නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, December 1, 2023

Now Showing – “The Absurdity”!

 

When we carry out our daily activities, regardless of age, we have to face various kinds of problems. On such occasion how do you deal with such issues? Whether it is Buddhism or Christianity or Catholicism or Hinduism or Islam or whatever kind of religion or belief you follow, how do you behave in such situations? So, let's explore within and make this month’s editorial a beneficial one to your life!

Before we start the main topic, I felt like sharing a wonderful teaching from our most Venerable Bhante Wellawatte Seelagawesi Thero.  We normally address him by the name "Master Po".  Do you remember "Master Po" the blind teacher in the famous Kungfu series who guided “Kwai Chang Caine” by calling him “Grasshopper”?  Like him, our Bhante, also make sure to guide us by giving tiny but profound teachings most of the time!  That's the reason we call him "Master Po”!

So, that was one rainy day and the water fall going through the monastery was a bit harsh. So, our Bhante started telling this to us by looking at it.  "Imagine a mother and a kid walking by this water fall... and then the kid fell in to the water... and mother absurdly begin shouting and running by saying "my kid has fallen... my kid is dying... etc." She could only do that because she lost her sense of what should do on such an occasion.  Then what happen?  Kid may die... Mother could be gone through mentally unstable for life... or worst-case scenario, she also could have jump in to the water by forgetting that she is not capable of swimming. And both of them die!  What a disaster!  Why?  Just because mother didn't practice “equanimity – the Uppekha” in her life.  If equanimity is there or if we could behave patiently in any of these occasions, all the possible solutions come so quickly to our mind.  Instead of behaving absurdly, this mother could have shout for help.  And some one will come to save them and both could be saved!  So, always remember to develop equanimity.   Then only, you will be able to succeed in your life no matter what it is you will be able to get a clear and best decision!

So, with this beautiful advice of "Our Master Po" I would like to begin the topic which I actually wanted to address.  Mental instabilities like stress... depression… restlessness… have become so common these days.  No matter what age group, most of them have becomes victim of many types of issues.  So, in such moments how do you face them?  How do you behave?  Angrily... restlessly... sadly... worriedly... how absurdly?

And most of the time result is very harmful to both parties.  Very damaging, isn’t it?  And what are the excuses we give to justify our behaviors?  "I have these problems... I have these issues... I am going through such a phase that's why I'm like this... or else I'm not like this… I am a mess, becoz of this... that's why I can't even go to a temple or church... I have no peace to listen to a dhamma teaching with all these issues..."  We could give thousands and thousands of excuses so proudly to justify our absurd behaviors!

Aren't you feel ashamed?  Because my friends, this isn't showing your smartness... this shows how unskillful you are! 

Who fails to stay calm and happy and pleasantly when everything is so perfect?  When we are super healthy and fit... when others treating us so pleasantly... when job do well for us...  when our studies go well... when we have enough money... when we have food, cloths, place to stay and medicine like everything we need... When everything is so supportive to us... basically, when everything goes so well for us, it's obvious that anyone could maintain the mental stability!  Do you think that's a skill? 

It's easy to drive a vehicle in a lonely road where there is not a single vehicle cross by or any beings are not available.  Do you think you can call you a skillful driver? How capable you are to drive your vehicle with patience, when the road is busy and filled with vehicles, pedestrians... and some animals…?  Basically, when there nothing is peaceful in the road?  If the crowd makes you so restless and angry, shouting, delaying to the destination and sometimes accidents... breaking the rules...  fined... and getting angry again on fines... etc... etc... How on earth, one could identify them as a such a good and skillful driver by driving like this?

This is the same way you do with your vehicle call "your body" right?  So many accidents... so many absurdity... But still believes that, "I am one of the best drivers!"

So, then my dear friends it's time to take proper actions.  No matter what you believe as your religion or belief, you should start behaving like a human being no matter what the situation is.  Because, this is not something religious, this should be a simple basic behaviour of a human life! 

The absurdity is the way of animals, coz they don't have any controls over their emotions.  But, us human have this capability of using our mind to think and understand a situation and act wisely! Human can develop patience.  Human can develop the equanimity.  as a human you are capable of doing so much more than behaving absurdly when things aren't working according to the way you desire!  Think about this too my friends! Because when you behave sensible as a human being, you will see many solutions to the issues which you assume that there is no solution.  You will see many possibilities of reacting to them than reacting absurdly.  You will be able to make many decisions wisely not absurdly!  you won't harm yourself or the other parties!

Be skillful... it's not a wise decision to show how unskillful we are and then proudly saying "my moods are depending on the circumstances”! No matter what the circumstance is we should have a clear & pleasant mind.  So, use it what you already have when you have it! And that's my friend call a human life! 

So, have a blessed time by being a human and get ridding of absurdity!  Identify the possibility of what a human can really do than behaving like an impatient animal!  Good luck friends! Have a blessed time!

Stay in touch with Nirvana Dhamma WebSite! 

අදක්ෂකම ප්‍රදර්ශනය!

 

එදිනෙදා ජීවිතයේ කටයුතු කර ගෙන යන විට වයස් භේදයක් නැතිවම එක, එක ආකාරයේ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ වගේ වෙලාවට ඔබ කටයුතු කරන්නේ කොහොමද? බුදු දහම වේවා... ක්‍රිස්තියානි කතෝලික දහම් වේවා... හින්දු දහම් වේවා... ඉස්ලාම් දහම් වේවා කුමන ආකාරයේ දහමක් අනුව ජීවිතය ගත කලත් මේ වගේ අවස්ථා වල දී ඔබගේ හැසිරීම කෙසේද? අපගේ තමන් ගැනම සිදු කරන මේ පර්යේෂණය සාර්ථක කර ගැනීමට උපකාර විය හැකි යැයි මම විශ්වාස කරන තවත් කාරණයක් මෙවර කතු වැකිය තුලින් විමසමු!

කාරණාව පටන් ගන්න කලින් අපේ ජීවිත වලට මහත් වූ ආශීර්වාදයක් වූ පූජනීය වන්දනීය වැල්ලවත්තේ සීලගවේසී හිමිපාණන් වහන්සේගේ අපට කියලා දුන්න කතාවක් එකතු කරන්නම්.  කුංෆුකතා මාලාවේ “කේන්ට “තණකොළ පෙත්තා කියමින් කතා කරන... ඉතාමත් කෙටියෙන් හරි අපූරු අවවාද අනුශාසනා දෙන “මාස්ටර් පෝමතකයි ද? අපේ මේ වන්දනීය සීලගවේසී හාමුදුරුවොත් අන්න ඒ වගේ තමයි ඉතින්. ඒ නිසා උන්වහන්සේට අපි නම් කියන්නේ “මාස්ටර් පෝ” කියලා.

කියලා දුන්න කතාවට යමු කෝ එහෙනම්... එදා ගොඩක් වැස්ස දවසක් නිසා ආරණ්‍යය හරහා ගලන ඇල්ල ගොඩක් සැරට තිබුණා... උන්වහන්සේ ඒක පෙන්නමින් තමයි මේ කතාව කිව්වේ.  “ටිකක් හිතන්න පුතේ, අම්මා කෙනෙකු යි දරුවෙකුයි මේ ඇල්ල ලඟින් යනවා.  මේ ඇල්ලට ඒ අම්මාගේ දරුවා වැටෙනවා.  ඒ වෙලාවට අම්මා අසිහියට පත් වෙලා කෑ ගහනවා... “මගේ ලමයා වතුරට වැටුණෝ... මෙන්න ලමයා මැරෙනවෝ” කියලා... උමතුවෙන් එහාට මෙහා ට දුවනවා මිසක් කරන්න ඕන වැඩේ ගැන මෙලෝ සිහියක් එන්නේ නෑ! ඉතින්, මොකෝ වෙන්නේ... එක්කෝ ලමයා මැරෙයි... අම්මට පිස්සු හැදෙයි... නැත්නම් අම්මත්, තමන් පීනන්නත් දන්නේ නෑ කියලා මතක නැතිව මේ ඇල්ලට ම පැනලා මැරෙයි... විනාශයක් නේද වුණේදැන් ටිකක් හිතන්න පුතේ, මේ අම්මා උපේක්ෂාව ප්‍රගුණ කරලා තිබුණා නම්... ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්නට හැකියාවක් හදා ගෙන තිබුණා නම් මේ තමන්ගේ දරුවා වතුරට වැටුණ වෙලාවේ තමන්ට ගන්නට හැකි විසඳුම් ඉතාමත් වේගයෙන් හිතට ගලා ගෙන එනවා.  කෑ ගහන්නේ අර පිස්සුවෙන් විකාර වෙලා නෙවේ... තමන්ගේ ලමයා ව බේර ගන්න හැකි කෙනෙක් ව කතා කර ගන්න තමයි කෑ ගහන්නේ. මහා විනාශයක් වැළකෙනවා නේදඒ නිසා පුතේ, උපේක්ෂා සහගත බව යෙදුනොත් තමයි ඕනෑම කාරණයක සාර්ථකත්වය ලබන්න පුළුවන් වෙන්නේ.  එතකොට තමයි යමක් කෙරෙහි කරන්නට හැකි සුදුසු ම දේ ගැන තීරණයක් ගන්න පහසු වෙන්නේ!”

ඉතින්, අපේ “මාස්ටර් පෝ” ගේ මේ ලස්සන කෙටි අවවාදයත් එක්ක මෙවර කතු වැකිය තුලින් මට කියන්න ඕන වුන කාරණයට මුල පුරන්නම් කෝ.  මේ කාලයේ ලොකු කුඩා සැමට ම ඉතින් මානසික ආතතිය විවිධ මට්ටම් වලින් තියෙනවානේ නේදවයස් භේදයක් නැතිවම ඉතින් ප්‍රශ්න... ප්‍රශ්න... ඉතින්, මේ වගේ ප්‍රශ්නයක් කියන වෙලාවට ඔබගේ හැසිරීම කොහොම ද?

තරහා ගිහින්... ඉතාමත් අසහනකාරී ලෙසින්... දුකට පත් වෙලා... කම්පා වෙලා... ජරමර ගොඩයි නේ ඉතින් නේදඅනෙක් පාර්ශව වලට විවිධ මට්ටම් වලින් හානි කරන්න කටයුතු කරනවා.  පුංචි දරුවාගේ පටන් ගෙන වැඩිහිටි පාර්ශව දක්වා ම තමන්ගේ “ප්‍රශ්නයට මුල” කියලා හඳුනා ගත්තා වූ ජීවි වේවා... අජීවි වේවා සියල්ල කෙරෙහි ඉතාමත් ද්වේශ සහගත ව හැසිරෙන වෙලාවල් තමයි වැඩි.  ඒ මදිවට මේ “වෙඩි කෑව සතෙක් වගේ හැසිරෙන” මේ වැඩපිළිවෙල සාධාරණීකරණය කරන්නට ඉදිරිපත් කරන්න නිදහසට කාරණා මොනවද?  “මට ප්‍රශ්න නේ... මේ දවස් වල මගේ ජීවිතේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා.  ඒ නිසා තමයි මම මේ විදියට හැසිරෙන්නේ... නැත්නම් මම මෙහෙම නෑ... බණක් දහමක් අහන්නවත්... පන්සලකට පල්ලියකට යන්නවත් පුළුවන් ඒවා නෙවේ මට මේ සිද්ධ වෙන්නේ!” කියලා හරි උජාරුවෙන් කියමින් තමයි ඒ වැඩපිළිවෙල සාධාරණීකරණය කරන්නේ.

දැන් ඉතින්, පොඩ්ඩක් නැණවත්ව තමන් දිහා බලන්න.  මේ උජාරුවට කියන්න හැකි තත්වයක් ද ඇත්තටම? ලැජ්ජා වෙන්න එපැයි මෙහෙම කියන්න. ඇයි ඒඇත්තටම මේ ප්‍රදර්ශනය කරන්නේ තමන්ගේ අදක්ෂ කමක් නෙවේ දසියලු තත්ව යහපත් වන විට යහපත් ආකාරයෙන් හැසිරෙන්න ඕනම කෙනෙකුට පුළුවන් නේ නේදඕකට අමුතු දක්ෂ කමක්... අමුතු ආගමක දහමක අවබෝධයක් ඕන ද

කයේ ලෙඩක් දුකක් වේදනාවක් කියලා දෙයක් දැනෙන්නේ නැති වෙලාවට... වටේ ඉන්න හැමෝම ප්‍රශංසනීය ලෙසින් කතා බහ කරන වෙලාවට... කෑම බීම, ඉදුම් හිටුම්, වස්ත්‍රාභරණ ආදී සියලු අවශ්‍යතාවයන් තමන්ට රිසි සේ ලැබෙන වෙලාවට... රැකියාවක් කරනවා නම් ඒ රැකියාවේ කටයුතු හොඳින්ම සිදු වන වෙලාවට... ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න කටයුතු හොඳින්ම කර ගන්න පුළුවන් වෙන කොට... හැම දෙනාගෙන් ම සහායක් ලැබෙන විට... අතේ මිල මුදල් යහමින් ගැවසෙන විට... මේ වගේ තත්වය යටතේ සතුටෙන් සැනසීමෙන් ඉතාමත් ප්‍රශංසනීය චරිතයක් වගේ හැසිරෙන්න කාට බැරි දඉතින්, ඔබට හිතෙනවද මේක මහා විශාල දක්ෂකමක් කියලා

එහෙම හිතෙනවා නම් ඉතින් ටිකක් විතර මොට්ටයි නේද කියලා බලන්න ඕන.  මොට්ටයි කිව්වේ විදලා බලන්න හැකියාවක් නැති යම් කාරණයක් විනිවිද දැකලා එහි සැඟව ඇති යථා ආකාරය හඳුනා ගන්නට දක්ෂ නෑ කියන එකයි.  මොට්ට වුණා වගේ නෙවේ මොට්ටකම ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා ම හානිය තවත් අධිකයි! ඒ නිසා මේ ගැන හොඳින් අවබෝධ කර ගන්න ඕන හොඳේ!  මේ කිව්ව යහපත් යැයි කියන “තත්ව” එකක් හෝ හරියට නැති වෙන කොට මොකද වෙන්නේ ඉතින්? “වෙඩි කෑව සතෙක් වගේ හැසිරෙනවා”!  සැබෑවට ම දක්ෂකමක් තියේ නම් යෙදෙන්න ඕන මේ වගේ වෙලාවට නේද?

වාහනයක් තියා මනුස්සයෙක් සතෙක් වත් යන්නේ නැති පාළු පාරවල් වල වාහනය පැදලා දක්ෂ රියදුරෙක් කියන්න පුළුවන් දහදිසියේ හුළඟ ටිකක් වේගයෙන් හැමුවත් ඇති වාහනය පාලනය කර ගන්න දක්ෂ නෑ... වාහන, මිනිස්සු, සත්තු ආදී හැමෝම ගැවසෙන ඉතාමත් කාර්ය බහුල පාරක වාහනය කිසිවෙකුටත් අනතුරක් නැතිව පැද ගෙන තමන්ගේ අරමුණ කරා නිසි වෙලාවට කිසිම  කම්පාවක් නැති මානසිකත්වයකින් ලඟා වෙන්න හැකි කෙනෙක් නේද ඇත්තටම දක්ෂ රියදුරෙක් වෙන්නේ?

පාරට වාහනය දාගත්ත වෙලාවේ ඉඳලා පදිකයන්ට බැන වදින... සත්තු වත්තම මතක් කර ගෙන අනෙක් වාහන වලට බැන, බැන අනතුරු නොවී නූලෙන් බේරී ගෙන... මාර්ග නීති ඔක්කෝම කඩා ගෙන... දඩ වදින කොට ඒවටත් බැන ගෙන... මේ මහා ජංජාලයක් එක්ක වාහනය පැද ගෙන යන එක දක්ෂ රියදුරු කමක් කියලා ඔබට හිතෙනවා නම් ඉතින්, ආගම දහම මොකක් වුණත් තමන්ගේ මේ තත්වය ගැන නම් ඉතින් තව ටිකක් හිතලා බලන්න වෙයි හොඳේ!  

අදක්ෂකම ප්‍රදර්ශනය කරන්නේ නැතිව දක්ෂ වෙන්නට තම තමන්ගේ ආගම් දහම් තුලින් පෙන්වා දෙන ගැඹුරු වූ යහපත් වූ කාරණාත් උපකාර කර ගන්න කොතරම් නම් හැකියාවක් තියෙනවා දකොහෙද ඉතින්පිස්සුවෙන් දඟලන කොට මේ කිසිම කාරණයක් උපකාර කර ගන්නටවත් වැටහෙන්නේ නෑනේ ඉතින්! නේද?

යම් ප්‍රශ්නයක් ගැටලුවක් කියලා දැනෙන කායික වශයෙන් ලෙඩක් දුකක් වේදනාවක් වේවා... බාහිර පාර්ශවයක් මුල් කර ගෙන මුහුණ දෙන්නට සිද්ධ වෙන ප්‍රශ්නයක් වේවා... ඕනෑම ඔය වගේ අවස්ථාවක දී ඔක්කොටම කලින් පිස්සුවෙන් වගේ දඟලන්නේ නැතිව පොඩ්ඩක් ඉවසීමෙන් ඒ අවස්ථාව දිහා බලන්න පුරුදු වෙන්න ඕන! අපේ “මාස්ටර් පෝ” ගේ උපමා කතාව තුලින් පෙන්වා දුන්නා වගේ “උපේක්ෂාව” ප්‍රගුණ කර ගන්න ඕන.  ඒ කියන්නේ ඕනෑම දෙයක් දැඩිව ග්‍රහණය කර ගන්නේ නැතිව මධ්‍යස්තව විමසන්න පුළුවන් වෙන්න ඕන.  එතකොට තමයි ඒ කාරණයට තිබෙන විසඳුම් කොච්චර තියෙනවා ද කියලා වැටහෙන්නේ.

ප්‍රශ්නයක් කියන්නේ ම උත්තරයක් තියෙන නිසා නේ.  උත්තරය හමු වෙන්නේ නැත්තේ පිස්සුවෙන් වගේ වටේ ට ම දොස් තබමින් දඟලන නිසයි.  තමන්ට මේ සිද්ධ වෙන සිද්ධිය වටහා ගන්නට නම් උමතු වෙලා බෑනේ... පැහැදිලි මානසිකත්වයක් ඇතිව කටයුතු කරන්න ඕන.  නැත්නම් ඇල්ලට වැටුණ ලමයටයි... පිස්සුවෙන් කෑ ගහ ගෙන ඇල්ලට පැන්න අම්මටයි  දෙන්නට ම ජීවිතය නැති වුණා වගේ තමන්ටත් අනුන්ටත් අනතුරක් කරදරයක් හිරිහැරයක් හානියක් ගෙන දෙන අවසානයක් ම තමයි හැම මොහොතක දීම ලැබෙන්නේ.     

එහෙනම්, “ප්‍රශ්න නැති වෙලාවට තමයි මානසිකත්වය පැහැදිලි... මේ ප්‍රශ්න එක්ක මොනවත් කර ගන්න බෑ” කියලා යම් ප්‍රශ්නයක් ගැටලුවක් එන විට සතෙක් වගේ උමතුවෙන් අදක්ෂ ලෙසින් හැසිරෙන්නේ නැතිව, තමන්ට ලැබූ මනුස්ස ජීවිතය... මනුස්සයෙක් වශයෙන් යමක් ගැන සිතා බලන්නටවිමසන්නට ලැබී ඇති හැකියාව දක්ෂ ලෙසින් ඔප මට්ටම් කර ගන්නට යොමු වෙන්න ඕන!  එතකොට ඔය මානසික ආතතිය කියන ඒවයි... ඒ හා බැදුණු කායික රෝග කියන බොහෝමයක් තත්ව වලට නිකම්ම විසඳුමක් ලැබෙයි! 

ඉතින්, මනුස්ස ජීවිතයක් ලැබූ අවස්ථාව යහපත් ලෙසින් ප්‍රයෝජනයට ගන්න!  එය ඔය කිව්වා වගේ විකාර ආකාරයෙන් භාවිතා කරන්නේ නැතිව නැණවත්ව භාවිතා කරන්න දක්ෂ වෙන්න ඕන!  “ප්‍රශ්න නිසා තමයි මෙහෙම හැසිරෙන්නේ!” කියලා කියන්න හිතෙන වෙලාවට “මම මේ දැන් මගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න තමයි යන්නේ” කියලා සිහියට පත් වෙලා... “ප්‍රශ්න ඇති වෙලාවට තමයි සිහියෙන් ම වැඩ කරන්න ඕන එතකොට තමයි එය නිවැරදිව විසඳගන්නට පුළුවන් වෙන්නේ” කියලා තමන්ට ම කියා ගෙන ඒ අනුව කටයුතු කර ගන්න ඕන හොඳේ! කරලා බලන්නකෝ වෙනස!  එහෙනම් ජය වේවා ඔයාලා හැමෝටම!!!  

නිවීම පිණිස උපකාර කර ගත හැකි දහම් විග්‍රහ සඳහා නිර්වාණ ධර්ම වෙබ් අඩවිය ඇසුරු කරමින් සැනසෙන්න!