සම්මා සම්බුද්ධ රත්නය විසින් යථාවත් දහම් එකට කැටි කොට දැක්වූ ඉතාමත් ගැඹුරු වූ
සූත්ර දේශනාවක් තමයි වේපුල්ල පබ්බත සූත්ර දේශනාව. වේපුල්ල නම් වූ පර්වතය සම්බන්ධව
ගෞතම බුදු රඳුන්ගේ කාලයේ දරා ගෙන සිටින සංඥා එකතුවත්... පෙර බුදු වරුන්ගේ කාලයන්
වලදී ඒ සංඥා එකතුව කෙසේ වූයේ ද යන්නත් පැහැදිලි කරමින් සියලු සංස්කරණ වල ඇති නිත්ය
වශයෙන් ගත නොහැකි ස්වභාවය... ස්ථිර වශයෙන් එයම යැයි පිහිටා සිටින්නට නොහැකි
ස්වභාවය... අනිච්ච, දුක්ඛ, අනත්ථ, අසුභ වූ ලක්ෂණ විනිවිද දකින්නට හැකි මහා ගාම්භීර
දේශනාවක්.
“මහණෙනි, පෙර වූවක් කියමි: මේ වේපුල්ල පර්වතයට පාචීනවංස ම ය යි නම් විය
මහණෙනි, එකල්හි මිනිසුන්ට තිවර යන නාමය විය. මහණෙනි, තිවර මිනිසුන්ට
සතලිස්වස්දහසෙක් ආයුඃප්රමාණය විය. මහණෙනි, තිවර මිනිසුන්ට පාචීනවංස පර්වතයට සිවු
දිනකින් නගිත්, සිවු දිනකින් බසිත්. එකල්හි අර්හත් සම්යක්සම්බුද්ධ වූ කකුසඳ
භාග්යතුන් වහන්සේ ලොව පහළ වූ සේක අර්හත් සම්යක්සම්බුද්ධ වූ කකුසඳ භාග්යවතුන්
වහන්සේට උතුම් සොඳුරු යුවලක් වූ විධුර, සඤ්ජීව නම් සවු යුවලෙක් විය. මහණෙනි, බලවු:
මේ පර්වතයේ ඒ නාමය ද අතුරුදන් විය ඒ මිනිස්සු ද කලුරිය කළහ . ඒ භාග්යවතුන්
වහන්සේද පිරිණිවුනහ.
එවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා. එවං අද්ධුවා භික්ඛවෙ
සඞ්ඛාරා. එවං අනස්සාසිකා භික්ඛවෙ සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව
සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං. මහණෙනි, මෙසේ
සංස්කාරයෝ අනිත්යයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අදධුවයහ. මෙසේ සංස්කාරයෝ අනස්සාසික
(=අස්වැසිලි රහිත) ය හ. මහණෙනි, මෙයිනුදු සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසිම ය.
නො ඇලෙන්නට නිසි ම ය . මිදෙන්නට නිසි මැ යි . ත්රිපිටකයේ - සූත්ර පිටකයේ -සංයුත්ත නිකායේ - නිදාන වග්ගයේ - අනමතග්ග සංයුක්තයේ - දුග්ගත වග්ගයේ - 10.වෙපුල්ලපබ්බත සුත්රය
පාචීනවංසො තිවරානං රොහිතස්සාන වංකකො, සුප්පියානං සුඵෙස්සාති
මාගධානඤච වෙපුල්ලො.
තිවරයන්ට පාචීනවංස විය. රෝහිතස්සයන්ට වඞ්කක විය. සුප්පියයන්ට
සුඵස්ස විය. මගධයන්ට වේපුල්ල විය.
අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො,
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛොති.
සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්යහ.
ඉපැද විනාශ ස්වභාව ඇතියහ. ඉපැද නිරුද්ධ වෙති. ඔවුන්ගේ සංහිඳීම සුව යි.
වේපුල්ල
පබ්බත දේශනාවට අපගේ “චන්ද්රශාන්ත් ප්රනාන්දු“ නාමය ද රූපය ද උපමා වෙත්වා!!!
ඒ
චන්ද්රශාන්ත් නමින් දැරූ රුවට හිමි ආයු කාලයක් විය. ඔහු ඇසුරු කල අපට ද ඒ ඇසුරට
සාපේක්ෂව සකස් වූ රුවක් ද... ආයු කාලයක් ද... නාමයක් ද... සැප, දුක, උපේක්ෂා ආදී
වේදනා රැසක් ද ආදී සකස් වී ලැබූ බොහෝ දේ විය.
ස්වාමි පුරුෂයෙක්.... පුතෙක්...
සහෝදරයෙක්... සිසුවෙක්... මිත්රයෙක්... ආදී වශයෙන් චන්ද්රශාන්ත් ප්රනාන්දු හා බැඳුනු සකස් වීම් බොහෝ විය. ඒ සියලු සකස් වීම් හමුවේ ඔබට ද “මම“ ලැබී ඇසුරු කරන්නට ඇති.
මේ
ආකාරයටම නැවත නැවත එකම සිද්ධිය පැවැත්ම නමින් සිදු වන බව දකිත්වා! පෙර ජීවිත වල චන්ද්රශාන්ත් ප්රනාන්දු
නාමය නොවීය. වෙනත් නාමයකින් හමුවිය. වෙනත් ආයු කාලයක් හිමි විය. මේ ජීවිතයේ
චන්ද්රශාන්ත් නමින් හැඳින්වූ කය මේ වන විට විනාශය පත්වී ඇත. සර්පයෙක් පරිහරණය කර
හැර දමා ගිය හැවක් සේ එය විනාශ වී ඇත.
චන්ද්රශාන්ත් මේ වන විට වෙනස්ම රූපයක්...
වෙනස්ම කයක්... වෙනස්ම ආයු කාලයක්... වෙනස්ම පරිසර තත්වය යටතේ හේතු අනුව සකස් වී
ඇත. ප්රඥාව යෙදෙන තරමින් හේතු නිරෝධ වෙමින් සසර අවසන් කරනු ඇත.
නමුත් ඒ කය හා
බැඳුනු මතක සමඟ අප චන්ද්රශාන්ත් ජීවත් කරන්නේ යම්තාක් ද ඒ හා සාපේක්ෂව සකස් වූ ඔබ
ද ජීවමාන වෙයි. ඔබට චන්ද්රශාන්ත් හා බැඳුනු “මම“ හමුවේවි! හේතු සකස් කරමින් “මම“
උපද්දන තාක් ඔබට දුක් රැසකට උරුමකම් ලැබේවි!
නිත්ය වශයෙන්ම... ස්ථිර වශයෙන්ම...
නිච්ච වශයෙන්ම චන්ද්රශාන්ත් ලෙසින් රූපයකට නාමයකට බැඳෙන තාක් නාම රූප බන්ධනය ඔබට
“ඔබ“ ව සකස් කර දෙමින් පිහිටා සිටින්නට ලෝකයක් සකස් කර දේවි! ලාභයක් වූවා යැයි
සතුටු වෙමින් රැවටීමක් තුලම හිර වේවි!
“චන්ද්රශාන්ත් ප්රනාන්දු“ ඒ කය... ඒ
නාමය... ඒ හා බැඳුනු සියලු මතක... තථාගත ශ්රී සත්ධර්මය විමසන... දකින... “නිර්වාණ
ධර්මය“ ඇසුරු කරන ඔබට කමටහනක් වේවා!
මරණය විනිවිද දකිමින් ජරා මරණයන්ගේ ද අනිච්ච,
දුක්ඛ, අනත්ථ, අසුභ බව දකිමින් තුන් ලෝකයෙන්ම එතෙර වෙත්වා!!!
ජීවිත කාලය පුරාවට
සිත් සතන් නිවී සනසාලන්නට චන්ද්රශාන්ත් ප්රනාන්දු නමින් දුන් ඒ උතුම් කල්යාණ
මිත්රත්වය ඒ නික්ම යෑම ද ගැඹුරු දහම් දැකීමට මඟ විවර කර දෙමින් ඒ කල්යාණ
මිත්රත්වය තව දුරටත් අඩුවක් නැතිවම ලැබේවා!!!
ලෝකය පුරා බහුතරයක් සතුන් ද ඇතුලුව සිදු කරන ජීවන අරගලයට මුල් තැන දෙනවට වඩා, අර්ථයක් එකතු කර ගන්නට කැප වෙන්නට හැකි නම් ඔබගේ ජීවිතයට ඔබටත් මේ ගැඹුරු දහම් ප්රත්යක්ෂ කර ගනිමින් සියලු දුක් රැස අවසන් කර ගන්නට හැකි වේවි!
චන්ද්රශාන්ත් නාමයෙන් සියලු ලෝ සත වෙතට පැවැත්වූ මතක බණ අර්ථවත්ව අවබෝධ වෙත්වා! පැවැත්ම නැවැත්ම පිණිසම... නිවන් අවබෝධය පිණිසම හේතු උපකාර වෙත්වා!!!
චන්ද්රශාන්ත් ප්රනාන්දු උත්තම කල්යාණ මිත්ර රත්නය වෙනුවෙන් සසර පුරා... මේ ජීවිතය පුරාවට... මේ මොහොත දක්වා ද ... ජීවිත පරිත්යාගයෙන් වේවා, ක්රියා මාත්රයකින් වේවා, වචන මාත්රයකින් වේවා, සිතිවිලි මාත්රයකින් වේවා කැප වූ සියලු ලෝක සියලු සත්වයන් හට උතුම් තෙරුවන් ආශිර්වාදය අඛණ්ඩව ලැබේවා!
තුන් ලෝක වාසී සියලු උතුමන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා!
සත්යාවබෝධය ලැබීමට යම් බාධාවක් වේ නම් ඒ සියලු බාධා දුරු වෙත්වා! අප්රමාදීව සියලු දුකින් නිදහස් වෙත්වා!