පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින සම්පූර්ණ ක්‍රියාවලියේ ම දෝෂයක් තියෙනවා. හරියට හදන්න බැරි මූලාංක දෝෂයක් වගේ. මේ දෝෂය ගැන නො දන්නා කමින් ලෝක සත්වයා රැවටෙන මුලා වෙන වැඩපිළිවෙළක බැස ගෙන ඉන්නවා. එයට අපි කියනවා සසර පැවැත්ම කියලා!
ඇහෙන්, කණෙන්, දිවෙන්,
නාසයෙන්, කයෙන්, මනසින් හසු කර ගන්නට නොහැකි මේ මූලාංක දෝෂය නුවණින් දැක ගන්නට මඟ
පෙන්වා දෙන්නේ, කාලයකට වරක් අති දුලභව තුන් ලෝකයට ම පහල වෙන තථාගත සම්මා සම්බුදු
රජාණන් වහන්සේ කෙනෙකු විතරමයි. දෙවියන්
වේවා... බ්‍රහ්මයන් වේවා... මිනිසුන් වේවා... කාමය මත යැපෙන, රූපය මත යැපෙන,
අරූපය මත යැපෙන මේ තුන් ලෝකයක ම සත්වයින්ට මූලාංක දෝෂය පෙන්වනවා.
දෝෂය පෙන්වා දෙන කල, ප්‍රඥාවන්තයා මේ දෝෂය දකිනවා. ඇසෙන් හෝ කණෙන් හෝ දිවෙන් හෝ නාසයෙන් හේ කයෙන් හෝ මනසින් නොවේ. ප්‍රඥාවෙන්... ඒ ප්‍රඥාවට උපකාර වන ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය කියන්නා වූ ඉන්ද්‍රියයන් තුලින් තමයි ප්‍රඥාවන්තයා මේ දේ දැක දැන අවබෝධ කර ගන්නේ.
නිවැරදි
කල නොහැකි මේ දෝෂයේ බලපෑම කොතරම් දැයි දකිනවා.
දෝෂය ගැන අවබෝධ වන මොහොතක් පාසා කලකිරෙනවා... මෙතරම් කාලයක් පෙනෙන, ඇහෙන,
දැනෙන, විඳින ක්‍රියාවලියේ දී ඇස, කණ, දිව, නාසය, කය, මන සහ රූප, ශබ්ද, ගන්ධ,
රස, ස්පර්ශ, ධර්ම හමුවේ මහා රැවටීමකට ලක් වූ ආකාරයත්... දෝෂයේ බලපෑම කොතරම් ද
යන වගත් මොහොතක් පාසා අවබෝධ කරනවා... පැවැත්ම යනු මේ දෝෂය ම බවත්... මේ
දෝෂයෙන් තොර ව පැවැත්මක් සකස් විය නොහැකි බවත් නුවණින් දකිනවා... නුවණින් දකින
මොහොතක් පාසා මේ දෝෂය කෙරෙහි... මේ දෝෂයේ ඵලයන් කෙරෙහි කලකිරෙනවා... කලකිරෙන්නේ...
නො ඇලේ... නො ඇලෙන්නේ... මිදේ... මිදේ මිදුණු බව දැන ගනියි යන පිළිවෙලට මොහොතක්
පාසා පැවැත්මට හේතු සකස් වීමෙන් නිදහස් වෙනවා.
ඉතින්, මේ කෙටියෙන් කිව්ව
කාරණයේ මූලාංක දෝෂය ධර්මය තුලින් ම පමණයි දැන ගත හැකි වන්නේ. මූලාංක දෝෂය දැන අවබෝධ කර ගත් කෙනෙක් ට ම පමණයි
මෙය පෙන්වා දෙන්නට හැකි වෙන්නෙත්. මූලාංක
දෝෂය මෙයයි ලෙසින් අනුමාන ඥානයෙන් පසුවන්නෙකුටවත් මේ දෝෂයේ තරම දැනෙන්නේ නෑ.
මෙන්න මේ නිසාම මූලාංක දෝෂය
ලෙසින් මූලාංක දෝෂය නිසාවෙන් හට ගත් ඵලයන් ගේ දොස් දකින්නට බොහෝ දෙනෙක්
පෙලඹෙනවා. ඒවායේ දොස් තථාගතයන් වහන්සේ
කෙනෙක් ලෝකයට පහල වුනත් නැතත් දැක ගන්නට හැකි තත්වයක්. ඒත් එය අවබෝධ වෙන්නේ මූලාංක දෝෂය නිවැරදිව හසු
වූ දිනයටයි.
ඒ වගේම මූලාංක දෝෂය නිවැරදිව
හසු වෙලා ද නැත්ද කියන කාරණය නුවණින් දැකීමත් වැදගත්. යමෙකුට මූලාංක දෝෂය නිවැරදිව හසු වුනා නම් එය
නිවැරදි කල නොහැකි දෝෂයක් ලෙසින් ම දකිනවා.
රහත් ඵලය කියන්නේ හෝ නිවන කියන්නේ ඒ දෝෂය නිවැරදි කිරීම නොවන බව දකිනවා.
දෝෂය දෝෂය සේ හැඳින... එහි බරපතලකම හැඳින ඇතිවෙන මිදීමක් බව දකිනවා. මාර්ගය තියෙන්නේ දෝෂය නිවැරදි කර ගන්නට නොවේ...
දෝෂය දෝෂය සේ හැඳින දෝෂය සහ පැවැත්ම අතර ඇති බැඳීම අවබෝධ කර ගැනීමට බව අවබෝධ
වෙනවා.
ඔබටත් සිතෙනවා නම් නිවන යනු
මේ සියලු දෝෂයන් ගෙන් මිදීමක් ලබා යම් සැනසීමක් ලබන තත්වයක් ය කියලා තවත් ගැඹුරින්
දහම් විමසන්නට තරම් ප්‍රඥාවන්ත විය යුතුයි. මූලාංක දෝෂය ලෙසින් එයින් ම හට ගත්
ඵලයක දොස් දැක, ඵලයෙන් මිදීම යන කාරණා... පැවැත්මක අවසානය නොවන බව අවබෝධ කර ගන්නට
නිරන්තරයෙන් පෙර නො ඇසූ විරූ තථාගත සත්ධර්මය ශ්‍රවණය කල යුතුයි.
මෙන්න මේ නිසා තමයි තථාගතයන් වහන්සේලා විසින් කල්‍යාණ මිත්‍ර සේවනය තුල සත්ධර්මය ශ්‍රවණය කිරීමේ දී යෝනිසෝ මනසිකාරය සහ දහම් අනු දහම් ප්‍රතිපදාව කියන කාරණා යෙදෙන විට මෙන්න මේ මූලාංක දෝෂය හසු වීම හෙවත් දර්ශනයෙන් පහ විය යුතු කොටස පහ වන බවත් ඉන් පසුව එවැන්නෙකුට භාවනාව පනවන බවත් පෙන්වා දුන්නේ.
ඉතින්, තනිවම පොත පත
කියවා හෝ තනිවම භාවනාවේ යෙදීමෙන් හෝ හසු වන සියල්ලම මූලාංක දෝෂය සහිත යි. මූලාංක දෝෂය නිවැරදිව අවබෝධ කර නො ගෙන පැවැත්මෙන්
නිදහස් වීමක් කියන කාරණය යෙදෙන්නේ නෑ. අන්න ඒ නිසා නිරන්තරයෙන් තෙරුවනේ රැකවරණයේ
සිටින්න කවදාවත් වරදින්නේ නෑ!!! පින්වත්
ඔබට තෙරුවන් සරණයි!!!
No comments:
Post a Comment