙනසක් තමන් තුලම ඇති කරගන්නට... යැපෙන්නෙක් නොවී දක්ෂ වූ සෘජුවූ සුවච වූ මෘදුවූ නිහතමානී වූ කරුණා මෛත්‍රියෙන් පිරි මිනිසෙක් වන්නට ඔබ සැමටම තෙරුවනේ ආශිර්වාදය රැකවරණය නොඅඩුවම ලැබේවා!!!

No comments: